රට යන්නේ කොයිබටද?

ලංකාව ගමන් කරමින් තිබෙන්නේ පරිපූර්ණ අර්බුදයකටය. එම අර්බුදය තුළ වැදගත් බොහෝ දේ නොවැදගත් බවට පත්කිරීමට හේතුවී තිබේ. අගමැති රනිල් වික‍්‍රමසිංහ, බැඳුම්කර සිද්ධිය හා ඒ ගැන ඇතිවූ විවාදය තුළ සිය ප‍්‍රතිරූපය නැතිකර ගත්තේය. ජනාධිපතිවරයාද පහ, හය කර ගන්නට ගොස් සිය ප‍්‍රතිරූපය බොඳකර ගත්තේය. හිටපු ජනාධිපති මහින්ද පාලන බලයෙන් බැහැරව සිටින නිසා තිබුණු බලය කිසියම් ප‍්‍රමාණයකට ආරක්ෂා කරගැනීමට සමත් වී ඇතත්, අලූත් බලයක් ගොඩනගා ගැනීමට සමත් වී නැත. ජනාධිපතිවරයාගේ පහ හය කරගැනීමේ වැඩසටහන සාර්ථක වී නම් ඊළඟ ජනාධිපතිවරණයට තරග කිරීමේ බලය මහින්දට ලැබීම තුළ ඔහුගේ තත්ත්වය ශක්තිමත් වන්නට ඉඩ තිබුණි. එහෙත් පහ හය කිරීමේ වැඩසටහන සාර්ථක වූයේ නැත.

මහින්දට ඉදිරි ජනාධිපතිවරණයට තරග කළ නොහැකිය. ඇමරිකන් පුරවැසිකම නිසා ගෝඨාට හෝ බැසිල්ට ජනාධිපති අපේක්ෂකයා ලෙස තරග කළ නොහැකිය. මහින්ද පිල තුළ ඒ තිදෙනා හැරුණු විට ජනාධිපති අපේක්ෂකයකු ලෙස තරග බිමට ගතහැකි අනුහස් බලයක් තිබෙන වෙනත් නායකයෙකුද පෙනෙන්නට නැත.

ජනාධිපති ඉන්නේ දුර්වල තත්ත්වයකය. අගමැති රනිල් වික‍්‍රමසිංහ ඉන්නේ දුර්වල තත්ත්වයකය. රනිල් කොතරම් දුර්වල තත්ත්වයක සිටියත් ඔහු නායකත්වය අත්හරිනු ඇතැයි සිතිය නොහැකිය. ඔහු එම තනතුර අත්හැර ගියද එම තැන ගැනීමට අනුහස් බලයක් තිබෙන වෙනත් නායකයකු එම පක්ෂය තුළ සිටින බවක් පෙනෙන්නට නැත.

ජවිපෙ කිසියම් ප‍්‍රමාණයකට අල්ලාගෙන සිටීමට සමත් වී ඇතත් ලොකු වර්ධනයක් පෙන්නුම් කිරීමට සමත් වී නැත. තමන්ට ඇත්ත හිමිකමක් නැති පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂ සංවිධායක ධුරය ආණ්ඩුවේ අනුග‍්‍රහයෙන් ලබාගැනීම, මන්ත‍්‍රීවරුන්ට වරදාන ලබාදෙන ප‍්‍රතිපත්තිය විශාල ප‍්‍රමාණයකින් වර්ධනය කිරීමට හේතුවන වැඩසටහන්වලට විරුද්ධ නොවීම හා පළාත් පාලන ආයතනවලට තේරී පත්වන සභික සංඛ්‍යාව දෙගුණ කරන වැඩසටහනට විරුද්ධ නොවීම යන කාරණා එම ව්‍යාපාරයට අත්පත් කරගැනීමට තිබුණු ජයග‍්‍රහණයන් සීමා කිරීමට හේතුවී තිබෙන්නේ යයි කිව හැකිය.

පළාත් පාලන ඡුන්ද ප‍්‍රතිඵල දේශපාලන තලයේ තිබෙන අවුල් උග‍්‍ර කිරීමට හේතුවනු ඇත. ජනාධිපතිවරයා නායකත්වය දෙන කණ්ඩායම ජයග‍්‍රාහීවීමට අසමත් වෙතොත් එම මැතිවරණයෙන් පසු ජනාධිපතිවරයා ලොකු අර්බුදයකට තල්ලූවී යනු නොවැළැක්විය හැකිය. එජා පක්ෂයද යහපත් ප‍්‍රතිඵලයක් පෙන්නුම් කිරීමට අසමත් වෙතොත් එම පක්ෂයේ නායකයා සේ ම පක්ෂයද ලොකු අර්බුදයකට යෑම නොවැළැක්විය හැකිය. එම යථාර්ථය මහින්ද පිලට සේ ම ජවිපෙටද අදාළය.

