නිජ බිමට නොඑන මිනිස්සු

 

යුද්ධයේ නිමාව සමග මෙරටට පැමිණි ශ‍්‍රී ලාංකික සරණාගතයන්ගේ සංඛ්‍යාව විශාල අගයක් වුව ද එය වසරින් වසර 2014 වන තුරු ශීීඝ‍්‍ර ලෙස පහත වැටී තිබුණි. එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබද මහ කොමසාරිස් කාර්යාලයේ දත්ත මෙන්ම නැවත පදිංචිකිරීමේ අමාත්‍යාංශයේ වෙබ් අඩවිය දක්වන දත්තවලට අනුව 2011 වසරේ මෙරටට පැමිණි සරණාගතයන් සංඛ්‍යාව 1728 ලෙස වාර්තා වෙද්දී ක‍්‍රමක‍්‍රමයෙන් එම සංඛ්‍යාව 2014 වසර වන විට 338 දක්වා පහත වැටේ. එහෙත් 2016 ජුනි මස 31 දින වන විටත් ඉන්දියාවේ තමිල්නාඩු ප‍්‍රාන්තයේ ක`දවුරු 110ක් තුළ සිටින ශ‍්‍රී ලාංකික සම්භවයක් සහිත සරණාගතයන් සංඛ්‍යාව 67,436ක් ලෙස ද ඉන්දියාව තුළ සිටින ශ‍්‍රී ලාංකික සම්භවයක් සහිත මුළු සරණාගතයන් සංඛ්‍යාව 102,000ක් වන බව ද නැවත පදිංචිකිරීමේ අමාත්‍යාංශ වෙබ් අඩවියේ ස`දහන් දත්ත පෙන්වා දෙයි.

”යුද්දෙ කාලේ මෙහේ ජීවත් වීම සෑහෙන අමාරු වුණා. ගොඩක් අයට ඕනෑ වුණේ ජීවිතේ ගැන විශ්වාසයක් නැතත් යුද්ධයට මැදිවෙලා ඉන්නවාට වඩා කොහේ හරි පැනලා යන්නයි. ඉතින් අපි 1990 දී මන්නාරමට පයින් ගියා. එතැන ඉදලා අපි විසිදෙනෙක් විතර කණ්ඩායමක් බෝට්ටුවකින් ඉන්දියාවට ගියා. මුලින්ම අපි රාමේශ්වරම් ක`දවුරකත් පස්සේ තූත්තුකුඩි කදවුරකත් හිටියා. කෑම, බීම තමිල්නාඩු රජයෙන් දුන්නා. වෙන කිසිම පහසුකමක් තිබුණේ නැහැ. ඒ ජීවිතය පහසු එකක් වුණේ නැහැ.’’

ඒ නවදීශ්වරීය. ඔවුහු මේ වන විට නැවත මෙරටට පැමිණ වවුනියාවේ සෙට්ටිකුලම්හි වාසය කරති. නවදීශ්වරී තම පවුලේ අය සමග ගම්බිම් අතැර ඉන්දියාවට පලායද්දී ඇය ළමා වියේය. දැන් ඇය තිස්හතර වියැතිය. තම ජීවිතයේ යොවුන්විය හා තරුණ විය ගෙවුණු සරණාගත කදවුරු ජීවිතය ඇය සිහි කරන්නේ කනගාටුව රැදුණු වදනිනි.

ළමා වියේ සිටියදී තම පවුලේ අය සහ හිතවතුන් සමග බෝට්ටුවකින් ඉන්දියාවට පලා ගිය ජයන්ති දරුවන් දෙදෙනෙකුගේ මවක බවට පත්වන්නේ ද තමිල්නාඩුවේ සරණාගත කදවුරක ගතකළ කාල වකවානුව තුළදීය. යුද්ධය අවසාන වූ පසු ඇය දරුවන් දෙදෙනාත් සැමියාත් සමග නැවතත් මෙරටට පැමිණෙන්නේ නිදහස සමග ජීවිත අලූතින් පටන් ගැනීමේ සිහිනයකින් බව ඇය පවසන්නීය.

