මේ වෙලාවෙ ආර්ථිකය හදන්න බැරි නම් නැවත අවස්ථාවක් ලැබෙන්නේ නෑ

 

ආචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා

ආණ්ඩුවට වසර තුනක් ගතවෙද්දී ඡන්දයක් ඇවිත්. ගෙවුණු කාලය තුළ ආණ්ඩුව ආර්ථික වශයෙන් අන්තිම අසාර්ථක වූ බවට චෝදනා එල්ලවෙනවා. ආණ්ඩුවේ ආර්ථික ප‍්‍රතිපත්ති සහ ක‍්‍රියාත්මක කිරීම ගැන ඔබේ අදහස මොකක්ද?

ආණ්ඩුවක් බලයට පත් වුණාට පස්සේ දේශපාලන න්‍යාය පත‍්‍රයයි ආර්ථික න්‍යාය පත‍්‍රයයි කියන දෙකම සමබරව ක‍්‍රියාත්මක වෙන්න ඕනෑ. මේ ආණ්ඩුව බලයට පත්වෙද්දී මේක තනි ආණ්ඩුවක් නෙවෙයි ආණ්ඩු දෙකක්. එක් පැත්තකින් ශී‍්‍රලනිප පාර්ශ්වයකුත් එජාප පාර්ශ්වයකුත් එකතුවෙන්නේ අන්ත දෙකක න්‍යාය පත‍්‍ර එක්ක. ඒක ක‍්‍රියාත්මක කිරීමේදී විවිධ ගැටලූ සහ හැලහැප්පීම් මතුවෙනවා. එක් පැත්තකින් එජාපය නියෝජනය කරන ප‍්‍රතිපත්තිවලට ශී‍්‍රලනිපය නියෝජනය කරන මැති ඇමතිවරුන්ගේ අප‍්‍රසාදය පළවෙනවා.

අනෙක් පැත්තෙන් ශී‍්‍රලනිප ඒවාට එජාප අකැමැත්ත පළවෙනවා. මේක හිතාමතා කරන කඹ ඇදීමක් නෙවෙයි. හැබැයි න්‍යායාත්මකව කඹ ඇදීමක් තියෙනවා. ඒ නිසා බලාපොරොත්තු වුණ සංවර්ධනය කරන්න ආණ්ඩුවට බැරිවෙලා තියෙනවා. අනෙක තමයි මේ ආණ්ඩුව පත්වෙන්නේ අවුරුදු විස්සක ශී‍්‍රලනිප පාලනයකින් පස්සේ. ඉන් පස්සේ අලූත් ක‍්‍රමයට හුරුවෙන්න කාලයක් යනවා. සංක‍්‍රාන්ති සමයක් යනවා.

මිනිස්සු අදටත් හුරුවෙලා තියෙන්නෙ පරණ දේවලට. ඒ කියන්නේ සංවර්ධන ක‍්‍රියාවලියක් යනකොට ඒකේ හොරකමක් කරලා නෛතිකමය රාමුවෙන් පිට වැඩ කරන්න උත්සාහ ගන්නවා පේනවා. ඒකට මිනිස්සු හුරුවෙලා. හුරුව තුළ සංක‍්‍රාන්ති සමයෙන් මිදෙන්න බැරිවෙලා.

රජය කිව්වා අලූත් ආර්ථික න්‍යාය පත‍්‍රයක් ක‍්‍රියාත්මක කරනවා කියලා. ඒ කියන්නේ සමාජ වෙළෙඳපොළ ආර්ථිකයක් ක‍්‍රියාත්මක කරනවා කිව්වා. සමාජ වෙළෙඳපොළ කියන ආර්ථික න්‍යාය පත‍්‍රය ජර්මනියේ පැවතුණාට ලංකාවට අලූත්. අපි කරන්න ඕනෑ අනුන්ගේ න්‍යාය පත‍්‍ර අනුව ක‍්‍රියාත්මක වෙන එක නෙවෙයි. අපේ න්‍යාය පත‍්‍ර අනුව වැඩ කරන එක. එහෙම නොකර පිටින් ගෙනා ආකෘතියක් මේක. ඒක මේ රටේ දේශපාලනඥයන්ට, ප‍්‍රතිපත්ති සම්පාදකයන්ට අලූත්. මේක හරිහැටි කියවාගන්න බෑ. ඉතින් ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක කරද්දී ඒ පැත්තේ අඩුවක් පෙනෙනවා. මේ ගැටලූ නිසා රජය අපේක්ෂා කරන වේගවත් සංවර්ධනයට යන්න බැරිවුණා.

