අනන්‍යතා අර්බුදය මා නිර්මාණකරුවකු කළා | සුරංග කටුගම්පල

අනුරාධා කෝදාගොඩ

සුරංග කටුගම්පල නම් තරුණ සිනමාකරුවාගේ For a son (පුතෙකුට) චිත්‍රපටය පසුගියදා නිමාවූ 52 වැනි පෙසාරෝ ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ විශේෂ ජූරි ඇගැයීමක් ලබාගත්තා. මෙය සුරංග විසින් අධ්‍යක්ෂණය කරන ලද ප්‍රථම සිනමාපටය වන අතර 52 පෙසාරෝ ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේදී මෙම චිත්‍රපටයට මෙන්ම එහි ප්‍රධාන චරිතය රඟපෑ ප්‍රවීණ රංගන ශිල්පී කෞශල්‍යා ප්‍රනාන්දුගේ රංගනයද ජූරියේ විශේෂ අවධානයට මෙන්ම ඇගයීමට පාත්‍ර වුණා.
කුඩා කලදීම ඉතාලියට තම මාපියන් සමඟ සංක්‍රමණය වූ සුරංගගේ සිනමාගමනය පිළිබඳව කරන ලද සම්මුඛ සාකච්ඡාවකි මේ.

සිනමාවට අවතීර්ණ වෙන්න වටපිටාව සැකසුණු ආකාරය ගැන මුලින්ම කතා කළොත්?

මම ඉපදුණේ ලංකාවේ. අවුරුදු දහයේදී විතර තමයි මම මගේ මාපියන් සමඟ ඉතාලියට සංක්‍රමණය වුණේ. මගේ මූලික අධ්‍යාපනය වගේම උසස් අධ්‍යාපනයත් මා ලැබුවේ ඉතාලියේ. මා උසස් අධ්‍යාපනය ලබන්නේ තොරතුරු තාක්ෂණය ක්ෂේත්‍රයෙන්, මොකද ලංකාවෙ වගේම ඉතාලියේත් වෘත්තිමය සිනමාකරුවෙක් ලෙස පවතින්න අමාරුයි. ඒත් මාගේ කුඩා කාලයේ ඉඳන්ම සිනමාවට තිබුණු දැඩි ආශාව නිසා සිනමාව සම්බන්ධයෙන් විශේෂ උපාධියක් මා ඉන් පසුව හැදෑරුවා. එමගින් ක්ෂේත්‍රයට පිවිසීමට යම්කිසි පිළිගැනීමක් ලැබුණත්, ඒ හරහා විශේෂ දැනුමක් මට ලැබුණු බවක් මා විශ්වාස කරන්නේ නැහැ. ඒ අතරතුර චිත්‍රපට නැරඹීම සහ තනිව හැදෑරීම දීර්ඝ කාලයක් පුරාම මා විසින් කරනු ලැබුවා.

