ජනපති කඩුව වැනීම

තරිඳු උඩුවරගෙදර / රේඛා නිලුක්ෂි හේරත්

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මෑත දිනවලදි ආණ්ඩුවේ එජාප පාර්ශ්වයේ ක‍්‍රියාකාරීත්වය පිළිබඳව තම නොසතුට දැඩිව පළ කළේය. ජනාධිපතිවරයා කඩුව අතට ගන්නා බව ප‍්‍රකාශ කළ අතර බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ කොමිෂන් වාර්තාව නිකුත්වීමත් ඉන්පසුව කැබිනට් මණ්ඩලයේදී ජනාධිපතිවරයා එජාපය සහ අගමැතිවරයාව විවේචනය කිරීමත් සමඟ ජනාධිපතිවරයා සහ අගමැතිවරයාගේ පාර්ශ්වයන් අතර ආණ්ඩුවේ බෙදීම පැහැදිළිව සනිටුහන් විය. මේ ජනාධිපතිවරයාගේ පියවර ගැනීම් සහ ආණ්ඩුවේ ක‍්‍රියාකාරීත්වය සම්බන්ධයෙන්  සිවිල් ක‍්‍රියාකාරිකයන් සහ බුද්ධිමතුන් කිහිපදෙනෙකුගේ අදහස් දැක්වීම් එකතුවකි.

ලංකා ගුරු සංගමයේ ලේකම්  ජෝසෆ් ස්ටාලින්

ජනාධිපතිවරයා මේ කරන්නේ ඡුන්ද සඳහා ව්‍යාපෘතියක් වගෙයි අපට පෙනෙන්නේ. විශේෂයෙන් අපි දැක්කා ගෝඨාභය රාජපක්ෂ සහ නාවික හමුදා ප‍්‍රධානීන් ඇවන්ගාඞ් සිදුවීම සම්බන්ධයෙන් උසාවි ගෙන ආ අවස්ථාවේ ඔවුන් නිල ඇඳුම් ඇඳගෙන විශාල රංගනයක් කළා. උසාවිය ඇතුලේ හිටපු ඡුායාරූපත් ගත්තා. හැබැයි ඒ අවස්ථාවේ ජනාධිපතිවරයා ඒ නිලධාරීන් වෙනුවෙන් දැඩිව පෙනී හිටියා. උසාවිය ඇතුලේ ඡායාරූප ගැනීම සම්බන්ධයෙන්වත් පියවරක් ගත්තේ නෑ.

ප‍්‍රගීත් එක්නැළිගොඩ සම්බන්ධ යෙන් ඇප ලැබීම සම්බන්ධයෙන් කටයුතු අපි දැක්කා. එතැනට අනවශ්‍ය ලෙස ජනාධිපතිවරයා බලය පාවිච්චි කරලා මේ රටේ වුණ ඝාතන, පැහැරගැනීම්, ප‍්‍රජාතන්ත‍්‍රවාදයට විරුද්ධ සිදුවීම් යටගහන්න මූලික වුණා. මේවා රාජපක්ෂ පවුලට කේන්ද්‍ර වෙන අපරාධ. ඒවා සම්බන්ධයෙන් කතාකරන්නේවත් නෑ.

හැබැයි ජනාධිපතිවරයා දූෂණ වංචා ගැන කතාකරනවා. හැබැයි රාජපක්ෂ පවුලෙන් මෙහෙයවපු ඝාතන වඩා භයානක සිදුවීම්. ඒවා සම්බන්ධයෙන් කිසි පියවරක් නෑ. ඒවා සම්බන්ධ නඩු බරපතළ විදියට ප‍්‍රමාද වෙලා තියෙනවා. දින සීයේ මොනවත් කළෙත් නෑ. ඉන්පස්සේ කිව්වා නඩු දාන්න කාලයක්  ඕනේ කියලා. ඉන්පස්සේ අපි දැක්කා රාජපක්ෂ පවුලේ අය කිසිම කෙනෙක් හදිසියේ අත්අඩංගුවට ගත්තාම බන්ධනාගාරයේ හිටියේ නැහැ. බැසිල් රාජපක්ෂ හිටියේ කොළඹ ගෙවන වාට්ටුවේ. එතැන හිටියේ ගෙදර ඉන්නවා වගේ. ඒ සියල්ලට පහසුකම් සැපයුවේ ජනාධිපතිවරයා තමයි. මේවා සම්බන්ධයෙන් බලය තිබුණේ ජනාධිපතිවරයාට. මේ අය සිරගතවුණාම කොට්ට, මෙට්ට ඇතුළු සියලු පහසුකම් ලැබුණා.

