ඉඩ නැති රටක, ගබ්සාවට පසු..

ගබ්සාව යනු ලංකාවේ නීතියෙන් තවමත් තහංචි වැටුණු කටයුත්තක් බැවින් වරින් වර ඒ පිළිබද නීතියේ ඇති විය යුතු සංශෝධනයන් පිළිබද සංවාදයන් ද ඇතිවේ. ඒ නමුත් මෙරට පවතින විවිධ ආගමික හා සංස්කෘතික මත වාදයන් ද එවැනි කටයුත්තකට අවසරදීමට ප‍්‍රතිරෝධක ලෙස බොහෝ විට ක‍්‍රියා කරනු දක්නට ලැබේ. කෙසේ වෙතත් මේ සියලූ කරුණු හේතුවෙන් දිනකට මෙරට තුළ නීත්‍යනුකූල නොවන අනාරක්ෂිත ගබ්සා 600කට අධික සංඛ්‍යාවක් සිදුවන බවට ඇතැම් වාර්තාවල සදහන්වේ.

පවතින නීතිය
දැනට ලංකාවේ පවතින නීතියට අනුව බරපතළ කළල දුබලතා, අතවරයකට ලක් වූ අවස්ථා සහ වයස අවුරුදු 16ට අඩු දැරියක ගැබ්ගැනීම යන අවස්ථාවන් හි දී ද මව විසින් එම කළලය දරා සිට දරුවා බිහි කළ යුතුය. එවන් අවස්ථාවක ඇති වන පීඩනය ද දරාගෙන මවට ඊට මුහුණ දීමට ඉඩ සැලසීමට නීතිය පැවසුව ද එය මානුෂීය කරුණක් ලෙස සැලකිය නොහැක. වෙනත් බොහෝ රටවල මෙවැනි අවස්ථාවලට ලක්වන්නන්ට නීතියේ සහනය විවිධ මට්ටම්වලින් යොමුව පවතී. එහෙත් තවමත් මෙරට තුළ පවතින්නේ 1883 වසරේ ඇති කළ නීතියක් වන මවගේ ජීවිතයට දරුගැබ දැරීම අනතුරුදායක නම් පමණක් ගබ්සාවට ඉඩ ලබා දීමේ නීතියයි. මවගේ ජීවිතය ආරක්ෂා කිරීම සදහා හැර ගබ්සාව හා ගර්භනීභාවය අවසන් කිරීම මේ වන විට දණ්ඩ නීති සංග‍්‍රහයේ 303 වගන්තිය යටතේ බරපතළ අපරාධයක් සේ සැලකේ. ඒ නමුත් නෛතිකව ඉඩ නොදුන්නත් ගබ්සාවන් බහුල වශයෙන් අපේ සමාජය තුළ සිදු වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය ද පවසයි. අනාරක්ෂිත තත්ත්වයන් යටතේ සිදුවන ගබ්සා කිරීම් නිසා සිදුවිය හැකි ජීවිත හානි ද සුලභය.
ශ‍්‍රී ලංකා පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ නාරි හා ප‍්‍රසව විශේෂඥ රුවන් ද සිල්වා ප‍්‍රකාශ කළේ එම කාර්යාංශයේ දත්ත අනුව 2016 අවුරුද්දේ සිදු වූ මාතෘ මරණ 112න් 6ක් සිදු ව තිබෙන්නේ නීති විරෝධී ගබ්සා කිරීම් නිසා බවය. ”ලංකාවේ නීතියට අනුව ගබ්සාව නීතිගත කරලා නැහැ. යම්කිසි ගර්භනීභාවයක් තව දුරටත් පවත්වාගෙන යාමෙන් මවගේ ජීවිතයට හානියක් වෙන්න පුළුවන් ගබ්සාවක් කරනවා ද නැද්ද කියන දේ පිළිබ`දව විශේෂඥ දැනුම සහිත වෛද්‍ය මණ්ඩලයකින් තීරණය කරන්න පුළුවන් කියලා අපි වෛද්‍ය විද්‍යාව ඉගෙනගනිද්දී ඉගෙනගෙන තියෙනවා. මොකද එහෙම කරන්න ඒ අය තීරණය කරන්නේ එය සිදු නොකළහොත් මව මිය යනවා නම් පමණයි. පෙනහළුවල පීඩනය වැඩි අම්මා කෙනෙක් ගර්භනීබවට පැමිණියහොත් නවතම දත්තවලට අනුව අනිවාර්යෙන්ම ඇය මියයෑමට 50%ක් ඉඩකඩ තියෙනවා. ඒ නිසා පෙනහළුවල පීඩනය ඉතා අධික අම්මා කෙනෙකු මරණයෙන් බේරා ගැනීමට ගබ්සාවක් කරන්න පුළුවන් කියන මතයකට එවැනි විශේෂඥ මණ්ඩලයකින් තීරණයකට එන්න පුළුවන්. එවැනි අවස්ථා ඉතා අඩුයි. මාසයකට එකක්වත් නැති තරම්. ඒ හැරුණුකොට වෙන කිසිම හේතුවක් මත ලංකාවේ නීතියට අනුව ගබ්සා කරන්න බැහැ. ඒ නමුත් ප‍්‍රශ්නය තිබෙන්නේ ගබ්සාව නිසා මැරෙන ප‍්‍රමාණය වැඩි වීමයි.’’

