රාවය

ගෝඨාභයට රටේ නීතිය බලාත්මක නොවන විට පුරවැසියන්ගේ ඉරණම?

ගෝඨාභයට රටේ නීතිය බලාත්මක නොවන විට පුරවැසියන්ගේ ඉරණම?

ගෝඨාභය රාජපක්ෂ සම්බන්ධයෙන් ආණ්ඩුව නීතිමය පියවර නොගන්නා තත්වය දැන් හොඳටම පැහැදිලිය. මේ තීන්දුව ගෙන තිබෙන්නේ කවදා ද? එහි පසුබිම කලකට පෙර රාවය පුවත් පත ඔස්සේම පෙන්වා දී ඇත. එය නැවත සිහි කිරීමට තරම් අපි අවාසනාවන්තයෝ වී සිටින්නෙමු.

”……ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වී සාකච්ඡුා කිරිමට අදාළ අනුමැතිය පළමුව මෛතී‍්‍ර ජනාධිපතිතුමාගෙන් ලබා ගතිමු. එ් අනුව ශිරාල්, හර්මන්, මෛතී‍්‍ර ගුණරත්න සහ මම මෙහි ආරම්භක පියවර ලෙස නුගේගොඩ උඩහමුල්ලේ පිහිටි ගෝඨාභය මහතාගේ නිවසට ගොස් ඔහු මුණ ගැසුණෙමු. එ් 2015 අප්‍රේල් 17 වන දා ය. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාර්ශවයෙන් ටිරාන් අලස් ද ඊට සහභාගි විය……. මේ ආකාරයට ආරම්භ වූ සාකච්ඡුා මාලාව අවස්ථා තුනක දී පමණ ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ සිදු කරන ලද අතර, දෙවන සාකච්ඡුාවෙන් පසුව මෛතී‍්‍ර ජනාධිපතිතුමා හා ගෝඨාභය රාජපක්ෂ මහතා අතර සාකච්ඡුාවක් සඳහා අපි පසුබිම සැකසුවෙමු….. අපි යොදා ගත් දිනයෙක රාති‍්‍රයේ ගෝඨාභය රාජපක්ෂ මහතාව මෛතී‍්‍ර ජනාධිපතිතුමාගේ නිවසට අපි කැඳවා ගෙන ගියෙමු. ජනාධිපතිවරණ සමයේ දී මෙන්ම චූලා හා රංජිත් විජේරාම නිවසේ ප‍්‍රධාන පිවිසුමෙහි ආරක්ෂක නිලධාරීන් අවම කොට අනවශ්‍ය විදුලි පහන් නිවා දමා රහසිගත සාකච්ඡුාවකට පසුබිම සකසා තිබුණි….” (ජාතික ලැයිස්තුවෙන් පත් කළ පාර්ලිමේන්තු මන්තී‍්‍ර, මලිත් ජයතිලක, මා දුටු ජනවාරි 08, 611, 612 පිටු)
මේ රහසිගත හමුව සම්බන්ධයෙන් කවර අර්ථකථන ඉදිරිපත් කළත් අද දවසේ සිදු වෙන කටයුතු අනුව සනාථ වන්නේ ගෝඨාභය රාජපක්ෂ සම්බන්ධයෙන් රටේ නීතිය බලාත්මක නොකිරීම හා බැඳුණ යථාර්ථයකි.
දැන් අපි කුමක් කරමු ද?

අධිකරණ කි‍්‍රයාමාර්ග

යුක්තියේ හා සාධාරණත්වයේ නාමයෙන් නීතිය කි‍්‍රයාත්මක කිරීමට තිබෙන නිල ආයතනවලට සහ අධිකරණයට කිසිදු ආකාරයකින් කිසිදු බලපෑමක් නොකරන මෙන් ජනාධිපතිවරයාගෙන් හා අගමැතිවරයාගෙන් හඬගා අයැදීමට නීතිය මත පාලනය වන රටක් පතන පුරවැසියන්ට සිදුව තිබේ. එපමණක් නොව, දුෂණ සහ අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන නිලධාරීන් අධෛර්ය නොකර ඔවුන්ට උපරිම සහයෝගය ලබා දීමට කටයුතු කරන මෙන් ද ජනාධිපතිවරයාගෙන් හා අගමැතිවරයාගෙන් හඬගා අයැදීමට ද අපි කැමැත්තෙමු.

පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙකු වූ රවිරාජ්ගේ ඝාතනය හා සම්බන්ධ නඩුව විභාග කිරීම හා තීන්දුව ප‍්‍රකාශ කළ අන්දම ඔස්සේ අධිකරණයේ පාරිශුද්ධතාව සම්බන්ධයෙන් නීතිගරුක පුරවැසියන් තැබූ විශ්වාසය බිඳ වැටුණ අන්දම අතිශයින් ශෝචනීය වේ. එය කෙසේ සිදු වී ද යන්න මේ වන විට අනාවරණය වී තිබෙන කුප‍්‍රකට රහසකි.

ගෝඨාට වෙසෙස් නීතියක්?

ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් වත්මන් නායකයන්ගේ ආකල්පය අනාවරණය වූ අවස්ථා ගණනාවක දී රාවය පුවත් පත ඔස්සේ අපි හඬ නැඟුවෙමු. වසර එකහමාරක් තිස්සේ රාවයට මවිසින් ලියන ලද ලිපි ගණනාවක් ඔස්සේ පැවසූ අදහස් ස්වල්පයක් නැවත ආවර්ජනය කිරීමට කැමැත්තෙමි.

01. හිටපු ආරක්ෂක ලේකම්වරුන්

ජනවාරි 08 වෙනිදා ප‍්‍රතිඥා ඉටු කිරීමට අසමත් වීම සමඟින් නීතිගරුක පුරවැසියන්ගේ අප‍්‍රසාදයට බඳුන් වෙමින් තිබෙන ආණ්ඩුව අනෙක් අතින් අවිඥානකව සිදු කරමින් සිටින්නේ ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂා කිරීමය. චීනයේ පැවති ආරක්ෂක සමුළුවට ගෝඨාභය රාජපක්ෂ සහභාගි වන්නේ වත්මන් ආරක්ෂක ලේකම්වරයා සමඟිනි. එ් සමුළුවේ දී ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් අවශ්‍ය සියලූ ප‍්‍රශස්ති ගායනා කිරීමට වත්මන් ආරක්ෂක ලේකම්වරයා සැදීපැහැදී කටයුතු කර ඇත. වත්මන් ආරක්ෂක ලේකම්වරයා ගෝඨාභය වෙනුවෙන් කළ හැකි සියලූ දේ ඉටු කර තිබේ. එබැවින් ඉතා පැහැදිලිව විiමාන වන්නේ සාපරාධී මනුෂ්‍ය ඝාතන සම්බන්ධ සාධාරණයක් ඉදිරියේ දී ඉටු නොවන බවයි. (එකල ආරක්ෂක ලේකම්, කරුණාරත්න හෙට්ටිආරච්චිය.)

02. පුරවැසියන්ගේ අනතුරේ

ගෝඨාභය රාජපක්ෂ මේ වන විට නායකත්වය දෙමින් සිටින්නේ රටේ නීති ගරුක පුරවැසියන්ගේ ප‍්‍රාර්ථනා වනසා දැමීමේ සටනටයි. එ් සටනට අවශ්‍ය සහාය ලබා දෙන්නේ කවුරුන් ද? මේ ප‍්‍රශ්නය නීතිගරුක පුරවැසියන්ට තේරුම් ගත නොහැකිය. තමන්ගේ මතයට එකඟ නොවන කිසිවෙකුට නිරුපද්‍රිතව ජීවත් වීමට ඉඩක් නැත යන තීන්දුව හිසින් ගත් පුද්ගලයෙකුට රැුකවරණය ලබා දෙන ආණ්ඩුවකින් පුරවැසියන්ට අපේක්ෂා කළ හැක්කේ මොනවා ද?

03. ජාතිවාදය

ජනවාරි 08 වෙනිදා රටේ බහුතරයක් විසින් පරාජයට පත් කළේ ජාතිවාදයයි. එහෙත් අලූත් පාලකයන් කල්පනා කරන්නේ ජනවාරි 08 වෙනිදා පරාජය කළේ මහින්ද රාජපක්ෂ බවයි. මහින්ද රාජපක්ෂගේ දේශපාලන භූමිකාවේ අනන්‍යතාව ජාතිවාදයයි. ඔහු ජාතිවාදය පෙරටු කර ගන්නේ ගෝඨාභය රාජපක්ෂට අභිමත අන්දමටය. ගෝඨාභය එ් කටයුත්ත මැනවින් සිදු කළේය. වත්මන් ආණ්ඩුව ද ජාතිවාදය බැහැර කළ රාජ්‍ය පාලනයක නිමග්න වීමට අසමත් බව පෙනී යයි. ඊට ප‍්‍රධාන සාධකය වන්නේ රාජ්‍ය පාලනය වෙනුවෙන් භික්ෂූන් වහන්සේලාගේ අනුග‍්‍රහය අවශ්‍යය යන අදහස හිසින් ගෙන කටයුතු කිරීමයි. බෞද්ධ භික්ෂූන් වහන්සේලා බහුතරයක් ජාතිවාදය වෙනුවෙන් එදාටත් වඩා අද ඉදිරියෙන් ගමන් කරති. එ් තත්වය ඇති කළේ මහින්ද රාජපක්ෂ වුව, එහි කර්තෘවරයා ගෝඨාභය රාජපක්ෂයි.

