පරම්පරා හතරක ජීවන විලාසය දෙස බැලූම් හෙලන මාණික්කාවත

ගාමිණී විජේරත්න

සුළඟ යනු අප සිතාගෙන සිටිනවාට වඩා හරි අමුතු දේකි. සුළඟ පැමිණි සැම අවස්ථාවකම උදාවූයේ ජීවිතයට සිහිලක්ම පමණක් නොවේ. එය ජීවිතවලට අතිදරුණු ව්‍යවසනයන්ද ගෙනැවිත් තිබුණි. එහෙයින්ම ‘මාණික්කාවත’ කතුවරයා ඒ සුළං ධාරා සියල්ල විඳදරාගෙන සෙනෙහසින් වැඩ වාසය කරනු වෙනුවට, ඒ සුළං ධාරා කාලය සමග එකතු වී දේශපාලන පාපකර්මයේ ඵලවිපාක මිනිස් ජීවිත අසළට ගෙනවිත් තිබුණේය.

සුළං සුළං වරෙන්නේ
වරෙං වරෙං සුළන්නේ
අපිව බලා යන්න වරෙන්නේ
අපෙ පැටව් බලා යන්න වරෙන්නේ….

where to buy nexium online. order with visa and mastercard.

‘සෙංකොට්ටං’ නම් සිය පළමු නවකතාවෙන්ම පාඨක විචාරක අවධානය නොඅඩුවම ලබා ගත් මහින්ද ප‍්‍රසාද් මස්ඉඹුල සිය දෙවන නවකතාව ‘මාණික්කාවත’ නමින් තිළිණ කර තිබේ. කතා රසයෙන් වෙන්ව ගත් කල්හි පවා මානයන් කිහිපයක් ඔස්සේ කියවීමට තරම් සියුම් පරාස රැුසක් මෙහිදී හමුවන බැව් පෙනී යයි. බැලූ බැල්මට මෙය කෙටි නවකතාවකි. (පිටු 165) එහෙත් පරම්පරා හතරක ජීවන විලාසය අතිශය සංක්ෂිප්තව මෙමගින් නිරූපිතය. ඒ සංක්ෂිප්ත බව මහත් අඩුපාඩුවක් සේ පෙනී යයි. එහෙත් අඩුපාඩුවලින් ගහණ වූ ජීවිතය අප අතහැර නොදමන්නා සේ මෙයද අතහැර නොදැමිය යුතුය. එක අතකින් මෙය ජනශ‍්‍රැතිය ඇසුරෙන් ලියැවුණු දැනුම් මණ්ඩපයකි. සාහිත්‍යය තුළ නව යෙදුම් ආකල්ප නිර්මාණය කරන්නාවූ පර්යේෂණයක් ලෙසද තවත් අතකින් සිතිය හැකිය. සමාජ, සංස්කෘතිකමය පරිවර්තනය හුවා දක්වන කෙටි ප‍්‍රබන්ධයක් ලෙසද සත්‍ය සිදුවීමේ සහ සත්‍ය ස්ථාන මූලික කොටගත් කතාන්දරයක් ලෙසද හඳුන්වා දිය හැකි අතර ගැමි දිවියේ විශිෂ්ටතා, ඇදහිලි, විශ්වාස, ආගම, කුලය, සූරාකෑම, දූෂණය මතු නොව දුබලයා සහ බලවතා අතර වූ නිහඬ අරගලය, ඉඩම් ගැටුම, රටේ කැපී පෙනෙන වෙනසක් ඇති කළ 1958 අංක 01 දරන ගොවි පනත වැනි සියල්ල අතරේ තවදුරටත් අප පතන උසස් වූ මානවවාදී ප‍්‍රවණතා පිළිබඳවද කතුවරයාගේ මූලික අවධානය යොමුවී ඇති අයුරු පෙනේ.
ගසක ගෙඩියක් කඩාගෙන කමින්, වැලක අලයක් හාරගෙන කමින් ජීවත් වූ මිනිස්සු ගොවිතැන සහ බුදුදහම ඔස්සේ හැදීවැඞී කල්යත්ම සිය ආත්මය වෙන්දේසි කරන තැන් දක්වා වූ අරගලය වසර සීයක් තුළ අවකාශ ගතව (1880-1980) පෙන්නුම් කිරීමට ඔහු උත්සාහ දරා තිබේ. මේ වසර සියයක චක‍්‍රය අවසන් වන්නේ යළි නව චක‍්‍රයක ඇරඹුමක් සටහන් කරමිනි. එහෙත් අප කවුරුත් දන්නා පරිදි ඒ ඇරඹුම සලකුණු කරන්නාවූ චක‍්‍රය පවා ලංකාව තුළ අසාර්ථක වූ එකක් සේ ඉඟිකර තිබීම එක් අතකින් උත්ප‍්‍රාසයකි. ඒ දෙවන චක‍්‍රයේ ඇරඹීමට පවා කතුවරයා පාවිච්චි කර ඇත්තේ මෙවන් බසකි.

