රාවය

මන්දගාමී සිනමාවේ ආසියානු සලකුණ

මන්දගාමී සිනමාවේ ආසියානු සලකුණ

වින්ද්‍යා සාවිත්‍රි ගමගේ

 

 

සායි  මින්  ලියන්

‘මිනිස් සිරුරට මගේ චිත‍්‍රපටවල වැදගත් භූමිකාවක් හිමිවෙනවා. අපට තියන සුන්දරම දෙය නැතිනම් අසුන්දරම දෙය ශරීරය කියලා කියන්න පුළුවන්. අපට සිරුර විකිණිය හැකියි, එයට ආදරය කළ  හැකියි, නැතිනම් වන්දනාමාන කළ හැකියි. සායි මින්  ලියන්

1957 ඔක්තෝබර් මස 27 වන දා උපත ලද සායි මින් ලියන් තායිවාන චිත‍්‍රපට නිර්මාණකරුවෙකි. දැනට වෘතාන්ත චිත‍්‍රපට දහයක් පමණ ලියා අධ්‍යක්ෂණය කර ඇති ඔහු කෙටිචිත‍්‍රපට මෙන්ම රූපවාහිනී චිත‍්‍රපට රැසක් ද නිර්මාණය කර තිබේ. තායිවාන සිනමාවේ දෙවන නවරැල්ලේ සුප‍්‍රකට අධ්‍යක්ෂවරයෙකු වන සායිගේ නිර්මාණ ලොව පුරා ඇගැයීමට ලක්වී තිබේ. චීන සම්භවයක් ඇතිව මැලේසියාවේ ඉපදුන සායි තම ජීවිතයේ මුල් අවුරුදු 20 කුචින්, සරවක්හි ගතකර පසුව තායිවානයේ තායිපේ නගරයේ පදිංචිය සඳහා පැමිණෙයි. මෙම වෙනස්වීම් ඔහු තුළ විශාල බලපෑමක් ඇති කළ බව පසුකාලීනව ඔහුගේ සිනමා නිර්මාණ තුළින් පිළිබිඹු වෙයි.

”අදටත් මම තායිවානයටවත්, මැලේසියාවටවත් අයිති නැති බව මට දැනෙනවා. එක අතකින් මට  ඕනෑම තැනක ගිහින් එතනට හැඩ ගැහෙන්න පුළුවන්. ඒත් කවදාවත් මම එතැනට අයිති කියලා මට දැනෙන්නේ නැහැ.”

1982 වසරේ චීන සංස්කෘතික විශ්වවිද්‍යාලයෙන් නාට්‍ය හා සිනමාව පිළිබඳ උපාධියක් ලබාගන්නා සායි පසුකාලීනව නාට්‍ය නිෂ්පාදකවරයකු, තිරරචකයකු හා රූපවාහිනී අධ්‍යක්ෂවරයකු ලෙස හොංකොංහි සේවය කරන්නේය.

සායිගේ මුල් යුගයේ චිත‍්‍රපටවල තායිපේ නගරයේ පසුගිය භූදර්ශන දැකගත හැකිය. (^In Rebels of Neon God, Vive Lzamour, The River&’ I Dont Want To Sleep Alone ඔහුගේ මවුරට වන මැලේසියාවේ අත්හැර දැමූ ගොඩනැගිලි ඉදිකිරීම් භූමියක කාලවර්ණ වැවට, එයටම ආවේණික වූ කාව්‍යමය හැඩහුරුකමක් ඇත. මෙය තවදුරටත් ඉදිරියට ගෙන යමින් What Time Is It there@ තුළින් Visage තායිපේ හා පැරිසිය අතර අන්තර් මහද්වීපික සංවාදයක්  ගොඩනගයි. මේ සියල්ල හරහා සායි සිය චරිතයන්හි මානසික/පරිකල්පන පරාසයද, සිනමාවේ භව්‍යතා හා ශක්‍යතා ගවේෂණය, ඉතිහාසය හා අනන්‍යතාව මෙන්ම සිනමා මාධ්‍ය පිළිබඳ ඔහුගේ මතකයන් ද තිරයෙහි ප‍්‍රතිනිර්මාණය කරයි. ඔහුගේ සුවිශේෂී නිර්මාණකරණය තුළ ස්වීය අභ්‍යන්තර කාල අවකාශයක් නිර්මාණය කරමින් ඔහු තම සිනමා ලෝකය තුළ සෑම අංශයක්ම රූපාන්තරණය කර ඇත.

