ශිෂ්‍යයන්ට ඥානය දෙන්නේ කවුද?


janaranjana

කේඩබ්ලිව් ජනරංජන

එකක් පසුපස එකක් හැටියට වර්ජන හා උද්ඝෝෂණ රැල්ලක් නිර්මාණය කරමින් තිබෙන බව පෙනෙයි. 22වැනි සඳුදා රජයේ වෛi නිලධාරීන්ගේ සංගමය පැය විසිහතරක වර්ජනයක් කළේය. මුලින් එය පැය හතරක වර්ජනයක්ව තිබී පසුව කිසිම හේතුවක් නැතිව පැය 24 දක්වා දීර්ඝ කරන ලදි. වෘත්තීය සමිතියක් සතු වර්ජනය කිරීමේ අයිතිය, එම අයිතියටත් නිග්‍රහයක් කරමින්, කිසිම වගවිභාගයක් නැතිව හිතුවක්කාර ලෙස යොදාගැනීම ගැන හොඳම උදාහරණයකි වෛද්‍යවරුන්ගේ ඒ පැය 24හි වර්ජනය. ඉන්පසු 24වැනිදා රජයේ වෛi සිසුන්ගේ දෙමාපියෝ උද්ඝෝෂණයක යෙදුණහ. දෙමාපිය උද්ඝෝෂණයට පොලිසිය දැඩි ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය. උද්ඝෝෂණය වාර්තා කිරීමට ගිය ඡායාරූප ජනමාධ්‍යවේදියෙක්ද තුවාල ලැබුවේය.
දැන් දැන් මේ උද්ඝෝෂණ මාලාව වුවමනාවෙන්ම වර්ධනය කරමින් තිබෙන්නේ කිසිවකුගේ ජීවිතයක් ඉල්ලන හෝ ලේ ඉල්ලන හෝ මට්ටමට බව, තිත්ත විය හැකි නමුත් කිව යුතුය. එසේ වුවත්, උද්ඝෝෂණවලට න්‍යාය සපයන සමාජයීය, වෘත්තීය හා මතවාදී ‘ප්‍රභූන්’ ජල ප්‍රහාරවලට ලක්වන හෝ කඳුළු ගෑස් කන, බැටන් ප්‍රහාර ලබන පෙරමුණුවල සිටින බවක් නම් නොපෙනෙයි. කඳුළු ගෑස් කන තැන්වල රජයේ වෛi නිලධාරීන්ගේ සංගමයේ මහත්වරුන් කිසිවකු නැතිවා සේම, ඒ අවදානම් තැන්වල මේ පිරිසට න්‍යාය සපයන දේශපාලන පක්‍ෂවල න්‍යාචාර්යවරු හා ස්වාධීන බුද්ධිමත්හු කිසිවෙක්ද නොසිටිති. අඩු ගණනේ ඒ තැන්වල වෛi කබාය ඇඳගත් වෛi සිසුවෝද නැත. ඒ පෙරමුණේ සිටින්නෝද, ජල ප්‍රහාර, බැටන් ප්‍රහාර හා කඳුළු ගෑස්වලට මුහුණ දෙන්නෝද, තුවාල ලබන්නෝද අතිශය බහුතරය සුපුරුදු පරිදි ග්‍රාමීය, පහළ පන්තික සමාජ තීරුවට අයත්, විශ්වවිද්‍යාලවල කලා පාඨමාලා හදාරන දරුවෝය. රාජපක්‍ෂ ආණ්ඩුව, රණවිරුවන්යැයි උත්කර්ෂයට නංවා ග්‍රාමීය සිංහල බෞද්ධ අවවරප්‍රසාදිත රැකියා විරහිත තරුණ පිරිස් යුද්ධයට යවා, එහි ප්‍රතිඵල තම බලලෝභී පැවැත්ම සඳහා ආයෝජනය කළාක් මෙන්, රජයේ වෛiවරුන්ගේ සංගමයද තමන්ගේ කුහක වෘත්තීය ආධිපත්‍යය පවත්වාගැනීම සඳහා හැකි සියලු දෙනාගේම ශක්තීන් ආයෝජනය කරමින් සිටියි.
