Wednesday, 23/8/2017 | 12:35 UTC+0
රාවය

මිනිස් ශිෂ්ටාචාරයේ අනාගතය වෙනුවෙන් දඹුල්ල සංරක්ෂණය කරමු

උදය හේවාවසම්

දඹුල්ල කියූ පමණින් අපේ මතකයට නැගෙන්නේ රංගිරි දඹුලු ලෙන් විහාරයයිග මෙහි ඉතිහාසය කිස්තුපූර්ව හත් වැනි සියවසට තරම් දුර බව පුරාවිද්‍යා මතයයි. මේ ස්ථානය අප බෞද්ධ උරුමය රැඳි විහාරයක් ලෙස පිළිගත්තද ඇත්ත වශයෙන්ම නම් මෙය අනාගතයට රැකගත යුතු කලාගාරයක්යග නුවර යුගයේ චිත්‍රයෙන් මෙන්ම ඒ ඒ යුගයන්ට උරුමවූ ප්‍රතිමා කලාවේ සුවිශේෂී නිර්මාණ බොහොමයක් මේ ස්ථානයේ ඇත. අද ලංකාව පුරා ඉතිරිවී ඇති නුවර යුගයේ සිතුවම් අතරින් විශාලම ස්ථානය මෙතැනයග දැනට සුරක්ෂිත සිතුවම් ලේයරයට යටතින් අවුරුදු 880ක් පමණ දුරක අතීතයට යන සිතුවම්ද ඇති බව මේ පිළිබඳව වූ ප්‍රාමාණිකයෝ පවසත්ග එහෙත් නියමිත ක්‍රමයකට සංරක්ෂණය කරමින්ද මතුකරගන්නට පුළුවන් යම් යම් සිතුවම් මතුකර ගනිමින්දල ඒවා මිනිස් ප්‍රජාවට පිළිගැන්වීමට අපට තවම හැකිවී නැත. ලෙනක් යනු ස්වභාවයෙන්ම අභාවයට යමින් ශේෂ වෙමින් යන වස්තුවකිග එහෙත් මේ වියැකියෑම නවීන විද්‍යාවේ දැනුමින් යම් ප්‍රමාණයකට රැකගත හැකිය. අවුරුදු දහයකින් විනාශයට යන්නට නියමිත සිතුවමක් අවුරුදු 100කට සුරක්ෂා කරගත හැකියග එහෙත් අද වන විට දඹුලු විහාරයේ සිතුවම්ද ප්‍රතිමාද ඇත්තේ විනාශයේ දොරකඩය. මේ විනාශයට ප්‍රධානතම වගකිවයුත්තා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ මධ්‍යම සංස්කෘතික අරමුදලයිග දෙවනුව මේ විහාරයට අරක්ගත් බහිරව පන්නයේ භික්ෂු කණ්ඩායමයිග දැනගන්නට තිබෙන ලෙස මේ විහාරය පුද්ගලික දේපළකිග එය සංරක්ෂණ කටයුතුවලට තදින්ම බලපෑ හේතුවක්යග එනිසා බලධාරීන් වහාම කළයුත්තේ මේ විහාරය රජය සතුකරගෙන සංරක්ෂණය පිළිබඳව හසළ දැනුමක් තිබෙන විද්‍යාඥයන් කණ්ඩායමක් යොදවා සංරක්ෂණය කිරීමයග දඹුලු විහාරයයේ සංරක්ෂණ කටයුතු කෙලෙසක සිදුවිය යුතුදරෑ මේ පහතින් පළවන්නේ ලංකාවේ ප්‍රකට පුරාවිද්‍යා සංරක්ෂකයෙකු වන උදය හේවාවසම් 2012 වර්ෂයේදී ඒ පිළිබඳව රාවයට ලියූ ලිපියකි. වර්තමානයට එහි ඇති අදාළත්වය සලකා එම ලිපිය යළි පළකරමු.

ඹුල්ල ගල මුදුනට උස, මුහුදු මට්ටමේ සිට අඩි 1060 (මීටර් 328) කි. ගල පාමුල මුහුදු මට්ටමේ සිට උස අඩි 328 (මීටර් 100) කි. ගල පාමුල සිට ගුහාව ඇති මට්ටමට නැගීමට අවම වශයෙන් පියවර 2500ක් වත් තැබිය යුතු වේ. තරුණ පුද්ගලයෙකුට එය විනාඩි 06 – 07 කින් එක පිම්මට වේගයෙන් ඇවිද ය;මට පුළුවන් ගමනකි. මලල ක්‍රීඩකයෙකුට විනාඩි 02ක 03 කින් දිව යා හැකි දුරකි.

