අර්ජුන් මහේන්ද්‍රන් පත්නොකිරීමෙන් පසු

ජයදේව උයන්ගොඩ

අප රටේ දේශ පාලන විවාදයේ, කොළඹ කේන්ද්‍ර කොටගෙන පසුගිය සතියේ මතුවූ තේමා දෙකක් මෙම ලිපියේ ප‍්‍රස්තුතය වේ. කොළඹ දේශපාලන විවාදයට වැදගත් ප‍්‍රශ්න, කොළඹින් පිට පරිවාරයේ ජීවත්වන පුරවැසියන්ට සමහර විට වැදගත් නොවන්නට පුළුවන. එහෙත් කොළඹ අසලම ජීවත්වන කෙනෙකු හැටියට ඒවායින් ගැළවී සිටීමට මට නොහැකිය.

එම කාරණා දෙක නම්, (අ) මහබැංකු අධිපතිවරයා ඉවත් කිරීම සහ අලූතෙන් කෙනෙකු පත්කිරීම සහ (ආ) ජනාධිපතිතුමා හා අගමැතිතුමා අතර සිදුවී තිබෙනවා යැයි කියන බල අරගලය යන මේවාය.

මහබැංකු අධිපතිව සිටි අර්ජුන් මහේන්ද්‍රන්ගේ ධුර කාලය දිගු කළ යුතුද නැද්ද යන්න පසුගිය සති ගණනාවක් තුළම අගනුවර කේන්ද්‍රීය දේශපාලන විවාදවල මුල් පෙළේ තේමාව විය. ඒ කරුණ පිළිබඳව ආණ්ඩුව ඇතුළේද ඒකමතිකත්වයක් නොතිබීම, එම තේමාවේ ප‍්‍රවෘත්තිමය වටිනාකම (News Value) ඉහළ යෑමටද තුඩුදී තිබිණ. මේ අතර, ඒකාබද්ධ විපක්ෂය, ආණ්ඩුව විවේචනයට සහ ප‍්‍රහාරයට ලක්කිරීමේ තම කාර්යයට ඉතාම ප‍්‍රයෝජනවත් වූ දේශපාලන අවකාශයක් ඒ වෙතින් ලබා ගත්තේය. මෙම දෙකොන් දේශපාලන විවාදය තවත් පුළුල් වීමක් සිවිල් සමාජ බලවේගද එයට සම්බන්ධ වීමෙන් සිදුවිය. සාධාරණ සමාජයක් සඳහා වන පුරවැසි ව්‍යාපාරයත්, පුරවැසි බලය ව්‍යාපාරයත් ප‍්‍රමුඛ සිවිල් සමාජ ව්‍යාපාරත් මේ විවාදයට මැදිහත් වීම නිසා එහි දේශපාලන වැදගත්කම තවත් තියුණු විය. ආණ්ඩුවේ විවේචනාත්මක සහාය දක්වන්නන් ලෙස සැලකෙන මෙම සිවිල් සමාජ ව්‍යාපාරද අවධාරණය කෙළේ අර්ජුන් මහේන්ද්‍රන්ගේ ධුරය දික් නොකර ඔහුගේ මහබැංකු අධිපති ධුරය අවසන් කළ යුතු බවයි.

මහජන විවාදයේදී මතුවුණු ප‍්‍රධාන තර්කය නම්, බැඳුම්කර ගනුදෙනුවෙන් එක්කෝ මහේන්ද්‍රන් බරපතළ දූෂිත ක‍්‍රියාවක් කර ඇති නිසා, නැතිනම් එසේ කර ඇතැයි ප‍්‍රබල මහජන මතයක් පවතින නිසා ඔහුට දෙවැනි ධුර කාලයක් නොදිය යුතු බවයි. නැතිනම් ඔහුගේ පළමුවැනි ධුර කාලය අවසන් වන්නට පෙර ඔහු ධුරයෙන් ඉවත් කළ යුතු බවයි.

මෙම විවාදයෙන්ද, එය තුළ මතුවූ තර්කවලින්ද, ඒ විවාදය තුළ ආණ්ඩු පක්ෂයේ කොටස්ද ඇතුළු දේශපාලන පක්ෂත්, සිවිල් සමාජ බලවේගත්, ජනමාධ්‍යත් දැරූ සහ ඉදිරියට දැමූ විවේචන, අදහස් හා ස්ථාවරවලින්ද ප‍්‍රකාශ වූ සංකීර්ණත්වය ලූහුඬු කිරීම මගේ අදහස නොවේ. එසේ වුවත් එම විවාදයේ තිබි අඩුපාඩු කිහිපයකට පමණක්වත් රාවය පාඨකයාගේ අවධානය යොමුකරවීම වැදගත්යැයි මට සිතේ.

