බදියුද්දීන්වාදීන් හංගන විල්පත්තුවේ දුක්ඛ සත්‍යය විශේෂ විගණන වාර්තාවෙන් එළියට

විල්පත්තුව හරිත සටන තුළ වැඩි වශයෙන් සිටින්නේ සිංහල අන්තවාදීන් බවත් ඒ නිසා මේ සටන ජාතිවාදී බවත් මේ සටන මිථ්‍යා මත රැුසක් මත ගොඩනැගු එකක් බවත් අපේ සහෝදරවරුන් නිතර කියනු ඇසේ. ඔවුන් එතැනිනුත් නොනැවතී හඩනගා අසන්නේ මත්තල කැලේ කැපුවා නම් කරුවලංකාලිකුලම් රක්ෂිත කැපුවා නම් විල්පත්තුව කැපුවාට කිම්ද කියා ය. මෙය රාජපක්ෂ පාලනය පෙරළුෑ පසු ඒ පෙරළීමේ ක‍්‍රියාවලියට බැදුණු බොහෝ දෙනෙකුට බෝවී ඇති විසකුරු රෝගයක් ය.

යහපාලනය කුමක් කළත් රාජපක්ෂවරුන් හිටියා නම් මීට හපන් ඒ නිසා අපි සතුටු වෙමු යන කියමන තවදුරටත් වලංගු නැති බව මේ ලියුම්කරුගේ හැගීමයි.

කෙලෙසක හෝ මේ වනවිට විල්පත්තු ඉතිහාසය, ඒ වටා තිබූ අතීත ගම් ආදිය පිළිබදව පරිසරවේදී තිලක් කාරියවසම් වැනි මේ කලාපයේ ප‍්‍රවීණයන් ඕනෑවටත් වැඩිය කතා කර ඇත. ඒ පිළිබදව ඔවුන් මහා පුස්තකද ලියා ඇත. ඒ නිසා ඔවුන්ට මේ වනවිට බදියුද්දීන් වැනි පරිසර හිතකාමී අන්තගාමී නැති අමාත්‍යවරුන්ගෙන් විශේෂ සැලකිලිද ලැබී ඇති බව දැනගන්නට ලැබේ.

එනිසා දැන් අපට කියන්නට ඇත්තේ මේ පරිසර අර්බුදයේදී බදියුද්දීන් පැත්තේ සිටගත් මේ පරිසරවේදීන්ගේ පරිසර හිතකාමී බව මේ වනවිට රෙද්ද පල්ලෙන් බේරෙන බවය. මේ පරිසරවේදියා පාරම්බාමින් දැන් කියන්නේ තමා නිසා විල්පත්තුව මැදින් පාරක් කැපීමේ බැසිල්ගේ වුවමනාව ව්‍යර්ථ වූ බවය. දැන් සිද්ධවෙන දෙයින් මේ ලියුම්කරුගේ නිරීක්ෂණය වන්නේ ඒ අවධියේදී බැසිල්ට හරියට ඞීල්එක දමාගන්න බැරිවී ඇති බවය. එහෙත් බැසිල්ට බැරිවූ දේ බදියුද්දීන් කළ බව නම් පෙනේ.

අනෙක් පැත්තෙන් මේ විද්වතුන්ගෙන් මේ ලියුම්කරුට අසන්නට තිබෙන්නේ, යුද්ධය මුල් අවධියේදීම යුද්ධය නිසා ඉවත්කරනු ලැබූ කුමන සිංහල ගමේ මිනිසුන් තමන්ට නැවත මේ සිංහල ගම ඕනෑ යැයි කිවහොත් ඔබ ඔවැනිම ලෙස ඉතිහාසය ගවේෂණය කරමින්, 1818 ජනාවාස වුණා යැයි කියන මේ සිංහල ගම නැවත කුමන රක්ෂිතය ඇතුළත ඉදිකරන්න අවසර දෙනවාද කියාය. ඉතිහාසයේ ජනාවාසයක් තිබූ පමණින් නටබුන් තිබූ පමණින් නැවත එබිම එළිපෙහෙළි කර ජනාවාස ඉදිකරන්න දෙනවා නම් අපට එකුදු හෝ රක්ෂිතයක් ඉතුරු නොවනු ඇති බව කියමින් විල්පත්තු අරගලයේ මෙතෙක් කතාව නිම කරමි.