එක් විදියකට නැවුම් බවක් නෑ. පවතින ආර්ථික පරිසරයට ගැළපුණේ නෑ. ඒ නිසා කඹ ඇදීම් ආවා. ඒ නිසා අයවැය යෝජනා එජාපය ඉදිරිපත් කරනවා. ඉන්පස්සෙ අයවැයට ආණ්ඩුවේම අය ක‍්‍රියාත්මක කරනවා. අන්තිමේ අයවැය ක‍්‍රියාත්මක කරන්නෙ නෑ. ඉතින් මේ තරම් සල්ලි මේ මේ ක්ෂේත‍්‍රවලට වෙන්කළා කියලා කිව්වත් මුදල් වර්ෂයක් අගදී කියනවා මේ තරම් ප‍්‍රතිශතයක් මුදල් වැයකරලා නෑ කියලා. මේක තමයි ආණ්ඩුවට තියෙන බරපතළම අර්බුදය. ඔවුන්ට ආර්ථික ගමන්මඟ නිවැරදිව තීරණය කරගැනීමේ ගැටලූවක් තියෙනවා.ඒ කියන්නේ කිසිවක් කරලා නැහැ කියන එකද?

ඒකටත් වඩා කළ දේවල් වුණත් සමාජගත කරන්න බැරිවෙලා තියෙන බවයි පිළිගන්න වෙන්නේ. මොකද මෙතෙක් කල් සංවර්ධනයයැයි කීව රාමුවේ සංවර්ධන ක‍්‍රියා නෙවෙයි මේ ආණ්ඩුව කරන්නේ. ඉතින් ඒවා සමාජගත කරන්න බෑ. සරලව කීවොත් මෙතෙක් කළ ප‍්‍රදර්ශනාත්මක සංවර්ධන වැඩ තියෙනවා. අධිවේගී මාර්ග, විශාල ව්‍යාපෘති, ගුවන්තොටුපළ, වරාය වගේ ප‍්‍රදර්ශනාත්මක ව්‍යාපෘති. ඒ වගේ දෙයක් නෙවෙයි මේ ආණ්ඩුව කරන්නේ. ඉතින් ජනතාව තුළට මතයක් කාවැදිලා මේ ආණ්ඩුවෙන් කිසිදෙයක් වෙන්නේ නැහැ කියලා. මේ ආණ්ඩුවත් කියනවා අපි සංවර්ධනය කියලා බලාපොරොත්තු වෙන්නේ ගොඩනැගිලි හෝ පාරවල් නෙවෙයි කියලා.

මානව සංවර්ධනයක් ගැනයි අපි කතාකරන්නේ කියලා ආණ්ඩුව කියනවා. හැබැයි ඒක මිනිස්සුන්ට පෙනෙන්නේ නෑ. මනින්න බෑ. විශේෂයෙන් මිනිස්සුන්ට ලැබිලා තියෙන ආර්ථික, සමාජීය, දේශපාලනික නිදහස ජනතාවට හරියටම දැනෙන්නේ නෑ. කෙටි කාලයෙන් අමතක වෙනවා. අධිවේගී මාර්ගය පෙනුණාට නිදහස පෙනෙන්නේ නෑ. ඒ නිසා තමයි ආණ්ඩුවට විශාල විවේචනයක් එල්ලවෙන්නේ.