සෑම මතවාදී ස්ථරයක්ම ධ්‍රැවීකරණයට ලක්කරමින් තිබෙන්නේ සයිටම් පක්‍ෂ හා සයිටම් විරෝධී යන අන්ත දෙක මතය. සැප්තැම්බර් 11 ප්‍රහාරයෙන් පසු ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් කී, ‘එක්කෝ ඔබ අප සමඟය, නැතිනම් සතුරා සමඟය’ යන යෙදුම ලංකාවේදී ප්‍රසිද්ධියේ යොදාගත්තේ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා, 2009 යුද ජයග්‍රහණයෙන් පසු පාර්ලිමේන්තුව අමතා කළ කතාවේදීය. දැන් අවුරුදු අටකට පසු ලංකාවේ ශිෂ්‍ය ව්‍යාපාරයත් ඒ කතාවම අලුත් වටයකින් පුනරුච්චාරණය කරයි. ඔවුන්ට අනුව, තිබෙන්නේ සයිටම් පක්‍ෂය හා සයිටමයට විරුද්ධ පක්‍ෂය පමණකි. ඔවුන්ගේ මතය කොන්දේසි විරහිතව පිළිගන්නා අය සයිටමටයට විරුද්ධ, ප්‍රගතිශීලීහුය. ඔවුන්ගේ මතයට වෙනස් මතයක් දරන හා විවේචනයක් ඉදිරිපත් කරන අය, සයිටම්වාදී, නිදහස් අධ්‍යාපනයේ මිනීවළ කපන්නෝය.
සයිටම් ගැන වචනයක්වත් කතා නොකරන හෝ සයිටම් ගැන විවේචනය කරන හෝ, එහෙත් අධ්‍යාපනයේ නිදහස ගැන කතාකරන කිසිවෙක් වෙත් නම් කිසිම පැකිීළමක් නැතිව දමන්නේ සයිටම්වාදී පිලටය. ඒ අයට අනුව, ඒ අයගේ වැඩවර්ජන හෝ උද්ඝෝෂණවලට හැම දෙනාම කොන්දේසි විරහිතව පක්‍ෂ විය යුතුය. වැඩවර්ජන අයිතිය හා උද්ඝෝෂණ අයිතිය මහජනතාවටත් වැඩකරන ජනතාවටත් ඇති යුක්ති සහගත අයිතියක්ය (එහෙත් එය කිසිම සීමාවක් නැති පරම අයිතියක් නොවේ.) යන අදහස පිළිගනිමින් හා ගරුකරමින් නමුත්, වර්තමානයේ සිදුවන වැඩවර්ජන හා උද්ඝෝෂණ රැලි ගැන කිසියම් විවේචනයක් කරනවුන්ද කිසිම ඇහිල්ලක් බැලිල්ලක් නැතිව තල්ලු කර දමන්නේ සයිටම් ගොඩටය. එතැන් සිට, වැඩ වර්ජන හා උද්ඝෝෂණ මර්දනයට ‘මතවාදී පිටුබලය’ සපයන්නන් බවට ඔවුහු ආන්තිකකරණය කෙරෙති.
මේ වනාහි ලංකාවේ සියලු අන්තවාදී දේශපාලන ව්‍යාපාර, ශිෂ්‍ය ව්‍යාපාර, සන්නද්ධ ව්‍යාපාර මෙන්ම ලෝකය පුරාමත් ත්‍රස්තවාදී හා අන්තවාදී සියලු විනාශකාරී ව්‍යාපාර මුල් තැන ලා සැලකූ මූලධර්මයයි. අප සමඟ සිටියොත් ප්‍රේමියාය. විරුද්ධ වුණොත් ද්‍රෝහියාය. රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය ඇතුළු ශිෂ්‍ය ව්‍යාපාරයේ බහුතර නායක, අනුගාමික ස්ථරයන්ද සිටින ස්ථාවරය එයයි.