”අපි කදවුරුවල ඉන්න කාලේ එක්සත් ජාතීන්ගේ සරණාගත කාර්යාලය මගින් දිගින් දිගටම නැවත ශ‍්‍රී ලංකාවට යන ලෙසත්, ලංකා රජයෙන් සරණාගත අයට නිවාස සපයා දීමට කටයුතු කරන බවත් දැනුවත් කිරීම් සිදුකළා. ඒත් ලංකාවට ආවාට පස්සේ අපිට ප‍්‍රශ්න රාශියකට මුහුණ දෙන්න සිදුවුණා. ගෙවල් හදාගන්න මූලික දේ රාජ්‍ය නොවන ආයතනවලින් ලැබුණා. ගොඩක් ගෙවල්වලට වැසිකිළියක්වත් නැහැ. අපේ ගමේ ඉදලා ළමයින්ට ඉස්කෝලෙට කිලෝමීටර් හතරක් විතර දුරයි. බස් එකක්වත් නැහැ. ඒ ඉස්කෝලෙත් පහ වසරට එනකම් විතරයි. යුද්ධය ඉවරයි තමයි. ඒ භය නැතිව දැන් අපි ජීවත් වෙනවා. ඒත් ජීවිතේ තවමත් පහසු වෙලා නැහැ.’’

තිස් වසරක යුද්ධය ඔවුන්ගේ ජීවිත තම නිජබිම අත්හැර වෙනත් දේශයක කදවුරු තුළ සිර කළේය. යුද්ධය නිමාවී වසර අටක් ද ගතවී හමාරය. ඉන් කොටසක් ඒ ගත වූ කාල සීමාව තුළ මෙරටට පැමිණියහ. එහෙත් එදා මෙරට අත්හැර පලාගිය බොහෝ දෙනෙකුට තවමත් ඉන්දියාවේ තමිල්නාඩු ප‍්‍රාන්තයේ සරණාගත ක`දවුරුවල ද නෑදෑ හිතමිතුරන්ගේ නිවෙස්වල ද රැු`දී සිටින ශ‍්‍රී ලාංකිකයන් ගණන විශාලය.

තමිල්නාඩු සරණාගත කදවුරු තුළ සිටින පුද්ගලයන් මානසික ගැටලූවලින් පීඩාවට පත්ව සිටින බවත් සිය දිවි හානි කර ගැනීම්, ළමා විවාහ ආදිය සිදු වන බවත් ඉන්දීය මාධ්‍ය විටින් විට වාර්තා කරයි. එමෙන්ම මැදිවියේ පසුවන්නන් තම දරුවන්ගේ අනාගතය පිළිබද කනගාටුවෙන් පසුවන බව ද එම සරණාගත කදවුරු තුළ සිටින ශ‍්‍රී ලාංකිකයන්ගෙන් 40%ක් පමණ වයස 18ට අඩු අය බව ද ඉන්දියාවේ හින්දු පුවත්පත පසුගිය දිනක වාර්තා කර තිබුණි. එහි සදහන් වූ අන්දමට තමිල්නාඩු සරණාගත කඳවුරුවල සිටින තරුණ තරුණියන් සහ කදවුරුවලින් පිටත සිටින තෝරාගත් සරණාගත තරුණ තරුණියන් 36800ක් පමණ දෙනා විශේෂයෙන්ම ඉංජිනේරු තාක්ෂණය ඇතුළු වෘත්තීය පාඨමාලාවලට සම්බන්ධ කිරීමට ද පසුගිය වසර කීපයක සිට තමිල්නාඩු රජය පියවර ගෙන ඇත. ඒ අනුව ඇතැම් සරණාගත පුද්ගලයන්ගේ ජීවන තත්ත්වය වර්ධනයට ද එය අවස්ථාවක් වූ බව ඔවුන්ගේ අදහසයි. නැවත ශ‍්‍රී ලංකාවට යාමෙන් එම වරප‍්‍රසාද බොහොමයක් අහිමි වන බව ද පසුගිය කාලවකවානුවේ ලංකාවට ගිය බොහෝ දෙනා මුහුණ දුන් ජීවනෝපායන් නොමැතිවීමේ අර්බුදය පිළිබදව ද ඔවුන් දැනුවත් බැවින් එම සරණාගතයන් ශ‍්‍රී ලංකාවට යෑමට එතරම් කැමැත්තක් නොදක්වන බවත් එම පුවත්පත වාර්තා කර තිබුණි. එමෙන්ම වතුකරයේ සිට එරටට පැමිණි සරණාගතයන්ට ඉඩම් අහිමිව ඇති බව ද ඔවුන්ට නැවත ඉඩම් ලබා දීමට යම් ක‍්‍රමවේදයක් සැකසුණත් ඔවුන් තවදුරටත් තේ වතුවල තම ශ‍්‍රමය කැප කිරීමට කැමැත්තක් නොදක්වන බව ද එහි සදහන්ය.

