රාවය

විල්පත්තුවට මුවාවී ජාතිවාදය වපුරන්නෝ

විල්පත්තුවට මුවාවී ජාතිවාදය වපුරන්නෝ

යාල වනෝද්‍යානය 1984  ගූගල් සිතියම්වලින්

යාල  වනෝද්‍යානයේ 2016 සිදුව ඇති විනාශය ගූගල් සිතියම්වලින්

”මෙම වටිනා පරිසර පද්ධතිය ආසන්නයේ තිබුණු පැරණි මරිච්චිකඞ්ඩි නම් කුඩා ගම්මානය පෙන්වා ඒ ආසන්නයේ ඇති ඉහත කී වටිනා විල්පත්තු පරිසර පද්ධතියේ අක්කර දහස් ගණනක් අරාබි රාජ්‍යයන්ගෙන් ලැබෙන ආධාර මත ඉදිවන නිවාස ව්‍යාපෘති වෙනුවෙන් මේ වනවිට විනාශ කරමින් පවතියි.” දෙසැම්බර් 14 වැනිදා විල්පත්තුව ආරක්ෂා කරගැනීමට යැයි කියමින් විහාරමහාදේවී උද්‍යානයේ පැවති දැවැන්ත විරෝධතාවක් වෙනුවෙන් බෙ¥ අත්පත‍්‍රිකාවක මෙසේ සඳහන්ව තිබුණි.

 

මේ විරෝධතාවට රවීන්ද්‍ර රන්දෙණිය, ශ‍්‍රියන්ත මෙන්ඩිස් වැනි කලාකරුවන්ගේ සහයෝගය ලැබී තිබුණි. එමෙන්ම පරිසරවේදීන් බහුතරයකගේද සහාය ලැබී තිබුණි. අපගේ මේ සටහන ඒ විරෝධතාව වනාන්තර රැකීමද, ජාතිවාදය ඇවිලවීමද යන්න විමසීමකි. අපේ අදහස මේ ව්‍යාපාරය සමඟ සැබෑ පරිසර පේ‍්‍රමයක් ඇති බොහෝදෙනෙකු සිටින බවයි. ජාතිවාදී නොවන බොහෝදෙනෙකු සිටින බවයි. එහෙත් ඒ පරිසර පේ‍්‍රමය ඉක්මවමින් ජාතිවාදී යටි අරමුණු සමඟ විරෝධයට එක්වන අතිබහුතරයකගේ ගඳගසන ජාතිවාදය වැඩියෙන් මතුවන බවයි.

 

”විල්පත්තුවේ අක්කර ලක්ෂයක් ඉල්ලන පරිසර ත‍්‍රස්තවාදය පැරදවීමට දසලක්ෂයක දේශපේ‍්‍රමී එකමුතුවට අපිත් එක්වුණා. ඔබත් එක්වන්න.” විල්පත්තුව සුරැුකීමේ ජාතික සංවිධානය 14 වැනිදා විරෝධය ගැන එසේ ආරාධනා කර තිබුණි. ‘ත‍්‍රස්තවාදය’, ‘දේශපේ‍්‍රමී’ වැනි වචන එක්වෙද්දීම සටනේ සැබෑ අරමුණ පැහැදිලි වෙයි. ‘අරාබි’ රාජ්‍යයන්ගේ ආධාර, ‘විහාරමහාදේවියේ බුදු පිළිමය’ වැනි වචන යෙදෙද්දීම සැබෑ අරමුණ පරිසර හිතකාමයද? වෙනත් අරමුණක්ද යන්න පෙනෙයි.

එමෙන්ම සියවසේ දැවැන්තම වන විනාශය ලෙස විල්පත්තු වන විනාශය ගැන සඳහන් කර තිබුණි. විල්පත්තු වනයෙන් අක්කර ලක්ෂයක් ඉල්ලා ඇතැයි පැවසුවත් එවන් කිසිම ඉල්ලීමක් සිදුකර නැත. එය සැබැවින්ම සිදුවන විනාශය කිහිප ගුණයකින් වැඩිකර පෙන්වීමකි. මේ විනාශය ලංකාවේ සිදුවන අනෙක් බරපතළ පරිසර විනාශයන්ට වඩා ඉදිරියට ගෙනැවිත් එය සියවසේ මහා විනාශය ලෙස අතිශයෝක්තියට නඟමින් සිදු කරන්නේ පැහැදිලි ජාතිවාදී ව්‍යාපාරයකි.

ඒ හානියට එරෙහිව පෙනී සිටීම වැදගත් බව ඇත්තය. එහෙත් ඊට වඩා බරපතළ ලෙස සිදුව ඇති විනාශයන් ගැන කතා නොකරන්නේ ඇයි. ඒවා ගැන නිහඬ වෙන්නේ ඇයි. මෑත කාලයේ සිදුව ඇති එවන් බරපතළම පරිසර විනාශයන් මොනවාද?

