රාවය

දේශපාලන විචාරයේ අභියෝග

දේශපාලන විචාරයේ අභියෝග

මේ දිනවල ලංකාවේ දේශපාලනයේ තිබෙන බව පෙනෙන්නේ සෑහෙන ව්‍යාකුලතාවකි. මේ ව්‍යාකුලතාව මැද ඇත්තටම දේශපාලන වශයෙන් සිදුවන්නේ කුමක්ද යන්න ගැන පැහැදිලි විනිශ්චයක යෙදීම අපහසු වීමට ප‍්‍රධාන සාධකයක් වී ඇත්තේ, ඒ පිළිබඳව ඇති විශ්වාස කළ හැකි තොරතුරු මඳ වීමයි. විශ්වාස කළ හැකි දේශපාලන තොරතුරු මඳවීම යන අදහසේම එක්තරා උත්ප‍්‍රාසයක් තිබේ. එයට හේතුව, පුවත්පත්, රූපවාහිනී, ගුවන්විදුලි, සමාජ මාධ්‍ය සහ කටකතා දෙස බැලූවහොත් රටේ සිදුවන දේශපාලනය ගැන අනන්ත අප‍්‍රමාණ ප‍්‍රවෘත්ති පැතිරෙන නිසාය. එහෙත් ගැටලූව නම් ඒ දේශපාලන තොරතුරුවල විශ්වසනීයත්වය දුර්වල වීමයි. පුවත්පත් සහ සමාජ මාධ්‍යය, විශ්වසනීයත්වයේ ගුණයෙන් අඩු ප‍්‍රවෘත්ති ප‍්‍රචාරණය සම්බන්ධයෙන් පෙරමුණේම සිටින්නේ ලංකාවේ පමණක් නොවේ. එය ලෝක මට්ටමේ සංසිද්ධියකි. තම ජනාධිපතිවරණ ව්‍යාපාරයේදී බොරු ප‍්‍රවෘත්ති :ත්‍්නැ භැඅි* නිර්මාණය දේශපාලන ආයුධයක් කර ගත් ඩොනල්ඞ් ට‍්‍රම්ප්, ජනාධිපති වූවාට පසු බොරු ප‍්‍රවෘත්ති කර්මාන්තයට එරෙහි සටනේ මහා යෝධයෙකු වී සිටීම මෙම උත්ප‍්‍රාසය තියුණු කරන සිදුවීමකි.
මේ අතර ලංකාවේ දේශපාලනයේ දැනට ඇත්තටම සිදුවන්නේ කුමක්දැයි දැනගැනීමට උනන්දුව දක්වන, ‘අප දේශපාලන නිරීක්ෂකයන්’ යැයි අප ගැනම සිතන, මා වැනි පුරවැසියන් මුහුණ දෙන තවත් ගැටලූවක් තිබේ. එනම් අපට ජනාධිපති කාර්යාලය, අගමැති කාර්යාලය, ඒකාබද්ධ විපක්ෂ කාර්යාලය පැත්තෙන් විශ්වසනීය ප‍්‍රවෘත්ති නොලැබීමයි. අපට ලබාදීමේ වෘත්තීය වගකීම ඇති මාධ්‍යවේදීන්, එම ප‍්‍රවෘත්ති විශ්වසනීය ලෙස අපට ලබාදෙනවාට වඩා උනන්දු වන බව පෙනෙන්නේ, තමන්ට කැමති ප‍්‍රවෘත්ති තමන්ගේ අර්ථකථනයද සහිතව අපට ලබාදීමටයි. මෙයද ලෝක මට්ටමෙන්, ජනමාධ්‍යය පිළිබඳව දැනට මතුවී තිබෙන ගැටලූවකි. දේශපාලන මාධ්‍යවේදීහු, දේශපාලන ප‍්‍රවෘත්ති සැපයීම, තමන්ගේ නැතහොත් තම ස්වාමියාගේ දේශපාලන ව්‍යාපෘතියේම කොටසක් ලෙස සලකති. වාර්තාකරණය යන්න මත :දචසබසදබ* සැපයීම බවට පත්වන්නේද මේ නිසාය.
මේ තරමක් ව්‍යාකුල පසුබිම තුළ ලංකාවේ දේශපාලනයේ අද ඇත්තටම සිදුවන්නේ කුමක්ද යන්න ගැන, පුවත්පත් හා ජනමාධ්‍යවලින් සහ කටකතාවලින් පමණක් තොරතුරු ලැබෙන දේශපාලන නිරීක්ෂකයන් තම විග‍්‍රහ ගොඩනැගිය යුත්තේ ඉතා පරෙස්සමෙන් බව පෙනේ. එම විග‍්‍රහ කියවන, ජනාධිපති කාර්යාලය සහ අගමැති කාර්යාලයට සම්බන්ධ අය ඒවා විග‍්‍රහ නොව ‘කරුණු නොදැන කියන හිතලූ කතා’ ලෙසද සිතන්නේ නම් අප පුදුම විය යුතු නැත. මන්දයත් අප ජීවත්වන්නේ තොරතුරු බහුල, එහෙත් තොරතුරු නැති දේශපාලන ලෝකයක වන නිසාය.