ඉන් පළමුවැන්න, මහබැංකු පාලනය දේශපාලනීයකරණය වීමේ ගැටලූව, අර්ජුන් මහේන්ද්‍රන් යළි පත් නොකිරීමෙන් අවසන් නොවීමය යන්නයි. මහේන්ද්‍රන් සම්බන්ධව සිටි බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ කරුණෙහි වැදගත් ප‍්‍රශ්න දෙකක් ගැබ්වී තිබිණ. පළමුවැන්න දූෂණ හා අයුතු ක‍්‍රියාවක් සිදුවීද නැද්ද? එයින් වාසි ලැබුවේ කවුද? ඒ කාරණයේදී මහේන්ද්‍රන් තම නිල බලය අයථා ලෙස භාවිත කළේද? යනාදි අතුරු ප‍්‍රශ්නවලින් සමන්විත වේ. දේශපාලන පක්ෂ, ජනමාධ්‍ය හා සිවිල් සමාජ ව්‍යාපාරය අවධානය යොමු කළේ මේ ප‍්‍රශ්නයටය.

බැඳුම්කර ගනුදෙනුව වෙතින් පැනනැගුණ දෙවැනි ප‍්‍රශ්නය නම් ආයතනික ප‍්‍රශ්නයකි. එය වනාහි ස්වාධීන ආයතනයක් විය යුතු මහබැංකුව බලයට පත්වන ආණ්ඩුවේ දේශපාලන නායකයන්ගේ ඍජු පාලනයට පත්වී තිබෙන්නේද, නැද්ද යන කාරණයයි. බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ මතභේදයෙන් පැහැදිලිව පෙනුණ දෙයක් නම්, එය එසේ වී ඇත යන්නයි. ඒ සමගම පෙනිය යුතු තවත් කරුණක්ද තිබේ. එය වනාහි ගිය ආණ්ඩුව සමයේ ආරම්භ වී උත්සන්න වූ මහබැංකුවේ ආයතනික පරිහානියේ ක‍්‍රියාවලිය අලූත් යහපාලන ආණ්ඩුව යටතේද නොනැවතී ඉදිරියට යන බවයි. අජිත් නිවාඞ් කබ්රාල් මහබැංකු අධිපති වී සිටි කාලය පුරාම මහබැංකුව ඍජු ලෙසම පක්ෂ දේශපාලනයට නතු කිරීම, බලය අයුතු ලෙස ප‍්‍රයෝජනයට ගැනීම සහ දූෂණය පිළිබඳව විශාල සාකච්ඡුාවක් තිබිණ. එම සාකච්ඡුාව බොහෝ දෙනාට දැන් අමතක වී තිබෙන බව පෙනේ.

එහෙත් එම සාකච්ඡුාව, අද පවතින සාකච්ඡුාවට සම්බන්ධ කරගත යුතු වේ. එය කළ යුත්තේ අර්ජුන් මහේන්ද්‍රන් නිර්දෝෂී කිරීමට නොවේ. මහබැංකුව නිර්දේශපාලනීය කිරීමත්, එහි ආයතනික හා වෘත්තීයමය ස්වාධීනත්වය සහ ස්වායත්තතාව යළි ගොඩනැගීමත් යන අරමුණු උදෙසාය. ඒවා යහපාලන අරමුණුය. යහපාලන සටන් පාඨය වටා පසුගිය ජනාධිපති හා පාර්ලිමේන්තු මැතිවරණවලදී ඒකරාශී වූ දේශපාලන පක්ෂ හා සිවිල් සමාජ බලවේග මතු කළ රාජ්‍ය තන්ත‍්‍රයේ ආයතනික ස්වාධීනත්වය පිළිබඳ තේමාව මධ්‍යයේම තිබිය යුත්තකි.

online pharmacy no rx buy doxazosin online cheap. men’s health. sleeping aid, personal care, online drug shop, women’s health.

