එජාප ආණ්ඩුවක් සදහා බලපෑම්

පළාත් පාලන මැතිවරණයෙන් පසුව ජාතික ආණ්ඩුව සදහා වන ගිවිසුම දීර්ඝ නොකර එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් නිර්මාණය කළ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්තී‍්‍ර කණ්ඩායම සහ දෙවැනි පෙළ නියෝජ්‍ය අමාත්‍යවරුන් පක්ෂ නායකත්වයෙන් ඉල්ලා ඇත.

මේ පිළිබදව විමසූ විට එජාප ඉහළ පෙළේ සාමාජිකයෙකු පැවසුවේ එජාපය පළාත් පාලන මැතිවරණය ඉහළින් ජයග‍්‍රහණය කළහොත් ආණ්ඩුව පිහිටුවීම අපහසු නොවන බවයි.

මේ වන විට එක්සත් ජාතික පෙරමුණට පාර්ලිමේන්තුවේ ආසන 106ක් හිමිව ඇත.
එක්සත් ජාතික පෙරමුණේ සාමාජිකත්වය දරන ශී‍්‍ර ලංකා මුස්ලිම් කොංග‍්‍රසය නැගෙනහිර පළාතට තනිව තරග කොට ලබාගත් එක් මන්තී‍්‍ර ධුරයක් පවතින අතර ඊට අමතරව එක් මන්තී‍්‍ර ධුරයක් හිමි ඩග්ලස් දේවානන්දා මහතාගේ ඊපීඞීපී පක්ෂයේත් මන්තී‍්‍රධුර දෙකක් හිමි ආරුමුගම් තොන්ඩමන් මහතාගේ ලංකා කම්කරු කොංග‍්‍රසයේත් සහයෝගය ලබා ගැනීමට බලාපොරොත්තු වන බව එජාප ප‍්‍රකාශකයෙක් පැවසීය. ඒ අනුව ඔවුන් සතුව පවතින සමස්ත ආසන 110 ක් බව ඔහුගේ තක්සේරුවය.

ඒකාබද්ධ විපක්‍ෂය සහ ශී‍්‍රලනිපය නියෝජනය කරන කිහිපදෙනෙකුම එජාපය හා එක්වීමට කැමැත්තෙන් සිටින නිසා ආණ්ඩුවක් සදහා අවශ්‍ය වන මන්තී‍්‍රධුර 113 ලබාගැනීමට අපහසු නොවන බවත් එම එජාප ප‍්‍රකාශකයා කීය. ඔහු පෙන්වා දුන්නේ දෙමළ ජාතික සන්ධානයද අවශ්‍ය අවස්ථාවල පාර්ලිමේන්තු ඡුන්ද විමසීම්වලදී සහයෝගය ලබාදෙනු ඇති බවයි. දෙමළ ජාතික සන්ධානයට මන්තී‍්‍රධුර 14ක් ඇති අතර දෙමළ ජාතික සන්ධානයෙන් වෙන්වූ ඊ.පී. ආර්. එල්. එෆ් පක්ෂයට ආසන 2ක් හිමිව ඇත.

මේ සම්බන්ධයෙන් එජාප අමාත්‍යවරයෙකු පැවසුවේ ජාතික ආණ්ඩුවක සාමාජිකත්වය දරන්නට සිදුවීඹ නිසා බොහෝ ප‍්‍රබල එජාප සාමාජිකයන්ට ප‍්‍රබල නොවන අමාත්‍ය ධුර, නියෝජ්‍ය අමාත්‍යධුර සහ රාජ්‍ය අමාත්‍ය ධුර දරන්නට සිදුව ඇති නිසා එජාප තනි ආණ්ඩුවක් සදහා එජාප දෙවැනි පෙළ සාමාජිකයන් බොහෝ දෙනකු කැමති බවයි.

එජාප පසුපෙළ මන්තී‍්‍ර චමින්ද විජේසිරි පැවසුවේ තමන් පෞද්ගලිකව සහ එජාප පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් ලෙස එජාප තනි ආණ්ඩුවක් කලෙක පටන් ඉල්ලා සිටින බවයි. පළාත් පාලන මැතිවරණයෙන් පසුව මේ ඉල්ලීම යළිත් වරක් එජාප නායකත්වයෙන් ඉල්ලන බව ඔහු කීය. එජාපයට 60%කවත් ජයක් ලැබුණහොත් අනිවාර්යයෙන් එජාප තනි ආණ්ඩුවක් පිහිටුවිය යුතු බවද ඔහු කීය.

මන්තී‍්‍රවරයා වැඩි දුරටත් පෙන්වා දුන්නේ ජාතික ආණ්ඩුව පක්ෂ වෙනුවෙන් නොව ජාතික ප‍්‍රතිපත්ති වෙනුවෙන් නිර්මාණය කළ එකක් බවයි. එසේ වුවත් මේ වන විට ශී‍්‍රලනිපය නව ව්‍යවස්ථාව වැනි ජාතික අරමුණු පසෙකලා පක්ෂයේ අරමුණු මත කටයුතු කරන බවයි. අයවැය විවාදයේදීද ශී‍්‍රලනිප ආණ්ඩුව සමග නැතැයි පෙනී ගිය බව ඔහු කියයි.

මීට අමතරව රංජිත් මද්දුම බණ්ඩාර අමාත්‍යවරයාද පැවසුවේ චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිවරිය මීට පෙර ආසන 104ක් තබාගෙන ආණ්ඩුව ගෙන ගිය පසුබිමක එජාපයට ආසන 106ක් සමග එසේ කිරීම අපහසු නොවන බවයි. පළාත් පාලන මැතිවරණයේ ප‍්‍රතිඵලය මත තීන්දුවක් ගන්නා බව ඔහුද කීය.