බුද්ධි ලොක්කාගේ ගිණුමට රට වටෙන්ම සල්ලි


ledd

හිටපු ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ යටතේ ආරක්ෂක අමාත්‍යාංශයේ බුද්ධි අංශ ප්‍රධානියා වශයෙන් කටයුතු කළ විශ්‍රාමික මේජර් ජනරාල්වරයකු වූ කපිල හෙන්දවිතාරණගේ ලංකා බැංකුවේ නගර ශාඛාවේ පිහිටි ජංගම ගිණුමට රටේ විවිධ ප්‍රදේශවල පුද්ගලයන් විසින් රුපියල් ලක්ෂ තිස් දෙකක මුදලක් බැර කර ඇති බව පොලස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් සිදුකරන ලද පරීක්ෂණයකදී අනාවරණය කරගෙන ඇත.

උතුරු නැගෙනහිර පළාත්වල ඒඑස්කේ කේබල් ටීවී නමැති විකාශන ආයතනයක් පවත්වාගෙන ගිය එස්.එස්. කුහන්දන් නමැති අයෙකුද එම ගිණුමට රුපියල් ලක්ෂ දහයක මුදලක් බැර කර ඇති බව එහිදී හෙළිවී ඇත.
එසේ කපිල හෙන්දවිතාරණගේ ගිණුමට බැරවූ මුදල් ඔහු හා තවත් කිහිපදෙනෙකු වරින් වර ලබාගෙන ඇති අතර එම මුදල් යාපනය, කොටහේන, අක්කරෙයිපත්තු, තම්බලු විල්, නුගේගොඩ, කොල්ලු පිටිය, https://www.acheterviagrafr24.com/achat-viagra-en-ligne-quebec/ තිරුහෙල්එළි, බම්බලපිටිය යන ප්‍රදේශවල පිහිටි බැංකුවලින් කපිල හෙන්දවිතාරණගේ ජංගම ගිණුමට බැර කර ඇත. ගිණුමෙන් මුදල් ලබාගැනීම් කපිල හෙන්දවිතාරණට අමතරව අයි.එම්.ජී. කුමාර, පරගොඩ ගමගේ වසන්ත ඩයස්, වජිර ලියනගේ යන අය විසින් සිදුකර ඇත.
එසේම එම පරීක්ෂණයේදී තවදුරටත් හෙළිවී ඇත්තේ අදාළ ඒඑස්කේ නමැති කේබල් ටීවී ආයතනයට රජයේ රූපවාහිනී නාලිකාවල විකාශය වන දෙමළ ප්‍රවෘත්ති හා වැඩසටහන් චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ ප්‍රංශයේ විකාශය කිරීම සඳහා මසකට යුරෝ 15000 බැගින් ජනාධිපති ලේකම් කාර්යාලය විසින් ලබාදී ඇති බව හා ඒ සඳහා සම්පූර්ණ වශයෙන් රුපියල් මිලියන 153ක මුදලක් ගෙවා ඇති බවයි.
මෙම කටයුත්ත සඳහා කුහන්දන් නමැත්තා හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මුණගැස්සවීම හමුදා බුද්ධි අංශ සාමාජික සුරේෂ් සලේ විසින් සිදුකර ඇති අතර එසේ මුදල් ගෙව්වද එවැනි වැඩසටහන් විකාශය කළාද යන්නද තහවුරු වී නැත.

ඒඑස්කේ කේබල් රූපවාහිනිය උතුරු නැගෙනහිර පළාත්වලදී රජයේ රූපවාහිනී වැඩසටහන් විකාශය කළද ඒ සඳහා රජයට කිසිදු ගෙවීමක් සිදුකර නැත. ප්‍රංශයේ DAN ටීවී විකාශය පවත්වාගෙන ගොස් ඇත්තේද එම කේබල් ටීවී හිමිකරුය. ■