මන්දගාමීව ඉදිරියට ඇදීම, දීර්ඝ දර්ශන, සීමිත දෙබස් සහ මිනිස් දිවියේ හුදෙකලාව පිළිබඳ වැඩි අවධානයක් යොමු කිරීම යන ගුණාංගයන් පසුකලක සායිගේ සිනමා ලකුණු බවට පත්විය. මේ නිසාම සායිට ලැබුණු සුවිශේෂ සම්මාන අතර ඔහුගේ  Vive Lzamour චිත‍්‍රපටය සඳහා 51 වන වැනීසි ජාත්‍යන්තර සිනමා උළෙලේ  රන් තුරග සම්මානය, Stay Dog  සඳහා 70 වන ජාත්‍යන්තර වැනීසි සිනමා උළෙලේ ජූරියේ උසස් සම්මානය, The Hole සඳහා 1998 කාන් සිනමා උළෙලේ FIPRESCI  සම්මානය, The River සඳහා 47 වන ජාත්‍යන්තර බර්ලින් චිත‍්‍රපට උළෙලේ රිදී වලසා සම්මානය, The Wayward Cloud සඳහා 55 වන  ජාත්‍යන්තර බර්ලින් චිත‍්‍රපට උළෙලේ හොඳම කලාත්මක සාධනය වෙනුවෙන් රිදී වලසා සම්මානය හා ඇල්ෆ‍්‍රඞ් බවර් ත්‍යාගය කැපී පෙනේ.

මෙතෙක් කල් අප සායි කියැවූයේ ඔහුගේ දෘශ්‍යමය නිර්මාණ තුළින්. Film Comment, ඔහු සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාව හරහා ඔහුගේ  ජීවිතයේ මෙතෙක් නොදුටු පැතිකඩකට එබී බලමු.

තායිපේහි රූගත කළ Stray Dogs චිත‍්‍රපටයෙහි එම නගරය වඩා පාලූ, කුරිරු නගරයක් ලෙස ප‍්‍රතිනිර්මාණය කළ බවක් පෙනෙනවා?

ඒ ඔබ සිතන විදිය. මෙතැනදී අර්ථය/භාවය ගැන කතාකරන්න එපා. ඔබට ඔබේ අර්ථකථනයක් තිබෙන්න පුළුවන්. මට මගේ වෙනම අර්ථකථනයක් තිබෙනවා. මට අර්ථය කතාකිරීමට අවශ්‍ය නැහැ. සමහර වෙලාවට මට හිතෙනවා විචාරක ලෝකයට, අපට වඩා වෙනස් මනෝ විහිතියක් (^mindset& තියෙනවාද කියලා. තායිපේ නගරයට එයටම සුවිශේෂී වූ සංකේත තිබෙනවා. ඒත් මට හිතෙන්නේ කොතැනක රූපගත කළත් ඒ හැම දෙයක්ම සමානයි. රූපගත කරන ස්ථානය වැදගත් නැහැ. අවශ්‍ය වන්නේ රූපගත කිරීමයි.

ඔබ එක් තැනක කියා තිබුණා Stray Dogs ඔබේ අවසන් චිත‍්‍රපටය බව. ඇත්තටම මෙය අවසානයද?

චිත‍්‍රපට සඳහා ඇති වෙළෙඳපොළ අතින් බලන විට මට බල රහිත බව දැනෙනවා. මම සීමා මායිම්වලට කොටුවෙන්න අකමැති කෙනෙක්. කලාත්මක නිර්මාණයක් සීමාවන්ට යටත්විය යුතු නැහැ. මට හිතෙන විදියට මගේ හැම චිත‍්‍රපටයක්ම ආත්ම ගවේෂණයක්. මම හිතනවා සිනමාව සඳහා නිදහස අවශ්‍යයි කියලා. උදාහරණයක් විදියට චිත‍්‍රපට රේටිං තුළින් එය සීමා කරනවා. අලෙවිකරණය සම්බන්ධ ප‍්‍රශ්න මගාරින්න සිනමාවට අමාරුයි. එවැනි ප‍්‍රශ්න නිසා මගේ චිත‍්‍රපට දිවිය අවහිර නොවී තබාගන්න මම වාසනාවන්ත වුණා.