ගබ්සාවට පසු ප‍්‍රතිකාර
අනාරක්ෂිත ආකාරයෙන් සිදුවිය හැකි නීති විරෝධී ගබ්සා හේතුවෙන් යම් අයෙකු මිය යෑමෙන් වළක්වා ගැනීමට නම් මේ වන විට ක‍්‍රමවේදයක් ක‍්‍රියාත්මක වේ. 2015 වසරේ දී ලිඛිතව හදුන්වා දෙන එම මාර්ගෝපදේශය Post abortion care නම් වේ. ” Post abortion care කියලා කියන්නේ ගබ්සාවකින් පසුව අම්මාට දෙන වෛද්‍ය ප‍්‍රතිකාරයි. 2016 වසරේ මේ නීතිවිරෝධී ගබ්සාවලින් මිය ගිය හයදෙනා ඊළග වසර වන විට තවත් අඩු කර ගැනීමට තමයි 2015 වසරේ දී මේ Post abortion care නොහොත් පසු ගබ්සාවල ඇති වන සංකූලතාවලට ප‍්‍රතිකාර කිරීමට ක‍්‍රමවේදයක් සෞඛ්‍ය අමාත්‍යාංශය, පවුල් සෞඛ්‍ය කාර්යාංශය සහ ශ‍්‍රී ලංකා ප‍්‍රසව හා නාරිවේද වෛද්‍යවරුන්ගේ සංගමය විසින් ඉදිරිපත්කර තිබෙන්නේ. ලංකාවේ ගබ්සාව නීත්‍යනුකූල නොවන නිසා අපිට ගබ්සාවෙන් මිය යන මව්වරුන් ප‍්‍රමාණය අඩු කර ගැනීමට තිබෙන එකම ක‍්‍රමවේදය මෙය පමණයි. එයට අනුව, යම් ස්ථානයක ගබ්සාවක් සිදුකර පැමිණෙන අම්මා කෙනෙකුට ගබ්සාවකට පසුව එන සංකූලතාවකට නොපැකිළව ප‍්‍රතිකාර කිරීමට වෛද්‍යවරු ලෙස අපි බැදිලා ඉන්නවා. එම මාර්ගෝපදේශය ලියැවෙන්නේ 2015 සිට වුවත් එය ඊට පෙර සිටම ක‍්‍රියාත්මක වූ දෙයක්. ලංකාවේ වෛද්‍ය විද්‍යාව පුහුණු වන කාලයේ සිටම අපි ගබ්සාවෙන් පසුව ඇති වන සංකූලතාවක් වාර්තා වුවහොත් එය කෙසේ හෝ හොදින් කළමනාකරණය කර මවගේ ජීවිතය බේරා ගැනීමට පුහුණු වෙනවා.”වෛද්‍ය රුවන් ද සිල්වා එලෙස පැහැදිලි කරයි.
