රාවය

ළමා මනස විකෘති කළ අයිඑස් රෙජීමය

ළමා මනස විකෘති කළ අයිඑස් රෙජීමය

පන්නරය

සදාම් හුසෙන්ගේ ආණ්ඩුව, ගෝලීය සාමයට තර්ජනයක් වනු ඇතැයි සැකකොට, ඇමරිකාව ප්‍රමුඛ මිත්‍ර හමුදා විසින් 2003 වසරේදී ඉරාකය ආක්‍රමණය කරනු ලැබීය. සිය නායකයාගේ මරණයෙන් පසුව, සදාම් හුසේන් හිතවාදීන් විසින් “ඉරාකයේ අල්කයිඩාව” නමින් රහසිගත ත්‍රස්ත සංවිධානයක් ගොඩ නඟන ලදී. සදාම් විරෝධියෙකු වූ සූර් අල් මලිකි, 2006 මැයි 20 දින නව ආණ්ඩුවක් පිහිටුවීමත් සමඟම “ඉරාක් අල්කයිඩාව” එම රජයට එරෙහිව තැන තැන ප්‍රහාර දියත් කිරීම ඇරඹීම 2007 දී ඇමරිකානු හමුදා වැඩි වැඩියෙන් ඉරාකයට යැවූ, ජෝජ් ඩබ්ලිව් බුෂ් ඇමරිකානු මිලටරි බලය යොදා “ඉරාක අල්කයිඩාව” නිර්දය ලෙස මර්දනය කළේය. අරාබි වසන්තයේම කොටසක් ලෙස සිරියානු ජනපති බෂාර් අල් අසාද්ට එරෙහිව පොදු ජනතා උද්ඝෝෂණ ඇරඹුණේ 2011 ජනවාරි 26 දාය. එම විරෝධතා මිලිටරි බලය යොදා පාගා දැමීමට අසාද් කටයුතු කළ හෙයින් 2012 මැද වනවිට උද්ඝෝෂකයින් හා සිරියානු රෙජීමය, අති දරුණු සිවිල් යුද්ධයකට අවතීර්ණ වීම නොවැළැක්විය හැකි විය. සිරියානු සිවිල් යුද්ධය ඇවිල යන අතරතුරේ ඉරාක් අල්කයිඩාවෙන් ඉතුරු වුණු සටන්කාමීහු සිරියාවට පැමිණ අයි.එස් ත්‍රස්ත ව්‍යාපාරය එරට ස්ථාපිත කළහ. මොවුන්ගේ ඒකායන අරමුණු වූයේ දැඩි අන්තවාදී ඉස්ලාම් දහමක් ලොව පුරා පතුරාලීමයි. ෂියා මුස්ලිම් නිකායට අයත් ඉරාක සහ සිරියානු ආණ්ඩු සුන්නි මුස්ලිම්වරු විනාශ කිරීමට සැළසුම් කරන වග ප්‍රචාරණය කරමින්, සිය සංවිධානයට දස දහස් ගණනින් සාමාජිකයින් බඳවා ගැනීමට අයි.එස්. ත්‍රස්තයෝ සමත් වූහ.

මුස්ලිම් රාජ්‍යයක් ගොඩනැගීම
2014 වසර එළැඹෙත්ම, සිරියාවේ හා ඉරාකයේ වර්‍ග කිලෝමීටර් 282485ක භූමි ප්‍රමාණයක සිය අණසක පතුරුවන්නට අයි.එස් ත්‍රස්තයෝ සමත් වූහ. 2011 දී ඇමරිකානු හමුදා ඉරාකයෙන් ඉවත්ව යාමත් සමඟ ශක්තියෙන් දුර්වල ඉරාක හමුදාවලට සැනෙකින් පහරදී ඔවුන් සතුව තිබූ (ඇමරිකාව විසින් සහමින් සපයන ලද) නවීන අවි ආයුධ සියල්ල උදුරාගැනීමට අයි.එස් සටන්කාමීන්ට හැකි විය. ඒ අනුව, ඉරාක තෙල් හොර වෙළෙඳපොළවලට විකුණා උපයා ගත් ධනයෙන් හා සිය අසීමිත මිලිටරි බලයෙන්, මිලියන 10ක පමණ සිවිල් ජනගහණයක් ඉස්ලාමීය රාජ්‍යය යටතේ පාලනය කිරීමට අයි.එස්. ත්‍රස්තයෝ ක්‍රියා කළහ. එහෙත් රුසියානු හා ඇමරිකානු යුද ආධාර ලබාගෙන අයි.එස් ත්‍රස්තයින්ට එරෙහිව දියත් කළ මිලිටරි මෙහෙයුම ඔස්සේ, ඉරාක හමුදාව 2017 ජුලි 10 දින සටන්කාමීන්ගේ ප්‍රධාන බලකොටුව ලෙස පැවති මෝසුල් නගරය අත්පත් කර ගැනීමට සමත් විය. යුදමය වශයෙන් අයි.එස්. ත්‍රස්තයින්ව පරාජය කළ හැකි වුවද, ඔවුන් යටතේ වසර 03ක් පමණ රැඳුණු ළමා සොල්දාදුවන්ගේ සහ මුස්ලිම් යෞවනයින්ගේ විකෘති වූ මනස නැවත ප්‍රකෘති තත්ත්වයට ගෙන ඒම, හිතන තරම් ලෙහෙසි පහසු කාර්යයක් නොවේ.

