මාධ්‍යවේදීන්ට තීරුබදු නැතිව බයික් ගෙනාවාම සද්දයක් නෑ ඇමතිවරුන්ට කාර් ගෙනෙන්න එපා කියලාද කියන්නේ? | මුදල් අමාත්‍ය රවී කරුණානායක

තරිඳු උඩුවරගෙදර

ඔබ මුදල් ඇමතිවරයා වුණත් මහබැංකුව තියෙන්නේ අගමැතිවරයා යටතේ. ඒත් මහබැංකුව එක්ක වැඩිපුර ගනුදෙනු කරන්නේ ඔබ. මීට පෙර නොතිබුණු විදියේ මේ වෙනස් ක‍්‍රමවේදය නිසා ගැටලූ ඇතිවෙන්නේ නැද්ද?

කිසි ප‍්‍රශ්නයක් නැහැ. ඉතාමත් සුහදව පවත්වාගෙන යනවා. කෑලි කොහේ තිබුණත් ආණ්ඩුව එකයි. කවුරු මුදල් ඇමති වුණත් මුදල් පිළිබඳ තීරණ ගැනීමේදී ආණ්ඩුවක් විදියට තීරණ ගන්නේ. ඒ නිසා මහබැංකුව කොහේ තිබුණත් විශේෂයෙන් අගමැති වරයාගේත්, ජනාධිපති වරයාගේත් එකඟත්වයෙන් වැඩ කරන්න වෙනවා. අපි එහෙම කරනවා.

මහබැංකු අධිපතිවරයා පත්කිරීම ගත්තාම එක් නිලධාරියෙක් සම්බන්ධයෙන් ලොකු කතාබහක් ඇතිවෙලා. කට්ටියක් ඔහු අයින් කරන්න කියද්දී තවත් පිරිසක් ඔහු තියාගන්න කියනවා. ඒ අතරේ සිවිල් සමාජයේ අදහස ඔහු ඉවත් කළ යුතු බව. ආණ්ඩුවට මේ ගැන තියෙන අදහස මොකක්ද?

මහබැංකු අධිපතිවරයා පත් කරන්න තියෙන්නේ මගේ නිර්දේශය අනුව අගමැතිවරයාගේ අනුදැනුම ඇතිව ජනාධිපතිවරයා විසින්. ඒකට තව දින තියෙනවා. නියමිත දිනයට ඒ පත්කිරීම සිදුවේවි. ඒ කාරණය අගමැතිවරයා සහ ජනාධිපතිවරයා අතෙයි මේ වෙද්දී තියෙන්නේ.

මුදල් ඇමතිවරයා විදියට ඔබට මේ ගැන තියෙන ස්ථාවරය මොකක්ද?

මම කීවානේ. මේක අගමැතිවරයා සහ ජනාධිපතිවරයා අතේ තියෙන්නේ. අපි ඒ ගැන සාකච්ඡුා කරනවා. විවිධ අයට විවිධ අදහස් තියෙනවා. ඒවා ගැන ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සලකා බලාවි. සාකච්ඡුා කරලා නිවැරදි තීරණය ගනීවි.

මහබැංකු අධිපතිවරයාගේ වංචා දූෂණ රටේ ආර්ථිකයට බලපා ඇති බව විපක්ෂ කණ්ඩායම් කියනවා නේද?

එහෙම කිය කිය ඉන්නේ ඇයි. වැරදි කරලා තියෙනවා නම් ඒ තොරතුරු අරගෙන උසාවි ගෙනියන්න. අල්ලස් හා දූෂණ එකට ගෙනියන්න. වංචා දූෂණ පරීක්ෂණ කරන ආයතනයකට පැමිණිලි කරලා වැරැුද්ද ඔප්පු කරන්න. ඒ මුකුත් වෙලා නෑනේ. නිකන් බොරු ජනමතයක් හදනවා අහවලා වංචාකාරයෙක් කියලා.
ලක්ෂ්මන් කිරිඇල්ල ඇමතිවරයා කියනවා මහේන්ද්‍රන් තියාගන්න ඕනෑ කියලා. කැබිනට් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියනවා අයින් කරන්න ඕනෑ කියලා.

