බලයට තියෙන කෑදරකමට බොරු කියන එක වැරදියි

චාර්ය පාකියසෝති සරවනමුත්තු

 

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයත් ඒකාබද්ධ විපක්ෂයත් පළාත් පාලන මැතිවරණය සඳහා වෙන වෙනම තරගකිරීමට තීරණය කිරීම එක්ක, නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ආණ්ඩුවේ නිදහස් පක්ෂ මන්ත‍්‍රීවරුන් දැරූ මතවාදයන් වෙනස් වේවිද?

ජනමාධ්‍ය කියන දේවල් නිවැරදි නම්, ශ‍්‍රීලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත්විය යුතුයි, මහින්ද රාජපක්ෂ මහත්තයාට විපක්ෂ නායකත්වය දිය යුතුයි, ආණ්ඩුවක් පිහිටුවලා ඔහුට අගමැති තනතුර දිය යුතුයි වගේ ඒකාබද්ධ විපක්ෂයේ කොන්දේසි නිසා මේ දෙගොල්ල එකට එකතුවෙලා තරග කරන්නේ නෑ කියන තීරණයට ඇවිත් ඉන්නවා.
තවත් පැත්තකින්, මේ අය මේ වෙලාවේ වෙන්වෙලා තරග කරන්න සූදානම් කියලා හරි, ඇතැම් ප‍්‍රදේශවලට නාම යෝජනා දුන්නා කියලා හරි, නිදහස් පක්ෂයත් ඒකාබද්ධ විපක්ෂයත් දෙක සදාකාලිකව වෙන්වෙන්න ඒක හේතු වෙයි කියලා හිතන්නත් බෑ. මොකද ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී නිදහස් පක්ෂය පැරදුණොත්, සමහරු කියන්න ඉඩ තියෙනවා නිදහස් පක්ෂය බේරගන්න ඊගාව ඡුන්දේදී නිදහස් පක්ෂ කණ්ඩායම මහින්ද රාජපක්ෂ එක්ක එකතුවෙලා වැඩ කරන්න ඕනෑ කියලා. කොහොම නමුත්, නිදහස් පක්ෂයයි එක්සත් ජාතික පක්ෂයයි එකතුවෙලා තවදුරටත් ඉස්සරහට යනවා නම් මේ වෙලාවෙ පක්ෂ දෙක පැහැදිලි එකඟතාවකට එන්න ඕනෑ කියන එකයි මගේ හැඟීම.
ජනමතය සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ බලපෑම දිහා බලද්දී, මේ දෙගොල්ලගේ එකඟතාව වගේම මහජනතාව තුළ නිවැරදි දැනුවත්භාවයත් ඇති කිරීමත් ඒ තරමට ම වැදගත් බව පෙනෙනවා?
ඔව්. මේ අය පැහැදිලිව පණිවිඩයක් දෙන්න අවශ්‍යයි දෙගොල්ල තවදුරටත් ඉස්සරහට යද්දී, ව්‍යවස්ථාව ගැන කරන්නේ මේවා, සංක‍්‍රාන්තික යුක්තිය ගැන කරන්නේ මේවා, ආර්ථිකය ගැන කරන්නේ මේවා. මේකයි අපේ ස්ථාවරය ආදි ලෙස. පහුගිය ආණ්ඩුව කළේ මේවා, ඒ නිසායි අපි මේ ප‍්‍රතිපත්තියට ආවේ ආදි වශයෙන්. නමුත් ජනතාව එක්ක සිදුවිය යුතු ඒ සංවාදය හරියට සිදුවෙන බවක් පෙනෙන්නේ නෑ.
ඉතිං ඒකයි මේ සාකච්ඡුාවට විපක්ෂයට සම්පූර්ණයෙන් ඉඩ ලැබිලා තියෙන්නේ. ඒ නිසා ඒ අය ඕනෑ එකක් කියනවා ව්‍යවස්ථාව ගැන. ඕනෑ එකක් කියනවා සංක‍්‍රාන්තික යුක්තිය ගැන. ඕනෑ එකක් කියනවා ආර්ථිකය ගැන.
අලූත් ව්‍යවස්ථාවට විරුද්ධව ඒකාබද්ධ විපක්ෂය ගෙනෙන සියලූම චෝදනා පටු දේශපාලනික උවමනා වෙනුවෙන් කරන දේවල් කියලා ඉතාමත් පැහැදිලියි. මොකද එක පැත්තකින් තවමත් ව්‍යවස්ථාවේ එක ෙඡ්දයක්වත් ලේඛනගත කරලා නෑ. එහෙම එකක් ලියන්න පුළුවන් වෙන්නේත් හැමදෙනාගෙම එකඟතාව උඩ කියලා ඔවුන් දන්නවා. අනික ව්‍යවස්ථා යෝජනාවලිය සම්බන්ධ විවිධ තැන්වල ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයෝ හිටියා. ඉතිං ඒ අය එතැනදී එක දෙයක් කියලා එළියට ඇවිත් තව දෙයක් කියනවා.
අනික් කාරණය තමයි අද වන විට තියෙන්නේ ව්‍යවස්ථා යෝජනාවලිය විතරනේ. ඒක සංවාදයට බඳුන් කරන්න ගොඩනැගූ එකක්. ඒ තුළ තියෙන්නේ යම් යම් දේවල් පිළිබඳ විකල්ප. ඒ නිසා ඒ තුළ පවා නොගැළපෙන එකක් තියෙනවා නම් ඒ පිළිබඳ සංවාද කරලා ඒක ඉවත් කරන්න හරි සංශෝධනය කරන්න හරි පුළුවන්.
අනික් කාරණය තමයි මේ ව්‍යවස්ථා ක‍්‍රියාවලිය තුළ මහජන අදහස් දැනගැනීමේ කමිටුව මගින් රටේ ජනතාවටත් කතා කළා. ඒක සෑහෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදී පියවරක්. ඒ නිසා බලයට ආපහු එන්න තියෙන කෑදරකමට ඕනෑ දෙයක් කියන එක හරි දෙයක් නෙමෙයි.