ඉන්දියාවේ සිටින ශ‍්‍රී ලාංකික සරණාගතයන් මෙරටට ගෙන්වා ගැනීම, ඔවුන්ගේ නැවත පදිංචිකිරීම් සම්බන්ධව රජයේ මැදිහත්වීම පිළිබද බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඞී.එම්. ස්වාමිනාදන් මහතාගෙන් අප කළ විමසුමට එම අමාත්‍යාංශ මාධ්‍ය ලේකම් දුමිදු බණ්ඩාර පිළිතුරු සැපයීය.

”2015 දී නැවත පදිංචි කිරීමේ පහසුකම් වැඩි කළා. ඉන්දියාවේ සිටින ශ‍්‍රී ලාංකික සරණාගතයන්ට ලංකාවට එන්න කියලා අපි ආරාධනා කරනවා. වෙනම ක‍්‍රමවේදයක් නම් අපි අනුගමනය කරන්නේ නෑ. යුද්ධයෙන් රට තුළ අවතැන් වූ අනෙක් අයට තිබෙන වරප‍්‍රසාදම ඒ අයටත් ලැබෙනවා. ඒ අය ලංකාවට ආවාට පස්සේ ගොඩක් වෙලාවට සිදු වන්නේ ඥාති නිවෙස්වලට යන එකයි. රජයෙන් ඒ අයට රුපියල් 5000ක මුදලක් ලබාදෙනවා. පස්සේ අනන්‍යතාව ඔප්පු කිරීමෙන් පසු නැවත පදිංචි කිරීමේ වැඩපිළිවෙළ යටතේ පදිංචි කිරීමේ කටයුතු සිදු වෙනවා. මීට අමතරව එක්සත් ජාතීන්ගේ සරණාගත කාර්යාලය මගින් ඔවුන්ට ආධාර ලබා දීම් සිදු වෙනවා.’

කෙසේ වෙතත් ඉන්දියාවේ කදවුරු තුළ සිටින්නන්ට ලංකා රජය මෙරටට එන ලෙස ආරාධනා කළ ද ඔවුන් මෙරටට ගෙන්වා ගැනීමේ හෝ පැමිණි පසු කඩිනමින් ඔවුන්ගේ ජීවන තත්ත්වයන් නගා සිටුවීමේ විධිමත් වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක වූ බවක් පෙනෙන්නට නැත. ඔවුන් මෙරටට ගෙන්වා ගැනීමේ වැඩ පිළිවෙළක් වෙනුවට පෙනෙන්නට තිබුණේ කෙසේ හෝ මෙරටට පැමිණෙන්නන් පිළිගැනීමේ වැඩපිළිවෙළකි. කණ්ඩායම් වශයෙන් විටින් විට මෙරටට පැමිණෙන ඔවුන් පිළිගැනීමට මාධ්‍ය කණ්ඩායම් ද කැදවා ගනිමින් නැවත පදිංචිකිරීමේ කටයුතු භාර අමාත්‍යාංශ නිලධාරීන් ගුවන්තොටුපොළට යෑම ද සිදුවේ. එතැනින් පසු එම මිනිසුන්ට සිදුවන්නේ කුමක් ද යන්න පිළිබද පැහැදිලි වැටහීමක් එම නිලධාරීන්ට ද නොමැති බව ඔවුන් සපයන පිළිතුරුවලින් පැහැදිලි විය.

මෙරට එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබ`ද මහ කොමසාරිස් කාර්යාලය සදහන් කරන පරිදි මෙම වසර තුළ දී පමණක් ඉන්දියාවේ සිට පැමිණි ශ‍්‍රී ලාංකික සරණාගතයන් සංඛ්‍යාව 2017 නොවැම්බර් 14 වන විට 1259කි, පවුල් සංඛ්‍යාව 519කි. ඒ අනුව මෙම වසරේ සාපේක්ෂව වැඩි පුද්ගලයන් ප‍්‍රමාණයක් නැවත මෙරටට පැමිණ ඇත.

එක්සත් ජාතීන්ගේ සරණාගත කාර්යාලය මගින් ඉන්දියාවේ සරණාගත කදවුරුවල සිටින්නන් දැනුවත් කිරීම සහ ඔවුනට නැවත තම නිජ බිම වෙත යාමට අවශ්‍ය මගපෙන්වීම් ලබා දීම සිදුවේ. එම වැඩපිළිවෙළ සිදුවන ආකාරය සහ මාර්ගෝපදේශ ඔවුන් විසින් ශ‍්‍රී ලාංකික සරණාගතයන් සදහා නිකුත් කර තිබෙන මාර්ගෝපදේශ අත්පොතෙහි සදහන්වේ. ඉන්දියාවෙන් පිටත්වීමට පෙර අවශ්‍ය ලිපි ලේඛන සැකසීමේ සිට මෙරට පැමිණ නැවත පදිංචිවීම දක්වා උපදේශයන් සහ සම්බන්ධ කර ගත යුතු ආයතන පිළිබදත් එහි විස්තරවේ.

