අතහැරීම, Disgrace yd J M Coetzee


‘ඔව්, මං දන්නවා. ඒක හරිම නින්දාසහගතයි කියලා‘ ලූසී සිය පියාට පැවසුවා. ‘සමහරවිට, මං බොහොම සතුටින් බාරගන්න ඕන දේ ඒක වෙන්නැති. කිසිමදෙයක් නැතිව හැමදේම මුල ඉඳන්ම පටන්ගන්න. හැඳුනුම්පතක් නැහැ, ආරක්ෂාවට ආයුධයක් නැහැ, මගේම කියලා වත්කමක් නැහැ, අයිතියක් නැහැ, කිසිම අභිමානයක් නැහැ, හරියට බල්ලෙක් වගේ – ඔව්, බල්ලෙක් වගේ’

……………

ජීවිතේ ගැන එක එක්කෙනාට එක එක විදියේ තෝරාගැනීම් තියෙනවා. සමහරු අතිශය සාම්ප‍්‍රදායික විදියට කුටුම්බගත වෙලා දරුවන් හදාවඩාගෙන ජීවත්වෙද්දී තවත් සමහරු තමන්ගේ මුළු ජීවිත කාලේම තනිකඩව ඉන්න තීරණය කරනවා. තනිකඩව ඉන්න තවත් සමහරු කුටුම්බගත ජීවිත ප‍්‍රාර්ථනා කරනවා.

ඔය කියන කුටුම්බගත ජීවිතයෙන් හෙම්බත් වුණු තවත් සමහරු තමන්ට ආදරය, රැුකවරණය ලබාදුන්නු අයගෙන් ඈත්වෙලා තවත් අය හා බැදනවා. නැත්නම්, පරණ පුරුදු තනිකමට ඉඩදෙනවා. එහෙමත්, නැත්නම් පවුල් ජීවිතයේ ඉඳගෙනම තාවකාලික සැනසුමක් හොයාගෙන යනවා. නාගරික ජීවිතය ඇතුළේදී මිලමුදල් පස්සේ දුවලා දුවලා හතිවැටුණු තවත් සමහරු පිටිසර ජීවිතයේ සුන්දරත්වය අත්විඳින්න හිතාගෙන ගමට යනවා. (හැබැයි, ගමේ ජීවිතය අසුන්දර බව හිතන උදවිය උත්සාහ කරන්නේ කොහොම හරි නගරෙට එන්න) සංකීර්ණ සමාජ ජීවිතයේ නිස්සාර බව දැනුණු තවත් අය කැලෑ වැදිලා විමුක්තිය හොයාගෙන යනවා. (ඒක අස්සේ ඔය කියන සංකීර්ණ සමාජයේම ඉඳගෙන විමුක්තිය මාර්කට් කරන අය නැතුවත් නෙමෙයි). සමාජ සම්මතය ලෙස පිළිගත් විෂම ලිංගික ආදරයක් නොපතන තවත් අය තමන් වැනිම වුණු තවත් ආත්මයක් එක්ක පෙමින් බැෙදනවා. නැත්නම්, තමන්ගේ උපන් භූමියේ ඉඳලා සැනසීමක් ලබාගන්න නොහැකි අය ඒ භූමියෙන් මිදිලා නිදහස හොයාගෙන යනවා.

ජීවිතේ ගැන මතුපිටින් පේන්න තියෙන සරලයි වගේ පෙනුණත් හරිම සංකීර්ණ කරුණු ටිකක් සටහන් කළේ මුලින් කිව්ව ලූසී ගැන පැහැදිලි කිරීමක් කරන්න කලිනුයි. ලූසී ඉන්නේ න්‍ J M Coetzee ලිව්වDisgrace කෘතියෙයි. ඬේවිඞ් ලූරි, ලූසීගේ පියා. විවාහ දෙකක් කරගෙන ඒ විවාහ දෙකෙන්ම ඈත්වෙලා තනිකඩ ජීවිතයක් ගතකරන කේප් ටවුන්වල ජීවත් වෙන අවුරුදු පනස් දෙකක් වුණු මහාචාර්යවරයෙක්. ඬේවිඞ් අවුරුද්දකටත් වැඩි කාලයක් තිස්සේ තමන්ගේ ජීවිතයට අස්වැසිල්ලක් ලබාගන්නේ හැම සතියකටම වරක් මිනිත්තු 90ක් වෙනුවෙන් මුණගැහෙන සොරායා කියන වෛශාංගනාවගෙනුයි. හිටිහැටියේම සොරායා තවදුරටත් ඇය වැඩ කළ ඒජන්සියේ වැඩට එන්නේ නැහැ. ඒ වෙනුවට ඬේවිඞ්ට වෙනත් අය හමුවුණත් සොරායා අමතක කරදමන්න ඔහුට හැකිවෙන්නේ නැහැ. එක දවසක අහම්බෙන් වගේ සොරායා වගේම වුණු, කොලූ පැටියෙක් හා තවත් පුංචි දරුවෙකු එක්ක කාන්තාවක යනවා ඬේවිඞ්ගේ දෑසට හසුවුණත් ජීවිතේ කියන්නෙම අතහැරීමක් වග තේරුම් යන්නට තව බොහෝ කලක් ගතවුණා.

