රාවය

ඉතිහාසය හා ඉතිහාසකරුවන්

ඉතිහාසය හා ඉතිහාසකරුවන්

ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මාගේ ලිපියට පිළිතුරක් ඔහුගේ කොලමේ පළකොට තිබුණි. එහෙත් මාගේ ලිපියෙන් මතුකර තිබූ මූලික ප‍්‍රශ්න දෙකටම ඔහු පිළිතුරු දී නැත.

මාගේ පොතේ මූලාශ‍්‍ර දක්වා තිබියදී මූලාශ‍්‍ර දක්වා නොතිබුණු ඉතාමත් කෙටි ෙඡ්දයක ඡුායාරූපයක් පළකරමින් ”ඔහු මේ දේවල් සොයා ගත්තේ කිනම් මූලාශ‍්‍රවලින්ද?” යන ප‍්‍රශ්නය මතුකර තිබුණේ මම පොත ලියා ඇත්තේ මූලාශ‍්‍රවලින් තොරව කියන වැරදි හැඟීම කියවන්නා තුළ ඇති කිරීමට හේතුවන ආකාරයටය. එම සටහනේ තිබූ අශෝභනම දේ ලෙස සැලකිය හැක්කේ මූලාශ‍්‍ර ගැන මගෙන් ප‍්‍රශ්න කරන ඉතිහාසඥයා ඔහුගේ උපුටා දැක්වීම ලබාගත් මූලාශ‍්‍රය (පොතේ නම) සඳහන් නොකිරීමය.

කෙස් පැලෙන තර්ක

ඔහු උපුටා දක්වන ලද කෙටි ෙඡ්දයේ එන කරුණු සනාථ කිරීම සඳහා මා ඉදිරිපත් කරන ලද මූලාශ‍්‍රවලට ඔහු අභියෝග කර නැත. ඊට පෙර එම ෙඡ්දයේ එන කරුණු සනාථ කිරීමට මූලාශ‍්‍ර තිබෙන බව ඉතිහාසඥයෙකු වූ ඔහු දැන සිටියේ නැද්ද?   ඒ බව දැන සිටියේ නම් මූලාශ‍්‍ර ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටියේ ඇයි? දැන් ඔහු කියන්නේ මුලින් කී කතාව නොව, ඊට වෙනස් අලූත්ම තාලයේ කතාවකි. ඒ මගින් ඔහු කියන්නේ වැඩවසම් ධුරාවලියේ ආකෘතිය පෙන්නුම් කිරීම සඳහා පිරමීඩ රූපකයක් යොදා ගැනීම වැරදි බවය. පහළම සිටියේ නීච කුලවල අය වී නම් හා ඔවුන්ගේ සංඛ්‍යාව ඉතා සුළු වී නම්, අනෙක් අතට ජනගහනයේ බහුතරය අයත් වූයේ ගොවිගම කුලයට නම් පිරමීඩ රූපකයට සිදුවන්නේ කුමක්දැයි ඔහු ප‍්‍රශ්න කර තිබුණි.

එම පිරමීඩයේ තට්ටු හතරේ සංයුතිය සකස් වන ආකාරය ඔහුගේ දැනගැනීම පිණිස මෙසේ විස්තර කෙරේ.
පිරමීඩයේ මුදුනේම සිටියේ රජු, රජ පවුලේ අය හා රජ පවුල්වලට අයත් ජනයාය. ජනගහනයේ අනුපාතිකයක් වශයෙන් ගතහොත් ජනගහනයෙන් සියයට එකක් හෝ දෙකක් වන්නට ඇත.

දෙවැනියට සිටියේ රජයේ උසස් නිලතලවල සිට සාමාන්‍ය නිලතල දක්වා නිලතල හෙබවූ රාජ්‍ය නිලධාරීන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ය. ඒ සියලූදෙනා සිටියේ ගොවිගම හා ගොවිගම නොවන ජනයාට ඉහළිනි. ඒ සියලූදෙනා අයත් වූයේ ගොවිගම කුලයටය.

ගොවිගම නොවන කුල සඳහාද කාර්යාංශ තිබුණු අතර ඒවාට එම කුලවලින්ම පත් කරගත් නිලධාරීන්ද සිටියේය. එහෙත් ඔවුන් ගොවිගම කුලයේ ජනයාට වඩා උසස් කොට සැලකුණේ නැත. එසේම ඔවුන් නියම රාජ්‍ය නිලධාරීන් ලෙස සැලකුණේද නැත. ලෝනා දේවරාජා විග‍්‍රහ කර තිබෙන ආකාරයට ප‍්‍රභූ නිලධාරී පන්තියට පිවිසීම අනුල්ලංඝනීය කුල නීති මගින් පාලනය කර තිබුණි.