යුද මානසිකත්වය
2014 සිට 2017 දක්වා ගෙවුනු වසර ත්‍රිත්වය තුළ සිරියාව හා ඉරාකය තුළ සිය පාලනය යටතේ තිබූ පාසල් සියල්ලේ විෂය නිර්දේශය ජිහාඞ් අන්තවාදයට ගැළපෙන අයුරින් සංශෝධනය කිරීමට අයි.එස් ත්‍රස්තයෝ පියවර ගත්හ. ඉතිහාසය හා සාහිත්‍යය යන විෂයයන් ඉවත්කොට අරාබි භාෂාව, ගණිතය සහ ජිහාඞ් ඉස්ලාම්වාදය දරුවන්ට උගන්වනු ලැබිණි. අනෙක් ඉස්ලාමීය නිකායවලට අයත් මිනිසුන් මෙන්ම වෙනත් ආගම් අදහන පුද්ගලයින් අදේවවාදීන් ලෙස සළකා දුටු තැන මරා දැමිය යුතුයැයි මොවුහු, කටේ කිරි සුවඳ පවා නොමැකුණු දරුවන්ට ඉගැන්වූහ. එක ඇපල් ගෙඩියක් තවත් ඇපල් ගෙඩි දෙකකට එකතු කළ විට උත්තරය ඇපල් ගෙඩි 03කි යන ගණිත පාඩම අයි.එස් විෂය මාලාව යටතේ රැඩිකල් වෙනසකට බඳුන් විය. එක පතොරමක් තවත් පතොරම් දෙකකට එකතු කළ කළ විට උත්තරය පතොරම් 03කි. අවි ආයුධ අදාළ කරගනිමින් ඉගැන්වුන මේ ගණිත පාඩම් දැක මෙකී පාසල් ළමුන්ගේ මව්පියෝ මහත් බියට පත් වූහ. එතැනින් නොනැවතුනු අයි.එස් සටන්කාමීහු, පුළුල් තිර සකසා අයි.එස් වීරකම් හා සැහැසිකම් ප්‍රදර්ශනය කෙරෙන වීඩියෝ චිත්‍රපටි ළමයින්ට හා ගුරුවරුන්ට නොකඩවාම පෙන්වූහ. අල්ලා දෙවියන් නියමානුකූලව නොඅදහන පාපතරයින්ගෙන් නගර හා ගම්බිම් මුදවාගෙන එම අදේවවාදීන් දස වද දී මරාදමන ආකාරය චිත්‍රපටිවලින් දුටු ළමයි, අයි.එස් වරු තම වීරයන් හා පරමාදර්ශී චරිත ලෙස අදහන්නට පුරුදු පුහුණු වූහ. ගැහැනුන් මුළු සිරුරම ආවරණය වන පරිදි සිය ඇඳුම් පැළඳුම් සකස් කරගත යුතු බවත්, නාඳුනන පිරිමින් සමඟ කථා බහ නොකළ යුතු බවත් පුන පුනා කියමින් දරුවන්ගේ මොළ සේදීමට අයි.එස් ත්‍රස්ත පාලනාධිකාරය ක්‍රියා කළේය. අයි.එස් රෙජීමයේ යුද පරාදයත් සමඟ ඔවුන්ගේ පාලන ප්‍රදේශවල සිටි සිවිල් වැසියන් දකුණු තුර්කිය හා උතුරු ඉරාකයට පැනයාම නොවැළැක්විය හැකි විය. වසර 03ක් අයි.එස් විෂය මාලාව හැදැරූ බහුතරයක් දරුවන් වත්මනහෙි යුනිසෙෆ් සංවිධානය විසින් තුර්කියේ රෙහාන්ලි නගරයෙහි ස්ථාපිත කළ පුනරුත්ථාපන පාඨශාලාවේ අධ්‍යාපනය ලබමින් සිටිති.

