කුඩාගම මහඇත්තෝ සොයා යෑම

නිමල් අබේසිංහ

කොළඹදී ඇරඹුණ හීන්හිරියා වැහිපොද අලව්වට එනවිට තරමක් වැඩිවී කුරුණෑගලට එත්දී අනෝරා වැස්සක් බවට පත්විණි. වාරියපොළට එත්දී වැසි ලකුණකුදු දකින්නට නොහැකි වූවා පමණක් නොව, තඹුත්තේගමින් බසයෙන් බසිද්දී මා පිළිගත්තේ දැඩි සුළඟත් කර්කෂ අව්රශ්මියත්ය. සැතපුම් කිහිපයක දුර පරාසය තුළ ඇති වෙනස මොනතරම් වෙනසක් කර ඇතිද යන්න මසිතට ඇතුළු වෙයි. වටපිට බලා ත‍්‍රීවිල් රථයකට සන් කළෙමි. ‘කොහේටද?’ මැදිවියේ රියැදුරා ප‍්‍රශ්න කරයි. මට අර තෙළිඟු ජාතිකයන් ඉන්න කුඩාගමට යන්න ඕනෙ. ‘තෙළිඟු’ ඔහුගෙන් ප‍්‍රශ්නාර්ථයක්. ඔව් තෙළිඟු තමා. අර නයි එහෙම නටවන කට්ටිය.

‘අපෝ ඒ කට්ටිය දැන් නයි නටවන්නේ නෑ. වෙන වෙන රස්සාවල් තමයි කරන්නේ’යැයි කියමින් රියැදුරු ත‍්‍රීවිලය පණගැන්වීය. ප‍්‍රධාන පාරෙ කිලෝමීටර් තුනක් හතරක් නැවත කොළඹ දෙසට පැමිණි රියැදුරා ත‍්‍රීවිලය දකුණු පස අතුරු මාවතකට හැරවූයේ කතාබහකින් තොරවමය.

‘මට යන්න ඕනේ ඊයේ පෙරෙයිදා මැරුණු ආරච්චිලගෙ ගෙදරටයි. මම රියැදුරු ඇමතීමි. හරි නඩරාජගෙ ගෙදර. ඔහු පිළිතුරු බැන්දේය.
හැබැයි ගෙදර කට්ටිය ඉඳීවිද දන්නෙ නෑ. සමහරවිට පල්ලි ගිහිල්ල ඇති.
ඒ මොකද පල්ලි. මගෙන් රියැදුරුට ප‍්‍රශ්නයකි.

ඔය ගමෙන් භාගයක් ක‍්‍රිස්තියානි. ඉතිරි භාගෙ බෞද්ධ නඩරාජල ක‍්‍රිස්තියානි නිසා ඉරිදට ගල්ගමුවේ පල්ලි යනව.

කෝකටත් අපි ගිහින් බලමුකො. රියැදුරු කියවයි. මම මුවින් නොබැණ සිටියෙමි. කතාව ඇත්තය. බොහෝ නිවෙස්වල දොර ජනෙල් වසා දමා ඇත. කතාවෙන් තොරවම ඉතිරි දුර ගෙවා දැමූ රියැදුරු තහඩු සෙවිළි කළ මඳක් පෙනුමැති නිවෙසක මිදුලේ ත‍්‍රීවිලය නැවතුයේය. ගනුදෙනු බේරා මම ත‍්‍රීවිලයෙන් බැස්සෙමි. මගේ වාසනාවට නිවැසියෝ එහි සිටියහ.

ආගිය කතාබහෙන් පසු මම කුඩාගම තෙළිඟු ජනයාගේ පමණක් නොව, ශ‍්‍රී ලංකාවේ තෙළිඟු ජනයාගේද හිටපු නායයා වූ නඩරාජා නම් දැවැන්තයාගේ වැඩිමහල් පුතු එන්. ආනන්ද සමග සංවාද සමාගමයෙහි යෙදෙමි.