04. ශී‍්‍රලනිපය හා ගෝඨා

ගෝඨාභය රාජපක්ෂගේ දේශපාලන චරිතයේ ප‍්‍රධාන ලක්ෂණය බලය මිස අන් කිසිවක් නොවේ. ගෝඨාභය ශී‍්‍රලනිපය දකින්නේ ද බණ්ඩාරනායක මහතා නිර්මාණය කළ පක්ෂය ලෙස නොව, තම පියාගේ හා සහෝදරයාගේ පක්ෂය ලෙසයි. වත්මන් ජනාධිපතිවරයා ජාතිවාදයෙන් දුරස්ථව රාජ්‍ය පාලනය ගැන අවධානය යොමු කරන්නේ නම් මේ යථාර්ථය තේරුම් ගත යුතුය. යුද්ධය අවසන් වුණ පසුව මහින්ද රාජපක්ෂ කටයුතු කළ යුතුව තිබුණේ, ශී‍්‍රලනිපයේ නිර්මාතෘවරයා වූ බණ්ඩාරනායකගේ මේ දැක්ම පූර්වාදර්ශයට ගනිමින් නොවේ ද? ඔහු එ් ගැන අසංවේදී වුණේ ඔහුට ඊට වඩා දැක්මක් තිබුණ නිසා ද? සැබවින්ම ඔහුට දැක්මක් තිබුණේ නැත. ඔහුට දැක්මක් තිබුණේ නම්, මහා ධනස්කන්ධයක් වැය කරමින් යුද සැමරුම් පවත්වමින් ද, සුළු ජාතීන් අතර, ආගම් අතර, අරගල ඇති වන ව්‍යාපෘතිවලට වැඞී වර්ධනය වෙන්නට අනුග‍්‍රහය දක්වමින් කටයුතු කරන්නේ නැත. දැක්මක් තිබුණේ නම් බොදු බලය මෙන්ම විමල් බලය ද පාලනය කළ යුතුව තිබුණි. එ් කිසිවක් කළ නොහැකි වූයේ ඔහුට ඉහළින් ගෝඨා බලය පැවතුණ නිසාය.

05. රණවිරුවන්

ගෝඨාභය රාජපක්ෂ හිසින් ගෙන සිටින්නේ වැඩවසම් දෘෂ්ටිවාදයන්ය. වැඩවසම් දෘෂ්ටිවාද හිසින් ගත්තෙකුට යහපත් ආණ්ඩුකරණයක් උදෙසා දැක්මක් තිබිය නොහැකිය. මනුෂ්‍යත්වය ගැන අසංවේදී පාලකයෙකුට මිනිස් ජීවිතවල අගයක් ද නැත. රාජ්‍ය බලය හරහා විරුද්ධවාදීන් ඝාතනය වන්නේ නම්, මනුෂ්‍යයාට ජීවත්වීමට තිබෙන අයිතිය හා නිදහස අහිමි කරන්නේ නම්, එ් රට මොන අන්දමකින්වත් දියුණු රටක් වන්නේ නැත. මේ යථාර්ථය වත්මන් ජනාධිපතිවරයා ගැඹුරින් අවබෝධ කර ගත්තේ නම්, රණ විරුවන් වෙනුවෙන් නීතිය කි‍්‍රයාත්මක කිරීම නොයිවසන තැනකට තල්ලූ වෙන්නේ නැත. ගෝඨාභය රාජපක්ෂ සමඟ නැගිටින්නට ශී‍්‍රලනිපය කල්පනා කරන්නේ නම් ප‍්‍රතිඵලය නිසැකවම විනාශයයි. එහි සැකයක් නැත. මෛතී‍්‍රපාල සිරිසේන ජනාධිපතිවරයා, ‘මම රණ රුවන් ආරක්ෂා කරමි’ යන තීන්දුවේ පිහිටා ආරක්ෂා කරන්නේ කාව ද? ගෝඨාභය රාජපක්ෂ නොවන්නේ ද?

06. ජනාධිපතිවරයාගේ ඉරණම

ගෝඨාභය රාජපක්ෂගේ වැඩකටයුතුවල සොබාව ගැඹුරින් කියවා බලන විට විශද වන පැහැදිලි කාරණාවක් ඇත. එ් අන් කිසිවක් නොව, තමන් අතට යම් බලයක් ලැබුණේ නම් ඉන් කළ හැකි සෑම සියලූ දෙයක්ම තමන්ට අභිමත අන්දමට කරන්නේය යන්නයි. ඔහු යම් විදිහකින් ශී‍්‍රලනිපයට කැඳවීමට ජ්‍යෙෂ්ඨ නායකයන් සමත් වුවහොත් ඔහු වැඩි කල් නොගොස් මෛතී‍්‍රපාල සිරිසේන චරිතය දේශපාලන වැඩබිමෙන් ඉවත් කරන්නේ, පැල්පත් කඩා ඉවත් කර දැමූ අන්දමට බව නම් නිසැකය.

07. නීතියට ඉහළින් සිටීම

ජනාධිපතිවරයා, ගෝඨාභය රාජපක්ෂට රැුකවරණය සලසා දීම පිණිස රණවිරුවන් රැුක ගන්නා මතයෙහි පිහිටා කටයුතු කිරීම ඔස්සේ ලෝකයට ලබා දෙන පණිවිඩය කුමක් ද? ජාත්‍යන්තර ප‍්‍රජාව අපේ රට සම්බන්ධයෙන් දැරූ මතය වෙනස් කළේ තමන් බව ජනාධිපතිවරයා අවධාරණයෙන් ප‍්‍රකාශ කළ අවස්ථා අපමණය. ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂා කිරීම, සාපරාධී මනුෂ්‍ය ඝාතනවලට වගකිව යුතු හමුදා නිලධාරීන් ආරක්ෂා කිරීම සමඟින් ලෝක ප‍්‍රජාවට ජනාධිපතිවරයා ලබා දෙන සංඥාව කුමක් ද? මේ අතිසරල පිළිතුරක් ලබා දිය නොහැකි ප‍්‍රශ්නයකි. රාජ්‍ය පාලනයේ දී හැඟීම් බර තීරණ නොමනාය. එ් තීරණ අවසන රටකට අත් කරන්නේ අතිභයානක ඉරණමකි. නීතියට ඉහළින් කිසිවෙකු කටයුතු කළ යුතු නැත. නීතිය සෑම සියලූ දෙනාටම එක ලෙස කි‍්‍රයාත්මක වන්නේ නම්, නායකයෙකුට රාජ්‍ය පාලනය උදෙසා අනවශ්‍ය භීතිකාවක් ද නැත. මහින්ද රාජපක්ෂට වැරදුණේ නීතියට ඉහළින් සිටි බැවිනි. ඉන් කාට වුව උගත හැකි පාඩම් අප‍්‍රමාණය.

