රාවය

උමා ඔය සටන පළාත් පාලන ආයතනවලට

උමා ඔය සටන පළාත් පාලන ආයතනවලට

 

සමන්ත විද්‍යාරත්න

මධයම කඳුකරයේ නැගෙනහිර බෑවුමේ ජනයාට පැමිණි සුනාමිය වූ උමා ඔය විනාශකාරී ව්‍යාපෘ.තිය ජනයාට මහත් විපතක් ගෙනදුන්නේය. සුනාමියට වසර 10ක් සපිරුණු 2014 දෙසැම්බර් 26 දා උමා ඔය ප්‍රධාන උමෙඟ් මහා දිය කාන්දුව ආරම්භ විය. තත්පරයට ලීටර් 576කින් ආරම්භ වූ දිය කාන්දුව තත්පරයට ලීටර් 1000ක් දක්වා වර්ධනය විය. එතැන් සිට ඉදිරියට කණිමින් ගිය උමෙඟ් දිගින් දිගටම දිය කාන්දුව වේගවත් විය. 2017 මාර්තු මාසයේදී උමෙඟ් දැවැන්තම දිය කාන්දුව තත්පරයට ලීටර් 2562ක් විය.

මේ හේතුවෙන් උමා ඔය බහුවිනාශකාරී වයාපෘතියෙන් මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම පුපුරා විනාශයට ලක්වූ නිවාස ප්‍රමාණය අද වනවිට 7555කි. මේ අතරින් පූර්ණ හානි හා වාසය කිරීමට නුසුදුසු තත්ත්වයේ නිවාස 526කින් නිවැසියන් ඉවත් කර ඇත. සිඳී ගිය ළිං, උල්පත්, පොකුණු ප්‍රමාණය 3412කි.

පානීය ජලය නොමැතිකමින් පීඩාවට පත්කර ඇති පවුල් සංඛ්‍යාව 7633කි. පුපුරා ඉරිතලා විනාශයට ලක්වූ පන්සල්, පල්ලි ප්‍රමාණය 23කි. පුපුරා විනාශයට ලක්වූ පාසල් ප්‍රමාණය 22කි. එසේම පුපුරා හානියට ලක්වූ පොදු ස්ථාන ප්‍රමාණය 18කි. පුපුරා හානියට ලක්වූ මාර්ග ප්‍රමාණය 146කි. පුපුරා විනාශයට ලක්වූ ව්‍යාපාරික ස්ථාන ප්‍රමාණය 326කි. මේ විනාශය නිසා අත්හැර දැමූ ස්වයංරැකියා ප්‍රමාණය 93කි. ජලය නොමැතිකමින් වගා කටයුතු කළ නොහැකිව අත්හැර දැමූ ඉඩම් අක්කර ප්‍රමාණය දළ වශයෙන් අක්කර 10302කි. කිනම් හෝ ආකාරයෙන් බලපෑමට ලක්වූ පවුල් ප්‍රමාණය 20222කි. බලපෑමට ගොදුරුවූ සමස්ත ජනගහනය 110129 කි.

උමා ඔය ව්‍යාපෘතිය සංවර්ධන ව්‍යාපෘ.තියක් කියන්නේ කෙසේද? මෙය සැබැවින්ම අනාථයන් බිහිකළ දැවැන්ත විනාශකාරී ව්‍යාපෘතියක් බව පැවසිය යුතුය.

උමා ඔය පාරිසරික හානිය කෙතරම් බලවත්දැයි පාලකයන්ද තේරුම් ගෙන ඇත. අද වනවිට බදුල්ල දිස්ත්‍රික්කයේ සමස්ත භූමියෙන් 83%ක් නායයෑම් අවදානමට ලක්ව ඇති බව ගොඩනැගිලි පර්යේෂණ ආයතනයද පිළිගනියි. එම අවදානම තීව‍්‍ර වූ ප්‍රදේශය ලෙස මෙම උමා ඔය ව්‍යාපෘ.තිය ක‍්‍රියාත්මක වන ප්‍රදේශය ඔවුන් නම්කර තිබේ. පසුගියදා ලංකාවේ මෙතෙක් නොවූ සිදුවීමක් බණ්ඩාරවෙලදී සිදුවිය. හදිසි තත්ත්වයන්වලට මුහුණදීම සඳහා කෙටිකාලීන ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයක් බණ්ඩාරවෙලදී පිහිටුවීය.

