රාවය

මලල කී‍්‍රඩාවද? මළ කී‍්‍රඩාවද?

මලල කී‍්‍රඩාවද?    මළ කී‍්‍රඩාවද?

මේ ගෙවෙනුයේ කී‍්‍රඩාවේ විකාර සහගතම කාල පරිච්ෙඡ්දයකි. තම තමන්ගේ නම් ලකුණු කර ගන්නට වලි කන පරිපාලන යාන්ත‍්‍රණයක් ඇරුණු කොට කිසිවක්ම සිදුවන ලකුණු වුව නොපෙනේ. මලල කී‍්‍රඩාව යනු මෙරට කී‍්‍රඩාවේ මුදුන් මල්කඩය. සියලූ කී‍්‍රඩාවන් පණ ගැහෙනුයේ එහි ජීවයෙනි. එය සුදුමැලිව මියැදෙන්නට සැරසෙන විට සෙසු කී‍්‍රඩා ගිලිහී වැටෙනුයේ වියලි කොළ මෙනි.

සමස්ත කී‍්‍රඩාවේ සාර්ථකත්වය පෙනෙන මිනුම් දණ්ඩ නම් මලල කී‍්‍රඩාවය. මලල කී‍්‍රඩාව යනු කී‍්‍රඩාවේ වෙනම සංස්කෘතියකි. මහා සංස්කෘතියකි. මේ සංස්කෘතිය ගොඩ නැගීම කෙළින් හෝ සිට ගැනීමට නොහැකි මහල්ලන්ට කළ හැකි නොවේ. එයට අලූත් ලේ අවැසිය. විශ‍්‍රාමලත් මහල්ලන්ගේ සංගමයක් බවට අද මලල කී‍්‍රඩා සංගමය පත්ව ඇත. එය හුදු වැඩිහිටි නිවාසයක් මෙනි.

මලල කී‍්‍රඩාවේ දිප්තිමත්ම යුගය සුසන්තිකා, දර්ශා, සුගත් යුගයය. ඒ තරුවල නිවී යෑමත් සමග මලල කී‍්‍රඩා ක්‍ෂේත‍්‍රයම අදුරු විය. ඉන්පසු පුංචි තාරකා මතු වුවද ඒවා කනාමැදිරි එළි මෙන් විය. අන්ධකාරයේ ඒවා කැපී පෙනුණ මුත් ලොකු ආලෝකයක් නොවීය. වීඒ සුගතදාස මෙන්ම කේබී රත්නායකද නන්ද මැතිව්ද අවසන එස්බී දිසානායකද කී‍්‍රඩා ඇමතිවරුන් ලෙස කතාබහට ලක්වූහ. ඔවුන්ද කනාමැදිරි එළි මෙන් කැපී පෙනුණේ අන් අය ඒ තරමට හෝ එළියක් මතු නොකළ නිසාය. මහින්දානන්ද අලූත්ගමගේ කී‍්‍රඩා ඇමතිවරයා ලෙස ලංකාවේ අංක එක එනම් එතෙක් මෙතෙක් පහළ වූ හොදම කී‍්‍රඩා ඇමති වන බව පවසාම වැඩ බාර ගත්තේය. එක කෙසේ වෙතත් ඔහු තැබිය යුතු තැනවත් අපට හිතාගත නොහැකිය.

වත්මන් ඇමති දයාසිරි ජයසේකරට වඩා අලූත්ගමගේ සිය ගුණයක් හොදයැයි ද වත්මන් ඇමති බොරු කයිකාරයකු පමණක් බවද අප සමග බොහෝ සංගම් කි‍්‍රයාකාරීන් කියන කතාවක්ය. දයාසිරි ඇමතිවරයා එම කතාව සනාථ කරනවාද නැද්ද යන්න තීරණය කිරීම වැඩි කල් නොගොස් ඔප්පු කරනු ඇත. මන්ද ඔහුද දෙවසරකට වැඩි කාලයක් නිලය දැරුවද ප‍්‍රතිඵලය පෙන්වා නැති බැවිනි. බොහෝ දේ කරන බව කීවද කළ දෙයක් නොදැනෙන බැවිනි. බොහෝ කී‍්‍රඩා ඇමතිවරුන්ට මනා අරමුණක් පෙරදැරි කරගෙන ඉලක්කයකට හඹා යෑමට නොහැකි විය. ඔවුන් ඒ උපදෙස් ගන්නා තමන් වටකර ගෙන සිටින අයගේ තත්ත්වය මත වන දෙයකි.