ඬේවිඞ්ගේ ජීවිතයේ එළියට නොපෙනෙන පැතිකඩ එහෙම වෙද්දී සමාජය ඔහුව දකින්නේ සාහිත්‍යය ගැන දැනුම් තේරුම් තියෙන මහාචාර්යවරයකු විදියටයි. රොමෑන්ටික් සාහිත්‍යය ගැන වූ දේශන අතරතුරදී ඬේවිඞ්ට කළු ජාතික තරුණියක වුණු මෙලනි මුණගැහෙනවා. ඒ හමුවීම තරමක අහඹුවක් වුණත් ඬේවිඞ් හොය හොයා හිටි විදියේ හමුවීමක් වෙන්න ඇති. වැහිබර දිනයක විශ්වවිද්‍යාලය ඉදිරියේ ඬේවිඞ් ගමන් කරමින් ඉද්දී තෙතබරිත පොළොවේ ලිස්සන මෙලනි ඔහු ඉදිරිපිට ඇද වැටෙනවා. කෝපි කෝප්පයක් බොන්න තමන්ගේ නිවසට එන්න කියලා මෙලනිට ආරාධනා කරන ඬේවිඞ් ඒ ආරාධනාව පිළිගෙන තමුන්ගේ නිවසට ආව මෙලනිට ගැහැනුන්ගේ සුන්දරත්වය ගැන අපූරු කතාවක් කියාදෙනවා.

ඔහු ඇය දෙසට නැමී ඇගේ කම්මුල් සිපගත්තා.

‘ඔයා හරිම ලස්සනයි. අද ? මාත් එක්ක ඉන්න.’

‘ඇයි?’

‘මොකද …. ඔයා එහෙම කරන්න ඕන නිසා.’

‘ඇයි ? මම එහෙම කරන්න ඕන.’

‘ගෑනියෙක්ගේ ලස්සන අයිති එයාට විතරක් නෙමෙයි. ඒ ලස්සන මේ ලෝකයේත් කොටසක්. ඉතිං, ඇය ඒ ලස්සන අනික් අය එක්කත් බෙදාගන්න ඕන.’

‘ඉතිං, මේ වෙද්දිත් මං ඒ ලස්සන බෙදාගෙන ඉවර නම්.’

මෙලනි, ඬේවිඞ්ගෙන් ප‍්‍රශ්න කරනවා.

‘ම්ම්ම්, ඉතිං, ඔයා තව ගොඩක් දෙනෙක් එක්ක ඒ ලස්සන බෙදාගන්න ඕන.’

මෙලනිගේ සිනිඳු අතැඟිලි අල්ලන ඬේවිඞ් උත්තර බඳිනවා.

ඒ හමුවීම එතැනින් අවසන් වුණත් වැඩිකල් නොයාම ඬේවිඞ්ට ආයෙමත් මෙලනිව මුණගැහෙනවා.

‘ඔහු ඇයව සිය නිවසට කැන්දාගෙන ගියා. වැහි බිඳු ජනේලය මත වැටෙද්දි නිදන කාමරයේ පොළොව මත ඔහු ඇය හා ආදරයෙන් වෙළුණා. ඇයට තිබුණේ බොහොම සුකොමල, සුපැහැදිලි සිරුරක්. ඇත්තටම එය සම්පූර්ණයි. ඇය බොහොම අක‍්‍රිය ලෙසින් හිටියත් ඔහු මේ කාර්යයෙන් සතුටක් ලැබුවා. සුරතාන්තයේදී ඔහු හිස් විස්මෘතියක් අත්වින්ඳා.’