මගේ චිත‍්‍රපටවල තිබුණ ප‍්‍රබලත්වය නිසා මට ජාත්‍යන්තර චිත‍්‍රපට උළෙල නියෝජනය හා යුරෝපීය චිත‍්‍රපට වෙළෙඳපොළට ඇතුළුවීමට හැකිවුණා. මම මගේ ක‍්‍රමයක් සොයාගන්නවා. උදාහරණයක් ලෙස මගේ චිත‍්‍රපටය කලාත්මක වර්ගීකරණය යටතේ බෙදාහරින්න පුළුවන්. ජපානයේ සහ යුරෝපයේ සමහර රඟහල්වල කලාත්මක චිත‍්‍රපට පෙන්වීමේ සම්ප‍්‍රදායක් තිබෙනවා. ඒත් මේ රඟහල් පවත්වා පවත්වාගෙන යාම එන්න එන්නම අමාරු වෙනවා. මං හිතන්නේ මෙයට හේතුව ගෝලීයකරණයයි. යථාර්ථය නම් ඔබේ චිත‍්‍රපටය විකිණිය නොහැකි නම් එම රඟහලවල් ඔබේ චිත‍්‍රපට තවදුරටත් ප‍්‍රදර්ශනයක කරන්නේ නැහැ.

අභියෝගවලට මුහුණ දීම?

චිත‍්‍රපට උළෙල,  කලා උලෙළ,  ශාස්ත‍්‍රීය ලෝකය තුළ මගේ නිල් නිර්මාණවලටවලට පිළිගැනීමක් ලැබීම භාග්‍යයක්. Good Bye Dragon Inn නිර්මාණයන් අනතුරුව කලා ලෝකයේ බොහෝ දෙනෙක් මා සමග සම්බන්ධ වුණා. මෙසේ කලා උත්සව, කෞතුකාගාර සමඟ එක්වී video ස්ථාපිතයන් (^Video Installation&” කලා ස්ථාපිතයන් (^Art Installation&” නාට්‍ය අංග හා කෙටි චිත‍්‍රපට කිරීමට යොමුවුණා. මගේ  නිර්මාණකරණයේ මූලික සංකල්ප වෙනස්වෙලා නැහැ. ඒත් මෙවැනි විවිධ දේ කිරීම තුළින් මට වැඩි නිදහසක් ලැබෙනවා. ඒ නිසා ප‍්‍රධාන ධාරාවේ වෙළෙඳපොළ ගැන මගේ අවධානය එන්න එන්නම අඩු කරන්න පුළුවන්.

චිත‍්‍රපට ශාලා තුළ සෑම වර්ගයකම සීමාමායිම් තිබෙනවා. කෞතුකාගාර තුළ යම් සීමාවක් තිබුණත් එයින් චිත‍්‍රපටයට නිදහස් ලබාදිය හැකි බව මම සිතනවා. තායිවානයෙහි කෞතුකාගාර තුළ චිත‍්‍රපට පෙන්වීම, ප‍්‍රදර්ශන පැවැත්වීම පිළිබඳ ඉදිරියේදී බලාපොරොත්තු තබාගත හැකි යැයි මම සිතනවා.

ආසියාවේ  මිනිස්සු කෞතුකාගාරවලට ඇවිත් චිත‍්‍රපට බලන තත්ත්වයට තවම පත්වී නැහැ. එහෙත් යුරෝපයේ තත්ත්වය වෙනස්. වෙනස ඇති වෙන්නේ අධ්‍යාපනය තුළින්. ඒ නිසා මම වැඩි වැඩියෙන් උත්සාහ දරනවා පාසල් සිසුන්ට ප‍්‍රවේශපත් විකුණන්න. විශේෂයෙන්ම උසස් පාසල් වයස් මට්ටමට අඩු සිසුන්ට. මම ජීවත්වන පරිසරයේ මට චිත‍්‍රපට හදන්න අවශ්‍ය නම් මම ඒ සඳහා පේ‍්‍රක්ෂකාගාරයක් ගොඩනගාගන්න  ඕනෑ. මම නිතරම දරුවන්ට කෞතුකාගාරයට යන්න දිරිගන්වනවා. ඒ මගේ නිර්මාණ බලන්න නොවේ. කෞතුකාගාර පරිශ‍්‍රයේදී විනෝද වන්න. එම වටපිටාව රස විඳින්න හුරුවීමට. මම ළඟකදී කළ නිර්මාණයක් වන Journey to West සිනමා උළෙලවල්, කලාගාර මෙන්ම කෞතුකාගාර වැනි තැන්වලත් ප‍්‍රදර්ශනය කිරීමට හැකිවුණා.