දෙවැනි ස්ථරයට අයත් නිලධාරීන්ගේ හා ඔවුන්ගේ පවුල්වල ජනගහනය රටේ මුළු ජනගහනයෙන් සියයට 10ක් පමණ වූවා විය හැකිය. ගොවිගම කුලයේ ප‍්‍රමාණය ලෙස සැලකෙන්නේ සිංහල ජනගහනයෙන් අඩක් වශයෙනි. තුන්වැනි ස්ථරයට අයත් වන්නේ ගොවිගම කුලයේ සියලූ ජනයා නොව එක, දෙක යන ස්ථරවලට අයත් ජනයා ඉවත් කළ පසු ඉතිරි වන ගොවිගම කුලයේ ජනයාය. එවිට තුන්වැනි ස්ථරයට වැටෙන ජනගහනයේ සංඛ්‍යාව සියයට 38ත් 40ත් අතර විය හැකිය.

ගොවිගම නොවන ඉතිරි සියලූ දෙනා අයත්වන්නේ හතරවැනි ස්ථරයටය. මෙම උපුටා දැක්වීමට ඇතුළත් නොවූ ඇතුළත් කළ යුතුව තිබෙන තවත් කුඩා කණ්ඩායම් 2ක් සිටියේය. ඒ වැදි ජනයා හා වහලූන්ය. වැදි ජනයා අයත් වන්නේ 3වන ස්ථරයටය. වහලූන් ඇතුළත් කළ යුත්තේ 4 වන ස්ථරයට නීච කුලවල ජනයාට ඉහළිනි. ඔවුන්ගේ අනුපාතිකය සියයට 50කි. එම ස්ථරයේ පතුලේම සිටියේ නීච කුලවලට අයත් ජනයාය. අවසානයේ පිරමීඩයේ පතුලේම සිටින ජනයා වන්නේද එම ජනයාය. මෙම උපුටා දැක්වීමට ඇතුළත්ව නොතිබූ ඇතුළත් කළ යුතුව තිබෙන සමාජ කණ්ඩායමක්ද රටේ සිටියේය. ඒ වහලූන්ය.

අනුරාධපුර යුගයේදී පවා සමහර කුලීනයන්ට පමණක් නොව සමහර විහාරවලට හා දේවාලවලට වහලූන් සිටියේය. ගැහැනු වහලියගේ මිල සාමාන්‍යයෙන් පිරිමි වහලකුගේ මිල මෙන් දෙගුණයක් තරම් විශාල වූ බව සඳහන් වේ. බි‍්‍රතාන්‍යයන් ලංකාවේ පැවති වහල් ක‍්‍රමය අහෝසි කරන අවස්ථාව වන විට උඩරට ප‍්‍රදේශවල පමණක් පිරිමි වහලූන් 1067ක්ද, ගැහැනු වහලූන් 1046ක්ද සිටියේය. යාපනේද වහලූන් සිටියේය.

ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරිගේ පිළිතුර හොඳින් කියවන්නෙකුට ඔහුගේ මතභේදයට හේතුවී තිබෙන ප‍්‍රධාන තැන තේරුම් ගැනීම අමාරු නැත. ඔහු ඒ ගැන මෙසේ කියයි. ”මා කියන්නේ ලංකාවේ පූර්ව නූතන සමාජ දේශපාලන ව්‍යුහය පැහැදිලි කිරීමට පිරමීඩ රූපකය අදාළ නොවන බව නොවේ. එය කුල සැකැස්ම පිළිබඳ අතිසරල තේරුම් ගැනීමක් මත පිහිටුවීම ගැටලූසහගත බවය.” ඉන් පෙනෙන්නේ පූර්ව නූතන සමාජ දේශපාලන ව්‍යුහය විග‍්‍රහ කිරීමේදී කුලයට ලබාදී තිබෙන වැදගත්කම ඔහුට ලොකු ප‍්‍රශ්නයක් වී තිබෙන බවය.

ඔහු සිතන්නේ මහනුවර යුගයේ ක‍්‍රියාත්මක වූ කුල සැකැස්ම එම පෙර ඒ ආකාරයෙන් නොතිබුණු බවය. සමහර වෙනස්කම් තිබුණා විය හැකි වුවත් අනුරාධපුර යුගය වනවිටත් උස් පහත් භේදයක් සහිත කුල ක‍්‍රමයක් රටේ ක‍්‍රියාත්මක විය. ලංකාවේ කුල ඉතිහාසය අනුරාධපුරයේ මුල් යුගය තරමටම දිව යන්නක් බව මහාචාර්ය කේ.එන්.පී. කුලසේකරගේද මතයයි. ඒ සඳහා අවශ්‍ය තරම් සාක්ෂි මාගේ ‘ඉතිහාසයේ සභ්‍යත්වය’ නමැති පොතට ඇතුළත්ය.

