රාවය

ලාංකේය ශ‍්‍රව්‍ය, දෘෂ්‍ය කලා වංශාවලියේ අප‍්‍රකට පුරෝගාමියා

ලාංකේය ශ‍්‍රව්‍ය, දෘෂ්‍ය කලා වංශාවලියේ අප‍්‍රකට පුරෝගාමියා

සම්පත් බණ්ඩාර

ඒ ඩබ්ලිව් ඇන්ඩි‍්‍ර යනු ලාංකේය ශ‍්‍රව්‍ය දෘෂ්‍ය කලා වංශාවලියේ අතිශය වැදගත් පුරෝගාමී චරිතයකි. ඔහු පිළිබද සදහන් නොකර මෙරට ඡුායාරූප කලා ඉතිහාසය. සිනමා ඉතිහාසය හෝ සංගීත ඉතිහාසය පරිපූර්ණව සටහන් කිරීම උගහටය. මෙරට සිනමා, කලා ඉතිහාස ග‍්‍රන්ථවල පවා මේ පුද්ගලයා පිළිබදව සදහන් වන්නේ ඉතා මද වශයෙනි.
ඒ.ඩබ්ලිව් ඇන්ඩි‍්‍රගේ ජීවිත වෘත්තාන්තය මෙන්ම පවුලේ තොරතුරුද අල්පය. ඡුායාරූප ශිල්පියකු වුවද ඔහුගේ ආලේඛ්‍ය ඡායාරූප ශිල්පියකු වුවද ඔහුගේ ආලේඛ්‍ය ඡායාරූප අතිශය විරලය. සිංහල සිනමාවට හැත්තෑ එක් වසරක් සපිරෙන මොහොතේ මේ සුවිශේෂ චරිතය පිළිබද යම් සටහනක් තැබීම කාලෝචිත යැයි සිතමි.
ඒ.ඩබ්ලිව් ඇන්ඩි‍්‍ර යනු වෘත්තීය ඡුායාරූපශිල්පි පරපුරක අතිශය වැදගත් පුරුකකි. ඔහුගේ පියාද ඡුායාරූප ශිල්පියකු වූ අතර ඔහුද ඒ.ඩබ්ලිව් ඇන්ඩි‍්‍ර (1840 -1890) යන නමින්ම හැදින්වූ බැවින් අපේ කතානායකයා හැදින්වෙන්නේ ඒ.ඩබ්ලිව්. ඇන්ඩි‍්‍ර (කණිෂ්ඨ) යනුවෙනි. කනිටු ඒ.ඩබ්ලිව් ඇන්ඩි‍්‍රගේ බාල සොහොයුරා (බර්ටි ඇන්ඩි‍්‍ර) මෙන්ම පුත‍්‍රයා (ලෝරන්ස් ඇන්ඩි‍්‍ර ) ද දක්‍ෂ ඡායාරූප ශිල්පිහූ වූහ.
ඇඩෝප්ස් විලියම් ඇන්ඩි‍්‍ර (කනිෂ්ඨ) උපත ලැබූවේ 1890 ඔක්තෝබර් මස 26 වනදාය. දක්‍ෂ ඡායාරූප ශිල්පියකු වූ ඔහුගේ පියා බර්ගර් ජාතිකයකු වූ අතර, මව යාපනයේ උපන් දෙමළ ජාතික කාන්තාවක වූවාය. පියාගේ ආභාෂයෙන් ඡායාරූප ශිල්පයට බට කනිටු ඇන්ඩි‍්‍ර 1890 දී කොළඹ නොරිස් පාරේ පිහිටී තම නිවසේ කුඩා චිත‍්‍රාගාරයක් ස්ථාපිත කරමින් වෘත්තීය ඡුායාරූපශිල්පි ජීවිතය ඇරඹුවේය. අනතුරුව එළැඹෙන දශක දෙකක පමණ කාලය තුළ මෙරට දෘෂ්‍ය කලා ඉතිහාසයේ බොහෝ වැදගත් සන්ධිස්ථානයන් හි ඔහු පුරෝගාමියකු පෙර ගමන්කරුවකු බවට පත්විය. විදෙස් ස`ගරා හා පුවත්පත්වල ඡුායාරූප පළ කළ ප‍්‍රථම ලාංකිකයා ලෙස සැලකෙන්නේ ඒ.ඩබ්ලිව් ඇන්ඩි‍්‍ර (කනිෂ්ඨ) ය. The Illustrated London News’ වැනි ප‍්‍රකට ස`ගරා මෙයට නිදසුන් සපයයි.