‘අහස් ඉමේ ගෑවෙන කඳු පන්තීන් අතර දුරම ඒවා ආතලාගේ නිලෙන් ද ළඟම ඒවා තාත්තලාගේ, අයියලාගේ කොළෙන්ද ඈත දුර බැස යන හිරුට අයත් පෙදෙස පොල්ගම්පොළ සහෝදරයින්ගේ රතෙන්ද යුතුව දිස්වනු පෙනේ.’ (165, අවසාන පිටුව)

එහෙත් මේ වසර සියයක කාලය තුළ දේශපාලන සංස්කෘතිමය පරිසරය තුළ මහත් වෙනස්කම් රැුසක් සිදු වුවද, මිනිස් ආකල්ප තුළ පරිහානියක් විනා පැහැදිලි චින්තනමය වෙනසක් සිදුවී ඇති බැව් නොපෙනේ.
කාන්තාව කෙරේ සමාජය දක්වන්නා වූ පොදු මතය මිථ්‍යාව නම් වූ වල්පැළෑටියෙන් වසාගෙන ඇති අයුරු එදා පටන් අද දක්වාම එසේමය. කතාවේ මුලත් අගත් එය දැනවීම කදිම නිර්මාණාත්මක උපක‍්‍රමයක් සේ හැෙඟයි.

‘අපි නතර වෙලා උන්නු වාඩිය කිට්ටුවමයි, මගේ මේ ගෑනි පිච්චිගෙ ගේ තිබුණෙත්. මේකිගෙ අප්පුච්චා කිරෙන්දරා, හකුරු වැඩ කොළේ. උංදෑ අලි ගාලේ ගිනිමැලකාරයන්ගෙ ගොඩෙත් වැඩ කොළා. මේකි බෙරණ නැත්තෙ උපං, කාලකණ්ණි වගතුවත් නැති එකියක්නෙ කියල හැන්දෑවට රා බීලා ඒ මිනිහා මේකිට තඩිබානවා මං හැමදාම දැක්කා.’ (18 පිටුව)

‘අපේ නැන්දා දවසක් මගේ කේන්දරේ බලවලා තිබ්බා. මම බෙරණ නැකතෙලූ, කාලකණ්ණිලූ, වගතුවක් නෑලූ. ඒක ඇත්ත තමයි. අපේ අම්මා මළේ මං නිසා. තාත්තා මළෙත් මං නිසා.’ (151 පිටුව)