ඒවා සිදුවෙද්දී ජනාධිපතිවරයාගේ උනන්දුව කොහේද තිබුණේ. මේවා කළයුතු වෙලාවේ කරන්නැතුව දැන් කියන දේවල් විශ්වාස කරන්න කියලාද අපට කියන්නේ. ඝාතනය වුණ අයට යුක්තිය ඉටු වුණේවත් නෑනේ. අමතක වුණ සිදුවීම් පැත්තකින් තිබුණත් හැමෝම කතාකරපු ජනප‍්‍රිය සිදුවීම් ගැනවත් හරි පියවර අරගත්තේ නෑ. ජනාධිපතිවරයා දැන් වීරයාට ඇන්ද එක හොඳයි. හැබැයි කපන්න  ඕන වෙලාවේ කපන්නේ නැතිව දැන් කරන දේවල් මැතිවරණ රංගනයක්ද කියලයි අපට පෙනෙන්නේ. මොකද ප‍්‍රකාශ නෙවෙයි, ජනාධිපතිවරයාගෙන් අවශ්‍ය ක‍්‍රියාකාරීත්වය පමණයි.

එක්සත් ජාතික පක්ෂයත්, මේ රජයත් බලයට පත්වුණ දවසේ ඉඳන් ජනතා අරමුණුවලින් පිට ගියේ. ආණ්ඩුව බරපතළ විදියට පුද්ගලීකකරණ න්‍යායපත‍්‍රයක යන්නේ. පුද්ගලික සහ රජයේ සහයෝගීතාව කියන ප‍්‍රතිපත්තිය සෑම ක්ෂේත‍්‍රයටම ගේන්නයි බලාපොරොත්තු වෙන්නේ. රජයේ දේපල පුද්ගලීකකරණය කිරීම, සියලූ දේවල්වලට දොර ඇරීම වගේ විනාශකාරී ප‍්‍රතිපත්තියක ආණ්ඩුව යන්නේ. මේ දෙගොල්ලම එකට එකතුවෙලායි යන්නේ. මේක 2015 ජනතාව බලාපොරොත්තු වුණ අපේක්ෂාවක් නෙවෙයි. මේක ජනතා ක‍්‍රියාකාරීත්වයකින් බලයට පත්වෙලා ජනතාවගේ න්‍යායපත‍්‍රය වෙනුවට මෙවන් න්‍යායපත‍්‍ර කිරීම අපි ප‍්‍රතික්ෂේප කරනවා. මේ අය ගැටුණත් එකයි, රඟපෑවත් එකයි. මෙයාලා ක‍්‍රියාත්මක වෙන්නේ ජනතා න්‍යායපත‍්‍රයට පිටින්. ඒක යළි ජනතා න්‍යායපත‍්‍රයට ගේන්න අපි කටයුතු කරන්න  ඕනේ.

