රාවය

මෛත‍්‍රී – මහින්ද පිල් දෙපාර්ශ්වයේ සහායට

මෛත‍්‍රී – මහින්ද පිල් දෙපාර්ශ්වයේ සහායට

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ශ‍්‍රීලනිප නාමයෝජනා ප‍්‍රතික්ෂේප වූ පළාත් පාලන ආයතනවල ශ‍්‍රීලනිප සහාය ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කණ්ඩායමටත්, ශී‍්‍රලපොපෙ නාමයෝජනා ප‍්‍රතික්ෂේප වූ ආයතනවල ශී‍්‍රලපොපෙ සහාය ශ‍්‍රීලනිපයටත් ලබාදීමට කණ්ඩායම් දෙකේ මධ්‍යස්ථ මතධාරීන් අතර එකඟතාවක් ඇතිවී තිබෙන බව වාර්තා වේ.

කෙසේ වෙතත් පොදු ජන පෙරමුණ විසින් ප‍්‍රතික්ෂේප වූ පළාත් පාලන ආයතනවල නාමයෝජනා අධිකරණයේ මැදිහත්වීමෙන් යළි ලබාගැනීමට බලාපොරොත්තු වන බවද එම පක්ෂයේ සාමාජිකයෙක් පැවසීය.
එම නාමයෝජනා අධිකරණය හරහා ප‍්‍රතික්ෂේප වුවහොත් සමස්ත ශී‍්‍රලනිපයටම සහාය දක්වන බව ඔවුහු පවසති.

ඊට අමතරව දෙපාර්ශ්වයම ඉදිරිපත් වන ආයතනවල දෙපාර්ශ්වය එකිනෙකා මතවාදී ප‍්‍රහාර එල්ල කර නොගෙන එජාපයට එරෙහිව මැතිවරණය මෙහෙයවිය යුතු බව කණ්ඩායම් දෙකේ මධ්‍යස්ථ මතධාරීන්ගේ අදහස වී ඇතැයි වාර්තා වේ. මැතිවරණයෙන් පසුව කණ්ඩායම් දෙක එක්ව ශ‍්‍රීලනිප ආණ්ඩුවක් පිහිටුවීමේ බලාපොරොත්තුව එයට හේතුව වී ඇතැයි රාවය සමඟ මේ පිළිබඳ අදහස් දැක්වූ ඒකාබද්ධ විපක්ෂ සහ ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරු පැවසූහ.

ශ‍්‍රීලනිප නියෝජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරාද පවසා තිබුණේ ශ‍්‍රීලනිප නාමයෝජනා ප‍්‍රතික්ෂේප වූ දෙහිඅත්තකණ්ඩිය සහ පදියතලාව පළාත් පාලන ආයතනවලදී ශ‍්‍රීලනිපය පොදුජන පෙරමුණට සහාය දැක්විය යුතු බවයි.
රාවය සමඟ සම්මුඛ සාකච්ඡුාවකට එක්වෙමින් මහින්දානන්ද අලූත්ගමගේ මන්ත‍්‍රීවරයා පවසා තිබුණේද මෙම කණ්ඩායම් දෙකම එකම පක්ෂයක කණ්ඩායම් දෙකක් බවත් මත ගැටුම් මිස ප‍්‍රතිපත්තිමය ගැටලූවක් නොමැති බවත්ය. පළාත් පාලන මැතිවරණවලින් පසුව ආණ්ඩු පිහිටුවීමේදී කණ්ඩායම් දෙකම එක්විය හැකි බවද ඔහු කීය.