රාවය

ඔලිම්පික් නිලවරණය සහ බලූ පොරය

ඔලිම්පික් නිලවරණය සහ බලූ පොරය

පොහොසතාගේ වාතය ගද නැතැයි කතාවට කියති. එය පොහොසතා, බලවතා, ප‍්‍රබලයා කාට වුව එකය. ඔලිම්පික් කමිටුව අරබයා තත්ත්වයක් මෙබදුමය. හේමසිරි ප‍්‍රනාන්දු සභාපති ධුරයට නොඑන තැන ඔහු වටා සිටි සියල්ලෝ ඔහුගෙන් ඈත් වී ඔහුටම එරෙහිව කදවුරු බැඳගත්හ. එහෙත් මුලදී මේ සැමට පොහොසතාගේ වාතය මෙන් හේමසිරිගේ වාතයද අමා සුවදක් විය.

ජාතික විධායක කමිටුවේ විධායක කමිටු සාමාජිකයන් සදහා ජනවාරි 18 වැනිදා කැදවා ඇති විශේෂ රැස්විම නීත්‍යනුකුල නොවන බවට එහි විධායක කමිටු සාමාජිකයන් පස් දෙනකු ලිපියක් මගින් වත්මන් ලේකම් මැක්ස්වේල් ද සිල්වාට දන්වා ඇත. විරෝධය ප‍්‍රකාශකර ඇති පස්දෙනා ඩයන් ගෝමස්, පාලිත ප‍්‍රනාන්දු, දේවාහෙන්රි, සුසිල් රණසිංහ සහ නිශාන්ත පියසේනය. එදිනට සහභාගිත්වය ලකුණු කිරීමද මොවුන් ප‍්‍රතික්‍ෂේප කර ඇත.

මෙහිදී මේ මහත්වරුන් කියන කරුණ නම්, ඔලිම්පික් කමිටු ව්‍යවස්ථාව අනුව පැරණි විගණන වාර්තා (2010-2012) සම්මත කළ යුතුව ඇත්තේ විශේෂ මහා සභා රැස්වීමකදී වන අතර එය ව්‍යවස්ථාවේ 07 ෙඡ්දයේ ‘ඞී’ වගන්තියෙන් සහ 05  ෙඡ්දයේ ‘කේ’ වගන්තියෙන් පැහැදිලිව දක්වා ඇති බවය. ඒ නිසා ගිණුම් අනුමත කිරීම විශේෂ මහා සභා රැස්වීමකදී අනුමත කරන්නා ලෙසය. එබැවින් 18 විධායක කමිටු සභා රැස්වීමට ඔවුන් සහභාගි වීම ප‍්‍රතික්‍ෂේප කර ඇත. ඒ ගිණුම් අනුමැතිය පිළිබ`ද කාරණාවක් වන බැවිනි.

මොවුන්ට අමතරව විධායක කමිටු සමාජිකයන් වන මනිලාල් ප‍්‍රනාන්දු සහ අමාත්‍ය ඩිලාන් පෙරේරාද සහභාගී නොවීමට ඉඩ ඇතැයි වාර්තා වේ.
ඔලිම්පික් කමිටුවේ හේමසිරි ප‍්‍රනාන්දු පාලනය විසි වසරකට වැඩිය. වාර දෙකක් සිට අට වසරකින් යන පාලනය එතරම් ඇදි ඇදී විසි වසරක්වත් එහා ගියේ කෙසේද? මේවා ගැන අප ඇති පදම් ලියූ යුගයක් විය.