08. ගෝඨාගේ ශේෂපත‍්‍රය

මර බිය ඇති කිරීම, අත්තනෝමතිකභාවය, ඔස්සේ ශිෂ්ට සමාජයක් බිහි කළ හැකි ද? ”අවනත වෙයව්, නැත්නම් මැරෙන්න ලෑස්ති වෙයව්” යන්න හිසින් ගත් පාලකයෙකු යටතේ ජීවත්වීමට කැමති විය හැක්කේ කාට ද? ගෝඨාභය රාජපක්ෂත් 2015 ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ පරාජය කිරීමට මුල් වූ ප‍්‍රධාන චරිතයකි. රාජපක්ෂ පාලන සමය තුළ සිදු වූ සාපරාධී මනුෂ්‍ය ඝාතනවලට වගකිව යුතු චරිතය ලෙස චෝදනා ලැබුවේ ගෝඨාභය රාජපක්ෂයි. මාධ්‍ය ආයතන ගිනි තැබීම හා මාධ්‍යවේදීන් සම්බන්ධ සියලූ සාවi කටයුතුවලට චෝදනා එල්ල වී තිබෙන්නේ ගෝඨාභය රාජපක්ෂටයි. සිරගතව සිටින දුමින්ද සිල්වාගේ අතිජාත මිත‍්‍රයා වූයේ ගෝඨාභය රාජපක්ෂයි. රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්තී‍්‍රවරයා බවට දුමින්ද සිල්වා පත් කිරීම මොන තරම් අවලස්සණ කටයුත්තක් ද? දුමින්ද සිල්වා සහ භාරත ලක්ෂ්මන් අතර ගැටුමේ දී ගෝඨාභය කළ කී දේවල් සුළුපටු නොවේ. දුමින්ද සිල්වා වෙනුවෙන් කීර්තිමත් වෛiවරුන් ද වහලූන් බවට පත්වූයේ කෙසේ ද? නීතිය කි‍්‍රයාත්මක කරන ආයතන දුමින්ද සිල්වා වෙනුවෙන් අඩපණ කළ සැටි අමතක කළ හැකි ද? දුමින්ද සිල්වා වෙනුවෙන් අධිකරණය බෙලසුන් කළ නිසා නොවේ ද, ඔහුට අදාළ නඩුව හමස් පෙටිටයක බහා තිබුණේ? ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට අමනුෂ්‍ය මුහුණුවරක් ගෙන දීමට ගෝඨාභය රාජපක්ෂ දායක වූ බව ද නොරහසකි. සුළු ජාතීන් පක්ෂයෙන් ඈත් කර දැම්මේ ඔවුන් තුට්ටුවකට මායිම් නොකරමිනි. ලංකාවේ රාජ්‍ය පාලනය මිලිටරි පාලනයක් බවට පරිවර්තනය කිරීමට පියවර ගනිමින් එය කෙසේ හෝ සිදු කිරීමට ඔහු පිඹුරුපත් සැකසීය. දියුණු රටවල තානාපති පදවිවලට තමන්ට හිතෛෂී හමුදා නිලධාරීන් තානාපතිවරුන් ලෙස පත් කිරීමට ඔහු පියවර ගනිමින් සිටි අතර ලංකාව ජාත්‍යන්තර ප‍්‍රජාවගේ අප‍්‍රසාදයට පත් කිරීමට හිතුවක්කාර අන්දමින් කටයුතු කළ බව ද නොරහසකි.

09. එ්කාධිපතියෙකුගේ දෘෂ්ටිය

ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කළ අන්දම කවුරුත් විවේක පාඩුව වීමංසනය කළ යුතුය. රාජ්‍ය නිලධාරියෙකු ලෙස ඔහු බලය පරිහරණය කළ අන්දම ගැන අමුතුවෙන් විස්තර කිරීම අවශ්‍ය නැත. දේශපාලන බලය හා රාජ්‍ය පාලනය විෂයෙහි ඔහුගේ දෘෂ්ටියේ තරම සිහි තබා ගෙන රටේ අනාගතය ගැන කවුරුත් කල්පනා කළ යුතුය. එවිට විධායක ජනාධිපති පදවියට ඔහු පත් වුවහොත් කටයුතු කරන අන්දම විනිශ්චය කිරීමට පහසුය. ගෝඨාභය රාජපක්ෂ විධායක ජනාධිපති පදවියට පත් වුවහොත් ඔහු යටතේ නිසැකවම බොහෝ පුරවැසියන්ට ජීවිත ආශාවෙන් තොර ඉරණමකි උරුම වන්නේ. ඊටත් වඩා අපගේ සැලකිල්ලට බªන් විය යුතු ප‍්‍රශ්්නයක් ඇත. එ් කුමක් ද? උග‍්‍ර ජාතිවාදයෙකු හා ආගමික අන්තවාදියෙකු ලංකාවේ රාජ්‍ය පාලනයට සුදුසු ද?