මේ ශී‍්‍රලනිප සහ එජාප ප‍්‍රතිපත්තිමය ගැටුම තියෙද්දී ආණ්ඩුවක් විදියට තෝරාගත යුතුව තියෙන්නේ මොනවගේ ආර්ථික ප‍්‍රතිපත්තියක්ද?

මේ ආණ්ඩුවේ ජාතකය බැලූවොත් එක් පැත්තකින් එජාපය තමයි ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයක් ඉදිරිපත් කරලා ඡුන්දයට ආවේ. ඔවුන් තමයි සමාජ වෙළෙඳපොළ ආර්ථිකයක් ගැන කතාකළේ. ශ‍්‍රීලනිපය ආවේ ඒකට විරුද්ධව. ජනාධිපතිවරයාගේ නිශ්ශබ්දතාවක් තිබුණු බව ඇත්ත. ඔවුන් මහින්ද රාජපක්ෂ කියන චරිතය පෙරටු කරගත්ත එජාප විරෝධී ඡුන්ද ව්‍යාපාරයක් ගෙනිච්චෙ. කොහොමවුණත් එජාපය මැතිවරණයෙන් දිනනවා.

මහින්ද රාජපක්ෂ පාර්ශ්වය පරාජය වෙනවා. ඒත් විරුද්ධව ඉල්ලූ අය මේ පැත්තේ ඇවිල්ලා ඉඳගන්නවා. එජාපයේ ප‍්‍රතිපත්තිවලට විරුද්ධව ආ ශී‍්‍රලනිපයට ජනවරමක් නෑ පරාජය වුණාට පස්සේ ආණ්ඩුවට ඇවිල්ලා එජාප ප‍්‍රතිපත්තිවලට විරුද්ධව වැඩකරන්න. ඕනෑ නම් විපක්ෂයේ ඉඳගෙන විරෝධය දක්වන්න තිබුණා. හැබැයි ඔවුන් ආණ්ඩුවට ආවොත් ඔවුන් එජාපය ලබපු ජනවරමට එකඟ වීමක් වෙන්නේ. එජාපයට ජනවරමක් තියෙනවා ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය තුළ තිබුණ දේවල් කරන්න.

ආණ්ඩුව පොරොන්දු වුණ සමාජ වෙළෙඳපොළ ආර්ථික ක‍්‍රමය දැන් ක‍්‍රියාත්මක වෙනවාද? නැත්නම් ඒක සුපුරුදු ගජමිතුරු ආර්ථික ප‍්‍රතිපත්තියට ගහපු අලූත් ලේබලයක් විතරද?

සමාජ වෙළෙඳපොළ අර්ථ ක‍්‍රමය අනුව ආණ්ඩුව සමාජ සුභසාධන කටයුතුවල යෙදෙන අතරේම වෙළෙඳපොළට ක‍්‍රියාත්මක වෙන්න ඉඩ දෙනවා. එජාපය මෙතෙක් හිටියේ ලිබරල්වාදයේ. ඔවුන් නිදහස් වෙළඳපොළ අර්ථක‍්‍රමය පිළිගත්ත අය. හැබැයි ඒක මේ මැතිවරණයේදී වෙනස් වුණා. ඔවුන් තමන්ට ටිකක් නුහුරු ප‍්‍රතිපත්තියක් ක‍්‍රියාත්මක කරන්න ලෑස්තිවෙලායි බලයට ආවෙ. එජාපය සුපුරුදු ලිබරල්වාදය ක‍්‍රියාත්මක කළා නම් මේ වෙද්දී විශාල පරිවර්තනයක් සිදුවෙලා.