කී‍්‍රඩා අමාත්‍යාංශය බිහි වූයේ 1967 දීය. කී‍්‍රඩා අමාත්‍යාංශය බිහි වන්නට පෙර සිටද ජාතික ඔලිම්පික් සභාපතිවරු සිටියෝය. එය එකල එතරම්ම ගරු තත්ත්වයේ තනතුරක් වූ අතර ඊට පත්වූවෝද ඒ ගරුත්වය අකුරටම රැක්කෝය. කොටින්ම ඔවුහු වසර දෙක තුනකට වඩා එම තනතුරුවල නොසිටියෝය. සිටි අයද සිටියහ. නැතිවා නොවේ. ශී‍්‍රමත් ඩොනල්ඞ් ඔබේසේකර මහතා දස වසරක් එහි සභාපති ධුරය දැරීය. ඒ සිය පෞද්ගලික ධනය හා ශ‍්‍රමය මෙම ව්‍යාපාරයේ උන්නතියට නිර්ලෝභීව වියදම් කරමිනි. එයද සෙසු සාමාජිකයන්ද ඔහු බලෙන් මෙන් රදවා ගන්නට හේතු වූවා විය හැකිය. එතැන් සිට ඒ ආරයට යන අය රදවා ගැනීමේ මෙහෙයුම් දිගටම දියත් විය. මෙරට පළමුවන කී‍්‍රඩා අමාත්‍යවරයා වූ වී.ඒ. සුගතදාස මහතා 1962 සිට 1973 දක්වා එක දිගට වසර 11ක් සභාපති පදවිය දැරීය. එක්සත් ජාතික පාක්‍ෂික ඇමතිවරයෙකු වුවද ඔහුගේ කි‍්‍රයා කලාපය තුළ පක්‍ෂ දේශපාලනික තනතුරු දැරීමක් නොවීම නිසාදෝ 1970 දී වෙනත් රජයක් බලයට පත් වුවද 1973 සිය දිවිය නිම වන තෙක්ම මෙම පදවිය දැරීය. මේ අතර සිටි එරික් ලැබ්රෝයි, ජුලියන් ගේ‍්‍රරෝ, ඩන්ස්ටන් ද අල්විස් වැන්නෝ සැබෑ මහත්වරු වූහ. ඉතිහාසය එසේය.

එහෙත් 1983 දී මෙහි සභාපති ලෙස පත්වන රෝයි ද සිල්වා ඉහත ආ ගමන් මග වෙනස්ම ආරකට දක්වනුයේ සිය දේශපාලන බලය ඉස්සරහට දමා ගනිමිනි. එකල සංස්ථා සභාපතිකම් දැරූ ඔහු ඒ පුහුමානයෙන් ඉදිමෙමින් ඔලිම්පික් සභාපති ධුරයද විගඩමක් බවට පත් කළේය. ඊටම ගැළපෙන ලේකම්වරයෙක්ද ඔහුට විය. ඒ පේ‍්‍රමා පින්නවලය. අදටත් ඔහු කී‍්‍රඩාවේ කුඩැල්ලකු සේ එල්ලී එහි සාරය උරා බොමින් සිටී. යෝගානන්ද ඇගයුවා සේ මොවුන්ද මෙලෙස කාටවත් තැනක් නොදී රැු`දීම ගැන වෙනම ඇගයුමක් කළ යුතුය. මේ කාලය කී‍්‍රඩා සංගම් සහ ඔලිම්පික් කමිටුව නිතර ගැටුණු බව ඉතිහාසය පිරික්සීමේදී පැහැදිලිය. එකල ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති වූ ජූවාන් අන්තෝනියෝ සමාරංචි ලංකාවට ගෙන්වා ඔහුට අපූරුවට අන්දවා තවත් අවුරුදු හතරක කාලයක්ම වැඩිපුර දික් කරවා ගත්තේය. ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව මෙරට දේශපාලනයට අතපෙව්වේ මේ නිලධාරීන්ගේ උඩගෙඩි, ගිනිගෙඩි නිසාය. හැත්තෑවේ නීතිය එන විට පින්නවල ජාත්‍යන්තරයට දුවනුයේ අතීතයේ සිටම එහි ර`ග දන්නා නිසාය. ඉන්පසු 1977 දී හේමසිරි ප‍්‍රනාන්දු බලයට පත්වූ අතර එහි ලේකම්වරුන් මාරු වුවද ඔහු යෙහෙන් වැජඹුණි.

අද හේමසිරි ප‍්‍රනාන්දු වැරදියි කියන මේ මහත්හොරු එදා සිට වැඩ කටයුතු කළේ කා සමගද? අද ඔවුන් හේමසිරි අමතක කොට මැක්ස්වේල් ද සිල්වා කොටු කර ටොකු අනිනුයේ වැරවීරිය දරා ඇයි? හේමසිරි ප‍්‍රනාන්දු නැවත සභාපතිකමට නොඑන නිසාය. මුල සිටම ඔහු මෙවර සභාපතිකමට තරග කරනවා යැයි කීවා නම් අද මේ ප‍්‍රශ්නය කිසිවක් ඇති නොවන්නට ඉඩ තිබුණි. තත්ත්වය එබදුය.

