වංචා දූෂණවලට එරෙහිවීමේ අභියෝගය

මහ බැංකු බැඳුම්කර වංචාව ගැන විමර්ශනය කරන්නට පත් කරන ලද කොමිසමේනිර්දේශ ඉදිරියට ක‍්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපතිවරයා ඉතාමත් උනන්දුවකින් කටයුතු කරන බව දැනගන්නට තිබේ. පොලිසිය හා නීතිපති දෙපාර්තමේන්තුව නිරන්තරයෙන් කැඳවමින්, ඉතාම උනන්දුවෙන් මෙහෙයවමින්, බැඳුම්කර වංචාකාරයන්ට විරුද්ධව නීතිය ක‍්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා කටයුතු කරමින් සිටියි.
මෙය අගය කළ යුතු වෑයමකි. ලංකා ඉතිහාසයේ මෑත කාලීන දේශපාලන දේහය පුරා උඩු දුවා ඇති වංචාව හා දූෂණය පිටුදැකීමේ ඉතාමත් අපහසු හා අභියෝගාත්මක කාර්යය ජනාධිපතිවරයා ම භාර ගැනීම ප‍්‍රශංසා කටයුතු ය.
එහෙත් එය පහසු දෙයක් නොවේ. පළමුවැනි ව, තමා ඒ කාර්යභාරය ඉටු කිරීම සඳහා හැම අතින් ම සුදුසු බවට ජනතාව අතර ඒත්තු ගැන්වීමට ජනාධිපතිවරයාට හැකි විය යුතු ය.
ජනවාරි 8 වැනිදා, ලක්‍ෂ හැට දෙකක ජනතාවගේ ඡුන්දයෙන් තේරී පත්වී ඊට පසු දින ජනාධිපති ධුරයේ දිවුරුම් දෙන විට නම් ජනාධිපතිවරයා සිටියේ හැම අතින් ම ඒ කාර්යභාරය සඳහා අවිවාදයෙන් ම සුදුසු පුද්ගලයා හැටියට ය. ඒ සඳහා ජනතාව සමග ඇති විය යුතු සම්මුතිය ද පොදු අපේක්‍ෂකයා හා ජනතාව අතර ඒ වන විට ඇතිවී තිබුණු අතර, ඒ සා විශාල ජනතාවක්, නිර්පාක්‍ෂික අපේක්‍ෂකයකු වෙත බරපතළ විශ්වාසයක් තැබීමට ද එය හේතුවක් විය. ඒ විශ්වාසය මත වැඩි බරක් තබමින් ඒ දිනවල ම වේගයෙන් ක‍්‍රියාත්මක වන්නට පටන් ගත්තා නම්, රට අද පවතිනු ඇත්තේ මීට වඩා ඉහළ තැනක ය.
එහෙත්, ධුර කාලය ආරම්භ වීමෙන් පසුව ඇති වූ විවිධාකාර දේශපාලන වෙනස්කම් මත, වංචාව, දූෂණය හා මහජන දේපළ මංකොල්ලකෑම්වලට එරෙහි ව කටයුතු කිරීමේ අංකය, ජනාධිපතිවරයාගේත් ආණ්ඩුවේත් කාර්ය සාධන ලැයිස්තුවේ පහළට ගමන් කිරීමට පටන් ගත්තේ ය. වංචා දූෂණවලට තරාතිරම නොබලා විරුද්ධ වනවා වෙනුවට, යම් තරමක් දුරට ඒවා ඉවසනසුලූ වූත්, ඒවායෙයහි යෙදෙන හා යෙදුණ අය ආරක්‍ෂා කරන්නා වූත් පරිසරයක් පශ්චාත්ජනවාරි 8 කාලයේ දීත් රට පුරා ගොඩ නැගෙමින් පැවතිණ.
මහබැංකු බැඳුම්කර කොමිසමත්, ඊට පිටුපසින් බරපතළ මූල්‍ය වංචා සම්බන්ධ ජනාධිපති කොමිසමත් ඒ නරක ප‍්‍රවණතාවට එරෙහිව ගිය නිර්භීත පියවර දෙකකි. කාලය බොහෝ ගෙවී ඇති නමුත්, එතැනින් අලූත් පටන් ගැනීමක් දැන් වුවත් කළ හැකි ය.
ඒ නිසා, වහා ම බැඳුම්කර වංචාව, අනෙකුත් බරපතළ වංචා හා දූෂණ සම්බන්ධ අපරාධ පරීක්‍ෂණ ආරම්භ කොට වේගවත් ව පවත්වා ගත යුතු අතර, ඒවා සම්බන්ධ නඩු විභාග ඉක්මනින් පවත්වන වෙන ම අධිකරණ ද වහා ම නීතිගත වී ක‍්‍රියාත්මක වීම ඇරඹිය යුතු ය. ආණ්ඩුවේ ඉදිරි කාලය තුළ දී, වංචා දූෂණවලට විරුද්ධ වන බව ප‍්‍රායෝගිකව පෙන්විය හැකි එක ම ක‍්‍රමය එයයි.
ඊට අමතර ව, පසුගිය ආණ්ඩුව කාලයේත්, වර්තමාන ආණ්ඩුව කාලයේත්, දේශපාලන මුහුණුවරකින් හෝ පාලකයන්ගේ සිතැඟිවලට අනුව හෝ සිදුවී ඇති අනෙකුත් අපරාධ පිළිබඳව ද පරීක්‍ෂණ කාර්යක්‍ෂම විය යුතු ය. එමෙන් ම, ඒවා සම්බන්ධ ව නීතිය ක‍්‍රියාත්මක කිරීම ද පුද්ගල පක්‍ෂ තරාතිරම නොබලා, කිසිම බලවතකුගේ ඇඟිලි ගැසීම්වලින් තොර ව ඉදිරියට යා යුතු ය. ජනාධිපතිවරයා, අගමැතිවරයා හා අනෙකුත් නීතිය ක‍්‍රියාත්මක කිරීමේ ආයතන කටයුතු කරන්නේ අහවලාට විරුද්ධ ව සැඟවුණු න්‍යාය පත‍්‍රයක් අනුව නොවේයැයි ජනතාවට ඒත්තු යන ආකාරයෙන් විනිවිදභාවයෙන් සියලූ කටයුතු ඉටු විය යුතු ය.
වංචා දූෂණවලට එරෙහිව යෑමට විරුද්ධ වන්නෝ දේශපාලන බලවත්තු පමණක් නොවෙති. රටේ ප‍්‍රාග්ධනය හිමි, හැම කල්හි ම අයථා මාර්ගවලින් ධනය වර්ධනය කරගන්නා, ධනය නිසා ම බලවත්භාවය ද හිමි කර ගෙන සිටින වසල වෙළඳ කුලය ද මෙලෙස වංචා දූෂණවලට එරෙහි ව්‍යායාමයට මාරාන්තික ව විරුද්ධ වෙති. විවිධ වේශයෙන් එන ඔවුන්ගේ බලපෑම්වලින් වියුක්ත ව සිටීම ද ඉතා ම අසීරු කාර්යයකි.
ඒ නිසා, මේ සියලූ තත්ත්වයන් සලකා බැලෙමින්, වංචා දූෂණ ශ‍්‍රී ලංකා දේශපාලනය තුළ අවම කිරීමේ වෑයම සාර්ථක වනු ඇතැ’යි මේ රටේ ජනතාවගේ බලාපොරොත්තුවයි