රාවය

අතිශයින් විවාදිත ලක්ෂපතිආරච්චි

අතිශයින් විවාදිත ලක්ෂපතිආරච්චි

දිලීප අබේසේකර

එක් රැයක අප නිවසේ පිටත බිත්තිය අතිවිශාල රිදී තිරයක් බවට පත්විය. මිදුල සීමිත ප්‍රේක්ෂකාග ාරයක් බවට හැරුණි. අනතුරුව එහි අලුතෙන් එන්නට නියමිතව තිබුණු ‘අජාසත්ත’ (1981) චිත්‍රපටය තිරගත කරනු ලැබිණ. එය සිදුව ඇත්තේ මෙලෙසිනි: ප්‍රකට නිවේදකයකු වූ මගේ පියා ලවා එම චිත්‍රපටය සඳහා ප්‍රචාරක වැඩපිළිවෙළක් සකස් කරගැනීමට එහි නිෂ්පාදන කණ්ඩායමට අවශ්‍ය වීලු. එහෙත් එවකට සිය ක්ෂේත්‍රයෙන් මඳක් ඈත්ව සිටි ඔහු ඊට වැඩි උනන්දුවක් නොදැක්වූයෙන් ගෙදරටම ප්‍රොජෙක්ටරයක් ගෙනැවිත් චිත්‍රපටය පෙන්වාම, කාරණාව ඒත්තු ගන්වන්නට ගත් උත්සාහයකි ඒ. පසුව එම චිත්‍රපටය බොහෝ ජනප්‍රියව ආදායම් වාර්තා ද තැබූ අතර සිද්ධිය පසුපස සිටි මහමොළකරු වූයේ නිමල් ලක්ෂපතිආරච්චිය.
1992ටත් පසුව එළැඹෙන අපේ බහුවිධ ජනමාධ්‍ය අත්දැකීම තුළ මෙතෙක් හමුවන ප්‍රබලතම මෙන්ම අතිශයින් ආන්දෝලනාත්මක චරිතය බවට, ලක්ෂපතිආරච්චි පත් කරන තීරණාත්මක චරිත ලක්ෂණය මේ අප්‍රකට සිද්ධියෙන් ඉස්මතු වේ. ඔහු මොහොත හඳුනාගත්තෙකි. ඒ මොහොතේ අවශ්‍යතාව ඔහු කෙසේ හෝ සපුරාලන්නේය. මෙය ජනසන්නිවේදනයේ තබා රටක් හැටියටද දැන් අප අතර සුලබ ලක්ෂණයක් නොවේ. එසේ කරන්නා පුරවහරේදී ‘උනන්දුවකු’ ලෙස හැඳින්වෙයි. ජනමාධ්‍ය නියමුවකු හැටියට ලක්ෂපතිආරච්චි ගත් බොහෝ තීරණ අතිසාර්ථක වූ අතරම විවාදාත්මක ප්‍රතිඵල ගෙනා අවස්ථාද විරල නොවීය.

ඔහු ඉතා අඩු වයසින් ශ්‍රී ලංකා ගුවන්විදුලි තාක්ෂණික අංශයේ රැකියාවකට බැඳුණෙකි. ගුවන්විදුලියේ ස්වර්ණමය යුගයේ අවසානයත් රූපවාහිනී මාධ්‍යයේ ප්‍රාරම්භයත් සනිටුහන් වූ ඒ සමය නිර්මාණශීලී, තාක්ෂණික නැඹුරුවක් ඇති ගැටවරයකුට ආස්වාදජනක වූවාට සැක නැත. ගුවන්විදුලියේත්, රූපවාහිනියේත් දැවැන්තයන් අතර ඔහු සැරිසරයි. ආකර්ෂණීය කටහඬක් හිමි බැවින් හඬ නළුවකු බවට පත්වේ. ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනගේ විදේශ සංචාර වාර්තා කරන ගුවන්විදුලි ශිල්පීන් කණ්ඩායමේ සාමාජිකයකු වන අතරම නිහාල් සිල්වාගේ සුප්‍රකට ‘සාජන්ට් නල්ලතම්බි’ නාට්‍ය කල්ලියේද බර අදින්නේය. චිත්‍රපට හා ටෙලිනාට්‍යවල සුළු චරිත රඟපාමින්, ඒවා දුවවමින් බොහෝ අත්දැකීම් ලබාගන්නා ඔහු කලක් දනව්වල ජනතාව අතර සූර්ය බලශක්තිය ප්‍රචලිත කරන ආයතනයකත් සේවය කරයි.