ඉතාලියේදී මට හමුවූ බොහෝ සංක්‍රමණිකයන් ඔවුන්ගේ කතාව හැමවිටම තවෙකකු සමග කියනවා. මං එවැනි බොහෝ කතා අසා තිබෙනවා. තම තමන්ට අදාළ කතාව හැමවිටම තවෙකකුට කියන එක ඇතැම්විට සංක්‍රමණික ජීවිතයේ කෑල්ලක් වගේ. මේ කතා අසාගෙන ඉඳීමෙන් මා ලබපු අත්දැකීම ඉතාම සුවිශේෂයි. මාගේ ජිවිතයේ මට තිබුණු සුවිශේෂි ප්‍රශ්නයක් තමයි සංක්‍රමණිකයකු විදියට තවත් රටකට ගිහින් ආර්ථික ස්ථාවරත්වයට වඩා එහා දෙයක් සොයනවා නම් ඒ මොකද්ද සහ එහෙම දෙයක් වෙනත් රටක වෙනත් පොළවක සංක්‍රමණිකයකු විදියට අත්පත් කරගත හැකිද, එහෙම නොවෙනවා නම් ඇතිවන පීඩනය මොන වගේද යන ප්‍රශ්න. මෙය බොහෝවිට සංක්‍රමණය වන පළවෙනි පරම්පරාවට අදාළ නොවෙන්න පුළුවන්. මොකද බොහෝවිට ආසියාතික රටකින් යුරෝපයට සංක්‍රමණය වන සංක්‍රමණිකයකුගේ ප්‍රධානම බලාපොරොත්තුව වන්නේ ආර්ථික ස්ථාවරත්වය. සංක්‍රමණය වන පළවෙනි පරම්පරාවකට මේ ගැන හිතන්නවත් වෙලාවක් නොතිබෙන්න බොහෝවිට ඉඩ තිබෙනවා. ඒත් දෙවෙනි තුන්වෙනි පරම්පරාවල්වල මා මේ ප්‍රශ්න හොඳින්ම දැක තිබෙනවා. මා වටා ඇති මේ නොවිසඳුණු ප්‍රශ්න ගැන තවදුරටත් දැන ගැනීමේ උවමනා වෙන්ම මා එකවරක් ගොඩබිමෙන්ම ලංකාවට ආවා. මට ඒ ගමනට මාස හතරක් පමණ ගතවුණා. ඉතාලියෙන් ග්‍රීසියට, ග්‍රීසියෙන් තුර්කියට, තුර්කියෙන් ඉරානයට, ඉරානයෙන් පාකිස්ථානයට ඇවිත් පකිස්ථානයෙන් ඉන්දියාවට ඇවිත් චෙන්නායිවලින් තමයි මම ලංකාවට එන්න ගුවන්යානයට නැග්ගේ. අද දවසේ නිදාගන්නේ මොන වහලය යටද කියන ප්‍රශ්නය තමයි ඒ සංචාරය පුරාම මට තිබුණේ. ඒක බොහෝවිට හරිම ආතතියක් ගෙනදෙන්නක් වුණා. ඒ ගමනේදී මට අවබෝධ කරගන්න වුවමනා වුණේත් සංක්‍රමණිකයකුට දැනෙන ඒ සුවිශේෂී හැඟීම කොයි වගේද කියන එකයි.

සිනමාව මා කැමති මාධ්‍යයක් නිසා පසුකලකදී මා අසා තිබූ, අත්දැකපු සහ අත්දකින එම ජිවිතය සිනමා නිර්මාණයක් හරහා නැවත ප්‍රතිනිර්මාණය කිරීමට මට හැකිවුණා. එය කෙතරම් සාර්ථකද කියන එක ගැන මට එතරම් පැහැදිලි අදහසක් නැති වුණත් මගේ අවංක ප්‍රකාශනය ඉදිරිපත් කිරීමට මා සෑමවිටම උත්සාහ කළා.
ඔබ උපන්නේ ලංකාවේ වුවත් ඔබ කුඩා කල පටන්ම ජීවත්වන්නේ, අධ්‍යාපනය ලබන්නේ ඉතාලියේ. ඔබ එහිදී පිළිගනු ලබන්නේ ඉතාලියානු පුරවැසියෙක් හැටියට. දෙවැනි පරම්පරාවට අයත් වන සංක්‍රමණිකයෙක් විදියට ඔබට මෙම පීඩනය දැනෙන්නේ කොහොමද?

buy celebrex online | discount generic celebrex | buy generic drugs …

මට මාගේ මව් රට විදියට දැනෙන්නේ ඉතාලිය. ඔවුන්ගේ සංස්කෘතිය, භාෂාව, හැසිරීම්, සිරිත් විරිත් බොහෝවිට මට දැනෙන්නේ මා ද අයත්වන සංස්කෘතිය, භාෂාව හා හැසිරීම් රටා ලෙසයි. ඒත් මගේ මව්පියන් දශක ගණනාවක් ලංකාවෙන් ඈත්ව සිටියත් ඔවුන්ගේ මව් රට නැතිනම් ඔවුන්ගේ රට විදියට සලකන්නේ ලංකාව. මෙය මා ඇතුළු ඉතාලියේ ජීවත්වන දෙවන පරම්පරාවට අයත් බොහෝ දෙනකුගේ ජීවිතය සම්බන්ධයෙන් පොදු තත්ත්වයක්. මේ නිසා මව්පියන් හැමවිටම ලංකාවට ආවේණික සංස්කෘතිය, ගුණධර්ම, සිරිත් විරිත් ඔවුන්ගේ දරුවන්ට බලෙන් උගන්වන්නට උත්සාහ කරනවා. ආර්ථික ස්ථාවරත්වය මුල් කරගෙන යුරෝපයට සංක්‍රමණය වන බොහෝ දෙනා ඔවුන්ගේ දරුවන් යුරෝපීයකරණය වීම ගැන දක්වන්නේ බියක්. ඔවුන් හැකිතරම් ලංකාවේ සිරිත් විරිත්, සංස්කෘතිය දෙවෙනි පරම්පරාවට ලබා දෙන්න මේ නිසා උත්සාහ කරනවා. උදාහරණයකට ඔවුන් ඒ නිසා ඉතාලියේත් ඇසළ පෙරහැර පවත්වන්න උත්සාහ කරනවා. ඊට උවමනා බොහෝ දේ ලංකාවෙන් ගෙන්වා ගන්නවා. ඒත් පෙරහැරකට ආවේණික ප්‍රධානම අංගයක් වන අලින් ගෙන්වීමට අධික මිලක් දරන්නට වෙන නිසා ඔවුන් කාඞ්බෝඞ්වලින් සෑදු බොරු අලි තමයි පෙරහැරේ ගෙනියන්නේ. පෙරහැරක් කිසිදාක දැක නැති කෙනකු මේ අමුතු තාලේ සංස්කෘතික අංගය කොහොම තේරුම් ගන්නවාද කියන එක ප්‍රශ්නකාරියි. මෙතැන තමයි අර්බුදය හටගන්නේ.