2019 අවසානයේදී හා 2020 ආරම්භයේදී පැවැත්වෙන ජනාධිපතිවරණය රටට දේශපාලන අර්ථයෙන්, තීරණාත්මක වුවද දේශපාලන නායකයන්ගේ ඇතිවී තිබෙන ශීඝ‍්‍ර පරිහානිය තුළ ජනාධිපතිවරණය තිබෙන්නේ ප‍්‍රතිඵලය කල්තියා දැකිය හැකි තත්ත්වයක නොව අපැහැදිලි තත්ත්වයකය. රට ගමන් කරමින් තිබෙන්නේ දේශපාලන අර්ථයෙන් අරාජික තත්ත්වයකටය.

දැන් ව්‍යවස්ථා සම්පාදනය තිබෙන්නේද දින නියමයක් නැතිව බහාලූ තත්ත්වයකය. කොහොමටත් එය යහපත් හා පැහැදිලි ඉදිරි දර්ශනයක් ඇතිව විධිමත්ව සිදුකෙරුණු ක‍්‍රියාදාමයක් නොවීය. 19 වන සංශෝධනය පවා ඉදිරිගාමී ව්‍යවස්ථා සංශෝධනයක් ලෙස සැලකිය නොහැකිය. එය ඇති කළ ආයතන ක‍්‍රමය ලොකු සුදු අලියෙකු ලෙස සැලකිය හැකි අතර දේශපාලන ක‍්‍රමයේ ඇති කළ වෙනස්කම්ද රට අරාජකත්වයක් කරා යන ගමන වේගවත් කිරීමට හේතුවන වෙනස්කම් ලෙස සැලකිය හැකිය.

පුනරුද ව්‍යාපාරය රටේ දේශපාලනය පිළිබඳව පළකර තිබෙන සමහර අනාවැකි සනාථ වී තිබෙන අතර තවත් සමහරක් සනාථවෙමින් තිබෙන්නේ යයි කිව හැකිය. යහපාලන ආණ්ඩුව රට සඳහා වන අලූත් ව්‍යවස්ථාවකට අත ගසන විට පුනරුද ව්‍යාපාරය සිය ව්‍යාපාරය සඳහා වන ව්‍යවස්ථාවකට අත ගැසුවේය. මේ වනවිට එය අවසන් කිරීමට සමත් වී තිබෙන අතර රටේ දේශපාලනය ගැන උනන්දුවක් දක්වන අය ලංකාවේ දේශපාලන පක්ෂවල ව්‍යවස්ථා පුනරුද ව්‍යාපාරයේ ව්‍යවස්ථා සමග සැසඳීමක් කරන්නේ නම් පුනරුද ව්‍යාපාරය දකින සිහින සේ ම අනෙක් දේශපාලන පක්ෂ දකින සිහින අතර තිබෙන මහා පරතරය තේරුම් ගැනීමට හැකිවනු ඇත. මේ පළකරනුයේ පුනරුද ව්‍යාපාරයේ ව්‍යවස්ථාවේ එන තෝරාගත් පරිච්ෙඡ්ද 6ක් පමණි.

පුනරුදය ව්‍යාපාරයේ ව්‍යවස්ථාව

පූර්විකාව

පුනරුදය ව්‍යාපාරයේ සාමාජිකයන් වන අපි ලාංකේය සමාජය හා රාජ්‍යය ඇද වැටී තිබෙන අවුල්සහගත හා ඛේදජනක තත්ත්වය ද, ඒ කෙරෙහි බලපා තිබෙන හේතු ද තේරුම් ගෙන එම තත්ත්වයෙන් රට ද, සමාජය ද, රාජ්‍යය ද මුදා ගැනීමේ උදාර අරමුණ වෙනුවෙන් පෙනී සිටින පුරවැසියන් වන්නෙමු.