දැන් අලූතින් ලියන්නට තිබෙන්නේ කුමක්ද? පසුගිය නොවැම්බර් 17 වැනි දින මේ වන විනාශය පිළිබද විශේෂ විගණන වාර්තාවක් විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කර ඇති අතර එය මේ වනවිට පාර්ලිමේන්තුවේ අවධානය පිණිස යවා ඇත. ඒ නිසා මේ ලිපියේ අරමුණ විල්පත්තු ජනාවාස වීමේ ඉතිහාස කතාව කීම නොව මේ විගණන වාර්තාව කියන්නේ කුමක්දැයි කරුණු සෙවීමය. තිලක් කාරියවසම් වැනි පුද්ගලයන් සමාජයට පොම්ප කළ බදියුද්දීන් සත්‍යය සත්‍යයක්මදැයි මේ වාර්තාව තහවුරු කරන්නේදැයි සොයා බැලීමය.

 

විලත්තියිකුලම් රක්ෂිත වනාන්තරය
අවභාවිතය

සුවිශාල තොරතුරු සංඛ්‍යාවක් පරිශීලනය කරමින්ද ස්ථානීය පරීක්ෂාවන් සහ පුද්ගල තොරතුරු එකතු කරමින්ද පුළුල් අධ්‍යයනයක් විගණකාධිපති දෙපාර්තමේන්තුව මේ වන විනාශය පිළිබදව කර තිබෙන බව මේ වාර්තාව පරිශීලනය කිරීමේදී මුලින්ම සිතට එන බව කිව යුතුය. අතීතයේදී නීති විරෝධී අලි ජාවාරම පිළිබදව කරුණු හෙළිකර ඇති ආකාරයටම මෙහිදීද මේ ගැටලූව පිළිබදව ඔවුන් කරුණු ඉදිරිපත් කර ඇත. මෙහිදී ඔවුන් ලිපි, චක‍්‍රලේඛ, ගැසට් පත‍්‍ර ආදි මේ ක‍්‍රියාදාමය සමග බැදුණු තොරතුරු මූලාශ‍්‍ර රැසක්ද, වනරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ ප‍්‍රකාශ, මුසලි ප‍්‍රාදේශීය ලේකම්ගේ ප‍්‍රකාශ, ග‍්‍රාම නිලධාරීන්ගේ ප‍්‍රකාශ, අදාළ ස්ථානයේ දැනට පදිංචි පුද්ගලයන්ගේ ප‍්‍රකාශ ආදි බොහෝ තොරතුරු රැසක් පරිශීලනය කර සිය නිරීක්ෂණ සහ නිගමන ඉදිරිපත් කර ඇත.

පොදු නිරීක්ෂණ

විලත්තියිකුලම් වනාන්තරය රක්ෂිත වනාන්තරයක් ලෙස රජය ප‍්‍රකාශයට පත්කර තිබියදී වනරක්ෂක ජනරාල් විසින් එකී රක්ෂිතයෙන් අක්කර 650ක භූමියක් දිස්ත‍්‍රික් ලේකම්, මන්නාරම වෙත අවතැන් වූ මුස්ලිම් ජනතාව පදිංචි කිරීම සදහා නිදහස් කිරීම නීතියට පටහැනි බව මේ වාර්තාව නිරීක්ෂණය කරයි. එයට හේතුව ලෙස ඔවුන් කියන්නේ ඒ සදහා පනත් ගැසට් පත‍්‍ර සහ චක‍්‍රලේඛ ප‍්‍රකාරව ඔහුට අධිකාරී බලයක් නැති බවය.