ආචාර්ය දයාන් ජයතිලක

මම හිතන්නෙ නෑ ජනාධිපතිතුමා තිරසාරව යම්කිසි වෙනස් ස්ථාවරයකට මාරුවෙලා කියලා. මම හිතන්නෙ ජනාධිපතිතුමා ඉන්නෙ යම් සංක‍්‍රාන්තික මොහොතක. ඒ මොහොතේදී එක්සත් ජාතික පක්ෂ නායකත්වය සම්බන්ධයෙනුත් එක්සත් ජාතික පක්ෂය සම්බන්ධයෙනුත් යහපාලන ආණ්ඩු ආකෘතිය සම්බන්ධයෙනුත් යළි සිතා බැලීමක් කරන බවක් පෙනෙන්නට තියෙනවා. හැබැයි එයින් අදහස් වෙන්නෙ නෑ මේ සියල්ලෙන් ඛණ්ඩනය වීමට එතුමා තිරසාරව තීන්දුවක් අරගෙන තියෙනවාය කියලා. එතැනට කටයුතු තල්ලූවෙන්න පුළුවන්. හැබැයි මේ වෙද්දී එවැනි තිරසාර තීන්දුවක් හෝ නව ගමනක් පිළිබඳව අපට නිගමනයකට එන්න බෑ.

මේ වෙනසට හේතු ඇහුවොත් එක හේතුවක් නෙවෙයි තියෙන්නෙ. හේතු දෙක තුනක්ම තියෙනවා. පළමුවැනි හේතුව පුද්ගලයෙක් වශයෙන් සාමාන්‍ය මානුෂික හැඟීම. ඒක තමයි 2015 ජනවාරි අටවැනිදා තමන් පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් නොවුණානම් එජාපය ආණ්ඩු බලයට එන්නේ නැහැයි කියලා ඔහුට දැනෙන හැඟීම. මොකද රනිල් වික‍්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ එජාපය කිහිප වතාවක්ම ආණ්ඩු බලයට එන්න උත්සාහ ගත්තා. ඒ බොහෝ අවස්ථාවලදී පරාජයට ලක්වුණා. 1999, 2005, 2010 කියන අවස්ථා තුනේදී එහෙම වුණා. මෙවර සාර්ථක වුණේ මෛත‍්‍රීපාල සිරිසේන ඇමතිතුමා රාජපක්ෂ ආණ්ඩුවෙන් නික්මුණ නිසා. ඉන්පස්සේ ජනවාරි 09 වැනිදා රනිල් වික‍්‍රමසිංහ මහතාව සුළුතර පක්ෂයක නායකයා විදියට ඉද්දී අගමැති ධූරයට පත්වුණා. හැබැයි ජනාධිපතිතුමා කීව විදියටම එසේ පත්කරලා කෙටි කාලයකින් මහබැංකු මගඩිය සිදුවුණා. ඉතින් ස්වභාවිකවම ජනාධිපතිවරයාට දැනෙනවා ඇති මේක තමාට කරපු ද්‍රෝහිකමක් කියලා. ඒක එක පැත්තකින් රටේ ආර්ථිකයට හානියක්. අනෙක් පැත්තෙන් ඒක ආණ්ඩුවේ ජනප‍්‍රියත්වයට හා තමන්ගේ ජනප‍්‍රියත්වයට හානියක් වුණා. මේ සියල්ල සිදුවුණේ එජාප නායකත්වයේ මුරණ්ඩුකම සහ කෑදරකම කියලා හැඟීමක් මට නම් ඇතිවුණා.

සන්ඬේ ටයිම්ස් පුවත්පත වාර්තා කළ ආකාරයට පහුගිය සතියේ කැබිනට් රැුස්වීමේදී ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර ගැටුමක් ඇතිව තිබුණා. එතැනදී ජනාධිපතිවරයා අගමැතිවරයා වෙත හැරිලා කීවාලූ ජනාධිපතිවරයා රවී කරුණානායකව සහ මහබැංකු අධිපතිවරයාව පත්කරන්නට එපා කියද්දී අගමැතිවරයා ඒක ඇහුවේ නැති බව. පුවත්පත වාර්තා කළේ එහෙමයි. ඒ සිද්ධියෙනුත් පේනවා ඒ මානුසීය හැඟීම කියන සාධකය. ඒ කියන්නෙ එකට ගමනක් යන්න තිබුණත් රනිල් වික‍්‍රමසිංහ මැතිතුමාගේ මුරණ්ඩුකම නිසා ජනාධිපතිවරයාට ඇතිවුණ කළකිරීම.

