මට ආසයි හිනැහෙන්න මුළු ජීවිතේ

 

සෝනියා දිසා

ඔබවත් නොසිතූ මොහොතක ඔබ නිළියක වුණායැයි කීම නිවැරදිද?

මගේ ජීවිතේ බොහෝ දේවල් සිදුවෙලා තියෙන්නේ මම කෙසේවත් නොසිතූ නොපැතූ ආකාරයකට. ඒ සමහර දේ සුන්දරයි. සමහර දේ වේදනාකාරීයි. ඒ මොනවා වුණත් ජීවිතයට ධෛර්යයෙන් මුහුණදීමේ ශක්තිය මට තියෙනවා. ඒ ශක්තිය කුඩා කාලේ ඉඳන්ම මට තිබුණා. මම බොහොම දුප්පත් පවුලක ඉපදුණු බර්ගර් කෙල්ලෙක්. මගේ පියා නැහැ. අම්මායි, ආච්චියි තමයි අපේ පවුලේ හතරදෙනාව බලා ගත්තේ.

මම සිනමාවට සම්බන්ධ වෙන්නේ මහපාරෙදි. 1962දී. ඒ කාලේ මම යාළුවොත් එක්ක වත්තල ප්‍රිල්ලියට ප්‍රියින් යනවා. එක දවසක් මා ළඟ වාහනයක් නතර කරලා චිත්‍රපයයක රඟපාන්න කැමතිද කියලා කෙනෙක් ඇහුවා. එහෙම ඇහුවේ ඇන්තනි සී. පෙරේරා. එහෙම ඇහුවාම මට බය හිතුණා. එතකොට මම සෝනියා නෙමේ. මේරි ෆි‍්‍රලීෂියා. මගේ යාළුවො ටික කිව්වා අපි ගිහින් බලමු කියලා. ඇන්තනී අයියා අපිට කිව්වේ දලූගම විජය ස්ටුඩියෝ එකට එන්න කියලා. අපි කතාකර ගත්තා ඊළඟ ඉරිදා ප්‍රිල්ලි යනවා කියලා ගෙදරට හොරෙන් ස්ටුඩියෝ එකට යමු කියලා. යනකොට ස්ටුඩියෝ එකේ විශාල සෙට් ගහලා චිත්‍රපය තුන හතරක වැඩ කරනවා. අපිට හරි පුදුමයි.

ඇන්තනී අයියා මාව තව කෙනෙකුට හඳුන්වලා දුන්නා. ඔහු මාව දැක්ක හැටියෙ කිව්වා මම හොයහොයා හිටිය රූපෙ මට හම්බ වුණා කියලා. ඔහුගේ නෝනාත් ඒ දවස්වල ඒ චිත්‍රපය නිෂ්පාදක කණ්ඩායමට දායකවෙලා හිටියේ. ඔහු ඇයට මාව භාර දුන්නා. මේකප් කරලා අන්දවලා අරගෙන එන්න කියලා. ඒ වෙන කවුරුවත් නෙමෙයි ටයිටස් තොටවත්ත. ඔහුගේ ‘චණ්ඩියා’ චිත්‍රපයයේ දර්ශනයකට තමයි හාපුරා කියලා මට පෙනීහිටින්න වුණේ. ඇත්තටම ඒ වෙනකොට මාව වෙව්ලනවා. ඊට ප්‍රිස්සේ මගේ අතට වයින් වීදුරුවක් දුන්නා. දෙබස් ටිකකුත් දුන්නා. මට දෙබස් කියවෙන්නේම නැහැ. කීප්‍රි සැරයක් වරද්ද වරද්දා කිව්වාට ප්‍රිස්සේ හරිගියා. ඊට ප්‍රිස්සේ රාත‍්‍රී සමාජ ශාලාවක නටන ගෑනු ළමයෙක් විදියට මම රඟපෑවා.

ඒ චරිතය පුහුණුවෙන අතරෙදි කෙනෙක් ඇවිල්ලා මගේ උරහිසට අත දැම්මා. මම ගස්සලා දැම්මා. එතකොට එයා කිව්වා මම ඔයාව ගිලින්නේ නෑ ළමයෝ කියලා. ඒ ගාමිණී ෆොන්සේකා.