ලංකා ඉතිහාසයේ පළමු වතාවට රජයක් විසින් ආපදාවට ලක්වූ ජනතාවට සහන සැපයීම සඳහා සහන ලේකම් කාර්යාලයක් ආරම්භ කරනු ලැබුවේද උමා ඔය ව්‍යාපෘ.තිය නිසාය. එය මාසික කුලිය ලක්ෂයකට කුලී කාර්යාලයක් ආරම්භ කරමින් අදද එය පවත්වාගෙන යයි. මෙම ව්‍යාපෘ.තියට වෙන් කළ මුදලට වඩා සිදුවූ විනාශයට වන්දි ගෙවීමට මුදල් අවශ්‍ය වී ඇත. අභ්‍යන්තරයේ සිදුවූ ඇසට නොපෙනෙන විනාශයන් සඳහා මිලක් නියම කළ නොහැකිය.

අද වන විට රටේ නිශ්චිත සැලැස්මකින් තොරව ඉබාගාතයේ සංවර්ධනයේ නාමයෙන් සිදුකරමින් පවතින වයාපෘති හේතුවෙන් ජනතාවගේ මූලික මානව අයිතිවාසිකම් උදුරාගනු ලැබේ. අප අද සාකච්ඡුා කරන උමා ඔය ව්‍යාපෘ.තිය හේතුවෙන් ජනතාවගේ මූලික මානව අයිතිවාසිකමක් වූ පානීය ජලය අද ඔවුන්ට අහිමි කර තිබේ.

බලවත් සටනක ප්‍රතිඵලයක් හැටියට මධයම කඳුකරයේ මීදුමෙන් බරවූ වසන්තයේ පුරවරය නම් දිය කඳු උල්පත්වලින් සුපෝෂිත මෙම භූමියට අද බවුසර් 76ක් මඟින් දිවා ? වතුර බෙදාහරිමින් සිටියි. ඔවුන්ගේ ජල උල්පත්වලට නැවත පණදෙන්නේ කවදාදැයි විමසිය යුතුය.

ආණ්ඩු සහ ජනතාව

රජය විසින් අවතැන් කර ඇති ජනතාවට සහන ලබාදීමටත් මධ්‍යම කඳුකරයේ සුරක්ෂිතභාවය වෙනුවෙනුත් විද්‍යාත්මක පර්යේෂණ මඟින් දැඩි තීන්දු ගතයුතු බව අපගේ අදහසයි. ඒ සඳහා අඳබාල කැබිනට් අනුකමිටුවලට එහා ගිය පාරිසරික, සාමාජීය, ආර්ථික, කෘෂිකාර්මික විෂය ක්ෂේත‍්‍රවල ප්‍රවීණයන්ගෙන් සැදුම්ලත් මණ්ඩලයක් මඟින් මෙම තත්ත්වය සමාලෝචනය කොට ක‍්‍රියාමාර්ගයක් ගතයුතු බව අප රජයට පෙන්වාදෙන අතර එය මෙතෙක් සඵල නොවූ බව පෙන්වාදිය යුතුය.

මේ ව්‍යාපෘ.තියට 2008 අපේ‍්‍රල් 29 දින මහින්ද රාජපක්ෂ රජය විසින් මුල්ගල් තබා ඔහු සිහසුනෙන් බැස යන විට ව්‍යාපෘතියේ ඉදිකිරීම්වලින් සියයට 15ක් නිමකර තිබුණි. 2015 බලයට පත් මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා හමුවී අප සංවිධානයත්, රටේ පරිසරවේදීන් සහ විද්වතුන් ඔහු හමුවට ගොස් මෙය විනාශකාරී, අසාර්ථක ව්‍යාපෘ.තියක් බවට කරුණු ගෙනහැර පෑවෙමු. ඔහුද අපගේ කරුණු පිළිගනිමින් මෙය විනාශකාරී දේශපාලන ව්‍යාපෘ.තියක් බවත් මේ තුළ විශාල වංචා ගැබ්වී ඇති බවත් මේ සම්බන්ධයෙන් තමා තීන්දුවක් ගන්නා බවත් පවසමින් අප ආපසු හරවා එවීය. එසේ මුත් අවසානයේ රනිල්-මෛත‍්‍රී ආණ්ඩුව මේ ව්‍යාපෘ.තිය දිගින් දිගටම සිදුකළේය. අද වනවිට ව්‍යාපෘතියේ ඉදිකිරීම් 80%ක් සිදුකර ඇත. ව්‍යාපෘතියේ 65%ක් රනිල්- මෛත‍්‍රී ආණ්ඩුව විසින් සම්පූර්ණ කර තිබේ.