ඔබේ කෙටිචිත‍්‍රපට ගැන දැනගන්න කැමතියි. විශේෂයෙන්ම 2012 ආරම්භ වූ Walker කතාමාලාව ගැන?

Walker කතාමාලාව කරන්න යොමුවුණේ හත්වැනි සියවසේ ජීවත්වුණු Xuanzang නම් භික්ෂුව පිළිබඳව මගේ ආකල්පය හා ඔහු ජීවත්වූ කාලය ගැන තිබූ නොනිමි ග‍්‍රස්තියයි. ඒ කාලයේ කාර්, දුම්රිය, අහස් යානා, ජංගම දුරකථනවත් තිබුණේ නැහැ. ඔහු ඇවිද ගියා. ඔහු තමා Walker ඔහුට වේගයෙන් ඇවිදින්න බැහැ. සෙමින් ඇවිදින්නත් බැහැ. ඔහුට පුළුවන් ඉදිරියට ඇවිදගෙන යන්නයි. උ්කනැර කතාමාලාව කරද්දී මම කලාත්මක වශයෙන් උපරිම නිදහසක් අත්වින්දා. මොකද එය කථාන්තරයක් නොවේ. එහි භාවයක්/අර්ථයක් නැහැ. එය සිතුවමක්. ඔබට අර්ථයක් ප‍්‍රකාශ කරන්න අවශ්‍යයි. නම් සැබැවින්ම එහි අර්ථ/භාව තිබෙනවා. හැම දෙයකටම එයට අදාළවූ අර්ථයක්  තිබෙනවා. එහෙම නැත්නම් සම්භාව්‍ය සිතුවම් (^Classical paintings& ඇඳීම පලක් නැති වෙනවා.

ඔබේ නිර්මාණවල පමණක් රඟපෑ කන්ග් ෂෙන්ග්, පන්ග්සි යුවන් අධ්‍යක්ෂණය කළ Shashimi චිත‍්‍රපටයේ රඟපානවා.  ලීට ඔබ හැර අනෙක් චිත‍්‍රපට නිර්මාණකරුවන් සමග වැඩ කළ හැකිද?

කොහෙත්ම නැහැ. (ශබ්ද නගා සිනාසෙමින්.) ඔහුට එහෙම කරන්න එපා කියන්න මට අයිතියක් නැහැ. ඔහු මේ පිළිබඳව මගේ අදහස් යෝජනා විමසා සිටියා. මම ඔහුට වගේම චිත‍්‍රපට අධ්‍යක්ෂවරයාටත් උපදෙස් කීපයක් ලබාදුන්නා. අපි බොහෝ කලක් වැඩකළා. අපි එක්නෙකාව ඉතා හොඳින් හඳුනනවා. ඔහු වැඩිපුරම රඟපෑවේ සිද්ධි අඩංගු නැති ඒක පාත‍්‍ර නාට්‍ය ^Monodrama& වල. ලීට අනිත් අයගෙන් සුවිශේෂී ලෙස වෙනස්වන ඔහුටම ආවේණික වූ චරිත විකාශයක් තිබෙනවා. කොහොම වුණත් මම හිතන්නේ ඔහු නිසි ලෙස සිනමාවට භාවිත කරන්න ඔවුන් තවමත් හරිහැටි දන්නේ නැහැ.

අවසාන වශයෙන්, ඔබ කැමති දේ සඳහා වැඩි කාලයක් යොදවමින් ඉන්න පුළුවන් කියලා ඔබ හිතනවාද?

මට අවශ්‍ය ජීවත් වෙන්න. හොඳින් ජීවත් වෙන්න. ගොඩක් දේවල් නොකර ජීවත් වෙන්න. දුක් නොවී ජීවත් වෙන්න. මගේ ශරීරය ගැන මම වැඩිපුර කනස්සල්ලට පත්වෙනවා. ඔබත් එහෙමයි. දැන් කරන්න තියෙන වැදගත්ම දේ තමා මගේ ශරීර සෞඛ්‍යය හොඳින් රැකගැනීම. මම කරන්න කැමති අකැමැති දේ ඒ තරම් වැදගත් නැහැ.