අප පැහැදිලිව ම අවබෝධ කර ගෙන තිබෙන ආකාරයට ලංකාව රටක් වශයෙන් පරිපූර්ණ අර්බුදයක පවතින්නේය. අරාජකත්වයට ආසන්න තත්ත්වයක පවතින්නේය. ආර්ථිකය ද බංකොලොත්භාවය කරා ගමන් ගනිමින් තිබෙන්නේය. රටේ දේපළ විකිණීමෙන් තොර ව විදේශ ණය වාරික හා පොලී ගෙවිය නොහැකි තත්ත්වයකට පත් ව ඇත්තේය. රටේ කර්මාන්ත, වෙළෙඳාම, කෘෂිකර්මය පමණක් නො ව අධ්‍යාපනය, සෞඛ්‍ය, ගමනාගමනය, බලශක්ති හා ජලය යන සෑම අංශයක් ම අවුලෙන් අවුලට ගිය තත්ත්වයකට පත් ව ඇත්තේය. සමාජය ද මනුෂ්‍ය ගෞරවය අහිමි කර ගනු ලැබූ, විකෘති වූ හා පිරිහුණු තත්ත්වයකට පත් ව ඇත්තේය. අන්තර් වාර්ගික සම්බන්ධතා පුපුරන සුලූ තත්ත්වයක පවතින්නේය. රාජ්‍යය හා එහි සමස්ත ආයතන ක‍්‍රමය ද ජනයා පීඩාවට පත් කරන, අකාර්යක්ෂම, දුෂිත හා ජරපත් තත්ත්වයකට පත් ව ඇත්තේය. රටේ දේශපාලන නායකයන් හා දේශපාලන පක්ෂ ද මහජන විශ්වාසය විශාල ප‍්‍රමාණයකට අහිමි කර ගත් තත්ත්වයකට පත් ව ඇත්තේය. ලංකාව මුහුණ දී තිබෙන මෙම අර්බුදය සාමකාමී ලෙස හෝ ප‍්‍රචණ්ඩ ලෙස රාජ්‍ය බලය අල්ලා ගැනීමේ ක‍්‍රියා මාර්ගයක් මගින් ජය ගත නොහැක්කේය.

අපට අතීතයේ සිදු වූ වැරදි ගැන ද අවබෝධයක් ඇත්තේය. විවිධ වර්ගයේ පටු බෙදීම් නිසා පොදුවේ මුළුමහත් ජනතාවට සිදු වූ නිමක් නැති විනාශයන් ගැන ද, ගැටුම් නිසා මරණයට හා අනේකවිධ හිංසා පීඩාවලට පත් වූ සියලූ දෙනා පිළිබඳව ද, විශේෂයෙන් දෙමළ හා මුස්ලිම් ඇතුළු අනෙක් සුළු ජනවර්ගවලට විඳින්නට සිදු වී තිබෙන අතිවිශාල දුක් වේදනාවන් ගැන ද, පීඩිත කුලවල ජනතාවට විඳින්නට සිදු වී තිබෙන අවමන් සහගත සැලකිලි ගැන ද, සුවිශේෂ වශයෙන් යුද ගැටුම් නිසා දෙමළ ජනතාවට සිදු වී තිබෙන මහා විනාශය ගැන ද, අපට හොඳ අවබෝධයක් තිබෙන අතර ඒ ගැන අවංක හා බලවත් කණගාටුවක් ද ඇත්තේය. තව ද විඳින්නට සිදු වන හානි නො සලකා අතීතයේ දී නිදහස හා යුක්තිය වෙනුවෙන් ක‍්‍රියා කළ සියලූ දෙනා කෙරෙහි ද අප තුළ විශාල ගෞරවයක් ඇත්තේය.

එබැවින් වර්ග, කුල, ආගම් බේද හා පසුගාමී ආකල්ප පිටු දකිමින් සියලූ ලාංකේය පුරවැසියන්ට යුක්තිය, සමානාත්මතාවය හා මනුෂ්‍ය ගෞරවය ලබාදෙමින් ලාංකේය ජාතිය ගොඩනගා, ජාතිය ඒකාග‍්‍ර කොට, එම ජාතියේ වර්තමාන හා අනාගත අවශ්‍යතාවයන්ට ගැළපෙන ලෙස ලාංකේය රාජ්‍යය ප‍්‍රතිනිර්මාණය කර ගනිමින් ලංකාවාසී ජනතාවගේ පමණක් නො ව ලෝකවාසී ජනතාවගේ ද විශ්වාසයට හා ගෞරවයට හේතු වන ආකාරයට, ප‍්‍රචණ්ඩ ගැටුම්වලට, දුෂණයට, හා අකාර්යක්ෂමභාවයට ඉඩක් නැති, මනා විවිධත්වයකින් යුතු, නීතියේ ආධිපත්‍යය හා සමානාත්මතාවය රජයන ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලංකාවක් ගොඩනැගීම පුනරුදය ව්‍යාපාරයේ ද, එහි සාමාජිකයන් වූ අපගේ ද ප‍්‍රධාන අරමුණ වන්නේය.