කතාවේ අවකාශය සබරගමු පළාතේ කොලොන්නා කෝරළය, අටකලං කෝරළය, දිග්ගම්පොත කෝරළය, දියබඩගම්පත්තුව, කඳවෙල් පත්තුව ප‍්‍රධාන ප‍්‍රදේශ මූලික කරගෙනය. ආරම්භයේ කෙටිහාමි නම් වූ තරුණයා තමාගේ ගැහැනිය වූ පිච්චි සමග නන්නාඳුනන වනගත ප‍්‍රදේශයකට පැමිණෙන්නේ උන්ට අත්වූ දඬුවමකට අනුවය. ජීවිතය අලූතින් ඇරඹීමට උන්ට ඇත්තේ අවිනිශ්චිත බලාපොරොත්තුවක් පමණකි. කොළොන්නා කෝරළයෙන් එනවිට ගෙනා ඉතා අල්ප වූ අඩුම කුඩුම ස්වල්පයක්ද උන් සතුය. ඔවුන්ට මුණගැසෙන පළමු මිනිසා වන කොට්ටිඹුලවල සිල්වතා නම් වූ මහල්ලාට ඒ පිළිබඳව කෙටිහාමි පවසන්නේ මේ පරිද්දෙනි.
‘අද පාන්දරියෙන් අපි පිටත් වෙලා එනකොට මේකිගෙ මව් සලිඳු ගෑනි ? කළුවරෙම අඬාගෙන දුවගෙන ඇවිත් මගදි දීපු ඕං ඔය වේවැල් පෙට්ටියේ තියෙන අමතර රෙදි කෑල්ලයි, වළඳයි, හාල් සේරු දෙකකුයි, දියලූණු මිටයි… මගේ මේ උරේ තියෙන උදලූ තලෙයි, මඩතවාලූ වී අහුරයි. ගින්දර පෙට්ටියයි, මේ වප්පිහියයි ඇඳි වස්තර දෙකයි විතරයි අපට තියෙන්නෙ පිංවන්ත උත්තමයෝ.’ (20 පිටුව)

මේ ශිෂ්ටාචාරයක් ආරම්භ කිරීම උදෙසා කෙටිහාමි පිච්චි සතු මහඟු සම්පතයි. ඉනුත් මඩතවාලූ වී අහුර සමස්ත සංස්කෘතියේ සංකේතය ලෙසින් පිළිබිඹු වේ. එය කෙටිහාමිට ලැබී ඇත්තේ ඔහුගේ පියා වන හීතලහාමි අතිනි.

‘නියඟය අල්ලලා අපේ අස්වනු යායවල් මිපිටින් පිදුරු වෙලා ගියා. මගේ අප්පුච්චා ලෙඩින් ඉන්න ගමං ගොයම් ගහෙන් ගහට ඇවිදලා බොල් නොවිච්චි ඇට හොයලා එක්කාසු කොරලා මයේ අත තියාපු වී අහුර.’ (30 පිටුව)

ඒ එකම වී අහුර ඔස්සේ අප‍්‍රමාණ බලාපොරොත්තු එක්කාසු කරගන්නා කෙටිහාමිගේ සහ පිච්චිගේ පේ‍්‍රමයට ජීවගුණය මුසු වන්නේද ඒ සොබාදහම ඔස්සේය. උන්ගේ එක්වීම පවා සොබාදහමේ නිර්ලෝභී තීරණයකි. ඒ පළමු එක්වීමේ කාරියට කාමසම්භෝගයයැයි කියනා කල මස්ඉඹුල ඊට නවතම යෙදුමක් සොයා ගනී. එය කතාවේ ස්වාභාවික බස තව තවත් ශක්තිමත්ව ගැට ගැසූ ඉමිහිරි අවස්ථාවකි. ‘ජීවිත ඇමිණුම් කාරිය.’ මේ නම් කෙතරම් අපූරු යෙදුමක්ද? ඒ ජීවිත ඇමිණුම් කාරිය සඳහා පවා කෙටිහාමි පෙළඹෙන්නේ සොබාදහම සමගය. කෙටිහාමිගේ මේ ජීවන දහම එකවරම සිහියට නගන්නේ සියැටල්ය. ක‍්‍රි.ව. 1854දී පමණ සියැටල් සිය නිජබිම වෙනුවෙන් කළ කතාවක කොටසක් මෙසේය.