ගාමිණී ඉදිරියේ ප්‍රථමවරට කැමරාවට මුහුණදීමේදී ඔබට ඇතිවුණු හැඟීම කෙබඳුද?

විශේෂ දෙයක් දැනුණේ නැහැ. මොකද ඒ වෙනකොට ඒගොල්ලෝ ගැන මම දැනගෙන හිටියේ නැහැ. එතකොට මට අවුරුදු 17ක් විතර ඇති. මම කළේ මට කරන්න කියපු දේ. හැබැයි ඒ දර්ශනය රූප්‍රිගත කරලා ඉවර වුණු හැටියේ ටයිටස්, ගාමිණී ඇතුළු හැමෝම මාව බදාගෙන මට සුබ පැතුවා.

‘චණ්ඩියා’ චිත්‍රපයයේ දර්ශනය මම රඟපානවා බලාගෙන හිටපු ස්ටුඩියෝ එකේ හිටපු අනික් අධ්‍යක්ෂවරු මාව ඔවුන්ගේ චිත්‍රපයවලටත් යොදාගන්න  ඕනෑ කියලා කිව්වා. එකම චිත්‍රපයයක්වත් ප්‍රදර්ශනය වෙන්න ප්‍රථම මට චිත්‍රපය හතරක් එක දිගට ලැබුණා. ඒ බොහෝ චිත්‍රපයවල මට ලැබුණේ සහාය චරිත. රඟපෑවේ ගාමිණීත් එක්ක. ඔහුත් එක්ක ප්‍රධාන චරිතය රඟපෑ ‘ඔහොම හොඳද’ චිත්‍රපයය අතිසාර්ථකව ප්‍රදර්ශනය වුණා. ඉන් ප්‍රිස්සේ තමයි මම උප්‍රිරිම තලයට එන්නේ.

ඒ කියන්නේ?

‘චණ්ඩියා’ එකේ මම රඟපාන පින්තූරයක් රැලෙක්ස් රණසිංහ ‘විසිතුර’ ප්‍රිත්තරේට දානවා. ඔය පින්තූරේ දැකලා තිස්ස අබේසේකර මාව හොයාගෙන ආවා. ඇවිත් ඔහුගේ ප්‍රිළමුවැනි චිත්‍රපයයේ ප්‍රධාන නිළියගේ චරිතේ මට භාර දුන්නා. එතැනදී තමයි තිස්ස මගේ නම සෝනියා කියලා වෙනස් කරන්නේ. සෝනියා කියන්නේ ඒ කාලේ ප‍්‍රංශ නවරැල්ලේ නිළියකගේ නමක්. හැබැයි තිස්සගේ ඒ ‘කලාමැදිරියෝ’ චිත්‍රරපටය අතරමග නැවතුණා. ඒත් ප්‍රදර්ශනය වුණා නම් මගේ රංගන දිවියෙහිද එය සන්ධිස්ථානයක් විය හැකිව තිබුණා.

‘ඔහොම හොඳද’ චිත්‍රපයය අතිසාර්ථකව ප්‍රදර්ශනය වීම මත මට චිත්‍රපය ගලාගෙන ආවා. ආර්ථික වශයෙන් ඉතාම ශක්තිමත් වුණා. ජනප‍්‍රිය තලයේද ඉහළටම පැමිණියා.

කේඒඩබ්ලිව් ඔබගේ රංගනයෙන් උපරිම ප්‍රයෝජන ලබාගත් අධයක්ෂවරයෙක්.