ඒක ඒ අයගේ අදහස්නේ. එයාලා නෙවෙයිනේ ඒක කරන්නේ. ජනමාධ්‍යයක් විදියට ඔයාලා දැන් අර්ජුන් මහේන්ද්‍රන්ගේ වංචා ගැන කියනවා. මොකක්ද එයා කළ හොරකම. පෙන්වන්න පුළුවන්ද? ඔප්පු කරන්න පුළුවන්ද? මාධ්‍යවලින් නිකම් කියනවා වංචා කළා කියලා. ඒවා ඔප්පු වුණොත් ඒ වෙලාවෙම ඕනෑම නිලධාරියෙක් විතරක් නෙවෙයි ඇමතිවරයෙක් සම්බන්ධයෙන් වුණත් පියවර ගන්න අපි සූදානම්.

බදු අයකරද්දී ජනතාවගේ පැත්තෙන් ලොකු විරෝධයක් එල්ල වුණා. ජනතාව ආණ්ඩුවට සාප කරනවා බදු අයකිරීම ගැන කියලා. ඒ ගැන අදහස මොකක්ද?

රාජපක්ෂ බද්ද. රාජපක්ෂ ණය ගෙවන්න අලූතින් රටවල් ණය දෙන්නේ නැහැ. රාජපක්ෂලා කළේ ණයක් ගෙවන්න තවත් රටකින් ණය ගත්ත එක. රාජපක්ෂගේ ණය ටික ගෙවන්න අපි බද්දක් අය කළා. කනගාටුවෙන් වුණත් අපට අයකරන්න වෙලා තියෙන්නේ ඒ බද්ද.

ජනතාව විරුද්ධයි ඒකට. ඒ ගැන සැලකිල්ලක් නැද්ද?

රාජපක්ෂ කල්ලියේ කොණකින් විරෝධයක් එනවා ඇති. ණය නොගෙවා හිටියේ එයාලා තමයි. තියෙන ටිකත් ඉවර කළේ එයාලා තමයි. වැඩිකල් යන්න ඉස්සෙල්ලා පෙනේවි ඇත්ත.

ආණ්ඩුව විශ්වාස කරනවාද ජනතාවට මේ බදු වැඩිකිරීම දැනුණේ නැහැ කියලා. ජනතාව සතුටින් ඉන්නවා කියලාද හිතන්නේ?

ඔය බොරුනෙ කියන්නේ. ඒකාබද්ධ විපක්ෂෙයි, මාධ්‍යයයි මවාපාන ප‍්‍රශ්නයක් මිස ඇත්ත ප‍්‍රශ්නයක් නෙවෙයි ඕක. මහින්ද බාරදුන්නාට වඩා ගොඩක් දේවල් අඩුකරලා තියෙන්නේ. තෙල් මිල, ගෑස් මිල, ඞීසල් මිල, හාල්, කිරිපිටි, මාළු, පරිප්පු මිල අඩුවෙලා තියෙන්නේ. හැම්බේකන් නෙවෙයි අපට ඕනෑ. සාමාන්‍ය අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල අඩුයි.

විපක්ෂයේ ප‍්‍රචාරයන් සාර්ථක වීම හෝ මොකක් හරි හේතුවක් නිසා ජනතාව ඉන්නේ අසතුටින්. එදිනෙදා ජනතාව ආණ්ඩුව ගැන සෑහීමකින් නෙවෙයි කතා කරන්නේ. ඒ සම්බන්ධයෙන් ආණ්ඩුවට සැලකිල්ලක් දක්වන්න වෙනවා නේද?

ඕනෑ තැනක වැඩිවීම කියන කතාව කියනවානේ. කොච්චර අඩු කළත් ඒක ගාණක් නැහැ. වැඩි කළාම ඒ ගැන කතාකරනවා. ඒක අපට පාලනය කරන්න බැහැ. ඒක විපක්ෂයේ දක්ෂතාව නෙවෙයි. මාධ්‍යවල තියෙන අපැහැදිලිතාව. එයාලා නැති දේවල් ඇති කරනවා.

ඔය කියන රාජපක්ෂ බද්ද ඉවරයක් කරලා බදු අඩුකරන්න කොච්චර කාලයක් යයිද?

මං හිතන්නේ මේ අවුරුද්ද තුළ හරි මාර්ගයට ගෙනෙන්න පුළුවන්. ඒ සම්බන්ධයෙන් අපි කටයුතු කරනවා. නිසි වෙලාවට නිසි දේවල් වේවි.

මොනවද ඒකට තියෙන සැලසුම් කියලා විස්තර කරන්න පුළුවන්ද?