‘දැන් ඔබලාට නායකයෙක් පත්කර ගන්නේ කොහොමද?’ ආනන්ද ඉදිරියේ පෑ මගේ පැනයට ඔහු පිළිතුරු බඳියි.

buy depakote (divalproex) uk online cheap price 500 ?buy depakote (divalproex) uk online cheap price 500 mg/250 mg/125 mg 0.525417 discount order for sale

නායකයෙකු පත්කිරීම

ඒක තමයි ප‍්‍රශ්නේ. ගමේ ආරච්චිල (නායක) තනතුර විතරක් නෙවෙයි. ගම් අටක නායක තනතුරත් තාත්තගෙ අභාවය නිසා හිස්වෙලා. තව මාසයකින් තමයි තනතුරට කෙනෙක් පත්කර ගන්නේ. ඒ කියන්නේ තාත්තගේ මාසයෙ දානෙ දුන්නට පස්සෙයි.
නායකයෙක් පත්කර ගන්නා විශේෂ සිරිත් විරිත් ඔබලාගේ සංස්කෘතියේ තිබෙනවද?

එහෙම විශේෂ සිරිත් නම් නැහැ. සාමාන්‍යයෙන් හිටපු නායකය නැතිවුණහම අලූත් නායකයෙක් පත්කර ගන්නව. ඒක කරන්නේ ගමේ දැනමුතුකම් තිබෙන උදවිය එකතුවෙලයි. හැබැයි තාත්ත මැරෙන්න ඉස්සර කවුරුහරි කෙනෙක්ව නායකකමට නම් කරල ලියල තිබෙනව නම් එයාව අනිවාර්යයෙන්ම නායකය විදිහට පත්කර ගන්නව. තාත්තා එහෙම ලියල තියෙනවද දන්නේ නෑ. මොකද අපි තවම තාත්තගෙ පොත්පත් ලියකියවිලි ඇදල බැලූවේ නෑ. ඒක කරන්න වෙන්නෙත් දානෙන් පස්සෙයි. නිවෙස් තුන්සිය පනහකින් සමන්විත මේ තෙළිඟු ගම්මානයේ ආරච්චිල පමණක් නොව, මඩකළපුව, කාතන්කුඩිය, වව්නියාව, මිහින්තලේ, පුත්තලම, ගල්ගමුව, කලාවැව, ආනමඩුව යන ලංකාවේ පිහිටා ඇති අනෙකුත් තෙළිඟු ගම්මානයන්හිත් නායකයා වශයෙන් සිටි ඒ.ආර්.ඒ. නඩරාජා හදිසියේ මියයාමත් සමග තවමත් තඹුත්තේගම කුඩාගමට ආරච්චිල කෙනකු පත්ව නැත. ඒ හේතුවෙන් තෙළිඟු ජනයාට ප‍්‍රධාන නායකයකුද පත්කර ගැනීමේ ගැටලූවක්ද මතුවී ඇත්තේය.

එන්. ආනන්ද යනු කුඩාගම හිටපු ආරච්චිලගේ වැඩිමහල් පුත‍්‍රයාය. ඔහු සිය වරිගයේ නායකයන් පත්කර ගන්නා ආකාරය ගැන අපට පැවසුවේ මෙලෙසය.
‘අපේ තාත්තල මෙහෙට එන්න ඉස්සරින් ඉඳල තියෙන්නේ කුඩා කුඹුක්වැව කියන ගමෙයි. ඒ වෙනකොට නායකයා (ආරච්චිල* මගෙ තාත්තගෙ ලොකු තාත්තයි. එයා මුත්තුසාමි ආරච්චිල. එයාගෙන් පස්සේ තමයි අපේ තාත්තට ආරච්චිලකම ලැබුණේ. තාත්තට ආරච්චිල තනතුර ලැබිල අවුරුදු විසිහතක් වෙනව. තාත්ත ගමේ ආරච්චිල විතරක් නෙවෙයි ලංකාවේ තිබෙන අනෙක් තෙළිඟු ගම්මාන අටේමත් නායකය විදියට පත්වුණා.

