රාවය

පුංචි ඡන්දය, සමාජ වගකීම සහ අප

පුංචි ඡන්දය,  සමාජ වගකීම සහ අප

වින්ද්‍යා සවිති‍්‍ර ගමගේ

පුංචි ඡන්දය අත ළඟ නිසා මේ දිනවල ඡුන්දදායකයන්ගේ ප‍්‍රශ්න විසඳීමට බොහෝ දෙනෙක් පොරොන්දු ලබා දෙයි. එහෙත් මේ පිරිසෙන් කීයෙන් කීදෙනෙක් ගමේ ඇති සැබෑ ප‍්‍රශ්නය ගැන දැනුවත්ද? තාක්ෂණයත් සමග බද්ධව අද අප ගෙවන ජීවිතය ඝෝෂාව, ආතතිය හා අනවධානයෙන් පිරී පවතින නිසා මානව සම්බන්ධතා නිරන්තරයෙන් සෝදාපාළුවට ලක්වේ. ඒ නිසාම අසරණභාවයට පත්වන බොහෝ දෙනා සියදිවි හානිකර ගැනීම සිය එකම ගැලවීමේ මාර්ගය ලෙස තෝරාගෙන තිබේ. ”අපරාදේ පොඩි දේකට ජීවිතය නැති කරගෙන තියෙන්නේ. මට කිව්ව නම් මම උදව් කරනවනේ.” ඒ සියදිවි නසා ගැනීම්වලින් පසු ඇතිවන වටමේස සාකච්ජාවලදී නිතර ඇසෙන කතාය. ඒත් ආර්ථික හෝ මානසික ලෙස ආතතියට පත් අය වෙනුවෙන් යමක් කරන්නට තබා ඔවුන් කියන දේ අසා සිටින්නට ඉවසීම ඇත්තේ කීයෙන් කීදෙනාටද? එසේ නම් අප සැබවින්ම කළයුත්තේ තාප්ප, කම්බි වැටවල්වලින් හිර කර ඇති මනුස්සකම නැවත කරලියට ගෙන ඒම නොවේද? අනෙක් අතට ගමක ප‍්‍රශ්න විසඳීමට දේශපාලනඥයෙකු මතම යැපීම කොතරම් දුරට ප‍්‍රායෝගිකද? ගමේ ප‍්‍රශ්න නිසි අයුරින් හඳුනාගෙන රජය පමණක් නොව අනෙකුත් සියලූදෙනාගේ ද සහයෝගයෙන් ඒ සඳහා විසඳුම් සෙවිය හැකි වැඩපිළිවෙළක් ක‍්‍රියාවට නැංවිය හැකි නම් සාමූහික වගකීම් මැනවින් හඳුනාගත් සමාජයක් බිහි කිරීම කොතරම් පහසු වනු ඇත්ද?
දැනට පවතින තත්ත්වය
දැනට ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල තුළ සමාජ සේවා නිලධාරියකු සිටියි. ඔහු/ඇය වෙනුවෙන් යම් විමධ්‍යගත අරමුදලක් වෙන්කර ඇති අතර ඒ තුළින් අඩු ආදායම්ලාභී පවුල්වලට සහන සැලසීම, ආබාධිත පුද්ගලයන්ට උපකරණ ලබාදීම, උපදේශනය, නිවාස ආධාර ලබාදීම වැනි සමස්තය ආවරණය නොවන කාර්යභාරයක් ඉටු වේ. සමාජසේවා නිලධාරියා එසේ එක් තැනක සිට සානුකම්පිකව ගැටලූ විසඳීමට උත්සාහ දරද්දී ආපදා කළමනාකරණය, කාන්තා කටයුතු, පරිවාස හා ළමා ආරක්ෂණ කටයුතු, සංස්කෘතික කටයුතු වැනි වෙනත් අංශයන් එකම සේවාලාභීන් පිරිසක් වෙනුවෙන් වෙනත් ආකාරයේ වැඩසටහන් දියත් කිරීමට හුදෙකලා උත්සාහයක යෙදෙයි. මේ හේතුවෙන් ඉහත සඳහන් කළ විවිධ අංශවල එකතුවෙන් වැඩසටහන් දියත් කිරීම තුළින් ඇතිවිය හැකිව තිබූ සහක‍්‍රියා (synergy) උත්පාදනය කරන ඵලදායි වටපිටාව අහිමි වී යයි.

‘සමාජ සංහිඳ’
මේ සියලූ කරුණු සලකා බලා ප‍්‍රදේශයේ ගැටලූ විසඳීම සඳහා ම වෙන්වූ ‘සමාජ සංහිඳක්’ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් තුළ ස්ථාපනය කළ හැක. ඉන්පසු ස්වේච්ඡුා සේවකයන් සහ ග‍්‍රාමසේවකයන් මෙන්ම ඉහත සඳහන් කළ නිලධාරී මඬුල්ලද එක්ව ගම තුළ ඇති ප‍්‍රශ්න පිළිබඳ සමීක්ෂණයක් කර ඒවා පොදු වර්ගීකරණයකට ඇතුළත් කරගත හැක. සෑම සමාජ සංහිඳක් සඳහාම දුරකථන අංකය නිකුත් කළ හැකි අතර ප‍්‍රදේශවාසීන්ට ඇති ඕනෑම ගැටලූවක් (මානසික ගැටලූ, ආර්ථික දුෂ්කරතා, ආරවුල්, සෞඛ්‍ය ප‍්‍රශ්න, පාරිසරික ගැටලූ* මේ හරහා දැනුම් දිය හැක.