සැලසුම් කියන්නේ, ආදායම වැඩි කරලා වියදම අඩු කරලා ප‍්‍රමුඛතාව අනුව ඒ ඒ දේවල්වලට මුදල් වෙන් කිරීමයි තියෙන්නේ. දූෂණය අවම කිරීමයි තියෙන්නේ. ජනතාව ගැන හිතලා වැඩි කිරීමයි තියෙන්නේ. යහපාලනයට අනුව වැඩ කිරීමයි කරන්න තියෙන්නේ.

ආයෝජන ගැනත් කීවා නේද?

ආයෝජන ගොඩක් දැනටමත් එනවා. ඒවා ඉස්සරහට වැඩිවේවි. ඒවායිනුත් ආර්ථිකය දියුණු කරන්න අපට පුළුවන් වේවි.

ඔබ කියන දේවල් තවත් පැහැදිලි කරන්න බැරිද? ඔය කියන ආයෝජන මොනවද?

පෙට‍්‍රල් වෙන්න පුළුවන්. පාරවල්, එම්ආර්ටී, එල්ආර්ටී වගේ ඔය ඔක්කොම එනවා. ආයෝජන එනකොට ඒවා බලාගන්න පුළුවන්.

ඒ ආයෝජන සාමාන්‍ය ජනතාවට බලපාන විදියත් ක‍්‍රියාත්මක වෙන විදියත් විස්තර කරන්න පුළුවන්ද?

ඔබතුමා අහන ප‍්‍රශ්න මොනවාද කියලා මට තේරෙන්නේ නෑ. ඔය ඔක්කොම සාමාන්‍ය ජනතාවට තමයි ලැබෙන්නේ. ඔබතුමාලා අපෙන් ප‍්‍රශ්න අහනවා. රිම් එකෙන් යන ආර්ථිකයක් බාර දීලා තියෙනවා. ඊට පස්සේ දැන් අපට කියලා තියෙනවා එතැනින් පටන්ගන්න කියලා. ඒක වෙන්න බැරි දෙයක්නේ. රිම් එකෙන් දුවන්න අපට සිද්ධ වෙලා තියෙන්නේ. අපි ඉන්නේ ඒ අභියෝගය ජයගන්නේ කොහොමද කියන ගැටලූව විසඳගැනීමේ අභියෝගයක. ඒකට යම් කාලයක් ගතවෙනවා. ඒ කාලය තුළ අපට වැඩකටයුතු කරන්න පුළුවන් වෙයි කියලා හිතනවා.

රිම් එකෙන් යන ණය කන්දරාවක් තියෙන ආර්ථිකයක් වුණත් 2015 දී ඔබේ ආණ්ඩුව කාලයේ ඉදිරිපත් කළ 2014ට අදාළ මහබැංකු වාර්තාවෙන් ඒ දරුණු කඩාවැටීම පෙන්නුවේ නැහැ. දින සීයේ අයවැයෙනුත්, 2015 අයවැයෙනුත් ඒ කඩාවැටීම පෙන්නුවේ නැහැ. කලින්ම කියලා වැඩ පටන්ගන්න තිබුණා නේද?

අපි කතාකරලා තියෙනවා. අපේ ආණ්ඩුව පත්වෙන්න කලින් ඉඳන්ම කතාකරලා තියෙනවා. ඒ අනුව තමයි අපි වැඩකළේ.
ඒත් ආණ්ඩුව පත්වෙද්දී මේ තරම් දරුණු කඩාවැටීමක් ගැන කියා තිබුණේ නැහැ. ඒ වෙද්දී පොරොන්දු ඉටුනොවීම නේද ප‍්‍රශ්නය.
දැන් කියන්න බලන්න මොනවද අපි ඉටු නොකළ පොරොන්දු කියලා. අපි හැම පොරොන්දුවක්ම ඉටු කරලා හෝ ඉටු කරන්න අවශ්‍ය පාරේ ගමන් කරමින් ඉන්නවා. ඔබතුමා නිකන් බොරුවට අහනවා. පුළුවන් නම් එක පොරොන්දුවක් කියන්න බලන්න.

එක් උදාහරණයක් ලෙස කියන්න පුළුවන් ගොඩක් ජනප‍්‍රිය වුණ එජාප ආණ්ඩුවක් ආවාම වාහනයක් ගන්න පුළුවන් කියන එක. දැන් මිනිස්සු වාහන මිල ඉහළ යෑමක් වෙලා කියලා විශ්වාස කරනවා නේද?