මහබැංකුවේ අධිපති වරයා පත්කිරීම පිළිබඳ කරුණ, එහි ආයතනික ස්වාධීනත්වය පිළිබඳ ගැටලූව සමග කෙලින්ම සම්බන්ධ වන බවද අප අමතක නොකළ යුතුය. ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා මහබැංකු අධිපති තනතුරට පත්කිරීම ගැන බොහෝ දෙනා දැන් සතුටට පත්ව සිටිති. කීර්තිමත් ආර්ථික විද්‍යාඥ වෘත්තිකයකු වන ඒ මහතා, මහබැංකු අධිපති තනතුරට ඉතා සුදුස්සකු බව අවිවාදිතය. එසේ වුවත් එම පත්කිරීමද පැහැදිලිවම දේශපාලනික පත්කිරීමකි. නිවාඞ් කබ්රාල්, අර්ජුන් මහේන්ද්‍රන් යන දෙදෙනාගේම පත්වීම් දේශපාලන පත්වීම් වූ ආකාරයටම, මාද යන්තම් හඳුනන ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහබැංකු අධිපතිවරයා ලෙස ගරු ජනාධිපතිතුමා විසින් පත්කරනු ලැබීමද දේශපාලන පත්කිරීමකි.

යහපාලන මූලධර්ම පිළිබඳව කැපවීමකින් ක‍්‍රියාකරන සිවිල් සමාජ ව්‍යාපාරයවත් විසින් මතු කළ යුතු විශේෂ ගැටලූවක් මෙහි තිබේ. එනම් මහබැංකු අධිපති ධුරය මහබැංකුවටම යළි ලබාදීමේ පැරණි ‘හොඳ’ සම්ප‍්‍රදායට ආපසු යෑමයි. ඒ අනුව මහබැංකුවේ අධිපති වශයෙන් ජනාධිපතිතුමා පත් කරන්නේ්, මහබැංකුවේම සිටින එහි ජ්‍යෙෂ්ඨතම නියෝජ්‍ය අධිපතිවරයාය. දැනට සිටින අධිපතිවරයා විශ‍්‍රාම යෑමෙන් පසුව ඊළඟට පත්විය යුත්තේ කවුරුන්ද යන්න ගැන අනවශ්‍ය දේශපාලන විවාදයක් එවිට ඇති නොවේ. තමන්ට හිතවත් ගණකාධිකාරීවරුන්, ව්‍යාපාරිකයන් හෝ පක්ෂ සාමාජිකයන් මහබැංකු අධිපති ලෙස පත් කිරීමට ජනාධිපති හෝ අගමැතිතුමන්ලාට එවිට අවකාශයක් ද නැත. මහබැංකුවේ ජ්‍යෙෂ්ඨ හා පළපුරුදු ආර්ථික විද්‍යාඥයන්ගේ වෘත්තීය ගෞරවය හා ස්වාධී නත්වයත්, මහ බැංකුවේ ආයතනික ගෞරවය හා ස්වාධීනත්වයත් රැකගැනීමට දැනට ඇති හොඳම විකල්පය එයයි.

අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ධුරයට පත් නොකිරීමෙන් පසුව තම අරගලය අවසන් නොකිරීමට, සිවිල් සමාජ ව්‍යාපාර තීරණය කරනු ඇතැයි යන්න යහපාලනවාදී පුරවැසි යන්ගේ අපේක්ෂාව විය යුත්තේ එබැවිනි.

ජනාධිපති අගමැති බල අරගලය

මේ දිනවල ජනමාධ්‍යයේත්, ඒකාබද්ධ විපක්ෂයේත් දේශපාලන විග‍්‍රහවල ප‍්‍රකාශ වන අනෙක් ප‍්‍රධානතම තේමාව වන්නේ අර්ජුන මහේන්ද්‍රන් සිද්ධිය පදනම් කොටගෙන ජනාධිපතිතුමාත්, අගමැති තුමාත් අතර බල අරගලයක් හටගෙන තිබේය යන්නයි. මහේන්ද්‍රන්ගේ ප‍්‍රශ්නය පිළිබඳ ඔවුන් දෙදෙනා ස්ථාවර දෙකක සිටි බව නම් අප හැමදෙනාටම පැහැදිලි කරුණකි. එහෙත් ඒ නිසාම එය බල අරගලයක් වීද යන්න ගැන පැහැදිලි චිත‍්‍රයක් අප ඉදිරියේ නැත. අප ඉදිරියේ තිබෙන්නේ ඒ ගැන සමහර ජනමාධ්‍ය සහ දේශපාලන විචාරකයන් ගොඩනඟා ඇති චිත‍්‍රයයි.

ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහබැංකුවේ අධිපතිවරයා වශයෙන් ජනාධිපතිතුමන් විසින් පත්කරනු ලැබීම නිසා අගමැතිතුමා අබිබවා ජනාධිපතිතුමා ජයගෙන ඇතැයි යන්න සමහර විචාරකයන් සහ මාධ්‍යවේදීන් ගොඩනඟා ඇති ප‍්‍රධාන පෙළේ අර්ථකථනයකි. මට නම් පෙනෙන්නේ මීට වෙනස් අර්ථකථනයක්ද ගොඩ නැගිය හැකිය යන්නයි. එනම් ආචාර්ය කුමාරස්වාමි පව, එජාපය සමග දේශපාලන වශයෙන් සම්බන්ධ නැති වෘත්තීයමය ගෞරවයක් ඇති ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥයකු එම තනතුරට පත්කිරීම මගින් ජනාධිපතිතුමා ජයගෙන තිබේ. එය ඉතා පැහැත්කිරීමෙන්, ජනාධිපති හා අගමැති යන දෙදෙනාම හවුලේ හෝ වෙන වෙනම ජයගෙන ඇත යන්නයි. ආචාර්ය හර්ෂ ද සිල්වා හෝ ඉරාන් වික‍්‍රමරත්න හෝ වැනි එජාප මන්ත‍්‍රීවරයකු නොදිලි දෙයයි.

මෙයින් අගමැතිතුමා ජයගෙන තිබෙන්නේ කෙසේද? එය චිත‍්‍රයේ තිබෙන බැලූ බැල්මට නොපෙනෙන අර්ථයයි. ආචාර්ය කුමාරස්වාමි, රනිල් වික‍්‍රමසිංහ අගමැතිතුමා නායකත්වය දෙන නව ලිබරල්වාදී ආර්ථික ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක කිරීම සඳහා වෘත්තීයමය නායකත්වය සැපයීමට සමත් ලංකාවේ දැනට සිටින ආර්ථික විද්‍යාඥයන් දෙතුන් දෙනාගෙන් ඉදිරියෙන්ම සිටින කෙනෙකි. ලංකාවේ ආර්ථීක ප‍්‍රතිසංස්කරණ පිළිබඳ ඉදිරි දර්ශනය මතුවී තිබෙන්නේ ජනාධිපති කාර්යාලයෙන් නොව අගමැති කාර්යාලයෙන්ය යන්න රටම දන්නා කරුණකි. තමාගේ ආර්ථික දර්ශනය සමග දැඩි ලෙස එකඟ වන මහබැංකු අධිපතිවරයකු ලැබීම ගැන අගමැති රනිල් වික‍්‍රමසිංහ අසතුටට පත්විය යුතුද? එය එතුමාගේ පරාජයක්ද?

අවසාන වශයෙන් ජනාධිපති-අගමැති යන ධුර දෙක නායකත්වය දෙන ආණ්ඩුවේ ප‍්‍රධාන බල මධ්‍යස්ථාන දෙක අතර ඇති තරගය යහපාලනය සඳහා යහපත් මෙන්ම අයහපත්ද විභවතා ඇති දෙයක් බවද කෙනෙකුට කිව හැකිය.

එය යහපත් වන්නේ, පසුගිය ආණ්ඩුවල නොතිබුණ ආකාරයේ ඉතා ප‍්‍රබල ආයතනික සංවරණ හා තුලන ක‍්‍රමයක් ජනාධිපති හා අගමැති ධුර කාර්යාල දෙක අතර ඇති වෙනස් ස්ථාවර හා බල තරගය නිසා ගොඩනැඟී තිබෙන බවයි. මහබැංකු අධිපති පත්කිරීමේ ගැටලූව නිරාකරණය වීමේ ක‍්‍රියාවලියෙන් ඉතා හොඳින් ප‍්‍රදර්ශනය වූ කරුණ නම්, ජනාධිපතිතුමාත්, අගමැති තුමාත් තමන්ගේ ස්ථාවර ජයගැනීම සඳහා එකිනෙකා සමග තියුණු කේවල් කිරීමක නිරත වී, පසුව දෙදෙනාටම එකඟ විය හැකි, දෙදෙනාම ජයගත් තීරණයකට එළැඹුණහ යන්නයි. ජනමාධ්‍යවලට ශීර්ෂ පාඨ සැපයූ එම කේවල් කිරීමේ ක‍්‍රියාවලිය දෙස අපක්ෂපාතව බලන විට පෙනෙන්නේ ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩු කරණයේ අප නොදුටු ආකාරයක අලූත් ගතිකත්වයක් එයින් ප‍්‍රදර්ශනය වූ බවයි. අවසාන විග‍්‍රහයේදී, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩුකරණය හා තීරණ ගැනීම යනු කේවල් කොට, හෙට්ටු කොට, තම අභිලාෂ අතර එකඟත්වයක් ඇතිකර ගැනීමට පුද්ගලයන්ටත්, ආයතනවලටත් ඉඩකඩ සලසන බලඅරගල ක‍්‍රියාවලියකි. මගේ අදහස නම් ජනාධිපති හා අගමැති ධුර සහ කාර්යාල දෙක අතර බල තරගයක් තිබේ නම් එය නෛසර්ගයෙන්ම නරක දෙයක් නොවන බවයි.

