බොඩිද? බිල්ඩින්ද?

ඇමතිට පිළිතුරක්

ඇමති කායවර්ධනය කයිද? යන හිසින් අප ලියූ ලිපියට කී‍්‍රඩා ඇමතිගේ මාධ්‍ය නිලධාරි ලහිරු සමරසිංහ අපට පිළිතුරක් ඒවා තිබුණි. ප‍්‍රශ්නයට පිළිතුරු ලියන්නට පෙර ප‍්‍රශ්නය වටහා ගැනීමට ලහිරුට ඇති නොහැකියාව නිසාදෝ නැතිනම් ඇමති කියන නිසා ලියන බැවින්දෝ බහුබුත කතා කරන තැනට ඔහු පත්වී ඇත.

මුලින්ම කිව යුත්තේ අප කායවර්ධනය ගැන කතා කළේ අද ඊයේ නොවන බවය. තිලක් ජයවීර පිස්සු නටන කාලයේ සිට අප කායවර්ධනය ගැන ලියා ඇත. අතීතය පිරික්සන්නේ නම් මෙය අද පමණක් ඇති ප‍්‍රශ්නයක් නොවන බව වටහා ගනු ඇත. කී‍්‍රඩා ඇමති කී‍්‍රඩාව ගැන කියවනුයේ ඔහු කී‍්‍රඩා ඇමති වූ පසුවය. එවිට ඔහු හිතනුයේ මේ ඔහු ඉලක්ක කර ඔහුට එරෙහිව දිවා ? සිදු කරන කුමන්ත‍්‍රණයක් බවය.

එස්.බී දිසානායකගේ සිට අලූත්ගමගේ දක්වා මේ රෝගය අප පිටුව බලද්දී ඔවුන්ට වැළදුණි. එයට අප කුමක් කරමුද? ඉතිහාසය පුරා අප මේ කී‍්‍රඩාවන් ගැන ලියූ බැවින් අපි ඒවා එදා සිට අද දක්වාම කාබාසිනියා කරනුයේ කවුද යන්න දනිමු. එහෙත් ඇමතිවරු මාරු වන නිසා ඔවුහු එය නොදනිති. එය නොදැන ඒ පිරිස් සමග එකටම ලගිති. ඔවුන් කවුරුන්දැයි ඇමතිවරු තේරුම් ගන්නා විට පෙරහැර ගොස් හමාරය. ඇතැම් විට තේරුම් නොගැනීමටද ඉඩ ඇත.

චන්දන අලූත්ගේ කායවර්ධන කී‍්‍රඩාව කෑ අංක එකේ චරිතයකි. ඔහු කායවර්ධන මධ්‍යස්ථාන පවත්වාගෙන යන අතරම කායවර්ධන කී‍්‍රඩාවත් කළේය. අපූරු බඩුය. අදටත් ඔහු තිරය පිටුපස කායවර්ධනය පාලනය කරන තැනැත්තාය. ඔහුගේ සහෝදරයා මීට වසර තුන හතරකට පෙර දැමූ ජීම් එකට යන කී‍්‍රඩා ඇමති එය තමා කී‍්‍රඩා ඇමති වන්නට පෙරද ගිය ජීම් එක යැයි කියමින් ඇග බේරාගනී. ඇමතිගේ මරු සදාචාරයය.

චන්දන අලූත් සංගම් හදාගෙන කායවර්ධනයට රිංගන්න හදන අතර ඇමතිට උපදෙස්ද දෙයි. ඔහුගේ සහෝදරයාගේ ජීම් එකට නොමිලේ යෑමේ වරප‍්‍රසාදය ලබන්නේ මේ සියලූ යටිකූට්ටු වැඩවලට අනුමැතිය ගන්නැයි ඔහු නොවැටහේ. දේශපාලනයේ තෙම්පරාදු දයාසිරි අමති ඒ බව නොදන්නේද? ඔහු මනාව දනී. ඔහු ඔවුන් සමග එක් වී මේ කී‍්‍රඩාව විනාශ කරයි. ඇත්ත එයයි.

අප එය පෙන්වා දෙන විට ඔහුට එය පිළිගන්නට බැරි වන්නේ ඔහු චන්දනගේ දැලේ හසු වී හමාර බැවිනි. ඕනෑකමින් හසු වූ විට කරන්නටම දෙයක් නැත්තටම නැතිය. එවිට ඔහු බලනුයේ අප ලියන දේට වඩා අපට මේවා දෙන්නේ කවුද යන්නය. ඒ නිසාදෝ ප‍්‍රශ්නය පසෙක ලා ලහිරු අපට විනය පරීක්‍ෂණ වර්තාවක් එවයි.

එය හිටපු සභාපතිවරයකු වූ කපිල කුමාරට එරෙහිවය. දැන් කායවර්ධනය කරනුයේ වෙන පිරිසකි. වත්මන් සභාපති තමන් ඇමතිගේ ඥාතියකු බව කියමින් චන්දනගේ උපදෙස් අනුව කී‍්‍රඩා කරයි. චන්දනගේ එකම බාධකය කපිලය. මේ එකට දීග කෑ පිරිස්ය. කලක් ගජමිතුරෝය. දැන් පසමිතුරෝය.

චන්දනට බලය එන්නට ඇති එකම බාධාව කපිලය. ඔහු ඉවත් කිරීම චන්දනගේ අභිප‍්‍රායය. ඊට ඇමති සහාය හැර කිසිම සහායක් නොවුවමනාය. ඔහු ඒ සහාය ලබා ගෙන ඇත. ඇමති අපිට එවන්නේ ඒ ජයග‍්‍රාහි වාර්තාවය.

