රාවය

විශ්වාස භංගයට එජාප ශ්‍රීලනිප සහාය

විශ්වාස භංගයට එජාප ශ්‍රීලනිප සහාය

මහබැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති විදේශ අමාත්‍ය රවී කරුණානායකට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් ගෙනඒමට නියමිත විශ්වාස භංග යෝජනාවේදී ඊට සහාය පළ කිරීමට එජාපය නියෝජනය කරන මැති ඇමතිවරුන් රාශියක් මෙන්ම ශ්‍රීලනිප නියෝජනය කරන මැති ඇමතිවරුන් රාශියක් ද තීරණය කර ඇතැයි වාර්තාවේ.

මීට අමතරව ආණ්ඩුවත් පක්ෂයත් ආරක්‍ෂා කර ගැනීම සඳහා විශ්වාසභංග යෝජනාවට පෙර ඉල්ලා අස්වෙන්නැයි රවී කරුණානායකට දැනුම් දෙන ලෙසට අග්‍රාමාත්‍යවරයාට යෝජනා කිරීමට ද එජාප මැති ඇමතිවරුන් පිරිසක් සූදානම් බව දැනගන්නට ඇත.

මෙම පිරිස ජුලි 25දින සභානායක අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල හමුවී මේ ගැන සාකච්ඡා කර ඒ පිළිබඳව අග්‍රාමාත්‍යවරයා හමුවීමට දිනයක් ලබාදෙන ලෙස ඉල්ලීමක් කර ඇති අතර අමාත්‍ය රවී කරුණානායක බැඳුම්කර කොමිසමේ සාක්කි ලබාදීමට නියමිත අගෝස්තු 02 දිනෙන් පසු එම සාකච්ඡාව ලබාදෙන බවට අග්‍රාමාත්‍යවරයා පොරොන්දු වී ඇත.

රවී කරුණානායක මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවේදී සෘජුවම ඊට ඡන්දය ප්‍රකාශ කළ නොහැකි පිරිස් පාර්ලිමේන්තුවේදී ඡන්දය ප්‍රකාශ නොකිරීම හෝ පාර්ලිමේන්තු නොපැමිණීමට ඉඩ ඇති බවත් මේ සම්බන්ධයෙන් රාවය කළ විමසීමකදී එජාප නියෝජ්‍ය ඇමතිවරයෙක් පැවසීය. ඔහු වැඩිදුරටත් පැවසුවේ රවී කරුණානායක අමාත්‍යවරයා එම ධුරයෙන් ඉවත් කරන ලෙසට ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටීමට පවා සමහරුන් තීරණය කර ඇති බවයි.

මෙම විශ්වාස භංග යෝජනාවට සහය පළකරන්නේ දැයි රාවය ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකුගෙන් කරුණු විමසීමේදී ඔහු ප්‍රකාශ කළේ තම පක්‍ෂයේ මන්ත්‍රී කණ්ඩායම මෙම යෝජනාවට අනිවාර්යයෙන්ම සහාය දක්වන බවය. එහිදී ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ ජුලි 28 වැනි දින ශ්‍රීලනිප ආණ්ඩුපක්‍ෂයේ මන්ත්‍රී කණ්ඩායම ජනපතිවරයා හමුවන බවත් එහිදී මේ පිළිබඳව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවත්ය. ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ මෙම යෝජනාවට ප්‍රථම අදාළ අමාත්‍යවරයා පිළිබඳව තීරණයක් ගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවය.

මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවෙන් චෝදනා ලබා සිටින පර්පෙචුවල් ට්‍රෂරීස් සමාගමේ අර්ජුන් ඇලෝසියස් රෙසිඩන්සීස් හි සුපිරි නිවසක් රවී කරුණානායක මහතාට ලබාදී ඒ වෙනුවෙන් බදු කුලී ගෙවූ බවට හා එම නිවස පසුව සින්නක්කරව මිලදී ගත් බවට මේ වනවිට කරුණු අනාවරණය වී ඇති අතර ඊට පෙරද මුදල් අමාත්‍යවරයා වශයෙන් රවී කරුණානායක මහතා බැඳුම්කර මිලදී ගැනීමේදී ශ්‍රී ලංකා මහ බැංකුවට කරන ලද මැදිහත්වීම් කොමිසම හමුවේ අනාවරණය විය.

ඒ අනුව රවී කරුණානායකට ජුලි 26 දින බැඳුම්කර කොමිෂම හමුවේ පෙනී සිටින ලෙස දක්වා තිබු අතර ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රියන්සි අර්සකුලරත්න කොමිසම හමුවේ පෙනී සිටිමින් ප්‍රකාශ කර තිබුණේ ආරක්‍ෂක මණ්ඩල රැස්වීමට සහභාගි විය යුතු බැවින් කරුණානායක මහතාට කොමිසමට සභාගිවීමට වෙනත් දිනයක් ලබාදෙන ලෙසය. ඒ අනුව අගෝස්තු 02දින රවී කරුණානායක මහතා කොමිසම හමුවේ පෙනී සිටින බව නීතිඥවරයා පොරොන්දු වී ඇත. ඊට පෙර ජුලි 25දින කොමිසම හමුවේ පෙනී සිටින ලෙස රවී කරුණානායකට දැනුම්දී තිබූ අතර එදිනෙදා කොමිසමට නොපැමිණි ඔහු සඳහන් කර තිබුණේ කැබිනට්