කුලයේ භූමිකාව

කුලය ලංකාවේ ප‍්‍රසිද්ධ සංවාදයන්ට ලක් කළ පළමු පුද්ගලයා මා විය හැකිය. එහෙත් කුලය ගැන කතා කෙරුණේ ප‍්‍රසිද්ධියේ නොව අප‍්‍රසිද්ධියේ හා හොර රහසේය. මා එසේ කළේ වැඩවසම් කුල ක‍්‍රමයට තිබෙන පිළිගැනීම වර්ධනය කිරීම සඳහා නොව එයට තිබෙන පිළිගැනීම නැති කිරීම සඳහාය. මා කුලය දකින්නේ වර්ගය මෙන්ම ලංකාවේ ඇතිවූ මහා ලේ වැගිරීම් කෙරෙහි බලපෑ වැදගත් හා පීඩාකාරී සාධකයක් ලෙසය. වර්ගය ප‍්‍රසිද්ධියේ කැරලි ගසන විට කුලය හොර රහසේ කැරලි ගැසුවේය. 1971 කැරැල්ලෙන් පසු අත්අඩංගුවේ සිටි කැරලිකරුවන්ගේ කුල පසුබිම ගැන ආණ්ඩුව සොයා බැලූවේද එම කැරැල්ල හා කුලය අතර සම්බන්ධයක් තිබුණු බව ආණ්ඩුවේ පිළිගැනීමට හේතු වී තිබූ නිසාය. කැරැල්ලේ සිරකරුවකු වශයෙන් සිරගෙදර සිටි අවුරුදු 7ක් තරම් වන දීර්ඝ කාලයේදී අත්අඩංගුවේ සිටි තරුණ කැරලිකරුවන් සමඟ කරන සාකච්ඡුාව මගින් කුලය එම කැරැුල්ල කෙරෙහි බලපෑ වැදගත් සාධකයක් ලෙස බලපෑවේද යන්න සොයා බැලූවෙමි. කුලය කැරැල්ල කෙරෙහි වැදගත් සාධකයක් වශයෙන් බලපා තිබෙන බව මා ඇති කරගත් නිරීක්ෂණය විය. මා කුලය ගැන දීර්ඝ වශයෙන් කරුණු හදාරන තැනකට තල්ලූ වූයේ එහි ප‍්‍රතිඵලයක් වශයෙනි.

ඉන්පසු ජේවීපී දෙවැනි කැරැල්ල ගැන සේ ම එල්ටීටීඊ කැරැුල්ල ගැනද කරුණු සොයා බලන තැනකට යොමුවීමි. මා ඒ ආශ‍්‍රයෙන් ඇති කරගත් නිරීක්ෂණය වූයේද ජේවීපී දෙවැනි කැරැල්ල කෙරෙහි සේ ම එල්ටීටීඊ කැරැුල්ල කෙරෙහිද කුලය වැදගත් සාධකයක් ලෙස බලපා තිබෙන බවය. දකුණේ සිංහල තරුණ කැරලි කෙරෙහි සේ ම උතුරේ දෙමළ තරුණ කැරලි කෙරෙහිද කුලයද වැදගත් සාධකයක් ලෙස බලපා තිබෙන බව ජනාධිපති රණසිංහ පේ‍්‍රමදාස මහතා පත්කළ තරුණ අසහන කොමිෂන් සභාවද සිය වර්තාවෙන් පිළිගත්තේය. මා කුලය ගැන රාවයෙන් ප‍්‍රසිද්ධියේ අදහස් පළකරන්නට වූ විට මට ලැබුණු ප‍්‍රතිචාරය මගේ පුදුමයට හේතුවන තරම් විශාල වී යැයි කිව හැකිය. ඒ නිසා ලැබුණු ලියුම්වලින්ද මට පෙනී ගියේ කුලය විශාල ජනතාවක් පීඩාවට පත්කිරීමට හේතුවී තිබෙන සාධකයක් වන බවය. ලංකාවේ අර්බුදය කෙරෙහි වර්ගය පමණක් නොව කුලයද බලපා තිබෙන්නේය කියන විශේෂ මතය වෙනුවෙන් මා පෙනී සිටින්නට වූයේ එසේ ඇති කරගත් අවබෝධය නිසාය.
වැඩවසම් ක‍්‍රමයක් පැවති අතීතයේදී ඒ සමාජයේ වර්ගභේද හෝ ආගම් භේද තිබුණේ නැත.

එහෙත් කුලභේදයක් තිබුණි. කුල ක‍්‍රමයට එරෙහිව කැරලි ගැසීම් ඇතිවූයේ නැතත් එය ක‍්‍රියාත්මක වූයේ ගොවිගම නොවන කුලවලට අයත් ජනයා නින්දාවට හා පීඩාවට පත්කිරීමට හේතුවන ආකාරයටය.
නිර්මාල්ගේ විවේචනයට හේතුවී තිබෙන මාගේ පොතේ (‘ශ‍්‍රී ලංකාව – ඉතිහාසයේ සභ්‍යත්වය’) කුල ක‍්‍රමය ගොවිගම නොව කුලවල මිනිසුන් සම්බන්ධයෙන් ක‍්‍රියාත්මක වූ ආකාරය විස්තර කර තිබෙන්නේ මේ ආකාරයටය.