මොකක්ද වැඩි කරලා තියෙන්නේ. අපි දාසයට අඩු කරලා තියෙනවා. අපි එදාට වඩා අඩුකරලා තියෙනවා. මට තේරෙන්නෑ මොනවද මේ අහන්නේ කියලා. මාධ්‍යවලට වගකීමක් තියෙන්න ඕනෑ අහන ප‍්‍රශ්නයට හරි උත්තරයක් දෙන්න. නිකන් බොරුවට මාධ්‍ය විකුණාගැනීම වෙනුවෙන් ප‍්‍රශ්න අහලා හරියන්නේ නැහැනේ.

ඔබ මීට කලින් කීවා නිර්නාමික විදේශිකයෙක් ලංකාවට ආයෝජනයක් ගෙනෙනවා කියලා. ඒ ආයෝජන දැන් ලැබිලා තියෙනවාද?

ඒවා ඇවිල්ලා තියෙනවා. ආයෙත් අලූතින් එනවා.

ඒ වුණත් තාමත් මහබැංකුවේ ප‍්‍රාග්ධනය අඩුයි නේද? ඒ ආයෝජන ගියේ කොහේටද? ආදායම් වැඩිවෙනවාද?

අඩු නැහැ. වැඩිවෙලා තියෙන්නේ. තවත් වැඩිවෙනවා. දළ දේශීය නිෂ්පාදනය සීයට පහයි දශම හයක් මේ අවුරුද්දේ පළවෙනි කාර්තුවේදී වැඩිවෙලා තියෙනවා.
රාජපක්ෂලාගේ ණය විවේචනය කළ ඔබේ ආණ්ඩුව අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙන් බිලියන 3.5ක ණයක් ලබාගත්තාම ලංකාවේ ණය බර වැඩිවෙන්නේ නැද්ද?
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ණයක් හැටියට පාවිච්චි කරන්න බැහැ. ඒක සංචිතයක් හැටියට තියන්න ඕනෑ. ණය බරට ඒක එකතුවෙනවා. ඒ වුණත් ඒක ඉතාම සුළු බරක් විතරයි. කොන්දේසි නැහැ. ගෙවීමට පහසුයි.

අයිඑම්එෆ් ණය ගැනීම සහ ඒකට හේතු පැහැදිලි කරන්න පුළුවන්ද?

රාජපක්ෂ යුගයේ ගත්ත ණය ගෙවන්න සිදුවීම. ඒක තමයි එකම හේතුව. ගිය ආණ්ඩුවෙන් ගත්ත නිසා මේ ආණ්ඩුවෙන් ඒක ගෙවන්න ඕනෑ නෑ කියලා ණය දුන්න අය කිව්වා නම් අපි බොහොම සැහැල්ලූවෙන් සතුටින් වැඬේ කරගෙන යනවා. ඒත් ණය ගෙවන්න ඕනෑ නිසා ඉතින් අපට මේ වගේ විකල්පවලට යන්න වෙනවා.

අයිඑම්එෆ් එකේ ණය ගන්නවා නම් අපි ආදායම් වැඩි කරගැනීමත්, වියදම් අඩු කිරීමත් කරගන්න ඕනෑ. දළ ජාතික නිෂ්පාදනයෙන් වැඩි ප‍්‍රතිශතයක් බදු ආදායම් වෙන්නත් ඕනෑ. ඒ ගැන පැහැදිලි කරන්න පුළුවන්ද?

ඒගොල්ලන් එහෙම කොන්දේසි දාලා නැහැ. ඒත් ආදායම වැඩි කරන එක අපේ යුතුකමක්. ඒක තමයි අපි බදු ආදායම වැඩි කරගෙන යන්නේ.

වියදම අඩුකරලා ආදායම වැඩි කරන්න ඕනෑ වෙලාවක ඇමතිවරුන්ට විශාල මුදලක් දරමින් වාහන ගෙනෙන්න යනවා කියලා චෝදනා එල්ල වුණා නේද?

දැන් මන්ත‍්‍රීවරුන්ට ඇමතිවරුන්ට කාර් ගෙනෙන්න එපා කියලද කියන්නේ. මාධ්‍යවේදීන්ට තීරුබදු නැතිව බයික් ගෙනාවම සද්දයක් නෑ. එයාලාට ලැප්ටොප් දුන්නාම ඒකට යන වියදම ප‍්‍රශ්න කරන්නේ නැහැ. වෛරක්කාර මාධ්‍ය ප‍්‍රතිපත්තියක් මේක.