අනෙක් පැත්තෙන් රටේ විශාල ආණ්ඩු විරෝධයක් ඇතිවෙලා තියෙනවා. ඒක පළාත් පාලන මැතිවරණයේදී මතුවෙන්නට ඔන්න මෙන්න තියෙන්නෙ. ඉතින් ජනාධිපතිවරයා උත්සාහ දරනවා ආණ්ඩු විරෝධයෙන් හැකිතරම් ඈත්වෙන්න. ඒ විරෝධය තමන්ට සහ ශ‍්‍රීලනිපයට වදින්න ඉඩ නොදී, එය අවම කරගෙන එය එජාපයට සහ අගමැතිවරයාට විඳදරාගන්නට ඉඩ දෙන ආකාරයට එජාපයේ ක‍්‍රියාකලාපය සහ තමාගේ ක‍්‍රියාකලාපය අතර පරතරයක් පෙන්වන්නට ජනාධිපතිවරයා උත්සාහ දරණ බව පේනවා.

තෙවැනි සාධකය තමයි  ශ‍්‍රීලනිපය තුළ නැත්නම් ආණ්්ඩු විරෝධී කඳවුර තුළ අද ඇතිවී තිබෙන ප‍්‍රබල තරඟය. එතැනින් ශ‍්‍රිලනිපය, ජවිපෙ, පොහොට්ටුව කියන කණ්ඩායම් අතරින් ප‍්‍රධාන විපක්ෂය කුමක්දැයි යන ප‍්‍රශ්නය එක්තරා දුරකට විශේෂයි.  ශ‍්‍රිලනිපය තුළත් එජාප විරෝධී කඳවුර තුළත් බල තුලනය සම්බන්ධ ප‍්‍රශ්නයක් තියෙනවා. මේ ප‍්‍රශ්නය තීව‍්‍ර වෙන්නෙ ලබන අවුරුද්ද හමාර වෙන්න කලින් ජනාධිපතිවරණයක් තියෙන නිසා. ඉතින් තමුන්ගේ පක්ෂය වන ශ‍්‍රීලනිපයේ ඡුන්ද පදනම ඓන්ද්‍රීය වශයෙන්, ස්වභාවික වශයෙන් එජාප විරෝධී එකක් නිසා, යහපාලන ආණ්ඩුවේ නායකත්වය නාමිකව හෝ දරමින් යූඇන්පී විරෝධයෙන් සහ ආණ්ඩු විරෝධයෙන් තමන්ට හිතවත් ශ‍්‍රීලනිප ධාරාව ආරක්ෂා කරගැනීම ජනාධිපතිවරයාට ප‍්‍රශ්නයක්.

ඒ සියල්ල නිසා ජනාධිපතිවරයාට අලූත් ස්ථාවරයකට මාරුවීමේ අවශ්‍යතාවක් තියෙනවා. ඒක කල්ඇතුව සිදුවේවිදැයි ප‍්‍රශ්නයක් තියෙනවා. ඒ මාරුවීම කළයුතු වෙන්නේ පෙබරවාරි 10 මැතිවරණයට කලින්. හැබැයි මට හිතෙන්නේ දැන් යන විදියට ඒ මාරුවීම සිදුවෙනු ඇත්තේ පෙබරවාරි 10න් පස්සේ. ප‍්‍රථිපලය සමඟ. හැබැයි ඒ වනවිට ජනාධිපතිවරයාට සහ ශ‍්‍රීලනිපයට හිමිවන ඡුන්ද ප‍්‍රථිපලය අනුව ඔවුන්ගේ කේවල් කිරීමේ බලයේ යම්  තරවීමක් වේවිද, හීන වීමක් වේවිද කියලා අපට මේ මොහොත වෙද්දී කියන්න අමාරුයි. ඒක එක්තරා විදියකට සූදුවක්.

මහාචාර්ය ඩෙස්මන්ඞ් මල්ලිකාරච්චි

යහපාලන ආණ්ඩුවට අවුරුදු තුනක් ගෙවිලා. තව අවුරුදු දෙකයි තියෙන්නෙ. ගෙවුණු අවුරුදු තුන ඇතුලේ මම පෞද්ගලිකව හිතන විදියට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට කරන්නට තිබුණු බොහෝදේවල් අතපසු කිරීම හෝ හිතාමතා මඟහැරීම හෝ මොකක්හරි හේතුවක් උඩ ඒවා කෙරුණේ නැහැ.

