රාවය

ඔලිම්පික් මහත්වරු සහ මහත් හොරු

ඔලිම්පික් මහත්වරු සහ මහත් හොරු

ආණ්ඩුව ඇතුළේ බැදුම්කර විවාද කෙබදුද? ඔලිම්පික් කමිටුව සම්බන්ධයෙන් මේ වන විට පවතින සංවාදත් එබදුමය. පිරිසක් අනෙක් පිරිසට හොරා කියන අතර ඒ පිරිස මේ අයට හොරා කියති. අවසානයේ සැවෝම හොරුය. හොර තක්කඩියා. මේ නම් කම්බ හොරුමය.
මුලින්ම සැලකිල්ලට ගත යුත්තේ දැනට එළි වී ඇති එළිපිට කතා වෙන කරුණුය. ශී‍්‍ර ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ 2010 සිට 2012 දක්වා කාල වකවානුවට අදාළ වාර්ෂික ගිණුම් වාර්තා පිළිබද විගණකාධිපතිවරයාගේ මතයන් හා නිර්දේශයන් ඇතුළත් වාර්තාව මේ වනවිට නිකුත් වී ඇති අතර ඒ වාර්තාවට අනුව ඔලිම්පික් කමිටුව (එන්. ඕ.සී.) පරිපාලනය විසින් සිදු කරන ලද මුදල් අක‍්‍රමිකතාවන් පිළිබද ඉස්මතු කර ඇත. ඕනෑම ගිණුම් වාර්තාවක එවැනි අපහැදැලි තැන් උලූප්පාලීම සාමාන්‍යය. එයට නැවත පෙරළා උත්තර සැපයීම ඊට අදාළ පාර්ශව කළ යුතුය. එයින් අප මෙහි කිසිම අවැඩක් සිදුව නැතැයි නොකියමු. සිදුව ඇත්තෙම අවැඩකි.
අනෙක් අතට මේ කතා බහ 2010 සිට 2012 දක්වා වාර්තාවන් ගැනය. 2013 සිට 2016 දක්වා වාර්තා තවමත් විගණකාධිපති ළගය. ඡන්ද තිබුණද නොතිබුණද ගිණුම් වාර්තා මරණාධාර සමිතියක වුව වාර්ෂිකව ඉදිරිපත් කළ යුතුය. එය එහි සාමාජිකයන් දත යුතුය. අභාග්‍ය අද මේ කෑ මොර දෙන තක්කඩි රැුළ එම කමිටුවේම ළග ඉන්න කල මේ දේවල් නොඉල්ලීමය. එසේ ඉල්ලා සිටියේ නම් ගිණුම් වාර්තා මේ තරම් ප‍්‍රමාද නොවෙනු නියතය. එකට ඉන්නකොට මොන දේ කළද හොදය. විරසක වූ කළ ඒ දේවල් වැරදිය.
එසේ නම් මේ වන විට කෙසේ හෝ ඔලිම්පික් නිලවරණය පෙබරවාරි 23 පැවැත්වෙන බව කනින් කොනින් ඇසේ. ඒ වන විට 2013 සිට 2016 දක්වා ගිණුම් වාර්තා ලැබෙනු ඇත්ද?
දැනට ලැබී ඇති ගිණුම් වාර්තා වන්හී සදහන් කරුණු අතර එක් පාර්ශවයක් මතුකරනුයේ ඒ වසරවලදී එක් එක් තෝරා ගත් සංගම්වලට අමුතු සැලකිලි කර ඇති බවය. එනම් රුපියල් මිලියන 3.5 කට අධික මුදලක් තම හිතවත් සංගම්වලට ලබා දී ඇති බවය. ටෙනිස් මිලියන 2.5 යි. ගොල්ෆ් මිලියන 1යි. කී‍්‍රඩා සංගම් කොපමණ තිබුණද? මුදල් ලබා දී ඇත්තේ මේ දෙකට පමණක් නම් ගැටලූවකි. එමෙන්ම අනෙක් අතට සොයා බැලිය යුත්තේ සෙසු සංගම් මුදල් ඉල්ලා යෝජනා අරමුණු ඉදිරිපත් කර ඇත්ද යන්නය. මැක්ස්වෙල්ගේ වුවමනාවට ටෙනිස්වලට ඒ මුදල් ලබා දුන්නා යයි සිතමු. යෝජනා සැලසුම් ඉදිරිපත් කළේ නම් රොහාන් ප‍්‍රනාන්දුව මුදල් ගත නොහැකිව තිබුණිද? දේවා හෙන්රිට ගත නොහැකි විද? මේ සැවෝම එකල ගහේ බඩු නොවිද?