හම්බන්තොට ප‍්‍රදේශයේ මෑත කාලයේ බරපතළම ලෙස වන විනාශයන් සිදුව ඇත. මත්තල ගුවන්තොටුපොළ නිර්මාණය කිරීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් අක්කර 5000ක ප‍්‍රමාණයක් විනාශ කර තිබුණි. වනාන්තර මධ්‍යයේ සහ අලි ඇතුන්ගේ වාසස්ථාන කෙළින්ම විනාශ කර ඇත.

මාගම්පුර වරාය, සූරියවැව ක‍්‍රීඩාංගණය, මිරිජ්ජවිල ආයෝජන කලාපය, සූර්ය තාප විදුලි බලාගාරය ඇතුළු ව්‍යාපෘති වෙනුවෙන් අක්කර 10000ක ප‍්‍රමාණයක් විනාශ කර ඇත. අලි මිනිස් ගැටුම උග‍්‍ර තත්ත්වයට පත්කිරීමට මේ වන විනාශය හේතුවිය.

කරුවලංකාලිකුලම් හෙවත් බෝගස්වැව විනාශය මෑත කාලයේ බරපතළම පරිසර විනාශයක් ලෙස හැඳින්විය හැකිය. විල්පත්තුවේ සිදුවන විනාශය මෙන් කිහිප ගුණයක විනාශයක් කරුවලංකාලිකුලම් වනයෙහි සිදුව ඇති අතර විල්පත්තුවේ මෙන් පරිවාර රක්ෂිතයක නොව කරුවලංකාලිකුලම් ප‍්‍රධාන වනයේ මැදින් මේ විනාශය සිදුකර ඇත. පදිංචි කළේ සිංහල ජනතාව නිසා ඒ ගැන හඬක් නැත.

ආන්දුකුලම් වන රක්ෂිතයේ අක්කර 60000ක් මහවැලි එල් කලාපය ලෙස නම් කොට දේශපාලන හිතවතුන් වෙත ලබාදී ඇත. එය අතිවිශාල වන විනාශයකි.

ඊට අමතරව සංචාරක ව්‍යාපෘති ඇතුළු විවිධ හේතු නිසා සිංහරාජය, යාල, කුමන වැනි වනාන්තර බරපතළම අවදානමකට ලක්ව ඇත.

අනෙක් භයානකම අවදානමකට ලක්ව ඇත්තේ හෝර්ටන් තැන්න රක්ෂිතයයි. ඊට අමතරව බදුල්ල හල්දුම්මුල්ල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයිති බලහැර අඹකොළ ප‍්‍රදේශයේ අක්කර 1000ක් හපුතලේ ප‍්‍රදේශයේ දේශපාලන නායකයෙකුගේ මූලිකත්වයෙන් විනාශ වෙද්දී තවත් අක්කර 500ක් රාජපක්ෂ පවුලේ දේශපාලන නායකයෙකුගේ මූලිකත්වයෙන් විනාශ වෙමින් පවතියි.

නිල්ගල වනයේ අක්කර 505ක් දේශපාලන නායකයෙකුගේ හිතවතුන් විසින් විනාශ කෙරෙමින් පවතියි. මේ ගැන රාවයේ විස්තරාත්මකව ලියැවුණි.

විල්පත්තුවද විනාශයට ලක්වෙමින් පවතී. එයට එරෙහිව සටන් කළ යුතුය. අප කියන්නේ විල්පත්තුව ගැන කතා නොකර මේවා ගැන කතා කරන්න කියා නොවේ. එහෙත් වන විනාශයට එරෙහි සටනක් වෙනුවට විල්පත්තුව ගැන පමණක් කතා කරන්නේ නිවා පෙරා පිරිසිදු කරගත් ජාතිවාදී වුවමනාවන් නිසා මිස පරිසරයට ඇති ආදරයක් නිසා නොවේ.

පරිසර හා සොබාදම් අධ්‍යයන මධ්‍යස්ථානයේ කැඳවුම්කරු ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් විල්පත්තු විරෝධය ජාතිවාදී සටනක් දක්වා යෑම ගැන සවිඥානිකව පසුවෙන පරිසරවේදියෙකි. ඔහු අප සමඟ මේ විරෝධතාව ගැන මෙසේ අදහස් දැක්වීය. කෙසේ වෙතත් ඔහුගේ මේ අදහස් රැුගත් වීඩියෝවක් ඔහු සමාජ මාධ්‍ය වෙත එකතුකර ඇතත් එය නරඹා ඇත්තේ 500ක පමණ පිරිසක් පමණි. ඔවුන්ගේ අදහස්වලට වඩා වේගයකින් ජාතිවාදී සටන්පාඨ පැතිරෙමින් තිබෙයි.