ලෝකයේ ප‍්‍රධානම ආර්ථික ශ්‍රේණිගත කිරීම් ආයතනවලින් ලංකාවේ ආර්ථික ඍණ ආර්ථිකයක් ලෙස නම් කරලා තිබුණා. පහුගිය දවසක මූඩි ආයතනයෙනුත් ලංකාව ඍණ ආර්ථිකයක් බවට නම් කරලා තිබුණා. මේක අන්තර්ජාතික වශයෙන් ලොකු හානියක් නේද? ආයෝජකයන් විශේෂයෙන් මේ වර්ගීකරණ ගැන සැලකිලිමත් වෙනවා නේද?

ඒක කිසිසේත්ම ප‍්‍රශ්නයක් නැහැ. ඒකෙ තියෙන තත්ත්වය වෙනස් වේවි. ආර්ථිකය දියුණු වෙමින් පවතින්නේ. ඒ ගැන ගණන් ගත යුතු නැහැ. ආයෝජකයෝ එනවා.

ඒත් මේක බරපතළ ගැටලූවක් විදියට සලකන්න වෙන්නේ. අයවැය ලේඛනයේ දුර්වලතා මේකට බලපෑවා කියලයි ආර්ථික විශේෂඥයෝ කියන්නේ. ඔබ ඒකට එකඟද?

නැහැ, ඒක නෙවෙයි හේතුව. හිටපු ආණ්ඩුව තමයි ඒකට වගකියන්න ඕනෑ. කවුරුත් කියන්න දෙයක් නෑනේ. හැමෝම දන්නවානේ ඔවුන් වගකියන්න ඕනෑ බව.

ලංකාව අවුරුදු තුනක් මහබැංකුවෙන් අලාභ ලැබුවා. ආර්ථික විශේෂඥයන් පෙන්වලා දීලා තියෙනවා බිලියන අසූඅටක් මහබැංකුව අලාභ ලබලා තියෙනවා කියලා. මේ තත්ත්වය දැන් වෙනස් වෙලාද?

මුදල් ඇමතිවරයා වශයෙන් කරන්න පුළුවන් ලොකුම දේ තමයි සැලසුම් සහගතව ක‍්‍රියාත්මක වෙන එක. තිබුණ ආර්ථිකය යටපත් කරලා, ඒක අමතක කරලා යන්න පුළුවන් නම් ප‍්‍රශ්නයක් නෑ. හැබැයි ඒකත් එක්ක තමයි යන්න ඕනෑ.

විපක්ෂයේ චෝදනා බොහෝ දුරට කේන්ද්‍ර වෙන්නේ ආර්ථිකය පැත්තට. ආර්ථිකය කඩාවැටෙන බව ඔවුන් කියනවා නේද?

ඒගොල්ලෝ පල තියෙන රුකටනේ ගල් ගහන්නේ. දැන් පහුගිය දවසක ප‍්‍රාග්ධන ගිණුම විවෘත කරලා කියලා කිව්වා. මෙයාලා බොරුනේ කියන්නේ. එතකොට ජනමාධ්‍ය විදියට ඔයාලා කියන්න ඕනෑ මෙන්න හොරෙක්, මෙන්න බොරුකාරයෙක් කියලා.

ඔබ කීවා මහේන්ද්‍රන්ගේ වංචා ඔප්පු කරන්න කියලා. රාජපක්ෂලාගේ වංචා ඔප්පු කරලාද තියෙන්නේ? එයාලා වංචා කරලා රටට පාඩුවක් කළා නම් එයාලාගේ වංචා කඩිනමින් එළිකරලා එයාලාගෙන්ම අයකරගන්න බැරිද?

ඒගොල්ලන්ගෙන් අය කරන්න තමයි අපි හොයාගෙන යන්නේ. අනිවාර්යයෙන්ම ජනතාවට බර නොදී එයාලාගෙන් ඒක අය කරන්නයි අපි උත්සාහ කරන්නේ. ඒත් ඒක ලේසි වැඩක් නෙවෙයි. ඒ වෙනුවෙන් මේ වෙද්දී ආණ්ඩුව ෂණ වංචා පරීක්ෂණ ක‍්‍රමවේදය වඩා දියුණු මට්ටමට අරගෙන යනවා.

මහින්ද රාජපක්ෂ තමන්ගේ වංචා එළිකළොත් දිවිනසා ගන්නා බව කියා තිබුණා නේද?

අනේ එයාට බෙල්ල කඳ උඩ තියාගෙන ඉන්න කියන්න. එයා කියන දේවල්වලට දැන් වටිනාකමක් නැහැ. මේ අලූත් යුගයක් ඇවිල්ලා තියෙන්නේ.