මේ වෙනකොට මම සිංහල චිත්‍රපය 140ක ප්‍රිමණ රඟපාලා තියෙනවා. ඒ අතර එකම අධ්‍යක්ෂවරයකුගේ වැඩිම චිත්‍රපය ප්‍රමාණයක මට රඟපාන්න ලැබුණේ කේඒඩබ්ලිව් පෙරේරා මහත්තයාගේ චිත්‍රපටවලයි. මගෙන් සැබෑ ප්‍රයෝජනය ලබා ගත්තේ ඔහුයි. ඔහු හැම තිස්සේම කියූ දෙයක් තමයි මගේ රංගනයෙන් කිසි කෙනෙක් නියමාකාරව ප්‍රයෝජනයක් ලබාගෙන නැහැයි කියන එක. ඒ නිසා ඔහු ඔහුගේ ‘නෑදෑයෝ’ චිත්‍රපයයේ මට ප්‍රධාන චරිතය භාර දෙනවා. එය ඉතා සාර්ථක වෙනවා. එතැන් ප්‍රිටන් කේඒඩබ්ලිව්ගේ ආදර රත්නේ, සසර, බංගලි වළලූ, වතුර කරත්තය, ජනක සහ මංජු, හිඟන කොල්ලා වැනි චිත්‍රපය රැසක මම රඟපානවා. මේ හැම චිත්‍රපයයක්ම ආදායම් වාර්තා අතින් ඉතා ඉහළින් තිබුණු චිත්‍රපයයි.

කේඒඩබ්ලිව්ගේ ‘ජනක සහ මංජු’ චිත්‍රපයයෙන් ප්‍රිස්සේ මගේ ජනප්‍රියතාව ඉතා වේගයෙන් වැඩිවුණා. ‘ජනක සහ මංජු’ චිත්‍රපයය නරඹපු හැමදෙනාම කිව්වේ සිංහල සිනමාවේ මම තරම් හොඳට කවුරුත් අඬන්නේ නැහැ කියලා.

මම රඟපෑ චරිත අතුරින් ‘හිඟන කොල්ලා’ චිත්‍රපටටයේ මැරියන්ගේ චරිතයට මම විශේෂයෙන් ආදරය කරනවා. ‘ජනක සහ මංජු’ චිත්‍රපයයේ මවගේ චරිතය නිරූප්‍රිණය කළ මම එකපාරටම වයස අවුරුදු 16ක යුවතියක් බවට ප්‍රිත්වෙනවා ‘හිඟන කොල්ලා’ චිත්‍රපයයේ. ඒ ප්‍රිරාසය ඉතාම අමාරුයි. ඒත් මම ඒක ජයගත්තා. ‘හිඟන කොල්ලා’ නරඹපු කිසිම කෙනෙකුට සෝනියා දිසාව අමතක වෙන්නේ නැහැ.

ඒ චිත්‍රපයයේ ඇන්ජලින් ගුණතිලක ගයන ‘මට ආසයි හිනැහෙන්න’ ගීතය මගේ චිත්‍රපය ඉතිහාසය තුළ නොමැකෙන ගීතයක්. ඇන්ජලින්ට තරම් ඒ ගීතය කාටවත් ගායනා කරන්න බැහැ. ඒ චිත්‍රපයය බැලූවාට ප්‍රිස්සේ ඇන්ජලින් මට කිව්වා, එයාට හිතෙන්නේ එයා සිංදුව කිය කියා රඟපෑවා වගේ කියලා. ඇත්තටම ජෝතිලාගේ ඇන්ජලීන්ලාගේ හඬවලින් තමයි ඒ කාලේ අපි ස්කෝර් කළේ. ඒවා එතරම් වටිනා හඬවල්.

‘තුෂාරා’ ඔබට අභියෝගයක් වුණු චිත්‍රපටටක්.

ඒකෙ මම රඟපෑවේ මාලිනී, විජය එක්ක. ඒකෙත් මම දුෂ්ට චරිතෙ තමයි රඟපාන්නේ. මාලිනියි මමයි කරට කර රඟපෑවා. අපි දෙන්නා අතරේ ලොකු තරගයක් තිබුණා. ඒකෙන් අපි දෙන්නාම ජය ගත්තා. ‘තුෂාරා’ කළේ 1973දී. ඒ කියන්නේ සිංහල සිනමාවේ ස්වර්ණමය යුගය. යසපාලිත නානායක්කාර ඒ චිත්‍රපයයත් සමග ඉතා විශාල චරිතයක් බවට පත්වුණා. ඒ කාලේ පාසල් ශිෂයයෝ හොස්ටල්වලින් ?ට පැනලා ගිහිල්ලා ‘තුෂාරා’ බැලූවා. චිත්‍රපයය බොක්ස් ඔෆීස් වාර්තා තිබ්බා. මාලිනීට ආදරය කරන රසික රසිකාවියො මට බැනලා ලියුම් එව්වා. මොකද මාලිනීගේ පෙම්වතා වුණු විජය මම ඩැහැගන්න හදන නිසා. ඒ කාලේ මතක් වෙනකොටත් හරිම සුන්දරයි.