දැන් අවසාන අවුරුදු දෙකේදී එකවරම ජනාධිපතිවරයාට කඩුව ගන්න හිතුණේ ඇයිද කියන එක මට ප‍්‍රහේළිකාවක්. ජනාධිපතිවරයා භගවත් ගීතාව කියෙව්වේ ඊයේ පෙරේදාද දන්නෑ. මොකද මේවා කරන්න කාලයක් නැහැ. කාලය හිරවෙනකන් ඉඳලා මුවහමට තඩිබෑවේ ඇයි කියන එක ප‍්‍රශ්ණයක්.

ඔහුට කඩුව පාවිච්චි කරන්නට අවස්ථාව මීට කලින් තිබුණා. හැබැයි කඩුව මෙතෙක් පාවිච්චි නොකළ බව අපට පේනවා. අඩු තරමේ කඩුව පොලිෂ් කළත් අපට පේන්න තියෙනවා. මොකද අපරාධ, දූෂණ වංචා සිදුවීම්  ඕනෑතරම් තිබුණා. ඒවා සම්බන්ධයෙන් පරීක්ෂණ හිරවෙලා තියෙන අන්දම පෙනුණා.

ජනාධිපතිවරයාගේ ශ‍්‍රීලනිපය ප‍්‍රවර්ධනය කිරීමේ න්‍යාය පත‍්‍රයේ කොටසක් විදියටයි මට පෞද්ගලිකව මේ සිදුවීම් පෙනෙන්නේ. දැන් ජනාධිපතිවරයාගේ දේශපාලන පෞරුෂයෙන් මතුවෙන්නේ එයයි. මේ මැතිවරණයේදී අතිරේකවාසියක් ගැනීම වෙනුවෙන් මේවා කරනවාදැයි මට හිතෙනවා. සමහරවිට මැතිවරණය මේ අවුරුද්දේ පෙබරවාරි වෙනුවට දෙසැම්බර් මාසයට කල් ගියානම් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ වේගවත් ප‍්‍රකාශ ටික ඔය විදියටම සිදුවේවිද කියා මට ප‍්‍රශ්නයක් තියෙනවා.  ඔය දුම්මල වරම ගත්ත කපුරාලගේ හැසිරීම එහෙම වුණානම් අද දකින්න ලැබේවිද. එහෙම වුණානම් හොඳයි.

ඇත්තටම රටේ හැට දෙලක්ෂයක් ජනතාව අතරින් බහුතරය ඡුන්දය දුන්නේ ආර්ථිකය ගොඩනංවන්න විතරක් නෙවෙයි. අධිවේගී මාර්ග හදන්න, මොරගහකන්දට, ගුවන් පාලම්වලට නෙවෙයි. ජනතාව ඡුන්දය දුන්නේ අපරාධ සහ දූෂණ වංචා සම්බන්ධයෙන් පරීක්ෂණ කරන්න. මේක සදාචාර, නීතිගරුක රටක් කරන්නයි  ඕනෑ වුණේ.

මෛත‍්‍රීපාල සිරිසේන මහතා කරන්නේ දේශපාලන වශයෙන් රංගනයක් නෙවෙයි කියලා පෙන්වන්න නම් ඔහු මේවා කරන්න  ඕනේ පෙබරවාරි 10න් පස්සේ. ඒ කරන දේවල් දිහායි අපි බලාගෙන ඉන්න  ඕනේ.