මෙරටට පැමණෙන සරණාගතයන් සදහා ගුවන්තොටුපොළේදීද අවශ්‍ය මාර්ගෝපදේශයන් සහ පහසුකම් සැලසීමට මෙරට එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබද මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීහු මැදිහත් වෙති. ඒ අනුව ඔවුන් පැමිණි පසු ඔවුන්ගේ නමින් එක්සත් ජාතීන්ගේ සරණාගත කාර්යාලය මගින් මෙරට දී ලංකා බැංකුවේ ගිණුම් විවෘත කර වැඩිහිටියෙකුට රු.10000ක්ද වයස අවු.18ට අඩු අය සදහා රු.7500ක් ද වශයෙන් තැන්පත් කරනු ලබයි. ගුවන්තොටුපොළේ සිට ගම්බිම් වෙත යාමට ගමන් වියදම් ලෙස රු. 2500ක මුදලක් ද ලබා දෙනු ලබයි. ඊට අමතරව ආහාර සදහා තනි පුද්ගලයෙකු පමණක් සහිත පවුලකට රු.5000ක් ද, අනෙක් පවුල් සදහා රු.10000ක මුදලක් ද ලබා දෙයි. ඔවුන් තම ගම්මාන වෙත ගිය පසු යාපනය, මුලතිව්, කිලිනොච්චි, මන්නාරම, ත‍්‍රිකුණාමලය යන දිස්ත‍්‍රික්කවල පිහිටා ඇති කාර්යාල හරහා ඔවුන්ට අවශ්‍ය අනෙකුත් උපදෙස් මෙන්ම ජීවනෝපාය මාර්ගයන් සදහා අවශ්‍ය මාර්ගෝපදේශයන් ද ලබා ගැනීමේ අවස්ථාව සැපයේ. ඔවුන්ගේ ඉඩම් සම්බන්ධ ගැටලූ තිබේ නම් ඒ පිළිබද ප‍්‍රාදේශීය ලේකම් සහ ග‍්‍රාම නිලධාරී වෙත දැනුම් දීම සදහා අවශ්‍ය ඉල්ලූම්පත ද ඔවුන්ට සපයනු ලබන අත් පොතෙහිම ඇතුළත් කර තිබේ.

ශ‍්‍රී ලංකාවේ යුද වාතාවරණය නිමා වී වසර ගණනාවක් ද ගතව ඇති බැවින් තමිල්නාඩුවේ පවතින සරණාගත කදවුරු අවසන් කිරීමට ද එම රජයට අවශ්‍යව තිබෙනවාට සැක නැත. සිය කැමැත්තෙන් මෙරටට නැවත පැමිණිය හැකි බව කදවුරු තුළ සිටින ශ‍්‍රී ලාංකිකයෝ ද දනිති. එනමුත් මෙරටට නැවත පැමිණ සුරක්ෂිතව ගතකිරීමට හැකි වාතාවරණයක් තිබේ ද, ජීවනෝපායන් තිබේ ද, වාසස්ථාන තිබේද ආදි ගැටලූ රාශියක් එම ප‍්‍රජාවට ද තිබෙනවා ඇත. ඔවුන්ගෙන් බොහෝ දෙනා මේ වන විට ගතවූ දීර්ඝ කාලය තුළ එහි ජීවිතයට හැඩගැසී සිටින බවට ද තොරතුරු අනාවරණය වේ. යුද්ධයෙන් රට අභ්‍යන්තරයේ අවතැන්වූවන්ට වඩා සියල්ල අත්හැර දමා වෙනත් බිමක කදවුරු තුළ වසර ගණනාවක් ගෙවා දැමූ ඔවුන්ට වැඩි අවධානයක් සහ සහයෝගයක් අවශ්‍ය වනු ඇත. මෙරට රජය ද එම සරණාගත ප‍්‍රජාවගේ ගැටලූවට පිළිතුරු සෙවීමට නම් විධිමත් සැලසුමක් අනුව කටයුතු කළ යුතුව ඇත.

 

ඉදුනිල් උස්ගොඩ ආරච්චි