දිගටම දුෂ්ට චරිතවල හිටි මට ‘ජීවන ගංගා’ චිත්‍රපයයේ පෙම්වතියගේ චරිතය ලැබෙනවා. එහි අධ්‍යක්ෂවරයා වෙන්නේ දයානන්ද රොද්‍රිගු. එහිදී මට අනුකම්පාසහගත චරිතයක් ලැබීම මගේ රසිකයන්ට විශාල සතුටක් වුණා. ඒ චිත්‍රපයයේ මම බාලකාලේ ඉඳන් මහලූ විය දක්වා දිවයන චරිතයක් තමයි කරන්නේ. එතකං බොහෝවිට අනුන්ගේ පෙම් සබඳතා කඩා දාපු මගේ පෙම්වතාව ඒ චිත්‍රපයයේ අග‍රා සජීවනී පැහැරගන්නවා. එතැනදී මම කළ රඟපෑම පිළිබඳව අදත් රසිකයෝ කතාකරනවා.

ඔබ බොහෝ නිළියන්ට අභියෝගයක් වූ චරිත කිසිදු බියකින් තොරව රඟපෑවා.

එවැනි අවස්ථා රාශියක් තියෙනවා. ‘අනුහස’ චිත්‍රපයයේ මම අලියා පිටේ යනවා. කොටි සමග ගැවසෙනවා. ගඟක් හරහා උඩින් යන්න වෙනවා. ලණුව දිගේ තමයි යන්න වෙන්නේ. ඒක මට කරන්න බැරිවෙයි කියලා සර්කස් කණ්ඩායමක ගෑනු ළමයෙක්ව අරගෙන ආවා. ඒත් මම කිව්වා මට කරලා පෙන්නන්න මං කරන්නම් කියලා. ඒක ජීවිතයත් මරණයත් අතර රඟපෑමක්. ‘ලොකු තාත්තා’ චිත්‍රපයයේ සර්කස් ගැහැනු ළමයෙකුගේ චරිතයත් මට ලැබුණා. ඒකට සර්කස් පුරුදු වුණා. ‘එදත් සූරයා – අදත් සූරයා’ චිත්‍රපයයේ කාර් දෙකකට මැදිවෙලා ඉතා වේගයෙන් මෝටර් සයිකලයක් ප්‍රිදවා ගෙන යන දර්ශනයක් තියෙනවා. ඒ කාලේ කිසිම නිළියක් එවැනි ත‍්‍රාසජනක අවස්ථා නිරූප්‍රිණය කළේ නැහැ. ‘සදහටම ඔබ මගේ’ චිත්‍රපයයේ මාලිනීව පැහැරගෙන අධිවේගී බෝට්ටුවක් එලවාගෙන යන්න තිබුණා. මම එක අතකින් මාලිනීව හිරකරගෙන අනිත් අතින් අධිවේගී බෝට්ටුව එලවාගෙන ගියා. ඒ කාලේ සිනමාව වෙනුවෙන් අපි කළ කැප්‍රිකිරීම වචනයෙන් කියන්න බැහැ.

තරුණ වියෙහිදීම වැඩිහිටි චරිත නිරූපණය කළ නිසා ඔබට යම් සීමාවක් පැනවුණාද?

