රාවය

වර්ධරාජා ටීඑන්ඒට

වර්ධරාජා ටීඑන්ඒට

 

 

උතුරු නැගෙනහිර පළාත් සභාවේ පළමු මහඇමතිවරයා ලෙස කටයුතු කළ ඊ.පී.ආර්.එල්.එෆ්. පක්ෂයේ වර්ධරාජා පෙරුමාල් මහතා දෙමළ ජනතා සන්ධානය සමඟ එක්වන බව රාවය කළ විමසීමකදී පැවසීය.
ඊපීආර්එල්එෆ් පක්ෂයේ ආරම්භක නායකයෙකු වන වර්ධරාජා පෙරුමාල් මහතා මේ වන විටත් ඊපීආර්එල්එෆ් පක්ෂයේ සාමාජිකයෙකු වන අතර ක‍්‍රියාකාරී දේශපාලනයේ යෙදෙන්නේ නැත.
උතුරු නැගෙනහිර පළාත් සභාවේ 1988 වර්ෂයේ පැවති පළාත් සභා ඡුන්දයෙන් උතුරු හා නැගෙනහිර ප‍්‍රථම මහඇමතිවරයා ලෙස පත්වූ අතර, 1990 උතුරු නැගෙනහිර පළාත් සභාව විසුරුවා හැරීමෙන් පසුව ඔහු ඉන්දියාවේ පදිංචි වී සිටියේය. යුද්ධයෙන් පසුව නැවත ලංකවට පැමිණි ඔහු ඊපීආර්එල්එෆ් පක්ෂයේම කොටසක් වන පද්මනාභා කණ්ඩායම සමඟ කටයුතු කළේය.
ඉදිරි පළාත් සභා මැතිවරණයකදී දෙමළ ජාතික සන්ධානයේ මහ ඇමති අපේක්ෂකයා ලෙස ඔහු ඉදිරිපත් වනු ඇති බවද දෙමළ ජාතික සන්ධාන ආරංචි මාර්ග පවසයි.
ඊපීආර්එල්එෆ් පක්ෂය 1990දී පාර්ශ්ව දෙකක් ලෙස වෙන්වූ අතර එකල එම පක්ෂයේ ලේකම්වරයා ලෙස සිිටි සුරේෂ් පේ‍්‍රමචන්ද්‍රන් මහතාගේ පාර්ශ්වයට පක්ෂයේ නිල නාමය ඇතුළු නීතිමය අයිතිය ලැබී තිබුණි.

-රේඛා නිලූක්ෂි හේරත්-