ආරච්චිල පත්කිරීම

ආනන්ද කියන විදියට නම් නායකයා මිය යන්න පෙර ඊළඟට පත්කර ගත යුතු නායකයා නම් කිරීමට හිටපු නායකයාට අයිතියක් තිබේ.
එසේ නොවූ තැන ගමේ දැනුම් තේරුම් ඇති වැඩිහිටියන් පිරිස එකතු වී තමන්ගේ නායකයා තෝරා ගැනීම සාමාන්‍ය සිරිතයි. මෙහිදී සිදුකෙරෙන සුවිශේෂී චාරිත‍්‍ර කිසිවක් නැතිමුත් තෝරාගන්නා පුද්ගලයාගේ පෞරුෂත්වය දැනුම අන් අය සමග කටයුතු කිරීමේ හැකියාව වැනි කරුණු සැලකිල්ලට ගැනෙයි. එහෙත් මුත්තුසාමි ආරච්චිලාගෙන් පසුව නඩරාජාට ආරච්චිල තනතුර හිමිව ඇත්තේ මුත්තුසාමිගේ ඍජු නම් කිරීමක් මගින්ය. එසේ වන්නේ මුත්තුසාමි ආරච්චිලට පුත්තු දෙන්නෙකුත් සිටියදීය. හේතුව වන්නේ ආරච්චි තනතුරක් දැරීම සඳහා අවශ්‍ය මූලික සුදුසුකම් එම පුතුන් දෙදෙනා සතු නොවීමයි.

නඩු ඇසීම සහ දඬුවම්

තෙළිඟු ජාතිකයන්ගේ සංස්කෘතියට අනුව නඩු ඇසීම සහ දෙන දඬුවම්ද අපූරු ඒවාය.
අපිට ඉතින් අවනඩු නෑ. රණ්ඩුවීම තමයි බරපතළ විදියට තිබෙන්නේ. ඒත් ඒවාත් ඉස්සර තරම් නෑ. තාත්තා නඩු අහනව මම දැකල තියෙනවා. කවුරුහරි පැමිණිල්ලක් ගෙනාවොත් ඒ වෙලාවෙම නඩුව අහන්න පුළුවන් නම් ඒක අහල තීන්දුවක් ගන්නව. ඉස්සරලම කරන්නේ ගමේ වැඩිහිටියෝ කීපදෙනෙක් එකතු කර ගන්නව. ඊට පස්සෙ පැමිණිල්ලයි විත්තියයි කැඳවගෙන එනව. කට්ටිය බිම පැදුරු එලල වටෙට් රවුමට වාඩිවෙලා තමයි නඩුව විසඳන්නේ. මේ වාඩිවෙන පිරිසට කියන්නේ වඩිග සභාව කියලයි. පිරිමි අය වරදක් කළොත් එයාට සල්ලිවලින් දඩයක් ගහනව. ඒ දඩ සල්ලිවලින් අරක්කු ගෙනත් කට්ටියම බීල සතුටින් විසිරිලා යනව. ඒ වාගෙ කෙනෙක් ආයේ ලේසියෙන් වරදක් කරන්නෙත් නැහැ.

essay writers geek – write my essay

කාන්තාවන් වරදක් කර අසුවූ විට ලබාදෙන දඬුවම තරමක් දරුණුය. එසේ වන්නේ ඇයට ඉන් ශාරීරික පීඩාවක් ලැබෙන හෙයින් වැරදි කළ කාන්තාවන් සඳහා දෙන දඬුවම වන්නේ මිරිස්ගලක් හිස මත තබා වඩිග සභාව වටේ රවුම් කීපයක් යන ලෙස නියම කිරීමය. මෙහිදී හිස මත තැබීමට ගන්නේ මිරිස් ගලේ උඩගල නොව යටගලය. අනෙක් විශේෂ දඬුවම ලබාදෙන ආකාරයද අපූරුය. ඒ ගැන ආනන්ද කීවේ මෙහෙමය.

අපේ අය විවාහ වෙනව නම් ඒ අයට වැඩිහිටියන්ගේ කැමැත්ත අවශ්‍යමයි. එහෙම නැතිව යාළුවෙලා දෙන්නෙක් පැනල ගියොත් එහෙම කොහොමහරි අල්ලගෙන ඇවිත් ඒ අයගෙ දිව පුච්චනව. එහෙම දිව පුච්චන්න කලින් කරන සිරිත් ටිකකුත් තියනව. මුලින්ම ගමේ වැඩිහිටි කීපදෙනෙක් කැඳවනව. මේ කණ්ඩායමේ නායකය ආරච්චිල – ඊළඟට පැනල ගිය දෙන්නගෙ මව්පියොත් ගෙන්නනව. ඊට පස්සේ පැනල ගිය දෙන්න අරන් ඇවිත් අමුඩ ගස්සනව, පොල්ගෙඩියක්, මල් වර්ග දහයකින් සැදූ මල් මාලයක්, බුලත් අතකුත් සූදානම් කරගන්නව. ඊට පස්සෙ තමයි දිව පුච්චන්නෙ. ඉස්සරලම අල්ල ගන්නෙ කොල්ලව. එයාගෙ දිව එළියට දාන්න කියල දිවේ බුලත් කොළයක් තියනව. ඊට පස්සේ බුලත් කොළේ උඩ ගිනිපෙනෙල්ල තියනව. ඊළඟ වතාවට කෙල්ලව අල්ලගෙන ඒ විදියටම කරනව. හැබැයි මේ පිච්චිල්ල දිවේ දිය පට්ට එනකල් පුච්චන්නෙත් නෑ. සාමාන්‍යයෙන් දවසක් දෙකක් විතර දිවේ ඇවිල්ල තිබෙනවා එච්චරයි. මේ දඬුවම පමුණුවන්නේ ආරච්චිල විසිනුයි.’

