රාවය

දුෂණයේ ගැටලූව ගැන තවදුරටත්

දුෂණයේ ගැටලූව ගැන තවදුරටත්

 

පළාත් පාලන ඡුන්ද ව්‍යාපාරය ආරම්භවීමත් සමඟ නව ජීවයක් ලැබූ දුෂණ විරෝධී සටන දිනෙන් දින තියුණු වන බව පෙනේ. එයට අලූත්ම ගැම්ම ලැබී ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙනි. ”දුෂණයෙන් තොර පළාත් පාලනයක් සඳහා” යන්න ඔහුගේ සටන් පාඨය බව, තම පක්ෂයේ මැතිවරණ ව්‍යාපාරය දියත් කරමින් රාජපක්ෂ මහතා ප‍්‍රකාශ කර ඇත. දුෂණය නැති කිරීමේ සටනට තවම සම්බන්ධ වී නැත්තේ එජාපය පමණි. පළාත් පාලන ඡුන්ද ව්‍යාපාරයේ රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධාන සටන් පාඨය වී තිබෙන්නේ ‘සංවර්ධනය සහ ආර්ථිකය ස්ථාවර කිරීම’ යන තේමාවයි, සංවර්ධනය සහ දුෂණය නිවුන් දරුවන් මෙන් එකට සම්බන්ධ බව එතුමා දන්නා නිසාදෝ, දුෂණයේ ප‍්‍රශ්නය ගෙනැවිත් සංවර්ධනය අරමුණු කරගත් තම මැතිවරණ ව්‍යාපාරය දුෂණය කර නොගැනීමට එතුමා පරෙස්සම් වන බව පෙනේ.

මේ අතර, පසුගිය ‘රාවය’ කලාපයේ මගේ ලිපිය කියවීමෙන් පසු මට දුරකතනයෙන් කතා කළ රාවය පාඨකයෙකු කියා සිටි දෙයක් මට මතක් වේ. මගේ පැරණි මිතුරෙකුද වන ඔහු ප‍්‍රකාශ කෙළේ දේශපාලන පක්ෂ දුෂණය ගැන මැතිවරණ ව්‍යාපාරයේදී කොතරම් තැනක් දුන්නත්, ඡන්දදායකයා රැවටීමට දුෂණ විරෝධයේ සටන් පාඨයට දැන් නම් නොහැකි බවයි. ඒ නිරීක්ෂණය ගැන කල්පනා කළ විට මට මතක් වූයේ 1994 සහ 2015 ඡුන්ද ව්‍යාපාර ගැනයි. ”එජාපයේ දුෂණයට හා භීෂණයට’’ විරුද්ධව ඡුන්දදායකයා පෙළගැස්වීම චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියගේ නායකත්වයෙන් යුත් පොදුජන එක්සත් පෙරමුණේ ප‍්‍රධාන මැතිවරණ උපාය විය. ”මහින්දගේ පවුලේ දුෂණය හා භීෂණයට” එරෙහිව ඡුන්දදායකයා පෙළගැස්වීම යහපාලන සන්ධානයේ ප‍්‍රධාන මැතිවරණ උපාය විය.

දැන් පැවැත්වෙන මැතිවරණ ව්‍යාපාරයේදී දුෂණ විරෝධී සටනට අලූත් මුහුණුවරක් ලැබී තිබේ. එනම් තමන්ගේම ආණ්ඩුවලින් සිදුවූ දුෂණයට එරෙහිව ඡන්දදායකයන් පෙළගැස්වීමට දේශපාලන නායකයන් අද ඉදිරිපත්වීමයි. ‘රාවය’ පාඨකයා කියූ ආකාරයට, දුෂණ විරෝධයේ සටන් පාඨයට ඡන්දදායකයා තවදුරටත් මුලා නොවනු ඇත්තේ මේ නිසා විය හැකිය.

එය එසේ වුවත්, දුෂණය පිළිබඳ ප‍්‍රශ්නය පහසුවෙන් අතහැරිය හැක්කක් නොවේ. මැතිවරණයෙන් පසුව, දේශපාලන නායකයන්, තම දුෂණ විරෝධී සටන අතහරිනු ඇත. එහෙත් පුරවැසියාට සිදුවනු ඇත්තේ දුෂණයේ දේශපාලන, ආර්ථික සහ සමාජමය ප‍්‍රතිඵල සමඟ පොර බැදීමටය. මේ ගැන කළයුත්තේ කුමක්ද? අනෙක් රටවල අත්දැකීම්වලින් අපට පාඩම් ඉගෙන ගත නොහැකිද?