”කුලය ඉපැරණි කාලයේ නියම කරන ලද වෙනස් කළ නොහැකි ඉරණමක්ය යන විශ්වාසය නිසා තමන්ට වඩා උසස් කුලීනයන්ට මෙහෙවර කිරීම තමන් වෙත පැවරී ඇති යුතුකමක් සේ කුලහීනයෝ නිහඬව පිළිගත්හ. කුලයකට පිවිසීම උත්පත්තියෙන් සිදුවූ හෙයින් මෙම සමාජ ව්‍යුහය තුළ සමාජ සචලභාවයක් නොවීය. කුලය ගිහි පැවිදි යන දෙපක්ෂයේම පරිපාලනය මෙහෙයවීය. අයබදු ගැනීම හැසිරවීය. සියලූ සමාජ සම්බන්ධතා පාලනය කළේය. සමාජ ජීවිතය සේ ම චර්යාවද පාලනය කළේය. රාජ්‍ය තුළ කෙනෙකුගේ තත්ත්වයද බදු අයකර ගත යුතු අන්දමද තීරණය කළ අතර නීතිමය අයිතිවාසිකම් හා යුතුකම් කෙරෙහිද කුලය බලපෑවේය.

පැවති එම වැඩවසම් ක‍්‍රමය තුළ හැම දෙයක්ම සකස් කර තිබුණේ පුද්ගලයා අයත් කුලය හඳුනාගත හැකිවන ආකාරයටය. නමෙන්ද, පෙළපත් නාමයෙන්ද, ඔහු භුක්ති විඳි නිල පංගුව ලෙස සැලකුණු ඉඩමට ලබාදී තිබෙන නමින්ද තවත් සමහරවිට ජීවත් වන ගමේ නමින්ද කතාබහ කරන විදියෙන්ද, ආචාර සමාචාර කරන විදියෙන්ද, අසුන් ගන්නා ආකාරයෙන්ද, අඳින පළඳින විධියෙන්ද කුලය හඳුනාගත හැකිවිය. ඉඟටියෙන් ඉහළට රෙදි ඇඳීම රොඞීන්ට තහනම් විය. කොණ්ඩය හෝ රැවුල වැවීම පදු හා බෙරව කුලවලට තහනම් වූ අතර දුරාව හෝ සලාගම කුලවලට දැලි රැවුල් වැවීම හෝ ඔසරිය ඉන වටා අඳින රෙද්දට මූට්ටු කිරීම තහනම් විය.

කුලයෙන් බැහැරට හිරගනුදෙනු කිරීම මුළුමනින්ම තහනම් විය. කුල නීතිවලට විරුද්ධව ක‍්‍රියා කිරීම සාපරාධී වරදක් ලෙස සලකන ලදි. හීන කුලයක අයෙකු සමඟ එකට ආහාර ගැනීම හෝ ගැහැනියක් නම් කුලීනයෙකු සමඟ සම්බන්ධකම් ඇතිකර ගැනීම වැනි ක‍්‍රියා පවුලට නින්දා ඇති කරන කුල වැරදි ලෙස සලකන ලදි. දෙවැන්න බරපතළ වරදක් ලෙස සලකනු ලැබූ අතර නින්දාව ලැබූ පවුලට වරද කළ ස්ත‍්‍රිය මරණයට පත්කිරීමේ බලය හිමිවිය. එහෙත් තමන්ට වඩා පහත් නැතහොත් ඉතාමත් පහත් ජන්මයක් ඇති ස්ත‍්‍රියක් සමඟ වුවද ඉහළම පෙළැන්තියේ පුරුෂයකු ලිංගික සංවාසයේ යෙදීම එම පුරුෂයාගේ ලැජ්ජාවට හෝ වරදට හේතුවන කරුණක් ලෙස සැලකුණේ නැත.’ (පිටුව 12-13)

ලංකාවේ ඉතිහාස සම්ප‍්‍රදාය

ලංකාවට අවුරුදු දෙදහසක් තරම් ඈතට දිවයන ඉතිහාස සම්ප‍්‍රදායක් තිබෙන්නේය. එය බොහෝ රටවලට දක්නට නැති විශේෂ දෙයක් ලෙසද සැලකිය හැකිය. ලංකාවේ එම ඉතිහාස සම්ප‍්‍රදාය ඉපදී හැදී වැඩුණේ බුද්ධ ශාසනය ඇසුරු කර ගනිමිනි. එම සම්ප‍්‍රදායේ නිර්මාතෘවරුන් ලෙස ක‍්‍රියා කළේද එම සම්ප‍්‍රදාය ආරක්ෂා කොටගෙන ඉදිරියට ගෙනයන්නවුන් ලෙස ක‍්‍රියා කළේද සිංහල බෞද්ධ කුලීන භික්ෂූන් වහන්සේලාය. ඒ අර්ථයෙන් ලංකාවේ පැරණි ඉතිහාසය ගැන ලියැවී තිබෙන සියලූ වංශ කථා විශාල ප‍්‍රමාණයකට ආගමික, තවත් ප‍්‍රමාණයකට වාර්ගික හා ඊටත් වඩා අඩු ප‍්‍රමාණයකට කුල දෘෂ්ටියක පිහිටා ලියැවී තිබෙන ඉතිහාසයක් ලෙස සැලකිය හැකිය. එම සම්ප‍්‍රදායේ ප‍්‍රධාන අරමුණ වූයේ බුදුසසුනේ ඉතිහාසය ලිවීමය. එසේ ලියන ඉතිහාසය තුළ රටේ ඉතිහාසය ලිවීමක්ද සිදුවිය. දේවල් විස්තර කර තිබෙන්නේද විග‍්‍රහ කර තිබෙන්නේද ආගමික, වාර්ගික හා කුල දෘෂ්ටියක පිහිටාය.