ඒ මතවාදයේ බිහිසුණුම අන්තය වන්නේ, ප්‍රශ්නයට විසඳුම හැටියට තමන් යෝජනා කරන දෙය පමණක් මිස අන් කිසිම අතරමැදි විසඳුමකට මාරාන්තික ලෙස විරුද්ධ වීමයි.
සයිටම් වෛi විiාලය සියයට සියයක් ආරක්‍ෂා කරන කිසිවෙක් ලංකාවේ නැති බව පැහැදිලිය. සයිටම් වෛi විiාලයට සිය දරුවන් යවන දෙමාපියන් පවා, සයිටම් ආයතනය කටයුතු කළ හා කරන සේරිවාණිජ ව්‍යාපාර න්‍යාය ගැන සිටින්නේ බලවත් කනස්සල්ලෙනි. රුසියානු උපාධියක් දෙන බව කියා ආරම්භයේදී සිසුන් රැවටීමේ පටන් සයිටම් ප්‍රධාන විධායක නිලධාරියාට වෙඩි තිබ්බේයැයි තුට්ටු දෙකේ බොරුවක් ප්‍රබන්ධ කිරීම දක්වා, සයිටම් කර ඇති විවිධ වැරදි දේ ගැන විවේචනයක් ඇත්තෝ බොහෝය. සයිටම් ප්‍රමිතිය අඩු බව ඒ හැමෝම පිළිගනිති.
එහෙත් එතෙකින් ප්‍රශ්නය කෙළවර නොවේ. කවුරු අකමැති වුණත්, කැමති වුණත් සයිටම් හා බැඳී ඇත්තේ රටේ අධ්‍යාපන නිදහස පිළිබඳ ප්‍රශ්නයකි. ඒ නිසා ඒ හා බැඳුණු කිහිප පාර්ශ්වයක්ම සිටින බව අමතක නොකළ යුතුය. වෛi සභාව, විශ්වවිiාල ප්‍රතිපාදන කොමිසම ඇතුළු රජය, රජයේ වෛiවරු, වෛද්‍ය හා අනෙක් විශ්වවිද්‍යාල සිසුන්, අන්තර් විශ්වවිiාල ශිෂ්‍ය බල මණ්ඩලය, රජයේ උපාධි අපේක්‍ෂකයන්ගේ මව්පියන්, සයිටම් පාලනාධිකාරිය, සයිටම්හි උගෙනගත් සිසුන් හා ඔවුන්ගේ මාපියන් ඒ අයයි. ඍජු පාර්ශ්වකරුවකු වුවද, ලංකාවේ හා විදේශික ව්‍යවසායක ප්‍රජාවද අමතක කළ නොහැකි පාර්ශ්වයකි. ප්‍රශ්නය විසඳාගන්නට නම්, මේ සියලු පාර්ශ්වයන්ට සවන් දිය යුතුවා සේම, ඔවුන්ගේ දුක්ගැනවිලිද සලකා බැලිය යුතුය. ජනාධිපතිවරයා මැදිහත්වීමෙන් පසු, කල් ගතවීම ගැන දෝෂාරෝපණයට ලක්වෙමින් වුව, ඔහු ප්්‍රශනයට අදාළ සියලු පාර්ශ්වයන් සමඟ අඩුවැඩි වශයෙන් සාකච්ඡා කරන්නට පියවර ගත්තේය. රජයේ පාර්ශ්වයන් හැරුණු විට ඒ අතර, වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, අන්තර් විශ්වවිiාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය මෙන්ම සයිටම් සිසුහු හා ඔවුන්ගේ දෙමාපියෝද වූහ. දැන් රජය ඉදිරිපත් කර ඇත්තේ, ඒ සියලු පාර්ශ්වයන් සමඟ සාකච්ඡා කිරීමෙන් පසු, සියල්ලන්ටම සෑහීමට පත්විය හැකි තරමේ විසඳුමකි. විසඳුම කුමක්දැයි මේ වන විටත් මාධ්‍ය හරහා ප්‍රසිද්ධ කොට තිබේ. ඒ විසඳුම තුළ කිසිවකුට සියයට සියයක ජයග්‍රහණයක් නැති අතර ප්‍රශ්නය විසඳාගැනීමේ යථාර්ථවාදී දැක්මක් නම් ඒ තුළ දැකිය හැකිය. සයිටම් හිමිකරුවන්, සයිටම් වෛද්‍ය සිසුන් මෙන්ම ඔවුන්ගේ දෙමාපියන්ද මේ විසඳුම් යෝජනා කෙරෙහි විරෝධතාවක් දක්වන්නේ නැත.