මෛත‍්‍රීගේ නැඟීම

මේ ප‍්‍රශ්නය සාකච්ඡා  කිරීම මේ ලිපියේ ප‍්‍රධාන අරමුණයි. ඒ තේමාවට බැසීමට පෙර, වෙනත් කරුණක් සඳහා මාවතෙන් පිට පැනීමට සිදුවී තිබේ. එය නම්, පළාත් පාලන මැතිවරණ ව්‍යාපාරයත් සමඟ, ලංකාවේ අද දිනයේ දේශපාලනයේ ප‍්‍රධානතම රංගධරයා බවට, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පත්වීමයි. එයට කොතෙක් නාට්‍යාකාර සහ අනපේක්ෂිත ලෙස සිදුවී ඇත්ද යත්, 2018 වසර ආරම්භ වූ අවස්ථාවේදී ලංකාවේ වර්තමාන දේශපාලන ගමන්මගේ දිසානතිය තීරණය කරන සහ දේශපාලන කතිකාවේ හැඩය සහ දිසාව තීරණය කරන ප‍්‍රධාන පුද්ගලයා බවට පත්වී තිබෙන්නේ මෛත‍්‍රීපාල සිරිසේන මහතාය.

එය එතුමා 2014 ඔක්තෝබර් සිට 2015 මාර්තු මාසය දක්වා කාලය තුළ යම්කිසි දුරකට හිමිකරගෙන සිටි ස්ථානයකි. 2015 මාර්තු මාසයෙන් පසු එම තත්ත්වය නැතිවූ එතුමාට සිදුවූයේ මහින්ද රාජපක්ෂ හා රනිල් වික‍්‍රමසිංහ යන දෙදෙනාගේ හෙවණැලි යටතේ, චූල රංගධරයෙකු ලෙස, එනම් ඉසඑ චක්හැර කෙනෙකු ලෙස, ක‍්‍රියා කිරීමටය. ඒ තත්ත්වය ගසා දමා නැගී සිටීමටත්, තමන්ගේම දෙපයින් නැගී සිටීමටත් එතුමාට දැන් හැකියාව ලබාදී තිබෙන්නේ, එතුමා නායකත්වය දරන හවුල් ආණ්ඩුවේම ප‍්‍රධාන පාර්ශ්වකාර පක්ෂයේ දුෂණය පිළිබඳ ප‍්‍රශ්නය විසින් බව පෙනේ. තම දෙපයින් නැගී සිටීමට එතුමා අපේක්ෂා කළ දේශපාලන අවකාශය, පළාත් පාලන මැතිවරණ ව්‍යාපාරය විසින් ලබාදී තිබෙන බවද පෙනේ.

ලංකාවේ දේශපාලනයේ ඉහළ මට්ටමේ බල තුලනයේ ඇතිවී තිබෙන මෙම වෙනස කල් පවත්නා එකක්ද? එහි දේශපාලන ගතිකත්වය සහ ප‍්‍රතිඵල කෙබඳු විය හැකිද? මෙවැනි ප‍්‍රශ්නවලට පිළිතුරු ලබා ගැනීමට, ඉදිරි සති කිහිපය තීරණාත්මක ලෙස වැදගත් වනු ඇත. පළාත් පාලන මැතිවරණයේ ප‍්‍රතිඵල වැදගත්ම සාධකයද වනු ඇත.

ඉන්දියාවේ අත්දැකීම

මීට අවුරුදු හතකට පෙර, එනම් 2011දී ඉන්දියාවේ දිල්ලි නගරය කේන්ද්‍ර කොටගෙන, දුෂණ විරෝධී විශාල මහජන ව්‍යාපාරයක් බිහිවිය. එකල ඉන්දියාවේ බලයේ සිටියේ කොංග‍්‍රස් පක්ෂ ආණ්ඩුවකි. කොංග‍්‍රස් පක්ෂ නායකයන්ගේ මහා පරිමාණ දුෂණය පිළිබඳ වාර්තාවලින්, එකට ඉන්දියානු සමාජය කැළඹී තිබුණි. පොදු රාජ්‍ය මණ්ඩලීය ක‍්‍රීඩා උළෙලට සම්බන්ධ එම මහා පරිමාණ දුෂණ කතාවලට, පාලක ගාන්ධි පවුලේ සාමාජිකයන්ගේ, දිල්ලි මහ ඇමතිනියගේ පවුලේ සාමාජිකයන්ගේ සහ මැති ඇමතිවරුන් ගණනාවකගේ නම් ගෑවී තිබුණි. මෙම දුෂණ විරෝධී සිවිල් සමාජ ව්‍යාපාරයට නායකත්වය දුන්නේ, අප රටේ ඒ.ටී. ආරියරත්න මහතා වැනි ජ්‍යෙෂ්ඨ පුරවැසියෙකු වූත්, ගාන්ධිවාදියෙකු වූත් අන්නා හසාරේ තුමාය. දිල්ලි නුවර මහජන පිට්ටනියක, සුදු ඇඳගෙන තනියම හිඳගෙන ආරම්භ කළ උපවාසයක් සමඟ දියත් කළ එතුමාගේ දුෂණ විරෝධී ඒක පුද්ගල සටන, ක්ෂණයකින්, මහජන ව්‍යාපාරයක් බවට පත්විය.