කුඩාගම තෙළිඟු ගම්මානය බිහිවන්නේ වර්ෂ 1981දීය. ඒ එවකට අගමැති ආර්. පේ‍්‍රමදාස මහතාගේ උදාගම් සංකල්පය යටතේ බිහිකළ උදාගමක් වශයෙනි. ඉන්පසු සංචාරක දිවියකට හුරුවුණු තෙළිඟු වැසියන් කෙමෙන් කෙමෙන් වෙනත් ජීවන වෘත්තීන් කෙරෙහි යොමුවීමත් සමග සාම්ප‍්‍රදායික වෘත්තීන්ගෙන් බැහැරව ඇත. අද වනවිට සාම්ප‍්‍රදායික වෘත්තියේ යෙදෙන්නන් සිටින්නේ අතළොස්සක් දෙනා පමණි. රියැදුරු වෘත්තීන්, ත‍්‍රීවිල් රියැදුරන්, මිරිදිය ධීවර කටයුතු ආදිය ඉන් සමහරකි. ඒ අතරේ ත‍්‍රිවිධ හමුදා සේවයට එක්වූ කාන්තාවන්ද සිටින බවත් ආනන්ද පවසයි.
‘අපේ ගමේ ගෑනු ළමයි දෙන්නෙක් යුද්ධ හමුදාවේ කබඩි කණ්ඩායමෙත් ඉන්නව. ඒ අය ඊයේ පෙරෙයිදා පිටරටත් තරගවලට ගිහිල්ල ආව. ඔහු කියන්නේ කිසියම් අභිමානයක්ද සමගිනි. එහි ඇති වරදක් ද නොවේ.’

සංස්කෘතියක් යනු නිරන්තරයෙන් වෙනස්වීම්වලට බඳුන් වෙන්නකි. එහෙත් අතීත සංස්කෘතියෙහිම බැඳී සිටින්නන් ද ඕනෑම සංස්කෘතියක් තුළ සිටීම අරුමයක්ද නොවේ. එවන් අය කුඩාගම තෙළිඟු ජනතාව අතරද සිටිති. කුඩාගම ඩබ්ලිව් මාටින්ද එබන්දෙකි. ඔහු මියගිය නඩරාජාගේ මස්සිනාය.

භූරිදත්ත නාගරාජය නැටෙව්වේ අහිකුණ්ඨික ජාතියට අයත් මිනිස්සු නාගය නටවන්න අහුුවුණේ මෙහෙමයි. නාග ලෝකයෙ ඉඳන් නාගයෙක් මනුලොවට ඇවිත් නුග ගහක් යට තපස් රකින කොට ඒ නාගය අල්ලගෙන අපේ අය නැටෙව්ව. ඒ තාත්තයි, පුතයි ඒ කාලේ නරලොවේ නාගය කියල සතෙක් හිටියෙ නෑ. ඉතින් මේ දෙන්න නයත් අරගෙන රජවාසල් හතකට අරන් ගිහින් නැටෙව්ව. තෑගි හත්වෙනි රජවාසලේ නටවත්දි පුදුම සිද්ධියක් වුණා. ඒක වෙන්නෙ මෙහෙමයි. ඔය නාගය නාග ලෝකයෙන් එනකොට තමන්ගෙ නංගිට කියල ආවෙ. තපස් රකින්න මනුලොවට මාස තුනකට යනව කියලයි. මාස තුනක් ගතවෙලා නැති නිසා එයාගෙ නංගි එයාව හොයාගෙන මනුලෝකෙට එනව තවත් නාගයෝ හත්දෙනෙක් එක්ක. මේ හත්දෙනා මනුෂ්‍ය වේශ මවාගෙන ආවේ. නංගි ගෙම්බෙක්ගෙ වේශයක් මවාගෙන අර එක මිනිස් වෙස් ගත් නාගයකුගෙ ජටාවට වෙලා හිටිය. මේ අය මනුලොවේ ඇවිදගෙන යනකොට හත්වෙනි රජවාසල ළඟ අර නාගය නටවනව. දැක්ක ඉතින් මේ අයත් වටවෙලා ඒ දිහා බලන් හිටියා. ඒ වෙලාවෙ නාගය දැක්ක තමන්ගෙ නංගි ගෙම්බෙකුගෙ වේශයෙන් සිටිනව. එයාට ලැජ්ජ හිතිල පෙනේ බිම ගහගෙන නටන්නේ නැතුව හිටිය. ඊට පස්සේ අහිකුණ්ඨිකයො කියනව රජතුමනි දැන් නාගයට වෙහෙසයි. ඒ නිසා නටවන්න බැහැ. අපි වෙන දවසක ඇවිත් ආයෙ නටවන්නම් කියල. ඔන්න ඒ පාර නංගි මනුස්ස වේශයක් අරන් රජතුමාට රජතුමනි මේ මගේ අයිය. එයා නාගලෝකයෙන් ආවේ තපස් රකින්නයි. දැන් වෙලා තිබෙන්නේ වෙන දෙයක්. ඒ විතරක් නොවෙයි රජතුමනි ඔබතුමාට මතකද? ඔබතුමාගේ නැගණියක් නා රජුට විවාහ කරල දුන්නා. අන්න එයාගෙ දුවයි පුතයි තමයි අපි දෙන්න කියල. එහෙම කියලා අහිකුණ්ඨිකයන්ට ශාපයක් කළා කල්පයක් යනතුරු නයි නටවලම ජීවිකාව කරගන්න වේවා කියල. දැන් කල්පය ගෙවිල සාපයත් හමාරයි කියලයි මට හිතෙන්නේ. මොකද මගෙ මස්සිනා නඩරාජා නායකය වුණහම අපේ කට්ටියට කීවේ දැන් ඉතින් කැමති කෙනෙකුට තමන් කැමති රස්සාවක් කරගන්න මම ඉඩ දෙනව. හැබැයි කොහේ ගියත් මාසෙකට සැරයක් තිබෙන රැුස්වීමට අනිවාර්යයෙන්ම එන්න ඕනේ කියල විතරයි. ඒ රැුස්වීම මරණාධාර සමිතියෙ රැුස්වීම. හැබැයි ඒකට නාවොත් රුපියල් පන්සීයක් දඩගහනව කියලත් කීව. කීව වාගෙම එයා ඒක අකුරටම ක‍්‍රියාත්මක කළා.

ඔබ දන්නවද? අපිව එක එක පළාත්වලදි එක එක වචනවලින් හඳුන්වනව. කූතාඩි කියනවා, අහිගුණ්ඨික කියනවා. පනික්කියා කියනව. මම කියන්නේ අපේ නියම නම අහිකුණ්ඨික කියන එක බවයි. අහිකුණ්ඨික කියන්නෙ අහිංසක සත්තු නටවන්නා. ඒ කියන්නේ නයා රිලවා වාගෙ සත්තු අහිංසකයි.

තව එකක් තියනවා. ඉස්සර කාලෙ නම් නායකයෙක් තෝරා ගත්තට පස්සේ අරක්කු බීල නටල බජව් එහෙම දැම්මා. දැන් ඒවා නෑ. මිනියක් වළලන්ට ඉස්සරලම වළ කපන්න යන්නෙ දෙන්නයි. ඊට පස්සෙයි අනෙක් අය යන්නෙ. ඒ දෙන්න මිනිය වළලල වළ මුදුන් කළාට පස්සේ චාරිත‍්‍රයක් ඉෂ්ට කරන්න ඕනේ. ඒ තමයි උදැල්ලක තලය ගලවල වළේ දෙපැත්තෙ අර දෙන්න ඉඳගෙන උදැල්ල එහාට මෙහාට තුන්පාරක් විසි කරන්න ඕනේ. ඒ චාරිත‍්‍රය නම් අදටත් තියෙනව.