Untitled-1

Untitled-1

එක්නැළිගොඩ දෙවනවර පැහැර ගැනීමේ කතාව දුරකතන දත්ත මගින්


prageeth

කේ. සංජීව

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ දෙවනවර පැහැර ගැනීමද ඉන්පසුව ගිරිතලේ බුද්ධි කඳවුර තුළ රඳවා තිබූ අයුරුද එහිදී ඔහුගෙන් ප්‍රශ්න කළ ආකාරය පිළිබඳවද ගියවර ලීවෙමු. මෙවර ලියන්නේ එම කතාවේම වෙනත් මානයක්ය. ගියවර ලිපිය මගින් ඔබ වෙත ගෙනා සිතුවම කැබලි කර එය ඇතුළත බැලීම මේ ලිපියේ අරමුණයි. මෙහි ප්‍රධාන සැකකරුවන්ට අප මෙහි සඳහන් කරන ඉතිහාසය අමතකව ගොස් ඇති බැවින් මේ චිත්‍රය ඇතුළතින් කියවා බැලීම ගොඩාක් වැදගත්ය. අපි පළමු පැහැර ගැනීම පිළිබඳව දුරකතන දත්ත කතා කළ ආකාරය ලීවෙමු. එහිදී අප කීවේ යම් අපරාධයක් කර පසුව ඒ සිදුවීම මතක නැහැ කියූ පමණින් යමකු නිර්දෝෂී නොවන බවය. කිසිවකු යම් දෙයක් සැඟවුවද අද වැසිකිළියට යනවිටද භාවිත කරන දුරකතනය ඒ සඟවන ඇත්ත පිළිබඳව කතා කරන්නට ඉඩ තිබේ. එනිසා අප දේශප්‍රේමී වූ පමණින් අප අතීතයේදී කළ අපරාධ අහෝසිවන්නේ නැති බව අප මතක තබාගත යුතුය.