රේඩියෝ ලක්ෂපති
ලක්ෂපතිආරච්චිගේ හොඳම මොහොත උදාවන්නේ 1994 සිරස නාලිකාව මෙරට ගුවන්විදුලි තරංග අතරට එක්වීමත් සමඟය. ඒ වන විට පෞද්ගලික නාලිකා හඳුන්වා දී තිබුණත් ගුවන්විදුලිය නම් ප්‍රබල ජනමාධ්‍යය හා කලාව වැටී තිබුණු දුර්දාන්තය සිහිපත් කරනු වටී. 1925 සිට පැවත එන ගෞරවනීය ශ්‍රී ලංකා ගුවන්විදුලිය, සම්පූර්ණයෙන්ම දේශපාලනිකකරණයට ලක්ව කෙතරම් නිෂ්ඵල සේවාවක් වීද යත් රට තුළ ප්‍රකට කියමනක් වූයේ රේඩියෝව දමන්නේ මරණ දැන්වීම් අසන්නට පමණක් බවය. සිරස ඒ අසන්නන් ප්‍රජාව දිනාගත්තේ නිතරගයෙනි.
එහි නැවුම් හා ආකර්ෂණීය ප්‍රවේශය නිසා රේඩියෝව අලුත්ම මාධ්‍යයක් ලෙසයි එකල තරුණ පරම්පරාවට දැනුණේ. පෙර අසා නොතිබුණු හඬවල්, වඩාත් පැහැදිලි තරංගමාලා ඔස්සේ ඇසෙන්නට විණි. සුහුඹුල් එහෙත් සුපුහුණු නිවේදක නිවේදිකාවෝත්, කැසට් යුගයෙන් සීඩී යුගයට එළැඹෙමින් සිටියද රජයේ ගුවන්විදුලිය නෑසූ කන්වැ සිටි තරුණ ගායක ගායිකාවෝත් එක් රැයින් සිරස හරහා ජනප්‍රසාදය දිනා ගත්හ. ලිහිල් බසින් පැයෙන් පැයට පුවත් කියැවුණු අතර අසන්නන්ට දුරකතන මාර්ගයෙන් කෙළින්ම සිරස විකාශයට සම්බන්ධ වන්නට ඉඩ ලැබිණි.
මේ සියල්ල පසුපස සිටි ලක්ෂපතිආරච්චි කළේ විශ්ව කර්මයක් නොවේ. 1970 ගණන්වල ආකෘතියක නැවතී සිටි ශ්‍රී ලංකා ගුවන්විදුලියේ සාධනීය ලක්ෂණ සහිත අංග, රසවින්දනයට මුල්තැන දෙමින් 90 දශකය දක්වා යාවත්කාලීන කිරීමය. දුරකතන තාක්ෂණය අතීතයේ තිබුණත් ගුවන්විදුලිය ඉන් එබඳු ප්‍රයෝජනයක් ගත්තේ නැති. ප්‍රේමකීර්තිලා පුරුදු කළ නිදහස් සන්නිවේදන ආර සිරස සිය ලකුණ කරගත්තේය. කොටින්ම සිරසේ ප්‍රමුඛ කාර්ය බලමුළුව සමන්විත වූයේ ශ්‍රී ලංකා ගුවන්විදුලියේම පුහුණුව ලැබ, අවස්ථාවක් නොලද ශිල්පීන්ගෙන් හා කලෙක එය බැබළවූ ප්‍රකට චරිතවල දරුවන්ගෙනි. නිහාල් වික්‍රම එදිරිසූරිය, කැලුම් ශ්‍රීමාල්, කිංස්ලි රත්නායක, තමාලි පීරිස්, සුරංගි ද අල්විස් වැන්නන් සිරස තුළින් තරු ලක්ෂණ ඇති නිවේදක පරම්පරාවක් ලෙස අනන්‍යතා ගොඩ නගා ගත්හ.