තත්ත්වය එසේ වුවත්, එය දේශපාලන විග‍්‍රහය යන්න බැ?රුම්ව ගණන් ගන්නා කෙනෙකුට අධෛර්ය වීමට හේතුවක් නොවේ. මන්ද යත්, දේශපාලන නිරීක්ෂණය සහ විග‍්‍රහය, දේශපාලන අනාවැකි කීමෙන් වෙන්කරගත යුතු සහ වෙන්කරගත හැකි නිසාය. මා ඉහතදී විස්තර කළ අභියෝගය, දේශපාලන විශ්ලේෂකයාට, ඉතා වැදගත් වෘත්තීයමය පාඩමක්ද යෝජනා කරයි. එනම් ‘දේශපාලන අනාවැකි කීම් නොකරන්න, කරන්නේ නම් පරෙස්සම් වන්න. ඒවා අනුමාන හැටියට පමණක් සලකන්න’ යන්නයි.
යහපාලන ආණ්ඩුව බිඳ වැටේද? මෛත‍්‍රීපාල සිරිසේන – මහින්ද රාජපක්‍ෂ හවුල් නායකත්වය යටතේ ශ‍්‍රීලනිපය යළි එකතු වේද? රනිල්-මෛතී‍්‍ර සන්ධානය අවසන් වේද? යන අද ලංකාවේ බොහෝ දෙනා අසන ප‍්‍රධානතම දේශපාලන ප‍්‍රශ්න තුන ගැන කෙනෙකුට අවංකවම දිය හැක්කේ ඉහත ආකාරයේ පිළිතුරුය. අනුමාන, අවිනිශ්චිත සහ මෙවැනි තත්ත්වයන් යටතේ මෙසේ සිදුවිය හැකිය යන ආකාරයේ පිළිතුරුය.
මේ අතර, මෙම අපැහැදිලිතාව සහ අවිනිශ්චිත දේශපාලන වාතාවරණය තුළ කෙනෙකුට දේශපාලන වශයෙන් වැදගත් වෙනත් නිරීක්ෂණද කළ හැකිය. උදාහරණයක් හැටියට, අපට ලැබෙන සීමිත තොරතුරුවලින් පවා පහත සඳහන් ලංකාවේ දේශපාලනය තුළ අද දවසේ දැනට සිදුවන සහ අනාගතයේ සිදුවිය හැකි ප‍්‍රවණතා ගැන අනුමාන කළ හැකිය.
මෛත‍්‍රී-රනිල් දේශපාලන සන්ධානය අර්බුදකාරී අවධියකට ළඟාවී තිබේ. එම දෙදෙනාම මෙම අර්බුදය විසඳීමට තැත් කරන බව පෙනෙන්නේ, එකිනෙකා සමඟ මුහුණට මුහුණලා සාකච්ඡුා කිරීම මගින් නොව, එකිනෙකා දේශපාලන වශයෙන් දුර්වල කරගැනීමෙනි. මෛත‍්‍රීගේ සහ රනිල්ගේ ඇමතිවරුන් සමහරක්ද තම නායකයන්ගෙන් ලැබුණු ඉඟි හොඳින් අවබෝධ කරගෙන ඒ අනුව ක‍්‍රියා කරන බවද පෙනේ.
මෛත‍්‍රී – මහින්ද සන්ධානයකට ඇති ඉඩකඩ අඩුය. එම දෙපාර්ශ්වය අතර දැනට සිදුවන සාකච්ඡුා, එක් එක් පාර්ශ්වයේ ඒකපාර්ශ්වික අවශ්‍යතා මත සිදුවන ඒවා මිස පොදු අරමුණක් වෙනුවෙන් කරන අවංක දේශපාලන සාකච්ඡුා බව නොපෙනේ. ඒ නිසාම, අනෙක් පාර්ශ්වයට ඉටුකළ නොහැකි කොන්දේසි ඉදිරිපත් කරමින්, තම පාර්ශ්වයට වඩා වාසි ලැබෙන අරමුණු දිනාගැනීමට, මෙම පාර්ශ්ව දෙක කරන දේශපාලන කේවල් කිරීමට සාර්ථක වීමට ඇත්තේ මඳ ඉඩකඩකි.