දේශපාලකයන්ගේත්, ආණ්ඩුවලත්, රජයේ නිලධාරීන්ගේත් නිමක් නැති දුෂණයෙන් හෙම්බත්ව සිටි, ඉන්දියානු මධ්‍යම පන්තික සහ තරුණ පුරවැසියෝ දසදහස් ගණනින් අන්නා හසාරේ ව්‍යාපාරය වෙතට ඇදී ආහ. පසුව ඉන්දියාවේ ප‍්‍රධාන නගරවල මහා පෙළපාලි, පාගමන් සහ උපවාස සංවිධානය කෙරිණ.

කුඩා දරුවෝද තම මව්පියන් සමඟ ‘අන්නා, අන්නා’ කියමින් පෙළපාළි ගියහ. මේ මහජන ව්‍යාපාරය පිළිබඳ ටෙලිවිෂන් ප‍්‍රවෘත්ති දර්ශනවලින් අමතක නොවන එකක් වන්නේ, මුම්බායි නුවර, ‘දබ්බාවල්ලා’ යන හින්දි වචනයෙන් හඳුන්වන, දවල් බත් පිඟන් බයිසිකලයෙන් ගෙන ගොස් කාර්යාලවලට බෙදන, කම්කරුවන් දහස් ගණනක් ගිය දුෂණ විරෝධී පෙළපාලියයි. මඟුල් ගෙදරට යන ආකාරයේ සුදු සිල්ක් කුර්තා ඇඳගෙන, ගාන්ධි තොප්පිද පැළඳගෙන පිඟන් තාලයට එකට ගසමින් මුම්බායි නගරයේ සිටින දුගීන්ගේත් දුගීන් වූ මේ බත් පිඟන් ප‍්‍රවාහනය කරන දබ්බාවල්ලා කම්කරුවන් ගිය දුෂණ විරෝධී පෙළපාළිය, එම දුෂණ විරෝධී මහජන ව්‍යාපාරයේ තිබි නියම ප‍්‍රජාතන්ත‍්‍රවාදී විභවතාව පෙන්නුම් කරන්නක් විය.

අවුරුදු හතකට පසු අද එම ව්‍යාපාරය යටපත් වී ගොසිනි. අන්න හසාරේ තුමාට සිටින්නේ අනුගාමිකයන් අතළොස්සකි. ”මම ළඟදීම උපවාසයක් කරනවා” යැයි වරින්වර පුවත්පත් නිවේදන නිකුත් කිරීම එතුමාගේ ප‍්‍රධාන විරෝධතා කාර්යය වී තිබේ. එම නිවේදන පළවන්නේද ඇතුළු පිටුවලය. එම ව්‍යාපාරයේ අත්දැකීමේ නිෂේ්ධනීය මෙන්ම සාධනීය උරුමයන් තිබේ. එහෙත් එම ව්‍යාපාරය, ඉන්දියාවේ මෑත කාලයේ බිහිවූ ප‍්‍රජාතාන්ත‍්‍රික අනුප‍්‍රාණික ශක්තියක් බෙහෙවින්ම තිබූ ස්වේච්ඡා  මහජන ව්‍යාපාරය විය. එම ව්‍යාපාරයේම සාර්ථකත්වයේ ප‍්‍රතිඵලයක් හැටියට ව්‍යාපාරය දෙකඩ විය.