යුරෝපයේ මේ වනවිට සමෝධානය (Integration) කියන වචනය සංක්‍රමණික යන් සම්බන්ධයෙන් බොහෝවිට පාවිච්චි කරනවා. ඔවුන් එයින් අදහස් කරන්නේ වෙනත් සමාජයකට ආවේණික වෙමින් එහි සමාජගත වීම වගේ අදහසක්. කොහොම වුණත් ඔවුන් තුළත් එහි ඇති අර්බුදකාරී බව ගැන නැවත සිතීමක් තිබෙනවා. මා සිතන්නෙත් එය එක්තරා විදියක හානිදායක තත්ත්වයක්. යුරෝපයට සංක්‍රමණය වන ආසියාතිකයන්ට බොහෝ විට තිබෙන්නේ තමන්ගේ මුල් පිළිබඳව හීනමානයක්. තමන්ගේ මුල් ඊළඟ පරම්පරාව අත්පත් කර නොගනී කියන අනියත බිය වගේම ඔවුන් යුරෝපීයයන් නොවීම පිළිබඳ තිබෙන හීනමානය යුරෝපයට සංක්‍රමණය වූ ආසියාතිකයන්ගේ මා දැක තිබෙන සුලබ තත්ත්වයක්. කෙසේ වුවත් එක් සමාජයකින් තවත් සමාජයකට ඇතුළුවීමේදී අලුත් සමාජයේ තිබෙන සියලුම දේ ග්‍රහණය කරගැනීම හොඳ දෙයක් විදියට මා දකින්නේ නැහැ.

උදාහරණයකට මේ වනවිට යුරෝපය කියන්නේ කඩාවැටෙන ආර්ථික පසුබිමක් තිබෙන කලාපයක්. ආසියාවෙන් යුරෝපයට සංක්‍රමණය වන්නන් එහි තිබෙන සියලුම දේ අවශෝෂණය කළ යුතුයි කියා මා සිතන්නේ නැහැ. යුරෝපයට ආසියාවෙන් රැගෙන යා හැකි යම්කිසි විඥානයක් හෝ කිසියම් ජීවන විලාසයක් තිබෙනවා නම් එය රැගෙන යායුතු බවයි මගේ අදහස.

ඔබගේ ජීවිතය හා බද්ධ මෙම ජීවන අත්දැකීම කීමට සිනමා මාධ්‍යය ඔබට කෙතරම් පිටිවහලක් වුණාද?

මා ප්‍රියකරන සිනමා ශානරය තමයි වාර්තාකරණය. කෞශල්‍යා ප්‍රනාන්දු ඇරෙන්න For a son සිනමා පටයේ රඟපෑ අනෙක් හැම නළු නිළියක්ම මට එදිනෙදා සාමාන්‍ය ජීවිත ගතකරන රංගනයට ආසාවක් තිබෙන අය. For a son සිනමාපටය හරහා මට ග්‍රහණය කරගන්නට උවමනා වුණේ අප අත්විඳින සැබෑව. සිනමාව ඇරෙන්න වෙන කිසිම මාධ්‍යයකින් ජිවිතයේ මට ග්‍රහණය කරගැනීමට අවශ්‍ය වූ දේ ග්‍රහණය කර ගැනීමට හැකිවේ යැයි මා සිතන්නේ නැහැ.