තරගයක් දිනන්නට හොද කණ්ඩායමක් අවැසි සේම ඉලක්කගත පරිපාලනයකට යෑමටත් දක්‍ෂ කණ්ඩායමක් අවැසි වේ. වත්මන් ඇමති වටාද එවැනි පිරිසක් ඇතැයි නොපෙනේ. වැඩවලින් නොදැනේ. ඒ කෙසේ වුවත් තනිව ඔහු යමක් කළ යුතු යැයි අවංකව සිතන බවද පෙනේ. එහෙත් සිතීම පමණක් ප‍්‍රමාණවත් නොවේ. ඒවා කි‍්‍රයාත්මක වීමද වැදගත්ය. ඇමති ගැන ලිවීම එතැනින් මඳකට නවතාලමු.

මලල කී‍්‍රඩාවට එළඹෙන්නේ නම් එය මේ වන විට වළ පල්ලටම ගොස්ය. එය විශ‍්‍රාම මේජර් ජනරාල් පාලිත ප‍්‍රනාන්දුට ගොඩදැමිය හැකි නොවේ. සුගත් තිලකරත්න සභාපති ලෙස පෙන්නු කාර්යක්ෂමභාවයවත් අද මලල කී‍්‍රඩාවේ නැත. සුගත්ට සැබැවින් මීට වඩා නම් ගමනක් යා හැකිව තිබුණි. මෙවර නිලවරණයට එනවිට පාලිත ප‍්‍රනාන්දු කීවේ තමන් සතුව දැවැන්ත සැලැස්මක් ඇති බවය. එය ප‍්‍රකාශ කරනුයේ තමන් සභාපති වූ පසුව බවය. එහෙත් මෙතෙක් එවැනි සැලැස්මක් නම් පෙනෙන්නට නැත. නැතහොත් ඔහු සභාපති වී ඇති බව ඔහු තවම නොදන්නවා විය යුතුය. එසේද සිතිය නොහැක්කේ ඔවුන් සිටින බවට ළාමක වැඩද සිදු කරන බැවිනි.

ඊටම ගැළපෙන ලේකම්වරයෙක්ද මලල කී‍්‍රඩා සංගමයේ සිටී. ඒ පේ‍්‍රමා පින්නවලය. ඔහු මේ වන විට අවුරුදු අසූව ඉක්මවා ඇති බව සහතිකය. එහෙත් බලයට ඇති කෑදර පෙරේතකම ඔහු තුළින් අතුරුදන් නොවේ. හැරමිටියෙන් වුව මලල කී‍්‍රඩා සංගමයට ඒම එහිම දිවි ගෙවීම ඔහුගේ එකම නිවන මෙනි. මේ සැවොම මෙතරම් නහිනුයේ කී‍්‍රඩාවට ඇති ආදරයටද? සැබැවින්ම මේ සැමගේ රැුකියාව මේ සංගම් තනතුරු දැරීමය. තනතුරෙහි ඇති සමාජ වටිනාකම පමණක් නොව එහි ආර්ථිකමය වාසිද රට සවාරිද එමට ඇත. එහි රහ ඕනෑවටවත් වඩා භූක්ති වි`දි මේ අය තව කෙනකුට මේ තැන්වලට එන්නට ඉඩ තබන්නේ නැත. ඇත්ත එයය.
දකුණු ආසියානු කලාපයේ සාමාජික රටවල් අතර මලල කී‍්‍රඩාවෙන් ජ්‍යෙෂ්ඨතම සාමාජිකයා ශී‍්‍ර ලංකාවය. ඒ බව ජාත්‍යන්තර මලල කී‍්‍රඩා සම්මේලනයේ යටගියාව දිග හැර බැලූ විට පෙනේ.