බුද්ධාගම ලංකාවට පැමිණීමෙන් පසුව බුද්ධාගම කිසියම් කාලයක් ආගමික අර්ථයෙන් ඒකාධිකාරී තත්ත්වයක් හිමිකරගෙන සිටියේය. ගෝත‍්‍රික තත්ත්වයක සිට ගොඩනැගෙමින් තිබුණු සිංහල වර්ගයා ඒකාග‍්‍ර කරන එම වර්ගයා පෝෂණය කරන නිල ආගම බවට පත්ව තිබුණා සේ ම එම ක‍්‍රියාවලිය තුළ බුද්ධාගමේ තිබූ වාර්ගික නොවන ස්වරූපය නැතිවී එය සිංහල වර්ගයාට බර තබා ක‍්‍රියා කරන දහමක් බවට වෙනස්වෙමින් තිබුණේය. ඒ කාලයේ ලංකාවේ පදිංචියට එන සියලූ සංක‍්‍රමණිකයන් සිංහලයන් බවට පත් කළේ බුද්ධාගමය. බුද්ධාගම වැලඳ ගැනීමෙන් ඒ සියලූදෙනාට සිංහලයන් වීමේ හැකියාව ලැබුණි. ඒ මගින් සිංහලකම හා බුද්ධාගම එකට එකතු වූ දෙයක් බවට පත්වූවේය. දේවානම්පියතිස්සට රාජ අභිෂේකය ලබාදෙමින් ඔහු ලංකාවේ පිළිගත් රජු බවට පත් කළේද බුද්ධාගමය. ඒ සමඟ පිහිටුවන බුද්ධ ශාසනයට එකතු වී ලංකාවේ බුද්ධ ශාසන මෙහෙයවන්නන් බවට පත්වූයේද රජ පවුලට සම්බන්ධ ප‍්‍රභූන්ය. වංශකථා, රචනා කළ සිංහල කුලීන භික්ෂූන් වහන්සේලාට සිංහල වර්ගයාගේ ආදිතමයන් හා බුදුන් වහන්සේ අතර ළඟ ඥාති සම්බන්ධයක් තිබුණේ යැයි කියන විශ්වාසය ඇති කිරීමට හේතුවන ආකාරයට සේ ම සිංහල වර්ගයා බුුදුන් වහන්සේ විසින් සිය ධර්මය ආරක්ෂා කිරීම සඳහා විශේෂ වශයෙන් තෝරාගත් ජනවර්ගයක් වේය කියන විශ්වාසය ඇති කිරීමට හේතුවන ලෙස වංශ කතා රචනා කිරීමට සිදුවිය.

ඒ ගැන බී.එච්. ෆාමර් කියා තිබෙන දේ ඉතා වැදගත්ය.
සිංහලයන්ගේ ප‍්‍රභවය පිළිබඳ අපූර්ව පුරාවෘත්තයක් මහාවංශය විසින් ඉදිරිපත් කර ඇත්තේය. එය කොතරම් ඇදහිය නොහැකි තරම් වුවද සිංහලයන් විශේෂ මනුෂ්‍ය වර්ගයකට අයත් වෙතැයි යන අදහස සිංහලයන්ට ඒත්තු ගැන්වීමෙහිලා එම පුරාවෘත්තය මහෝපකාරී විය. භාරතීය කුමාරියක සිංහයෙකු නිසා ලද දරුවන්ගේ පුතකු වන විජය කුමාරයෙකු ගැන මෙම පුරා වෘත්තයෙන් කියැවේ. බුදුරජාණන් වහන්සේගේ ආරක්ෂාව යටතේ විජයත් ඔහුගේ පිරිවරත් ලංකාවට ගොඩබටහ. ඉන්දියාවේ ඈත උතුරුදිග පිරිනිවන් මංචකයෙහි හොත්තාවූ බුදුරජාණන් වහන්සේ සක‍්‍රයා හට මෙසේ වදාළ සේක. ”සිංහබා නිරිඳුගේ පුත‍්‍ර වූ තෙල විජය කුමාර තෙමේ අනුගත සත්සියක් පිරිස් සහිතව ලාට රටින් අවුත් අද ලක්දිවට පැමිණියේය. දේවේන්ද්‍රය, අනාගතයේ මාගේ ශාසනය ලංකාද්වීපයේ පිහිටන්නේය. එබැවින් පිරිස් සහිත ඔහුද ලක්දිවද මනා කොට ආරක්ෂා කරව.”
ෆාමර් කියා තිබෙන ආකාරයට සිංහලයන්ගේ ප‍්‍රභවය පිළිබඳව මහාවංශයේ එන පුරාවෘත්තය සිංහලයන් බුද්ධාගමේ ආරක්ෂකයන් වෙතැයිද ලංකාව සම්බුද්ධ ශාසනයේ ක්ෂේම භූමිය වෙතැයිද යන විශ්වාසය සිංහලයන් තුළ ඇති කිරීමට හේතුවිය. ඔහු තවදුරටත් කියා තිබෙන්නේ ඊශ‍්‍රායල් වාසීන් දෙවියන් විසින් විශේෂයෙන් තෝරා ගනු ලැබූ වර්ගයක් සේ පරණ තෙස්තමේන්තුවේ සඳහන් කිරීම නිසා ඒ අදහස් යුදෙව්වන් කෙරෙහි බලපෑ ආකාරයටම සිංහල ජනතාවගෙන් බුද්ධ ශාසනයේත් විශේෂ දෛවය පිළිබඳ සංකල්පනාව හා සිංහලද්වීපයේ ඉරණම පිළිබඳ සංකල්පනාව සිංහලයන් තුළ ඇති කිරීමට මහාවංශය හේතුවිය.