එහෙම එකක් වුණා කියලා මට දැන් හිතෙනවා. මට  ඕනෑ වුණේ චිත්‍රපයයට සාධාරණයක් ඉටු කරන්න. ඒ නිසා තරුණ වියෙහිදීම මම වැඩිහිටි චරිත රඟපාන්න අකමැති වුණේ නැහැ. මට වුවමනා වුණා නම් මම වැඩිහිටි චරිත නිරූපණය කළ ඒ හැම චිත්‍රපයයකම පෙම්වතියගේ චරිතය ඒ කාලේ ඉල්ලාාගන්න තිබුණා. ඒත් මම එය කළේ නැහැ. මට බොහෝවිට ලැබුණේ රසිකයන් අකමැති චරිත හා වැඩිහිටි චරිතයි. එහෙත් ඒ නිසාම මා වටා එක්රොක් වුණු කණ්ඩායමක් ඉන්නවා. සමහරු තාම මා සමග පෙම් සබඳතා ප්‍රිටලවාගන්න හදනවා. ඒ නිසා තමයි මම මගේ වයස අවුරුදු 74යි කියලා හැම තිස්සේම කියන්නේ. සමහරුන්ට ඒත් ගාණක් නැහැ.

ඔබ චිත්‍රපය නිෂ්පාදනයට යොමු නොවුණා නම් හොඳයි කියා මට හිතෙනවා.

ඒක ඇත්ත. මම චිත්‍රපය නිෂ්පාදනයට අත ගහපු නිසා වෙනත් චිත්‍රපයවල මට රඟපාන්න තිබුණ අවස්ථාව නැතිව ගියා. මම චිත්‍රපයවලට අත ගැහුවෙ ජනප්‍රිය තලයේ ඉහළම ඉන්න මොහොතකයි. ඒ වෙනකොට මම ‘ඔබට දිවුරා කියන්නම්’ චිත්‍රපයයේ රඟපෑම වෙනුවෙන් හොඳම සහාය නිළියගේ සම්මානෙත් හිමිකරගෙන හිටියේ. ‘දෙව්දුව’ චිත්‍රපයයේ රඟපෑම වෙනුවෙන් ජනාධිප්‍රිති සම්මානයද හිමිකරගෙන හිටියේ. මම නිෂ්පාදනය කළ කිසිම චිත්‍රපයයක මම ප්‍රධාන චරිතයක් රඟපෑවේ නැහැ. මම ඒ අවස්ථාව සම්පූර්ණයෙන්ම ලබාදුන්නේ නවකයන්ට. ඒ වගේම සිනමා ක්ෂේත්‍රයේ හැම ප්‍රවීණ නළුවෙකුටම නිළියකට වගේම අවස්ථාව ලබාදුන්නා. එහෙම දීලා මම කුඩා චරිතයක් රඟපෑවා. ජීවන්, රන්ජන් වැනි ඒ කාලේ අලූත් මුහුණු මම යොදාගත්තා.

මගේ පළවෙනි නිෂ්පාදනය වුණේ ‘ජය අපිටයි’ චිත්‍රපයය. කාලෙකට ප්‍රිස්සේ සෙනඟ පොර කකා ඒ චිත්‍රපයය නැරඹුවා. මම ඒ චිත්‍රපයය කළේ මගේ ගේ උගස් තියලා. මංගල දර්ශනයට මල් මාලාවක් ගන්න සල්ලි තිබුණේ නැහැ. ඒත් චිත්‍රපටට පෙන්නලා පළමුවැනි සුමානෙම හැම ණයක්ම ගෙවලා දැම්මා. විජය මට කරන උප්‍රිහාරයක් හැටියට චිත්‍රපටය සතයක්වත් ගත්තේ නැහැ. රවීන්ද්‍ර, ජීවන්, මුදල් නොගෙන ආරාධිත රඟපෑමක් කළා. අනිත් හැම ශිල්පියෙකුටම මම හොඳට සැලකුවා. ‘ජය අපිටයි’ චිත්‍රපයය ප්‍රදර්ශනයට සූදානම් වෙනකොට විජය කුමාරණතුංගට තහනමක් ප්‍රිනවලා තිබුණා. ඔහුගේ නමට ප්‍රචාරයක් ලබා දෙන්න හැකියාවක් තිබුණේ නැහැ. ඒත් මම කොහොමහරි රාජ්‍යතාන්ත‍්‍රික මට්ටමෙන් විජයගේ නම ප්‍රචාරය කිරීමට අවස්ථාවක් උදා කරගත්තා. විජය මැරෙනකම්ම ඒ කෘතගුණය සිහිකළා. ඒ කාලේ විජය යොදාගෙන චිත්‍රපය කළ අනික් නිෂ්පාදකවරුන්ටත් මේක හොඳ අවස්ථාවක් වුණා. එතකං පැත්තකට දාලා හිටපු සෝනියාව ඒ වෙනකොට ඔවුන් හැමෝටම හොඳ වුණා.

