රාවය

නායකයන් දූූරදර්ශී විය යුතු ය.

නායකයන් දූූරදර්ශී විය යුතු ය.

රට තිබෙන්නේ හැම අතින් ම අසීරු අවස්ථාවක ය. පසුගිය පාලන කාලයන් තුළ ඇති වී වැඩුණු හා ගැඹුරටම පැතිර ඇති ආර්ථික අර්බුදය හා අනෙකුත් ව්‍යුහමය අර්බුද නිසාත්, ජනවාරි 8 දේශපාලන වෙනසෙන් පසු වුව ද කෙටි කාලයක් තුළ විසඳාගත නොහැකි වුණු අභියෝග රාශියක් අදත් ඉතිරි වී තිබේ. එ් අර්බුද විසඳා ගන්නට අවශ්‍ය එලැඹ සිටි සිහිය හා දේශපාලන අධිෂ්ඨානය රටේ දේශපාලන නායකයන් තුළ නොමැති වීම විසින් එ් අභියෝග තව තවත් වර්ධනය කළා මිස විසªයේ නැත.
වාර්තා වන අන්දමට, ලංකාවට මූල්‍ය ආධාර සපයන ජාත්‍යන්තර මූල්‍ය ආයතන ලංකාවේ ආර්ථික තත්ත්වය ගැන මාසික ව අධීක්ෂණය කරන තත්ත්වයක් ඇති වී තිබේ. රටේ මූල්‍ය හැසිරීම ශ්‍රේණිගත කරන ජාත්‍යන්තර ආයතන ද, සතිපතා ලංකාවේ ආර්ථික තත්ත්වය අධීක්ෂණය කරන්නට පටන් ගෙන තිබේ. මෙවැනි අධීක්ෂණයක් ඔවුන් පවත්වා ගෙන යන්නේ ආර්ථික වශයෙන් අර්බුදකාරී තත්ත්වයක පසු වන රටවල් සම්බන්ධයෙනි. මේ තත්ත්වය අනුව අප තේරුම් ගත යුතු ව ඇත්තේ්, ලංකාව ආර්ථික අර්බුදයක සිටින රටක් හැටියට ලෝකයේ අවධානයට යොමු වී තිබෙන බව ය. ආර්ථික අර්බුදයක් තිබෙන රටක ආයෝජනය කරන්නට හෝ වෙනත් සාධාරණ ආර්ථික මැදිහත්වීම් කරන්නට පිළිගත් ව්‍යවසායකයන් කැමති වන්නේ නැත. එවැනි පිටියක කී‍්‍රඩා කරන්නෝ ආර්ථික ඝාතකයෝ, කළු සල්ලිකාරයෝ හා ගිනි පොලිකරුවෝ ය.
එක පැත්තකින් ආර්ථික අර්බුදයක ගිලී සිටින විට අනෙක් පැත්තෙන් දේශපාලන අස්ථාවරභාවයක් ද රට තුළ පවතියි. එය ඉබේ හටගත්තක් නොව, දේශපාලන නායකයන්ගේ අ¥රදර්ශී වුවමනා එපාකම් මත ම නිර්මාණය වුණු එකකි. එවැනි දේශපාලන අස්ථාවරභාවයක් තිබෙන රටක ආයෝජනය කරන්නට ද ව්‍යවසායකයන් අකමැති බව අලූතෙන් කිව යුතු නොවේ.
අද අප මුහුණ දී සිටින දේශපාලන අස්ථාවරභාවය වනාහි රටේ දේශපාලන නායකයන් විසින්, විශේෂයෙන් ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් විසින්, රටට වඩා තමන්ගේ පක්ෂ පෙරට තැබීම නිසා නිර්මාණය වූවකි. එ් සමග ම දේශපාලන නායකයන්ගේ මමංකාරය, ආත්මාභිමානය හෝ විවිධාකාර නොසලකා හැරීම් නිසා හටගත්තකි.
රටේ පැවැති එ්කාධිකාරි පාලනයක් බිඳ දැමීමෙන් පසු ජනතාව බලාපොරොත්තු වුණේ, පත් වන අලූත් නායකයන්, කාලයේ හා මහජන අභිලාෂයන්ගේ අවශ්‍යතාවන් තේරුම් ගෙන එ් අනුව කටයුතු කරනවා ඇතැ’යි කියා ය. රටේ නායකයන් දේශපාලන පක්ෂවල ද නායකයන් බව මගහැරිය නොහැකි සත්‍යයක් නමුත්, ඔවුන් මුළුමනින් ම දේශපාලන පක්ෂ වුවමනා එපාකම්වල අන්තේවාසිකයන් වීම නම් කිසිසේත් බලාපොරොත්තු නොවූවකි. එහෙත් දැන් සිදු ව ඇත්තේ එය යි. ලංකාවේ මැතිවරණ තේරාවලිය අනුව පහළ ම මට්ටමේ තිබෙන පළාත් පාලන ඡුන්ද විමසීම පවා, මේ දේශපාලන නායකයන් විසින් තමන්ගේ ශක්තිය පෙන්වීමේ ගල උඩ සටනක් බවට පත් කර ගනු ලැබ ඇත්තේ එ් නිසා ය.
දේශපාලන පක්ෂවල නායකයන්ට තමන්ගේ පක්ෂවලට දර්ශනය දෙන්නට හැකි විය යුතු ය. එ් දර්ශනය අනුව පක්ෂ මෙහෙයවිය හැකි විය යුතු ය. පොදු සම්මුතියෙන් පක්ෂය එකඟ වන දර්ශනයට පටහැනි වන්නන් සම්බන්ධයෙන් විනයානුකූල ව ක‍්‍රියා කරන්නට ශක්තියක් තිබිය යුතු ය. එ් කිසිවක් සිදු නොවන තැන පක්ෂය තුළ ඇති වන්නේ ව්‍යාකුලභාවයකි. එ් පක්ෂය තවත් දේශපාලන සන්ධානයක කොටස්කරුවකු වන විට පක්ෂයේ අර්බුදය දේශපාලන සන්ධානයේ ද අර්බුදයක් බවට පත් වීම වැළැක්විය නොහැකි ය. එ් පක්ෂය රටේ පාලනයට හවුල් වන විට, අර්බුදය රටට ද අහිතකර ලෙස බලපෑම, කියන්නට දෙයක් නොවේ.
ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත් අද මුහුණ දී සිටින දේශපාලන අර්බුදයේ සාරාංශය එය යි. එ් අර්බුදය වහා ම විසඳා ගත යුතුවා පමණක් නොව, එ් විසඳා ගැනීමට අවශ්‍ය පියවර ගත යුත්තේ ද ඔවුන් දෙදෙනා විසින් ම ය. මේ නායකයන් දෙදෙනා එක් ව රට පාලනය කිරීම ජනවාරි 8 දේශපාලන අභිලාෂයේ ප‍්‍රමුඛ අංගයක් වන බව ද, එය ඉටු නොකිරීමට නිදහසට කරුණු ඉදිරිපත් කිරීම එ් නායකයන්ගෙන් ජනතාව බලාපොරොත්තු නොවන බව ද ඔවුන් තේරුම් ගත යුතු ය.