එම උදාර අරමුණ තුවක්කුවේ බලයෙන් හෝ සම්ප‍්‍රදායික ඡුන්ද බලයෙන් හෝ දිනා ගැනීමට අපි අපේක්ෂා නො කරමු. එම උසස් අරමුණ, ජනතා පරමාධිපත්‍යය බලය ප‍්‍රඥාවන්ත ලෙස හා නිර්මාණශීලී ලෙසත්, සාමකාමී හා විනයගරුක ලෙසත් අභ්‍යාස කරන ක‍්‍රියාමාර්ග තුළින් දිනා ගැනීමට අපේක්ෂා කරමු. එම උතුම් අරමුණ ජය ගැනීමට දැඩි සේ අධිෂ්ඨාන කර ගෙන සිටින පුනරුදය ව්‍යාපාරයේ සාමාජිකයන් වන අපි, මෙම ව්‍යවස්ථාවට අනුකූල ව එම අරමුණ ජය ගැනීම උදෙසා ඇපකැප වීමෙන් ක‍්‍රියා කිරීමට මෙසේ ප‍්‍රතිඥා දෙමු.

1 වන පරිච්ෙඡ්දය

පුනරුදය ව්‍යාපාරයේ ව්‍යවස්ථාව

  1. පුනරුදය ව්‍යාපාරය, එහි සමාජ පදනම, දර්ශනය හා මූලික සිද්ධාන්ත ද, පුනරුදය ව්‍යාපාරය තුළ පරමාධිපත්‍යය බලය ක‍්‍රියාත්මක කෙරෙන ආකාරය ද, එහි තිබෙන ආයතන ක‍්‍රම, එවායේ ස්වභාවය, ඒවා ක‍්‍රියාත්මක වන ආකාරය හා ඒවාට හිමි බලතල විස්තර කරන ප‍්‍රධාන හා මූලික ලියවිල්ල පුනරුදය ව්‍යාපාරයේ ව්‍යවස්ථාව වන අතර එය පුනරුදය ව්‍යාපාරයේ උත්තරීතර නීතිය ද වන්නේය. මෙම ව්‍යවස්ථාව ආරක්ෂා කර අනුගමනය කිරීමට සියලූ සාමාජිකයන් බැඳී සිටින්නේය.

2 වන පරිච්ෙඡ්දය

පුනරුදය ව්‍යාපාරයේ ප‍්‍රවේශය

  1. (අ) පුනරුදය ව්‍යාපාරය අපේක්ෂා කරන්නේ සමාජයේ ඇති කරන ගැඹුරු වෙනසක් මගින්, එසේ ඇති කරන දැනුවත් සමාජයේ දැනුවත්         ක‍්‍රියාකාරීත්වයකින් නූතන ජාතිය ද, එම ජාතියට අවශ්‍ය රාජ්‍යය ද          ප‍්‍රතිනිර්මාණය කර ගැනීම සඳහා ක‍්‍රියා කිරීමය.

(ආ)      එමනිසා පුනරුදය ව්‍යාපාරය මෙම ඓතිහාසික මොහොතේ කළ යුතුව තිබෙන වැදගත් ම කාර්යය ලෙස සලකනුයේ තර්කානුකූල ලෙසත්, සාධාරණ හා නූතනවාදී ලෙසත් සිතන, වර්ග, කුල  හා ආගම් බේදයෙන් තොර විකල්ප සමාජයක් ගොඩනැගීමය.

(ඇ)       ඒ සඳහා වන පළමු ඉලක්කය සාමාජිකයන් දශලක්ෂයකි.

(ඈ)      එම සාමාජිකයන් දශලක්ෂය ගොඩනගා ඔවුන් සංවිධාන ගත කරනු ඇත්තේ ගොඩ නගන්නට අපේක්ෂා කරන නූතන ජාතිය පිළිබිඹු කෙරෙන ආකෘතියක ආකාරයකටය. එම සාමාජිකයන් දශ ලක්ෂය විවිධ  ජන වර්ගවලට, කුලවලට හා ආගම්වලට අයත් විවිධ වයස් කාණ්ඩවලට හා සමාජ තරාතිරම්වලට අයත් ස්ත‍්‍රී පුරුෂයන්ගෙන් සමන්විත වනු ඇත්තේය.

(ඉ)        දශලක්ෂයේ සාමාජික ඉලක්කය සපුරා ගැනීමෙන් පසු එය දැනුවත් හා බලවත් විකල්ප සමාජ බලවේගයක් වශයෙන් ඔවුන් සතු පරමාධිපත්‍යය බලය නව්‍ය හා නිර්මාණශීලී ආකාරයකට අභ්‍යාස කරමින් ක‍්‍රමානුකූල ව සමාජයේ ප‍්‍රධාන ධාරාව බවට වර්ධනය වී පවතින සමාජය, නූතන සමාජයක් බවට පරිවර්තනය කර ගනිමින්, පවතින රාජ්‍යය ද නූතන රාජ්‍යයක් ලෙස ප‍්‍රතිනිර්මාණය කර ගැනීමට අපේක්ෂා කරන්නේය.