එහෙත් අද ජාත්‍යන්තර තරගයකට යෑමට ‘‘වයිල්ඞ් කාඞ්’’ හිගා කන තත්ත්වයට අප පැමිණ ඇත. එනම් සුදුසුකම් සපුරා නොගෙන පිනට ඉල්ලා යෑමට පටන්ගෙන ඇත. එය තව කාලයකට වෙනස් වන ලකුණු නොපෙනේ. පිනට වුව කිහිප දෙනෙකු දාගත් විට නිලධාරි බුරුත්තටම රට යා හැකිය. අවැසි එපමණ බැවින් ඒ දේ වූ විට සියල්ල හරිය. මේ සිගා කෑමට තිත තබන්නේ කවදාද?

1922 දී ජගත් සම්මේලන සාමාජිකත්වය ලබා ගන්නා ශී‍්‍ර ලංකාව මේ වන විට එහි සාමාජිකත්වය ලබන මහල්ලෙකි. ශී‍්‍ර ලංකාව මේ වන විට අනූපස් වියැති මහල්ලෙකි. ඇෆ්ගනිස්තානය (1930) සාමාජිකත්වය දරන කළ ඉන්දියාව එහි සාමාජිකත්වය ගෙන ඇත්තේ (1946) දීය. පාකිස්ථානය (1947) නේපාලය (1948) භූතානය (1972) බංග්ලාදේශය (1973) සහ මාලදිවයින (1983) එහි සාමාජිකත්වය ගෙන ඇත. එසේ නම් මේ ලංකා මලල කී‍්‍රඩාවේ මියැදෙනම කාලය ද?

අනූපස් වසරක කාලය තුළ මලල කී‍්‍රඩාව වෙනුවෙන් කී දෙනෙක් කැපකිරීම් කොට ඇද්ද? ඩන්කන් වයිට්ගෙන් ඇරඹී ඔලිම්පික් ජය සුසන්තිකාටත් අලූත් කළ හැකි වූයේ කුමන හෝ නැග්මක් දියුණුවක් එහි තිබූ නිසා නොවේද? එහෙත් අද කී‍්‍රඩා පිටි සොහොන් පිටි බවට පත් වෙමින් මලල කී‍්‍රඩාව මළ කී‍්‍රඩාවක් බවට පත් වන්නේ ඇයි? කි‍්‍රකට්වලට කොදෙව්වන් නම් දැරූ සේම 1970 දශකය මේ රට මලල කී‍්‍රඩාව කොදෙව්වන්ගේ තත්ත්වයට පත් වූ බව කිව යුතුය. කොදෙව්වන් කි‍්‍රකට් පිටිය එකල උඩු යටිකුරු කළා සේම මෙරට මලල කී‍්‍රඩාවද පෙරළිකාර තෝතැන්නක් විය.

එකල රෝසා, විමලදාස, එදිරිවීරසිංහ, පේ‍්‍රමචන්ද්‍ර, සහබන්දු, සුනිල් ගුණවර්ධන, ලීනස් ඩයස්, කරුණානන්ද, විමලසේන පෙරේරා, භද්‍රා, බොංග්සෝ, නිර්මලී මලල කී‍්‍රඩාවෙන් සුපිරි නාමකරණයන් විය. ඒ සමයේ සෙසු කී‍්‍රඩාවලද වර්ධනයක් විය. පාපන්දු කී‍්‍රඩාවෙන්ද වොලිබෝල් කී‍්‍රඩාවෙන්ද කැපී පෙනෙන දස්කම් විiමාන විය. අද ඩයන් ගෝමස් තරම් පරිපාලකයෙකු බොක්සිංවල නැතැයි කියන්නේ ඉතිහාසය නොදන්නෝය. ඇල්බට් පෙරේරා, එඞී. ගේ‍්‍ර, හදුන්ගේ ජයසූරිය සහෝදරයෝ, සුමිත් ලියනගේ, මැල්කම් බුල්නර්, වින්ස්ටන් වැන්කියුලන්බර්ග්, බැසිල් හෙන්රිකස් ආදිහු ගැන අසාවත් නැත්තෝය.