මා අත්දුටු යථාර්ථය කීමට මට ඇති හොඳම මාධ්‍යය සිනමාව වුවත්, සිනමාකරණයේදී පිටපතට හිමිවන්නේ විශේෂ තැනක්. ඒත් මා අත්දුටු යථාර්ථය පිටපතකට අරන් එය නැවත යථාර්ථයක් ලෙස නිරූපණය කරවීම මට තරමක අභියෝගයක් වුණා. ඒ නිසා දෙබස් අඩුවෙන් කතා සාරාංශයක් පමණක් තබාගනිමින් නළුනිළියන් සමග කතාබහ කරමින් ඔවුන්ට ඒ ඒ සිද්ධිය පැහැදිලි කරමින් රූගත කරන පසු තලයේම කතාව යථාර්ථවාදීව ගොඩ නැගෙන්නට ඉඩ හැරියා.

bing.com-[en-us];cheap proscar;http://danceswithdirt.com;http://danceswithdirt.com/cheap-proscar-online;cheap proscar online > the best largest usa drug centre.;cheap proscar online. medical clomid tablets online. tuition sinful people, even and numerous parents of brilliant scholars measuring the correct. For-a-sun

තිරපිටපතකට සීමා නොවී කතාව ගොඩනැංවීමේ විධික්‍රමය නළුනිළියන්ට කෙතරම් ප්‍රායෝගික විධික්‍රමයක් වුණාද?

එතැනදී තමයි කෞශල්‍යා ප්‍රනාන්දු කියන නිළිය මාගේ චිත්‍රපටයට තෝරා ගැනීම සිද්ධ වෙන්නේ. චරිතයක් ගැඹුරින් තේරුම් ගෙන එය නිරූපණය කිරීමේ විශේෂ හැකියාවක් ඇයට තියෙනවා. එම තේරුම් ගැනීම හරහා ඒ චරිතයට, සිද්ධියට අදාළ දෙබස් එතුළින්ම මතුවෙන බව මගේ විශ්වාසයයි. චිත්‍රපටය පුරාම මා උත්සාහ කළේ නළුනිළියන් ඒ කතාව තුළම ජීවත් වන ඔවුන් කැමරාවක් ඉදිරියේ රඟපෑමක් ඉදිරිපත් කරනවා කියන අදහසෙන් මිදී ගොඩනගන ලද සිද්ධිය තුළින් ඉස්මතු වෙන දේ රූගත කිරීමට. මෙහිදී කැමරාව සතු සිනමා බලය එයට නොදී, නොපෙන්වා සිටින්නට අපි උත්සාහ කළා.

මේ වනවිට ලෝක සිනමාව ගමන් කරමින් සිටින්නේ මිනිස් සන්තානයේ ඉතාම ක්‍ෂුද්‍ර තැන් ස්පර්ශ කරන යථාර්ථවාදී සිනමාවකට. ඔබගේ පැහැදිලි කිරීමට අනුව ඔබේ සිනමාපටයත් එවැන්නක්.

ඔව්, එම සිනමා විකාශනය මා ඉතාම ධනාත්මකව භාරගන්නවා. යථාර්ථයෙන් පලායෑමට ඉඩ සලසන සියලුම තාක්ෂණික විප්ලව මැද්දේ සිනමාව යථාර්ථවාදී තැනකට ඒම මා දකින්නේ ඉතාම හොඳ තත්ත්වයක් හැටියටයි. කලාකරුවෙක් ලෙස මගේ යෝජනාවත් අප සියලුදෙනා යථාර්ථය දෙසට යොමුවිය යුතු බවයි. සිනමාව තුළිනුත් පෙන්විය යුත්තේ එයයි.

කලාකෘතියක් මගින් එය නරඹන්නාට යම්කිසි ආලෝකනයක් සැපයිය යුතු යැයි ඔබ සිතනවාද?

සිනමාව එවැනි බලයක් සහිත කලා මාධ්‍යයක්. ඒත් මා සිතන්නේ නැහැ මාගේ කලාකෘතියක් හරහා එය නරඹන්නාට අලෝකනයක් සැපයීමට මට හැකියාවක් තිබෙනවා කියලා. එය මට අවශ්‍යත් නැහැ. සිනමාව හරහා මට උවමනා වන්නේ මා අත්දුටු දෙයක් නරඹන්නන් සමග බෙදාගැනීම. යම්කිසි නිර්මාණයක් හරහා නරඹන්නාට ආලෝකනයක් සැපයීම මා දකින්නේ තරමක බලහත්කාරයක් ලෙසයි. ඊට වඩා මා කැමතියි මාගේ අත්දැකීම බෙදාගන්නා ගමන් එහි විවිධ වූ කියවීම් සහ විවිධ යථාර්ථයන්වලට නරඹන් නාට යා හැකි නම්.