ඉතිහාස සම්ප‍්‍රදාය ප‍්‍රශ්න කිරීම

ලංකාව වර්තමානයේ මුහුණ දී තිබෙන අර්බුදය කෙරෙහි වර්ගය, කුලය හා ආගම යන සාධක තුනම බලපා තිබේ. අපේ ඉතිහාස සම්ප‍්‍රදාය කෙරෙහිද එම සාධක තුන බලපා තිබේ. අපේ ඉතිහාස සම්ප‍්‍රදාය වර්ගවාදීය. ආගම්වාදීය. කුලවාදීය. එම ඉතිහාසය තුළ ඉතිහාසයක් ඇත්තේ සිංහල වර්ගයාට පමණය. ආගම්වලදීද ලංකාවේ දෙමළ හෝ මුස්ලිම් වර්ගයාට ඉතිහාසයක් නැත. එම ඉතිහාසය තුළ ඉතිහාසයක් ඇත්තේ බුද්ධාගමට පමණය. ලංකාවේ තිබෙන සෙසු ආගම්වලට ඉතිහාසයක් නැත. සභ්‍යත්වයට දායක වී ඇත්තේ කුලීනයන් පමණය. කුලීන නොවන අයගෙන් කිසිදු වැදගත් දායකත්වයක් ලැබී නැත.

ලංකාවේ නියම ඉතිහාසය තේරුම් ගැනීමට අවශ්‍ය නම් වංශකතාකරුවන් ලියා තිබෙන ඉතිහාසය වසාගෙන ඇති වර්ගවාදී, ආගම්වාදී හා කුලවාදී වලාපටලය කඩා බිඳ දැමිය යුතුය. එය ලංකාවේ ඉතිහාසඥයන් විසින් කළ යුතු දෙයක් වුවද ඒ සඳහා අවශ්‍ය කරන නිවැරදි ඓතිහාසික දැක්මක් හෝ නිර්භීතකමක් පෙන්නුම් කිරීමට ලංකාවේ ඉතිහාසඥයන් සමත් වී නැත. උඩුගම් බලා පිහිනන්නට කැමති ඉතිහාසඥයන් කිහිපදෙනෙකු සිටියද සමස්ත චිත‍්‍රයට අතගසන්නට අවශ්‍ය නිර්භීතභාවය ඔවුන් තුළ ද ඇති බවක් පෙනෙන්නට නැත. ඉතිහාස විෂයෙහි උගතුන් වැඩි පිරිසක් අලසය.

තමන්ගේ කාලයෙන් වැඩි කොටසක් පර්යේෂණ කටයුතුවල නිරත වන හා ලියන සුළු පිරිසක් සිටියද සම්ප‍්‍රදායන් අභියෝගයට ලක් කරන්නට අවශ්‍ය තරමේ නිර්භීතකමක් තිබෙන බවක් පෙනෙන්නට නැත. ඒ නිසා ලංකාවේ ඉතිහාස විෂයෙහි විප්ලවකාරී දේවල් අසන්නට ලැබෙන්නේ ඉතාමත් කලාතුරකිනි. ඉන්දියානු ඉතිහාසඥයන් සමඟ සසඳන විට ලංකාවේ ඉතිහාසඥයන් සිටිනුයේ ගව් ගණනක් පසුපසිනි. ලංකාවේ ඉතිහාසඥයන්, ලංකාවේ ඉතිහාසය වසාගෙන තිබෙන වර්ගවාදී, ආගම්වාදී හා කුලවාදී තිඹිරි පටලයට අත ගසන්නට බයය. බුද්ධාගම කුලභේදය ප‍්‍රතික්ෂේප කරන ආගමක් වුවත් ලංකාවේ බෞද්ධයන් කෙරෙහි පමණක් නොව, බෞද්ධ ශාසනය කෙරෙහිද කුලභේදය බලපෑවේය. උපසම්පදාව ලබා දුන්නේ ගොවිගම කුලයට පමණය. කුලභේදය අධ්‍යයනය කිරීම ලිඛිත ඉතිහාස ශික්ෂණයෙන් බැහැර දෙයක් බවට පත්වී තිබෙන්නේ යැයි කියා ඇත්තේ නූතන ඉතිහාසඥයන් අතර සිටින වර්ණවත් ඉතිහාසඥයකු ලෙස සැලකිය හැකි මහාචාර්ය අමරදාස ලියනගමගේය. ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරිටද ඒ රෝගයෙන් අත්මිදීමට හැකිවී නැති බව පෙනේ. ලංකාව නවීන ඉතිහාස ශික්ෂණයකට යොමුවී මේ වනවිට අවුරුදු 70ක් තරම් කාලයක් ගතවී ඇතත් සතුටුවිය හැකි තරමේ ලොකු දුරක් පැමිණීමට තවමත් සමත් වී නැත.