මේ කාලය කී‍්‍රඩාවෙන් අප කොයි තරම් ඉහළට මතු වී ද යත් බිලියඞ් සහ ස්නූකර් අංශයෙන් එම්.ජේ. එම්. ලාෆීර් ලෝක ශූරතාව පවා දිනුවේ මේ කාලයේදීමය. එසේ නම් අපට කී‍්‍රඩාවෙන් ලොව දිනන්නට බැරිකමක් නැත. සම්පත් හිගයක් නැත. එහෙත් එය පාදා ගන්න දැනුම දැන් මොට්ට වී ඇත. එක තැන පල්වනවුන් වසර ගණනාවක් ඒ තැන්වල ලැගීමත් සමග ඒවා අභාවයට යන තැනට තල්ලූ වී ඇත.

එදා සිට අද දක්වා කී‍්‍රඩා ඇමතිවරු කොපමණ පැමිණ ගොස් ඇත්ද? එහෙත් කී‍්‍රඩාවට සිදු වූ යහපත කුමක්ද? අද සංගම් බොහෝමයකම පරිපාලනය දරනවුන් අවම වසර පහළොව ඉක්ම වූ අයය. පින්නවල පරිපාලනයට පැමිණ අවුරුදු තිහට වැඩිය. ඔවුන් මේ ක්‍ෂේත‍්‍රයේ නියැලෙන්න ගෙන වසර හතළිහට වැඩිය. එසේනම් තවදුරටත් ඔවුන්ට කළ හැකි දෙයක් වේද? එන්.සී.සී, එස්.සී.සී මෙන් මලල කී‍්‍රඩාවේද ‘‘සිටි ඇන්ඞ් ඒ. සී.ඒසස්, ශී‍්‍ර ලක්, ලංකා ලයන්ස්, කී‍්‍රඩා සමාජ පෙරළිකාර කී‍්‍රඩකයන් බිහි කළ යුග විය. ඉන්පසු ඒවා අභාවයටම පත් වූයේ ඇයි?

අවසානයේ සියල්ල හමුදාකරණය විය. ජය ලබන කී‍්‍රඩකයන්ට ඇති එකම තැන ති‍්‍රවිධ හමුදා අංශ විය. එය යහපතක් සේ දුටුවද එයින් සිදු වූයේ යහපතට වඩා අයහපතකි. අදද කී‍්‍රඩාව ති‍්‍රවිධ හමුදාවේ පටු වපසරියට කොටු වී ඇත්තේද එබැවිනි. අද තරගාවලියක අවසන් ප‍්‍රතිඵල ලැයිස්තුව පිරික්සන විට ඇත්තේ ති‍්‍රවිධ හමුදා නියෝජනයක් පමණි. පසුව එය මලල කී‍්‍රඩා පරිපාලනයටද බෝ විය. අදත් ඇත්තේ ආමි පාට්ය.

අද අපි ඉන්දිය ශී‍්‍ර ලංකා කි‍්‍රකට් තරග නරඹමු. එහෙත් අනෙක් කී‍්‍රඩාවන්ට එවැනි තරගාවලි පැවැත්විය නොහැක්කේ ඇයි? එකල ඉන්දු ලංකා මලල කී‍්‍රඩා තරගාවලිය නමින් ජනපි‍්‍රය තරගාවලියක් පැවැත්විය. අද ඒවා අතීත මතක පමණි. සැමගේ කතාව ඔලිම්පික් දිනන්නය. සැලසුම් ඔලිම්පික් දිනන්නය. වත්මන් කී‍්‍රඩා ඇමතිද ආ විගස 2020 ඔලිම්පික් දිනන්නට කතා කළේය. ඉන් පසුව කාලයත් සම`ග එය 2025 විය. දැන් ඇමතිවරයා කල්ගත වී ඇති බැවින් එවැනි බලාපොරොත්තු 2050 පසු තබා ගත්තාට වුව කම්නැත.