සම්පත් දායකයන්
මෙසේ සමීක්ෂණය සිදුවන අතරතුර, ගම තුළ සිටින, ස්වේච්ඡුාවෙන් මේ සඳහා සම්පත් දායකත්වය ලබාදිය හැකි පුද්ගලයන්ගේ එකතුවක් පිහිටුවිය හැක. විශ‍්‍රාමික රජයේ හා පෞද්ගලික අංශයේ සේවකයන්, විභාග අවසන් කර ප‍්‍රතිඵල අපේක්ෂාවෙන් සිටින්නන්, සති අන්ත විවේකය ‘සමාජ සංහිඳ’ වෙනුවෙන් කැප කිරීමට කැමති විවිධ අංශවල වෘත්තිකයන් මේ අතරින් කැපී පෙනෙනු ඇත.

අරමුදල් සම්පාදකයන්
සම්පත් දායකයන් එසේ රැුස් වෙද්දී, ගමේ යහපත වෙනුවෙන් මුදල් යෙදවීමට කැමති අරමුදල් සම්පාදකයන් පිරිසකගේ එකතුවක් වෙනම පිහිට විය හැක. රජයේ විමධ්‍යගත අරමුදලට අමතරව, මේ සඳහා ප‍්‍රදේශයේ ධනවත් ව්‍යාපාරිකයන්ට, සංස්ථාපිත සමාජ වගකීම් (Corporate Social Responsibility – CSR) ව්‍යාපෘති යටතේ දායකත්වය දැක්වීමට කැමති පෞද්ගලික ආයතනවලට ද එකතු විය හැක.

සාමූහික මැදිහත්වීම
ප‍්‍රාදේශීය සමීක්ෂණ හරහා එක්තු කරගත් ගැටලූ මෙන්ම ඇමතුම් මධ්‍යස්ථානය හරහා ලද ගැටලූ, තොරතුරු තාක්ෂණය භාවිතයෙන් එකම දත්ත සංචිතයකට (Data Base) ඇතුළත් කර, සෑම ගැටලූවක් සඳහාම යොමු අංකයක් (Refeence Number) නිකුත් කරන අතර, එසැණින්ම ගැටලූවල ස්වභාවය අනුව වර්ගීකරණයකට ලක් කරයි. (උදා :- මානසික ගැටලූ, ආර්ථික අපහසුතා, ඇබ්බැහි ලෙස) පසුව සමාජ සංහිඳෙහි නියෝජිතයන් එක්වී, විවිධ විෂයයන්ට අදාළ ප‍්‍රශ්න විසඳීම සඳහා, ප‍්‍රශ්නය ඇති පුද්ගලයා, සම්පත් දායකයන් සහ අරමුදල් සම්පාදකයන් සම්බන්ධ කර පහසුකම්කරණයක් (facilitated case conference) සිදු කරයි. මේ සඳහා පුහුණු සමාජ වැඩකරුවන් (Social Workers) යොදා ගත හැක. එසේම යම් ප‍්‍රදේශයකට අයත් සමාජ සංහිඳක් සඳහා අරමුදල් හා සම්පත් දායකයින්ගේ හිඟකමක් ඇත්නම් වෙනත් සමාජ සංහිඳක උදවු පැතීම, සමාජ ජාල (Social Media) හරහා සම්බන්ධ වී උපකාර ඉල්ලා සිටීම ආදියද සිදුකළ හැක.
ප‍්‍රතිලාභ
තම ගම ගැන වඩා හොඳ අවබෝධයක් ඇත්තේ ගම්වැසියන්ටයි. මෙසේ තම ගමේ සමාජ සංහිඳ සඳහා ගමේම මිනිසුන් සම්බන්ධ වීම නිසා ආපදා අවස්ථාවකදී වහ වහා ක‍්‍රියාත්මකවීමට හැකියාව ඇත. ස්වේච්ඡුා සේවයට කැමති දැනට තම කාලය නිකරුණේ වැය කර දමන වැඩිහිටියන්ට, තරුණයින්ට සමාජ සංහිඳට සම්බන්ධ වීම තුළින් නව මානයකින් ජීවිතය දෙස බැලීමට හැකිවනු ඇත. ඒ තුළින් සියදිවි හානිකරගැනීම, මත්ද්‍රව්‍ය භාවිතය, අයථා ක‍්‍රියාවන්ට යොමුවීම ආදී සමාජ ප‍්‍රශ්න රැසකටද තිරසාර පිළිතුරක් ලැබෙනු ඇත. ගමේ දැවෙන ප‍්‍රශ්න, ගම තුළම විසඳා ගත නොහැකි නම්, ජාතික තලය දක්වා ගෙන යාහැකි පිරිස් බලයක් ගොඩනැගීමටද ගමට නායකත්වය දිය හැකි සැබෑ නායකයන් හඳුනා ගැනීමද මේ තුළින් සිදුකළ හැක. ගමේ ප‍්‍රශ්න වෙන කෙනෙකු විසඳන තුරු බලා නොයිඳ, සියලූදෙනාගේම සහභාගිත්වය හා දායකත්වය මත විසඳා ගැනීම තුළින් සමාජයට වගකියන පුරවැසියන් බිහිවනු ඇත.
අප හමුවේ ඇති ගැටලූ මගහැරීම වෙනුවට ඒ සඳහා සාමූහික වෑයමකින් සවිබලගැන්වී ක‍්‍රියාත්මක වීම තුළින් ප‍්‍රජාවට වග වන දේශපාලනඥයන් බිහිකර ගැනීමට හැකිවන අතර එමගින් අද අපි අත්විඳින කෲර දේශපාලන විසම චක‍්‍රය බිඳ හෙළීමට හැකිවනු ඇත.