10. බල අරගලය සහ පක්ෂය

ගෝඨාභය පෙරමුණට ගෙන එ්මට කල්පනා කරන ශී‍්‍රලනිපයේ ඇතැම් ජ්‍යෙෂඨයන්්ට තිබෙන්නේ ඉතා පටු න්‍යාය පත‍්‍රයකි. එනම් පක්ෂය රැුක ගැනීම යන කාරණාවයි. ඔවුන්ට රට සහ රටේ අනාගතය ගැන සැබෑ හැඟීමක් නැත. ගෝඨාභය අතට රාජ්‍ය පාලනය සඳහා වරමක් ලැබුණහොත් ඔහු රාජපක්ෂවරුන්ට ලබා දිය යුතු තැන එක දවසකින් තීන්දු කරනු ඇත. එපමණක් නොව ඔවුන්ට සහ ඔවුන්ගේ ගජමිතුරන්ට චෝදනා කළ, නීතිය කි‍්‍රයාත්මක කළ, සියලූ දෙනා වෙනුවෙන් එක රැුයක් තුළ අවශ්‍ය තීන්දු තීරණ සියල්ල ගනු නියතය. ගෝඨාභය රාජපක්ෂට පක්ෂය රැුක ගැනීම යන්න විහිළුවකි. පක්ෂය ඔහු, ඔහුට අවශ්‍ය අන්දමට හීලෑ කරගෙන හමුදා නීතිය යටතේ පක්ෂය මෙහෙයවීමට පෙළෙඹෙනු ඇත. ඊට එකඟ නොවන සියලූ දෙනාට පක්ෂය අත් හරින්නට හෝ ජීවිතය අත් හරින්නට සිදු විය හැකිය. ජීවිතයේ සැඳෑ සමයේ පසුවෙන ශී‍්‍රලනිපයේ ජ්‍යෙෂ්ඨයන් මෙය වැදගත් නැතැයි සිතීමට පුළුවන. එහෙත් ඉන් පසුකාලීනව සිදු වන දේ තේරුම් ගත යුතුය. ප‍්‍රගතිශීලී ජනතාව සමඟ මෙන්ම සුළු ජාතීන් සමඟ ද සහජීවනයෙන් කටයුතු කිරීමට තරම් තත්වයක පැවති ශී‍්‍රලනිපය එ් තත්වයෙන් වියුක්ත කළේ මහින්ද රාජපක්ෂයි. එ් වග නිසි ලෙස නොදකින ශී‍්‍රලනිපයේ ඇතැම් ජ්‍යෙෂ්ඨයන් ගෝඨාභයගෙන් පක්ෂය රැුක ගැනීමට කල්පනා කිරීම අවසිහියෙන් අඳුරේ ඇවිදීමක් බව කිව යුතුය.

11. මහින්ද සහ ගෝඨාභය

ගෝඨාභය ගැන සිහින දකින ඇතැම් භික්ෂූන් වහන්සේලාට තිබෙන්නේ සුළු ජාතිකයන් මර්දනය කර දැමීමේ නොතිත් ආශාවයි. සාවi ලෙස හරිහම්බ කර ගත් උදවියට තිබෙන්නේ තමන් අකමැති පුද්ගලයන්ට පාඩම් ඉගැන්වීම හා ඔවුන්ගේ ඉරණම විසඳීමේ උවමනාවයි. මේවා නීතිගරුක පුරවැසියන් සාමූහිකව පරාජය කළ යුතු කාරණා නොවේ ද? මහින්ද රාජපක්ෂට දේශපාලන අනාගතයක් රටේ නැති බව ඔහු තේරුම් ගෙන ඇති බවට සැකයක් නැත. ඔහු දේශපාලනයේ නිමග්නව සිටින්නේ පවුලේ ආරක්ෂාව වෙනුවෙනි. ගෝඨාභය ශී‍්‍රලනිපයේ නායකයෙකු වීම මහින්ද රාජපක්ෂ මොනම හේතුවක් නිසාවත් ඉවසන්නේ නැත. ඔහුගේ එ්කායන ප‍්‍රාර්ථනාව වී තිබෙන්නේ කෙසේ හෝ සිය පුත‍්‍රයාට පක්ෂයේ බලය අල්ලා දීම පමණි. එ් සඳහා මහින්ද රාජපක්ෂ සැලසුම් සකස් කරන්නේ දේශපාලනඥයෙකු වශයෙන් තමන් සතු අත්දැකීම් ඉවහල් කර ගනිමිනි. සිය පුත‍්‍රයාට වඩා කවර අංශයකින් හෝ ඉදිරියෙන් සිටින පුද්ගලයෙකු අතට ශී‍්‍රලනිපයේ බලය ලැබුණහොත් සිදු වන්නේ කුමක් ද යන්න මහින්ද රාජපක්ෂට කිසිවෙකු පහදා දිය යුතු නැත. හමුදා නිලධාරියෙකු වූ සිය සහෝදරයා දේශපාලනයේ දී වුව කටයුතු කරන්නේ හමුදා නිලධාරියෙකු ලෙස බව මහින්ද රාජපක්ෂ දනියි.