අවසානයේදී මෙලනි, ඬේවිඞ්ට එරෙහිව විශ්වවිද්‍යාලයට පැමිණිල්ලක් ගොනුකරන්නේ ඔහු තමා අපහරණයට ලක්කළ බව පවසමිනුයි. මේ සිද්ධියත් එක්ක ඬේවිඞ් විශ්වවිද්‍යාලයෙන් අයින් කරලා දානවා. තමන් එතෙක් විඳි වරප‍්‍රසාද, අභිමානය මේ සියල්ලක්ම ඬේවිඞ්ට අහිමිවී යනවා.

ඒ සියලූ අහිමිවීම් හමුවේ ඬේවිඞ්, ලූසී සිය වගා කටයුතු කරගනිමින් හුදෙකලා ජීවිතයක් ගෙවූ සලෙම් වෙත යනවා. ලූසීට අනුව නම් ඇගේ අසල්වැසියා වන පෙට‍්‍රස් කියලා කියන්නේ මනා දැනුම්තේරුම් තියෙන කළු ජාතිකයෙක්. සතුන්ට රැකවරණ දෙන මධ්‍යස්ථානයක් කරන බෙව් ෂෝ කියන සුදු ගැහැනියත් මේ හුදෙකලා නගරයේ ඉන්න ලූසීගේ හිතවතියක්. ඬේවිඞ් හා ලූසී ගතකරන මේ නිහඬ ජීවිතය එක්වරම උඩුයටිකුරු වෙන්නේ එක දවසක ඬේවිඞ් කිසිවක් කරකියාගන්නට ඉඩක් නොතබාම ලූසී කළු ජාතික තරුණයෝ තිදෙනෙකුගේ ගොදුරක් බවට පත්වීමත් එක්කයි. ඒ විතරක් නෙමෙයි මේ පිරිස ඔවුන්ගේ බඩුබාහිරාදියත් ගන්නවා. මේ වෙලාවේ ඬේවිඞ්, ලූසී එක්ක හිටියත් ඔහුට ඇය වෙනුවෙන් කිසිවක්ම කරන්න නොහැකි වෙන්නේ මේ පිරිස ඬේවිඞ් නානකාමරයට දාලා ඔහු නිහඬ කරවූ නිසායි.

මේ සිද්ධිය නිසාම ලූසී ගැබ් ගන්නවා. ඬේවිඞ්ගේ ඇවිටිලි කිරීම්වලට කන්නොදෙන ලූසී ඒ දරුගැබ විනාශ කරන්න සූදානම් වෙන්නේ නැහැ. ඒ අතරේ ලූසී ¥ෂණයට ලක්කළ එක් කොලූ ගැටයෙක් පෙට‍්‍රස්ගේ පවුලේ හිතවතකු බව දැනගත්ත ඬේවිඞ් තවත් කුපිත වෙනවා. පෙට‍්‍රස්ට මේ ගැන කිව්වත් ඔහු කියන්නේ මේ කොලූවා තවමත් කුඩා දරුවෙකු බවයි. පෙට‍්‍රස් එක්ක ඞීල් එක්කට ඒමේ වුවමනාවක් ලූසීට තියෙනවා. ඒ දිවි ඇති තුරා ඇය ජීවත්වෙන නිවසේ භුක්තිය තියාගෙන පෙට‍්‍රස්ට ඇය ජීවත්වන ඉඩම ලබාදීමයි. ඒ වගේම පෙට‍්‍රස් කැමති නම් ඇය ඔහුගේ තුන්වන බිරිඳ ලෙස ජීවත්වෙන්නටත් ලූසී කැමැත්ත ප‍්‍රකාශ කරනවා. එතකොට දරුවා පෙට‍්‍රස්ගේ පවුලේත් සාමාජිකයෙක් වෙනවා. ලූසී මේ ගනුදෙනුව ගැන ඬේවිඞ් කිව්වාම ඔහු කුපිත වෙනවා. ඬේවිඞ්ගේ විශ්වාසය වෙන්නේ ලූසීට විඳින්න වුණු ඛේදවාචකයට පෙට‍්‍රස් ද සම්බන්ධ බවයි. ඒ විතරක් නෙමෙයි පෙට‍්‍රස්ගේ දියුණුව දකින්නත් ඬේවිඞ් අකමැති වෙනවා.