අපිට මතකයි, ව්‍යවස්ථා සම්පාදන කාර්යය සම්බන්ධයෙන් උතුරේ මහ ඇමතිවරයා කීප අවස්ථාවක නිශේධනාත්මක ප‍්‍රතිචාර දක්වලා තිබුණා. මේ දෙයින් පෙනෙන්නේ උතුරේ ජනතාවගේ ආකල්ප පවා අද වන විට ඇල්මැරිලා කියන එකද?

මහජනතාව තුළ මේ පිළිබඳව තවමත් විශ්වාසය තියෙනවා. නමුත් ඒ විශ්වාසය වැඩි කරන්න අපි ඔවුන් එක්ක තවදුරටත් කතා කරන්න ඕනෑ. කලිින් කිව්වා වගේ ඒ සාකච්ඡුාව නැති එකයි ගැටලූව.
අපි මේ ගැන මිනිස්සු එක්ක කතා කරලා සමීක්ෂණ කළා. එහතකොට මුළු රටේ ම මිනිස්සු ප‍්‍රධාන වශයෙන් මතු කළේ රටේ ආර්ථික ප‍්‍රශ්න විසඳලා ආර්ථිකය ශක්තිමත් කිරීම ගැන. ඇත්තටම දැන් වන විට රටේ ජනතාවගේ ප‍්‍රධාන අභිප‍්‍රාය ඒක. නමුත් විපක්ෂය කතා කරද්දී මතු කරන්නේ රටේ ඒකීයභාවය නැතිකරනවා, බුද්ධාගම විනාශකරනවා වගේ මිනිස්සුන්ගේ හැඟීම්වලට සම්බන්ධ කාරණා. මොකද ඒ අය දන්නවා දේශපාලනය කරන්න පහසුම විදිය ඒක කියලා.
ඉතිං මම කියන්නේ විපක්ෂය මේ ගැන කතා කරන්න කලින් ආණ්ඩුව ඒක කතා කරන්න ඕනෑ කියලා. අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් රටට අවශ්‍යයි කියන තැන එක්සත් ජාතික පක්ෂය සහ ශ‍්‍රීලංකා නිදහස් පක්ෂය විතරක් නෙමෙයි ඉන්නේ. දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ වගේ තවත් පක්ෂ රාශියක් ඉන්නවා. ඉතින් මේ හැමෝම ඒ පණිවිඩය ශක්තිමත් ආකාරයට සහ පැහැදිලිව කරන්න ඕනෑ.
අද සමහරු කියනවා විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන්න ඕනෑ නෑ. දහනවවන ව්‍යවස්ථා සංශෝධනය ඇති කියලා. නමුත් අපි දන්නවා ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාමුව ඉස්සරහට ගෙනියන්න ඒ විතරක් මදි කියලා. ව්‍යවස්ථා සභාව ඉදිරිපත් කළ වාර්තාව බලද්දී මේ කාරණය ඉතාම පැහැදිලි වෙනවා. එතැනදී උතුරු නැගෙනහිර විතරක් නෙමෙයි රටේ සියලූම මහ ඇමතිවරු කිව්වේ බලය බෙදීම නිවැරදිව කරන්න බෑ විධායක ජනාධිපති ධුරය නිසා කියලා. දහනමවෙනි සංශෝධනයෙන් කිසියම් වැදගත් කාරණා කීපයක් ඉටුවුණා තමයි. ඒත් අපිට බලය බෙදන්න ඕනෑ නම්, ජාතික ප‍්‍රශ්නයට විසඳුමක් හැටියට ඒක දකිනවා නම් මේ වගේ තනතුරක් තවදුරටත් පවත්වාගෙන යන්න බෑ.