1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතේ 23(ප) වගන්තියට අනුව සහ 1993 ජූනි 24 අංක 772/22 දරන ගැසට් පත‍්‍රයේ පළකර ඇති විධිවිධාන අනුව අක්කර 650ක් වූ රක්ෂිත කැලෑ ප‍්‍රදේශය එළිකිරීමට පෙර පාරිසරික ඇගයීම් වාර්තාවක් ලබාගත යුතුය. එහෙත් විගණනයේ නිරීක්ෂණය වන්නේ එවැනි වාර්තාවක් ලබාගෙන නොමැති බවය. ගමේ ගල් කොරියෙනුත් පාරිසරික ඇගයුම් වාර්තා ඉල්ලන පරිසර සංවිධානවලට මේවා නිරීක්ෂණය නොවන්නේ ඇයිදැයි අපි නොදනිමු.
මෙහිදී තවත් වැදගත් නිරීක්ෂණයක් කරන විගණකාධිපති දෙපාර්තමේන්තුව කියන්නේ අමාත්‍ය රිසාඞ් බදියුද්දීන් තමන් සතු බලය ඉක්මවා කටයුතු කර ඇති බවය. ඒ කෙලෙසද? 2012 ඔක්තෝබර් 05 වැනි දින පැවති රැස්වීමකදී විලත්තියිකුලම රක්ෂිත වනාන්තරයේ නැවත පදිංචි කිරීම සදහා අවශ්‍ය ඉඩම් නිදහස් කරන ලෙසට ඔහු වන සංරක්ෂණ ජනරාල් වෙත දැන්වීමට තීරණය කිරීමය. ඒ පිළිබදව කරුණු කියන මේ වාර්තාව කියන්නේ ඒ සදහා මේ අමාත්‍යවරයාටද අධිකාරි බලයක් නොමැති බවය.

අක්කර 650ක් වූ මේ වන විනාශය සිදුවූ භුමිය තුළ කර තිබෙන ඉදිකිරීම් කොතරම්ද? පදිංචි කළ පවුල් ප‍්‍රමාණය කොපමණද? ඒ පිළිබදව මුසලි ප‍්‍රාදේශීය ලේකම් කියන්නේ මෙවැනි කතාවක්ය.

2017 ජනවාරි 04 වන දින වන විට මේ භුමිය තුළ පවුල් 160ක් සදහා නිවාස ඉදිකිරීම් සම්පූර්ණ කර තිබුණත් පවුල් 33ක් පදිංචි වී නැති බව.
අර්ධ වශයෙන් ඉදිකර ඇති නිවාස ගණන 131 බව.

නිවාස සකස් කර නොමැති නමුත් එළිපෙහෙළි කරන ලද ඉඩම් කට්ටි ප‍්‍රමාණය 706ක් බව.

මේ ප‍්‍රාදේශීය ලේකම්ගේ ප‍්‍රකාශයත් සමග විගණනය 2017 ජනවාරි 23 වැනි දින කරන ස්ථානීය පරීක්ෂාවක් අනුව, එහිදී ඔවුන් නිරීක්ෂණය කරන්නේ නිවාස 160ක ප‍්‍රමාණයෙන් තවමත් පදිංචි වී සිටින්නේ සියයට 10ක ප‍්‍රමාණයක බවය. ඒ අනුව ඔවුන්ගේ නිරීක්ෂණය වන්නේ 2013 වර්ෂයේ බෙදාදුන් මෙම ඉඩම් සත්‍ය වශයෙන්ම අවතැන්වූවන්ට බෙදාදුන්නේද යන්නයි. ඒ මන්ද සත්‍ය වශයෙන්ම මේ ඉඩම් ලබාගත් මිනිසුන් අවතැන් මිනිසුන් නම් ඔවුන් මෙලෙස තවත් අවුරුදු 4ක් අවතැන්ව නොසිටින බැවින්ය. විගණනයේ මේ නිරීක්ෂණ හරියටම හරි බව 2014දී මේ භුමියේ සංචාරය කළ මේ ලියුම්කරුගේ අත්දැකීමද කියයි. රිසාඞ් බදියුද්දීනගේ් නෑදෑ හිතවතුන්ට මෙන්ම ඔහුගේ අධාරකරුවන්ටද මේ ඉඩම්වල අයිතිය ගොස් තිබෙන බව මේ නිසා පැහැදිලිය.