(ඊ)       එම පරිවර්තනීය ක‍්‍රියාවලියේ ප‍්‍රධාන යාන්ත‍්‍රණය ලෙස පුනරුදය  ව්‍යාපාරය ක‍්‍රියා කරන්නේය.

 

3 වන පරිච්ෙඡ්දය

සාමාජිකයා හා සාමාජිකත්වය

  1. පුනරුදය ව්‍යාපාරයේ ද, එම ව්‍යාපාරය තුළ ක‍්‍රියාත්මක වන පරමාධිපත්‍යය බලයේ ද නියම හිමිකරුවන් වනුයේ එම ව්‍යාපාරයේ සාමාජිකයන්ය.

  2. වයස අවුරුදු 18ට වැඩි වර්ග, ආගම් හා කුල බේද නො පිළිගන්නා සහ සියලූ ලාංකේය පුරවැසියන් බේදයකින් තොර ව සමාන මනුෂ්‍ය ගෞරවයට හා අයිතිවාසිකම්වලට හිමිකම් කියන මිනිසුන් බව පිළිගන්නාඕනෑ ම පුද්ගලයකුට පුනරුදය ව්‍යාපාරයේ සාමාජිකයකු විය හැක්කේය. පුනරුදය ව්‍යාපාරයේ දර්ශනය හා ප‍්‍රතිපත්ති පිළිගන්නා බාහිර සංවිධාන හෙවත් සහයෝගීතා සංවිධානවල සාමාජිකයන්ට ද සිය සංවිධානයේ අනන්‍යතාව ආරක්ෂා කර ගෙන පුනරුදය ව්‍යාපාරයේ සාමාජිකත්වය ලබා ගත හැක්කේය.

  3. සාමාජිකත්වය අපේක්ෂා කරන පුද්ගලයන්, මධ්‍යම කාරක සභාවෙන් නියමිත අයදුම්පත‍්‍රය මගින් සාමාජිකයන් දෙදෙනකුගෙන් ලබාගත් නිර්දේශ සමඟ අයදුම් කළ යුත්තේය.

  4. සෑම නව සාමාජිකයකු ම ස්ථිර සාමාජිකත්වය සඳහා මාස තුනක පරිවාස කාලයක් සම්පූර්ණ කළ යුත්තේය. එම කාලය තුළ පුනරුදය ව්‍යාපාරය පිළිබඳව ප‍්‍රමාණවත්අවබෝධයක් ලබා ගත යුත්තේය.

  5. සාමාජිකයකුට 47 වගන්තිය අනුව මහා සම්මේලනයේ දී තෝරා පත් කර ගන්නා තනතුරක් දැරීම සඳහා එම සාමාජිකයා ශාඛාවක සක‍්‍රිය සාමාජිකයකු වශයෙන් ආසන්න පෙර වර්ෂ දෙකකට නොඅඩු කාලයක් සම්පූර්ණ කර තිබීම අනිවාර්ය පූර්ව අවශ්‍යතාවයක් වන්නේය.

  6. සාමාජිකයන් පුනරුදය ව්‍යාපාරයේ නීතිරීති හා සම්ප‍්‍රදායයන් ආරක්ෂා කර අනුගමනය කළ යුත්තේය.

  7. සාමාජිකයන් නියමිත සාමාජික ගාස්තුව ගෙවිය යුත්තේය. වාර්ෂික සාමාජික මුදල එක දිනක උපයන ආදායමට සමානමුදලක් හෝ රු. 1000ක් වන්නේය. රැුකියා විරහිතයන් හා ගෘහණියන් සඳහා වාර්ෂික සාමාජික මුදල රු. 100ක් වන්නේය. ආබාධිත හා අසරණභාවයට පත් වූවන් සාමාජික ගාස්තු ගෙවීමෙන් නිදහස් කළ යුත්තේය. මෙම සාමාජික ගාස්තු සංශෝධනය කිරීමේ බලය මධ්‍යම කාරක සභාව සතු වන්නේය.

4 වන පරිච්ෙඡ්දය

 සාමාජික සාරධර්ම හා යුතුකම්

  1. සාමාජිකයින් වර්ග, කුල හා ආගම් බේදයෙන් තොර විය යුත්තේය.

  2. බේදයෙන් තොර ව සියලූ ම ලාංකේය පුරවැසියන්ට සමාන මනුෂ්‍ය ගෞරවය හා සමාන අයිතිවාසිකම් තිබෙන බව පිළිගත යුත්තේය.

  3. පුනරුදය ව්‍යාපාරයේ අදහස් සිය සහකාරියට/සහකාරයාට, දරුවන්ට, සහෝදර සහෝදරියන්ට, දෙමාපියන්ට, නෑ හිත මිතුරන්ට සහ අසල්වැසියන්ට බෙදා දෙන පුද්ගලයකු ලෙස ක‍්‍රියා කළ යුත්තේය.