කෙසේ වෙතත් එය වාණිජ විකාශයක් බව අමතක කළ යුතු නොවේ. පොදු ජනතාවගේ ශ්‍රාවකත්වය පිළිබඳව දශක ගණනාවක් තිස්සේ රට තුළ තිබුණු අත්දැකීම් හා දැනුම පරිහරණය කරමින් අන් සියලු නාලිකා අබිබවා ඔවුනට වඩාත් සමීපවීමට හැකිවූයේ ලක්ෂපතිආරච්චි ප්‍රමුඛ සිරසටයි. මිනිසුන්ගේ දින චර්යාව අනුව සිරස කාලසටහන සකස් විය. උදෑසන ඉතා ප්‍රබෝධමත් සජීවී සංවාදවලින්ද, දහවල නිද්‍රාශීලී නොවූ සංගීත රිද්මයෙන්ද, හැන්දෑව හා රාත්‍රිය සරල වින්දනාත්මක වැඩසටහන්වලින්ද අසන්නන් පිනවමින් නොබෝ කලකින් විසිහතර පැයේම ඔවුන් තම වසඟයේ තබාගන්නට මේ අලුත් නාලිකාව සමත් විණි. ‘සූරිය සිරස’, ‘ලොවෙන් කැදැල්ලට’, ‘සත්වැනි දවස’ ආදි චිත්තරූප මැවෙන නම්වලින් එම කාලසීමා හඳුන්වනු ලැබූ අතර සිරස විකාශය වූ එෆ්.එම්. තරංගමාලා සංඛ්‍යාත ජනතාව අතර ප්‍රචලිත කරන්නට ලක්ෂපතිආරච්චි යොදා ගත්තේ අද ඉතා සුලබ, එවකට සිතාවත් නොතිබුණු අපූරු, සරල ක්‍රමයකි: ඒ කාලයෙන් කාලයට ජනප්‍රියත්වය දිනාගන්නා ගායක ගායිකාවන්ගේ හඬින් ඒවා තාලයට ගායනා කිරීමය.
රූකාන්ත හා කපුගේ සිරස ඔස්සේ ඇසුණු දැවැන්ත ගායන පෞරුෂ යුග්මයයි. ඒ මැද්දෙන් දිවුල්ගනේ, නිරෝෂා විරාජිනී, නාමල් උඩුගම, අතුල-සමිතා, වේරලියද්ද, අසංක ප්‍රියමන්ත, ප්‍රින්ස් උදය ප්‍රියන්ත ආදි අලුත් ගායක ගායිකා පරම්පරාවකට ඉඩ සෑදිණ. ‘රස රිසි ගී’ නම් සති අන්ත ගීත දර්ශක වැඩසටහන් කෙතරම් ජනප්‍රිය වීද යත් ප්‍රවීණ ගායක ගායිකාවෝ ද ඊට එක්වන ගීයක් අලුතින් නිර්මාණය කර තවත් පරම්පරාවක සිත් දිනාගන්නට උත්සුක වූහ. රේඩියෝවේ ඉතාම ආකර්ෂණීය අංගය ගීතය බවත්, සිංහල සින්දු නිෂ්පාදනය වන්නේ මෙරට තුළ පමණක් බවත් අමතක නොකළ ලක්ෂපතිආරච්චිගේ ‘අලුත් සිංදු’ වැඩසටහනෙනි, භාතිය-සන්තුෂ්ලාගේ බොහෝ ගීත හා කසුන් කල්හාරගේ නව යොවුන් හඬ මුලින්ම අසන්නන් අතරට ආයේ.