අපට පිළිතුරු එවන අතර කපිලගේ වාර්තාව එවීමෙන්ම වැටහෙනුයේ මේ කපිල නිසා අප ලියන බවය. ඇමතිට කිවයුත්තේ මේ සැම ගැන අප ලියූ ලියවිලි හොයාගෙන කියවන ලෙසය. එය ලහිරු ලවා හෝ කර ගන්නේ නම් මැනවිය. මන්ද මේ දෙගොල්ලන්ම පිස්සු නටන විට ලීවේ අපය. දෙදෙනාම හොරු නම්, ඉල්ලන්නේත් දෙදෙනාම වෙස් මාරු කර ගනිමින් නම් දෙදෙනාගෙන් අඩු වැරදි කර ඇත්තේ කපිල බව අප ලියා ඇත.

එයින් අදහස් වන්නේ කපිල හොද බව නොව චන්දනට වඩා හොද බවය. කායවර්ධනය බිස්නස් එකක් කරගත් කෙනෙකුට වඩා අනෙකා හොද බවය. එබැවින් කපිලගේ වාර්තා අපිට එවීමෙන් වැටහෙනුයේ ඇමති ප‍්‍රශ්න වටහාගන්නා ළාමක ක‍්‍රමවේදය මිස වෙන කිසිවක් නොවේ. අපිට මේ කී‍්‍රඩා ක්‍ෂේත‍්‍රයේ කිසිවකු සම්බන්ධයෙන් අමුතු වටිනාකමක් නැත.

එය ඉතිහාසය පිරික්සා බලන්නේ නම් වටිනේය. තවදුරටත් ඇමති චන්දන සමග කන දීගය මේ එවන සහතිකවලින්ම නීත්‍යනුකූල බව පැහැදිලිය. කපිලගේ වාර්තාව තවමත් ප‍්‍රසිද්ධ කර නැති මුත් චන්දන එය ප‍්‍රසිද්ධ කර ඇත. ඇමතිට විදුරු ගෙවල්වල සිට ඇදුම් නොගලවන්නැයි කියන අතරම අපට සුදු ළුෑණු පොඩි නොකරන්නැයිද ඉල්ලා සිටිමු.

දිස්ති‍්‍රක්ක පිහිටුවීම ගැන ලහිරු කියන කතා විකාරය. එයට අප පිළිතුරු දී පලක් නැත. කායවර්ධන සංගමයේ ලේකම්ම මාධ්‍ය සාකච්ඡා පවත්වා කියන දේවල් වටහාගැනීම වටිනේය. වික‍්‍රමසිංහ නැමැත්තා චන්දනගෙන් වැටුප් ලැබූ තැනැත්තෙකි. ඔහු මේ සම්බන්ධව සොයන නිලධාරියා වූ විට නරියා කුකුල්ලූ නොකා සිටියිද? ඇමති, වික‍්‍රමසිංහ, චන්දන මේ සියලූ දෙනා එක්ව කරන නාඩගමේ පිටපත වෙනස් කරන්නට ලහිරු දගලන දැගලිල්ල දකින විට පව්ය. එය ඔහුගේ රැුකියාව බැවින් ඊට කිසිත් නොකියමු.

නිලවරණ සියල්ල ජනවාරි මුල සිටම අවසන් කරන බව ප‍්‍රසිද්ධියේ කියු ඇමති එය පසුව මැයි, ජුනි ඉන්පසු අගෝස්තු නැවත ඔක්තෝබර් කියමින් විහිළු කළ මාධ්‍ය ප‍්‍රකාශ සොයා කියවන ලෙස ලහිරුට කියනුයේ මේ වසර අවසන් වී ඇතත් තවමත් සංගම් ගණනාවක් නිලවරණ නැතිව වේලෙන බැවිනි. ඔලිම්පික් නිලවරණය මේ වසරේ ජනවාරිවල ඇමති කටින් තිබ්බා මතකය.

එය හැකිනම් ලබන වසරේ අපේ‍්‍රල්වලට හෝ කලින් පවත්වා පෙන්වන්නැයි අපි අභියෝග කරමු.

ඇමති විනය පරීක්‍ෂණ කරනවාද, ඉන් තමන් කැමති අයට දඬුවම් දෙනවාද යන්න අපට ගැටලූවක් නැත. එහෙත් කායවර්ධන කී‍්‍රඩාවේ රැුකවරණය ඉල්ලන්නේ අද වෙන කවුරුත් නොව එහිම නිලධාරීන්ය. ඊට කන්නොදී ඇමති චන්දන ගෙන්නවා පිඹුරු සකසයි. ලහිරු උත්තර එව්වද නොඑව්වද අපි කී‍්‍රඩාවේ ගැටලූ දිගටම ලියන්නෙමු. එහිදී එය කරවන පුද්ගලයා හෙට වෙන ඇමති කෙනකු වුවද මේ රටාව මෙලසමය.

එහි අදහස අප කියනුයේ ඒ මොහොතේ ඇමතිට බැවිනි. දයාසිරි ඇමතිවරයා දැන් හෝ නිවැරදි වන්නේ නම් මැනවිය. කී‍්‍රඩාව නගා සිටුවීමේ අවංක වුවමනාව ඇත්නම් එය හැම කී‍්‍රඩාවකම පොදු විය යුතු බැවිනි. අවසාන වශයෙන් යමක් වටහා දෙමු. ඇමතිගේ ශරීරයේද තහනම් උත්තේජක ඇති බව අපි ස්ථිරවම කියමු. එහෙත් එය තහවුර කළ නොහැකිය. මන්ද වෛi ඒකකයේ අධ්‍යක්‍ෂ ජනරාල්ද තම ඥාතියා බැවිනි.