ග‍්‍රාම නිලධාරීන් සමග මේ විගණන නිලධාරීන් 2017 පෙබරවාරි 28, මාර්තු 01, මාර්තු 02 යන දිනයන්හි නැවත ස්ථානීය පරීක්ෂාවක් කරැති අතර එහිදී ඔවුන්ගේ නිරීක්ෂණය වී ඇත්තේ මේ පදිංචි කළ අයගේ පවුල් 44ක නිවාස වසා දමා ඇති බවය. එයිනුත් නිවාස 41ක් මිනිසුන් දීර්ඝ කාලයක සිට පදිංචිව සිට නැත. බදියුද්දීන් සත්‍යය ලියන මාධ්‍යවේදීන්ට හමුවූ මිනිසුන් විගණනයට හමු නොවුණේ ඇයිදැයි අපි නොදනිමු.

මෙහිදී නිරීක්ෂණ සටහන් කරන විගණනය කියන්නේ නැවත පදිංචි කිරීම කළ යුත්තේ යුද්ධයෙන් ඉඩම් අහිමිවූවන්ට වුවත් මේ ඉඩම් හිමිවූ පුද්ගලයන්ට තම ඉඩම් කිසිදා අහිමිවී නැති බවය. අහෝ බදියුද්දීන් සත්‍යය! අනෙක් පැත්තෙන් මෙහිදී ඉතා වැදගත් නිරීක්ෂණයක් විගණනය සිදුකරයි. ඒ කුමක්ද? අවතැන්වූවන් පදිංචි කිරීම සදහා යැයි කියමින් කට්ටි කළ මේ රක්ෂිතයේ 2017 වනවිටත් නිවාස ඉදි නොකළ ඉඩම් කට්ටි ප‍්‍රමාණය 706කි. එය ප‍්‍රතිශතයක් ලෙස 68%කි. බදියුද්දීන් පසුපස ගාටන පුද්ගලයන් උතුරේ දෙමළ ජනතාව පදිංචි කිරීම සමග මෙය සංසන්දනය කළ යුතුය. මේ අනුව විගණනය කියන්නේ සැබෑ අවශ්‍යතා වෙනුවෙන් මේ ඉඩම් ලබාදුන් බවක් පෙනෙන්නේ නැති බවය.

පුත්තලමේ අයට ඉඩම්

ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් ඇතුළත සැබෑ ඉඩම් නොමැත්තන් හදුනාගැනීම, ඒ සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය ඉඩම් කොමසාරිස් විසින් 2008 අගෝස්තු 20 චක‍්‍රලේඛයක් මගින් නිශ්චිතව සදහන් කර තිබියදීද මේ ඉඩම් සම්බන්ධයෙන් එම චක‍්‍රලේඛය අනුගමනය කර නැති බව විගණනය මෙහිදී නිරීක්ෂණය කර ඇත. මෙහිදී ඡුන්ද නාමලේඛන පරික්ෂා කරන විගණනයේ නිරීක්ෂණය වන්නේ ඉඩම් කට්ටි 1030ක් ලබාදී ඇති පුද්ගලයන් බහුතරයක් පුත්තලමේ ඡුන්ද බලය ඇති අයවලූන් බවය. අනෙක් පැත්තෙන් රජයේ ඉඩම් පර්චස් 80 බැගින් ලබාදීමද මීට පෙර රජයේ ඉඩම් ලබාදුන් ක‍්‍රමය නොවන බවද විගණනය නිරීක්ෂණය කරයි. මෙහි පාරවල් සහ නිවාස ඉදිකරන්නේ ඔමේගා කන්ස්ට‍්‍රක්ෂන් ලිමිටඞ්, අංක 34, කඩුමායන්කුලම් පාර, පුත්තලම යන ආයතනය බව කියන විගණනය තවදුරටත් කියන්නේ මේ ඉදිකිරීම් සදහා රජයේ මුල්‍ය දායකත්වයක් නැති බවය.
අනෙක් පැත්තෙන් මේ සුවිශාල රක්ෂිතය විනාශ කිරීමේදී බිම හෙළන ලද ගස් රාජ්‍ය දැව සංස්ථාව වෙත ලබාදිය යුතු වුවත් එය එලෙස සිදුවී නැති බවය. මේ සියලූ ක‍්‍රියා මැදහත්ව නිරීක්ෂණය කරන ඕනෑම පුද්ගලයෙකුට පෙනිය යුත්තේ පසුගිය පාලන කාලය තුළ බදියුද්දීන් කටයුතු කර ඇති ආකාරයයි. සියලූ පරිසර අණපනත් මෙහිදී උල්ලංඝනය කර ඇත. කිසිදු විනිවිදභාවයක් නැත. කරුමය වන්නේ රාජපක්ෂ පාලනය බිද යහපාලනයක් ඇති කළත් බදියුද්දීන්ට කොයි පිටියත් එකයි වීමය.