එහෙත්, රජයේ වෛiවරුන්ගේ සංගමයත්, ශිෂ්‍ය ව්‍යාපාරයත්, ඔවුන්ට මතවාදී දර්ශනය සපයන දේශපාලන පක්‍ෂ හා ක්‍රියාකාරීන්ද කිසිම ආකාරයකින් ඒ විසඳුමෙන් සෑහීමට පත්වන්නේ නැත. ඔවුන්ට අවශ්‍ය මස් රාත්තලමය. එනම් සයිටම් වසා දැමීමය. මේ නම් පුදුම අත්තනෝමතික ප්‍රවේශයකි. ප්‍රශ්නයේ එක් පාර්ශ්වයක් පමණක් වන තමන්ගේ මතය පමණක් අනෙක් සියලුම පාර්ශ්වයන් කොන්දේසි විරහිතව පිළිගත යුතුය යනුවෙන් සිතීමම මතවාදී ප්‍රචණ්ඩත්වයකි. බලහත්කාරය පෑමකි. ඔවුන්ට එසේ සිතන්නට ඉඩක් ලැබී ඇත්තේ ඇයි? රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හිතුමතේ වැඩවර්ජනය කර රටේ රෝහල් පද්ධතියේ ක්‍රියාකාරිත්වය අඩාළ කළ හැකි නිසාද? සරසවි සිසුන්ට වුවමනා වේලාවක කොළඹට පැමිණ අග නගරය මුළුමනින්ම ක්‍රියාවිරහිත කළ හැකි නිසාද? තමන්ට ඇති බලය නිසා, අනෙක් සියල්ලන්ම තමන්ගේ මතය පමණක් පිළිගෙන ක්‍රියාත්මක කළ යුතුයැයි ඔවුන් සිතනවාද? නවීන ලෝකයක අප ඉදිරියට ගෙනයන්නට හදන චින්තන සම්ප්‍රදාය එයද?
ප්‍රශ්නයක සියලු පාර්ශ්වයන්ගේ අදාළත්වය නොසලකා තමන්ගේ මතය පමණක් අධිනිශ්චය කරගන්නට යෑමෙන්, ලංකාවේ වෘත්තීය සමිති ව්‍යාපාරයත්, ශිෂ්‍ය ව්‍යාපාරයත්, විවිධ දේශපාලන ව්‍යාපාරත් පසුගිය කාලයේ අත්කරගත් ජයග්‍රහණ මෙන්ම ළඟාකරගත් විනාශයන්ද අඩු නැත. ඒ ඉතිහාසයෙන් පාඩම් ඉගෙන, වැරදුණු තැන් නැවත ඇතිවන්නට නොදී කටයුතු කිරීම අදට අවශ්‍ය ක්‍රමය නොවේද? මේ බව හිතේ හයියට කොළඹ නගරයට කඩා වදින, කඳුලු ගෑස්වලට, ජල ප්‍රහාරයට, සමහර විට පොලිස් උණ්ඩවලට කමිසය විවෘත කර පපුව පාන ආවේගශීලී තරුණ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට කියාදෙන්නේ කවුරුද?■