එහෙනම් බල බලා ඉන්නේ නැහැ. ශ‍්‍රී ලංකන් එක හොඳ ආයෝජකයෙක්ට පවරලා විනාශ වෙන බදු මුදල් ආරක්ෂා කරන්න තිබුණා. මේ වගේ ලොකු වෙනස්කම් කරලා ආයෝජන ගෙනෙන්න තිබුණා. හැබැයි දේශපාලන න්‍යාය පත‍්‍ර වෙනස්වීම නිසා යූඇන්පීයට හුරු ගමන දැන් යන්න බෑ. ඉතින් ඔවුන් පාලනය වුණ ගමනක් යන්නේ. ඔවුන්ගේ ප‍්‍රතිපත්ති තුළ ඒක කරන්න වෙනවා. එජාපය ඇඳගෙන ඉන්නෙ හුරු නැති ඇඳුමක්. ඒකට හුරුවෙන්න තව කාලයක් යනවා.

අනෙක ඊළඟ ගැටලූව වුණේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කාලේ මේ රටේ සංවිධානාත්මක විපක්ෂයක් තිබුණේ නෑ. ඇල්මැරුණු නිද්‍රාශීලී විපක්ෂයක් තිබුණේ. හැබැයි අද විපක්ෂය කියලා දෙයක් වෙනම තියෙනවා. පොදු විපක්ෂය කියලා එකකුත් තියෙනවා. පොදු විපක්ෂය හරිම ප‍්‍රබලයි. ඔවුන් ආර්ථිකය, මාධ්‍ය පාලනය කිරීම ගැන පුළුල් අත්දැකීමක් හා දැක්මක් තියෙන පාර්ශ්වයක්. මේ පාර්ශ්වයට පුළුවන්කම තියෙනවා ආණ්ඩුවේ ගමන්මඟට යම් පීඩනයක් ඇතිකරන්න.

මහින්ද රාජපක්ෂ මහත්මයාගේ කාලයේ ඉතා නිදහසේ ආර්ථිකය ගලාගෙන ගියාට දැන් ආර්ථිකය ගලායන්නේ විශාල බාධක මැද. ඒ බාධාවන් නිර්මාණය කරන්නේ විපක්ෂයෙන්. විදේශ ආයෝජන ආවේ නැහැ කියන තර්කය ගෙනාවාට ගිය නොවැම්බර් මාසයෙ 22 තමයි ලංකාවෙ ප‍්‍රාග්ධන වෙළඳපොළට ඉතිහාසයේ වැඩිම ආයෝජනය ආවේ. හැබැයි එහෙම ආයෝජනයක් ආවාට ඉන්පස්සේ දවසේ කොටස් වෙළඳපොළ කඩා වැටෙනවා. එහෙම දේවල් වෙන්න බෑ. ඒක තුළ අපට පෙනෙනවා අදෘශ්‍යමාන ආර්ථික න්‍යාය පත‍්‍රයක් ක‍්‍රියාත්මක වෙන බව.

උදාහරණයක් විදියට ලංකාවෙ සිදුවන උද්ඝෝෂණ, වැඩ වර්ජන ඒ න්‍යාය පත‍්‍රයේ කොටසක්. දුම්රිය උද්ඝෝෂණ ක‍්‍රියාත්මක වෙනවා. වෛද්‍යවරු සයිටම් පදනම් කරගත් විරෝධතාවන් අරගෙන ගියා. මේ වගේ මොනව හරි දේකින් රට තුළ ලොකු කලබලයක් නිර්මාණය කරනවා. ඉතින් විදේශීය ආයෝජනවලට අප‍්‍රසන්න සහ අස්ථාවර පරිසරයක් නිර්මාණය කරනවා. මේ ආණ්ඩුවටවත් හරියට තේරෙන්නේ නෑ සැලසුම් සහගත ලෙස කඩාකප්පල්කාරී ආර්ථික දේශපාලන න්‍යාය පත‍්‍රයක් මේ රටේ ක‍්‍රියාත්මක වෙනවා කියලා. ඒක තුළ තමයි අපි බලාපොරොත්තුවෙන දේවල් වෙන්නේ නැත්තේ.ඔබ පෙන්වා දෙන කාරණයට ඉන්ධන ප‍්‍රශ්නයේදී, හම්බන්තොට වරාය ගිවිසුම වගේ අවස්ථාවල ඇතිවුණ විරෝධයන් අදාළද?