මෙරටදී ප‍්‍රථම වරට නිහඬ චිත‍්‍රපට ප‍්‍රදර්ශනය කිරීම සිදුකරන ලද්දේ ඒ.ඩබ්ලිව් ඇන්ඩි‍්‍ර (කනිෂ්ඨ)විසිනි. ශී‍්‍ර මත් වෙස්ලි රිජ්වේ ආණ්ඩුකාරයාව සිටි සමයේ දියතලාවේ සිටි බෝයර් සිරකරුවන්ගේ විනෝදාස්වාදය පිණිස 1901 වසරේදී මෙම නිහඬ චිත‍්‍රපට ප‍්‍රදර්ශනය කරන ලදී. ඔහු මේ චිත‍්‍රපට විදෙස් රටවලින් ආනයනය කරන ලද අතර, මේ අනුව මෙරටට පළමුවරට චිත‍්‍රපට ආනයනය කළ පුද්ගලයා වන්නේද ඔහුය. ඉන් දෙවසරකට පසු ‘කොරික් බයිස්කෝප්’ නම් සමාගම පිහිටුවා ගනිමින් මහජනතාව සදහා මුලින්ම චිත‍්‍රපට ප‍්‍රදර්ශනය කිරීමේ ගෞරවයද ඒ.ඩබ්ලිව් ඇන්ඩි‍්‍ර (කනිෂ්ඨ) ට හිමිවෙයි. කොළඹ කොටුවේ දැන් පැගෝඩා හෝටලය පිහිටා තිබෙන ස්ථානයේ තිබූ ඔහුගේ මේ සිනමා ශාලාව අපූරු එකක් විය. එහි තිරය සවිකර තිබුණේ ශාලාව මැදය. අඩු මිල ප‍්‍රවේශ පත් ලබාගත් නරඹන්නන් තිරයේ පිටුපසට වී දර්ශන ඡායා නැරඹුහ. වැඩි මිලට ප‍්‍රවේශපත් ලබාගත් පේ‍්‍රක්‍ෂකයන් සදහා තිරයේ ඉදිරිපස අසුන් පනවා තිබූ අතර, ස්තී‍්‍රන් හා පුරුෂයන් සදහා වෙන වෙනම අසුන් වෙන් කර තිබුණි. මේ ආකාරයේ සැකැස්මක් සහිත එකම සිනමාහල ලෙස ඇන්ඩි‍්‍රගේ සිනමාහල ඉතිහාස ගත වෙයි. එහෙත් ඇන්ඩි‍්‍රගෙන් පසුව මේ ක‍්‍රමය අභාවයට ගියේය. 1910 වසරේ ඇන්ඩි‍්‍ර මියයන තුරුම කොටුවේ පිහිටී මේ සිනමාහලේ නිහඬ චිත‍්‍රපට ප‍්‍රදර්ශනය කෙරිනි.