පුනරුත්ථාපන ක්‍රියාවලිය
රෙහාන්ලි නගරයේ ධනවත් රෙදි වෙළෙන්දෙකු වන රායිඞ්, තම අක්කා,ඇගේ සැමියා හා දරුවන් තිදෙනාව අයි.එස් ග්‍රහනයෙන් මුදාගෙන සිය සුවිසල් නිවසට කැඳවාගෙන ආවේ 2017 ජනවාරියේදීය. 10 හැවිරිදි ඊබ්‍රාහිම්, දොළොස් හැවිරිදි මොහමඞ් හා 16 හැවිරිදි සලීම් යන සොයුරියගේ පිරිමි ළමයි තිදෙනා තවමත් දැඩි අන්තවාදී අදහස් දරන වග තමන්ට දැනේ යැයි රායිඞ් අවධාරණය කරයි. මොවුන්ට අයි පෑඞ් පිරිනමා, අන්තර්ජාලය හරහා කලාව, සාහිත්‍යය හා සැබෑ ඉස්ලාම් දහම ඉගැන්වීමට තමා දැඩි වෙහෙසක් දැරූවද, ඔවුන් තවමත් ත්‍රාසජනක සටන්
මේ ගල් කන්ද අපිට මොකටද? අපි මෙච්චර හොඳට වතුර තියෙන ඉඩම දාලා කීයටවත් මෙතැනින් යන්නේ නැහැ. අනික ඔය ඉඩම්වලට අපේ ගමේ සමහර මිනිස්සුන්ට බලපත්‍ර තියෙනවා. එතකොට මෙතැනත් කරන්න හදන්නේ බේදයක් හදලා පානම දෙකට කඩලා දයාගේ වැඬේ කරගන්න. අපි ඕවාට අහුවෙන්නේ නැහැ කියලාත් කියන්න ඕනෑ. අනික දැන් අපි ආයෙත් අධිකරණයට යන්න තීරණය කරලා තියෙනවා. මේ අනවසරයෙන් ඉන්න හමුදාව අයින්කරලා දෙන්න කියලා කියන්න.” මේ හඬ පානම සුරැකීමේ සංවිධානයේ කැඳවුම්කරු පුංචිරාළ සෝමසිරිගේ ය.

යකාට පල
“මේ වැලි වගේ ඕකුන් දුහුවිලි වෙන්න ඕනි” ඇය සුදු සුසිනිඳු වැලි දෝතක් ගෙන ඉහළට විසිකරන්නී හඬා වැටෙන්නීය. ඇය තම ආබාධිත දරුවා සමඟ මේ වැල්ලේ පොල් අතු සෙවිලිකළ මඩුවේ දිවි ගෙවන්නීය.
“අපි මේ ඉඩමේ හේන් කළේ 1970 අවුරුද්දේ ඉඳලා. අපේ තාත්තාට මේ ඉඩමේ අක්කර 5ක් තිබුණා. දැන් මේ දයා ගමගේ මේ ඉඩම් අපිට ආයෙත් දෙන එක නතර කරලා. අපිට මේ ඉඩම් ලැබුණේ නැත්තං මහපාර තමයි. මටයි මගේ දරුවාටයි යන්න තැනක් ගොවිතැනක් කරගන්න ඉඩමක් නැහැ. අනික එලවන්න ආවොත් මරාගෙන මැරෙන එක ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ. මමයි මගේ දරුවායි දැන් වතුරයි බතුයි කන්නේ. අපිට කරපු දේට ඕකුන්ට හෙණම ගහන්න ඕනි.” ඇය තිලකාවතීය. නැවත නැවතත් දෙස් දෙවොල් තබමින් ඇය කරන්නේ හඬා වැටෙන එකය.
2010 පිටමං කළ දින සිට මේ වනවිට බොහෝ කල් ගතවී ඒ අත්පත් කරගැනීම කළ රෙජිමයද වළපල්ලට ගොස් ඇත. එහෙත් මේ මිනිසුන්ට ඒ රෙජීමයෙන් වූ වරද නිවැරදි කරන්නට යහපාලනයට තවමත් හැකිවී නැත. ඒ යහපාලනයේ ප්‍රමුඛයෝ ද ව්‍යාපාරිකයන් ලෙස මේ ඉඩම් අර්බුදයට මැදිහත්වෙමින් බොරදියේ මාළු බාන්නට පටන්ගෙන තිබෙන නිසාය. දයා ගමගේගේ ව්‍යාපාරික උවමනාවන්ටද මේ අහිංසකයන්ගේ ජීවත්වීමේ අවස්ථාවටද යහපාලනය ප්‍රමුඛතාව දෙන්නේ යන්න අගමැතිවරයා මෙන්ම ජනපතිවරයාද තීරණය කළ යුතුය. දැන් මේ මිනිස්සු නාවික හමුදාව හෝටල් තනාගෙනද විශාල කඳවුරු නිර්මාණය කරගෙනද සිටින තමන්ගේ භූමියට ඇතුල්වීමට සූදානමින් සිටිති. මේ තවත් විනාශයක පෙරනිමිතිද? ආණ්ඩුව කල්පනා කළයුතුය. එනිසා ක්‍රියාත්මක කිරීම ප්‍රමාද කළ කැබිනට් තීරණය ක්‍රියාත්මක කිරීමට දැන්වත් ආණ්ඩුව ක්‍රියාත්මක විය යුතුය.■