පස් දෙනා

අද විධායක කමිටුවට ඒමට විරෝධය පාන පස් දෙනා ගනිමු. පාලිත ප‍්‍රනාන්දු පසුගිය රජය සමයේ බලය පාවිච්චි කළ හැටි කාට අමතකද? මලල කී‍්‍රඩා සංගමයේ බලය කාටවත් නොදී එය ඔහුගේ බුදලයක් බවට පත්කර ගත්තේ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂගේ පිහිටෙනි. මහින්දානන්ද අලූත්ගමගේ ඇමති ලෙස පාලිත ඉවත් කිරීමට උත්සාහ කළද එකල පාලිත ගෝඨාභය රාජපක්‍ෂ මහතා ළග වැදවැටී තනතුර නැවත ගත්තේ හිටපු හමුදාපතිවරයකු ද තරග වැදීමෙන් ඉවත්කොටය. ගෝඨාභයගේ දකුණු අත බදු වූ පාලිත අද ඇවන්ගාර්ඞ් නඩුවේ චූදිතයෙක්ද වේ.
අනෙකා ඩයන් ගෝමස්ය. මොහු බොක්සිං කී‍්‍රඩාව කරට ගෙන කරන කල දිනන දිනන කී‍්‍රඩකයන් ඩෝපින්වලට හසුවූයේ රටම අපකීර්තියට පත්කරමිනි. බොක්සිං කී‍්‍රඩාව ඩයන් න`ගා සිටවූවාට වඩා විනාශ කළායැයි කීම සුදුසුය.

තව නමක් නම් සුසිල් රණසිංහය. මේ අංක එකේ ගේම්කාරයෙකි. වොලිබෝල් විනාශ කළ අයෙකි. ඩිලාන් ඇමතිවරයාට ගෑවුණු බොහෝ  දුෂණ චෝදනාවල මොහුද සිටී. එහෙව් ඔහු අද කී‍්‍රඩා සංගමයක වත් නැතිය. එහෙත් ඔහු හිටපුකමට වැඩ පෙන්වමින් සිටී.

දේවාහේන්රි, නිශාන්ත පියසේන ගැන කතාකර වැඩක් නැත. අද මැක්ස්වේල්, මෙතරම් දුෂිතයි කියන්නේ නම් එතරම් දුෂිත වන්නට පාර කැපුවේ මොවුන්ය. පියසේනලා ඇතැයි මෙරට කී‍්‍රඩා ක්‍ෂේත‍්‍රය දන්නේද ඔලිම්පික් කමිටුවට කොහේ සිට හෝ රිංගා ගත් නිසාය. කාලාන්තරයක් මොවුන්ට සංගමයක් වත් නැති කොට ඔලිම්පික් කමිටුවේ සිටියේ නීති විරෝධීකම් ගැන කතා කරන මේ අයද නීති විරෝධීමය.

මේ නම්වලට අමතරව මනිලාල් ප‍්‍රනාන්දුගේ සහ ඩිලාන් පෙරේරාගේ නම්ද ඇතුළත්ය. මනිලාල් ප‍්‍රනාන්දු ලෝක පාපන්දු සංගමයෙන් පාපන්දු පිටියකටවත් බැසිය නොහැකි තැනට තහනමට ලක් කර ඇත. එහෙව් ඔහු මෙරට ඔලිම්පික් කමිටුවේ විධායක කමිටු සාමාජිකයෙකි. ඩිලාන් පෙරේරා ඇමතිවරයා අද වොලිබෝල් සංගමයේද නැත. එහෙත් ඔලිම්පික් විධායක කමිටු සාමාජිකයෙකි. මෙලෙස වූයේ ඇයි? ඔලිම්පික් කමිටුවේ නිලවරණ නොපැවැත්වීම නිසාය. ඒ පාපය කොතෙක් මේ කී‍්‍රඩා ක්‍ෂේත‍්‍රයන් විනාශයට ඇද දැමුවාද යන්න හිතා ගන්නට බැරි තරම්ය.

වසර විස්සකට වඩා එකම පිරිසක් ඔලිම්පික් නිලතල දරද්දී ඊට අනුබද්ධ සෙසු සංගම්වල නිලධාරීන් කී දෙනෙක් මාරු වී ඇත්ද? එහෙත් ඔලිම්පික් නියෝජනය කරනුයේ එදා ඔලිම්පික් නිලවරණය පැවති දින සිටී සංගම් සාමාජිකයන්ම ය. මෙයම නීත්‍යනුකුලද? කුමන තර්ක දැමුවද මෙය නම් විගඩමකි. අද මහිලාල්, ඩිලාන්, සුසිල් කී‍්‍රඩා සංගම් කිසිවක් නැත. එහෙත් ඔවුන් එදා සිටි සංගම් නියෝජනය කරමින් ඔලිම්පික් කමිටුවේ සිටිති. එවැනි තත්ත්වයක් තුළ ඔලිම්පික් කමිටුව සහ අදාළ සංගම් අතර සබ`දතා ශක්තිමත් වන්නේ කෙසේද? මේවා බරපතළ ගැටලූ නොවේද? සංගම් නිලධාරීන් මාරු වන විට එය නිරායාසයෙන්ම ඔලිම්පික් විධායක කමිටුවටද යන තත්ත්වයක් නිර්මාණය කළ යුතුය. මහිලාල්, ඩිලාන්, සුසිල්ලාට මේවා සහභාගි වන්නට ද කිසිම සදාචාරයක් නැතිය. එහෙත් මේ ක‍්‍රමවේදයන් අන්තයටම පිරිහී ඇත. අද ඔලිම්පික් නිලවරණය බලූ පොරයක් බවට පත් වී ඇත.

