කැබිනට් මණ්ඩලය නොමග යැවූ දුමින්ද

කෘෂිකර්ම අමාත්‍යාංශය කැබිනෙට්ටුවටත් උඩින් නව ටෙන්ඩරය බාල පොහොර සදහාද යනුවෙන් අප පසුගිය සතියේ පෙන්වා දුන් පොහොර මිලදී ගැනීමේ අවලංගු කරන ලද ටෙන්ඩරය යන කරුණේදී එම ටෙන්ඩරය අවලංගු කිරීම සදහා කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක ඉදිරිපත් කළ කැබිනට් පති‍්‍රකාවක් ගැන ස`දහන් කළෙමු. එහිදී එම කැබිනට් පති‍්‍රකාවේ ඇති ප‍්‍රධාන කරුණු දෙකෙන් එකක් වශයෙන් අප ස`දහන් කළේ ‘ඉන් එකක් වන්නේ අවලංගු කළා යැයි කියනු ලබන පසුගිය පොහොර ටෙන්ඩරය හිමිකරගත් JAT Holding (Pvt) Ltd ආයතනය එම ටෙන්ඩරය සදහා ලංසු ඇපකරය වශයෙන් තැබූ ඇමරිකානු ඩොලර් 240000ක් හෙවත් රුපියල් තුන්කෝටි හැට ලක්‍ෂයක මුදලින් එම සමාගම බේරා ගැනීමය.’ යනුවෙන්ය.

 

ඊට හේතුව වශයෙන් අප දැක්වූයේ කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායකගේ 2017 දෙසැම්බර් 04 දින 68/2017 දරන අමාත්‍ය මණ්ඩල සංදේශය තුළ සදහන් කර ඇති කරුණක්ය. ඒ 2017 නොවැම්බර් මස 21 දින යූරියා පොහොර මෙටි‍්‍රක් ටොන් 72000ක් JAT Holding (Pvt) Ltd   සමාගමෙන් මිලදී ගැනීම සදහා ලබාදුන් කැබිනට් අනුමැතිය අනුව අදාළ සමාගමට පිරිනොනැමූ බව සදහන් කිරීමය. මේ ටෙන්ඩරය පිරිනොනැමීමට හේතු වශයෙන් කැබිනට් පති‍්‍රකාවේ සදහන් වන්නේ අදාළ සමාගම පොහොරවල ප‍්‍රමිතිය සම්බන්ධයෙන් ලබාදුන් රසායනාගාර වාර්තාවල දෝෂයක් හදුනා ගැනීමට හැකිවූ බවය.

 

එහිදී අප පසුගිය සතියේ මතුකරනු ලැබුයේ කැබිනට් මණ්ඩලය ලබාදුන් අනුමැතිය අනුව එම ටෙන්ඩරය අදාළ සමාගමට පිරිනැමුවේ නැත්තේ ඇයිද යන්නත් තාක්ෂණික ඇගයීම් කමිටු හා කැබිනට් මණ්ඩලය පත්කළ ස්ථාවර ප‍්‍රසම්පාදන කමිටුවේ කටයුතු සියල්ල අවසානයේ අවසන් අනුමැතිය සදහා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර එහි අනුමැතිය හිමි වූ කරුණකට අදාළව ලියවිලි තවදුරටත් පරීක්‍ෂා කළේ කිනම් හේතුවක් මතද යන්නය.

 

ඉහත ප‍්‍රශ්න මතු කරමින් අප පෙන්වා දුන්නේ අරමුණුකරගත් සමාගමකටම අදාළ පොහොර ටෙන්ඩරය ලබාදීම සදහා පොහොර ප‍්‍රසම්පාදන කි‍්‍රයාවලිය සදහා අලූතින්ම ඇතුළත් කර ලද DA ක‍්‍රමවේදයට (Documents Against Acceptance)  පොහොර ලබාදීමට ලෝකයේ පොහොර නිෂ්පාදකයන් අකමැත්ත පළ කිරීමෙන් අමාරුවේ වැටුණු සමාගම බේරා ගැනීම සදහා කැබිනට් මණ්ඩල අනුමැතියකින් තොරව එම මණ්ඩලය අනුමත කළ ටෙන්ඩරයක් කෘෂිකර්ම අමාත්‍යවරයා අවලංගු කර ඇති බවත් එම අවලංගු කිරීම සිදු කරනු ලැබුයේ ටෙන්ඩරය පිරිනැමීමට පෙර බව සදහන් කිරීම තුළින් අවලංගු වීමට නියමිතව තිබු ලංසු ඇපකරය වූ ඇමරිකානු ඩොලර් 240000ක් හෙවත් රුපියල් තුන්කෝටි හැට ලක්ෂයක මුදලින් එම සමාගම බේරාගෙන ඇති බවත්ය.