මා ඉතිහාසඥයෙකු නොව ඉතිහාසය ගැන උනන්දුවක් දක්වන පුද්ගලයෙකු පමණය. ඉතිහාසයේ ‘සභ්‍යත්වය’ නමින් මට ලංකාවේ සමාජ දේශපාලන ඉතිහාසය අළලා පොතක් ලියන්නට අවශ්‍ය වූයේ ලංකාවේ ඇත්ත ඉතිහාසය වසාගෙන ඇති වාර්ගික ආගමික හා කුල වලාපටලය කඩා බිඳ දැමීම රටේ ඉදිරි ගමනට අත්‍යවශ්‍ය වැදගත් කොන්දේසියක් ලෙස පෙනුණු නිසාය. ඒ අදහස බලවත් ලෙස මා සිත තුළ ජනිත වූයේ දැන් පුනරුද ව්‍යාපාරය නමින් හැඳින්වෙන සමාජ ව්‍යාපාරය ආරම්භ කිරීම සඳහා පැවති ආරම්භක සාකච්ඡුා වටයේ ප‍්‍රතිඵලයක් වශයෙනි. එහි ප‍්‍රථම මුද්‍රණය පළවූයේ 2016 සැප්තැම්බර්වලදීය. එය ඉතිහාස උගතුන්ගේ විචාරයට හේතුවූ පොතක් නොවුවද, මාස 15ක් තරම් කාලයක් තුළ තුන්වැනි මුද්‍රණයක්ද පළවීමෙන් පෙනෙන්නේ උගතුන්ගේ විචාර නැතුවත් පාඨකයන්ගේ උනන්දුවට හේතුවී තිබෙන පොතක් වී තිබෙන බවය. එය කියවූ ඉතිහාසය හදාරන ශිෂ්‍යයන් විශ්වවිද්‍යාලවල ඉතිහාසය උගන්වන ගුරුවරුන් ලොකු ප‍්‍රශ්න කිරීමකට ලක් කරනු ඇතැයි මම විශ්වාස කරමි.

අනගාරික ධර්මපාලතුමාගේ ඉගැන්වීම් නිසා පමණක් නොව නිල ඉතිහාස පොත්පත්වලින් උගන්වන දේවලට අනුවද ලාංකිකයන් සිතන්නේ ලංකාවේ ශී‍්‍ර විභූතිය ලෙස හඳුන්වන අනුරාධපුර පොළොන්නරු යුගයේ ශිෂ්ටාචාරය ලෝකයේ ඉපැරණි ශිෂ්ටාචාර අතර ඉහළින්ම තිබෙන ශිෂ්ටාචාරයක් වන බවය. එම බොරුව නිවැරදි කිරීමට කිසිදු ඉතිහාසඥයෙක් උත්සාහ කර නැත. එක්කෝ තුලනාත්මකව කරුණු සලකා බලන්නට අවශ්‍ය දැනුම ඔවුන්ට නොතිබුණේය. එසේත් නැත්නම් එය රටේ පැවති ජනප‍්‍රිය පිළිගැනීමක් වූ නිසා එයට අත ගසන්නට බියවිය. මා හිතන්නේ ලංකාවේ ශිෂ්ටාචාරය ලෝක ශිෂ්ටාචාර සමඟ සැසඳීමකට යන්න අවශ්‍ය තුලනාත්මක දැනුම හා ප‍්‍රඥාව ඔවුන්ට නොතිබුණු බවය.

දුටුගැමුණුගෙන් පසුව බිහිවන ලංකාවේ රජවරුන් එක ආගමකට සීමා නොවූ එකවිට ආගම් දෙකක් ඇදහූ එනම් බුද්ධාගම හා හින්දු ආගම ඇදහූ රජවරුන් වේ යන නිරීක්ෂණය මගේ නිරීක්ෂණයක් මිස ලංකාවේ ඉතිහාසඥයන් සොයාගත් දෙයක් නොවේ. එය බොරු කළ නොහැකි සත්‍යයක් වන අතර එය අනාගත පර්යේෂණයන්ට හේතුවනු ඇති නිරීක්ෂණයක්ද වනු ඇත.