 ව්‍යාපාරයේ සම නායකයා වූ, ඉන්දියාවේ තොරතුරු දැනගැනීමේ අයිතියේ ව්‍යාපාරයේ නායකයා වූ අර්වින්ද් කේජිරිවාල්, ව්‍යාපාරයේ සාර්ථකත්වය පාදක කරගෙන, දේශපාලන ව්‍යාපාරයක් දියත් කළේය. එය වනාහි ඉන්දියාවේ මධ්‍යම පන්තික පුරවැසියන්ගේ ඉල්ලීමක්ද විය. වෘත්තීය දේශපාලනඥයන් ගැන හති වැටී සිටින ලංකාවේ මධ්‍යම පන්තික පුරවැසියෝද එවැනි ඉල්ලීම් කරති. අන්න හසාරේ ව්‍යාපාරයට සම්බන්ධ වී සිටි තරුණ සිවිල් සමාජ ක‍්‍රියාකාරිකයන් හා වෘත්තිකයන් එකතු කරගෙන, කේජිරිවාල් මහතා කෙළේ අලූත් දේශපාලන පක්ෂයක් ගොඩනැගීමයි. ”පොඩි මිනිහාගේ පක්ෂය” (අවාම් ආද්මි පාටි) යනු අලූත් පක්ෂයේ නම විය. එම පක්ෂයේ බිහිවීම, දුෂණ විරෝධී ස්වේච්ඡා මහජන ව්‍යාපාරයේ අවසානයද විය.

දේශපාලනඥයන් හා දේශපාලන පක්ෂ ගැන අත්‍යන්ත අවිශ්වාසයෙන් සිටි, අන්නා හසාරේතුමා, කේජිරිවාල් ඇතුළු පිරිස තම ව්‍යාපාරයෙන් ඉවත් කළේය. මේ අතර, කොංග‍්‍රස් ආණ්ඩුවේ දුෂණ විරෝධී පුළුල් මහජන ව්‍යාපාරයෙන් දේශපාලන ප‍්‍රයෝජන ගත්තේ, එකල විරුද්ධ පක්ෂයේ සිටගෙන ඡුන්දය දිනාගැනීමට බලාගෙන සිටි බීජේපීයයි. දුෂණ විරෝධී මහජන ව්‍යාපාරය දේශපාලනීය කළ බීජේපී නායකයෝ, අන්නා හසාරේ ව්‍යාපාරයේ සිටි සමහර නායකයන්ද මුදල් සහ තනතුරු පොරොන්දු වී තමන් වෙත දිනා ගත්හ.

මෙලෙස දේශපාලන නැගීම්-වැඞීම්වලට ලක් වුවද, ඉන්දියානු දුෂණ විරෝධී මහජන ව්‍යාපාරයේ එක් සාධනීය දේශපාලන ප‍්‍රතිඵලයක් ඇතිවිය. එය නම් අවාම් ආද්මි පක්ෂය දිල්ලි නුවර උප-ප‍්‍රාන්ත මැතිවරණයෙන් ඉතා ඉහළින් ජයග‍්‍රහණය කර, කොංග‍්‍රසය සහ බීජේපීය අබිබවා යමින්, දිල්ලි උප-ප‍්‍රාන්ත ආණ්ඩුව පිහිටුවීමයි. බීජේපී ආණ්ඩුවේ අනන්ත හිරිහැරවලට ලක්වෙමින්, දුෂිත නොවන ආණ්ඩුකරණ ආදර්ශයක් ඉන්දියාවට සැපයීමට අරවින්ද් කේජිරිවාල් සහ ඔහුගේ භක්තිමත් සහෝදර පිරිසට හැකියාව ලැබී තිබේ.

මේ අතර ඊළඟ මැතිවරණයේදී අවාම් ආද්මි පක්ෂය පරදින්නටද ඉඩ තිබේ. එයට විවිධ හේතු අතර ප‍්‍රධාන එක වන්නේ, හින්දු ජාතිවාදය ඡන්ද දිනීමේ ප‍්‍රධාන මාධ්‍යය බවට පත්කිරීමට බීජේපී නායකත්වය සමත් වී සිටින නිසාය. මුස්ලිම් පුරවැසියන් බහුල දිල්ලි නුවර, හින්දු ජාතිවාදය පතුරා ඡන්ද දිනිය හැකියයි බීජේපී නායකයෝ සිතති. දුෂණ විරෝධී ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ සටන්පාඨයේ ශක්තිය දුර්වල වී තිබෙන බව අවාම් ආද්මි පක්ෂයේ නායකයෝද දනිති.