මම වාමාංශිකයෙක් බව කවුරුත් දන්නවා. මම මේවා කියන්නේ එජාපය සුද්ධ කරන්න නෙවෙයි. අපි පහුගිය රජය පරාජය කරන්නට මැදිහත් වුණා. අපි බලාපොරොත්තු වුණේ ජනාධිපතිවරයා විසින් යමක් කරයි කියලා. එකම එක සිදුවීමක් අල්ලාගෙන ඒ ගැන කතාකරන්න නෙවෙයි අපි බලාපොරොත්තු වුණේ. බැඳුම්කර සිදුවීම බරපතළයි. ඒ ගැන අපි කතාකළා. හැබැයි ඒක ගැන විතරක් කතාකිරීම යට තවත් සිදුවීම් යට ගහන්න වුවමනාවක් තියෙනවා. ඒකාබද්ධ විපක්ෂයට කොහොමත් ඒ ගැන කතාකරන්න අයිතියක් නෑ. ජනාධිපතිවරයා බැඳුම්කරය සම්බන්ධයෙන් පියවර ගත්තා වගේ අනෙක් දේවල් ගැනත් පියවර ගන්න  ඕනේ. එහෙම නැත්නම් යහපාලනය පැත්තකින් තියලා වෛරී දේශපාලනයකට ජනාධිපතිවරයා එනවාදැයි අපට ප‍්‍රශ්නයක් තියෙනවා.

ජනාධිපතිවරයාව එජාපයේ සාමාජිකයන් විවේචනය කළා. ඒ වගේම ඒකේ අනෙක් පැත්තත් වුණා. ශ‍්‍රීලනිප කණ්ඩායම එජාපය විවේචනය කළා. ඩිලාන් පෙරේරා ඇමතිවරයා කට ඇරියොත් රනිල් කියන වචනයයි වැඩිපුර එන්නේ. වාමාංශික දේශපාලනඥයන් වන වාසුදේව නානායක්කාර වැනි අයත් කට ඇරියොත් රනිල් ගැනයි කියන්නෙ. අපි වාමාංශික දේශපාලනය කියන්නේ පුද්ගලයන් එල්ල කරගෙන පහරදීමක් නෙවෙයි. මහා පාගමනේදී මා ඕ සේතුං සමඟ ගිය තරුණයෙක් තමන් වැඩකරපු ධනපතියාගේ පවුල අල්ලාගෙන ඒ පවුලට වෙඩි තියන්න යනකොට මා ඕ සේතුං කිව්වා  ඕක පැත්තකට දාන්න, අපේ වෛරය තියෙන්නෙ පුද්ගලයන් සමඟ නෙවෙයි කියලයි. ඉතින් අපේ දේශපාලනයේත් අපි වෛර කළයුත්තේ රනිල් වික‍්‍රමසිංහ කියන පුද්ගලයාට නෙවෙයි. අපේ දේශපාලනය රනිල් විරෝධී එකක් වියයුතු නැහැ.

විශ‍්‍රාමික රාජ්‍ය නිලධාරී සුසිල් සිරිවර්ධන

පහුගිය අවුරුදු තුන ඇතුලේ ආණ්ඩුවේ දෙපාර්ශ්වයම නිර්මාණාත්මක සහ පාඩම් ඉගෙනගැනීමේ විමර්ශනයක යෙදිලා නැහැ. ඒ ගැන ප‍්‍රමාණවත් සංවාදයක් වෙලා නැහැ. ඒක සම්මුතිවාදී ආණ්ඩුවක් පිහිටුවන්නට ආශිර්වාදයක් සහ වරමක් දුන්න ජනතාවට කරන ලොකු අගෞරවයක්. මොකද මම හිතන්නෙ නෑ ගෙවුණු අවුරුදු තුන ඇතුලේ ලංකාවේ ඉතිහාසයේ පළමුවැනි වතාවට විඳපු අත්දැකීමක් තියෙන්නේ.

පහුගිය අවුරුදු තුනේ ධනාත්මක දේවල් සිදුවුණා. මිනිස්සු කිසිසේත් අත්හරින්න ලෑස්ති වෙනසක් වුණා. හොඳ සම්ප‍්‍රදායන් ඇතිවුණා. ඒවා ප‍්‍රමාණවත් නැති බව ඇත්ත. හැබැයි 2015 ජනවාරි අටවැනිදා තිබුණු තත්ත්වයට සාපේක්ෂව විශාල වෙනසක් වුණා.