රාවය

තිලංග බබා

තිලංග බබා

කී‍්‍රඩා අමාත්‍යවරයා කී‍්‍රඩකයන්ට වඩා ජනපි‍්‍රය වන්නේ ඉදහිට ගන්නා තීන්දු නිසාය. එය රටේ මහත් ආන්දෝලනයක් ඇති කරනුයේ කී‍්‍රඩා පිටියෙන් එහාට දේශපාලන වේදිකාව දක්වාද දිව යන බැවිනි. තලූ මරන බැවිනි.

මෑතකදී ඇමතිගත් දැඩි තීන්දුව නම් තම අවසරයෙන් තොරව ඉන්දියාව බලා පිටත් වීමට ගිය ශී‍්‍ර ලංකා එක්දින කි‍්‍රකට් පිලේ සාමාජිකයන් නැවත කැඳවීමය. මේ කැදවීම සිදුවන්නේ ගුවන් යානයටද නැග සිටියදීය. කී‍්‍රඩා නීතියට අනුව රට නියෝජනය කරන පාසල් හෝ ජාතික තලයේ පිළක් කී‍්‍රඩා ඇමතිගේ අනුමැතිය ලැබිය යුතුමය. එයද දින 21කට පෙරය. ඒ නීතිවලට පයින් ගසමින් අවසර නොගෙනම කණ්ඩායමක් ලංකාවෙන් පිටවෙන කල ඔවුන් නැවතීම ඔවුන් නැවත කැදවීම විවිධ අය විවිධ කෝණවලින් විග‍්‍රහ කරති. සමහරු ඇමතිගේ පලූ අරිති. තවත් අය ඇමති උඩ දමති.

ඒ දෙකොටසට අවැසි ප‍්‍රතිචාර එලෙසම තිබියදී අපට කීමට ඇත්තේ මේ නම් නාටකයක් බවය. ඇමතිවරයාගෙන් අවසර ගැනීම නොවූ කල ඔහු ඊට එරෙහිව කි‍්‍රයා කිරීම නිවැරදිය. එහෙත් එය තිලංග සුමතිපාල මහතා නොදැන සිටියා යැයි ඇමති කියන විට ඉළ ඇදෙන්න හිනා යනුයේ මේ නාටක කාට රග දක්වන්නේද යන්න නිසාය. තිලංග සුමතිපාල නොදැන මේ කණ්ඩායම ගියා යැයි කීම යහපාලන විහිළුය. කී‍්‍රඩා ඇමති කියන ආකාරයට මෙහි සම්පූර්ණ වගකීම ගත යුතුව ඇත්තේ ප‍්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වාය. දැන් එසේ නම් කි‍්‍රකට් ප‍්‍රධානියා ඔහුය. ඔහුද තිලංගගේ මිනිහෙකි. එසේ නම් තිලංග නොදැන මේ දේ වුණායැයි කීම විහිලූවකි. එසේ නම් තිලංග බබාය.

සනත් ජයසූරිය මෙන් නොව ග‍්‍රැහැම් ලැබ්රෝයිගේ තේරීම් ක‍්‍රමවේදය නරක නැති බව කි‍්‍රකට් අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇති දෑය. සනත් ජයසූරිය පොඩි වාසියටත් කාගේ හෝ කීමටත් කී‍්‍රඩකයන් එහා මෙහා කරන්නෙකි. එහෙත් ලැබ්රොයි එලෙස නැති බව පැවසේ. ඒ නිසා කාට කාටත් අවැසි අය කණ්ඩායමට ඇතුළු කිරීමේ අවුලක් දැන් නිර්මාණය වී ඇත. ඒ නිසා ඇතැම් අයට මේ දේ මහත් හිසරදයක් වී ඇත. ඒ නිසා මේ තේරීම් කමිටුවේ ආයුෂ කොතෙක් වේදැයි කල් තබා කිව නොහැකිය. චන්දික හතුරුසිංහ යනු ඒකාධිපතියෙකි. ඔහු යටතේ කි‍්‍රකට් පිළ ලොකු පෙරළියක් කරනු ඇතැයිද සිතිය නොහැකිය. මේ සියල්ල හමුවේ තිලංග කරනුයේ හැම දේටම කී‍්‍රඩා ඇමති ඉස්සරහට දාගනිමින් ජාමය බේරා ගැනීමය. දැන් ඒ ගැටය ඇමතිවරයා තේරුම් ගත යුතුය. ඇමතිවරයාට ප‍්‍රථම තිලංග සුමතිපාල මේ ගැන විධිමත් පරීක්‍ෂණයක් කළ යුතු නැද්ද? ඇමති නිවැරදි නම් මුලින්ම ඇ`ගිල්ල දිගු කළ යුත්තේ තිලංගටය. සෙල්ලං නොකළ යුතු බවට අවවාද කළ යුත්තේ තිලංගටය.

තිලංග සිතාගෙන සිටිනුයේ මේ මොහොතේ දයාසිරි ඔහුගේ රූකඩයක් බවය. මේ ඔත්තුව කී‍්‍රඩා ඇමතිට දෙන්න ඇත්තේ තිලංගය. මන්ද ඔහු මුල සිටම කරනුයේ බළලූන් ලවා කොස් ඇට බෑවීමය. තිලංග මේ කණ්ඩායමක් යන බව නොදන්නවා යැයි කියන්නේ නම් තිලංග ඉල්ලා අස්විය යුතුය. එහෙත් ප‍්‍රාථමික බොරුවට කී‍්‍රඩා ඇමති අහුවිය. ඔහු මෙම ගමන කඩාකප්පල් වීම නිසා ඇති වූ අලාභය විධායක නිලධාරියාට ගෙවන්නට කියයි. ඇමති කියන නිසා ඔහු තම සාක්කුවෙන්ම ඇද ගෙවීම සිදු කරනු නියතය. මේ නම් රාජකීය විහිළුය. ඇත්ත නම් කී‍්‍රඩා ඇමතිව නිලංගලා ගණං නොගැනීමය එයට හේතුව. කී‍්‍රඩා ඇමති තිලංගලා ඉදිරියේ ඕනෑවටත් වඩා මුලදී ළෙන්ගතු වීමය. මේ නොතකා හරිනුයේ ඒ යාලූකම නිසාය. කල් ගතවී හෝ මේ තැනට ආ එක හොදය. ඒත් එයද තිලංගගේම ගුණ්ඩුවක් වීම කනගාටුවක්ය.