  4. සත්‍යගරුක, සාධාරණ හා නීතිගරුක විය යුත්තේය.

  5. වංචාවෙන් හා දුෂණයෙන් තොර විය යුත්තේය.

  6. ආත්මාර්ථකාමීත්වයෙන් හා ඊර්ෂ්‍යාවෙන් තොර විය යුත්තේය.

  7. බහුත්වවාදී විය යුත්තේය.

  8. සාමාජිකයන්ගේ දිවි පැවැත්ම, තම සහකාරිය/සහකාරයාගේ ද, පවුලේ සාමාජිකයන්ගේ ද, අසල්වැසියන්ගේ ද, වෘත්තීය සගයන්ගේ ද විශ්වාසයට හා ගෞරවයට හේතු විය යුත්තේය.

  9. මානව අයිතිවාසිකම්වලට සේ ම, සිය සහකාරිය/සහකාරයා, දරුවන් හා වැඩිහිටියන්ගේ අයිතිවාසිකම්වලට ද ගරු කළ යුත්තේය.

  10. මිනිසුන්ගේ දුක් වේදනා කෙරෙහි සානුකම්පික විය යුත්තේය.

  11. හොඳ සංස්කෘතික මිනිසකු වීමට අවශ්‍ය කරන දැනුම හා රසඥතාව වර්ධනය කර ගැනීමට උනන්දුවෙන්ක‍්‍රියා කරන පුද්ගලයකු විය යුත්තේය.

5 වන පරිච්ෙඡ්දය

සාමාජිකයන් සතු අයිතිවාසිකම්

  1. සාමාජිකයන්ට පුනරුදය ව්‍යාපාරයේ දර්ශනයට හා ප‍්‍රතිපත්තිවලට අගතියක් නො වන තාක් මෙම පරිච්ෙඡ්දයේ සඳහන් සියලූ අයිතිවාසිකම් භුක්ති විඳීමට හිමිකම ඇත්තේය.

  2. සිතට එකඟ ව අදහස් පළ කිරීමට හිමිකම ඇත්තේය.

  3. අන්‍යයන්ට හානියක් නො වන ලෙස තමන්ගේ රුචි අරුචිකම් පවත්වා ගෙන යාමේ හිමිකම ඇත්තේය.

  4. ආගම් ඇදහීමේ හෝ නො ඇදහීමේ හිමිකම ඇත්තේය.

  5. ව්‍යාපාරයට අදාල සියලූ දේ ප‍්‍රශ්න කිරීමේ හිමිකම ඇත්තේය.

  6. ව්‍යාපාරය සඳහා ඡුන්ද විමසීම්වලින් තෝරා ගන්නා තනතුරු සඳහා තරග කිරීමේ හිමිකම ඇත්තේය.

  7. ඡන්දය පාවිච්චි කිරීමට අතිරේකව ඞෂ වන පරිච්ෙඡ්දයේ සඳහන් පරමාධිපත්‍යය බලය අභ්‍යාස කිරීම සඳහා හිමිකම ඇත්තේය.

  8. සිතට එකඟවඕනෑ ම මතයක්් දැරීමට, එම මතය ව්‍යාපාරය තුළ ප‍්‍රවර්ධනය කිරීමට හා එය ව්‍යාපාරයේ නිල මතය බවට පත් කිරීම සඳහා ක‍්‍රියා කිරීමට, ඒ සඳහා වන කණ්ඩායමක්  ඇතොත් එහි සාමාජිකයකු ලෙස ක‍්‍රියා කිරීමට හිමිකම ඇත්තේය. 

  9. තමන් ආරක්ෂා කර ගැනීමට කැමති විශේෂ අනන්‍යතාවයක් වේ නම් එම අනන්‍යතාවය ආරක්ෂා කර ගැනීමේ හිමිකම ඇත්තේය.

  10. අවඥාවට හෝ පරිහාසයට ලක් වීමෙන් තොර ව තමන් කැමති  ඕනෑ ම අවස්ථාවක දී ව්‍යාපාරයෙන් ඉවත් වීමේ හා ඉන් පසු තමන් කැමති අවස්ථාවක දී නැවත ව්‍යාපාරයට එකතු වීමේ හිමිකම ඇත්තේය.

  11. අපරාධයක් නො වන වරදක් කළ පුද්ගලයකුට අවංක ස්වයං විවේචනයකින් ඒ වරද නිවැරදි කර ගැනීමේ හිමිකම ඇත්තේය.