12. රාජ්‍ය නිලධාරියා

ගෝඨාභය රාජපක්ෂ කටයුතු කළේ රාජ්‍ය නිලධාරියෙකු වශයෙන් ද? කිසිසේත් නැත. ඔහු සිය පදවිය ඉවහල් කරගෙන සිදු කළේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ වටිනාකම් තුට්ටුවකට මායිම් නොකරන දේශපාලනයකි. සිය සහෝදරයා, ‘නීතිය මමයි’ යන මතයේ පිහිටා කටයුතු කළ නිසා ගෝඨාභය තමන් රාජ්‍ය නිලධාරියෙකු ලෙස කටයුතු නොකිරීමට වග බලා ගත්තේය. ඔහු නාමිකව නිලධාරියෙකු වුව ඔහු සිය පදවිය තමන්ට අභිමත අන්දමට භෞතීස්ම කර ගන්නේය. එ් අනුව ඔහු තමන්ට අභිමත දේශපාලනයක ද නිමග්න විය. ඔහු සියලූම රාජ්‍ය නිලධාරීන්ට තර්ජනයක් විය. සියලූ සම්ප‍්‍රදායන් කඩා බිඳ දමා වැඩ කිරීමට ඔහු සෙසු නිලධාරීන්ට අණ දුන්නේ මර බිය ඇති කරමිනි. මහින්ද රාජපක්ෂ රට පාලනය කළ කාලයේ ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස නොව පෙනී සිටියේ, ‘ආරක්ෂක ලේකම්වරයා’ ලෙසිනි. එ් අන්දමට ඔහු රාජ්‍ය පාලනය තුළ ප‍්‍රබල භූමිකාවක් නිරූපණය කරන්නේ ආඥාදායකයෙකු විලසිනි.

13. ආඥාදායකයා

ප‍්‍රජාතන්ත‍්‍රවාදයට අනුගත සම්ප‍්‍රදායන් ගෝඨාභය කිසිදු කටයුත්තක් සඳහා අදාළ කර ගත්තේ ද නැත. ඔහු රාජපක්ෂ පාලන සමය තුළ දේශපාලන වැඩ කටයුතුවලට සම්බන්ධ වූයේ ද ආඥාදායකයෙකු විලසිනි. එ් ඔහු සැබවින්ම දේශපාලනයට පිටස්තරයෙකු නිසාය. ගෝඨාභය රාජපක්ෂ දේශපාලනයට පමණක් නොව, රාජ්‍ය පරිපාලනයටත් පිටස්තරයෙකි. හමුදා නිලධාරියෙකු ලෙස පුහුණුවක් ලද පුද්ගලයෙකුගේ චරිතය ගොඩ නැෙඟන්නේ අණ දීම හා අණ පිළිපැදීම මතය. මේ නිසාමය අද නිකරුණේ ති‍්‍රවිධ හමුදාවේ සේවය කළ කිහිප දෙනෙකු බන්ධනාගාරගතව සිටින්නේ. අණ දෙන්නා අවසන අපේක්ෂා කරන්නේ වෙඩි උණ්ඩයකින් ලබා දෙන ප‍්‍රතිඵලයයි. අණ පිළිපදින්නා, අණ පිළිපැදීමෙහි නිමග්න වන්නේ තුවක්කු බටයකින් පිටවන උණ්ඩයක් ලෙසිනි. උණ්ඩයට හැඟීමක් නැත. ප‍්‍රතිඵලය ගැන ද වගකීමක් නැත.

14. නිල හමුදා හැසිරවීම

රාජපක්ෂ පාලන සමය අවසන් කිරීමට ප‍්‍රධාන සාධකයක් වුණේ සාපරාධී මනුෂ්‍ය ඝාතනයන්ය. එ් මනුෂ්‍ය ඝාතන සමඟ යුද්ධයේ අදාළත්වයක් නැත. එ් මනුෂ්‍ය ඝාතන අදාළ වන්නේ කප්පම් ගැනීමට, පුද්ගල කෝන්තර පිරිමසා ගැනීමට හා බලය එක පවුලකට නතු කර ගැනීමටය. මේ සියලූ මනුෂ්‍ය ඝාතන, පැහැර ගැනීම් හා අතුරුදන් කිරීම්, රටේ ජීවත්වීමේ අයිතිය අහෝසි කිරීම් සිදු කර ඇත්තේ රජයේ නිල හමුදාවල සාමාජිකයන් පිරිසක් මාර්ගයෙනි. මේ වූකලි දරුණුම අපරාද කි‍්‍රයාවලියකි. සියලූ හමුදාවලට සහ පොලීසියට අණ දෙන්නට හැකි අසාමාන්‍ය රාජ්‍ය බලයක් ගෝඨාභය රාජපක්ෂ හිමි කරගෙන සිටියේය. එබැවින් සාපරාධී මනුෂ ඝාතනවලට ඔහු වග කිව යුතු චරිතයකි. ඔහුට එ් චෝදනාවලින් නිදහස් වීමට නොහැකිය.