ළඟ එන පළාත් පාලන මැතිවරණය ආශ‍්‍රිතව, ලංකාවේ දේශපාලන බලතුලනයේ විශාල වෙනසක් සිදුවීමට ඉඩක් නැත. බොහෝවිට සිදුවනු ඇත්තේ, එක් එක් දේශපාලන පක්ෂයකට තම සාපේක්ෂ දේශපාලන ශක්තිය විනිශ්චය කරගැනීමට අවස්ථාවක් ලැබීමයි. එබැවින් ප‍්‍රධාන පක්ෂ අතර පූර්ව-පළාත් පාලන මැතිවරණ සන්ධාන ඇතිවීමට අවශ්‍ය වාස්තවික පසුබිමක්ද දැනට නැත. බොහෝවිට ඉඩ තිබෙන්නේ, මැතිවරණයෙන් පසු, පළාත් පාලන ආයතනවල සභා පිහිටුවීමට සන්ධාන ඇතිකර ගැනීමයි. මෛත‍්‍රී – රනිල් පාර්ශ්ව දෙකම දැනට දුර්වල වී තිබෙන සන්ධාන සම්බන්ධතාව අලූත් කරගැනීමට එය අවකාශයක් සපයනු ඇත. එහෙත්, පළාත් පාලන මැතිවරණයේදී වෙනම තරග කිරීම නිසා තියුණු වන අන්‍යොන්‍ය ප‍්‍රතිවිරෝධතා සමහන් කර ගැනීමට විශේෂ ප‍්‍රයත්නයක් ගැනීමට එම පාර්ශ්ව දෙකටම සිදුවනු ඇත.
මේ අතර, ඉතා පැහැදිලිව සිදුවෙමින් පවත්නා දෙයක් නම් ලංකාවේ සභාග දේශපාලනයේ දේශපාලන බලවේග අතර ඇති බලසම්බන්ධතා සහ බලතුලනය යළි සකස්වීමයි. 1947 පටන්ම ලංකාවේ දේශපාලනයේ අවස්ථා දෙකකදී හැරෙන්නට ආණ්ඩු පිහිටුවා තිබෙන්නේ සභාග ආණ්ඩු ලෙසය. එක් එක් සභාගයක දේශපාලන ගතිකත්වයන්ද වෙනස්ය. 2015දී ලංකාවේ ඇතිවූයේ අසාමාන්‍ය සභාග ආණ්ඩුවකි. සභාගයේ එක් පාර්ශ්වකරුවෙකු වන ශ‍්‍රීලනිපයේ එක් කොටසක් ආණ්ඩුවේ සිටීමත්, අනෙක් කොටස විරුද්ධ පක්ෂයේ සිටීමත් මෙම අසාමාන්‍ය බවට ප‍්‍රධාන හේතුවයි. ඒ අතර, මෙම සභාග ආණ්ඩුවේ දේශපාලන ස්ථාවරභාවය සහ අනාගතය රඳා පවතින්නේ ශ‍්‍රීලනිපය හා එජාපය අතර ඇති දේශපාලන සම්බන්ධතාවට වඩා ජනාධිපති සහ අගමැති යන දෙදෙනා අතර ඇති පෞද්ගලික සම්බන්ධතාවේ ශක්තිය හෝ දුර්වලතාව හෝ මතයි. ලංකාවේ අතීත අත්දැකීම්වලින් කියැවෙන්නේ සභාග ආණ්ඩුවල හවුල් පාර්ශ්ව අතර ප‍්‍රතිවිරෝධතා ඇතිවීම සාමාන්‍ය දෙයක් වුවත්, එම ප‍්‍රතිවිරෝධතා විසඳා ගැනීමට අසමත් වන දේශපාලන නායකත්වයක් ඇති සභාග ආණ්ඩුවල ජීවන අපේක්ෂාව කෙටි විය හැකිය යන්නයි.
මේ ලිපිය මෙතැනින් අවසන් කරන්නට ලැහැස්ති වෙද්දී, මට දුරකතන ඇමතුමක් ලැබුණි. මගේ මිත‍්‍රයෙකු මට කතා කළේ රටේ දේශපාලනයේ සිදුවන අලූත් ප‍්‍රවණතා කවරේදැයි මගෙන් දැනගැනීමටය. එම සාකච්ඡුාව මා ලියන මේ ලිපියේ තේමාවට කෙළින්ම සම්බන්ධ නිසා, එම සාකච්ඡුාවේ සාරාංශයක් ‘රාවය’ පාඨක ප‍්‍රජාවේ දැනගැනීමට ඉදිරිපත් කිරීමට මා කැමතිය. පහත එන ප‍්‍රශ්න මිතුරාගේය. පිළිතුරු මගේය.