විකල්ප ක‍්‍රියාමාර්ග

දුෂණ විරෝධී මහජන ව්‍යාපාර පසුබෑමට ලක්වන හැකියාවන් තුළ එම සටන ඵලදායී ලෙස අලූත් කර ගැනීමට ඇති විකල්ප ක‍්‍රියාමාර්ග මොනවාද? මීට මාස දෙකකට පෙර, මට හමුවූ මගේ පැරණි පාකිස්තාන ශිෂ්‍යයෙකු වූ හසන් සහ මා කොළඹ විශ්වවිද්‍යාලයේ කැන්ටිමේදී තේ පානය කරමින් සාකච්ඡුා කළේ මේ ප‍්‍රශ්නය ගැනය. හසන් පාකිස්තානයේ සිවිල් සමාජ ක‍්‍රියාධරයෙකි. හසන්ගේ භාර්යාවද සම්බන්ධ වූ අපේ සාකච්ඡාවෙන් මතුවූ අදහස්, ලංකාවේ දැනට පවතින සාකච්ඡාවටද සම්බන්ධ වන නිසා, එය සාරාංශ කර දක්වන්නට කැමැත්තෙමි. එය මෙසේය.

දුෂණය මහා පරිමාණ ලෙස පිමි පැනීමත්, දුෂණ විරෝධී මහජන ව්‍යාපාර පසුබෑමට ලක්වීමත්, අපේ කාලයේ ලෝකයේ පොදු අත්දැකීමක් වී තිබේ. දුෂණය, අපරාධ නීතිය මගින් පාලනය කිරීමද කළ නොහැකිය. එය රාජ්‍යය යන්ත‍්‍රය, ආර්ථිකය, ජනමාධ්‍ය හා පුරවැසි ජීවිතය මෙන්ම ජාත්‍යන්තර සම්බන්ධතාද යන සෑම ක්ෂේත‍්‍රයකම විනිවිද ගොස් තිබෙන බැවිනි. දැන් ඉතිරි වී තිබෙන විකල්ප ක‍්‍රියාමාර්ගයක් වන්නේ දුෂණ විරෝධී සටන් නව දේශපාලනීකරණයක් තුළින් යළි පණ ගැන්වීමයි. දේශපාලන චර්යා ධාර්මිකත්වය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සමඟ එම සටන එක් කිරීමයි.

 ”සත්‍යය සෙවීමේ කොමිෂන් සභා”වල ආදර්ශය අනුගමනය කරමින්, සියලූ දෙනාම – දේශපාලනඥයා, ව්‍යාපාරිකයා, නිලධාරියා, නඩුකාරතුමා, සමාගම් අධ්‍යක්ෂවරයා, මන්ත‍්‍රීතුමා, ග‍්‍රාමසේවකතුමා, විදුහල්පතිවරයා සහ පුරවැසියා – පොදු මහජන ස්ථානවලට එකතු වී තමන් කළ දුෂණ ක‍්‍රියා පිළිබඳ ප‍්‍රසිද්ධියේ, විස්තර සහිතව පාපෝච්චාරණය කරමින්, තවදුරටත් දුෂණයේ නොයෙදෙන බවට ශපථ වීමයි. මෙය වනාහි සෑම කෙනෙකුම සහභාගි වන, මාස ගණන් ගතවන, යකුන් එලවීමේ යාතු කර්මයකට සමාන, එහෙත් සාකල්‍යයෙන්ම ලෞකික, චර්යාධාර්මික පුරවැසිභාවයේ ජීවගුණය (sprit of ethical citizenship)  හැම කෙනෙකුගේම පුරවැසි චර්යාව බවට පත් කරන, තනියම නොව, මහජන පරිමණ්ඩලයේ සිදුකරන සාමූහික ක‍්‍රියාවකි. මෙය මනෝරාජික යෝජනාවකැයි කෙනෙකුට පෙනෙනු ඇත. එහෙත් ඒ ගැන බැ?රුම්ව සිතීමට එය බාධාවක් කරගත යුතු නැත.

මේ ලිපිය අවසන් කරන්නට යද්දී ‘මර්දිතයාගේ (Returm of the Repressed)  යන සිග්මන්ඞ් ෆ්‍රොයිඞ්ගේ ප‍්‍රසිද්ධ කියමන මගේ සිතට ආවේය. මෙම තීසිසයෙන් ෆ්‍රොයිඞ් කියුවේ අප කිසියම් ආශාවක් මර්දනය කරගෙන, හිතේ යටපත් කරගෙන සිටියාට පසු එම මර්දිත මනෝභාවය, ඉතා වේගයෙන් හදිසියේ ගිලී මතුවන බවයි. මහ බැංකු බැඳුම්කර වාර්තාවේ අසිපතද අතැතිව අපේ ජනාධිපතිතුමා, අවුරුදු දෙක හමාරක කොන්කිරීම ගසා දමමින්, නැගී සිටින්නේ ෆ්‍රොයිඞ්ගේ කියමනද අපට සිහිගන්වමිනි!