ආස්වාදනීය මතකයක් තුළ බිහිවන හැම්ලට්

 

නූතන සාහිත්‍යාදී කලා ක්‍ෂේත‍්‍රයන් තුළ ඉදිරියෙන්ම සිටිනුයේ නූතන වේදිකා නාට්‍යය යන්න සැකයක් නැත. නූතන වේදිකා නාට්‍ය නිර්මාණකරුවන්ගෙන් බොහොමයක් අති දක්‍ෂ නිර්මාණකරුවන්ය. ඔවුනගේ නිර්මාණාත්මක හැකියාව මෙන්ම විවිධ නව්‍ය ප‍්‍රස්තුත සොයා යාමේ පිපාසාව පේ‍්‍රක්‍ෂකයන් තුළ දනවනුයේ විශාල කම්පනයකි. එමෙන්ම රසයකි. ප‍්‍රඥාවකි. එහෙත් ඒ පිළිබද ප‍්‍රමාණාත්මක හෝ ගුණාත්මක සාකච්ඡුාවක් සිදු නොවේ. එතකුදු වුව ඔවුහු තම ව්‍යායාමය අත් නොහරිති. ඔවුන්ට දහසින් බැදි පියලි ලැබෙන්නේ නැත. රාජ්‍ය සම්මානය හැරුණු විට වෙනත් කිසිදු සම්මානයක් ලැබෙන්නේද නැත. ‘‘What a nice Couple’’ මාරක ළිදේ සවාරියක් ‘‘මකරට’’ ‘‘Love and life’’ ‘‘රජා මං වහලා’’ වැනි නිෂ්පාදනයක් මෙන්ම කැලණිය විද්‍යාර්ථයින් විසින් බිහිකරන ලද සමස්ත නාට්‍යාවලියට නූතන සිංහල වේදිකාවෙහි බිහිවූ අතිශය ප‍්‍රබල වූ නාට්‍ය නිර්මාණයන්ය. ජාතික නාට්‍ය උළෙල හරහාද එවැනීම නිර්මාණ රාශියක් බිහිවිය. එහෙත් ඒ කිසිදු නිර්මාණයක් පුළුල් ලෙස පේ‍්‍රක්‍ෂකයන් අභියසට පැමිණෙන්නේ නැත. එම බොහෝ නිර්මාණ දර්ශකවාර එකකින් එහාට ගමන් කරන්නේ නැත. එහෙයින් නූතන හරවත් නාට්‍යකලාව පිළිබද සාමාන්‍ය රසිකයා තුළ ඇත්තේ ඉතා මද දැනුමකි. ඔවුහු ගුණාත්මක බවින් පිරිපුන් නාට්‍ය හදුනන්නේ නැත. ගුණාත්මක බවින් යුත් නාටකයක් අවශෝෂණය කර ගත හැකි පිරිසක් තවමත් අප සතුවුවත් ඔවුහු පේ‍්‍රක්‍ෂකාගාරයට පැමි ණෙන්නේ නැත. නූතන තරුණ පරම්පරාවේ වැඩි ප‍්‍රතිශතයකට නාට්‍යය වී ඇත්තේ ටෙලි නාට්‍යය. එහෙත් එම තත්ත්වය තුළ වුවත් රාජිත දිසානායක වැනි නිර්මාණකරුවෝ සිංහල වේදිකා නාට්‍යය වෙතට පේ‍්‍රක්‍ෂකයන් රැුගෙන ඒමට නිරන්තර උත්සාහයක යෙදෙති. බොහේ ජේෂ්ඨයින් වේදිකා නාට්‍ය නිර්මාණයෙන් බැහැර වී ඇති මොහොතක ඊ.එම්.ඞී.උපාලි, කපිල කුමාර කාලිංග, බුද්ධික දමයන්ත වැනි ජ්‍යෙෂ්ඨයන් තවමත් වේදිකාවේ ගුණාත්මක භාවය වෙනුවෙන් පෙනී සිටිති. ඒ අතර සන්නාම නම් නොලත් නූතන නාට්‍ය කරුවන් තම නිර්මාණාත් මක පරිකල්පන ශක්තිය වේදිකාවෙහි පෝෂණය වෙනුවෙන් කිසිදු ලාභ පරමාර්ථයකින් තොරව කැප කරති. එහෙයින් ඔවුන්ට අපේ ගෞරවය හිමි විය යුතුය.