මොකක්ද අලූත්ම තත්ත්වය?
අලූත්ම දෙයක් වෙලා තියෙන්නේ අගමැතිතුමා යූඑන්පී මන්ත‍්‍රීවරුන්ට කියපු එකනේ, ජනාධිපතිතුමා විවේචනය කරන්න එපාය කියලා.
ඒක හොඳ දෙයක් නේද?
යහපාලන සභාගය පැත්තෙන් බැලූවොත්, ප‍්‍රමාද වී හෝ එහෙම කියන එක හොඳයි. මට පේන්නේ මෛත‍්‍රියි රනිලූයි දෙන්නාම දැන් හිතනවා සභාගයට හානි කරගත්තා දැන් ඇති කියලා.
මෛත‍්‍රී ජේ ඕ (ඒකාබද්ධ විපක්ෂය* එක්ක කරන සාකච්ඡුාවල තත්ත්වය කොහොමද දන්නේ නෑ?
මට පේන්නේ ඒක සාර්ථක වෙන්නේ නෑ කියලයි. දෙපැත්තම, අනික් පැත්තට ඉෂ්ට කරන්න බැරි ඉල්ලීම් දානවනේ. ජේ ඕ එකට ඕනෙ මෛත‍්‍රී යූඇන්පියත් එක්ක ඉන්න සභාග ආණ්ඩුවෙන්, ශ‍්‍රීලනිපය අයින් කරන්න. ඒකට මෛත‍්‍රී තවම සූදානම් බව පේන්නේ නෑ.
ඒ කියන්නේ ආණ්ඩුව වැටෙන එකක් නෑ?
මට හිතන්න අමාරුයි මේ ආණ්ඩුව කඩාගෙන මහින්ද එක්ක එකතු වෙන්න මෛත‍්‍රී ලැහැස්තියි කියලා. ඒ තරමටම ආණ්ඩුව ඇතුළෙ ප‍්‍රතිවිරෝධතා මෝරලා නෑ. ඒවා සමනය කරගන්න බැරි තත්ත්වයකට තවම ඇවිල්ලා නෑ. අනික් එක මෛත‍්‍රී දන්නවා මේ යහපාලන ආණ්ඩුව කඩාගෙන මහින්ද එක්ක එකතු වුණොත්, මෛත‍්‍රීට දැනට තියෙන ජාත්‍යන්තර සහයෝගය සම්පූර්ණයෙන් නැතිවෙන බව. ඒක අවදානමකට ලක්කර ගන්න තරම් හේතුවක් මෛත‍්‍රීට දැනට තිබේය කියලා හිතන්න අමාරුයි. මේක අස්ථාවර, නමුත් නොවැටෙන සභාගයක් බවයි මට පේන්නේ.
එහෙනම් මෛත‍්‍රීගේ කට්ටියට පළාත් පාලන ඡුන්දය වෙනම තරග කරන්නයි වෙන්නෙ නේද? යූඇන්පියයි මෛත‍්‍රීයි එකට තරග කරන ලකුණකුත් නෑනේ.
ඔව්. ඔව්. ඇරත් යූඑන්පියට ඕනෙ තනියම තරග කරලා මෛත‍්‍රීගේ ශ‍්‍රීලනිපයට වඩා තමන් ශක්තිමත් බව පෙන්වන්න. ආණ්ඩුව ඇතුළෙ බල තරගය පළාත් පාලන මැතිවරණයේදී අපට හොඳටම දකින්න පුළුවන් වේවි.
කවුරු දිනයිද පළාත් පාලන ඡුන්දෙන්? ජේ ඕ පළවෙනි තැනට එන්න පුළුවන් නේද? යූඇන්පියයි, ජේ ඕ එකයි අතරේ තමයි සටන ඇතිවෙන්නේ?
බොහෝ සභාවල තනි පක්ෂයකට තනියම සභා පිිහිටුවන්න බැරි තත්ත්වයක් ඇති වෙන්නත් පුළුවන්. එහෙම වුණොත් යූඇන්පියටයි මෛත‍්‍රීගේ ශ‍්‍රීලනිපයටයි හවුල් සභා පිහිටුවන්න අවස්ථාත් ඇතිවෙන්න පුළුවන්. එම නිසා එදෙගොල්ලගෙම සෞඛ්‍යයට හොඳයි, පළාත් පාලන ඡුන්ද ව්‍යාපාරෙදි, තමන් අතර ප‍්‍රතිවිරුද්ධකම් පාලනය කරගන්න එක.
පාඩම : දේශපාලන අනාවැකි කීම නොකළ යුතුයැයි කියන එක පහසුය. නොකරන එක අමාරුය.