නමුත් මේ තුළින් ෆෙඩරල් ආකෘතියකට යනවාය, මහ ඇමතිවරුන්ට අනවශ්‍ය බලයක් ඒකරාශි වෙනවාය කියන එක තමයි මේ අය කියන්නේ?

අපි දන්නවා, ව්‍යවස්ථා සභාවේදී දෙමළ ජාතික සන්ධානය හැර අනික් හැමෝම විරුද්ධ වුණා ෆෙඩරල් ක‍්‍රමයකට. ඒ වගේ ක‍්‍රමයකට යනවා නම් මම පෞද්ගලිකව කැමතියි. නමුත් අර කියූ එකඟත්වය උඩ මේ තුළින් ෆෙඩරල් ක‍්‍රමයකට යන්නේ නෑ කියන එක ඉතාම පැහැදිලියි.
බලය බෙදීමට තියෙන්නේ ෆෙඩරල් ආකෘතිය විතරක් නෙමෙයි. ලෝකයේ ඕනෑ තරම් තියෙනවා ඒකීය රාජ්‍යය ඇතුළේ ඉතාමත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී විදිහට බලය බෙ¥. බි‍්‍රතාන්‍යයේ මේක කළා. තවත් රටවල් ගණනාවක කරලා තියෙනවා. ඉතිං මෙතැනදී කරන්න අවශ්‍ය නම්වල පැටලි පැටලි ඉන්න එක නෙමෙයි. අද ලෝකයේ මේ වචනවල සංකල්ප ගොඩක් වෙලාවට වෙනස්වෙලා. ඒකීය රාජ්‍ය ඕනෑ තරම් තියෙනවා ඉතාමත් හොඳට බලය බෙ¥. ඒ වගේම ෆෙඩරල් ආකෘතියේ රාජ්‍ය තියෙනවා මධ්‍යම ආණ්ඩුවට විශාල බලයක් පැවරුණු. ඒ නිසා මේ දේවල් අල්ලන් ඉන්න එක විහිලූවක්. අද මේ අය ගොඩක් වෙලාවට ඉන්නේ ඔරුමිත්ත නාඩු වගේ එක වචනයක දෙකක පැටලිලා. මට මතක හැටියට මේ ව්‍යවස්ථා යෝජනාවලි වාර්තාව ඉදිරිපත් වෙන්න තිබුණේ පහුගිය අවුරුද්දේ නොවැම්බර් මාසෙ විතර. නමුත් මේ පිළිබඳ නිවැරදි එකඟතාවක් නැතිකම නිසා, ඒක මේ අවුරුද්දෙ අන්තිම වුණා.
මෙතැනදීම මේ අය කරන තවත් චෝදනාවක් තමයි යෝජිත ක‍්‍රමය අනුව මන්ත‍්‍රී මණ්ඩලය අතිවිශාල අයුරින් වැඩිවෙනවා කියන එක. මන්ත‍්‍රී මණ්ඩලය අනවශ්‍ය පරිදි වැඩිවෙන එක නම් හොඳ දෙයක් කියලා මම හිතන්නේ නෑ. නමුත් මං විශ්වාස කරන විදියට මේ පිරිස තවදුරටත් අඩු කරගන්න පුළුවන්. පළාත්වල ඉන්න අයට මධ්‍යම ආණ්ඩුවේ කොටස්කාරයන් වෙන්න ඉඩ දීලා තියෙන එක ඉතාම ඉහළ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලක්ෂණයක් කියලා කියන්න පුුළුවන්.

සමීක්ෂණවලින් හෙළිවුණ ආකාරයට මේ රටේ මිනිස්සුන්ට පොදුවේ වැදගත්ම ගැටලූව වුණේ ආර්ථික සංවර්ධනය කියලා ඔබ කිව්වා. රටේ ආර්ථික දර්ශනය පිළිබඳ ව්‍යවස්ථාමය සංවාද ඇතුළේ සාකච්ඡුා වෙනවා ප‍්‍රමාණවත්ද?

