රාවය

‍රෙද්ද පල්ලෙන් බේරෙන යහපාලන පොරොන්දු

සිරිසේන-වික්‍රමසිංහ නායකත්වයෙන් යුත්ියහපාලන’ ආණ්ඩුව යටතේ පොලිස් ප්‍රහාරල වධහිංසා සහ මිනීමැරුම් ඉහළයන්නට පටන්ගෙන තිබෙන්නේ යහපාලන ආණ්ඩුකරණය ගැන පොරොන්දු සෝදා යවමිනි. එක් අතෙකට මේ වනාහි රාජපක්ෂ භීෂණයේම අනියම් දිගුවකි.

පසුගිය වසර තුළ පමණක් මේ වන විට මෙරට පොලීසිය විසින් අත්අඩංගුවෙහිදී ඝාතනය කරන ලද පුරවැසියන්ගේ ගණන අට දෙනෙකු බව ආසියානු මානව හිමිකම් කොමිසම වාර්තා කරයි. මරාදැමීමට තැත්කරන අවස්ථාද ගණනාවකි. පොලීසිය විසින් නීතියට පිටින් අත්අඩංගුවට ගැනෙන පිරිස් බොහෝය. පොලිස් වධහිංසා නිතිපතාම සිදුවෙයි. මෙවැනි සිදුවීම් දින වකවානු ඇතිව එම කොමිසම විසින් වාර්තාකර තිබේග ඇත්ත වශයෙන්ම නම් රාජපක්ෂ සමයෙහි පොලිස් හැසිරීම සහ අද හැසිරීම අතර කිසිදු සාධනීය වෙනසක් නැත.

පොලිස් හිංසනයේ කැතම සංකේතය අනෙකෙක් නොව පොලිස්පති ධුරය ලබාගැනීමට බෝධිපූජා පැවැත්වූ (අ)පූජිත ජයසුන්දරය. ඔහු ගුටිදෙන්නේ භාවනා කඩතිරයට මුවාවෙමිනි. අපූජිත වත්මන්ියහපාලනය’ට කියාපු සංකේතයකි. රටක පොලිස්පතිවරයෙකු ප්‍රචණ්ඩත්වය ප්‍රසිද්ධියේම පාවිච්චි කරන්නේ නම් ඊටත් වඩා ආණ්ඩුව එවැනි දුෂ්ඨකම් කෙරෙහි නෑසූ කන්ව සිටින්නේ නම් එවැනි රටක පොලීසිය දුව දුව හුජ්ජ නොකරනු ඇත්දරෑ

රාජපක්ෂ සමයෙහි පොලීසියට අත්අඩංගුවට ගන්නා සැකකරුවන් ඝාතනය කිරීමට විවෘත ලැයිසමක් දී තිබුණිග ඒ එවකට ආරක්ෂක ලේකම් වූ :දැන් 2020 ජනාධිපති කරවීමට අයෙකු තටමන* ගෝඨාභය රාජපක්ෂගේ කුඩු විරෝධී යුද්ධයේ එක් මෙහෙයුමක් ලෙසය. එකල පුදුමාකර ලෙස මාංචු පිටින් සැකකරුවෝ ගංගාවලට පැන සියදිවි නැති කරගත්හ. සැඟවූ බෝම්බ පෙන්වීමට ගොස් එක්කෝ ඒ බෝම්බයෙන්ම නැත්නම් පොලිස් වෙඩි පහරකින් මරණයට පත්වූහ.නැත්නම් මාංචු පිටින් පැනයන්නට උත්සාහ දරා පොලිස් වෙඩි උණ්ඩයෙන් මියගියහ. එවැනි පොලිස් ඝාතන එකල සාමාන්‍ය පුවතක් බවට ජනමාධ්‍ය විසින් පත්කර තිබුණි.

මෙම ඝාතන අසංස්කෘතියෙහි උච්චාවස්ථාව වූයේ 2012 වර්ශයේ නොවැම්බර් 09 දින වැලිකඩ බන්ධනාගාරය ඇතුළටම ගොස් තමන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් සහ සිරකරුවන් සොය සොයා නීතිය පිළිබඳ කිසිදු බියකින් තොරව වෙඩි තබා මරාදැමීමයි. පොලිස් එස්ටීඑෆ් භටයන් 798 දෙනෙකු යොදාගනිමින් එම මෙහෙයුම සඳහා තීරණය ගෝඨාභය රාජපක්ෂ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවකදී ගත් බවට සාක්ෂි දී ඇත්තේ අන් කවරකු හෝ නොව එස්ටීඑෆ් ප්‍රධානියාව සිටි නියෝජ්‍ය පොලිස්පති චන්ද්‍රසිරි රණවක විසිනි.