ජනතා අවධානය දිනාගන්නා විශේෂ කාරණා පිළිබඳව ලක්ෂපතිආරච්චි දැක්වූයේ දැඩි උනන්දුවකි. ‘සුළං කපොල්ල’ ඔස්සේ ගවේෂණාත්මක වාර්තාකරණය ඔහු අපූරුවට රේඩියෝවට ගැළපූ අතර ඒ හරහා නිර්භයව අදහස් පළකිරීමේ ප්‍රවණතාවට ජනතාව හුරු වූ බව අනුමාන කළහැකි වේ. රට තුළ වූ අවිනිශ්චිත වාතාවරණය හේතුවෙන් හටගත් සිදුවීම් වෙත ඉක්මනින්ම ගියේ සිරසයි. ස්වාභාවික ආපදා හමුවේ ජනතා සහයෝගය එක්රැස් කිරීමේ, දැන් විලාසිතාවක් තරමට දිග්ගැස්සී ඇති ක්‍රියාවලියට සිරස විසින් දියත් කරන ලද සහන වැඩසටහන් නිමිති විය. එක් අවස්ථාවක සිරස හරහා කළ ශ්‍රමදානයකින් සාදා දුන් කුඩා අතුරු පාරක් ‘සිරස මාවත’ නමින් ගාල්ල ප්‍රදේශයේ දැනුදු දක්නට ලැබේ. වැදගත් ජාතික උත්සවයක් නිමිති කරගෙන සිරස කළේ කොළඹ නගර ශාලාව ඉදිරිපිට පාරේ ‘රජ මහා කිරිබතක්’ සාදා ජනතාවට බෙදාදීමය.

රේඩියෝවේ අත්දැකීම ගෙදර තිබෙන යන්ත්‍රයෙන් එළියට ගන්නා අතරම ගුවන්විදුලි කලාව තුළ කළ හැකි අත්හදා බැලීම් ගණනාවක් සිරස හරහා විටින් විට ජනගත විණි. ‘අවේලාවේ ගමන’ නම් වැඩසටහනකින් වරක් සිරස කණ්ඩායම බොරැල්ල කනත්තේ රැයක් පහන් කරමින් එසැණ විකාශයක් ඉදිරිපත් කළේය. ඉන් මැවුණු අත්දැකීම් කෙතරම් තීව්‍ර විද යත් එදා රෑ අසන්නන් ගෙදරින් පිට තිබූ වැසිකිළියටවත් යන්නට මැලිවූ බව කියනු ලැබේ. මේවා ශ්‍රී ලංකා ගුවන්විදුලියේ අතීත අත්දැකීම් මත පදනම් වූ බව නොරහසකි.

සැහැල්ලු භාෂා භාවිතය, සුපුරුදු ගුවන්විදුලි සම්ප්‍රදායෙන් පිට පැනීම වැනි බරපතළ විවේචන එල්ල වුවද සිරස හෝ ලක්ෂපතිආරච්චි හෝ නොවේ ඒ කිසිවකට උත්තර බැන්දේ.
කෙසේ වෙතත් සිරස මෙරට ගුවන්විදුලි මාධ්‍යයේ කිසියම් පුනරුදයක් ඇති කළ බව අප හඳුනාගත යුතුය. ඒ පසුපස ඉතා ඉක්මනින් පැන නැගුණු අනෙකුත් රේඩියෝ නාලිකා ගණන සලකා බැලීමෙන්ම එය තහවුරු වේ. ඉන් බොහොමයක් සිරස අනුකාරකයි. එහෙත් ඊට වඩා වෙනස් ආකෘතියකින් යුත් ලක්හඬ වැනි නාලිකාද බිහිවූ බව සිහිපත් කළ යුතුය.