ඒකත් එහෙම දෙයක් තමයි. විශේෂයෙන්ම කීවොත් විදේශ මාධ්‍ය හරහා ලංකාව ගැන හොයලා බලන්න කෙනෙක් උත්සාහ කළොත් කුමන හෝ ආකාරයේ ගැටුම් නිසා අස්ථාවර පරිසරයක් තියෙන බව මවාපාන්න උත්සාහ ගන්නවා. විශාල අරගලකාරී පරිසරයක් පෙන්වනවා. විශේෂයෙන් ව්‍යාපාරවලට ඉතා නරක පරිසරයක්. අනෙක අපි හම්බන්තොට වරාය සම්බන්ධයෙන් රටේ නායකයන් කියූ දේවල් නිසා එන එක ගැන ආයෝජකයන් දෙවරක් හිතනවා.

විපක්ෂයේ අය කියන දේවල් බැලූවාම ආයෝජකයන්ගේ ආයෝජන කුමන මොහොතක හෝ යළි රජයට පවරාගන්න ඉඩ තියෙනවා. මහින්ද රාජපක්ෂ මහතා ක‍්‍රියාවෙන්ම පෙන්වලා තියෙනවා එහෙම හිතුමතේට ආයෝජන පවරාගන්නා බව. අනෙක ජනාධිපතිවරයාත් තමන්ගේ වගකීම බරපතළ විදියට උල්ලංඝනය කරනවා.

ජනාධිපතිවරයාට බලය සීයට අනූනවයක් දෙන්නේ එජාපය. ඔහු ඒක අමතක කරලා තමන්ගේ දේශපාලන ස්ථාවරභාවය වෙනුවෙන් සියල්ල පාවා දෙනවා. ඒ අස්සේ පොදු විපක්ෂය සහ ශී‍්‍රලනිපය අතර සාකච්ඡුා යනවා පෙනෙනවා. ඔහු තමන් නැඟපු ඉනිමඟට පයින් ගහලා වෙනම වැලක එල්ලෙන්න ලෑස්තිවෙද්දී ලොකු කතාබහක් යනවා ආණ්ඩුව වෙනස්වේවිද කියලා. දේශපාලන අස්ථාවරභාවයක් ගැන ඉඟි පළවෙනවා. ඉතින් එහෙම තැනක ආයෝජකයන් බිහිවෙන්නේ නෑ.

ශී‍්‍රලනිපයට චෝදනා එල්ලවීම සුලබ දෙයක්. හැබැයි එජාපයේ ඉහළම මට්ටමේ ඉන්න, ජනතාව එක්ක සම්බන්ධයක් නැති දේශපාලනඥයන් කිහිපදෙනෙක් හැර එජාපයේ දේශපාලන නායකයන් අතරේ සැබෑ උනන්දුවක් තියෙන බව පෙනෙනවාද?

එජාපය වුණත් රටේ දේශපාලන තත්ත්වය නිසි ලෙස තේරුම්ගෙන නෑ. උදාහරණයක් ගත්තාම හම්බන්තොට ගිවිසුම ගැන අධ්‍යයනය කළොත් හම්බන්තොට අක්කර 15,000ක ආයෝජන කලාපය ගැන චීනය සහ ලංකාව එකඟතාවකට එන්නේ 2014 දෙසැම්බර් 28 වැනිදා. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කාලයේ. ඉතින් ඒ ආයෝජන කලාපයට විරුද්ධව නාමල් රාජපක්ෂ මහතා විරෝධතා සංවිධානය කරනවා. එතකොට එජාපයට කොන්දක් නෑ මේක නාමල්ගේ තාත්තා අත්සන් කළ ගිවිසුම කියලා කියන්න. මේක මැදමුලනේ ගෙදර විසඳාගන්න ඕනෑ ප‍්‍රශ්නයක්. මිනිස්සු ගුටිකන්න ඕනෑ නෑ. හැබැයි එජාප පාක්ෂිකයන්වත් දන්නේ නෑ මේ ගිවිසුම අත්සන් කළේ කවුද කියලා. ඉතින් එජාපයේ ඉන්න බහුතරයත් මෙලෝ හසරක් අධ්‍යයනය කරන්නෙ නැති, බජාර් දේශපාලනය කරන අය.