2011 මැයි 29දා කටුනායක නිදහස් වෙළෙඳ කලාප සේවක සේවිකාවන්ගේ උද්ඝෝෂණයට පහරදීල රොෂාන් චානක ඝාතනය කරමින් සිය ගණනාවකට තුවාල කළ පොලීසිය හැසිරුණු තුච්ඡ අමානුෂික ආකාරය ඒ පිළිබඳ කරන ලද පරීක්ෂණයේ වාර්තාව පෙන්වා දෙයිග එකී මහානාම තිලකරත්න වාර්තාව පෙන්වා දෙන්නේ තුවාලකරුවන් රොහල්වලට ගෙනයමින් තිබූ ගිලන් රථවලට පවා පහරදෙමින් පුද්ගලික දේපළ විනාශ කරමින් පොලීසිය හැසිරුණේ දාමරිකයන් ලෙස බවයි. මේ සඳහා 800කින් යුතු පොලිස් බලඇණියක් යොදවන ලද්දේ නිල ඇඳුම්හි තිබිය යුතු හඳුනාගැනීමේ අංක ලාංඡන පවා නැතිවය. වාර්තාව මෙසේද කියයි.

පොලිස් නිලධාරිනියන්ගේ හැසිරීම කනගාටුදායක වියග සැඟවී සිටි සේවිකාවන් එළියට ඇද දණගස්වා ඔවුන්ට අපහාස කර නිගරු කරන ලදි. අසනීපවල ගර්භණීිව සහ හිස් අතින් සිටි ස්ත්‍රීන්ට තුවක්කු මෑනුහ. කටුනායක පොලිස් ස්ථානයට ගෙන ගොස් යළි යළි පහරදුන්හ. තුවාල ලද බොහෝ අයගේ සිරුරුවල බිඳුම්ල සීරීම්ල තැලීම් සහ විශාල තුවාල තිබුණි.”
මේ සියලු ප්‍රහාරයන්ටල වධහිංසාවන්ටල මිනීමැරුම්වලට සම්බන්ධ පොලිස් නිලධාරීන් අද දක්වාම සිටින්නේ නිදැල්ලේය. නිරායුධ සැකකරුවන් බැහැර ගෙනගොස් මරාදැමීමට තීරණ ගත් සහ එම තීරණ ක්‍රියාවට නැගු සිය ගණනාවක් පොලිස් නිලධාරීහු අදත් මෙරට පොලිස් සේවය තුළ සිටිති. පුනරුත්ථාපනය වී නාමික දඬුවමක් හෝ ලැබිය යුතුවූ එවැනි පිරිස් අද සිටිනු ඇත්තේ ඉහළ පුටුවලය. මේ නිසා ඇතිවී තිබෙන භයානක තත්ත්වය නම් මිනීමැරීමේ සිට අමානුෂික වධබන්ධන දීම දක්වාවූ අසංස්කෘතියක් පොලිස් සේවය තුළ ස්ථාපිත වීමයිග එවැනි අසංස්කෘතියක් මුල් බැසගත් විට කොතැනක වුවත් උපදින්නේ යක් පැටව්ය.

ස්වාධීන පොලිස් සේවයක් අරමුණු කරගෙන පිහිටුවන ලද පොලිස් කොමිසම නිකම්ම නිකම් සුදු අලියෙකි. ශ්‍රී ලංකාවෙහි නීතියේ ආරක්ෂකයා වන පොලිසීය විසින් පැයක් පාසා හැම දිනකම කරනු ලබන අපරාධ සලකා බලන කල පොලිස් කොමිසම තිබිය යුත්තේ කඩිගුලක් මෙන් ක්‍රියාශීලිවය. එය සදාකාලික ශීත ඍතුවක නිද්‍රාවට පත් මීයකු වැන්න.