නැවත හොද කී‍්‍රඩා සමාජ ගොඩ නැ`ගීම, දෙරටවල් අතර තරග සංවිධානය කිරීම ලේසියෙන් කළ හැකි වුවත් කරන්නට හිතන්නා හෝ නැතිවීම අභාග්‍යයකි.
අද අධ්‍යාපන අමාත්‍යාංශය සහ කී‍්‍රඩා අමාත්‍යාංශය අතර ඇත්තේ විශාල දුරකි. අප මේ ඇමති ආ අලූතම ලීවේ දයාසිරි අකිලට හමුවන්න කියාය. ඒ පාසලත් සම`ග කී‍්‍රඩා පරිපාලනය එකට යා යුතු නිසාය. අද අකිල විරාජ්ද කී‍්‍රඩාව මහා තැනකට ගෙන එනවායැයි කමිටු දා කරන සාකච්ඡුා නම් නිමක් නැත. ඔහුගේ ඇත්තේද කයිවාරුමය. දේශපාලන මතභේද මත මේවා ඉදිරියට යා නොහැකිය. ආණ්ඩුව තුළ මේ පක්‍ෂ දෙක එකතු වී ඇත්තේ ඇමතිකම් ගන්නට මිස වැඩ කරන්නට නොවේය. එකට හිදිමින්ම ශී‍්‍ර ලංකා එකේ හතුරු යූ.එන්.පී.ය වන විට පරාදය කළ යුත්තේ එජාපයයි කියන විට මතු වන්නේ විහිළුය. එහෙව් කියමින් දයාසිරිට අකිල සම`ග වැඩ කළ හැකිද? අඩුම තරමේ එකට ඉන්න තාක් කල් හෝ එකට වැඩ කිරීමේ සදාචාරයක් මොවුන්ට නැත. මේ නිසා විනාශ වන්නේ රටමය. කී‍්‍රඩාවත් ඇත්තේ ඒ රටේමය.

අද විභාගවලටම හුරු වූ රටාවක කී‍්‍රඩාවක තෝරා ගැනීම කුඩු ගැසීම වැනි කාරණයක් වී ඇත. එයින් ඉතිරි වන කෙන්ගෙඩියක් නැත. මලල කී‍්‍රඩාවේ ඉහළටම ගිය සුසන්තිකාගේ ඇ`ඩියාව දුටු විට මලල කී‍්‍රඩාවට ඇලූම් කරන්නේ කවුද? සංගා දුටු කළ කි‍්‍රකට් කී‍්‍රඩකයෙක් වන්නට කැමැත්ත එහි නියලෙන අය තුළ ඇතත් මලල කී‍්‍රඩාවේ එලෙස ආශක්ත වන්නේ ඇයි? කි‍්‍රකට් කී‍්‍රඩකයන්ට නිසි ඇගයීමක් පිළි ගැනීමක් ඇත. කි‍්‍රකට් සභාපතිම කී‍්‍රඩා ඇමති බදා වැළද ගෙන සිප ගනී. එහෙත් සෙසු සංගම් ඉදිරියේ ඇමති චණ්ඩියෙකි. ඔහු කතා කරනුයේ අනෙක් සංගම්වල සිටිනුයේ වහලූන් යැයි සිතාය. කී‍්‍රඩාව යනු විනය අනුව හැඩ ගැහෙන ප‍්‍රධාන තැනය. ඒ නිසා කී‍්‍රඩා ඇමති වහා විනය ගරුක විය යුතු යැයි අපි කියමු.