නාට්‍ය හා රංග කලාව අධ්‍යාපන විෂයයන් බවට පත්වීමත් සමගම එයට පාසල්වල දැඩි ඉල්ලූමක් නිර්මාණය වී ඇත. ඒ අතර ටවර්හෝල් නාට්‍ය හා රංගකලා පාසලට හිමි වනුයේ දිගු අතීතයකි. ඔවුහු අතීතයේ සිට වාර්තමානය දක්වා පැමිණෙන විට එහි මුල් යුගයන්ට වඩා පියවර රාශියකින් පෙරට පැමිණ ඇත. එමෙන්ම රාජ්‍ය මට්ටමින් කි‍්‍රයාත්මක වන විවිධ නාට්‍ය පාසල් ද බිහිව ඇත. සම්පත් පෙරේරාගේ ‘‘හැම්ලට්’’ නාටකය එයට දිය හැකි කදිම නිදසුනකි. විලියම් පේක්ස්පියර්ගේ ‘‘හැම්ලට්’’ නාටකය වසර සිය ගණනක් විවිධ නිෂ්පාදන ක‍්‍රමවේදයන් යටතේ රංගගත වන්නකි. ලංකාවේද ‘‘හැම්ලට්’’ නිෂ්පාදනයන් කිහිපයක් අපට අත්විදීමට අවකාශ සැලසුනි. එහෙත් සම්පත් පෙරේරාගේ නිර්මාණය ඒ හැමටම වඩා වෙනස්ය. මුලික රංග කාර්ය සපුරා ගැනීම සදහා වේදිකාවක් භාවිත වුණද නාටකයට අවශ්‍ය මුලික සිද්ධින් හා අවස්ථා නිරූපණය උදෙසා විවෘත අවකාශය යොදා ගැනීම එහිදී කැපී පෙනුණි. විවෘත අවකාශයන් තුළ රංගය නිර්මාණය වීම අපට එතරම් අරුමැසි කාරණාවක් නොවුණද නාට්‍යය රගදැක්වුණු සව්සිරිපාය ගොඩනැගිල්ලෙහි මහල් හතරම තම රංගභූමිය ලෙස යොදා ගැනීම අරුමැසි කාරනාවක්ම විය. එම අත්හදා බැලීම පේ‍්‍රක්‍ෂකයා වෙත රැුගෙන ආවේ නවතම අත්දැකීමකි. සැබවින්ම ‘‘හැම්ලට්’’ නාටකය ඇතුලූ ෂේක්ස්පියර්ගේ අනිකුත් නාට්‍ය සදහාද සම්ප‍්‍රදායික ප්‍රොසීනීයම් ආකෘතියට වඩා විවෘත අවකාශමය රංගනය වඩා ගැලපේ යැයි එම නිෂ්පාදනය පසක් කළේය. ආධුනික විද්‍යාර්ථයින් සමග එවැනි අභ්‍යාසයක නිරත වීම සැබවින්ම අපහසුය. ඒ සදහා දැඩි විනයක් මෙන්ම පුහුණුවක්ද අවශ්‍යය. සම්පත් පෙරේරා ඇතුලූ සමස්ත නාට්‍ය කණ්ඩායම එම අභියෝගය සාර්ථකව ජයගෙන ඇත.
