නිලධාරීන්ගේ තර්ජන හා රජයේ වගකීම


kathu

රජයේ සංස්ථා හා රාජ්‍ය මණ්ඩල අධ්‍යක්‍ෂ මණ්ඩලවල තනතුරු දරන රාජ්‍ය නිලධාරීන් සුළු පිරිසක් එම තනතුරුවලින් ඉල්ලා අස්වන බවට නැවතත් තර්ජනය කර තිබේ

ඒ සුළු පිරිස ඉල්ලා අස්වුවහොත් ඒ තනතුරු භාර ගෙන නීතියට අනුකුලව එම තනතුරුවල කාර්යභාරය ඉටු කරන්නට තවත් රාජ්‍ය නිලධාරීන් විශාල පිරිසක් කැමැත්තෙන් පසුවන බව ද ඒ අතර දැනගන්නට තිබේ.

රාජ්‍ය නිලධාරීන්ගෙන් මේ තර්ජනය ආණ්ඩුවට එල්ල වන්නේ, පසුගිය ආණ්ඩුවේ විවිධ වංචා දූෂණ සම්බන්ධයෙන් පැවැත්වෙන අපරාධ විමර්ශන කටයුතු හේතුවෙනි. වෙනත් විධියකින් කියනවා නම්, එලෙස වංචා දූෂණ ගැන ආණ්ඩුව විමර්ශනය නොකළා නම් නිලධාරීන්ගේ මේ තර්ජනය ආණ්ඩුවට එල්ල වන්නේ නැත.

buy flonase online now. flonase is an allergy relief nasal spray steroid which works towards preventing the release of inflammation-causing substances in the …

රාජ්‍ය නිලධාරීන් නියෝජනය කරන්නේ රටේ විධායකය යි. ඔවුන්ට වැටුප් ගෙවීම හා අනෙක් පහසුකම් සැලසීම සඳහා තමන් ගෙවන බදු මගින් මුදල් වැය කරන්නේ රටේ මහජනතාව යි. රාජ්‍ය නිලධාරීන් කටයුතු කළ යුත්තේ ආයතන සංග්‍රහය හා රජයේ මුදල් රෙගුලාසි යන මූලික නෛතික රාමු දෙක යටතේ ය. ඒවායේ නෛතික සීමාවෙන් පිටත සිදුවන දේ කිරීමට වත්, ඒවාට අනුබල හෝ අනුමැතිය දීමට වත් සිය රාජකාරිය තුළ රජයේ නිලධාරීන්ට බලයක් අවකාශයක් නැත.

රජයේ සංස්ථා හා මණ්ඩලවල ප්‍රධාන තනතුරුවලට පුද්ගලයන් පත් කෙරෙන්නේ දේශපාලන අධිකාරියට වුවමනා ආකාරයට බව අලුතෙන් කිව යුතු නොවේ. දේශපාලන පත්වීම් මත මේ ආයතනවලට එන පුද්ගලයන් රටේ නීතිය, මුදල් රෙගුලාසි හෝ වෙනත් නෛතික රාමු හෝ ඒ හැටියට අනුගමනය කරන්නට උනන්දුවක් දක්වන්නේ නැති බව හා ඒවා හැකි තරම් කඩ කිරීමටත් නොසලකා හැරීමටත් පුරුදු ව සිටින බව ද එවැනි ම යථාර්ථයකි. එවැනි අවස්ථාවක රජයේ නිලධාරීන්ගේ කාර්යභාරය කුමක් ද? ඔවුන් ජනතාව වෙනුවෙන් කළ යුත්තේ එවැනි අකටයුතුකම්වල යෙදීම නීති විරෝධී බවටත්, ඒවා කිරීමට කිසිම අනුමැතියක් හෝ ආධාර අනුබලයක් දීමට නොහැකි බවටත් දේශපාලන අධිකාරීන්ට පැහැදිලි කර දීම යි. රජයේ සංස්ථා මණ්ඩලවලට රජයේ නිලධාරීන් පත් කර ඇත්තේ මේ ආකාරයෙන් එම ආයතනවල කටයුතු නිසි නියාමනයකට යටත්ව පවත්වා ගැනීමට ය. හෙවත්, දේශපාලන අධිකාරිය සම්බන්ධයෙන් සංවරණය හා තුලනය පවත්වා ගැනීමට ය.