මේ විනාශය හමුවේ රටට ආදරය කරන ජනතාව මෙන්ම, ඌව වෙල්ලස්සේ ජනයාද නිහඬව නොසිටි අතර මෙහි ලා පෙරමුණ ගනිමින් ජාති, ආගම්, කුල මල සහ පක්ෂ භේද නොසලකා අපි සංවිධානගත වුණෙමු. මේ සඳහා ඇතිකළ බලවත්ම සංවිධානය උමා ඔය බහුවිනාශකාරී ව්‍යාපෘ.තියට එරෙහි ජනතා පෙරමුණයි. එහි සියලූම පාක්ෂිකයන් සහ ජාතිකත්වයන් නියෝජනය විය.

අපගේ අරගලයට මේ වනවිට වසර 10ක් සම්පූර්ණ වෙමින් තිබේ. මේ විවිධ දුෂ්කරතා සහ කුමන්ත‍්‍රණ හමුවේ මෙම පාරිසරික සටන අප අඛණ්ඩව වසර 10ක් ගෙනආවෙමු. මෙම විනාශයට එරෙහිව ජනතාවගේ සහායෙන් විවිධාකාරයේ උද්ඝෝෂණ 33ක් මේ වනවිට සිදුකර ඇත. මෙම විනාශයට එරෙහිව විවිධ පැතිමානයන් ඔස්සේ විනාශය වලක්වාගැනීමට අප කටයුතු කළ අතර පරිසර යුක්ති කේන්ද්‍රයේ මූලිකත්වයෙන් ශේෂ්ඨාධිකරණයේ පවරා ඇති නඩුවට ගම්වාසීහු 41 වතාවක් කොළඹ ගියෝය. ඌව පළාත් මහාධිකරණයේ අප සංවිධානය විසින්ම පැවරූ නඩුව මේ වනවිට වාර තුනක් කැඳවා ඇත.

වත්මන් ජනාධිපතිවරයා සමඟ කොළඹදී සාකච්ඡුා වට 2ක් පැවැත්වූ අතර විවිධ දේශපාලන අධිකාරීන් සමඟ 18 වතාවක් විවිධ ස්ථානවලදී සාකච්ඡුා කරනු ලැබීය. මෙම ප්‍රශ්නයට විසඳුම් බලාපොරොත්තුවෙන් ඌව පළාත් සභාවට යෝජනා 4ක් ඉදිරිපත් කර ඇති අතර පාර්ලිමේන්තුවේ එක් යෝජනාවක් ඉදිරිපත් විය. පාර්ලිමේන්තුවේ මේ සම්බන්ධයෙන් වට තුනක් සාකචජා  වූ අතර අප රටේ මතයක් ඇතිකිරීම සහ ජනතාවට දැනුම දීම සඳහා විවිධ ප්‍රදේශවල සාම්මන්ත‍ණ 16ක් පවත්වන ලදි. මේ සම්බන්ධව රට දැනුවත් කිරීම සඳහා මාධ්‍ය සාකච්ඡුා මේ වනවිට 24ක් පවත්වා ඇත.