ගල පාමුල පුළුල් ගල් තලාව මත සුදුවතින් සැරසුණු බැතිමත්තු දහස් ගණනින් නිදහසේ පා තබත්. ඉන්පසුව කඩින් කඩ හමුවෙන ගල් පඩි පෙළවල් පසු කර යන්නෝ තම අරමුණ වන ගුහාව දැක බලා ගැනීමට පියවර තබත්. එසේ ඇවිද යන ගමන් ඔවුහු අවට පරිසරය කියවන්නට පෙළඹෙත්. බිතු සිතුවම් හා පිළිම වැඳ පුදා ආපසු යන්නෝ ගල පාමුල ගල්තලාවේ මඳකට නතරවී ගිමන් නිවති. වියලි සුළං විඳිමින් ඔවුහු උණුසුම් ගල් තලාව මත ඉඳගනිති.
එහෙත් අද දවසේ බැතිමත්තු ඒ ගල් තලාව මතින් ඇවිද යන්නේ කලාතුරකිනි. අද දඹුලු ගලට නගින්නේ කෘත්‍රිමව ඉදිකර ඇති කොන්ක්‍රීට් පඩි පේළි මතිනී. ගල පාමුල සිටම පඩි මතම පා තැබීමට සිදුවන නිසා ගමනට අනවශ්‍ය විඩාවක් ගෙන දෙයි. එහෙත් ‘අවසර’ ලත් කෙනෙකුට වාහනයකින් ගුහාව අබියසටම විඩාවක් නොමැතිව විනාඩි 1-2 කින් ළඟා විය හැකිය.

දඹුලු ගල ගෝලාකාර හැඩයක් ගත්තකැයි සිතේ. ලංකාවේ භූ ගර්භ කලාපයක් වන කඳුකර සංකිීර්ණයේ ඇතුළත පිහිටි මෙහි සම්බන්ධය ප්‍රාග් ක්‍රේම්බියානු යුගයට අයත්ය. විපරීත පාෂාණයක් වන කයිස් එහි සැදුම් ලත් ද්‍රව්‍යයි.
දඹුලු ගල කළු පාටට ඇත්තේ ඇල්ගී නිසාය. ගල තෙත් වන තැන් එහි සොබාවික පැහැය පෙන්වයි. මේ ඇල්ගී ගල් පෘෂ්ඨය සෙමින් සෙමින් ඛාදනය කරලයි. වසර කෝටි ගණනක ඛාදනයේ ප්‍රතිඵලයක් ලෙස අද අප දකින දඹුලු ගලෙහි උතුර – ඊශාන – නැගෙනහිර සහ ගිනිකොණ දිසා ප්‍රදේශ තද බෑවුමක් සහිතය. එහි පෘෂ්ඨය සෙමින් සෙමින් ඛාදනය වේ. එහෙත් උතුර, වයඹ, බටහිර සහ නිරිතදිග ප්‍රදේශවල ඛාදනය වෙනස්ය. (විවිධ මට්ටම්වලින් වේදිකා මත නතර වූ මහා ගල් පතුරු අතරින් වැඩෙනා රූස්ස ගස් ඒ බවට සාක්ෂි සපයයි.) විවිධ දිශානතීන්ට ගමන් කර ලාවා තලයන් සහ ඒවායේ පාෂාණ ස්ථරයන්හි සම්බන්ධයන් විශාල වී ගිය පිපිරීම්, පෙරලී ආ පසුව හිරවී ගිය විශාල ගෝලාකාර හැඩැති ගල් කොටස් හා ගල් පතුරු විසින් ඇති කරන ලද ගුහා මේ ප්‍රදේශයේ බහුලය.