ප්‍රගීත්ගේ දුරකතනය
අතුරුදන් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ වරින්වර දුරකතන අංක තුනක් භාවිත කළ බව පෙනේ. ඒ අංක නම් 077-4475523, 077-5540724 හා 077-4575078ය. මෙහි අප අවසන් වරට ලියූ 077-4575078 අංකය ඔහු අතුරුදන් වූ 2010 ජනවාරි 24 වැනි දින භාවිත කළ දුරකතන අංකයයි.
මේ දුරකතන අංකයට පැමිණි සහ එයින් පිටවූ ඇමතුම් පිළිබඳව දත්ත විශ්ලේෂණයේදී පෙනෙන්නේ මේ අංකය සමඟ නිරන්තරව දුරකතන අංක තුනක් සම්බන්ධවී ඇති බවය. ඒ අංක නම් 077-3125569, 077-0359272 (ප්‍රගීත් අතුරුදන්වන අවස්ථාවේදී ප්‍රගීත්ගේ දුරකතනයට ඇමතුම් ලැබුණු අංකය), 077-0375704ය. අප මුලින්ම මෙහි සඳහන් පළමු අංකය වන 077-3125569 අංකය ගනිමු. මේ සිම්පත ලියාපදිංචි කර ඇත්තේ 2009 ඔක්තෝබර් 05 වැනි දින කොක්මාතුර නඩරාජා විමලරාජ් නමටය. ඔහුගේ හැඳුනුම්පත් අංකය 861591905ඩ ය. මෙම දුරකතන අංකය 2009 දෙසැම්බර් 01 සිට 2010 ජනවාරි 24 වැනිදා දක්වා ගිරිතලේ, හිඟුරක්ගොඩ, බකමූණ, මැදිරිගිරිය අවට සිට ක්‍රියාත්මකවී ඇත. මෙම දුරකතන අංකය ඉහත සඳහන් ප්‍රගීත්ගේ දුරකතන අංක සමඟ 2009 දෙසැම්බර් 08 දින සිට වරින්වර සම්බන්ධවී ඇත. තවදුරටත් කියනවා නම් මේ දුරකතන අංකයෙන් ප්‍රගීත්ගේ නිවසේ දුරකතනය වන 011-4883948ටද ඇමතුමක් ලබාදී ඇත. ඒ 2010 ජනවාරි 03 වැනි දිනයේදීය.
දැන් අපි 077-0359272 දුරකතන අංකය ගනිමු.
2010 ජනවාරි 06 වැනි දින මඩකළපුවේ කල්අඩිහි පදිංචි ක්‍රිෂ්නදාස් සුදාහර් නැතිනම් මයිලවාගනම් සිවකුමාර් නැතිනම් මහින්දන් නැතිනම් සුදා යන අයගේ නමට ගත් සිම්පතකි මේ. මේ පිළිබඳව ක්‍රිෂ්නදාස් කියන්නේ කුමක්ද?
“මම එල්ටීටීඊ සාමාජිකයෙක්. මම හමුදාවට අහුවෙනකොට මා ළඟ හැඳුනුම්පතක් තිබුණා. ඒක සංවිධානය හදලා දුන්න එකක්. ඒකේ අංකය තමයි 820385648ඩ. මම හමුදා අත්අඩංගුවේ ඉන්නකොට අපි සංවිධානයේ නවදෙනෙක් හිටියා. මම නිදහස්වෙලා යනකොට මට හැඳුනුම්පත ආයෙත් ලැබුණේ නැහැ.”
මේ කටඋත්තරය කියන්නේ මොහුගේ හැඳුනුම්පතට හමුදාව දුරකතන සිම්පතක් ලබාගත් බවද? ඊළඟ ගැටලුව වන්නේ හමුදාව තමන්ගේ අත්අඩංගුවේ සිටින හිටපු එල්ටීටීඊ සාමාජිකයන්ගේ නම් සහ හැඳුනුම්පත් භාවිත කරමින් දුරකතන අංක ලබාගෙන ඒවා යම් යම් අපරාධ සඳහා භාවිත කළාද යන්නයි. ක්‍රිෂ්නදාස්ගේ නමට ගත් මේ දුරකතන අංකය භාවිත කර තිබෙන්නේ එකම එක දිනයක් පමණි. ඒ 2010 ජනවාරි 24 වැනි දිනයයි. එහිදී මේ අංකයෙන් කතා කර තිබෙන්නේ එක්නැළිගොඩගේ 077-4575078 දුරකතනයට පමණි. මේ දුරකතන අංකය භාවිත කළ දුරකතනය එදින ක්‍රියාත්මකවී ඇත්තේ ගිරිතලේ 3, බකමුණ 3, ගිරිතලේ ඩීසීඑස් 3 යන දුරකතන කුලුනු ඔස්සේය. මෙහිදී තවත් වටිනා දෙයක් සඳහන් කළ යුතුය. ඒ අප මුලින් සඳහන් කළ දුරකතන අංකය සහ මේ අංකය එකම දුරකතනයක බහා ඇමතුම් ලබාගෙන ඇති බවය. එම දුරකතනය ඉමි අංක 3569130115100 දරන දුරකතනය බව සොයාගෙන ඇත. මේ ක්‍රියාන්විතය කියන්නේ මොවුන් ප්‍රගීත් එක්නැළිගොඩ හොඳටම දැනහඳුනාගෙන මේ පැහැර ගැනීම නියමිත සැලැස්මකට අනුව සිදුකර ඇති බවය. දැන් අපි 077-0375704 දරන දුරකතන අංකය වෙත අවධානය යොමුකරමු.