ඒ අනුව නීත්‍යනුකූල නොවන ලෙස සිදු කළ ගබ්සාවකින් රෝගියා මිය යෑමට ඉඩ නොදී ජීවිතය බේරා ගැනීමට අවශ්‍ය ප‍්‍රතිකාර ලබා දීමට ඡුදිඑ ්ඉදරඑසදබ ජ්රු අනුව ඕනෑම රජයේ රෝහලකට, ඕනෑම පෞද්ගලික රෝහලකට, ඕනෑම රජයේ ප‍්‍රසව හා නාරිවේද වෛද්‍යවරයෙකුට, ඕනෑම පෞද්ගලිකව සේවය කරන ප‍්‍රසව හා නාරිවේද වෛද්‍යවරයෙකු බැදී සිටී. කඩිනමින් එම රෝගියාට අවශ්‍ය ප‍්‍රතිජීවක ලබාදීම, රෝගියා දැඩි සත්කාර ඒකකයට යොමු කිරීම, ගර්භාෂය තුළට ඇතුල් වූ විෂබීජ සහිත කොටස් ඉක්මනින් ඉවත් කිරීම, එම ප‍්‍රතිකාර මගින් රෝගියාගේ රුධිර පීඩනය පහළ අගයක් බවට පත්වේ නම් එයට අවශ්‍ය සේලයින් ලබා දීම හෝ විශේෂ ඖෂධ ලබා දීම, හුස්ම ගැනීමේ අපහසුතා ඇතිවේ නම් යන්ත‍්‍ර ආධාරයෙන් ඊට පහසුව සැපයීම, ආදී ලෙස රෝගියාගේ ජීවිතය බේරාගැනීමට අව්‍යශ්‍ය සියල්ල ඒ අනුව සිදුවේ.
”කාලයක් තිස්සේ නිරීක්ෂණය කරන දෙයක් තමයි නීත්‍යනුකූල නොවන ගබ්සා පිරිසිදු ක‍්‍රමවලට සිදු කරන්නේ නැහැ, ඒ සදහා පුහුණුව ලබාගත් අය සිදු කරන්නේ නැහැ, ඒ සදහා අවශ්‍ය ජීවානුහරණය කරන ලද උපකරණ භාවිත කරන්නේ නැහැ, ඒ සදහා අවශ්‍යකරන ප‍්‍රතිජීවක භාවිත කරන්නේ නැහැ. ඒ නිසා නීත්‍යනුකූල නොවන ගබ්සා නිසා ගැටලූ මතු වෙන්න ඉඩකඩ තියනවා. ලංකාවේ තවම ගබ්සාව නීත්‍යනුකූල නොනව නිසා ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍යවරයෙකුට ගබ්සාවක් කිරීමට නීතියෙන් තහනම් වුවත් රජයේ වෛද්‍ය සභාවේ ලියාපදිංචි නොවූ වෛද්‍යවරයෙකු හෝ කිසියම් අයෙකු විසින් ගබ්සා ලංකාවේ කොහේ හෝ තැනක සිදු කරනවා නම් එම සිදු කිරීම මගින් මවගේ ජීවිතයට යම් හානියක් සිදුවීමට යනවා නම් එම මොහොතේ දී අවශ්‍ය ප‍්‍රතිකාර ලබා දී ජීවිතය බේරා ගැනීමට අපේ වගකීමක් තියනවා. දැනට ලංකාවේ පවතින තත්ත්වය එයයි.’’ වෛද්‍ය රුවන් ද සිල්වා ය.

රහස්‍යභාවය
ශ‍්‍රී ලංකා පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ නාරි හා ප‍්‍රසව විශේෂඥ රුවන් ද සිල්වා පවසන ආකාරයට එවැනි පසු ප‍්‍රතිකාර ලබා ගත් අය පිළිබද සංඛ්‍යා ලේඛන පවත්වා ගැනීමක් නොමැත. එමෙන්ම ඔහු සදහන් කළ ආකාරයට ගබ්සාවලින් පසු ඇතිවන සංකූලතාවලට ප‍්‍රතිකාර ලබා ගැනීමට වැඩි ප‍්‍රතිශතයක් යන්නේ පෞද්ගලික රෝහල්වලටය. ඒ රජයේ රෝහල්වලට ගියහොත් පොලීසියට හසු වේ යැයි මතයක් ජනතාව අතර පවතින නිසා බව වෛද්‍යවරයාගේ මතයයි. ඒ නමුත් රජය විසින් නිකුත් කර තිබෙන මාර්ගෝපදේශයට අනුව එලෙස පොලීසියට දැනුම් දිය යුතු බව සටහන් වී නැත. එයට අනුව වෛද්‍යවරයාගේ යුතුකම වන්නේ රෝගියාගේ ජීවිතය මරණයෙන් බේරා ගැනීමට අවශ්‍ය කටයුතු කිරීම මිස පොලීසියට දැනුම් දී කූඩුවට දැමීම නොවේ. එය සිදු කළහොත් 2016වසරේ මිය ගිය ගණන හයක් වුවත් එය විශාල සංඛ්‍යාවක් බවට පත් වීමේ ඉඩකඩ ද ඇති විය හැක. මේ හේතු නිසා රෝගියා ගබ්සාවක් සිදු කරගත් ස්ථාන හෝ රෝගියා පිළිබද වාර්තා කිරීමට හැකියාවක් නොමැති බව වෛද්‍ය රුවන් ද සිල්වා සදහන් කරයි. ” ඒ වගේම සාක්ෂිත් නැහැ. එම තොරතුරු ලබා ගැනීමට බැදී නැහැ. තොරතුරු ලබා ගැනීම සිදු කරන්නේ එම ගබ්සාව සිදු කර තිබෙන්නේ නිවැරදි ආකාරයට ද නැද්ද කියා දැන ගැනීමට පමණයි. නිවැරදි ආකාරයකට නොවේ නම් එම ගැටලූව අනුව කටයුතු කරනවා.” ඔහු ඒ ගැන පැවසුවේ එලෙසිනි.