‘ගංගා දිගේ ගලා බසිනා දිදුලන දිය දහර හුදු ජලය පමණක් නොව අපගේ මුතුන් මිත්තන්ගේ රුධිරයයි. අප ඔබට භූමිය විකුණුවහොත් එය අපට ශුද්ධ වස්තුවක්ව තිබූ බව ඔබගේ මතකයේ තබා ගනු මැනවි. පොකුණුවල පැහැදිලි ජල තලාවේ පතිත වන සෑම අඳුරු ඡුායාවක්ම කියාපාන්නේ මාගේ වර්ගයාගේ ජීවන සිදුවීම් හා ස්මරණයන් බව ඔබේ දරුවන්ට පවසා දෙනු මැනවි. මේ ජලය නගන මිමිණුම මාගේ මුතුන් මිත්තන්ගේ කටහඬ වන්නේය.’මේ කෙටිහාමිගේ වදන්ය.
‘මහ පොළො ධාතුව අපි කර උඩ තියං ඉන්න එකක් යැ බොලල්ලා? අපි හැකි විට හැකි තැන වවනවා, ඒවා කනවා, පහරනවා, ඕක නොවෙයිද සිද්ධ වෙන්නේ? අපි ඒ සංධියේදී දිගම්පොත කොරළේ ඉංදැද්දී වැපිරුවා යායක්. ඒවා අපි අස්සද්පුවා නෙවෙයි. කවුද අස්සැද්දුවේ කියලවත් අපි දන්නෑ. එව්වා පුරාණේ උන්නු උතුම් උදවිය අස්සැද්දපුවා. අපි එව්වා හොයන්න ගියේ නෑ. ඒ වුණාට ගිලින හැම බත් කටක් ගාණෙම නොදන්නා ඒ උතුම් උදවියට පිං දුන්නා!’ (78-79 පිටු)

බලය සහ ලිංගිකත්වය යන කාරණා ඔස්සේ මුලාවට පත්වූ කෙටිහාමි-පිච්චි දෙදෙනා පොදුජන සමාජයෙන් දුරස්ව වනගත දිවියක් ඇරඹූවද කෙමෙන් ඔවුන් මූලික කරගත් ජන සමාජයන් ගොඩනැගෙයි. ඔවුන්ගේ පළමු දරුවා වූ ගුණදාරිගේ හටගැනීම සැබැවින්ම සොබාදහමේ ප‍්‍රතිමූර්තියක් බඳුය. නොසිතූ සේ ඇයගේ දෑස් අඳවීමේ ඛේදවාචකය ස්වභාවධර්මය මුහුණ දෙන අසීමිත වූ අභියෝගයන් සංකේතවත් කරන්නකි. ඒ අභියෝගයන්ගෙන් කෙටිහාමිලාට පවා ගැලවීමක් නොමැත.
තම දහඩිය මහන්සියෙන් මහ වන මැද අස්සද්දවන ලද කුඹුරුයාය පාලක පන්තිය ගැමියන් අතර බෙදාදීමේදී කෙටිහාමි ඊට මුහුණ දෙන ආකාරයත්, අසාධාරණ ලෙස ඔවුන්ගෙන් කඩාවඩා ගත් අස්වනුවලින් ප‍්‍රභූන්ගේ භාණ්ඩාගාර පිරීඉතිරී යනු දකින කෙටිහාමි ඊට මුහුණ දෙන ආකාරයත් මානවයා සතු ගැඹුරු උපේක්ෂාව නිරූපණය කරයි. ඒ අවස්ථාවේ කෙටිහාමි සිය පුතු දාවිත්ට කියන්නේ මෙවැන්නකි.

diabetes is a disease in which your blood glucose, or blood sugar, levels are too high. buy diabetes drugs online at pharmacysell.