මේ දුරකතන සිම්පත 2009 දෙසැම්බර් 18 වැනි දින මඩකළපුව කල්ලාරු පදිංචි සුන්දරලිංගම් නිදර්ශන් යන අයගේ නමට ගත් එකකි. එම දුරකතන අංකය නිරන්තරව ප්‍රගීත්ගේ දුරකතනය (077-4575078) සමඟ සම්බන්ධවී ඇත. ඒ 2010 ජනවාරි 24 වැනි දිනයේදීය. ඒ හවස 4.11 සිට රාත්‍රී 8.57යි තත්පර 49ක් දක්වාය. එහිදී ප්‍රගීත්ගේ දුරකතනය සමඟ මේ දුරකතනය අවස්ථා 8කදී සම්බන්ධවී ඇත. ඒ පිළිවෙළින් දඹුල්ල 3, නිට්ටඹුව ඩීසීඑස් 3, සියඹලාපේ ඩීසීඑස් 2, බියගම නගරය ඩීසීඑස් 2, කඩුවෙල, බත්තරමුල්ල ආර්ටී 1, බත්තරමුල්ල ආර්ටී 1, බත්තරමුල්ල ආර්ටී ඩීසීඑස් 1 යන කුලුනු හරහාය.
මේ දුරකතන දත්ත විශ්ලේෂණ තොරතුරුවලින් පෙනෙන්නේ 24 වැනි දින රාත්‍රී 9 පමණ වනවිට ප්‍රගීත් අපරාධකරුවන්ගේ දැලට හසුවී ඇති බවය. එදින රාජගිරිය ලංකා ඊනිව්ස් කාර්යාලයේ සිටි ප්‍රගීත්ගේ යහළුවන් කියන පරිදි ප්‍රගීත් කාර්යාලයෙන් නික්මුණ වේලාව සහ මේ වේලාව සංසන්දනය කළහොත් එය මනාව පැහැදිලි වනු ඇති.
මෙහිදී තවත් කරුණක් කිවයුතුය. අප මීට ඉහත සඳහන් කළ දුරකතන අංකය වන 077-0375704 අංකයට 2010 ජනවාරි 24 වැනි දින රාත්‍රී 8යි 59යි තත්පර 31ටද, රාත්‍රී 9යි 7යි තත්පර 01ටද, රාත්‍රී 9යි 9යි තත්පර 49ටද දුරකතන ඇමතුම් ත්‍රිත්වයක් 077-0553607 අංකයෙන් ලැබී ඇති බවයි. මේ අවස්ථා තුනේදීම අදාළ අංකය සහිත දුරකතනය ක්‍රියාත්මකවී ඇත්තේ බත්තරමුල්ල ආර්ටීඩීඅයිඑස් 1 සහ ඊ්ෂභධ ෘ3 යන දුරකතන කුලුනු හරහාය. මෙහි තිබෙන වැදගත් කරුණ වන්නේ මේ නොම්බරය සහිත සිම්පත බහා තිබුණු 358956014463080 යන ඉමි අංකය හිමි දුරකතනය තුළ එදිනම උදෑසන 077-0796397 යන අංකය සහිත සිම්පත ඇතුළත් කර භාවිත කළ බවට තොරතුරු අනාවරණය වීමයි. එම අංකයට අදාළව දුරකතන දත්ත විශ්ලේෂණය කළ විට පෙනෙන්නේ මේ දුරකතනය 24 වැනි දින උදේවරුවේ ගිරිතලේ සහ බකමූණ ප්‍රදේශවල තිබූ බවය. එම දුරකතනයම එදිනම හවස බත්තරමුල්ල ප්‍රදේශයේදී වෙනත් සිම්පතක් සමඟ භාවිත වී ඇත. දැන් ඕනෑම කෙනෙකුට රණවිරුවන් මුල්වී මේ දියත් කළ සැලසුම්සහගත අපරාධ පිළිබඳව වැටහී යායුතුය. මෙලෙස ප්‍රගීත් හසුකර ගැනීම සඳහා දැල නිර්මාණය කිරීමේදී එහි සැලසුම ඇන්දායැයි කියන ඒ පිළිබඳව සැකය යොමුවී තිබෙන ගිරිතලේ හමුදා බුද්ධි කඳවුරේ අණදෙන නිලධාරියා වන ෂම්මි කුමාරරත්න 24වැනි දිනයේදී සිට ඇත්තේ කොහිද? ඔහු එදින සිටි තැන සොයාගැනීමට තිබෙන මග ඔහුගේ දුරකතනයේ එදිනට අදාළ දත්ත විශ්ලේෂණය කිරීමය.