15. රණවිරුවෝ් සහ මිනීමරුවෝ

ති‍්‍රවිධ හමුදාවේ සහ පොලීසියේ නීතිගරුක උසස් නිලධාරීන් පමණක් නොව, සෙසු නිලයන් නියෝජනය කරන බහුතරයක් පවසා සිටින්නේ මනුෂ්‍ය ඝාතනවලට අදාළ පුද්ගලයන්ට නීතිය කි‍්‍රයාත්මක විය යුතු බවයි. ති‍්‍රවිධ හමුදාවේ සහ පොලීසියේ කීර්තිනාමයන් ආරක්ෂා කළ යුතු බවයි. අභාග්‍යය නම් එ් හඬ ජනාධිපතිවරයාගේ සවනට යොමු නොවීමය. ජනාධිපතිවරයාගේ සවනට ඇසෙන්නේ රණවිරුවන් දඩයම් කරනවා යන මුග්ධ හිතලූය; ජාතික ආරක්ෂාවට තර්ජනයක් ඇත යන අමූලික අසත්‍යයන්ය. මෙබදු සංදර්භයක වරින් වර ජනාධිපතිවරයා පවසන්නේ රණවිරුවන්ට නඩු පැවරීමට තමා ඉඩ නොදෙන බවයි. ජනාධිපතිවරයා මෙහිදී නොතකා හරින වැදගත් කාරණාවක් ඇත. එය නම්, සැබෑ රණවිරුවෝ සැබැවින්ම මිනීමරුවෝ නොවෙත්ය යන්නත්, මීනීමරුවෝ මොනම අන්දමකින්වත් රණවිරුවෝ නොවෙත්ය යන්නත්ය.

16. පොදු ජනතාව ගැන ආකල්පය

ගෝඨාභය රාජපක්ෂ අවසාන විග‍්‍රහයේ දී සේවය කළේ කාට ද? ඔහුගේ මනසේ තිබුණේ සුපිරි පැළැන්තියකි. සාමාන්‍ය ජනතාව ගැන ඔහු අතිශයින් අසංවේදී පුද්ගලයෙකි. ඔහු කොළඹ නගර සීමාව ලස්සණ කිරීමට, කුණු කසල ඉවත් කිරීමට පියවර ගත්තේ හමුදා පාලකයෙකු ලෙසිනි. ඔහු එ් කිසිවක් කළේ නීතිගරුක නිලධාරියෙකු ලෙස නම් නොවේ. ඔහු මීතොටමුල්ලට කුණු ගෙන යන්නට සහාය ලබා ගත්තේ හිත මිතුරු දුමින්ද සිල්වාගෙනි. දුමින්ද සාධකය උවමනාවෙන් විමසා බැලිය යුතු අතිශයින් වැදගත් කාරණාවකි. දුමින්ද සිල්වාගේ දේශපාලනයට පසුබිම් කර ගත්තේ අඩු අදායම්ලාභී හා අඩු පහසුකම් යටතේ ජීවත්වන ජනතාවයි. ඔහු කළේ එ් ජනතාව එදිනෙදා සතුටු කිරීමය. එ් ජනතාවගේ ජනජීවිතය වෙනස් කිරීමට ඔහු කිසිසේත් සූදානම් වූයේ නැත. එ් සමාජ තීරුව අහිමිවුවහොත් ඔහුට දේශපාලන චරිතයක් ද නැත. ගෝඨාභය රාජපක්ෂ දුමින්ද සිල්වා මාර්ගයෙන් එ් සමාජ තීරුව හීලෑ කර ගැනීමට පියවර ගත්තේය. අනෙක් පැත්තෙන් එ් සමාජ තීරුව මර්දනය කිරීමට පියවර ගත්තේය. ඔහු දේශපාලනඥයෙකු නොවන බැවින් මේ සමාජ තීරුව ඔහුට වැදගත් නැත. මීතොටමුල්ලට කුණු ගෙනැවිත් දැමීම පුළුල් කළේ ඔහුට මේ සමාජ තීරුවට අවශ්‍ය ඕනෑම දෙයක් කළ හැකි බැවිනි. ඔහුට යහපත් පරිසරයක් කොළඹ දිස්ති‍්‍රක්කය තුළ නිර්මාණය කිරීමේ දර්ශනයක් තිබුණේ නම්, වැඩ පටන්ගත යුතුව තිබුණේ අඩු ආදායම්ලාභී, අඩු පහසුකම් යටතේ ජීවත්වන ජනතාවගේ වාසභූමි ගැටලූව නිරාකරණය කිරීමෙනි. ඔහු එය නොකළේ හේතු දෙකක් නිසාය. එකක් දුමින්ද සිල්වාට දේශපාලනය කිරීමට හා ඔහුගේ සුප‍්‍රකට ව්‍යාපාරයට අඩු ආදායම්ලාභී හා අඩු පහසුකම් යටතේ ජීවත්වන ජනතාවගේ වාසභූමි වෙනස් කොට ඔවුන්ට හොඳ ජීවන තත්වයක් ලබා දීම අහිතකර බැවිනි. අනෙක් කාරණාව වන්නේ පීඩිත පන්තිය ජීවත්විය යුතු ජන සංඝයක් ලෙස ඔහු කල්පනා නොකිරීමය. සියල්ල වෙනුවෙන් අදාළ ඔහුගේ ක‍්‍රමය වූයේ තමන්ට අභිමත අන්දමට අවනත නොවන සියලූ දෙනා තව දුරටත් ජීවත් විය යුතු නැත යන්නය. අභාග්‍යය වන්නේ දීර්ඝ කාලයක් දේශපාලනයේ නිමග්න ශී‍්‍රලනිපයේ ඇතැම් ජ්‍යෙෂ්ඨ නායකයන් බලය අල්ලා ගැනීමට ගෝඨාභය පෙරටු කර ගත යුතුය, ඔහු පක්ෂයේ ඉහළට එසවිය යුතුය, යන මතයේ පිහිටා කටයුතු කිරීමය. රාජ්‍ය පාලනය තුළ ජනතාවට හිමි තැන මේ මානසිකත්වයෙන් මනාව ගම්‍ය වන්නේය.