දඹුලු ගලෙහි ගුහා 80ක් පමණ ඇතැයි සැලකේ. නමුත් සංචාරකයන්ට හෝ බෞද්ධ බැතිමතුන්ට දැක බලා ගැනීමට අවසර ඇත්තේ එහි ඇති විශාලතම මීටර් 125ක් පමණ පළල් මුඛයක් සහිත ලෝක ප්‍රසිද්ධ දඹුලු ලෙන පමණි.
ගල මතුපිට විවිධ ප්‍රමාණයේ වලවල් 5-6ක් පමණ ඇත. ඒවායේ ජලය පිරී යන්නේ වැසි වසින විටය. එසේ පහළට ඇදෙන ජලදහරා දඹුල්ල ගලට පියකරු දසුනක් ගෙන එයි.

තව වසර කෝටි ගණනකින් මෙම ගලෙහි බොහෝ කොටස් ක්ෂය වී යනු ඇත. මෙහි ප්‍රධාන ලෙන ආශ්‍රිතව මිනිස් වාසයට සුදුසු වන පරිදි ඈත කාලයේ සිටම විවිධ ගොඩනැගීම් කර ඇත. මෙහි පැරණිතම ඡායාරූපවල ඇති ගුහා මිදුල අදට වඩා බොහෝ වෙනස්ය. එහි පොල්ගස්ම තුනක් තිබී ඇත.
දඹුල්ල ප්‍රධාන ගුහාවට ළඟා වන විට 1960 දශකයේ මුල් කාලයේදී ගොඩ නැඟූ වාහල්කඩ දිස්වේ. ඉන් දකුණු පැත්තේ ඉහලට එසවෙන දඹුලු ගලේ ඉහළ කොටසද, වාහල්කඩට වම් පැත්තේ දරුණු අගාධයක් ද පවතී. මෙම වාහල්කඩ නිසා ගුහාවේ සුන්දරත්වයට බාධා පැමිණේ.

දඹුලු ගුහා මිදුලට අයත් වන ප්‍රදේශයේ පඩි අල්ලා, තාප්ප බැඳ, පස් ගල් පුරවා පැතලි බිමවල් ද වාහල්කඩද ගුහා බිත්තිද නැතහොත් මිනිසා විසින් එක්කළ සියලු දෑද ඉවත් කර බැලීමට උත්සාහ ගතහොත් ඔබ දකින්නේ විසිතුරු ස්වාභාවික කාබනික හැඩයන්ගෙන් සමන්විත අතිරමණීය දඹුලු ලෙනය. මෙම කාබනික ගුහාව ප්‍රාග් ඓතිහාසික යුගයේදී අවට ප්‍රදේශවල ජීවත් වූ මිනිසුන්ට මෙන්ම සතුන්ටද මරු කැඳවන අවදානම් සහිත ස්ථානයක් යැයි ඔබට සිතේවි.

එමෙන්ම කටාරම යන්න ප්‍රබල සොයාගැනීමකි. හිරු පායා ඇති විට එය අක්‍රියය. ඒ සක්‍රිය වන්නේ වැසි වැටෙනා විටය. ගුහාව තුළට ගල දිගේ වැසි ජලය රූරා වැටේ නම් ගුහා බිම තෙත් වේ. එම ජල දහරා නැවත්වීම කටාරමේ මෙහෙයයි. එය ලෙන් ගුහාවල විසූ ජනයාගේ නීරීක්‍ෂණ ශක්තිය හා යකඩ තාක්‍ෂණයේ සංයෝජනයක ප්‍රතිඵලයකි. මෙම සරල බාධකය සමහර විට හිතනවාට වඩා පැරණි කාලයක සිට ඇරඹුවාදැයි සිතේ. පසුව එය දියුණු වී ඕනෑම මුඛයක ඉහළ තොල දාරයේ ගල් පෘෂ්ඨයේන් අඟල් 3-4 ක් කපා ඉවත් කිරීම සහ ගුහාවේ අයිතිය සටහන් කරන අක්ෂර වදන් යෙදීම සිදුවිය. දඹුලු ලෙන් මුඛයේ ඉහළ තොලේ විවිධ මට්ටම්වලට කැපූ කටාරම් ඇත. වැස්සේ තීව්‍රතාව කාලයෙන් කාලයට වෙනස් වීම සහ පහත ගොඩනැගිලි කොටස් මතට වැස්ස වැටීමෙන් ආරක්‍ෂා කිරීම සඳහා වැසි වසින විටම එහි කරන ලද නිරීක්‍ෂණ නිසා මෙසේ විවිධ මට්ටමට කටාරම් ඇත. දඹුලු ලෙනේ සමහරක් හැර සියලුීම කටාරම් අදද සක්‍රියය. ඊට අමතරව දඹුලු ලෙනට ඉහළින්, ගල මතුපිට කුඩා අඩියක් පමණ උස් වැටියක් බැඳ ඇති නිසා ගල මතුපිට වැහි වතුර වෙනත් පැත්තකින් ගලා යෑමට සලස්වා ඇත. වෙනත් ආකාරයකට ගුහා මිදුලට ස්වභාවයෙන්ම වැටුණ ජලයේ ප්‍රමාණයෙන් 90%ක්ම පමණ අද වැටෙන්නේ නැත. එය සරලව යෙදු ප්‍රශස්ත සංරක්ෂණ ක්‍රමයකි.