ජාතික පොලිස් කොමිසන් සභාව 19වන සංශෝධනය යටතේ ස්වාධීන සහ කාර්යක්ෂම ආයතනයක් වනු ඇතැයි වූ අපේක්ෂාව දැන් පුස්සක් බවට පත්ව තිබේ. නිකමට ජාතික පොලිස් කොමිෂන් සභාවේ වෙබ් අඩවියට එබී බලන්න.එය අඩුම වශයෙන් දෙමළ භාෂාවෙන් සිය නිවේදන පළකිරීමට පියවරක්වත් ගෙන නැත. ඊටත් වඩා හාස්‍යජනක වන්නේ තවමත් ජාතික පොලිස් කොමිසම පාලනය වන නීතිය ලෙස දක්වා ඇත්තේ රාජපක්ෂගේ 18වන සංශෝධනය පමණක් වීමයි. 19වන සංශෝධනයෙන් ඇති කරන ලද වෙනස එහි දැක්වෙන්නේම නැත.
ජාතික පොලිස් කොමිසමට පොලිස් සේවය විනයගරුක කිරීමට බලතල නැති බැවින් එවැනි අධිකාරී බලයක් ලබා දෙන ලෙස එහි සභාපති වූ මහාචාර්ය හෙට්ටිගේ විසින් වසරකටත් වඩා ඉහතදී කරන ලද ඉල්ලීමට මෙතෙක් සාධනීය ප්‍රතිචාරයක් ආණ්ඩුව දක්වා නැත.
උද්ඝෝෂණය කරන සිසුන්ට පහරදීමට එළවාගෙන යන පොලිස් නිලධාරීන්ගේ මුහුණුවල ඇති වියරුව බලන්න. එම මුහුණු විශාලකර බැලුවහොත් එහි කටුනායක සේවක සේවිකාවන්ගේ ලේ පැල්ලම් නොතිබෙනු ඇත්දරෑ ඝාතනය කළ වැලිකඩ සිරකරුවන්ගේ අඳෝනා ලියැවී නොතිබෙනු ඇත්දරෑ සිනහ මුහුණකින් ආචාරශීලීව සේවය කරන නිලධාරීහු පොලිස් සේවයේ සිටිති. එනමුත් කලාතුරකිනි. එවැනි මිනිසුන් පවා පොලිස් සේවය තුළ තිබෙන අධර්මිෂ්ඨ අංසංස්කෘතියේ කෝවට හසුව විනාශ වී යති.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ආයතනයන්හි ඇතිවූ සංවාදයන් සියල්ලෙහිදීම පෙනීගිය එක් ප්‍රධාන කරුණක් වූයේ ආරක්ෂක අංශ ප්‍රතිසංස්කරණය කිරීමේ අවශ්‍යතාවයි. 2015 සැප්තැම්බරයේදී ශ්‍රී ලංකා ආණ්ඩුවද එම යෝජනාවට එකඟ විය.

පොලීසිය ත්‍රිවිධ හමුදාවට අයත් නැත. එය අයත්වන්නේ නීතිය හා සාමය පවත්වාගැනීමේ ක්ෂේත්‍රයටයි. හදිසි තත්ත්වයක් නැත්නම් ත්‍රිවිධ හමුදා එම කාර්යන්ට අත නොතැබිය යුතුය. හදිසි නීතිය නැත්නම් ත්‍රිවිධ හමුදාවන්ට මාර්ග සෝදිසි මුරපොළක්වත් තනිව පවත්වාගෙන යෑමට නොහැකිය. ත්‍රිවිධ හමුදා බැරැක්ක සහ කඳවුරුවල රැඳීසිටිති. පොලිස් නිලධාරිහු නිවෙස්වල හෝ නේවාසිකාගාරයන්හි සිට රැකියාවට යතිග යුද හමුදාව ස්වංක්‍රීය තුවක්කු රැගෙන යනවිට පොලිස් භටයන් යන්නේ බැටන් පොලු හෝ වැඩිම වුවහොත් පිස්තෝල අතැතිවය.

එසේ වුවද 1971 සිට දශක හතරක් තරම් එනම් පොලිස් සේවයේ පරම්පරාවක්ම අත්දුටුවේ හදිසි නීතිය යටතේ ඇති අපාලිත බලතලය. ජේආර් ජයවර්ධන එස්ටීඑෆ් නමින් පොලීසියටත් හමුදාමය ඒකකයක් ලබාදුන්නේය.

ඒවා යුද සහ යුද ජයග්‍රහණ මානසිකත්වයෙන් මුදාගැනීම ආරක්ෂක සේවා ප්‍රතිසංස්කරයන්හි හරය විය යුතුව තිබූ අතර පොලිස් සේවයිමානුෂික කිරීම’ තවත් මූලිකත්වයක් විය යුතුව තිබුණි. ඒ සඳහා පොලිස් සේවය මත සිවිල් අධික්ෂණයක් හෝ පොලිස්-සිවිල් ඒකාබද්ධ අධික්ෂණයක් ඇතිකළ හැකිව තිබුණි. නැත්නම් මානව හිමිකම් කොමිෂන් සභාවෙහි ඒ සඳහාවූ විශේෂ ක්‍රියාකාරී ඒකකයක් ඇතිකළ හැකිව තිබුණි.

අවාසනාවට මෙරට පොලිස් සේවය තවමත් පවතින්නේ දෙකයි දෙකේ පොල්ලේ බලයෙන් ජනයා මට්ටු කිරීමේ මානසිකත්වයේය. මෙරට වඩාම දූෂිත ආයතනය ලෙස වාර්ෂිකව කප් ගසා ඇති පොලිසිය මෙරට සාමාන්‍ය ජනයාගේ මානව හිමිකම් කෙළෙසෙන ප්‍රධාන මර්දන උපාංගයකි.
මෙරට පොලිස් සේවය වගකිව යුතු සහ විනයගරුක සේවාවක් බවට පත්කිරීමට කිසිම වැඩසටහනක් නැති ආණ්ඩුවක් යහපාලන වන්නේ නමට පමණය. මෙම නිද්‍රාශීලීත්වයට සාපේක්ෂව එයට යමපාලනයකැයි පටබැඳීම වරදක් විය හැකිද?■