පසුගිය ආණ්ඩුව කාලයේ විවිධ රජයේ හා අනුබද්ධ අයාතනවල දේශපාලන තනතුරුලාභී ප්‍රධානීන්ට හිතුමතේ රටේ මහජන හා සම්පත් මුදල් අවභාවිත කරන්නට අවස්ථාව ලැබුණේ එක් පැත්තකින්, රජයේ නිලධාරීන් තමන්ගේ මේ වගකීම ඉටු කරන්නට අපොහොසත් වීම නිසා ය. ඒ අසමත්කමේ වගකීම භාර ගත යුත්තේ රජයේ නිලධාරීන්ම ය. අවශ්‍ය අවස්ථාවල දී තමන්ගේ නීත්‍යනුකූල ස්ථාවරය පැහැදිලි කර දී, අකටයුතුකම්වලට විරෝධය පෑමෙන් නොනැවතී, අධ්‍යක්‍ෂ මණ්ඩල වාර්තාවල සිය විරෝධය සටහන් කළ රජයේ නිලධාරීන් දහස් ගණනක් රටේ සිටින බව ද, ඔවුන්ට නීතියෙන් තර්ජන කිසිවක් එල්ල වී නැති බව ද ඔවුන්ට ගෞරව පිණිස මේ අවස්ථාවේ දී සටහන් කර තැබිය යුතු ය.

ඇත්ත වශයෙන් ම සිදුවූයේ, පසුගිය ආණ්ඩු කාලයේ රජයේ නිලධාරීන් ද හරි හරියට දේශපාලන අධිකාරිය සමඟ එක් ව විවිධ අවභාවිතයන්හි යෙදීම යි. ඔවුන් ඒ අවස්ථාවල දී විරුද්ධත්වය පෑවේ නම්, මේ තරම් මහා පරිමාණයෙන් රටේ මහජන මුදල් අවභාවිතයේ යොදවන්නට එවකට දේශපාලන අධිකාරියට හැකි වන්නේ නැති බව පැහැදිලි ය. ඒ කාලයේ දේශපාලකයන් තමන් කරන වැරදි වැඩ කිසිදා විමර්ශනයට භාජනය වෙතැ’යි සිතුවේ නැත. ඒ සදාකාලික බලයක් තමන්ට හිමිව ඇතැ’යි ඔවුන් සිතූ නිසා ය. ඒ වැරදිවලට අනුබල සැපයූ හා සමහර විට ඒ සඳහා මාර්ගෝපදේශ සැපයූ රජයේ නිලධාරීහු ද සිතුවෝ තමන්ගේ වැරදි, ඒ ආණ්ඩුව දිගු කාලයක් බලයේ සිටිනු ඇති ය යන පදනම මත, කවදාවත් එළිදරව් නොවනු ඇතැ’යි කියා ය.

buy albuterol inhaler. where can i buy albuterol online. albuterol (ventolin) is made use of by patients that experience bronchospasm, …

එහෙත් තත්ත්වය වෙනස් වී තිබේ. දූෂණයට හා වංචාවට එරෙහි මහජන ක්‍රියාකාරිත්වයක් රටේ ඇතිවුණු අතර, දැන් පසුගිය දේ ගැන විමර්ශන ඇරඹී තිබේ. ඒ ඒ අවභාවිතයන්ට වගකිව යුතු බවට සාක්‍ෂි ඇති නිශ්චිත නිලධාරීන්ට නීතිය ඉදිරියට එන්නට සිදුවී තිබේ. ඒ තත්ත්වය උදා වී ඇත්තේ පසුගිය ආණ්ඩුව කාලයේ එවැනි තනතුරු දැරූ සියලුම රජයේ නිලධාරීන්ට එරෙහි ව නොවන බව ද සැලකිල්ලට ගත යුතු ය. එලෙස අතළොස්සක් නිලධාරීන්ට විරුද්ධ ව චෝදනා එල්ල වන විට ඒ පිරිස තර්ජනය කරන්නේ රජයේ තනතුරුවලින් තමන් ඉල්ලා අස්වන බවට ය.

පළමු ව රජය කළ යුත්තේ, රජය කරන විධානයක් හෝ පත්වීමක් හෝ භාරගන්නට නොහැකි නිලධාරීන්ට එරෙහි ව නිසි පියවර ගැනීම ය. යම් හෙයකින් ඔවුන් ඉවත් වන්නේ නම් ඔවුන් වෙනුවට, ඒ තනතුරුවලට පත්වී නීතියට අනුව කටයුතු කිරීමට කැමති දහස් ගණනක් රජයේ නිලධාරීන් අතුරෙන් සුදුසු අය එම තනතුරුවලට පත් කිරීම ය. දූෂණ චෝදනා ලද අතළොස්සකගේ තර්ජන නිසා දූෂණ විරෝධී මහජන අනුමැතියක් ඇති රජයක් පසු බා සිටිය යුතු නැත.