තනි ගුහාවක් වන දඹුලු ගුහාව පසු කාලයකදී බිත්ති බැඳ 1 වන ගුහාව (දේවරාජ ලෙන),’2 වන ගුහාව (මහාරාජ ලෙන), 3 වන ගුහාව (මහා අලුත් විහාරය), 4 වන ගුහාව (පච්චිම විහාරය) සහ 5 වන ගුහාව (දෙවන අලුත් විහාරය) ලෙස නම් කරනු ලැබීය. ඊට අමතරව 1 වන ගුහාවට දකුණු දෙසින් කුඩා කාමර දෙකක්ද, 3 වන ගුහාවේ සැතපෙන පිළිමයට පිටුපසින් කාමරයක්ද ඇත. 5 වන ගුහාවට පසුව ඇති විවෘත අවකාශයද වාහල්කඩ නිසා දසුනට අවහිර වන ගුහාවේ දකුණු අන්තය මෙම තනි ගුහාවට අයත්ය.

දඹුල්ල ගුහාව, ගලේ පිපිරීමක් වසර මිලියන ගණනක ඛාදනයේ ප්‍රතිඵලයක් ලෙස විශාලවීමකින් ඇතිවූවකි. 5 වන ගුහාව පසුකර අඩි 30ක් පමණ ඔබ්බෙන් බිත්ති බැඳ නැති, සිතුවම් ඇඳ නැති කුඩා ගුහාව, ස්වාභාවිකව ගුහාවක් විශාල වන අයුරු දැක ගැනීමට හොඳ උදාහරණයකි. මෙම ගුහාවේ ඇති පිපිරීම දඹුලු ගුහාව හා සම්බන්ධය. මෙම පිපිරීම තුළින් ගලා එන දිය සීරාවන් ඇති අතර පිපිරීම් මගින් ගල් කුට්ටි වෙන්වී ගුහාව විශාල වන විට මෙම කුඩා ගුහාව විශාල වන බව දැක ගත හැක. තව වසර මිලියන ගණනක් වන විට මෙම කුඩා ගුහාවද දඹුල්ල ගුහාව හා සම්බන්ධ විය හැකි යැයි අනුමාන කළ හැකිය. එහෙත් දඹුල්ලේ ගුහා සිවිලිමේ සිතුවම් දිහා බලන්නේ නම් පෙනීයන්නේ වසර 200-300ක් පුරා එහි සීලිමෙන් විශාල ගල් පතුරු කඩා නොවැටී ඇති බවය.

දඹුල්ල ප්‍රධාන ගුහා මුඛයේ ඉහළ තොලේ සීමාව (සිවිලිමේ සීමාව) තනි රේඛාවකි. එය ගුහාවේ දකුණු පැත්තේ, වාහල්කඩ පිටුපසින් පටන්ගෙන කෙමෙන් කෙමෙන් ඉස්සී 2 වන ගුහාව ළඟදී බිම සිට මීටර් 6ක් උසකින් ද, 4 වන ගුහාව තෙක් කෙමෙන් පහත් වී, 5 වන ගුහාවේදී ක්‍ෂණික පහත් වීමක් දක්වයි. ගුහා මුඛයේ යටි තොල සීමාවද 5 වන ගුහාව අසලදී වඩාත් පහතින් පටන් ගෙන 3 වන ගුහාව දක්වා ඉස්සෙයි. 3 වන ගුහාව සිට දෙවන ගුහාව දක්වා පහත්ව පිහිටන යටි තොලේ සීමාව 1 වන ගුහාවට සම්බන්ධ වන අයුරු ව්‍යාකුලයි.