  12. ව්‍යාපාරය තුළ පීඩාවන්ටහෝ කොන් කිරීම්වලට ලක් වීමෙන් වැළකී සිටීමේ හිමිකම ඇත්තේය.

6 වන පරිච්ෙඡ්දය

පරමාධිපත්‍යය බලය

  1. පුනරුදය ව්‍යාපාරයේ පරමාධිපත්‍යය බලය සාමාජිකයන් සතු වන්නේය.

  2. සංවිධානයේ සියලූ ඒකකවල දී ගණපූරණය සියයට පනහකට නොඅඩු විය යුත්තේය. සියලූ ඒකකවල දී ව්‍යවස්ථාව වෙනස් කිරීම සම්බන්ධ යෝජනා තුනෙන් දෙකක ඡුන්දයෙන් සම්මත/අනුමත කළ යුතු අතර අනෙක් සියලූ යෝජනා සාමාන්‍ය බහුතර ඡුන්දයෙන් සම්මත/අනුමත කළ යුත්තේය.

  3. පරමාධිපත්‍යය බලය ව්‍යවස්ථානුකූල ලෙසත්, ප‍්‍රශස්ත ලෙසත් අභ්‍යාස කිරීම මගින් පුනරුදය ව්‍යාපාරයේ ව්‍යවස්ථාව සංශෝධනය කර ගැනීම හෝ අලූත් ව්‍යවස්ථාවක් ඇති කර ගැනීම, දර්ශනය හෝ ප‍්‍රතිපත්ති වෙනස් කර ගැනීම, සංවිධාන රටාව හෝසංවිධාන ව්‍යුහය වෙනස් කර ගැනීම, තීන්දු තීරණ වෙනස් කර ගැනීම හෝ  ඕනෑ ම තනතුරක්් දරන පුද්ගලයකු එම තනතුරෙන් ඉවත් කර සුදුසු පුද්ගලයකු එම තනතුරට පත් කර ගැනීම කළ හැක්කේය.

  4. ශාඛාවක හෝ කොට්ඨාස සභාවක හෝ දිස්ත‍්‍රික් සභාවක සාමාජිකයන් සියයට විස්සකට නොඅඩු සංඛ්‍යාවක අත්සන් සහිතව ඉදිරිපත් කරන යෝජනාවක් එම ශාඛාව හෝ දිස්ත‍්‍රික් සභාව සාකච්ඡුාවට භාජනය කර ඡුන්ද විමසීමකට ලක් කළ යුත්තේය.

  5. 68 වගන්තියට අනුකූලව සම්මත වූ යෝජනාවක අන්තර්ගතය එම ශාඛාවට හෝ කොට්ඨාස සභාවට හෝ දිස්ත‍්‍රික් සභාවට සීමා නො වන අවස්ථාවක දී,

(අ)        එම යෝජනාව සම්මත වූයේ ශාඛාවක හෝ කොට්ඨාස සභාවක නම් එම යෝජනාව දිස්ත‍්‍රික් සභාවට යොමු කළ යුත්තේය. දිස්ත‍්‍රික් සභාව එම යෝජනාව සාකච්ඡුා කොට දිස්ත‍්‍රික්කයේ සියලූ ශාඛාවලට යොමු කළ යුත්තේය. එම ශාඛා බහුතරයක් යෝජනාව අනුමත කර තිබෙන අවස්ථාවක දී දිස්ත‍්‍රික් සභාව එම යෝජනාව මධ්‍යම කාරක සභාව වෙත යොමු කළ යුත්තේය. මධ්‍යම කාරක සභාව එම යෝජනාව සාකච්ඡුාවට ගෙන සිය මතය සමග සියලූ දිස්ත‍්‍රික් සභා වෙත යැවිය යුත්තේය. දිස්ත‍්‍රික් සභා බහුතරයක් යෝජනාව අනුමත කරන අවස්ථාවක දී මධ්‍යම කාරක සභාව නැවත එම යෝජනාව සාකච්ඡුාවට ලක් කළ යුත්තේය. එහි දී මධ්‍යම කාරක සභාව එම යෝජනාව අනුමත කරන්නේ නම් යෝජනාවේ අන්තර්ගතය ව්‍යාපාරයේ නිල මතය ලෙස සලකා ක‍්‍රියා කළ යුත්තේය. මධ්‍යම කාරක සභාව එය අනුමත නො කරන්නේ නම් එම යෝජනාව ඊළඟ මහා සම්මේලනයට ඉදිරිපත් කළ යුත්තේය.