අවසානයේදී ඬේවිඞ් නැවතත් නගරයට යනවා. තමන්ගේ ගෙදර කොල්ල කා ඇති බව දකින ඬේවිඞ් ආපහු ලූසී වෙත යන්න තීරණය කරනවා. ඒත්, ඊට කලින් ඔහුට යුතුකමක් ඉටුකරන්න මතක් වෙනවා. තමන්ගේ දුව වැනිම වුණු ඒ කළු ජාතික තරුණියට තමන් අසාධාරණයක් කළ බව සිහිපත් වෙන ඬේවිඞ් මෙලනිගේ මව, පියාගෙන් වැඳලා සමාවගන්නවා. ඔහු මෙලනිට හොරා, ඇය රංගනයෙන් දායක වෙන වේදිකා නාට්‍යය බලා ඇගේ පෙම්වතාගේ තර්ජන ගර්ජන විඳගෙන ආපහු සලෙම් වෙත යනවා. නගරයේ ජීවිතයට වඩා පිටිසර ජීවිතයේ සැහැල්ලූව අත්විඳගන්න උත්සාහ ගන්න ඬේවිඞ්, ලූසීගේ හිතුවක්කාරකම් නිසාම ඇගෙන් ඈත්වෙන්න තීරණය කරනවා. හැබැයි, පෙට‍්‍රස්ගෙන් හැබෑම ආරක්ෂාවක් තමන්ගේ දියණියට ලැබේවිදැයි යන සැකය ඬේවිඞ්ට පහළ වෙන්නේ එක දවසක් පෙර කී ඥාති කොලූවා ලූසී ස්නානය කරන දිහා හොරෙන් බලාගෙන ඉන්න අයුරු ඬේවිඞ්ගේ අතටම අහුවීමත් එක්කයි. මේ සිද්ධියේදී ලූසී ඔහුට අනුකම්පා කළත් කාලයක් තමා පෙලූ සුදු වර්ගයාට කොලූවා සාප කරන්නේ ‘අපි උඹලා ඔක්කෝමලා විනාශ කරනවා’ යැයි කියමින්.

අවසානයේදී ඬේවිඞ් බෙව් ෂෝගේ සත්ව රැකවරණ මධ්‍යස්ථානයේ සේවකයෙකු වී එහිම පදිංචි වෙනවා. සත්ව සායනයට වෙන් කරන තිබෙන කාමරයේදීම මේ දෙදෙනා වරින්වර පේ‍්‍රමාලිංගනයෙත් යෙදෙනවා. ඉරිදා දවස්වලට මේ රැුකවරණ මධ්‍යස්ථානය කාර්යබහුල තැනක් බවට පත්වෙනවා. ජීවත්වෙන්න තවදුරටත් වරම් නොලද බල්ලන් බෙව් ෂෝගේ එන්නතේ බලයෙන් සදාකාලික සැනසීම හොයාගෙන යනවා. ඊට පස්සේ ඬේවිඞ් කාර්යය වෙන්නේ කළුපැහැ කවරවල මේ සිරුර බහාලා ආදාහනාගාරය වෙත රැගෙන යාමයි. බල්ලන් 23 දෙනෙකුගේ ගමන ඒ විදියට කෙළවර වෙද්දි තවත් සතියක් දෙකක් ජීවත්වෙන්න වරම් තියෙන බලූ පැටියෙක් කූඩුවෙන් එළියට ගන්න ඬේවිඞ්, බෙව් ෂෝ වෙත එනවා. තව සතියක් දෙකක් ජීවත් වුණත් වාරෙ ආවාම කාටත් යන්න වෙනවා. ‘අවසන බලූ පැටවා රැුඳී ඉන්න කූඩුවේ දොර හරින ඬේවිඞ් පැටවා බෙව් ෂෝ වෙත ගෙන එනවා. මං හිතුවේ ඔයා මෙයාව තව සතියක් විතර තියාගනියි කියලයි. එයාව අතෑරලා දානවාද? බෙව් ෂෝ, ඬේවිඞ්ගෙන් ප‍්‍රශ්න කරනවා. ඔව්, මං අතෑරලා දානවා’ ඬේවිඞ් උත්තර දෙනවා.

