Untitled-1

Untitled-1

පොලිස් කොමිසමේ බලය කැබිනට් මණ්ඩලය ගැනීම


Editorial

කතුවැකිය

පසුගිය අගෝස්තු නව වැනිදා රැස්වූ කැබිනට් මණ්ඩලය අපූරු තීරණයක් ගෙන ඇත. ඒ දේශපාලන පළිගැනීම්වලට ලක්වූයේයැ’යි කියන පොලිස් නිලධාරීන් 129 දෙනකු අතරින් විනය පරීක්ෂණවලට භාජනය වී නොමැති නිලධාරීන් සඳහා කඩිනමින් සහන ක්‍රියාත්මක කිරීම සඳහාය.

දේශපාලන පළිගැනීම්වලට ලක්වූයේයැ’යි කියන පොලිස් නිලධාරීන්ගේ පැමිණිලි සලකා බැලීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද නිලධාරි කමිටුවක් විසින් එකී සහන සැලසීම සඳහා අදාළ නිර්දේශ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර ඒ පිළිබඳව කැබිනට් මණ්ඩලයට යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහය. කැබිනට් මණ්ඩලය එහිදී වැඩිදුරටත් තීරණය කර ඇත්තේ දැනට සේවයේ නිරතව සිටින නිලධාරීන්ගේ ජ්‍යෙෂ්ඨත්වය කෙරෙහි අහිතකර බලපෑමක් ඇති නොවන පරිදි අදාළ සහන ලබාදීමටය.

වත්මන් ශ්‍රී ලංකා රාජ්‍යයේ ස්වරූපය අනුව කැබිනට් මණ්ඩලය යනු රටේ විධායකයය. ඒ අනුව ඉහත කී තීරණය ගෙන ඇත්තේ රටේ විධායකය විසින්ය. වසර ගණනාවක සාකච්ඡාවල ප්‍රතිඵලයක් වශයෙන් ස්වාධීන කොමිෂන් සභා ඇති කරනු ලැබූයේ විධායකයේ අත්තනෝමතික තීන්දු තීරණ වැළැක්වීම සඳහාය. බලපෑම්වලින් තොරව රාජ්‍ය පාලනය වඩාත් ස්වාධීන කිරීම සඳහාය. පළමුවරට 17 වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කරනු ලැබුයේ ඒ අනුවය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් 18 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ආපස්සට හරවන ලද එම කොමිෂන් සභාවල ස්වාධීනත්වය යළි සකසා ගනු ලැබූයේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින්ය. ඒ සඳහා මුලපුරනු ලැබුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු මෙම යහපාලන නායක දෙපළය.

දහනව වන ව්‍යවස්ථා සංශෝධනය අනුව පිහිටවිය යුතු ස්වාධීන කොමිෂන් සභා නවයෙන් එකක් වන්නේ ජාතික පොලිස් කොමිෂන් සභාවය. පොලිස් නිලධාරීන්ගේ පත්කිරීම්, උසස් කිරීම්, මාරු කිරීම් ඔවුන් විෂයෙහි විනය පාලනය පවත්වාගෙන යෑම සහ ඔවුන් සේවයෙන් පහකිරීමේ බලය පොලිස් කොමිෂන් සභාව වෙත පවරා ඇත්තේය. ඒ අනුව පොලිස් නිලධාරියකු හෝ පොලිසිය සම්බන්ධයෙන් මහජනයාගෙන් ලැබෙන පැමිණිලි පමණක් නොව සිය උසස්වීම්, මාරුවීම්, සේවයෙන් පහකිරීම ඇතුළු අතෘප්තිමත් කාරණා සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිෂන් සභාවට පැමිණිලි කිරීමේ හැකියාව පොලිස් නිලධාරීන්ට පවතී.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එච්.ආර්. ලතිෆ් මහතා පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරියා ලෙස පත්කරන ලෙස ජාතික පොලිස් කොමිෂන් සභාව නිර්දේශ කර ඇත්තේ එවැනි පැමිණිල්ලක් සලකා බැලීමෙන් පසුවය. එය තවම පොලිස්පතිවරයා විසින් ක්‍රියාත්මක නොකිරීම වෙනම කතා කළ යුත්තකි.
පොලිසිය යනු ප්‍රසිද්ධ දේශපාලන අයිතිවාසිකම් හිමි නොවන සේවයකි. ත්‍රිවිධ හමුදාවන්ටද රජයේ මාණ්ඩලික මට්ටමේ නිලධාරීන්ට, පළාත් පාලනයට සම්බන්ධ ග්‍රාම නිලධාරීන්ගේ සිට ඉහළට දිවෙන නිලධාරීන්ටද මෙම ප්‍රසිද්ධ දේශපාලන අයිතිවාසිකම් නැත.

albendazole price cvs albendazole cost in india albendazole price in us albendazole cost buy amoxil online australia voveran medicine use. voveran medicine …

මෙසේ දේශපාලන අයිතිවාසිකම් නොමැති සේවාවක පිරිසක් දේශපාලන පළිගැනීමකට ලක්වූවායැ’යි පැමිණිලි කිරීමත්, කැබිනට් මණ්ඩලය එය ඉතසිතින් පිළිගෙන සහන සැලසීමට යෑමත් ගැටලුකාරීය. එකක් පොලිස් සේවය තුළ දේශපාලනය කිරීමට හැකියාව ඇති බව ඒ මගින් පිළිගැනීමය. දෙවැන්න කැබිනට් මණ්ඩලය මෙවැනි තීන්දු ගන්නේ නම් ජාතික පොලිස් කොමිෂන් සභාව කුමකටද යන්න ප්‍රශ්නාර්ථයක් මතුවන නිසාය.

පසුගිය ආණ්ඩු සමයේදී පොලිසියේ යම් නිලධාරී පිරිසකට යම් අසාධාරණයක් කිනම් හෝ හේතුවක් නිසා සිදුවී ඇත්නම් පොලිස් කොමිසම මගින් එය සලකා බලා සහන සැලසීම ගැටලුවක් නොවේ. එය කැබිනට් මණ්ඩලය මගින් සලකා බැලීම හා ඒ සඳහා දේශපාලන පළිගැනීම් ලේබලය ඇළවීම කිසිසේත්ම පිළිගත හැකි තත්ත්වයක් නොවේ.

දැනගන්නට ඇති පරිදි වත්මන් ආණ්ඩුවේ කොටස්කරුවන් වන එක්සත් ජාතික පක්ෂයේ හා ශ්‍රීලනිපයේ ලැයිස්තුවලින් සහන සැලසීමට නියමිත පොලිස් නිලධාරීන්ගේ ලැයිස්තු සකස් වී තිබේ. ඒ අනුව පසුගිය අවුරුදු විස්සක කාලය පුරා ආණ්ඩු කළ ශ්‍රීලනිපයට හිතවත් පොලිස් නිලධාරීන් පළිගැනීමට ලක්වී ඇත්තේ විපක්ෂයේ සිටි එක්සත් ජාතික පක්ෂය අතිනි. යහපාලනයක් ගැන කතා කරමින් නිදහස් හා ස්වාධීන රාජ්‍ය සේවයක් පවත්වාගෙන යෑමට අවශ්‍ය කොමිෂන් සභා පත් කරමින් යන ගමනක මෙවැනි කැබිනට් මණ්ඩල තීරණ හාස්‍යයට කරුණක් මිස වෙනකක් නොවේ.

looking for the best essay writers or essay writing services? you are at the right place! get an essay at your price and pay only for the paper you see.