ලංකාවේ අවුරුදු 2300ක් තරම් වන කාලය තුළ බුද්ධාගම ගැන මිස ලෞකික දැනුම් ගණයෙහිලා සැලකිය හැකි කලාව, විද්‍යාව, දර්ශනවාදය හා ගණිතය වැනි දේවල් ගැන පමණක් නොව අඩුම වශයෙන් ජීවිතයේ පරමාර්ථ හෝ ලෝක ස්වභාවය වැනි දේවල් ගැන පවා එකුදු පොතක්වත් ලියැවී නැති රටක් වීය කියන නිරීක්ෂණය ඉදිරිපත් කරන ලද්දේද නිල ඉතිහාසඥයන් විසින් නොව මා විසිනි. අවුරුදු 2300ක් තරම් වන එම දීර්ඝ කාලය තුළ ලංකාවේ එක් ආකාරයකින් හෝ තවත් ආකාරයකින් ලියැවී ඇත්තේ බුද්ධාගමට හා භාෂාවට සම්බන්ධ පොත් පමණි. බුදුන් වහන්සේ මහා ප‍්‍රාඥයෙකු ලෙස සැලකිය හැකි වුවද ඒ යුගයේ ජීවත් වූ එකම ප‍්‍රාඥයා ලෙස සැලකිය නොහැකිය. සොක‍්‍රටීස්, ප්ලේටෝ, යුප්ලිඞ්, ආකිමිඩිස්, ඇරිස්ටෝටල් වැනි මහා ප‍්‍රාඥයන් ජීවත් වූයේද ඒ යුගයේය. එහෙත් ලංකාව ඒ සියලූදෙනා අතරින් දැන සිටියේ බුදුන් වහන්සේ ගැන පමණි. එම දීර්ඝ කාලය තුළ ලංකාව දැනුම ලබාගන්නා ප‍්‍රධානම ප‍්‍රභවය වූයේ බුද්ධාගමය. ඒ ගැන ලියන ලද ලිපිය රටේ නිල උගතුන්ගේද අවධානයට යොමුවූ ලිපියක් ලෙස සැලකිය හැකිය. ඒ ගැන මට ලැබුණු අදහස් පළකිරීම්වල සංඛ්‍යාවද විශාලය.

වෛද්‍යවරියක් ඒ ගැන ලියන සටහනක කියා තිබුණේ ලංකාව සිටින නියම තැන තේරුම් ගැනීමට ඒ නිසා හැකිවූ බවය. එම නිරීක්ෂණයද පර්යේෂණයට හේතුවන ප‍්‍රස්තුතයක් වනු ඇතැයි සිතිය හැකිය.

මා විශේෂ කවුරුවත් නොව, ලංකාවේ වර්තමානය ගැන කනගාටු වන හොඳ අනාගතයක් වෙනුවෙන් සිහින දකින ඒ නිසාම ඊට අදාළ වෙනත් විෂයයන් ගැන සේ ම ලංකාවේ ඉතිහාසය ගැන උනන්දුවක් දක්වන විචාරකයකු පමණය. මට පෙනෙන්නේ ලංකාවේ මතවාදී තලයේ පවත්නා වර්ගය, කුලය, ආගම යන සාධක ලංකාවේ ඉදිරි ගමනට ලොකු සම්බාධකයක් වශයෙන් ක‍්‍රියා කරන බවය. ඒවා රටක තිබිය යුතු ජාතික ඒකාග‍්‍රතාව නැති කොට රට අවුලෙන් අවුලට ගිය නිතර නිතර ලේ හලන අශීලාචාර රටක් බවට පත්කිරීමට හේතුවී තිබේ. අප විසින් ගොඩ නගා ගෙන තිබෙන පුනරුද ව්‍යාපාරයේ එක් වැදගත් අරමුණක් වනුයේ රටේ වර්ග භේදයට, කුල භේදයට හා ආගම් භේදයට තිබෙන පිළිගැනීම නැති කොට ලංකාවේ ජීවත් වන සියලූ මිනිසුන්ට සමාන මනුෂ්‍ය ගෞරවය හා සමාන අයිතිවාසිකම් ලබාදෙන පදනමක් මත නිදහසේදී ගොඩනගා ගැනීමට අසමත් වූ නූතන ජාතිය ගොඩනැගීමය. මට ලංකාවේ ඉතිහාසය ගැන පොතක් ලියන්නට අවශ්‍ය වූයේ චින්තනමය විපර්යාසයක් සඳහා ලංකා ඉතිහාසය වසාගෙන තිබෙන වාර්ගික, ආගමික හා කුල තිමිර පටල කඩා දැමීමට අවශ්‍ය වූ නිසාය. එය ප‍්‍රදර්ශනය කිරීම පිණිස ලියන ලද්දක් නොවේ.