එම නාට්‍ය පෙළ සිංහලට පරිවර්තනය කොට ඇත්තේ මහාචාර්ය කුලතිලක කුමාරසිංහ විසිනි. ඔහු එම පරිවර්තන කාර්ය සිදුකොට ඇත්තේ ළමා පරිවර්තන කාර්යයන් ලෙසය. එහෙයින් ළමා මනසට ගෝචර කර ගත හැකි ආකාරයෙන් එය පරිවර්තනය වී ඇත. එහෙත් එම ළමා පරිවර්තනය සම්පත් පෙරේරා අත ළමා නාට්‍යයක් බවට පත්ව තිබුණේ නැත. එය පොදු පේ‍්‍රක්‍ෂකයා හට රස විදිය හැකි මට්ටමකින් නිෂ්පාදනය වී තිබුණි. සම්පත් පෙරේරා ඉතා ශූර ලෙස නිෂ්පාදන කාර්ය යෙහිදි එම පිටපත පූර්ණ නාටකයක් බවට පත් කොට ඇත. එහෙත් ළමයින් වෙනුවෙන් සිදුකොට ඇති සරල පරිවර්තනයක් වීම කරණකොට ගෙන ‘‘හැම්ලට්’’ මුල් කෘතියෙහි එන කාව්‍යමය ස්වරූපය මෙහි මදක් ගිලිහී ඇත. එසේ වුවද නාටකයේ මුඛ්‍ය අර්ථය නිවැරදිව පේ‍්‍රක්‍ෂකයා වෙත සන්නිවේදනය වේ.
ෂේක්ස්පියර් නාටකයක් යනු සම්පූර්ණයෙන්ම නාටකීය අවස්ථාවන්ගෙන් පමණක් සැදුම්ලත් නාට්‍යයක් නොවේ. එහි රංගය සමග පුළුල්වූ භාෂාත්මක ගනුදෙනුවක්ද ඇත. එම භාෂාත්මක ගැඹුර නිසි ලෙස අවබෝධ කොට නොගෙන ෂේක්ස්පියර් නාටකයක් තුළ ඇති සිද්ධිමය ගැඹුරමෙන්ම කාව්‍යාත්මක ගැඹුර නිසි ලෙස අවබෝධ කර ගත නොහැක. ඒ වෙනුවෙන් පේ‍්‍රක්‍ෂකයා හට ද යම් දැනුම් කලාපයක් අවශ්‍යය. එම කලාපයට පේ‍්‍රක්‍ෂකයා පිවිසෙනුයේ රංග කාර්යයෙහි පවතින පිරිපුන් බවමතය. උක්ත නිෂ්පාදනයෙහි සමහර සිද්ධීන් ඉතා ප‍්‍රබල ලෙස නිෂ්පාදනය වී තිබුණද වචන උච්චාරණය තුළ මතු වූ සමහර නොදැනුවත්කම් නිසා එම ප‍්‍රබල දෙබස් සාමාන්‍ය දෙබස් ලෙස උච්චාරණය වීම එහි ශක්තිය හීන කළේය. එහෙයින් ඒ සම්බන්ධව නිෂ්පාදක කණ්ඩායමේ අවධානය යොමු විය යුතුය.