ඒ.ඩබ්ලිව් ඇන්ඩි‍්‍ර (කනිෂ්ඨ)විසින් කොළඹ කොම්පඤ්ඤ වීදිය දුම්රිය ස්ථානය අසල අංක 40 දරන ස්ථානයේ පවත්වාගෙන ගිය හෝප්ටෝන් ස්ටුඩියෝව (Hopetoun Studio) මෙරට ඡායාරූප චිත‍්‍රාගාර ඉතිහාසයේ ඉතා වැදගත් ස්ථානයක් දරයි. ව්‍යාපාරික ස්ථානයකට අමතරව කලාකරුවන් හමුවන, විද්වත් සංවාද පවත්වන ස්ථානයක් බවටද පත් ව තිබූ මේ ස්ථානයේ නිතර හමුවූ කලාකරුවන් අතර ජෙෆ්රි බිලිං, මුදලි`දු ඒ.සී.ජී.එස් අමරසේකර වැනි බොහෝ අය වූහ. මේ චිත‍්‍රාගාරයේ තිබූ රෝද සවිකළ, මියුරු සංගීත නාද රටා නිකුත් කරන සංගීත පෙට්ටි සවිකරන ලද විශාල කැමරා වෙත ආසක්තවූ කුඩා ලයනල් වෙන්ඞ්ට් වෙත ප‍්‍රථම වරට කුඩා බොක්ස් කැමරාවක් තිළිණ කරන්නේද මේ ඒ.ඩබ්ලිව් ඇන්ඩි‍්‍රය. ඒ වන විට ළමා වියේ පසුවූ ලයනල් වෙන්ඩිට් මේ චිත‍්‍රාගාරයේ නිතර පැමිණියේ ඇන්ඩි‍්‍රගේ සමීප මිතුරකු වූ සිය පියා විනිසුරු හෙන්රි ලෝරන්ස් වෙන්ඞ්ට් සමගිනි. ඔහු එකළ Amatevr Photographic Society නමින් වූ ඡායාරූප සංගමයේ කි‍්‍රයාකාරී සාමාජිකයකු විය. ඇන්ඩි‍්‍ර තිළිණ කළ බොක්ස් කැමරාවෙන් ඡුායාරූප ශිල්පය අකුරු කළ ලයනල් වෙන්ඞ්ට් පසු කලෙක විශ්ව කීර්තියට පත් වූ ඡායාරූප ශිල්පියකු බවට පත් විය.
මෙරට ඡුායාරූප ශිල්පය පිළිබදව පුවත්පතක පළවූ ප‍්‍රථම වෙළෙද දැන්වීමද මේ හෝස්ටෝන් චිත‍්‍රාගාරයේ ඡුායාරූප ගැනීම සම්බන්ධයෙන් පළවූවකි. එය පළවන්නේ 1895 අගෝස්තු 21 දා ‘ලක්මිණ පහන’ පුවත්පතේය. ‘පික්චර් පොස්ට් කාඞ්’ නමින් හැ`දින්වෙන ඡුායාරූප සහිත තැපැල්පත මෙරටට හදුන්වා දෙන්නේද ඇන්ඩි‍්‍රය.
මෙරටට ප‍්‍රථම වරට ග‍්‍රැමෆෝනයක් (එවකට මෙය හැදින්වූයේ ‘ගැෆෝෆෝනය’ ලෙසය, ග‍්‍රැමෆෝනය ග‍්‍රැෆෝෆෝනය වැඩි දියුණු කිරීමකි.) අනයනය කර එමගින් ජනතාවට ගීත ශ‍්‍රවනය කිරීමට අවස්ථාව සලසාදුන් ප‍්‍රථමයාද ඒ.ඩබ්ලිව්. ඇන්ඩි‍්‍රය. මේ ‘ගැෆෝෆෝන’ ගී ප‍්‍රසංගය කොළඹ කොටුවේ පිහිටා තිබූ ‘පබ්ලික් හෝල්’ නම් ශාලාවක පත්වා තිබේ.
ලාංකේය ශ‍්‍රව්‍ය, දෘෂ්‍ය කලා වංශාවලියේ පුරෝගාමී චරිතයක් වූ ඒ.ඩබ්ලිව්. ඇන්ඩි‍්‍ර (කනිෂ්ඨ) හතළිස් එක් හැවිරිදි වියේ පසුවෙද්දී (1919 ජූලි 2) අකල් මරණයකට ලක්විය. එදා මෙදා තුර මෙරට සිනමා වංශයේ හෝ ඡායාරූප ඉතිහාසයේ සමාචාර, උත්සව සැමරුම් කිසිවක මොහු සිහිපත් කළ බවක් හෝ ස්මරණය කළ බවක් පිළිබද කිසිදු සටහනක්, සදහනක් නැත. නිහඬ චිත‍්‍රපට පෙන්වමින් නිහඬ සේවයක් කළ ඒ.ඩබ්ලිව් ඇන්ඩි‍්‍ර හදුන්වාදිය හැක්කේ ලාංකේය කලා ඉතිහාසයේ සැගවුණු (සගවනු ලැබූ) තවත් එක් සුවිශේෂි පුරෝගාමී චරිතයක් ලෙසය.