ඊට පස්සේ මම කළ චිත්‍රපයය ‘මමයි රජා.’ එයත් අතිසාර්ථක වුණා. ඒ කාලෙම අපි ‘චණ්ඩි රජා’ චිත්‍රපයයට සූදානම් වෙලා හිටියේ. විජය කිව්වා ඒ චිත්‍රපයයට ජීවන් ගන්න කියලා. ඒ අතරතුර විජය ඝාතනය වුණා. මේ චිත්‍රපයවල හැම දර්ශන වාරයක්ම පිරී ඉතිරී ගියා. ඒ කාලේ ජනසවිය ශිෂ්‍යත්ව අරමුදලට අපි ආධාර දුන්නා. විජයගේ දරුවන් දෙන්නාට රුපියල් විසිප්‍රින්දාහ ගාණේ බැංකු පොතේ දැම්මා. විජයගේ අම්මාට උප්‍රිහාරයක් කළා. ක්ෂේත්‍රයේ හැම කෙනෙකුටම හොඳට සැලකුවා. ඒ කාලේ අපේ ගෙදර සෙනඟ පිරිලා ඉතිරිලා. ඒ කාලේ මට බයිට් හදලාම ඉවරයක් නැහැ. හැබැයි අද ශ්‍යාමලී, නිල්හාන්, උමා, සුරංග හැරෙන්න වෙන කවුරුවත් මාව බලන්න එන්නේ නැහැ.

‘ඇගේ වෛරය’ වැනි චිත්‍රපය නිෂ්පාදනය කිරීමෙන් ඔබ තරමක ආන්දෝලනාත්මක කතාබහකට ලක්වුණා.

ඔව්. එක එක්කෙනා එක එක කතා කිව්වා. සමහරු ඊර්ෂ්‍යාවට යම් යම් දේ ප්‍රචාරය කළා. ඒත් මම ඒ චිත්‍රපය නිෂ්පාදනය කළේ එවැනි අදහසකින් නෙමෙයි. ඒ කාලේ සිනමාව කඩාවැටිලා තිබුණේ. බොහොමයක් නළුනිළියන් හිටියේ ගෙවල්වල. කාර්මික ශිල්පීන්ට ජීවත් වෙන්න විදියක් නැතිවෙලා තිබුණේ. ඒ නිසා ප්‍රිළමුව පේ‍රක්ෂකයාව සිනමාහලට ගෙන්වා ගැනීමට අවශ්‍ය වුණා. ඒ ගැන හිතලා තමයි මම එවැනි චිත්‍රපයවලට නිෂ්පාදනයෙන් දායක වුණේ. අද කුඩා දරුවන් ප්‍රිවා අහන බලන දේවල් දැක්කාම ඒ චිත්‍රපයවලින් එවැනි විශාල දෙයක් වුණේ නැහැ. ඒත් ඔබ කියන කරුණ සමග මම එකඟ වෙනවා.

වෙලාවකට මම, මා ගැන ටිකක් කනගාටු වෙනවා. හැබැයි ඒ මොහොතෙම මගේ කලා ජීවිතය ගැන හිතලා මම සතුටුවෙනවා. මම සිනමාවට ආදරෙයි. කලාවට කලාකරුවන්ට ආදරෙයි. මගේ ජීවිත කාලේදී තව එක චිත්‍රපයයක රඟපාන්න මම ආසාවෙන් ඉන්නවා. ඒ අවස්ථාව ලැබිලා අවුරුදු 75 පිරුණාට පස්සේ මේ හැම දෙයක්ම දාලා සදහටම දෙනෙත් පියාගන්න වුණත් මම සූදානම්.