දැනට භාවිත කරන දඹුල්ල ගුහාවේ බිම් සැලැස්මේ ද 1 වන සහ 2 වන ගුහා අතර විශාල ගල් කොටසක් ඇඳ ඇත. කෙසේ නමුත් මෙම බිම් සැලැස්ම ගුහා බිත්ති සීමා ගැන අවධාරණය කර සැදූ එකකි. එහි ගුහාවේ ස්වාභාවික පිහිටීම ගැන අධ්‍යයනය කර නැත. එය නවීන සිතියම් තාක්‍ෂණයේ ආධාරයෙන් නිවැරදිව කළ හැකි අත්‍යවශ්‍ය ජාතික කර්තව්‍යයකි.
කෙසේ වෙතත් 1 වන ගුහාව විශේෂිතයි. එනම් 1 වන ගුහාවේ මුඛයේ යටි තොලේ සීමාව ඇත්තේ සැතපෙන පිළිමයට උඩින්ය. 1 වන ගුහාවේ සැතපෙන පිළිමය නෙළීම උදෙසා භාවිත කරනු ලැබුවේ ගුහා මුඛයේ යටි තොලය. 1 වන ගුහාවේ දකුණු පැත්තේ ඇති හතරැස් පේළි 25 කින් සමන්විත නිශ්ශංකමල්ල රජ සමයට අයත් යැයි සැලකෙන ශිලා ලිපිය කොටා ඇත්තේ ද, එම යටි තොලේමය. එනම් 1 වන ගුහාවේ ඇත්ත උස (උඩු තොල හා යටි තොල අතර උස) අඩි 3ක් පමණය. සැතපෙන පිළිමය දෙපස ගල් කොටස් කපා ඉවත් කර බිත්ති බැඳීම නිසා එයට දැන් පෙනෙන උස ලැබිණි. වෙනත් අයුරකින් කිවහොත් ගල් විහාරයේ සැතපෙන පිළිමය නෙලූ ගල් වඩුවාගේ නෙළීමේ ක්‍රමවේදය හා සමීප සම්බන්ධතාවක් මෙහි ඇතැයි සිතේ.

ඒ සමඟම 1 වන ගුහාවේ අභ්‍යන්තරයේ සිට යටි තොල දිගේ වෑස්සෙන දිය සීරා නිසා එම ගුහාවේ සිතුවම් විනාශ වන්නේ අද ඊයේක සිට නොවේ. එයට හේතුව 1 වන ගුහාවේ ඇත්ත ගැඹුර අප නොදැනීම හා එහි දිය සීරාවන් ගැන නොදැනීමයි. ඊට අමතරව සමහර විට 2 වන ගුහාවේ බිම හෙවත් යටි තොලේ මට්ටම හා 1 වන ගුහාවේ යටි තොලේ මට්ටම එකම උසකින් ඇත.

දඹුලු ගුහාව තුළ හා පිටත ඇති පිපිරීම් එම ගලේ ස්වාභාවික ඛාදනයේ මුල් ලක්‍ෂණයන්ය.
2 වන ගුහාව තුළ සිවිලිමේ ප්‍රධාන ලෙස පිපිරීම් දෙකක් ඇත. එකක් ඇත්තේ 2 වන ගුහාවේ fදාරවල් දෙක අතර පිටත බිත්තියට ආසන්නවය. මෙම පිපිරීමෙන් දිය සීරාවක් තිබී ඇත. එම නිසා පිපිරීම දිගේ දෙපස ‘කටාරම්’ කපා මාළුන්ගේ රූප සිත්තම් කර ඇත. එහෙත් අද වන විට එයින් දිය වෑස්සෙන්නේ කලාතුරකිනි.
2 වන පිපිරීම ඇත්තේ දකුණු පැත්තේ මධ්‍යයට වන්නටය. මෙම පිපිරීම වටාත් ‘කටාරම්’ කපා ජලය පැතිරීම අවම කර ඇති අතර මෙහි ද මා`ථවන්ගේ රූප සිත්තම් කර ඇත. මෙම පිපිරීම් තුළින් දිය සීරාවක් ඇත.

About