ටීවී ලක්ෂපති
රේඩියෝවට තැබූ අත ටෙලිවිෂනයට තියන්නට ලක්ෂපතිආරච්චිට වැඩිකල් ගත නොවී, සිරස ටීවී පටන් ගන්නා විට තවත් පෞද්ගලික නාලිකා තිබුණත් ඒවාට ජාතික රූපවාහිනියේ ලක්ෂණවලින් නොමිදී සිටිනු නොහැකි විය. එහෙත් සිරස එෆ්.එම්. ආකෘතියටයි ඔහු සිරස ටීවී ගොඩනැගූයේ. සිත්ග න්නා විලාසිතාවලින් සැරසුණු නාරද බක්මීවැව, තනුජා ජයවර්ධන, නදී වාසලමුදලිආරච්චි වැනි තරුණ ඉදිරිපත් කරන්නන්ගේ සැහැල්ලු සංවාදමය වැඩසටහන්වලට එසැණින් දුරකතනයෙන් සම්බන්ධවීමේ අද සුලබ රටාවත්, තරගකාර ‘ගේම් ෂෝ’ සංකල්පයත් කරළියට ආවේ සිරස තිරයෙනි. එහෙත් ඒවා නිකම්ම නිකම් සල්ලාප නොවීය. ලක්ෂපතිආරච්චිගේ මාධ්‍ය භාවිතය විචාරයට ලක් කළ එවකට ප්‍රබල විකල්ප කණ්ඩායමක් වූ එක්ස් කණ්ඩායමේ සාමාජිකයනටද ඒවා විවෘත වූ බව මතක් කළ යුතු වේ. නිලේන්ද්‍ර දේශප්‍රිය වැනි සිනමාව ප්‍රමුඛ දෘශ්‍ය මාධ්‍යයන්හි එවකට සිටි අතිදක්ෂයන් ලක්ෂපතිආරච්චි මේ නාලිකාවට සම්බන්ධ කරගත්තේය.

සිරස ටීවී හරහා ඉන්දියානු ටෙලි නාට්‍ය පැමිණීමේ ප්‍රවණතාව මුලසිටම පැවතුණි. එහෙත් ලක්ෂපතිආරච්චි එය හැකිතරම් ප්‍රමාද කරන්නට උපක්‍රම සෙව්වේය. බැරිම තැන ඒවා අනුසාරයෙන් දේශීය නළු නිළියන් යොදවා සෑදූ ටෙලිනාට්‍ය පෙන්වන්නටයි ඔහුට සිදුවූයේ. මේ අතර රේඩියෝවෙන් හඳුන්වා දී තිබූ සෞඛ්‍යය, රූපලාවණ්‍යය, ගේදොර අලංකරණය, මෝටර් කාර්මික ක්ෂේත්‍රය ආදි විවිධ විෂයනට අදාළ වැඩසටහන්වල රූපමය අත්දැකීම සිරස ටීවී හරහා කෙතරම් ප්‍රචලිතවීද යත් ඒවා තිරෙන් පිටත මහා ප්‍රදර්ශන බවට පරිවර්තනය වීම ලක්ෂපතිආරච්චි ශූර අලෙවිකරුවකු ලෙස කැපී පෙනෙන්නට හේතුවිණි. ඇත්තටම ඔහු කළේ ගෙදරින් පිටත විනෝදාත්මක අත්දැකීම්වල අහේනියකින් පෙලුණු ජනතාව වෙත කිසියම් ක්‍රියාකාරකමක් ගෙන යෑමය. ඉන් බොහොමයක් වෙනත් රටවලින් උපුටා ගත් දෑ වුවත් ඒවා අනුවර්තනය කරගැනීමේ අපූරු දක්ෂතාවකි ඔහු සතුවූයේ.