විවිධ හැලහැප්පීම් මැද අඛණ්ඩව වසර 10ක් සටන් කළ අප ජනතාව වෙනුවෙන් සුළු සහන ප්‍රමාණයක් දිනා ගත් නමුත් අදට වඩා මහා පාරිසරික විනාශයක් ඉදිරියේදී සිදුවීමට නියමිත බැවින් යමක් කළ යුතුය. අදාළ ක්ෂේත‍්‍රවල විද්වතුන්ගේ මතය අනුව ඉදිරියේ මහත් පාරිසරික ගැටලූ ප්‍රමාණයකට මේ කලාපයත් සමස්ත රටත් මුහුණදීමට නියමිත බැවින් අපගේ සටන ඉදිරියේදී විනාශය වළක්වා ගැනීමටත් පීඩාවට පත් ජනතාවට සහන දිනාදීමටත් ශක්තිමත්ව පවත්වාගෙන යෑමේ අවශ්‍යතාවක් පැනනැඟී ඇත.

මැතිවරණය

අප සංවිධානය දීර්ඝ සාකච්ඡුාවකින් පසු මෙතෙක් කළ සටන්වල දිගුවක් ලෙස නවතම සටනක් ලෙස මෙවර පළාත් පාලන මැතිවරණය භාවිත කිරීමට තීන්දු කර ඇත. ඒ අනුව උමා ඔය බහුවිනාශකාරී ව්‍යාපෘ.තියට එරෙහි ජනතා පෙරමුණ ලෙස එහි අඛණ්ඩව වසර ගණනාවක් සාමාජිකත්වය දැරූ ග‍්‍රාමීය නායකයෝ් එම පළාත් පාලන ආයතනවල මැතිවරණයට ඉදිරිපත් වෙති. එක්සත් ජාතික පක්ෂ, ශ්‍රිලනිප, ජවිපෙ නියෝජනය කළ සිංහල, දෙමළ, මුස්ලිම් පුරවැසියන් මෙවර මැතිවරණයට ඉදිරිපත් කිරීමට තීන්දු කළෙමු. එම තීන්දු ගැනීමට බලපෑ ප්‍රධාන හේතු කිහිපයකි.

අඛණ්ඩව පැවති සටන ඉදිරියටත් ගෙනයෑමේ අවශ්‍යතාවක් ඇති බැවින් පාලකයන්ගේ බල දේශපාලන වුවමනාවන්ට අනුව ජනතාව මේ මැතිවරණයේදී බෙදී වෙන්වී නොගොස් එක්ව තබාගැනීමට අවශ්‍ය නිසා ස්වාධීනව තරඟ කිරීම පළමු අවශ්‍යතාවයි. දෙවැනි අරමුණ මෙම සටන පාරිසරික සටනක් බවට පත්කරගනිමින් අපගේ බලය පෙන්වීම තුළ මෙතෙක් කළ බලපෑමට වඩා තද බලපෑමක් පාලකයන්ට සහ බලධාරීන්ට කිරීමේ හැකියාව මේ සටන තුළ තිබීමයි. තුන්වැනි අවශ්‍යතාව වන්නේ මෙම පළාත් ආයතනවලට තේරී පත්වෙන ප්‍රදේශීය මන්ත්‍රිවරුන් ඉදිරියේදී පවත්වන සටනට ප්‍රබල දායකත්වයක් ලබාදීම තුළ එම බලය ජවයක් බවට පත්වීමෙන් සටන ප්‍රබල කරගැනීමේ හැකියාවයි.

සිව්වැනි කාරණය ඉතා වැදගත්ය. ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් මෙතෙක් පාරිසරික සටන් දියත් වුවත් මෙතෙක් එම සටන් බලය අත්පත් කරගැනිම දක්වා ගොස් නැත. මෙම සටන ලොව පළමු ආදර්ශය වනු ඇත. එතුළින් ලොව පාරිසරික සටන්කරුවන්ටත්, පීඩාකාරී පාලකයන්ට එරෙහිව කරනු ලබන අනෙකුත් සටන්වලටත් ආදර්ශයක් සැපයීමට අවස්ථාව ලැබෙනු ඇත. අඛණ්ඩව වසර 10ක් විවිධ හැලහැප්පිලි, බාධා මැද මෙම සටනට නායකත්වය දුන් පිරිස සැබෑ මහජන නියෝජිතයන් බවට පත්කිරීමෙන් පසුව වංචා ¥ෂණ නැතිව ජනතාවට සැබෑ සේවාවන් සපයන ආයතනයක් බවට පත්කරගැනීමේ හැකියාව සැපිරීම පස්වැනි වැදගත් කාරණයයි.