(ආ)      එම යෝජනාව සම්මත වූයේ දිස්ත‍්‍රික් සභාවක නම් එම යෝජනාව මධ්‍යම කාරක සභාව වෙත යොමු කළ යුතු අතර මධ්‍යම කාරක සභාව එය සාකච්ඡුාවට ගෙන සිය මතය සමඟ සියලූ දිස්ත‍්‍රික් සභා වෙත යොමු කළ යුත්තේය. දිස්ත‍්‍රික් සභා බහුතරයක් යෝජනාව අනුමත කරන අවස්ථාවක දී මධ්‍යම කාරක සභාව නැවත එම යෝජනාව සාකච්ඡුාවට ලක් කළ යුත්තේය. එහි දී මධ්‍යම කාරක සභාව එම යෝජනාව අනුමත කරන්නේ නම් යෝජනාවේ අන්තර්ගතය ව්‍යාපාරයේ නිල මතය ලෙස සලකා ක‍්‍රියා කළ යුත්තේය. මධ්‍යම කාරක සභාව එය අනුමත නො කරන්නේ නම් එම යෝජනාව ඊළඟ මහා සම්මේලනයට ඉදිරිපත් කළ යුත්තේය.

  1. සාමාජිකයන් 2000කට නොඅඩු සංඛ්‍යාවක අත්සන් සහිතව හෝ ශාඛා 100කට නොඅඩු සංඛ්‍යාවක යෝජනා සම්මතයෙන් හෝ කොට්ඨාස සභා 25කට නොඅඩු සංඛ්‍යාවක යෝජනා සම්මතයෙන් හෝ දිස්ත‍්‍රික් සභා හතරකට නොඅඩු සංඛ්‍යාවක යෝජනා සම්මතයෙන් යෝජනාවක් ඉදිරිපත් වන අවස්ථාවක දී මධ්‍යම කාරක සභාව එම යෝජනාව සාකච්ඡුාවට ගෙන සිය මතය සමග එම යෝජනාව සියලූ දිස්ත‍්‍රික් සභා වෙත යොමු කළ යුත්තේය. දිස්ත‍්‍රික් සභා බහුතරයක් එම යෝජනාව අනුමත කරන අවස්ථාවක දී මධ්‍යම කාරක සභාව නැවත එම යෝජනාව සාකච්ඡුාවට ලක් කළ යුත්තේය. එහි දී මධ්‍යම කාරක සභාව එම යෝජනාව අනුමත කරන්නේ නම් යෝජනාවේ අන්තර්ගතය ව්‍යාපාරයේ නිල මතය ලෙස සලකා ක‍්‍රියා කළ යුත්තේය. මධ්‍යම කාරක සභාව එය අනුමත නො කරන්නේ නම් එම යෝජනාව ඊළඟ මහා සම්මේලනයට ඉදිරිපත් කළ යුත්තේය.

  2. දිස්ත‍්‍රික් සභාවකින් නිල බලය අනුව මධ්‍යම කාරක සභාවට තේරී පත්ව සිටින පුද්ගලයකු ආපසු කැඳවා වෙනත්  පුද්ගලයකු මධ්‍යම කාරක සභාවට යැවීම සුදුසු යැයි එම සභාව කල්පනා කරන අවස්ථාවක දී එම දිස්ත‍්‍රික් සභාවේ සම්මත කරගන්නා යෝජනාවකින් ඒ වෙනස්කම ඇති කර ගත හැක්කේය. මෙම විධිවිධානය ශාඛාවක හෝ කොට්ඨාස/දිස්ත‍්‍රික් සභාවක තනතුරක් දරණ  වෙනත්  ඕනෑ ම පුද්ගලයකුට ද, සභාපති විසින් මධ්‍යම කාරක සභාවට පත් කරන පුද්ලයකුට ද අදාල කර ගත හැක්කේය. මහා සම්මේලනයක දී තනතුරකට පත් කර ගන්නා ලද පුද්ගලයකු ඉවත් කිරීම සඳහා වූ යෝජනාවක් 69 වගන්තියට හෝ 70 වගන්තියට අනුකූලව මධ්‍යම කාරක සභාව විසින් අනුමත කරන අවස්ථාවක දී එම තනතුරේ වැඩබැලීමට සුදුසු පුද්ගලයකු පත්කිරීමේ බලය මධ්‍යම කාරක සභාව සතු වන්නේය.

  3. මෙම ව්‍යවස්ථාවේ ප‍්‍රතිපාදනවලට යටත් ව ව්‍යාපාරයේ කටයුතු කර ගෙන යාමට අවශ්‍ය රීති සකස් කිරීමේ බලය මධ්‍යම කාරක සභාව සතු වන්නේය. තව ද මෙම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම හෝ අළුත් ව්‍යවස්ථාවක් ඇති කර ගැනීම සඳහා වූ යෝජනාවක් මහා සම්මේලනයේ තුනෙන් දෙකක ඡුන්දයෙන් අනුමත විය යුත්තේය.