ඇමතිවරු යනු ජනතා සේවකයෝ යන්න අද වන විට ඇමතිවරු අමතක කරම ඇති කාරණයය. ඔවුන් සිතා සිටිනුයේ ඔවුන් සර්ව බලධාරීන් බවය. දේශපාලන සෙල්ලම තරම් කී‍්‍රඩාව සරල නැත. දේශපාලනයේ මෙන් පරදින විට දිනන පැත්තට පනින්නට කී‍්‍රඩාවට නොහැකිය. එබැවින් කී‍්‍රඩාවේ දිනන්නට නම් බෙහෙවින් කැප කළ යුතුය. ඊට දැවැන්ත සැලසුම්ද අවැසිය. කී‍්‍රඩා ඇමතිට වුව බඩ බස්සා ගැනීම ලේසි විය හැක. එහෙත් කී‍්‍රඩාව නගා සිටුවීම එවැනි පට් පට් කාරණයක් නොවන බව තේරුම ගත යුතුය. කී‍්‍රඩාව බරපතළ අඩියකට වැටී ඇතැයි නොසිතා කී‍්‍රඩාව නගා සිටුවන්නේ කෙසේද? මූලික කරුණ එයය. ඉන්දියානු පිල එක් තරගයකින් පරාජය කළ විට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පිල සිටිනුයේ ලෝක කුසලානය දිනු මට්ටමටය. මෙවැනි ළාමක ආශ්වාද සමස්ත කී‍්‍රඩාව පුරාම පිළිලක් සේ පැතිර ඇත. එවැනි වටපිටාවක් හදන කෂඩ කී‍්‍රඩා මාධ්‍ය භාවිතාවක් ද ඇත. එබැවින් අද සියල්ලම විනාශය.

එවැනි පසුබිමක වුවත් කතා කළ යුත්තේ නැගී සිටීම ගැනමය. වෙන කුමක් කරන්නද? මලල කී‍්‍රඩාව තැනකට නොගෙන කී‍්‍රඩාවක් ගැන කතා කිරීම අවැඩකි. අද මලල කී‍්‍රඩා සංගමය නම් වැඩිහිටි සංගමයේ සිදුවන්නේ කුමක්ද? නොබෝදා මලල කී‍්‍රඩා තාක්‍ෂණ නිලධාරී පරීක්‍ෂණය සමත් වූවන් ඇගයීම සිදු විය. එයට දෙකොනින් සිනා උපදවන වැඩක් වූයේ එහි ප‍්‍රථමයාට දෙන කුසලානය මේජර් ජෙනරාල් පාලිත ප‍්‍රනාන්දු අභියෝගතා කුසලානය ලෙස නම් කිරීමය. දෙවැනි තැන ‘‘පේ‍්‍රමා පින්නවල’’ අභියෝගතා කුසලානයය. තෙවන තැන ‘ඒ.ටී. නුගේගොඩ ’ කුසලානයය.

සභාපති, ලේකම්ලා කිසිත් නොකර තම නම් යොදාගෙන කුසලාන දෙන අරුම පුදුම වැඩ වන්නේ මෙරටම විය යුතුය. අද මලල කී‍්‍රඩාව ඒ තරමට කුණු වී ඇත. සැබැවින්ම සුගත් තිලකරත්නලා අමාරුවෙන් හෝ මේ තැන් වල රැදීම වැදගත්ය. ලොකු දෙයක් නොවුවත් එවිට මීට වඩා නම් දෙයක් වනු ඇත.

කී‍්‍රඩා ඇමතිවරයා කී‍්‍රඩා 61 ගැන සොයා බැලිය යුතු බව ඇත්ත. එහෙත් හරියාකාරව දහයක් හෝ පහළොවක් ගැන හොයා බලන්නේ නම් හොදටම ඇතිය. කී‍්‍රඩාව යනු හුදු සෙල්ලමක් නොවන බව කී‍්‍රඩා ඇමතිවරයා තවම වටහා ගෙන නැත. එය වටහා ගෙන දැන් හෝ වැඩ පටන් ගන්නැයි අපි ඇමතිගෙන් ඉල්ලමු.

සංගම්වල වැඩ ගැන දැන්ම නිසි අධ්‍යාපනයක් ලබන්න. නැතහොත් සිව් වසරක් ගෙවෙන තැන කතා කළ යුතු කිසිවක් ඉතිරි නොවනු ඇත. මන්ද සංගම් විනාශ කිරීමේ බලපත‍්‍රය මේ වන විට සිව් වසරකටම ගෙන ඇති බැවිනි.