17. පරමාදර්ශී මිතුරා

භාරත ලක්ෂ්මන් වෙඩි වැදීමෙන් පසුව රැගෙන යන්නේ ජාතික රෝහලටයි. දුමින්ද සිල්වා රැුගෙන යන්නේ ශී‍්‍ර ජයවර්ධනපුර රෝහලටයි. එය තීරණය කළේ කවුරුන් ද? එතන යම් බලවතෙක් නිසැකවම සිටි බව පැහැදිලිය. විස්මය නම්, දුමින්ද සිල්වා ජයවර්ධනපුර රෝහලට රැුගෙන යන විට ගෝඨාභය රාජපක්ෂ එහි සැපත්වී සිටීමය. භාරත ලක්ෂ්මන්ගේ දේශය ඔහුගේ දේශපාලන වැඩබිම තුළ දී ආදාහනය කෙරිණි. භාරත ලක්ෂ්මන් ඇතුළු පිරිසක් ඝාතනය කිරීම සම්බන්ධ අධිකරණ කි‍්‍රයාමාර්ගයක් ආරම්භ වුව එය රාජපක්ෂකරණයට අභිමත සංදර්ශනයක් විය. භාරත ලක්ෂ්මන්ගේ ආදාහනය සමඟින් ඔහුගේ මෘතදේහය පමණක් නොව ඔහු හා සම්බන්ධ ඉතිහාසය ද ආදාහනය කෙරිණි. එය ශෝචනීය කටයුත්තකි.

දුමින්ද සිල්වා සිංගප්පූරුවට ගෙන යන්නේ ජයවර්ධනපුර රෝහල, ඔහුට ප‍්‍රතිකාර කිරීමට තරම් තත්වයක නොතිබුණ නිසා නොවන බව පැහැදිලි කරුණකි. එසේ කරන්නේ ඔහු එක පැයකට හෝ, නාමිකව හෝ, අත්අඩංගුවට නොගැනීම සඳහාය. ගෝඨාභයගේ බල සම්පන්නභාවය පමණක් නොව, රාජ්‍ය බලය අවභාවිත කිරීම සම්බන්ධව ද එ් එක් නිදසුනකි. ‘නීතිය යනු මමය යන්න’ ගෝඨාභය පෙන්නුම් කළ සැටිය එ්.
පුරවැසියන් උදෙසා ආණ්ඩුවේ සංඥාව
මර බිය ඇති කළ, මේ වන විට අණාවරණය වී තිබෙන පරිදි මනුෂ්‍ය ඝාතන සම්බන්ධව ඇඟිල්ල දිගුවී තිබෙන ගෝඨාභය රාජපක්ෂගේ මතු ආරක්ෂාව උදෙසා වත්මන් පාලකයන් කටයුතු කරන තත්වයක් තුළ ලංකාවට අත් විය හැකි ඉරණම කුමක් ද? හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ අත්අඩංගුවට ගැනීමට අවසර නොදෙන්නේ ගෝඨාභය රැුක ගැනීමට මිස අන් කිසි කරුණක් නිසා නොවේ. යුද හමුදාවෙන් ඇතැම් පරීක්ෂණවලට අදාළ තොරතුරු ලබා නොදෙන්නේ ද ගෝඨාභය රැක ගැනීම පිණිසය.
ජනවාරි 08 ජයග‍්‍රහණයට යම් ආකාරයකට දායකවූවන් වේලාසනින්ම සූදානම් විය යුත්තේ අන්තිම කැමති පත‍්‍ර ලියා තබා අවසන් ගමන යාමටය. එ් වූකලි රාජපක්ෂ පාලනය අවසන් කිරීමට දායක වීම වෙනුවෙන් වත්මන් ආණ්ඩුව විසින් ලබා දෙන දඬුවම ලෙස තේරුම් ගත යුතුය.