ෂම්මිගේ දුරකතනය
ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදන් කිරීමේ ප්‍රධාන චූදිතයා එවක ගිරිතලේ හමුදා බුද්ධි කඳවුරේ අණදෙන නිලධාරියා වන ෂම්මි අර්ජුන කුමාරරත්නය. ඔහු භාවිත කළා යැයි කියන දුරකතනයේ අංකය 077-7506092 වෙයි. මෙම අංකය 2003 ජනවාරි 23 වැනි දින ඵී ක්‍්‍ය්ෂඍඵ්භල උෑීඔෑෑභ ී්‍යෂඡඡෂභඨ ්ඛඛෂ්භක්‍ෑල අංක 87, බෞද්ධාලෝක මාවත, කොළඹ 7 යන ලිපිනයට ලියාපදිංචි කළ දුරකතන අංකයකි. මේ දුරකතනයේ 2010 ජනවාරි 23 වැනි දින ක්‍රියාත්මක වීම කෙලෙසද? මෙහි දත්ත විශ්ලේෂණයේදී පෙනෙන්නේ එදින උදෑසන 6.52 පමණ සිට එදින රාත්‍රී 11.30 පමණ වනතුරු මේ දුරකතනය ක්‍රියාත්මකවී ඇති බවය. එය එම කාලය ඇතුළත වෙනත් ස්ථාවර සහ ජංගම දුරකතන සමඟ අවස්ථා 64කදී පමණ පණිවිඩ හුවමාරු කරගෙන ඇති බවය. එම ඇමතුම් විශ්ලේෂණයේදී කියන්නේ එම ඇමතුම් 64න් 60ක්ම හුවමාරුව ගිරිතලේ සහ ඒ අවට දුරකතන කුලුනු හරහා සිද්ධ වී ඇති බවය. ඒ අනුව කිවහැක්කේ මේ හමුදා නිලධාරියා එදින එනම් ප්‍රගීත් පැහැර ගන්නට ප්‍රථම දින තමන් අණදෙන කඳවුරේ හෝ ඒ අවට සිට ඇති බවය. එය එලෙසම නම් ප්‍රගීත් පැහැරගත් 24වැනි දිනයේදී මේ දුරකතනයේ තත්ත්වය කෙබඳුද? සොයා බලමු.
077-7506092 දරන දුරකතන අංකය 24වැනි දින ක්‍රියාත්මක වීම ආරම්භ වන්නේ හිමිදිරි පාන්දර 1.02ට පමණය. එහිදී මේ දුරකතනය උදෑසන 1.2යි තත්පර 9 සිට උදෑසන 2.37යි තත්පර 39 දක්වා අවස්ථා 25කදී ඩයලොග් ජාලයේ දුරකතන සමඟ සම්බන්ධ වෙමින් පණිවිඩ හුවමාරු කරගෙන ඇත. එම අවස්ථා 25 තුළදීම මේ දුරකතනය ක්‍රියාත්මක වී ඇත්තේ ගිරිතලේ 3 සහ ගිරිතලේ ඩීසීඑස් 3 යන දුරකතන කුලුනු හරහාය.
ඉන්පසු මේ දුරකතනය ක්‍රියාත්මක වූයේ කෙසේද? 24 වැනි දින උදෑසනම 6.14යි තත්පර 21 සිට එම දිනයේම රාත්‍රී 11.56 පමණ වනතුරු මේ දුරකතනය අවස්ථා 126කදී වෙනත් දුරකතන සමඟ සම්බන්ධවී ඇත. එම තොරතුරු කියන්නේ ෂම්මි කුමාරරත්න එදින උදෑසන 11ට ආසන්න කාලයක් පමණ වන තුරු ගිරිතලේ සිට ඇති බවයි. 2010 ජනවාරි 24 වැනි දින උදෑසන 10.49 තත්පර 55ට ඩයලොග් ජාලයට අයත් මින්නේරිය කුලුන හා මෙම දුරකතනය සම්බන්ධ වන අතර ඉන්පසුව මේ දුරකතනය පිළිවෙළින් පැල්වෙහෙර, දඹුල්ල, පන්නම්පිටිය, නාඋල, ලග්ගල, මාතලේ, අඹතැන්න, කටුගස්තොට, බුවැලිකඩ, කුණ්ඩසාලේ, දිගන, තලාතුඔය, වේවැල්ල, කෑගල්ල, නැවුගල, නෙලුම්දෙණිය, අඹේපුස්ස, වේවැල්දෙණිය, පස්යාල, බැලුම්මහර, වැලිවේරිය, නාරන්වල, දෙල්ගොඩ, සියඹලාපේ, බියගම, මාලබේ, බත්තරමුල්ල යන කුලුනු සමඟ සම්බන්ධ වෙයි. ඒ අනුව අපට නිගමනය කළහැක්කේ මේ ගමන්මග ඔස්සේ ගිරිතලේ සිට ෂම්මි කුමාරරත්න අදාළ දිනය තුළ බත්තරමුල්ලට පැමිණ ඇති බවයි. එම ඇමතුම් වාර්තා විශ්ලේෂණයේදී පෙනෙන්නේ උදෑසන 11ට පමණ මින්නේරිය පසුකළ ඔහු රාත්‍රී 8.40 පමණ වනවිට පරංගියා කෝට්ටේ ගියා වාගේ බත්තරමුල්ලට පැමිණ ඇති බවයි.
ඉන්පසුව ඔහු නැවත ගිරිතලේට යෑමේ කතාවද දුරකතන කුලුනු වාර්තාවේ සඳහන් වී ඇත. මේ අනුව දුරකතන දත්ත වාර්තා කියන්නේ පසුදා උදෑසන 6.47 පමණ වනවිට මේ දුරකතනය ගිරිතලේ ප්‍රදේශයට පැමිණ ඇති බවය. ඒ ගිරිතලේ ඩීසීඑස් 3 කුලුන හරහා මේ දුරකතනය තවත් දුරකතනයක් සමඟ උදෑසන 6.47යි තත්පර 05ට සම්බන්ධවී ඇති නිසාය.ඒ අනුව අපට මේ ගමන සහ සාජන් රන්බණ්ඩාගේ කතාව එකට ගැටගැසිය හැක. ඒ කෝප්‍රල් රංජි ගිරිතලේ කඳවුරේ විශේෂ එල්ටීටීඊ සිරමැදිරිය අසලට රන්බණ්ඩාට කතා කරන තැනටය. රංජි දෑස් රෙදිකඩකින් ගැට ගැසූ ප්‍රගීත් රන්බණ්ඩාට මුණගස්වන තැනටය. ඉන්පසුව රන්බණ්ඩා ප්‍රගීත්ගෙන් ප්‍රශ්න කරන තැනටය. ඒ 2010 ජනවාරි 25 වැනි දිනයයි.■
එතැනින් පසු කතාව
ලබන සතියට.