මේ ගිණුම් වාර්තාවට අනුව ඕස්ටේ‍්‍රලියානු පුහුණුකරුවන් සදහා රුපියල් මිලියන 4කට ආසන්න මුදලක් වියදම් කර ඇත්තේ ඊට අදාළ විගණනය සදහා අවශ්‍ය විධිමත් ලිඛිත එකගතාවකින් තොරවය. අද මේවා ඇගිල්ලෙන් ඇන පෙන්වනුයේ රොහාන් පාර්ශවයය. භාණ්ඩාගාර චක‍්‍රලේඛවලට පටගැනීම රුපියල් මිලියන 23කට වඩා මුදලක් පිළිබදවද විනිවිදභාවයක් නැතැයි මොවුහු පෙන්වා දෙති. එම වාර්තාවම ටෙන්ඩර් පටිපාටියන් තොරව රුපියල් මිලියන 52කට ආසන්න ගනුදෙනු සිදුවී ඇතැයි වාර්තා වේ. මේ විදිහට ගිණුම් වාර්තාවේ විවිධ තැන් අල්ලා ගනිමින් වත්මන් ඔලිම්පික් කමිටු නිලධාරීන්ට රොහාන් පාර්ශවය චෝදනා කරති.
මේ චෝදනාවන්ට පිළිතුරු දෙන මැක්ස්වෙල්ද සිල්වා මාධ්‍ය නිවේදනයක් හරහා කියා තිබුණේ ජාතික ඔලිම්පික් කමිටුවේ ගිණුම් ජාතික ඔලිම්පික් කමිටුවේ ගිණුම් කටයුතු පිළිබදවත් විනිවිදභාවය හා යහපාලනය පිළිබදවත් සුළු සුළු අඩුපාඩු කිහිපයක් හැරුණු කොට සියලූ ගිණුම් වාර්තා සත්‍ය හා නිවැරදිබවය. ගිණුම් වාර්තාවක සුළු අඩුපාඩු තිබිය හැකිද? වසර ගණනාවක් ඔලිම්පික් කමිටුවේ ලේකම් ධුරය දරණ කෙනකුට එවැනි දෙයක් කිව හැකිද?
අනෙක් අතට මැක්ස්වෙල් ද සිල්වා පතුරු අරින මේ රොහාන් ප‍්‍රනාන්දු 2010 සිට මේ දක්වා ඔලිම්පික් කමිටුවේ මුදල් කළමනාකරණ කමිටුවේ ප‍්‍රධානියාය. එසේනම් මෙතරම් අඩුපාඩු වන තෙක් ඔහු කළේ කුමක්ද? අද ඔලිම්පික් කමිටුවේ වැරදි දකිමින් අනාගත ඔලිම්පික් කමිටු සභාපති වෙන්නට සිහින මවන රොහාන් ප‍්‍රනාන්දු වැන්නෙක් එවැනි තනතුරකට උචිතද? අද වත්මන් ඔලිම්පික් කමිටුව දූෂිත නම් ඊට ඔහු ද වගකිව යුතු ප‍්‍රධාන කොටස්කරුවෙකි. මන්ද ඔහු මූල්‍ය කමිටුවේ අදටත් ප‍්‍රධානියා නිසාය. එසේ නම් දැන් ඔහුට මම දන්නේ නෑ. මගේ අනුදැනුමින් තොරව මේ දේවල් සිදුව ඇතැයි රෙද්දක් ඇදගෙන කිව හැකි ද? දේවා හෙන්රි නිශාන්ත පියසේනලා මේ තත්ත්වයට වගකිව යුතු නැද්ද? හේමසිරි ප‍්‍රනාන්දු වටේ දැවටෙමින් නමක් හදාගත් මේ අයට අද ඒ පාලනයට චෝදනා කරන්නට පෙර තමන්ද එහි කොටස්කරුවන් බව සිතීම අමතක වී ඇති හැඩය.
අද මාධ්‍ය සංදර්ශන පවත්වමින් කෑ මොර දෙන මේ අයගේ සංගම්වල තත්ත්වය කුමක්ද? රොහාන් ප‍්‍රනාන්දුගේ රොටිං සංගමයේ දියුණුව කුමක්ද? දේවා හෙන්රි කර ඇත්තේ කුමක්ද? අද වැඩිහිටි නිවාසවල සිටිය යුතු මේ අය කී‍්‍රඩාවට කුමක්ද කරන්නද? බොක්සිං කී‍්‍රඩාවේ තත්ත්වය කුමක්ද? මේ තක්කඩි රැුළක් එක්වී බලය ලබා ගන්නට දමන සෙල්ලමෙන් කී‍්‍රඩාවට අමුතු සෙතක් වනු ඇතැයි කාට හෝ සහතික විය හැකිද? ලොකු හෝටල්වල සුපර්ස්ටාර්ස් තරුමෙන් පායා ලොකු කතා කියන මේ අය කම්බ හොරු බව දිගු ඉතිහාසයක සිට ලියා ඇත. ඒ අතින් හේමසිරිලා මීට වඩා සෘජුය. වත්මන් ඔලිම්පික් පාලනයේ වැරදි එමට ඇති මුත් ඒ වැරදි සියල්ලට අද මේ බලය ඉල්ලන අයද කොටස් කරුවන්ය. රොහාන් ප‍්‍රනාන්දු මූල්‍ය කටයුතුවල මැක්ස්වෙල් කියන සුළු වැරදිවලට පවාවග කීව යුතුය. රෙහාන්ද ඔලිම්පික් කමිටුවට පැමිණ වසර දහයක් පමණය. එසේනම් ඔහුද එහි විශාල කොටස්කරුවෙකි. දේවා හෙන්රි ඇති තරම් ඔලිම්පික් කමිටුවෙන් වාසි ලැබුවෙකි. පියසේනද එසේමය. එසේ නම් මේ කුමන බහුබූත නැටුම්ද?