එහෙත් එය නරක දෙයක්ද වීමට ශක්‍යතාව තිබෙන්නකි. ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩුකරණය යනු එකම කඳවුර ඇතුළේ, සගයන් අතර පවා රණ්ඩු ඇතිවී, රණ්ඩු තුළින් පොදු එකඟතාවකට පැමිණෙන ක‍්‍රියාවලියකි.’ යන්න ඒකබලවාදී ආණ්ඩු ක‍්‍රමයකට අවුරුදු ගණනාවක්ම පුරුදු වී සිටි අප රට බොහෝ දෙනාට ආගන්තුක දෙයකි. ආණ්ඩුවේ බොහෝ දෙනාටද එය ආගන්තුකය. එබැවින් අනතුර තිබෙන්නේ ජනාධිපති හා අගමැති දෙපොළ අතර පසමිතුරුවාදී බල අරගලයක් ඇතැයි යන අර්ථකථනය, දේශපාලන විවාදය තුළ මුල් බැස ගැනීමට ඇති හැකියාව වෙතය. බල තරගය පසමිතුරුවාදී බල අරගලයක් බවට පත් නොවීමට ජනාධිපති සහ අග‍්‍රාමාත්‍ය කාර්යාල දෙකත්, ඒ දෙකට අනුයුක්ත උපදේශකයන් සහ මාධ්‍ය හිතවතුනුත් වගබලා ගැනීම මේ ආණ්ඩුවේ පැවැත්මේ ස්ථාවරත්වයට අත්‍යවශ්‍ය වේ.

generic trimox – elifemeds – buy viagra online. order cheapest …

මේ අතර ජනාධිපති කාර්යාලය සහ අගමැති කාර්යාලය අතර ඇත්තම බල තරගයක් ඇත්තටම තිබිය යුත්තේ අගමැති කාර්යාලයේ නායකත් වයෙන් ක‍්‍රියාවට යෙදෙන නව ලිබරල්වාදී ආර්ථික ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාවලිය පාලනය කිරීමටය. ඒ පිළිබඳව සංවරණ බල මධ්‍යස්ථානයක් හැටියට ක‍්‍රියාත්මක වීමටය. දැනට අප රටේ ප‍්‍රමාණවත් ලෙස ශක්තිමත් සංවරණ හා තුලන ක‍්‍රමයක් නැත්තේ, රනිල් වික‍්‍රමසිංහ අගමැතිතුමා නායකත්වය දෙන නව ලිබරල්වාදී ආර්ථික හා සමජ ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාවලිය සම්බන්ධයෙනි.

මේ සඳහා සංවරණ මධ්‍යස්ථානයක් ලෙස සාර්ථක ලෙස ක‍්‍රියාත්මක වීමට නම් ඒ සඳහා ජනාධිපති කාර්යාලයේ හැකියා ශක්තිමත් කිරීම සඳහා Capacity Building වැඩපිළිවෙළක් අවශ්‍ය විය හැකිය. නව ලිබරල්වාදී ආර්ථික ප‍්‍රතිසංස්කරණ ප‍්‍රතිපත්ති ගැන විචාරාත්මකව සිතන ආර්ථික උපදේශකයන්ගේ සේවය ජනාධිපති කාර්යාලයට ලබාගැනීම බෙහෙවින් ඵලදායී වනු ඇතැයි මට සිතේ.