මාධ්‍ය හරහා ප‍්‍රතිරූපයක් හදාගැනීමේ බලාපොරොත්තුවෙන් රඟපාන පිරිසක් ඉන්නේ. ඒ අය තමන්ගේ කාර්යභාරය හරියට කරන්නේ නෑ. ඒ නිසායි මහින්ද රාජපක්ෂ මහත්තයා තවත් ශක්තිමත් වෙන්නේ. දැන් ඉන්න දේශපාලනඥයෝ මාධ්‍ය තුළ කරන කතා දැක්කාම පෙනෙන්නේ ඔවුන් පක්ෂයේ ප‍්‍රතිපත්තියවත් දන්නේ නැහැ කියන එක. අපි කැබිනට් මණ්ඩලයේ බලාපොරොත්තු වෙනවා සාමූහික එකඟතාවක්. එජාපය සහ ශී‍්‍රලනිපය දෙපාර්ශ්වයක් ඉන්න නිසා දෙපාර්ශ්වය අතර මේ එකඟතාව කැඩෙන එක පිළිගන්න පුළුවන්. හැබැයි මේ පක්ෂය තුළම ඔවුන් කරන ප‍්‍රකාශ එක්ක පෙනෙනවා සාමූහික එකඟතාව දැඩිව කඩාවැටිලා.

පළමුවැනි එක ඔවුන් පක්ෂයේ ප‍්‍රතිපත්තිය දන්නේ නෑ. ඔවුන් දේශපාලනය ගැන අධ්‍යයනය කරලා නෑ. කතාකිරීමේ හැකියාව විතරයි ඔවුන්ට තියෙන්නේ. මාධ්‍ය මේ වැරැුද්දට සෑහෙන උදව් කරනවා. අද මාධ්‍ය ඉඩ දෙන්නේ කට කැඩුණු කතා කියන්න පුළුවන් දේශපාලනඥයන්ගේ ප‍්‍රකාශවලට. ඒවායින් තමයි ඔවුන් ප‍්‍රතිරූපය හදාගන්නේ. රූපවාහිනී ප‍්‍රවෘත්තිවල ඉඩ දෙන්නේ වැදගත් දේවලට නෙවෙයි. මඩ ගැසූ පහත් ප‍්‍රකාශවලට. ඔවුන්ට පක්ෂයේ ප‍්‍රතිපත්ති හෝ ආර්ථික ප‍්‍රතිපත්ති වැඩක් නෑ.

 

මේ සියල්ලෙන් පෙනෙන්නේ ජාතික ආණ්ඩු කෙරුවාව රටේ ආර්ථිකයට එතරම් සුබදායී නොවන බවද?

 

ජාතික ආණ්ඩු සංකල්පයේ වැරැුද්දක් නෙවෙයි. දැලි පිහියක් ගත්තොත් බෙල්ල කපන්නත් පුළුවන් රැුවුල කපන්නත් පුළුවන්. මෙතැන තියෙන්නේ ජාතික ආණ්ඩු සංකල්පය ක‍්‍රියාත්මක කරන ක‍්‍රමය පිළිබඳ ගැටලූවක්. මෙතැන ප‍්‍රබලම වැරැුද්ද වෙන්නේ ජනාධිපතිවරයා ප‍්‍රමුඛ ශී‍්‍රලනිප පාර්ශ්වයෙන්. හේතුව තමයි ජාතික ආණ්ඩුව හැදුවේ ආර්ථිකය හදන්න. දේශපාලනය කරගෙන ඉන්න නෙවෙයි. හැබැයි ජනාධිපතිවරයාගේ දැන් මූලිකම අරමුණ වෙලා තියෙන්නේ තමන්ගේ දේශපාලන ස්ථාවරභාවය රැුකගන්න එක.