අලූත් සටන

පසුගියදා විගණන වාර්තා අනවශ්‍යයි කියා නිලවරණය ඉල්ලූ අය අද කියනුයේ වෙන කතාය. විගණනය නිලවරණයෙන් පසු පවත්වමුයි කී අය අද විගණන වාර්තා ඉදිරිපත් කළ යුතු ආකාරය ගැන පනතෙන් කරුණු ගෙනඑමින් පහදති. එසේ නම් මෙහි ඇති හොරය කුමක්ද? ඒ මොහොතේ දිනන බව ස්ථිරවම විශ්වාසයෙන් සිටි ඔවුන් විගණන වාර්තා ගෙනෙන තෙක් සිටීමටත් මැලිවිය. අද විගණන ගෙනඑන විට ඊට ද විරුද්ධ වෙති.

හේමසිරි පිල සහ ඩයන් පිල යන දෙකම අපට අදාළ නැතිය. ඉන් කවුරු පත්වුවද වැඩි වෙනසක් නැතිය. මන්ද මේ විසි වසරකට වැඩි ඔලිම්පික් බල අධිකාරිය තුළ ඔවුන්ද සාමාජිකයන් වන බැවිනි. හේමසිරි ප‍්‍රනාන්දු පමණක් උලූප්පා පෙන්වීම අවැඩකි. මෙහි මේ අද කෑගසන හැමකෙනාම කොටස්කරුවන්ය. අද හැමදේම නීතිරීති සියල්ල අකුරටම මොවුන් හොයනුයේ දෙපිරිස විරසක වී ඇති නිසාය. මේ අය එකට වසන කල මේ සියලූ දෑ නිවැරදි කර ගන්නට ඉඩ තිබුණ මුත් එකල මොවුන් කළේ ඊට එරෙහිව ලියන අපට බැණ බැණ සිටීම පමණකි. අද මේ අය සුද්දවන්තයන් වී මැක්ස්වේල්, හේමසිරි පමණක් සියල්ලට වැරදිකරුවන් කර ඇත. මේ සියල්ලෝම වැරදිය. වරද්දාගෙන ඇත්නම් ඒ සැම එකමුතුවෙනි. සහයෝගයෙනි.

ඒ නිසා හෙට රොහාන් ප‍්‍රනාන්දු, ඩයන් ගෝමස් ආවද ඔවුන් කරනුයේ මීට හපන් විනාශයකි. මේ ක‍්‍රමවේදය හැදු මොවුන් මෙය පෙරළීමට නොපැමිණෙන බැවිනි. මෙහි රහ දන්නෝ මොවුන්මය. දැන් මොවුන්ට අවැසි වී ඇත්තේ හේමසිරි, මැක්ස්වේල් පන්නා රහ වි`දින්නටය. අද මැක්ස්වේල්ගේ ගුවන් ගමන් ගැන කතාකරන අය ඉදිරියේදී කරනුයේද එයමය. එය හේමසිරි, මැක්ස්වේල් වෙනුවට රොහාන්, ඩයන් බවට පෙරළෙනු ඇත. මේ විකාර ක‍්‍රමවේදය වෙනස් නොවන්නේ මේ ඔක්කෝම කම්බහොරු වන බැවිනි. අද මේ අය මෙලෙස කෑගැසුවද හෙට හේමසිරිලා සිටියා නම් හො`දයි කියාගෙන එන්නට ඉඩ ඇත. මන්ද ඉතිහාසය පුරා ලංකාවේ සිද්දවන්නේ කැහි ගැහැනිය දී හොටු ගැහැනිය ගන්නා වැනි වැඩය. මේ මොහොතේ අපට කීමට ඇත්තේ අද අවංකවන්නට වලිකන බොහෝ අය කලක සිටම නිරුවත්ව සිටින බවය. අනෙක් අයට හූ කියන්නට පෙර තමන්ගේ විල වසා ගන්නැයි අපි ඒ සැමට කියමු.