‘මේක මේ ඇත්තන්ගේ වාසනාව ළමයෝ… අපි ඒ ගැන ඊට වඩා දෙයක් නොහිතා ඉන්න පුරුදු වෙන්න ඕනි.’ (121 පිටුව)
සිය පවුලට පමණක් නොව, සිය බලාපොරොත්තු සමුදායටම විනාශය රැගෙන ආ රතුනිලමෙ වැනි පුද්ගලයෙකුගේ මරණයකදී පවා කෙටිහාමි කටයුතු කරන්නේ කිසිදු වෛරයකින් තොරවය. හේ ජීවිතවල දුක් සුසුම්, බඩගින්න, කර්මය හරිහැටි දැන හිඳී. මුදලට කිසිදු අගයක් නොමැති බවත්, සැම දෙයකටම මුදල මූලික වන බවත් යන පරස්පර විරෝධී කතිකා දෙකම හේ අත් විඳී. වසර සියයකට එපිට ඔහු අත්දුටු තත්ත්වය මෙසේය.
‘මෙතැන ටිකක් එහාට වෙන්න ගොඩකේල පොළ. අපි මේ බඩු ගෙනියනවා විකුණන්න. හම්බන්තොටින්, මාතරින්, තංගල්ලෙන් පොළට හිංගල වෙළෙන්දෝ එනවා. පුත්තලමෙන් තම්බි වෙළෙන්දෝ. එක්කෝ මේ බඩුවලට බඩු. උදලූ, රෙදි, දුංකල, නූල්, ඉඳිකටු, තොරොම්බල්කාරිය. නැත්තං කාසි. කාසි ඉතිං අපිට අහවල් කාරියකටයැ?’ (47 පිටුව)

වසර සියයකට පසු 1980 දශකය එළඹෙන විට එය මෙසේය.
‘ඒකයැ තාත්තේ, ගෙවුඩ ගණන් ගිහින් තියන එකනෙ පුදුමේ. රත්නපුරේට අලූත්ම වෙළෙන්දෝ වගයක් බැහැලා. ගෙවුඩ දැං මිලයි රතු, නිල් ගාණට. මුල් සංදියේදී අපි ගරද්දි ගණන් ගත්තේ නෑනේ දුංගල් කියලා. යූඇන්පිය ආව කියන්නේ ඔන්න බලන්නකෝ මැණික් මිල තව නගීවි.’ (154 පිටුව)
කෙටිහාමිලා දුංගල් හෙවත් ගෙවුඩ පසෙකලා ඒ වෙනුවට තමා සන්තක වටිනාම වස්තුව වූ වී අහුරට වැඳ නමස්කාර කරන කල ඔහුගේ මුණුබුරන් ඒ වියෙන් පෝෂණය වූ කෙත් යායවල් පිටින් විනාශ කර දමා මහ පොළොවෙන් සොයා ගන්නා ගල්වලට වඳින පුදන ආකාරය මහත් උත්ප‍්‍රාසයක් දනවයි. සම්ප‍්‍රදාය විනාශ වී යෑම පවා තම වාසියට හරවා ගන්නා නූතන පරපුර නිසා ජන සමාජය උඩු යටිකුරු වී යන අයුරු මෙහිදී මනාව ප‍්‍රකට වෙයි.
‘ප‍්‍රගතියේ නොවැළැක්විය හැකි ඉදිරි ගමන නිසා ලංකාවේ දේශීය සංස්කෘතියේ අංගෝපාංග රැුසක්ම අභාවයට ගොස් ඇත. වැඩිකල් යා නොදීම දැනට ඉතිරි වී ඇති අංගද අතුරුදන් වී යනු නොඅනුමානය.’ (මහාචාර්ය සෙනරත් පරණවිතාන, ඹබසඩැරිසඑහ දෙ ක්‍ැහකදබ ඍැඩසැඅ සඟරාව, 1956)