එක හොරු රැළක් පන්නා තව හොරු රැුළක් ගෙන එන රංගනයක්ද? මේ. දැන් සිදුව ඇත්තේ සියල්ල බදාගෙන කෑමට උත්සාහ කිරීමය. කී‍්‍රඩා සංගම් ඡුන්දය දෙන විට මීට වඩා වගකිව යුතු වේ. ඒ මේ වෙස් මුහුණුකාරයන් අද කියන කතා පදනම් විරහිත බැවිනි. මහා වාක්‍ය ඉදිරිපත් කරමින් කයිවාරු ගසන මේ අයට ඔලිම්පික් කමිටුවේ දස වසරක් සිටියද? ගිණුම් වාර්තාවක් ඉල්ලන්නට බැරිය. මේ සියල්ලට සටන් කරන්නට තිබුණේ ඇතුළේ සිටය. එදා එකට සිටියදී කට පියාගෙන සිටී තක්කඩි අද සාදුවරයන් වී ඇත.
කී‍්‍රඩා අමාත්‍යවරයාගේ අවංක වුවමනාව ඔලිම්පික් නිලවරණය පැවැත්වීමය. ඔහු මේ එක පාර්ශවයක හෝ පැත්තගෙන කි‍්‍රයා කරතැයි අප විශ්වාස නොකරමු. මන්ද ඔහු වුව මේ වන විට මේ එකම පිරිස දෙපිළ බෙදී තරග වදින බව සහ සුද්ධයටම දන්නා නිසාය.
ඔලිම්පික් කමිටුවේ තනතුරු කවුරු දැරුවද අපට කම් නැත. එය සංගම් තීන්දු කරනු ඇතිය. එහෙත් අපට හිනා නැගෙනුයේ ඔලිම්පික් කමිටුවේ කුස්සියට වී එහි ඉදුල් කකා සිටී අය අද මහා චරිත වී කයිවාරු ගැසීමය. මේ අයට පාලනයක් ගෙන යා හැකිද? දස වසරක් පමණ ඇතුළේ සිටියදී කටක් නොඇරු කිව හැකි සාධාරණ යමක් වේද?
ඔලිම්පික් කමිටු නිලවරණය සැබෑවින්ම පැවැත්වෙයි දැයි සැක සහිතය. ඒ කුමන හෝ හේතුවක් මත එය නැවත කඩා කප්පල් වීමට ඇති ඉඩද ඇති බැවිනි. සමහර විට එය මේ පාර්ශවයෙන් සිදු කර වත්මන් පාලනය අපහසුතාවට පත් කිරීමට වුව කළ හැකිය. මන්ද දැන් හේමසිරි පාර්ශ්වය පෙබරවාරි 23 නිලවරණය පත්වනවා යැයි සපථ කරද්දී මේ පාර්ශ්වය ඊට වැඩි කැමැත්තක් නොදක්වන බැවිනි. තමන්ට සිටින ප‍්‍රමාණය ප‍්‍රසිද්ධ කරමින් ජයග‍්‍රහණය සහතික බව කියමින් කාලය කා දැමීම විගඩමකි. ඡුන්දය දුන් පසු සැමගේ පුරාජේරු දැක වෙලා ගත හැකිය.
රොහාන් ප‍්‍රනාන්දු කියනුයේ කුඩා රටවල් ඔලිම්පික් පදක්කම් දිනද්දී අපට ඔලිම්පික් පදක්කම් දිනිය නොහැකි වී ඇත්තේ පරිපාලනයේ සැලසුම් නොමැති කමිනි. ඩන්කන් වයිට්ට පසු සුසන්තිකා අඩ ශත වර්ෂයකට පසු දිනන ඔලිම්පික් පදක්කම දිනනුයේ හේමසිරි ප‍්‍රනාන්දු යුගයේදීමය. එවිට රොහාන්ට වඩා හේමසිරිපිලට ඒ ගැන ආඩම්බර විය හැකිය. පැරෂුට් කාරයන් කියන කතා ඒ අයගේ තරමට පෙන්නුම් කරනු විනා අන් කවරක්ද?
ඔලිම්පික් පදක්කම් දිනන සැලසුම් සකස් කළ යුත්තේ කී‍්‍රඩා අමාත්‍යාංශයය. එය රාජ්‍ය මැදිහත් වීමද ඇතිව කළ යුතු වැඩය. දැන් රොහාන් ආපසු අප ඔලිම්පික් පදක්කම් දිනනු ඇතිවද? මේ කතා අප පිළිගත යුතුද? මේ තත්ත්වය යටතේ අප කල්පනා කළ යුත්තේ මේ මහත්වරු කියන කතා කොතරම් සත්‍යද පමණය. වඩා හොද පිරිස තෝරා ගැනීම සංගම් සතු වගකීමකි. දැනට කිව හැක්කේ එපමණකි.