වසර 2000 වන විට ලොව පුරා අලුත්ම ටෙලිවිෂන් අත්දැකීම බවට පත්වෙමින් තිබුණු රියැලිටි ටීවී කලාව මෙරටට ගෙන ඒමට උනන්දුවූවන් අතර මුලින්ම සිටියේ ලක්ෂපතිආරච්චියි. එකල එහි ප්‍රියතම වැඩසටහන වූ ‘හූ වොන්ට්ස් ටු බී අ මිලියනයර්’ ලංකාවේදී ‘ඔබද ලක්ෂපති මමද ලක්ෂපති’ වන්නේ ඔහු එය මෙහෙයවන්නට සිටි නිසාය.
ටෙලිවිෂන් තිරයේ පෙනී නොසිට, රේඩියෝවෙන් කතා නොකර රටම දන්නා චරිතයක් වූ නිමල් ලක්ෂපතිආරච්චි මහරාජා ආයතනය ප්‍රමුඛ ව්‍යාපාරික ලෝකයේ සුරතලකුව සිටියේ ඕනෑම කටයුත්තකදී ඔහු දැක්වූ ඔහු විරල ගණයේ ශක්‍යතාව නිසා බව නොරහසකි. සමාගම් අධ්‍යක්ෂවරයකු ලෙස ලෝකය පුරා සැරිසරමින්ද, සුදර්ශියේ මිතුරු සමාගමයෙන්ද ඔහු අදහස් උකහා ගත්තේය. එහෙත් මේ දෙඅන්තයේ සම්බන්ධකම් විටින් විට දෙපොළෙන්ම නුරුස්සන්නට ඇතැයි අනුමාන කළ හැකි වේ.

හදිසියේම සිරසෙන් එළියට බසින ලක්ෂපතිආරච්චි නැවත පටන් ගත් තැනට යන්නේය. ශ්‍රී ලංකා ගුවන්විදුලියේත්, ජාතික රූපවාහිනියේත් අධ්‍යක්ෂ ජෙනරාල් ධුරවල එකවර කටයුතු කිරීමේ විරල අවස්ථාවකි ඔහුට ලැබෙන්නේ. ඒ සමය තුළ එම ආයතන බොහෝ දුරට යාවත්කාලීන වූ අතර සෑහෙන තරමක ආදායම් වර්ධනයක් පෙන්වන්නටද සමත් විය. එකල වෙසක් උත්සවයක් නිමිති කරගෙන ඔහු ගෙන ආ ‘බෞද්ධාලෝක වෙසක් කලාප’ සංකල්පය මේ වනවිට ජාතික වෙසක් සැමරුම් උත්සව අතර නැතුවම බැරි අංගයක් වී තිබේ.

මෙතැන් සිට ජන සන්නිවේදනය සම්බන්ධයෙන් මෙරට සිදුවූ සැලකිය යුතු ව්‍යාපෘති සැම එකකටම පාහේ නිමල් ලක්ෂපතිආරච්චිගේ දායකත්වය හෝ උපදේශකත්වය හෝ ලැබිණි. විද්‍යුත් සන්නිවේදනය, චන්ද්‍රිකා තාක්ෂණය වැනි ක්ෂේත්‍ර පිළිබඳ ඉංජිනේරුවකු හා කරට කර තබනු හැකි ප්‍රායෝගික අත්දැකීම් තිබුණු ඔහු ඩයලොග් සමාගමේ දැවැන්ත ක්‍රියාකාරකම්වල සිට බිම් මට්ටමේ පොදු ජන සුබසාධක සන්නිවේදන කටයුතු වෙනුවෙන්ද නිර්ලෝභීව සිය දැනුම ලබා දුන් බව ප්‍රකට කාරණාවකි. අතීතයේ මෙරට ප්‍රබල වින්දන මාධ්‍ය වූ සඟරා කලාවත්, සිනමාවත් යාවත්කාලීන කළ හැකි සැලසුම් ඔහුට විය. සර්කස් සංදර්ශන මෙන් කලින් කලට ගමින් ගම යන සිනමා ශාලා ව්‍යාපෘතිය ඉන් එකක් වේ.

හිරු ටීවී ලක්ෂපතිආරච්චිගේ අවසන් මෙහෙයුම වූයේය. නිතරම ඊළඟට සිදුවන වෙනස ගැන අවධානයෙන් සිටි ඔහුට හිරු ටීවී වැඩසටහන් නිර්මාණය කිරීම සඳහා යොදාගත්තේ සිය සුපුරුදු සගයන් අතළොස්සකගෙන් හා අතිදක්ෂ සරසවි සිසුන්