‘‘හැම්ලට්’’ නිෂ් පාදනයෙහි ප‍්‍රශස්තම අංගය වශයෙන් හ`දුනාගත හැක්කේ එම රංග ශිල්පීන්ගේ ප‍්‍රශස්ත රංගනයයි. සමහර චරිත නිරූපනයන් නිෂ්පාදනය ඉල්ලා සිටින මට්ටමට ළගා වී නොතිබුණද පොදුවේ ගත් කළ එම ආධුනික රංග ශිල්පීන්ගේ රංග ප‍්‍රතිභාව අගය කළ යුතුය. ඒ අතර හැම්ලට් භූමිකාව සුවිශේෂය. සැබවින්ම, හැම්ලට් චරිතය යනු නාට්‍ය ලෝකය තුළ හමුවන ඉතා සංකීර්ණ මනෝභාවයන්ගෙන් යුත් චරිතයකි. එම භූමිකාව නිරූපණය කිරීම එතරම් පහසු නැත. ඒ සදහා ඕනෑම රංග ශිල්පියෙකු සතතා භ්‍යාසයෙහි යෙදිය යුතුය. උක්ත චරිතය නිරූපණය කරන ධනුෂ්ක බණ්ඩාර එම අභ්‍යාසය තුළ දැඩි ලෙස කැප කිරීම් සිදුකොට ඇති රංගන ශිල්පියෙකු ලෙස ඉස්මතුවේ. ඉතා දීර්ඝ දෙබස් කිසිදු කඩ තොළු වීමකින් තොරව පේ‍්‍රක්‍ෂකයා වෙත ඔහු ප‍්‍රක්ශේපණය කරනුයේ ආධුනික මට්ටම ඉක්මවා යමිනි. ඔෆිලියාගේ චරිතයද අනිකුත් චරිත නිරූපණයන් අතර ඉදිරියට පැමිණේ. ඒ හැරුණු විට අනිකුත් නාට්‍ය ශිල්පීන් ගෙන් ඔවුන්ගේ උපරිමය ලබා ගැනීමට සම්පත් පෙරේරා දරා ඇති උත්සාහය විශාලය.
මහල් හතරක් පුරා දිවයන නාටකයක් වී ඇති බැවින් ‘‘හැම්ලට්’’ නාටකයේ ආලෝකකරණය ඉතා අපහසු වුවත් අඩුපාඩුකම් මධ්‍යයේ වුවද එය රංගයට අවශ්‍ය ශක්තිය ලබා දී තිබුණි. වෙස් නිර්මාණය මෙම නිෂ්පාදනයෙහි දැකිය හැකි වූ ප‍්‍රශස්තම අංගයක් වශයෙන් ඉස්මතුවේ. එකිනෙක චරිතයන්ගේ මනෝභාවයන්ට ගැලපෙන ආකාරයේ නිර්මාණාත්මක වෙස් නිර්මාණයක් ඒ තුළ දක්නට ලැබුණි. එයට සාපේක්‍ෂව වේෂ නිරූපණයද සාර්ථකය. එය වඩාත් කැපී පෙනෙනුයේ නාටකය තුළ ගොඩ නැගෙන සමූහ රංගනයන්හිදිය. එම සමූහ රංගනයන්ගේ ඇති විචිත‍්‍රත්වය මෑතකදී වේදිකා නාට්‍යයක දුටු ප‍්‍රශස්තම රංග කාර්යයක් බව කිසිදු පැතිලීමකින් තොරව පැවසිය හැක. එමෙන්ම එම සමූහ රංගකාර්ය සාර්ථක කර ගැනීම උදෙසා යොදාගෙන තිබූ සජීවී සංගීත නිර්මාණයද උක්ත අවස්ථාව සමග කදීමට බද්ධ වී පැවතිනි. එමෙන්ම පටිගත කරන ලද සංගීත ඛණ්ඩ මූලික වශයෙන් නාටකයට යොදා ගැනීමට එහි නිෂ්පාදක කණ්ඩායම වෙහෙස වී තිබුණද සජීවී සංගීත නිර්මාණයක් එම නිෂ්පාදනය ස`දහා භාවිතකර තිබුණේ නම් එහි සාර්ථක බව එයට වඩා ඉහළ යාමට ඉඩ තිබුණි. කෙසේ වුවද සමස්තය සාර්ථකය. නිර්මාණාත් මකය. එහෙයින්, පේ‍්‍රක්‍ෂක අවධානය සව්සිරිපායෙහි මහල් හතරතෙක් විහිදී ගියද සම්පත් පෙරේරාගේ ‘‘හැම්ලට්’’ නාටකය පේ‍්‍රක්‍ෂකයා හට කිසිදු විඩාවත් ගෙන දුන්නේ නැත. එය පේ‍්‍රක්‍ෂකයා හට ළගා කර දුන්නේ ආස්වාදනීය මතකයකි.