 

එහෙත් තවදුරටත් කරුණු සොයා බැලීමේදී අපට තහවුරු වී ඇත්තේ එම ටෙන්ඩරයට අදාළව ලංසුව අදාළ සමාගමට පිරිනොනැමූ බවට කෘෂිකර්ම අමාත්‍යවරයා 2017 නොවැම්බර් 04 දින සහිත සිය 68/2017 කැබිනට් සංදේශයෙන් කැබිනට් මණ්ඩලයට දක්වා ඇති කරුණු සාවද හා කැබිනට් මණ්ඩලය නොමග යවනසුලූ එකක් බවය. එය තහවුරු වන්නේ කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් බී. විජේරත්න විසින් මෙම පොහොර ටෙන්ඩරය සම්බන්ධයෙන් 2017.11.24 දින සහිතව ලංකා පොහොර සමාගමේ හා කොළඹ කොමර්ෂල් පොහොර සමාගමේ සභාපතිවරුන් අමතා යවන ලිපිය ම`ගින්ය. එම ලිපියේ කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම්වරයා සදහන් කරන්නේ කැබිනට් මණ්ඩල අනුමැතිය සහිතව JAT Holding (Pvt) Ltd  සමාගමට පිරිනැමු පොහොර ටෙන්ඩරය එම සමාගම විසින් ඉදිරිපත් කළ විශ්ලේෂණ වාර්තාවේ දෝෂයක් හේතුවෙන් අවලංගු කළ බවය.

 

ඒ ම`ගින් තවදුරටත් තහවුරු වන්නේ JAT Holding (Pvt) Ltd  සමාගමට අදාළ ටෙන්ඩරය පිරිනැමු බවය. DA ක‍්‍රමවේදය යටත් නිෂ්පාදකයන්ගෙන් පොහොර නොලැබීම හේතුවෙන් පොහොර සැපයීමට අසමත්ව අවලංගු වීමට නියමිත ලංසු ඇපකරයෙන් එම සමාගම බේරා ගැනීම සදහා විශ්ලේෂණ වාර්තා වැරදි හෝ ව්‍යාජ නම්වූ හේතුවක් නිර්මාණය කර ඇති බවය.

 

ප‍්‍රසම්පාදන කි‍්‍රයාවලිය දෙස අවධානය යොමු කිරීමේදී  JAT Holding (Pvt) Ltd සමාගම බේරා ගැනීම ඔවුන් ටෙන්ඩරය ස`දහා තැබූ ඇමරිකානු ඩොලර් 240000ක් වන ලංසු ඇපකරයෙන්ද අවසන් වන්නේ නැත. ටෙන්ඩරය පිරිනැමීමෙන් පසු ටෙන්ඩරය ලබා ගන්නා විසින් අදාළ ටෙන්ඩරයේ වටිනාකමින් 10%ක මුදලක් භාණ්ඩ සැපයීමේ ඇපකරය (Pertformance Bond) වශයෙන් තැබිය යුතුය. ඒ ටෙන්ඩරය පිරිනැමීමෙන් පසු දින හතක කාලයක් තුළදීය. එම ටෙන්ඩරයට අදාළ පොහොර මෙටි‍්‍රක් ටොන් 72000ක් ටෙන්ඩරය ලබාදුන් මිල වන මෙටි‍්‍රක් ටොන් එකක් ඇමරිකානු ඩොලර් 328.10 වශයෙන් සැලකු කළ ඩොලර් 2362320ක හෙවත් රුපියල් මිලියන 354ක (රු. 354348000* මුදලත් අදාළ සමාගම 10%ක ඇපකරය තැන්පත් කළ යුතුය. නියමිත දිනයට පොහොර සැපයුවේ නැත්නම් මේ ඇපකර දෙකම අදාළ සමාගමට අහිමි වන්නේය.

භාණ්ඩ සැපයීමේ ලංසුව තැබීමට අවශ්‍ය දින ගණනට පෙරම ටෙන්ඩරය අවලංගු කළා යැයි කියන්නේ භාණ්ඩ සැපයීමේ ලංසුවෙන් අදාළ සමාගම බේරා ගැනීම සදහාය. ටෙන්ඩරය පිරිනැමුවේ නැතැයි කැබිනට් මණ්ඩලයට කියන්නේද ලංසු ඇපකරයෙන් අදාළ සමාගම බේරා ගැනීම සදහාය. මේ බේරා දීම් දෙකේ එකතුව ඇමරිකානු ඩොලර් 2602320ක් හෙවත් රුපියල් මිලියන 390ක් (රු.390348000* හෙවත් කෝටි 39ක මුදලකි. රුපියල් කෝටි 39ක උපකාරයක් වෙනුවෙන් ප‍්‍රතිඋපකාරයේ මිල කීයක් නම් විය හැකිද?