ආසියාතිකයන් බොහොමයකගේ සිහින පාරාදීසය වන්නේ යුරෝපයයි. ඔබ එම සිහිනය අත්පත් කරගත් ආසියාතිකයෙක්. ඒත් එම අත්පත් කරගැනීමේ ඇති උභතෝකෝටිකය ඔබ ඔබගේ නිර්මාණ හරහා ඉදිරිපත් කරනවා. ඔබට දැනෙන විදියට ඔබ ආසියාතිකයෙක්ද? යුරෝපීයයෙක්ද?

මට දැනෙන්නේ මා යුරෝපයටත් අයිති නැති ආසියාවටත් අයිති නැති පාලමක් මැද ඉන්න කෙනෙක් වගේ. ඉතාලියේ ජීවත් වෙනකොට ලංකාවට එන්න හිතෙනවා, ලංකාවේ ඉන්නකොට ඉතාලියට යන්න හිතෙනවා. ඉතාලියේ ඉන්න කොට අපි කියන්නේ ලංකාවෙ කට්ටියක්, ඒත් මෙහෙ ඉන්නකොට අපි ඉතාලි කට්ටියක්. මේ අනන්‍යතා අර්බුදයම තමයි මාව නිර්මාණකරුවෙක් කළේ කියල තමයි මට දැන් හිතෙන්නේ. කොහොම වුණත් මට හිතෙනවා යුරෝපය ගැන සුරංගනා කතාවක් මාධ්‍ය මගිනුත් නිර්මාණය කරලා තියෙනවා. යුරෝපයේ තියෙන බොහොම ප්‍රගතිශීලි දැක්මක් විදියට මං දකින්නේ ඔවුන්ට දේවල් සම්බන්ධයෙන් තියෙන කුතුහලය. යුරෝපීය සිනමාව වුණත් ඉදිරියට යෑමට ඔවුන්ගේ මේ තියෙන කුතුහලය බලපා තියෙනවා. මං හිතන්නේ ආසියාතික යන්ට ඒ කුතුහලය අඩුයි.

ලංකාවෙන් ඉතාලියට යන බොහෝ කාන්තාවන් නිරතවන රැකියාවක් තමයි මහලු අය බලාගැනීම. ඔබගේ චිත්‍රපටයත් කේන්ද්‍රවන්නේ එවැනි ලාංකික කාන්තාවක් වටායි. මේ සම්බන්ධයෙන් ඔබට ඇති අත්දැකීම විස්තර කළොත්?

මගේ චිත්‍රපටයට පාදක වුණු චරිතය යුරෝපයේ නිෂ්පාදනය වූ බොහෝ සිනමාපටවලට පාදක වූ චරිතයක්. ඒත් ඒ බොහෝ චරිත හරිම ඒකාකාරී ස්වභාවයෙන් නිම වූ චරිත. ඒ බොහෝවිට යුරෝපීය යන්ගේ එම චරිතය පිළිබඳව ඇති කියවීමේ සීමාව විය හැකියි. මා බොහෝවිට උත්සාහ කළා එය මාගේ චිත්‍රපටයට සිදුනොවීමට වග බලා ගන්න. එම චරිතය පිටුපස ඇති සංකීර්ණත්වය ඉස්මතු කිරීමට අපි බොහෝ උත්සාහ කළා.