ඔව්, මිනිස්සුන්ට අද ඕනෑ රටේ ආර්ථික සමෘද්ධිමත්භාවය කියන එක නිවැරදියි. ව්‍යවස්ථාවෙන් හිතලත් නැති වෙන දේවල් කෙරහි මිනිස්සුන්ව යොමු කළේ දේශපාලනික වාසි වෙනුවෙන් මේ කාරණයට විරුද්ධ වෙන පිරිස්.
ඔබ ඇසූ තැනට යනවා නම්, ව්‍යවස්ථාවක් තුළින් යහපාලනය ගොඩනැගෙනවා කියන්නෙම රට ආර්ථික අතින් ශක්තිමත් වෙනවා කියන එක තමයි. ආර්ථික සංවර්ධනයත් එක්ක මිනිස්සු බලාපොරොත්තුවන ප‍්‍රධාන කාරණාවක් තමයි රැුකීරක්ෂා ගැටලූව විසඳීම. ඉතිං ඒ කාරණය විසඳන එක ඉතාම වැදගත්.
අනික් අතට ලංකාවේ තියෙන ගැටලූව තමයි, ඇඟලූම් කර්මාන්තය, සංචාරක කර්මාන්තය ආදි ගොඩක් තැන්වල රස්සාවල් තියෙනවා. නමුත් ඒ රස්සා ගන්න අපේ අය කැමති නෑ. රටේ ත‍්‍රීරෝද රථ රියදුරන්ම විතරක් ලක්ෂ නවයක් බිහිවෙලා තියෙන්නේ මේ කාරණේ නිසා. කියන ආකාරයට මේ අතර උපාධිධාරීන් පවා ඉන්නවා. මේ නිසා ලක්ෂ දෙකක් විතර පිරිසක් පිටරටින් ඇවිත් ලංකාවේ තියෙන අර රස්සා කරනවා කියලා කියනවා.
ව්‍යවස්ථාවක් කියන එක තුළට හැම දේම ඇතුල් කරන්න බෑ තමයි. නමුත් ඒ තුළ ඔබ මතුකළ ආකාරයට රටේ ආර්ථික දර්ශනය පිළිබඳ පැහැදිලි අදහසක් දෙන්න පුළුවන්. මොකද දැන් අගමැතිතුමා ඇතුළු ආණ්ඩුව කතා කරමින් ඉන්නවා ලංකාව ඉන්දියානු සාගරයේ් කේන්ද්‍රස්ථානය කරන එක ගැන. නමුත් ඒ තැනට එන්න මොනවද අපි කරන්න ඕනෑ කියලා පැහැදිලි අදහසක් දෙන්න ඕනෑ. ඒ සඳහා අපේ අධ්‍යාපනය සුදුසුද, ලාංකිකයෝ කීදෙනෙක් ඒක තුළ ඉන්නවාද, නැත්තන් විදේශිකයන් ඒ වැඩපිළිවෙළට සම්බන්ධ කරගන්නවාද වගේ කරුණු කාරණා ගැන පැහැදිලි අදහසක් තියෙන්න ඕනෑ.
ඒ වගේ ම ආර්ථික අයිතිවාසිකම් ආදි සියල්ල ව්‍යවස්ථාව තුළ පැහැදිලිව සටහන් වෙන්න ඕනෑ.
අපි ඉන්දියානු සාගරයේ කේන්ද්‍රයක් වෙන්න යද්දි අපිට මූණ දෙන්න වෙන ප‍්‍රශ්න පැහැදිලිව තියෙනවානේ. බලන්නකො සයිටම් ගැටලූව වගේ එකක්. අපේ රට ඉස්සරහට යන්න ඕනෑ නම්, අපිට විදේශ ආයෝජන අවශ්‍ය නම් ඒ වගේ ප‍්‍රශ්න තියෙන්න පුළුවන්ද? නුදුරේදී ලෝකයේ දෙවෙනියට විශාලතම ආර්ථිකය වන බවට මත පළ වන ඉන්දියාව සමග මේ ගමනේදී අපි එකට යන්නෙ නැද්ද. ඉන්දියාව අතඇරලා අපිට මේ ගමන යන්න පුළුවන්ද. නමුත් අපි දන්නවා එක්ටා වගේ ගිවිසුමක් සම්බන්ධයෙන් මේ ටේ මතුවුණ තත්ත්වය. ඒ නිසා මේ අභියෝග ගැන පැහැදිලි අදහසක් තියෙන්න ඕනෑ.

ඡායාරුපය: රුවන් මීගම්මන