‘අපි කවුරුවත් මැරෙන්න සූදානම් බව මං විශ්වාස කරන්නේ නැහැ’ කියන කොඑට්සිම සියලූ දෙයින් අත්මිදුණු, අභිමානයක් නැති ජීවිත ගැන සටහන් තබනවා. සාහිත්‍යය වෙනුවෙන් නොබෙල් සම්මානය දිනාගත් කොඑට්සි බුකර් සම්මානය දෙවරක් දිනූ එකම ලේඛකයා ද වෙනවා. හැබැයි, අප‍්‍රිකානු රජයේ මානව හිමිකම් කොමිසම මාධ්‍ය මගින් කළ මහජන දුක්ගැනවිලි ගැන විමසීමකදී Disgrace කෘතියට චෝදනා එල්ල කරන්නේ මේ කෘතියේදී ‘වර්ණභේදවාදයෙන් පසු සමාජය ගැන සුදු ජාතිකයන්ගේ දැක්ම පමණක් අතිශය ක‍්‍රෑර විදියට ඉදිරිපත් කර ඇති බව’ දක්වමිනුයි. ඒ විතරක් නෙමෙයි අභිමානය, අනන්‍යතාව ඇතුළු හැමදේම අහිමිවුණු සුදු ගැහැනුන්ට ම්ලේච්ඡු කළු ජාතිකයන් සමග නිදිවදින්නට සිදුවී ඇති බවත් එහිදී වැඩිදුරටත් පවසනවා.

නොබෙල් සම්මානලාභී දකුණු අප‍්‍රිකානු ලේඛිකාවක වුණු නඩින් ගෝඩිමර්, කොඑට්සිගේ ලේඛනය විවේචනයට ලක්කරන්නේ ‘දකුණු අප‍්‍රිකාවේ වර්ණභේදවාදයෙන් පසුව ගොඩනැගුණු සමාජය ඇතුළේ කොඑට්සිට දැකගන්න ලැබුණු එකම සත්‍යය කළු ජාතික පවුලක් දුෂිතයෙකු ආරක්ෂා කරන්නේ ඔහුත් ඒ පවුලේම සාමාජිකයෙක් වූ නිසා බව කියන කතාව පමණක්ද යන්න කනගාටුවට කරුණක් බවයි. මේ කතාවම ක‍්‍රිස් වෑන් වයික් සහතික කරන්නේිෘසිටර්ජැ යනු ජාතිවාදී කෘතියක් බව’ කියමින්. Disgrace හා ඔහුගේ Disgrace කෘතියට එල්ල වුණු චෝදනා තවත් උග‍්‍ර වෙන්නේ 2003දී ඔහුට සාහිත්‍යයට වෙනුවෙන් වුණු නොබෙල් සම්මානය හිමිවීමත් සමගයි. ‘දුහුවිල්ලෙන් මතුවූ මිනිසා’ ලෙස නම්කරමින් අප‍්‍රිකානු කොංග‍්‍රසය ඔහුට සුබ පතනවා.

ටී.එස්. එලියට් ඇමරිකාව අතැර ගොස් බි‍්‍රතාන්‍ය පුරවැසිභාවය ලබාගැනීම ගැන What Is a Classic? ? නමින් 1991 දී සටහනක් තබන කොඑට්සි, එලියට් නව අනන්‍යතාවක් ගොඩනගාගන්නට දැරූ උත්සාහය ගැන විස්තර කරනවා. අනන්‍යතාවක් ගොඩනගාගැනීමට දරන උත්සාහය ඇතුළේ සංස්කෘතික බලවේගවලට සුවිශේෂී තැනක් ලැබෙන බවත් කොඑට්සි එහිදී පවසනවා. කොහොම වුණත්, පෙර කී දුහුවිල්ලෙන් මතුවූ මිනිසාට 2002 දී ඕස්ටේ‍්‍රලියානු පුරවැසිභාවය ලැබීමත් එක්ක එහි පදිංචි වන ඔහුගේ අනන්‍යතාවත් දැඩිව විවේචනයට ලක්වෙනවා. සමහර පිරිස් කොඑට්සි ඕස්ටේ‍්‍රලියාවේ පදිංචිවීමේ තීරණය පාවාදීමක් විදියටත් දකිනවා. කොඑට්සි මේ චෝදනාවන්වලට උත්තර බඳින්නට යන්නේ නැහැ.

‘අනික් හැමදේම අසාර්ථක වෙද්දි දාර්ශනිකත්වය ඉස්මතු වෙනවා’ චෝදනා නගන ලෝකය ගැන කොඑට්සි පවසන්නේ එලෙසයි.

වින්ධ්‍යා ගම්ලත්