නිර්දේශ

මේ වාර්තාව දැන් තිබෙන්නේ පාර්ලිමේන්තුවේය. මේ වාර්තාව මගින් නිර්දේශ රැසක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙයි.

ඔවුන් මුලින්ම කියන්නේ උතුරු නැගෙනහිර සිවිල් යුද්ධය නිසා අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීමේදී ඉඩම් අහිමි වූ අයවලූන් නිවැරදිව හදුනාගෙන, ජාතික ප‍්‍රතිපත්ති මත සිට පවතින නීතියට යටත්ව ඉඩම් ලබාදීම කළ යුතු බවය. මෙවැනි රක්ෂිත හෙළිපෙහෙළි කර පුද්ගලයන් පදිංචි කිරීම නොකළ යුතු බවය. මේ ආකාරයේ වූ නිර්දේශ 5ක් ඉදිරිපත් කරන විගණනය ඉතා වැදගත් නිර්දේශයක් ඉදිරිපත් කරමින් කියන්නේ, විල්පත්තුව පරිසර ගැටලූවට හේතුවී තිබෙන විලත්තියිකුලම මේ රක්ෂිත වනාන්තරයේ ඉදිකර තිබෙන නිවාසවල පදිංචි වී නැති සහ නිවාස ඉදිකර නොමැති බිම් කට්ටි ප‍්‍රමාණය මුළු වෙන්කළ ඉඩමෙන් 80%ක් බැවින්, ස්ථිරව පදිංචි වී සිටින 20%ක පවුල් ප‍්‍රමාණයට වෙනත් සුදුසු ඉඩම් ලබාදී රක්ෂිත වනාන්තරය පෙර පරිදිම පවත්වාගෙන යායුතු බවය.

මේ පරිසර ගැටලූවට හොදම විසදුම මෙය වන අතර මෙහිදී මේ ලියුම්කරු නම් කියන්නේ මේ රක්ෂිතයත් ගැසට් එකක් මගින් විල්පත්තුවට ඈදිය යුතු බවය. නූතන සංවර්ධන සිතියම තුළ ලංකාවට අවසානයේදී ඉතිරිවනු ඇත්තේ යාල, විල්පත්තුව, කුමන, උඩවලව, සමනල, සිංහරාජය වැනි ස්වල්පයක් වනාන්තර නිසා එම ඈඳීම ඉතාමත් වැදගත් වනු ඇති.

මෙම වාර්තාව අවසානයේ නිගමන ඉදිරිපත් කරමින් කියන්නේ මේ කට්ටි කිරීම, පුද්ගලයන් පදිංචි කිරීම ලංකාවේ වර්තමාන නීතියට පටහැනි බවය. සත්‍ය වශයෙන්ම අවතැන්වූවන් ස`දහා මේ ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක වී නැති බවය.

ඉතින් දැන් මේ කරුණු සියල්ලම තිබෙන්නේ පාර්ලිමේන්තුව ඉදිරියේය. දැන් මේ කරුණු සලකා බලා හිතෙනවා නම් පරිසර ඇමතිවරයාද වන ජනාධිපතිවරයාට මේ නිර්දේශ ක‍්‍රියාත්මක කළ හැකිය. නැතිනම් බදියුද්දීන්ගේ පදයට නැටිය හැකිය.