Post abortion care  සදහා ලබා දෙන ප‍්‍රතිජීවක ඖෂධ පිළිබද හෝ ශල්‍යකර්ම පිළිබද වෙනම දත්ත පවත්වා ගෙන යෑමක් ද ඒ අනුව සිදු නොවේ. Post abortion care සදහා ලොකු පිරිවැයක් යෙදවිය යුතු නොවන බව ද පවුල් සෞඛ්‍ය කාර්යාංශය සදහන් කරයි. ඒ නමුත් ලංකාවේ සිදුවන සියලූ මාතෘ මරණ පිළිබ`ද වෙන වෙනම පවුල් සෞඛ්‍ය කාර්යාංශය විසින් අධ්‍යයනය කර එක් එක් සිදුවීමට හේතුව ආදී දත්ත සෞඛ්‍ය අමාත්‍යංශය පවත්වාගෙන යනු ලබයි. ඒවා භාවිත කරන්නේ ඉදිරියට එවැනි මරණ සිදුවීම වළක්වා ගැනීමට බව ඔවුහු පවසති. ”ඉස්සර මාතෘ මරණවලින් ගබ්සා නිසා සිදුවන මරණ සංඛ්‍යාව තිබුණේ තුන්වෙනුවටයි. මෙම ක‍්‍රමවේද හ`දුන්වා දීම නිසා දැන් එය ඉතා අඩු සංඛාවක් බවට පත් ව තිබෙනවා.’’ ඒ වෛද්‍ය රුවන් ද සිල්වාය.
පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ සහ රජයේ ප‍්‍රසව හා නාරිවේද වෛද්‍යවරුන්ගේ සංගමය පවසන්නේ වෛද්‍යමය ලෙස පිළිගත් හේතු වෙනුවෙන් ගබ්සාව නීතිගත විය යුතුයි කියාය. එයට අවශ්‍ය නීති සම්පාදනය විය යුත්තේ රටේ නීති පද්ධතිය තුළිනි. පවතින නීතිය ඉතා පැරණිය. එය සිදුවන තාක් මවගේ ජීවිතය මාරාන්තික තත්ත්වයක තිබෙන අවස්ථාවක හැර වෙන මොනම හේතුවක් මතවත් ගබ්සා කිරීමට මෙරට නීතියට අනුකූලව නම් නොහැක. ඊට අනුව ජීවිතය අනාරක්ෂිත මට්ටමකට දමා අවසානයේ මරණයෙන් ගලවා ගැනීමට පමණක් ඉඩක් ලබා දී ඇත. එබැවින් මෙරට නීතියේ නිසිලෙස සම්පාදනය නොවූ කොටසක් ලෙස මෙම ගබ්සාව පිළිබ`ද නීතිය හැ`දින්විය හැකිය. එබැවින් නිවැරදි ලෙස රටට උචිත ආකාරයේ නීතියක් අලූතෙන් ලියැවිය යුතුයි. එය මහා බි‍්‍රතාන්‍යයේ, නවසීලන්තයේ, ඕස්ටේ‍්‍රලියාවේ හෝ ඇමරිකාවේ නීතියම නොවූවත් මෙම ගැටලූවට විස`දුම් ලබා දෙන නීතියක් විය යුතුය.