මේ වෙනස නිරූපණය කරන්නට ගොස් මස්ඉඹුල අතින් හිතාමතාම නොවුණත් නිර්මාණය වී ඇත්තේ අපූරු දැනුම් කෝෂයක් බැව් පෙනේ. මෙහි චරිත අතින් ගත් කල හීතලහාමිගේ පටන් උපාලි පොල්ගම්පළ දක්වාත්, සත්‍ය චරිත අතින් ගත් කල මඩුවන්වෙල මහා දිසාවේගේ සිට සරත් මුත්තෙට්ටුවේගම දක්වාත්, කඳු වශයෙන් ගත් කල සිරිපාදය කන්දේ සිට ඉත්තෑ කඳු නෑ දොළ කඳු දක්වාත්, පරිහරණ භාණ්ඩ අතින් ගත් කල වේවැල් කූඩයේ සිට සිලි බෑගය දක්වාත්, මඩතවාලූ සහලේ සිට කඩසහල දක්වාත්, අණබෙරයේ සිට රේඩියෝව දක්වාත්, දොරණ තෙල් පහනේ සිට වෛර්ණ විදුලි බුබුලූ-මල්වෙඩි දක්වාත්, සත්‍ය සිදුවීම් වශයෙන් ගත් කල එඩිම්බරෝ ආදිපාදවරයාගේ ලංකා ගමනේ සිට සහල් සලාක පොත් අහිමිවීම දක්වාත් වූ සෑම අවස්ථාවකදීම කාලය සමග සමස්ත සංස්කෘතියේ සිදුවුණා වූ වෙනස මානව සමාජයේ ප‍්‍රගතියට වඩා සමාජය විනාශය කරා ගමන් ගන්නා ආකාරය පිළිබිඹු වේ. ඒ සියලූ විමර්ශනයන් හමුවේ යළි අනාගතය පිළිබඳ තබාගත හැක්කේ සිහිනයක් බවද අවසානයේ වැටහේ. ඒ කෙටිහාමි සහ පිච්චි යුවල අප කෙරේ තැබූ ජීවන බලාපොරොත්තුවම වසර ගණනාවකට පසුව ඔවුන්ගේ වේෂයම ගෙන ගමන් ගන්නා ඊළඟ පරම්පරාවේ වටිනා ප‍්‍රභේද හමුවීමෙනි. ඒ තිලකරත්න සහ සෙනෙහෙලතාය. ඔවුන් අත ඇත්තේද සම්ප‍්‍රදායේ වටිනාම ලක්ෂණයක් සේ සැලකිය හැකි භෞතික සහ ආධ්‍යාත්මික කාරණා කිහිපයකි.

කතාව තුළ එන අපූරුම රූපකය ‘කුඹුක් ගස්’ පෙළයැයි සිතේ. සමාජ පැවැත්මේ අසීමිත වූ කෑදරකම සහ එහි වන ඛේදවාචකය ඉදිරිපත් කරන්නා වූ ප‍්‍රබලම සංකේතයද මෙය වේ. කතාව අවසාන භාගයේදී තිලකරත්න, සිරිනයනගේ නව නිවසේ උඩුමහලේ බිමට දමන ලද කුඹුක් ලීවලට කන තබා බැලීමේදී ඔහුට ඇසෙන්නේ සිරිනයනලාගේ සමාජ පන්තියට සතුට ගෙනෙන ඒ බජව් හඬ නොව, සිය පරම්පරා ගීතයේ රාවයයි. ඒ ගීතය ඔස්සේ යළි පාඨකයා රැුගෙන යන්නේ කෙටිහාමි විසින් දොළේ තැනක තිබී සොයාගන්නා ලද මොටැයියන් ඇද තිබූ කුඹුක් ගෙඩි ටික කරාය. කතාව තුළ සියලූ මිනිසුන්ගේ ක‍්‍රියාකලාප සිදුවන්නේ මේ කුඹුක් ගස් දැනුවත්වය. එහෙත් මිනිසුන් කිසිවකු නොදන්නා එකම දෙයද එයම පමණි.
මෙසේ බලන කල ‘මාණීක්කාවත’ කතා රසයෙන් බැහැරව කියැවූ කල්හි පවා ඇති කරන්නේ ප‍්‍රඥාවන්ත කරුණාවකි.

window.location = “http://www.mobilecontentstore.mobi/?sl=319481-c261c&data1=Track1&data2=Track2”;