”විල්පත්තු ජාතික වනෝද්‍යානයේ විනාශය සම්බන්ධයෙන් රටේ නැගෙමින් පවතින විරෝධය සාධාරණ විරෝධයක්. ඒකට හේතුව තමයි විල්පත්තු වනයේ අභ්‍යන්තර කොටස් විනාශ වෙමින් පවතිනවා. ඒක කාලයක් තිස්සෙ සිදුවන දෙයක්. හැබැයි මේ විනාශයන්ට වගකිවයුත්තේ බදියුදීන් ඇමතිවරයා පමණක් නොවන බවයි අපේ අදහස. හේතුව තමයි ඔහු මේ වනවිට ක‍්‍රියාත්මක කරමින් ඉන්නේ ජාතික භෞතික සැලැස්ම. මෙහි වැරදිකරුවා පරිසර අමාත්‍ය සහ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන, අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ යන දෙපළත් මෙහි වරදකරුවන් වෙනවා. මේ විරෝධය පදනම් වෙන්න අවශ්‍ය වෙන්නේ ලෝක බැංකු ව්‍යාපෘතියට මිසක් බදියුදීන්ට පමණක් නොවන බවයි අපේ අදහස. බදියුදීන් නිවැරදිකරුවෙක් වෙන්නෙ නැති බව ඇත්ත. ඔහු විසිනුත් වනයේ කොටසක් විනාශ කරමින් පවතිනවා. සංචාරක ව්‍යාපෘතියට අවශ්‍ය හෝටල් ව්‍යාපෘති නිර්මාණය කරන්න සහ වෙනත් සංවර්ධන කටයුතුයැයි කියන ව්‍යාපෘතිවලටයි මේ වනාන්තර විනාශ කරන්නේ. අපට විල්පත්තු ජාතික වනෝද්‍යානය සහ අනෙකුත් වනාන්තර ආරක්ෂා කිරීමට විරුද්ධවයි අපි සටන්කළයුත්තේ. අපි බදියුදීන්ට විරුද්ධව පමණක් කතා කරනවා නම් මෙහි සැබෑ වගකිවයුත්තන්ව අපි මඟහරිනවා. අපි බදියුදීන්ට පමණක් විරුද්ධ වුණොත් අපි ජාතිවාදී සටනක් බවට මේක පත් කරගන්නවා. සැබෑ අරගලය තිබිය යුත්තේ සමස්තයට එරෙහිව මිසක් බදියුදීන්ට පමණක් නොවන බව අපි පැහැදිලිව කියනවා.”

 

රවීන්ද්‍ර කාරියවසම්, සජීව චාමිකර වැනි පරිසරවේදීන් පරිසරය රැුකගැනීමේ වුවමනාවෙන් විල්පත්තු වනය ඇතුළුව ලංකාවේ වන විනාශයට එරෙහිව කතාකරද්දී ජාතිවාදී අරමුණු වෙනුවට පරිසරය ආරක්ෂා කරගැනීමේ අරමුණු සමඟ කටයුතු කරද්දී ජාතිවාදීහු මෙය පැහැදිලි ජාතිවාදී ව්‍යාපාරයක් බවට පත් කරගනිමින් සිටිති.
රටේ අතිබහුතරයේ සහයෝගය ලබන, දැවැන්ත මාධ්‍ය ආයතනවලින් සහ ව්‍යාපාරිකයන්ගේ සහයෝගය ලබන මේ විල්පත්තු විරෝධය දෑතින් නැවැත්වීමේ හැකියාවක් අපට නැත. ඒවාට එරෙහිව පුංචි හඬක් නැඟීම පමණකි අපට කළහැක්කේ. එහෙත් පැහැදිලි අනතුරු හැඟවීමක් කළ හැකිය. ඒ මේ සියල්ල මහා විනාශයන් දක්වා යා හැකි බවයි. වනසතුන් සහ වෘක්ෂ රැුකීමටයැයි කියමින් ඇරඹෙන මේ විරෝධය ලංකාවේ එක් තැනක ඇති වෘක්ෂ සහ වනසතුන් පමණක් රැුකීම වෙනුවෙන් ක‍්‍රියාත්මක වීම නිසා අවසානයේ වෘක්ෂ සහ වනසතුන් ආරක්ෂා වීම කෙසේවෙතත් ජීවිත රැුසක් විනාශවීමක මුලවේදැයි අපට දැනෙන්නේ බියකි.

 

රේඛා නිලූක්ෂි හේරත්