ශී‍්‍රලනිප පාර්ශ්වයේ වුවමනාව වෙලා තියෙන්නේ ශී‍්‍රලනිප ආණ්ඩුවක් හදන එක. මේ ඔක්කෝම කරන්නේ ජාතික ආණ්ඩුව තුළ දේශපාලනය කිරීම. ජාතික ආණ්ඩුවක් හදන්නේ දේශපාලනය කරන එක නෙවෙයි. රනිල් වික‍්‍රමසිංහ මහතා යමක් කරන්න උත්සාහ කරනවා ඇති. පහුගිය කාලයේ හිටපු මුදල් ඇමතිවරයාට ඇතිවුණ ප‍්‍රශ්න වගේ තැන්වලදී ඉතාම නරක විදියට ආණ්ඩුවේ ඇමතිවරුම ඔහුට එරෙහිව පෙනීහිටියා.

මම දැක්කා හිටපු මුදල් නියෝජ්‍ය ඇමති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා මාධ්‍ය ඉදිරියේ කියනවා බැඳුම්කර ගිවිසුම හරහා රුපියල් ත‍්‍රිලියනයක් පාඩුයි කියලා. ඒ කියන්නේ බිලියන දාහක්. ඔහු වගකිව යුතු ඇමතිවරයෙක්. බැඳුම්කර නිකුතුවේදී නිකුත් වෙන්නෙත් මිලියන 10යි. එහෙම ගනුදෙනුවකින් බිලියන දාහක් පාඩුයි කිව්වාම ඒක පාවිච්චි කරනවා විපක්ෂයේ ඉන්න අනෙක් අය. මේ රජයේ ඇමතිවරුම තමයි තමන්ගේ පටු පරමාර්ථ වෙනුවෙන් ආණ්ඩුව විනාශ කරන්න කටයුතු කරන්නේ. මේ අය ආර්ථිකයට ලොකු හානියක් කරන්නේ. මේ වෙලාවෙ ආර්ථිකය හදන්න බැරි නම් නැවත අවස්ථාවක් ලැබෙන්නේ නෑ.
අලූතෙන් පත්වුණ මුදල් අමාත්‍ය මංගල සමරවීර සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික‍්‍රමරත්න දෙන්නා ආර්ථිකය සම්බන්ධයෙන් යහපත් මැදිහත්වීම් කරන බව පෙනෙනවාද?

අමාත්‍යාංශ බෙදීමේදී මේ දෙදෙනා පත්කිරීම ඉතා වැදගත් තීරණයක්. මම කියන්නේ නෑ රවී කරුණානායක නරක කෙනෙක් කියලා. හැබැයි මංගල සමරවීර මහතා තමන්ට ලැබුණු හැම අමාත්‍යාංශයක්ම සාර්ථක ලෙස කරලා පෙන්වලා තියෙනවා.

මහබැංකුවේ නිලධාරීන් අත්දැකීම් තියෙන නිලධාරීන් නිසා ඔවුන් දන්නා න්‍යායාත්මක කරුණු ඉදිරියට ගෙනෙන්න අවස්ථාව දෙන්න ඕනෑ. මංගල සමරවීර මහතා ඒක කරලා තියෙනවා. ඉරාන් වික‍්‍රමරත්න මහතා අත්දැකීම් තියෙන කෙනෙක්. ඔහුත් මඟ පෙන්වනවා. ඒ නිසා හොඳ ඉලක්ක තියෙන, දේශපාලන අයවැයක් නොවන, ආර්ථික ප‍්‍රතිපත්ති මත පදනම් වුණ අයවැයක්. මේක කලින් අයවැයවල් වගේ මඟදී නවතින්නේ නැතිව ක‍්‍රියාත්මක කිරීම වැදගත්. දැනට පෙනෙනවා එහෙම කරනවා කියලා