යුරෝපයේ මේ වෙනකොට වයසට යෑම සහ ඔවුන් තනිවීම ඉතාම තර්ජනාත්මක සමාජයීය ගැටලුවක් දක්වා ඔඩුදුවලා තිබෙනවා. මෙය ඉතාලියේ දරුණුම තත්ත්වයක්. ඉතාලියේ මිනිස්සුන්ගේ ආයු කාලයත් ඉතාම ඉහළ මට්ටමක තිබෙනවා. සෞඛ්‍ය සහ යටිතල පහසුකම් අතින් ඉතාම දියුණු තැනක තිබෙන රටක් වීම මිනිසුන්ගේ ආයු කාලය වැඩිවීමට හේතුවක්. ඒත් ඉන් පැනනගින සමාජයීය ගැටලුව වන්නේ ඔවුන් මහලු වියේදී තනිවීම. ලංකාවේ මෙන් මහලු මව්පියන් ඔවුන්ගේ දරුවන් සමග ජීවත් වෙන්නේ නැහැ. ඔවුන් බොහෝවිට ඔවුන්ගේ නිවෙස්වල තනියම ජිවත් වන්නේ. මෙම මහලු අය රැකබලා ගන්න ඉතාලි ජාතිකයන් ලංකාවේ කාන්තාවන්ගේ සේවය ලබාගන්න වැඩි කැමැත්තක් තියෙනවා. ඔවුන් විශ්වාස කරනවා ලංකාවේ කාන්තාවන් හොඳ කාරුණික අය බව. යුරෝපයේ දේවල් ඒ විදියටම බාරගැනීමේ අර්බුදය මා මේ හරහාත් නිරීක්ෂණය කර තිබෙනවා. සංවර්ධනයේ ඉහළ තලවලට යන්න යන්න හුදෙකලා ලෝකවල තනිවුණු මිනිසුන් තමයි බිහිවෙන්නේ. මෙය මේ වනවිට යුරෝපයේ දරුණු සමාජයීය ගැටලුවක් දක්වා වර්ධනය වී තිබෙනවා.

ලංකාව වගේ රටක මහලු මාපියන් බලාගැනීම සදාචාරාත්මක නියමයන් ලෙස පාසල් අවධියේ සිටම අපට උගන්වන දෙයක්. අප වැනි තුන්වෙනි ලෝකයේ රටවල මහලු මව්පියන් රැකබලා ගැනීම දරුවන්ගේ වගකීමක් ලෙස සලකන්නේ අපගේ අධ්‍යාත්මයේ ඇති සුවිශේෂීකමකට වඩා අප වැනි දියුණුවෙමින් පවතින රටක මහලුවීම කියන සමාජීය ගැටලුව විසඳීමට සම්පත් යෙදීමේ හැකියාවක් නොමැති නිසා. යුරෝපය හඳුනාගන්නා අපගේ කාරුණික බව අපගේ සංස්කෘතික, සදාචාර ධර්ම විසින් අප මත බලෙන් පැටවූ දෙයක් නේද?

ඔව්, එය හරිම සිත්ගන්නාසුලුයි. ඔබ කියන පරිදි ලංකාව වැනි තුන්වෙනි ලෝකයේ රටක කෙනෙකුට යුරෝපයේ කෙනෙකුට තරම් තෝරාගැනීම් ප්‍රමාණයක් නොතිබෙන්න පුළුවන්. තෝරාගැනීමක් නොමැතිකමින් එකම විසඳුමේ හිරවීම අසහනකාරීයි වගේම යුරෝපයේ තෝරාගැනීම් වැඩිකම නිසා ඇතිවන අසහනයෙන් මිනිසුන් පීඩා විඳිනවා. උදාහරණයකට යුරෝපයේ කෙනෙකුට තමන්ගේ මහලු මව්පියන් රැකබලා ගැනීමට ලංකාවෙන් හෝ ලතින් ඇමරිකාවෙන් හෝ වෙනත් රටකින් සේවිකාවක් ගෙනඒමට හැකියාව තියෙනවා. ඒත් ඉන්පසුව ඇති වෙන ගැටලුත් කෙළවරක් නැහැ. මෙය තවත් පැහැදිලි කරනවා නම් ලංකාවේ බඩගින්නේ මැරෙන්නේ නැහැ කියන එක අපි කටවහරට කියන දෙයක් සහ ඒක සත්‍යයක්. යුරෝපයේ මිනිස්සු බඩගින්නේ මැරෙනවා. ඒ තරමට ඒ සමාජ හුදෙකලා වෙලා. එතකොට මොන සමාජයද හොඳ කියලා හොයන්න ගියොත් අපි ආයිත් පැටලෙනවා. මෙය හරිම උභතෝකෝටිකයක්. කොහොමටත් මිනිස් ස්වභාවයම එයයි.

For a son චිත්‍රපටය ලංකික ප්‍රේක්ෂකයාට නැරඹීමට හැකි වෙයිද?

ඔව්. එවැනි උත්සාහයක් තිබෙනවා. මෙය ඔක්තෝබර් මස අග භාගයේදී ඉතාලියේ තිරගතවීමට නියමිතයි. ඒ අතරතුර ලංකාවෙත් තිරගත කිරීමට අවශ්‍ය වැඩ කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා.