Untitled-1

Untitled-1

ගෙස්ටාපෝවක් නොවිය යුතු FCID


FCID

ටිරන් කුමාර බංගගමආරච්චි

නොබෝදා මාධ්‍ය හමුවක් පවත් වන අමාත්‍ය එස්.බී. දිසානායක අපූරු කතාවක් කියන්නේය, ඒ පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාසය හෙවත් එෆ්. සී.අයි.ඩී. එක බැසිල් රාජපක්‍ෂ බට තොගයකට අත් අඩංගුවට ගැනීම තමන් කිසි සේත්ම අනුමත නොකරන බව ඒ කතාවයි. එස්.බී. අමාත්‍ය වරයාට අනුව යකඩ බට සිද්ධිය බැසිල් රාජපක්‍ෂ අත් අඩංගුවට ගන්නට සිද්ධියක් නොවන බවත් ඒබට බෙදු හැටි ඉතාම නිරවුල් බවත් එය ඔප්පු කළ හැකි බවත් ඔහුගේ අදහසය. බැසිල්ගේ නඩුව ගැන එවැනි විවිධ කතා එමටය. ඒ බැසිල් කර ඇතැයි කියන ඇහේන කතා බටයක් හරස් වීම පුදුමය දනවන බැවිනි. ප්‍රශ්නය මෙය නොවේ. මේ උලුප්පා ලීම් හරහා එළියට මුදා හරින යටි අරුතය. එනම් එෆ්. සී. අයි. ඩී බිල්ලෙක් බවද? කන්න ඕනෑ කළ කබරගොයා තලගොයා කරන්නා සේ. අත් අඩංගුවට ගන්නට ඕනෑනම් යකඩ බට රත්රත්රන් පොලු වුව කළ හැකි බවද?

මහින්ද රාජපක්‍ෂ ප්‍රමුඛ නඩයේ පාද යාත්‍රාව නුවර සිට කොළඹ ආ ගමනේ ප්‍රධාන සටන් පාටයක් වූයේ රාජපක්‍ෂ පවුල ප්‍රමුඛ හිතවතුන් අත්අඩංගුවට ගැනීමය. අත් අඩංගුවට ගන්නේ කවුද? එෆ්. සී. අයි.ඩී. එකය. එසේනම් එම ඒකකය ඉවත් කිරීම මේ ඇවිදින පයවල දහස් වටින බලාපොරොත්තුව නොවේද?

පහුගිය කාලයේ එෆ්.සී.අයි.ඩී යේ කාලය දික් නොකොට එය අහෝසී කරන්නැයි විරුද්ධ පක්‍ෂයේ මෙන්ම ආණ්ඩු පක්‍ෂයේ අයද එකට සිට ගත්හ. මේ භිතීය සුළු පටු නැත. එනම් සැබැවින්ම හොරු නීතිීයට බයය. ඒ හොර සිත්වල හැටිය.

එහෙත් එසේ කියා කරබාගෙන සිටිය නොහැක්කේ ආණ්ඩුව ඇතුලෙන්ම මෙම ඒකකය ප්‍රතික්ෂේප කරනුයේ ඇයි ද යන්නය. එයද රහසක් නොවේ. මේ විරුද්ධ වන්නේද සුද්ධ වන්තයෝ නොවෙති. එස්.බී. ද එවැන්නෙකි. එහෙත් ඔහු බැසිල්ගේ බට කතාව ග්‍රීස් ගහක් කරගෙන ලිස්සා යන හැඩය.

ජනවාරි අටවැනිදාක සිදුවන දේශපාලනය විපර්යාසයෙන් මෛත්‍රීපාල සිරිසේන විජයග්‍රහණය කර පිහිටුවනු ලැබු නව ආණ්ඩුවේ ප්‍රමුඛතම පොරොන්දුව වූයේ වංචා දුෂණ පිළිබඳ විමර්ශනය කිරීමය. “දින සියයකින් අලුත් රටක්” යන නමින් එළිදක්වනු ලැබු ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඒ බවට දුන් පොරොන්දුව වූයේ හොරකම් ගැන සෙවීමට විශේෂ විමර්ශන සභාවක් පත් කරන බවය. එහෙත් ඒ විශේෂ විමර්ශන සභාව හෝ විනිශ්චය සභාව පත්කෙරුණේ නැත. එය කඩවුණු පොරොන්දුවකි.

එහෙත් ඒ වෙනුවට පොලිසියේ විශේෂ ඒකකයක් නම් ස්ථාපිත කළේය. ගැසට් නිවේදනයකින් ස්ථාපිත කරනලද මේ විශේෂ පොලිස් ඒකකය හැඳින්වනුයේ “පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය” නමිනි. (Financial Crimes Investigation Devision) එහි කෙටි නාමය එෆ්. සී. අයි. ඩී. එකය. මේ රටේ මිනිසුන් දන්නා නමය. රාජපක්‍ෂවරු බිය වන අකුරු හතරය. පොදුවේ මහ හොරු අකමැතිම නාමයය.

එෆ්. සී.අයි. ඩී එක ආරම්භ කළ විටම ලොකු ආරෝවක් ඇති වූයේ ජනපති එය තමන්ගේ අනුදැනුමෙන් තොරව සිදු වූ බව රටට කීමත් සමගයි. අදාළ ගැසට් නිවේදනය නිකුත් කරනු තමන් නොදන්නා බවද ඔහු කීවේය. එයින් ස්ථාපිත වූයේ මෙය තනිකරම අගමැතිගේ වුවමනාවක් මත ස්ථාපිත කළ එකක් බවය. අදටත් එය එලෙසම පවතිනුයේ එෆ්.සී.අයි.ඩී අගමැතිගේ යුනිට් එකක් බවය. කොටින්ම විපක්‍ෂයට අනුව එය රනිල්ගේ ගේසටාපෝවක් විය. ගෙස්ටාපෝම යනු හිට්ලර්ගේ විශේෂ පොලිස් ඒකකයයි. එය හුදෙක්ම හිට්ලර් විරුද්ධ වාදීන් නාසීිහූ අල්ලා හිර කිරීමට එලු දැලක් විය.

එය ඈඳා මෙරට එෆ්. සී. අයි.ඩී ය දිහා බලන්නට ද යොමු වූ උකුසු ඇසට හේතු නැතිවාමද නොවේ. ලංකාවේ පොලිසියේ විශේෂ එකක හතළිස් ගණනක් පවතී. ඉන් කිහිපයක් ගතහොත් උදාහරණ ලෙස ත්‍රස්ත විමර්ශන එකකය පිහිටුවීමේ අරමුණ කුමක් කීවද එය ක්‍රියාත්මක වූ ආකාරය ගැටලු සහගත විය. පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය අහිංසකයන් පවා කුඩු කාරයන් කිරීමට උපන් හපනුන් විය . පොලිස් විශේෂ ඒකකය පාතාලය නසන බව කියා ආයුධ පෙන්නන්ට ගොස් වෙඩි තබා ඝාතනය කළ ඒකාකාරී රංගනයද ඒ කාලයේ ඒකාකාරීම විය. ඒ අයුරින්ම එෆ්. සී.අයි.ඩි යටද චෝදනා එල්ල කිරීම වරදක්ද? නොවන්නේ මෙරට ස්ථාපිත බොහෝ ඒවා ඒ අරමුණින්ම ක්‍රියාත්මක නොවන නිසාය.එයට අවශ්‍ය සැක කාරක මුලදීම ඇති පදම් යොදා ද තිබුණි. ජනපති ගේ කතාවට අමතරව එහි ලිපිනය ලෙස ආර්.ඒ.ඩී. මෙල් මාවත කොළඹ ලෙස සදහන් වුවත් මුල් කාලයේ එහි දුරකථන අංකය වූ 011 4833600 ට ඇමතු කල ලැබුණු සුහද පිළිගැනීම අහිතකර මනෝභාවයක් ඇති කළ බැවිනි. එනම් එම පණිවුඩය. “ආයුබෝවන් මේ අරලියගහ මන්දිරයයි” ලෙස රැවුදුන් දුෂණ විරෝධි කාර්යංශය ගැන විමසු විට ලැබෙන පිළිතුර ඔව් ෟ එක පිහිටා ඇත්තේ මෙහි බව ලැබෙන පිළිතුරය. ජනපති නොදන්වා. යැයි කියු අගමැතිගේ වැඩක් යැයි කියු එෆ්. සී. අයි.ඩී. ය මුලින්ම අගමැති කාර්යාලයේ පිහිටුවා ගත්තේ ඇයි ?ස්වාධීනව වැඩෙන්නට තිබූ අවකාශ මුලින් චොරකර ගත්තේ ඇයි?

මෙහිදි ඉතිරි වූ ඉතිරි සැකය වූයේ මෙහි පැමිණිලි බාර ගැනීමය. මෙහි පැමිණිලි බාර ගනුයේ දුෂණ විමර්ශන කාර්යාංශ යයි. ඒ අනුව ඒ පැමිණිලිවලින් පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාසයට යොමු කරණුයේ ඔවුන්ට අවශ්‍ය පැමිණිලි පමණක් ගන්න ඒ බරපතළ චෝදනාවයි. එහි අවසානය කියා පෑවේද මෙහි පරීක්‍ෂණ කළ යුත්තේ මොනවාද යන්නත් රනිල්ගේ කැමැත්ත මතම සිදුවන බවය.

මෙයට වත්මන් ආණ්ඩුවේ ප්‍රබල බොහෝ අයට විරුද්ධවාදි පැමිණිලි ඇතත් ඒ කිසිවක් පිළිබඳව තවමත් විධිමත් පරීක්‍ෂණ සිදු වී නැති බව ප්‍රසිද්ධ රහසකි.මෙය රාජපක්‍ෂලා සහ ඔහුට හිතවතුන් මට්ටු කිරීමේ ඒකකයක්ද යන සැකයෙන් මිදෙන්නට නම් හොරුට අමතරව දැන් ඇති වෙමින් සිටින හොරුන්ද මෙල්ල කළ යුතුමය. ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ද ගෙන ඒමට හැකිනම් මේ ආණ්ඩුවේ අයද කැඳවා ප්‍රශ්න කළ යුතුය. එලෙස ප්‍රශ්න කළ යුතු අයට පොදු කළ චෝදනා ඇතිබව ප්‍රසිද්ධ රහසකි. එහෙත් රස රහස නම් ඒවා එරතම් එළියට නොපනීමයි.

එෆ්.සී. අයිඩී. ය එපා කියන මේ ආණ්ඩුවේ අය ඒ නම් අතර ප්‍රධාන අගමැතිගේ ඒකකයට ජනපතිගේ අය අත තැබිය නොහැකිද? අගමැති ජනපති දෙදෙනාම සතුටු එහි හිටපු ජනපති ප්‍රමුඛ හොරුන් අල්ලනවාට පමණ ද?

එෆ්.සී.අයි.ඩී එකේ කාලය බොහෝ විරුද්ධතා මැද නැවත දික් විය. එසේ නම් දැන් එයට එල්ල වූ චෝදනා වලින්ද මදීමට අවැසි කාලය උදා වී ඇත. එෆ්. සී. අයි. ඩී එක ගෙස්ටාපෝවක් නොකොට රනිල් හිට්ලර් කෙනෙක් නොකොට මෙය ඉදිරියට සාධාරණ මෙහෙයුම් දියත් කරනු අත්දැයි බලා සිටිය යුතුය. මේ හැම ඒකකයක්ම අවසානයේ ගෙට්ටු ඉබ්බා කඩන පොඩි වරදටත් දඩුවම් දිය යුතු උන්ට වුවයොදා ගත හැකි බව අමතක නොකළ යුතුය. බලය ඇති අය හදන හැම සෙල්ලමක අවසානය බලය ඇති අයගේ සුරක්‍ෂිත භායට කරන අවසානයන් බව මතක තබා ගැනීමටද වටිනේය. දැන් එෆ්.සී.අයි.ඩී එක කියන තරම් නරක නැතිය.එහෙත් එය හොඳ වන්නටද බොහෝ වැරවීරිය දැරිය යුතුය. නැතහොත් මේ ව්‍යායාමයම බොරු වීරියක් වනු ඇත.